ආසනික් මාරයින් සමඟ සටන අවසන් නැත
පහත පළකෙරෙන අතිගරු ජනාධිපතිතුමාට යොමුකෙරෙන ලිපියෙන් ඉල්ලා සිටින පරිදී රජරට වකුගඩු රෝගය පාලනය කිරීමට අදාල මූලික පියවරක් ලෙස කෘෂි රසායන භාවිතය පාලනය කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් එම අමාත්‍යාංශයේ පාර්ලිමේන්තු උපදේශක කාරක සභාවට ඉදිරිපත් කරන ලද නිර්දේශ අනුමත වී ඇත. මීලඟ පියවර වන්නේ එම නිර්දේශ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කොට අනුමත කරගැනීමය. ඊටත් පසුව අදාල නිර්දේශ සැබෑ ලෙසම මහපොළවේ ක‍්‍රියාත්මක කිරිමේ සටන ආරම්භ වනු ඇත. ඒ ඉදිරි පියවර වලට බොහෝ බාධක එල්ල වන බවට කිසිදු සැකයක් නැක. අප එසේ කියන්නේ හුදු අසුභවාදී මානසිකත්වයක් නිසා නොව ඒ සඳහා පැහැදිලි හේතු සාධක තිබෙන බැවිනි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ ඉදිරිපත් වීමට පෙර එදා පළමුවෙන්ම රජරට වකුගඩු රෝගය සහ ආසනික් වැනි පළිබෝධනාශක මඟින් පරිසරයට එක්වන විෂ වර්ග අතර සම්බන්ධය රටට හෙළිකල විද්වතුන්ට එරෙහිව දියත් වූ ප‍්‍රහාරය සහ එහිදී පළිබෝධනාශක වෙළදුන් සමඟ විවිධ විද්වතුන් සහ රාජ්‍ය නිලධාරීන් පෙළගැසෙනු ආකාරය පුදුම සහගත තත්වයක විය. ආසනික් වෙළදුන්ගේ මුදල් බලය කොතරම් ප‍්‍රභලද යන්න එදා මුල්යුගයේදීම තහවුරු විය. ඒ මුදල් බලය දේශපාලකයින් සහ රාජ්‍ය නිලධාරීන් බලූ කුක්කන් බවට පත්කරන ආකාරය පසුගිය වසර 02 කට අධික කාලය තුල අපි අත්වින්දෙමු. ඒ නිසා ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාව නොසලකාහැර ප‍්‍රශ්නය යටගැසීම සඳහා ගන්නා වූ ප‍්‍රභල උත්සාහයන් ඉබේම අහෝසි වී යනු ඇතැයි අපි විශ්වාස නොකරමු.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ පිළිබඳව පළමුවෙන්ම ක‍්‍රියාත්මක විය යුතු වූ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා මාස ගණණාවක් තිස්සේ අමාත්‍යවරයා සමඟ හැංගිමුත්තන් කෙළිමින් සිට අවසානයේදී ඉදිරිපත් කල අමාත්‍ය මණ්ඩල පත‍්‍රිකාවට කූඨ වගන්තියක් එකතු කළේය. ඒ මඟින් කියා සිටියේ රජරට වකුගඩු රෝගයට හේතුව නිශ්චිතව සොයාගෙන නොමැති බවය. වෛද්‍යවරයකුද වන ඒ මහතාට එම වාර්තාව කියවා තේරුම් ගැනීමට නොහැකි යයි අපි කල්පනා නොකරමු. එතුමා එසේ තම වෘත්තීය සහ ආත්ම ගරුත්වයද හෑල්ලූවට ලක්කරමින් කටයුතු කරන්නේ කාගේ හෝ බලපෑමක් නිසා බවට කිසිදු සැකයක් නැත. බොහෝවිට එසේ බලපෑම් කරන්නේ සෞඛ්‍ය අමාත්‍යවරයාට වඩා බලවත් අමාත්‍යවරයකු විය යුතුය. කෙසේවෙතත් පසුගියදා එම සෞඛ්‍ය ලේකම්වරයා කියනදේට ප‍්‍රතිවිරුද්ධ දේ කියමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිතයා එම දෙදෙනාම සහභාගී වූ රැස්වීමකදී ඔහුට කනේපහරක් එල්ල කළේය. එසේවූවත් මෙම නිලධාරීන් එවැනි දේවලින් ලැජ්ජාවට පත්නොවන ඝන සමක් ඇත්තවූත් බව අපි දනිමු.
ඊට අමතරව අමාත්‍ය උප කමිටුව විසින් පත්කරන ලද නිලධාරී කමිටුවට රිංගාගත් ආසනික් වෙළදුන් සහ ඔවුන්ගේ තුඩු පඩුරු ලබන විද්වතුන් සහ නිලධාරීන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාව නොසලකා හරිම්න් ‘‘රෝදය නැවත සොයාගැනීමට’’ දුප්පත් උත්සාහයක් ගනිමින් සිටින ආකාරය පිළිකුල් සහගතය. ආසනික් වෙළදුන්ගේ මුදල් වලින් කළහැකි දේ මීට පෙරද මතක් කළෙමු. එවැනි තත්වයක් තුල කෘෂිකර්ම අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාව මඟින් අනුමත වූ යෝජනා ක‍්‍රියාත්මක කිරීමට එරෙහිව බාධා එල්ලවන බවට කිසිදු සැකයක් නැත. අතිගරු ජනාධිපතිතුමා එවැනි තත්වයකදී කුමක් කරනු ඇත්දැයි කිසිවකුට උපකල්පනය කළ නොහැක. එයට හේතුව ප‍්‍රභල ආසනික් වෙළදුන්ට අරලිය ගහ මන්දිරයද ආගන්තුක තැනක් නොවීමය.
ඒ අනුව අවසාන වශයෙන් කෘෂිරසායන භාවිතය පාලනය කිරීම සඳහා රජය පියවර ගන්නා බව සහ රජරට ගොවියාට සාධාරණය ඉටුවන බවට සහතික කළ හැක්කේ රටේ පොදු මහජනතාව දැනුවත්ව ආසනික් විරෝධී සටනට හෙවත් ආසනික් මාරයින්ට එරෙහි සටනට දායක වන්නේ නම් පමණී. මේ වන විට කෘෂි රසායන ආශ‍්‍රිත විෂ වර්ග නිරෝගී පුද්ගලයින්ගේ ශරීර වලද ඉතා විශාල වශයෙන් අඩංගු වන බව ලෝක සෞඛ්‍ය සංවිධාන වාර්තාව විසින් පෙන්වා දී ඇත. ඒ මඟින් වකුගඩු රෝග වලට අමතරව පිළිකා සහ දියවැඩියාව වැනි රෝග පවා වසංගත ලෙස සමස්ථ රටේම ජනතාව ගොදුරු කරගනිම්න් පැතිරිය හැකි බව පැහැදිලි වේ.
එහෙත් මේ වනතුරු වෛද්‍ය සංගම් ඇතුළු වෘත්තික සංගම් හෝ විද්වත් ආයතන හෝ සංවිධාන මේ වසංගතය පිළිබඳව මුනිවත රකිති. ඒ අනුව අද රට වැටී ඇති තත්වය කොතරම් කණගාටුදායකද යන්න පැහැදිලි වේ.
වෛද්‍ය වසන්ත බණ්ඩාර
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්
උතුරු-නැගෙනහිර බෙදුම්වාදී ක්‍රියා වහා පාලනය කිරීමට මැදිහත්වන්න.. - ජාතික නිදහස් පෙරමුණෙන් ජනපති අනුරට ලිපියක්
වහබ්වාදී ආගමික අන්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා වූ ගෝඨාභය රාජපක්ෂ යෝජනාවලිය යනු කුමක් ද?
''භික්ෂුවගේ සිවුර ඉවත් කිරීම සංඝ සභාවේ තීරණයක් විය යුතුයි'' - කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාර කොමසාරිස්ට ලිපියක්
සරම්ප වසංගතය දරුණු වෙයි: නිව්යෝර්ක් හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශ කරයි! ඇමරිකාවේ සරම්ප රෝගීන් 3,887ක් – පෙන්සිල්වේනියා මරණ වාර්තා සම්බන්ධයෙන් සෞඛ්‍ය ලේකම් රොබට් එෆ්. කෙනඩි ජූනියර් ප්‍රශ්න කරයි