News Category
From Date
To Date
Maximum Number of Result

ආසනික් වෙළඳුන් විසින් ලෝක සෞඛ්‍ය සංවිධානයත් යටත් කළ වගයි

Aug 5, 2026 at 10:24 AM
|

පසුගිය දා බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවැත්වූ හේතුවක් සොයාගත නොහැකි වකුගඩු රෝගයට අදාල විද්‍යාත්මක පත‍්‍රිකාවක් ඉදිරිපත් කිරීමේ අවස්ථාව බැලූ බැල්මට හේතු කිහිපයක් නිසා සුවිශේෂී විය. පළමුවැන්න එය විද්‍යාත්මක පත‍්‍රිකාවක් ඉදිරිපත් කිරීමේ අවස්ථාවක් වූවත් එයට දේශපාලන හැඩයක් ලබාදීමය. එසේ කිරීම වැරැද්දක් යයි මෙසේ කීම මඟින් අදහස් නොවේ. නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප‍්‍රධානීන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප‍්‍රධානීන් සහ සෞඛ්‍ය අමාත්‍යවරයා සහභාගී වූ එම සැසිය මඟින් විද්‍යාත්මක සොයාගැනීමක් ඉදිරිපත් කිරීමට වඩා සමාජය මත යම් මතවාදී බලපෑමක් කිරීමේ උත්සාහයක් ගැනුනු බව පැහැදිලිව පෙනෙන්නට තිබිණි.

දෙවැන්න, එම විද්‍යාත්මක පත‍්‍රිකාව මඟින් මෙතෙක් කාලයක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුග‍්‍රහය මත සිදුකලා යයි කියන පර්යේෂණයේ අවසාන නිගමන ඉදිරිපත් කිරීමය. නමුත් විශාල විද්වතුන් පිරිසකගේ සහභාගීත්වයෙන් සිදුවූ එම බහුපාර්ශවීය පර්යේෂණ ක‍්‍රියාවලියේ අවසන් ඵලය ලෙස ඉදිරිපත් කෙරුණු වාර්තාව සහ මෙම පර්යේෂණ පත‍්‍රිකාව මඟින් මතු කිරීමට උත්සාහ කළ කරුණු අතර පරස්පරතා පෙනෙන්නට තිබුණි. විශේෂයෙන්ම අවධාරණය කිරීම් වලදී එම වෙනස්කම් දක්නට ලැබුණි. ඊට අමතරව මෙම පර්යේෂණ වාර්තාව ඉදිරිපත් කෙරෙන්නේ පර්යේෂණයට නායකත්වය දුන් විද්වතුන්ට වඩා බලවත් පරිපාලන නිලධාරීන් පිරිසක් විසිනි. එසේම එම සැසියේදී වකුගඩු රෝගයට අදාලව වෙනත් විද්වතුන් ස්වාධීනව සිදුකළ පර්යේෂණ වල ප‍්‍රථිඵල හෝ ආසන්න නිගමන පිළිබඳව කිසිවක් සඳහන් නොකෙරුනි. එය අතපසුවීමක් හෝ අහම්ඹයක් ලෙස සැලකිය නොහැක.

තුන්වැන්න එම අවස්ථාවට කෘෂිරසායන වෙළදුන් මෙන්ම ඔවුනට පක්‍ෂපාතව අදහස් පළකල විද්වතුන් මෙන්ම ඔවුනට එරෙහිව මත පළකල විද්වතුන් යන දෙකොට්ඨාශයම සහභාගී වීමය. කෙසේවෙතත් ඒ සියල්ලටම වඩා සුවිශේෂී වූයේ එම පත‍්‍රිකාව මඟින් සමාජය මත පැටවීමට උත්සාහ කළ මතවාදය බව සඳහන් කළ යුතුය. ඒ මඟින් වකුගඩු රෝගයට හේතුකාරක ලෙස එතෙක් ඉදිරිපත් වී තිබූ මතවාද යම් පමණකට නිශේධනය කිරීමට ප‍්‍රභල උත්සාහයක් ගැනුනි. එනම් කෘෂි රසායන මඟින් පරිසරයට හෙවත් පසට, ජලයට සහ ආහාර දාමයට එක්වන ආසනික් සහ කැඩිමියම් වැනි උග‍්‍ර විෂ මූලද්‍රව්‍යය සහ යම් පළිබෝධනාශක වල අඩංගු සක‍්‍රීය රසායනික ද්‍රව්‍යය වකුගඩු රෝගයට හේතුවූනවා යන මතවාදය දියාරු කිරීමට එහිදී දැනුවත් සහ ප‍්‍රභල උත්සාහයක් ගැනුනි.

එම විද්වත් සැසිය හුදු පර්යේෂණ පත‍්‍රිකාවක් ඉදිරිපත් කිරීමකට එහා ගිය ඉදිරිපත් කිරීමක් බව පැහැදිලිව පෙනුනි. එහෙත් එහිදී එම පර්යේෂණයට පෙර විවිධ විද්වතුන් විසින් සිදුකළ පර්යේෂණ වල සොයාගැනීම් පිළිබඳව කිසිදු සඳහනක් කෙරුණේ නැත. එසේම විශේෂඥ වෛද්‍යවරුන් කිහිපදෙනෙකු විසින්ම සායනික අධ්‍යනවල යම් නිගමන පිළිබඳව මතවාද සමාජගතකොට තිබුනද ඒවා පිළිබඳවද කිසිදු සඳහනක් කිරීමක් හෝ අඩුතරමින් පූර්විකාවක් හෝ පසුබිම් කථාවක් හෝ එහිදී ඉදිරිපත් නොවුනි. එම විද්වතුන් යම් පිරිසක් එම සැසියට සහභාගී වී සිටියද ඔවුනට සුවිශේෂී වූ අවස්ථාවක් සාකච්ඡුා වටයේදීවත් ලබාදීමට හෝ ඔවුන්ගේ නම් සඳහන් කිරීමට හෝ සංවිධායකයින් කාරුණික නොවුනි. එම විද්වතුන් නොසලකා හැරීමේ හෝ අධිපතිවාදී ලෙස යටත් කිරීමේ මනෝභාවයක් සංවිධායකයින් තුළ තිබූ බවද පැහැදිලිව පෙනෙන්නට තිබුණි.

ඊට අමතරව එම සාකච්ඡුාව තුළ අදාල පර්යේෂණය මඟින් ආවරණය නොවූ පැතිකඩවල් සහ අනාගතයේදී තවදුරටත් අධ්‍යනයට ලක්විය යුතු කරුණු පිළිබඳව කිසිවක් සඳහන් කෙරුණේ නැත. එම තත්වයද අහම්ඹයක් නොවන බව පැහැදිලිව පෙනුනි. එම අධ්‍යනයේදී වකුගඩු රෝගීන්ගේ ශරීරවල ආසනික් විෂ අඩංගු වන බවට සාක්‍ෂි ඉදිරිපත් වී තිබුනද ඊනියා අවම විෂ මට්ටම් වලට යටත්කොට අදාල සොයාගැනීම නොවැදගත් බවද අවධාරණය කෙරුණි. ඒ මඟින් ඒ වන විට සමාජයේ තහවුරු වී තිබූ මතවාදයක් වූ කෘෂිරසායන වල අඩංගු ආසනික් විෂ වල බලපෑම අවතක්සේරු කිරීමට ප‍්‍රභල උත්සාහයක් ගැනුනි. එසේම කැඩිමියම් විෂ මට්ටම් ඉහළ අගයක තිබුනද එම විෂ මනුෂ්‍ය ශරීරයට ඇතුල්විය හැක්කේ කෘෂිරසායන මඟින් පරිසරය හරහා යන පැහැදිලි තර්කයද එම සාකච්ඡුාවේදී මතුවූයේ නැත.

ඒ සියල්ලටම වඩා ලෝක සෞඛ්‍ය සංවිධානයේ පර්යේෂණ වලට අදාල අතුරු වාර්තා මඟින් හඳුනාගෙන තිබූ භාවිතයෙන් ඉවත්කළ යුතු පළිබෝධනාශක වර්ග ලැයිස්තුවෙන් ගලයිෆෝසේට් නැමැති බහුලව භාවිතාවන වල්නාශකය පිළිබඳව කිසිදු සඳහනක් මෙම පර්යේෂණ පත‍්‍රිකාවේ නොමැත. එය හිතාමතා සිදුකළ බරපතල ‘‘ විද්වත් කූඨ ’’ ක‍්‍රියාවක් ලෙස එම සැසියට සහභාගී වූවන් අතර සාකච්ඡුාවට ලක්විය. ඇත්තවශයෙන්ම ගලයිෆෝසේට් තහනම් කිරීම යනු එම සාකච්ඡුාවට සහභාගී වී සිටි කෘෂිරසායන වෙළදුන්ට ‘‘ මරණ බිය ’’ ඇතිවන කාරණයකි. එසේ වන්නේ ගලයිෆෝසේට් යනු අද පවතින කෘෂිරසායන වෙළඳපළේ 85% ක පමණ කොටසක් අයත් එම වෙළදුන්ට වැඩිම ලාභ උපයාදෙන රසායනිකයක් වීම නිසාය. එසේවුවත් ඉතාම හාස්‍යජනක ලෙස දැනට භාවිතයෙන් ඉවත්කොට ඇති ‘‘පැරකොට්’’ වැනි පළිබෝධනාශකයක් තහනම් කළ යුතු බව එහිදී සඳහන් විය. ඇත්තවශයෙන්ම රෝගීන්ගේ මුත‍්‍රා නියාධිවල ‘‘පැරකොට්’’ ශේෂ අසංගුවූවා නම් ඒ මඟින් පැහැදිලි වන්නේ එම රසායනිකය නීති විරෝධීව රටතුළ භාවිතාවන බවය. එහෙත් ඒ පිළිබඳව කිසිදු සඳහනක් නොවීය.

එම ඉදිරිපත් කිරීමේදී කථාබහට ලක්වූ තවත් හාස්‍යජනකම යෝජනාවක් වූයේ නෙළුම් අල පරිභෝජනය සහ සප්සද නැමැති ෙඖෂධ පැලෑටිය භාවිතය තහනම් කළයුතු බව සඳහන් කිරීමය. එයට හේතු ලෙස ඉදිරිපත් වූයේ නෙළුම් අල වල කැඩිමියම් විෂ සැලකිය යුතු ප‍්‍රමාණ වලින් අඩංගු බව ඔප්පු වීමය. නමුත් එම විද්වතුන් නෙළුම් අල වලට කැඩිමියම් ඇතුල්වීම සඳහා ජලයට හෝ පසට එම විෂ එක්වන්නේ කෙසේදැයි සඳහන් නොකිරීමට පරිස්සම් විය. තමා විසින්ම තහනම් කළ යුතු යයි සඳහන් කළ කෘෂිරසායනියක් තහනම් ලැයිස්තුවෙන් ඉවත්කිරීමට තරම් වූ නිවට කමක්, බියසුළු බවක් හෝ නොසැලකිලිමත් බවක් පෙන්වූ මෙම විද්වතුන් නෙළුම් අල හෝ දේශීය ෙඖෂධයක් තහනම් කිරීම සඳහා යෝජනාවක් ගෙන එන්නේ ඉතා නිර්භීතවය. ‘‘සප් සඳ’’ වැනි දේශීය ෙඖෂධයක් තහනම් කිරීමට තරම් වූ විද්වත් යෝජනාවක් ගෙනඒම සාධාරණීකරණය කිරීමට අවශ්‍ය ප‍්‍රමාණයට සාක්‍ෂි කිසිවක් එම සැසියේදී ඉදිරිපත් නොවුනි. ඊට අමතරව ඊට පෙර සිදුකළ පර්යේෂණ වලින් හෝ ඒ සඳහා ප‍්‍රභල සාක්‍ෂි ලැබී තිබෙන බවක් සඳහන් නොවීය. අඩුතරමින් එවැනි යෝජනාවක් සඳහා තවදුරටත් පර්යේෂණ අවශ්‍ය බව සඳහන් කිරීමටවත් විද්වත් භාවයක් එම විද්වතුන් පෙන්වුයේ නැත.

කෙසේවෙතත් එහිදී කැඩිමියම් විෂ පිළිබඳව අවධාරණය කෙරුණත් එම විෂ ආහාරදාමය සහ ජලය මගින් හෝ වෙනත් ආකාරයකට ශරීරයට ඇතුළත්වන්නේ කෙසේදැයි මතයක් හෝ ඉදිරිපත් නොවීය. කැඩිමියම් විෂ විශාල වශයෙන් අඩංගුවනවා යයි ඔප්පු වී ඇති සුපර් පොස්පේට් පොහොර  භාවිතය අඩු කිරීමට හෝ පියවර ගත යුතු යයි එහිදී සඳහන් නොවීය. ඒවා අතපසුවීම් ලෙස සැලකිය හැකිද? එම විද්‍යාත්මක පත‍්‍රිකාව ඉදිරිපත් කිරීමේදී දක්නට ලැබුණු තවත් ප‍්‍රධාන ලක්‍ෂණයක් වුයේ වකුගඩු රෝගයට හේතුකාරක ලෙස හෝ රෝගයට ගොදුරු වීමේ ප‍්‍රවණතාවය වැඩි කරන සාධක ලෙස ඊට පෙර හදුනා ගෙන තිබු සාධක පිළිබඳව සාධාරණ මතයක් ඉදිරිපත් නොවීමය. අඩුතරමින් ජලයේ අධික කැල්සියම් කාබනේට් සාන්ද්‍රණය සහ වකුගඩු රෝගය පැතිරීම අතර පවතින සම්බන්ධතාවය පිළිබඳව ඊට පෙර ඉදිරිපත් වු විද්වත් මත තවදුරටත් පර්යේෂණයට ලක් කළ යුතු බව හෝ එහිදී සඳහන් කෙරුනේ නැත.

එසේවුවත් එම සාකච්ඡුාවේදී සෙලේනියම් වැනි අත්‍යවශ්‍ය පෝෂක ද්‍රවයක ඌණතාවය මත සිදුවන බලපෑම නම් අතිශයෝ්ක්තියෙන් හුවා දැක්විීය.  ඒ අනුව ප‍්‍රශ්න මතු කිරීමේ වාරයේදී පළමුවෙන්ම හැගී සිටි ප‍්‍රසිද්ධියෙ ආසනික් වෙළදුන් සමඟ ගනුදෙනු කරන ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයකුගේ සහෝදරයකු ප‍්‍රශ්න කලේ සෙලේනියම් ඌණතාවයට ප‍්‍රතිකාර කිරිම මගින් වකුගඩු රෝගය වැලැක්වීමට මැදිහත් නොවන්නේ කුමක් නිසාද යනුවෙනි. ඒ මගින් ඔහු වකුගඩු රෝගයට හේතුව සෙලේනියම් ඌණතාවය බව අවධාරණය කිරීමටත් සාකච්ඡුාව එම දිශාවට ඇදගෙන යාමටවත් අසරණ සහ දුප්පත් උත්සාහයක් ගත් බව පෙනුනි. නමුත් පේ‍්‍රක්‍ෂකයින් සියල්ල එම උත්සාහය උපහාසයෙන් නොසලකා හරන බව පෙනුනු බැවින් සංවිධායකයින්ද සාකච්ඡුාව එම දිශාවට ගෙන යාමට ධෛර්්‍යමත් වුයේ නැත.

කෙසේවෙතත් සෞඛ්‍ය අමාත්‍යතුමාට මෙම විද්වත් නාටකය මුල සිට අගට නැරඹීම තුළින් මේ විද්වතුන් නටන්නේ කාගේ පදයට දැයි තේරුම් ගැනීමට අවස්ථාවක් ලැබෙන්නට ඇත. එතුමා මෑත කාලිනව බහුජාතික සමාගම් වලට යටත් නොවන ජාතික හැගීමක් ඇති අවංක පුද්ගලයකු ලෙස මහජන විශ්වාසයක් දිනා ගැනීම සමත් විය. ඒ නිසා වකුගඩු රෝගයට අදාලව එතුමා ක‍්‍රියා කරන ආකාරය බරපතල ලෙස සමාජය විසින් පරීක්‍ෂාවට ලක් කරන බවට සැකයක් නැත. එක්තරා ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයකු වකුගඩු රෝගයට අදාලව අමාත්‍ය මණ්ඩලයට ඉරිදිපත්වු නිර්දේශ  සමාලෝචනය සඳහා පත් කළ අමාත්‍ය උප කමිටුවක සභාපති ලෙස කටයුතු කරන්නේ තම සහෝදරයා කෘෂි රසායන වෙළදුන් වෙනුවෙන් ප‍්‍රසිද්ධියේ පෙනී සිටිමින් එම වාර්තාව සකස් කිරීමට දායක වන තත්වයක් තුළය. එවැනි ඇමැතිවරුන් මහජනයාගේ පරීක්‍ෂාවට ලක් වන්නේ නැත. මහජනයා සාමාන්‍යයෙන් එවැන්නන් ‘‘ලේබල් කොට’’ තම මනසින් ඉවත් කිරීමට කටයුතු කරන බව බොහෝ දේශපාලකයින් දන්නේ නැත. නමුත් මහජනයා එවැනි අපතයින් පිළිබඳව කරදර නොවුණත් හොඳ මිනිසුන් යයි තමා විශ්වාස කරන්නන් නිරනතරයෙන් පරීක්‍ෂාවට ලක් කරන බව මෛත‍්‍රීපාල සිරිසේන වැනි අත්දැකීම් සහිත දේශපාලඥයකු  නොදැන සිටීමට හේතුවක් නැත.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ පමණක් නොව ලෝක සෞඛ්‍ය සංවිධානයේද විද්වතුන් සහ පරිපාලකයින් විවිධ පාර්ශව වල පදවලට නටන බව සමහර විට මහජනයා දන්නේ නැත. එහෙත් ඒ බව සෞඛ්‍ය අමාත්‍යතුමා දන්නා බව පැහැදිලිව පිළිගත හැක. එයට හේතුව තම අමාත්‍යාංශයේ උසස්ම නිලධාරියා තමාගේ නියෝග පිළිපදින්නේ නැති බව යම් අවස්ථාවල එතුමා විසින් ප‍්‍රකාශ කිරීමය. ඒ මගින් එතුමා වක‍්‍රව පිළිගන්නේ ඔහු වෙනත් අමාත්‍යවරයකුගේ නියෝග පිළිපදිනවා විය හැකි බවය. වකුගඩු රෝගයට අදාලව කෘෂි රසායන වෙළදුන්ට චෝදනා එල්ලවීම ආරම්භ වු දින සිට විවිධ පාර්ශව ඔවුන් බේරා ගැනීමට විවිධ ආකාරයට මැදිහත් වු බව ප‍්‍රසිද්ධ කරුණකි.  

එම ‘‘ බේරාගැනීමේ මෙහෙයුම් ’’ සඳහා යම් විද්වතුන් සහ නිළධාරීන් කණ්ඩායමක් දේශපාලකයින් අභිබවා යමින් කටයුතු කළ බවද සත්‍යයකි. කෙසේවෙතත් එම ප‍්‍රශ්නයේදී රටට සහ මහජනයාට ආදරය කරන හෘද සාක්‍ෂිය සහිත විද්වතුන් සහ නිලධාරීන් පිරිසකගේ ප‍්‍රති ක‍්‍රියාකාරීත්වය නිසා දුෂ්ඨයින්ට නිතරඟයෙන් ජයග‍්‍රහණය අත්පත් වුයේ නැත. දුෂ්ඨයින් සටන අත්හැර නැති බව බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේදී පෙන්නුම් කළත් ඔවුන්ගේ මෙහෙයුම පසුබෑමකට ලක් වී ඇති බව ඔවුන් එම විද්වත් සාකච්ඡුාවේදී ක‍්‍රියාකල ආකාරයෙන් පැහැදිලි විය. බොහෝවිට එම සාකච්ඡුාව දුෂඨයින්ගේ අවසන් වෙඩිමුරය බවට පත් විය හැක. ඒ දැනටමත් වකුගඩු රෝගය පාලනය කිරීමට අදාලව අමාත්‍ය මණ්ඩලයට පත‍්‍රිකා දෙකක් ඉදිරිපත් වී ඇති බැවැනි.ි එහෙත් මෙතෙක් කළක් සත්‍යගරුක විද්වතුන්ගේ සහ රෝගිීන්ගේ පැත්තට එල්ල කර තිබු ’’මල්ටි බැරල්’’  දැන් අමාත්‍ය මණ්ඩලය පැත්තට එල්ල වීමටද ඉඩ ඇත. ඊට හේතුව එම මණ්ඩලය තුළම නිවැරදිව මල්ටි බැරල් ප‍්‍රහාර එල්ල කිරීම සඳහා සංඥා නිකුත් කරන ඔත්තුකරුවන් සිටීමය.

දැන් සෞඛ්‍ය අමාත්‍යතුමාගේ මෙන්ම එතුමා මෙන්ම යම් හෘද සාක්‍ෂියක් සහිතව කටයුතු කරන කෘෂිකර්ම අමාත්‍යතුමාගේ වගකීම වන්නේ ජනතාව වෙනුවෙන් තම දේශපාලන යුතුකම ඉටු කිරීමය. ඇත්තවශයෙන්ම වකුගඩු රෝගයට අදාල මහා ප‍්‍රශ්නය ඊනියා විද්‍යාත්මක ගැටලූවකට වඩා දේශපාලන අර්බුදයක් ලෙස හඳුනාගැනීමට දැන් කාලය පැමිණ ඇත. එම නිසා එය විසඳීම ඊනියා විද්වතුන් අතලොස්සකගේ තනි අයිතියට බාර නොදී අදාල අමාත්‍යවරුන් ඊට අදාල දේශපාලන භූමිකාව අතටගනු ඇතැයි අපි විශ්වාස කරමු. එම තත්වය තුළ සෞඛ්‍ය අමාත්‍යතුමා ඉදිරියේ විද්වත් පත‍්‍රිකාව ඉදිරිපත් කළ නිලධාරීන් හෝ විද්වතුන් පිළිබඳව පමණක් විශ්වාසය තබා කටයුතු කිරීම යනු දේශපාලන උගුලක වැටීමක් ලෙස අර්ථ දැක්විය හැක. එම උගුලින් පය ඉවතට ගැනීම සඳහා එතුමා පළමුව කළ යුත්තේ වකුගඩු රෝගයට අදාලව දීර්ඝකාලීනව විවිධ පර්යේෂණ කළ සැබෑ විද්වතුන්ට තමාගේ පර්යේෂණ ඉදිරියට ගෙන යාම සඳහා යම් යාන්ත‍්‍රණයක් සකස් කිරීමය. වෙනත් වචන වලින් කියනවා නම් එදා එතුමා ඉදිරියේදී බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේදී නැටු ’’ පාළු ගෙයි වලන් බිදීම’’ නැමැති නැටුම ඒ ආකාරයේ අවසන් නැටුම බවට පත් කළ යුතුය. 

ඊට සමගාමීව හදිසි කාර්යයක් ලෙස රෝගයෙන් පිඩා විඳින ප‍්‍රදේශවල ජනතාවට විවිධ ක‍්‍රමවේද හරහා සුදුසු පානීය ජලය ලබා දීමට මැදිහත් විය යුතුය. තුන් වැනි හදිසි කටයුත්ත රෝගය මුල් අවස්ථාවේදී හදුනා ගැනීම සඳහා ප‍්‍රාථමික මහජන සෞඛ්‍ය සමීක්‍ෂණ විධිමත්ව දියත් කිරීම සඳහා කඩිනම් වැඩසටහනක් හදුන්වා දීමය. ඒ සඳහා අනෙකුත් රාජ්‍ය සහ මහජන සංවිධානවල සහයේගය ඉල්ලා සිටීම වැදගත් වනු ඇත. එහෙත් පසුගිය කාලයේදී අනුරාධපුර සහ පදවිය වැනි රෝහල්වල වෛද්‍යවරුන් පිරිසක් ස්වේච්ඡුාවෙන් එවැනි වැඩසටහන් දියක් කිරීමට ඉදිරිපත් වුවත් ඊට අවශ්‍ය ප‍්‍රවාහන පහසුකම් සපයාදීමටවත් බලධාරීන් ඉදිරිපත් වුයේ නැත. හතරවැනි මැදිහත්වීම රෝගයේ භූගෝලිය පැතිරීම අනුව ොත්රාගත් රෝහල් කිහිපයක රුධිර කාන්ද්‍රරණය සහ ඒ ආශ‍්‍රිත ද්වීතීක සේවා සඳහා පහසුකම් වැඩි කිරීමය. පස්වැනි මැදිහත් වීම හෙවත් දේශපාලන වශයෙන් වඩාත් සංවේදී සහ බරපතල මැදිහත්වීම වන්නේ දැනට යම් පමණකට හෝ සාක්‍ෂි සහිතව හදුනාගෙන ඇති රෝගකාරක පාරිසරික හේතු අවම කිරීම සඳහා කළ හැකි සියලූ දේ කිරීමය.

ඒ අනුව පසට සහ ජලයට කැඩියම් සහ ආසනික් විෂ හෝ හදුනාගත් පළිබෝධනාෂක වල සක‍්‍රිය රසායන ද්‍රව්‍ය හෝ අපද්‍රව්‍ය එකතුවීම වැලැක්වීම හෝ අවම කිරීම සඳහා ගත හැකි සියලූ පියවර ගත යුතුය. එහිදී එම විෂ බි`දක් හෝ අඩංගු පළිබෝධනාශක හෝ රසායනික පොහොර රටතුළට ගෙන ඒම වැලැක්වීම සඳහා නීතිමය සහ පරිපාලන ක‍්‍රියාමාර්ග ගැනීම අවම කොන්දේසියක් බවට සැකයක් නැත. එය ඇත්ත වශයෙන්ම අවම සදාචාර කොන්දේසියක් ලෙසද සැලකීමට සිදුවනු ඇත. ඒ යම් රෝගකාරකයන් පිළිබඳව සැලකිය යුතු සාක්‍ෂි තිබේනම් එය වැලැක්විමට කටයුතු නොකිරීම මනුෂ්‍ය වර්ගයාට එරෙහිව කරනු ලබන බරපතල අපරාධයක් බැවිනි. එහිදී 100 ‍්‍ර සාක්‍ෂි සහිතව ඔප්පුවෙන තෙක් ක‍්‍රියාත්මක විය නොහැක යන දුර්වල තර්කය මගින් එම අපරාධයේ බරපතලකම සැ`ගවිය නොහැක. මේ සියලූ මැදිහත්වීම සඳහා අවශ්‍ය බලය සෞඛ්‍ය අමාත්‍යකුමා සහ කෘෂිකර්ම අමාත්‍යතුමා වෙත ලබා ගැනීම සඳහා මේ වන විට අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් වී ඇති පත‍්‍රිකා සම්මත කර ගත යුතුය. පළිබෝධනාශක වෙළදුන්ගේ බලපෑම මත පිටුපසට තල්ලූ වන එම ක‍්‍රියාවලිය ඉදිරියට ගැනීම එම අමාත්‍යවරුන්ගේ උරමත පැටවී ඇති ප‍්‍රබල දේශපාලන සහ සමාජ වගකීමකි. ඒ සියල්ලටම වඩා එය ඔවුන්ගේ දේශපාලන අනාගතය තීන්දු කෙරෙන සදාචාර වගකීමකි.


වෛද්‍ය කේ.එම්.වසන්ත බණ්ඩර,


සම්බන්ධිත පුවත් | Related News

ඉන්දියාවේ ස්වදේශ කටයුතු අමාතයාංශය නිකුත් කල නවතම වාර්තාවකට අනුව කොටි සංවිධානය ඉන්දියාවේ තමිල්නාඩු ප‍්‍රාන්තය ඇතුළු දකුණු ඉන්දියානු ප‍්‍රදේශ මුල්කරගෙන නැවත වටයකින් සංවිධානය වෙමින් ඇත. ඒ නිසා ඉන්දියානු රජය එම සංවිධානයට
මාර්තු මස ජිනීවාහිදි පැවැත්වෙන 22 වැනි මානව හිමිකම් සමුළුවේදී ඉන්දියාව ශ‍්‍රී ලංකාවට එරෙහිව ඡුන්දය ප‍්‍රකාශ කරන බව මේ වන විට නිවේදනය කොට ඇත. නමුත් එවැනි තීන්දුවකට පසුව ශ‍්‍රී ලංකාවේ මහජනතාව අතර ප‍්‍රබල ඉනන්දියානු විරෝධ
’’ අධිරාජ්‍යවදී කුලී හමුදාවක් සහමුලින්ම විනාශ කොට රටක් නිදහස් කර ගැනීම පිළිබඳ ශ‍්‍රී ලාංකික ජාතිය ලෝකයේ ප‍්‍රමුඛතම ජාතියක් ලෙස ඉතිහාස ගත වනු ඇත. එසේම එවැනි වු මහා ජයග‍්‍රහණයකට පිටුපස හැරවු ජාතියක් ලෙසද අප ඉතිහාසගත වනු ඇත. ’’
මානව හිමිකම් කවුන්සිලයේ ඇමරිකානු තානාපති ලෙස පත්කොට ඇති ඩොනෙහියු නැමැති කාන්තාව පසුගිය දා මාධ්‍යයට ඉතා උද්දච්ච ප‍්‍රකාශයක් කලාය. ඇගේ ප‍්‍රකාශයේ සැබෑ සිංහල තේරුම අනුව ඇය කියන්නේ ශ‍්‍රී ලංකාව යෝජනාව ගෙන එ්මට පෙර හිස
මාර්තු 27 වැනිදා ජිනීවා සමුළුවේදී සාකච්ඡුාවට සහ ඡුන්ද විමසීමට ලක්වන ඇමෙරිකානු යෝජනාවේ කෙටුම්පත මේ වන විට මාධ්‍යයට නිකුත් වී ඇත. ඊට ප‍්‍රතිචාර දක්වන දෙමළ ඩයස්පෝරාව කියා සිටින්නේ ඇමෙරිකාව විසින් දෙමළ ජනතාවගේ අපේක්‍ෂා නොසලකා හැර ඇති බවයි. ඊට අමතරව සමහර රජයේ පාර්ශවද එම යෝජනාව ඔවුන් බලාපොරොත්තු වූ තරම් බරපතල නැතැයි මත පළකරමින් ඇත. නමුත් ජිනීවාහිදී රජය කටයුතු කළයුතු ආකාරය පිළිබඳව පසුගිය දිනවල රජයට උපදෙස් දුන් බෙදුම්වාදී න්‍යායචාර්්‍යවරුන් ඒ පිළිබඳව අනාවැකි පළකරන්නේ නැත. ඒ වෙනුවට ඔවුන් ජිනීවාහිදී ශ‍්‍රී ලංකා රජය නියෝජනය කරමින් තම මතය ඉදිරිපත් කළ ජී.එල්. පීරිස් අමාත්‍යතුමාට ඉතා තදින් දෝෂාරෝපනය කරති.
පසුගිය 16 වැනිදාට යෙදුනු ලෝක ආහාර දිනය සමරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය ආහාර සුරක්‍ෂිතතා සතියක් ප‍්‍රකාශයට පත්කොට ඇත. ඔවුන් එහිදී ආහාර සුරක්‍ෂිතාව :ත්‍දදා ීැජමරසඑහ* පිළිබඳව කථාකලත් ඔවුන්ගේ අවධානයට ලක්වන්නේ ආහාර වල සෞඛ්‍ය ආරක්‍ෂාව :ත්‍දදා ී්එැඑහ* පමණී. ඇත්තවශයෙන්ම ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය ආහාර පිළිබඳව කුමක් කථාකලත් ඔවුන්ගේ ක‍්‍රියාකාරීත්වය විමසා බැලීමේදී පැහැදිලිව පෙනී යන දෙයක් ඇත. ඒ ඔවුනට ආහාර ආරක්‍ෂාව, ආහාර සුරක්‍ෂිතතාව සහ පෝෂණය අතර පවතින සමාජ-ආර්ථික, දේශපාලන හෝ සංස්කෘතික සහ පාරසරික සහ-සම්බන්ධතාවයන් පිළිබඳව ගැඹුරු අවබෝධයක් නොමැති බවය.
ඇමෙරිකාවේ දැන උගත් ජනතාව අන්දුන් කුන්දුන් කරමින් 2012 මාර්තු 16 වැනිදා ඉතා වැදගත් ලේඛනයකට ඒ රටේ ජනාධිපති බරක් ඔබාමා විසින් අත්සන් තැබිනි. එම ලේඛනය හැදින්වෙන්නේ ‘‘ විධායක නියෝගය ’’ යන තාක්‍ෂණික නාමයෙනි. ඒ මගින් ඔහුගේ බලයලත් ලේකම්වරුන්ට සමස්ථ රටම යුද වාතාවරණයක තැබීම සඳහා අවශ්‍ය සියළු බලතල ලබා දී ඇත. ඒ අනුව අනාගතයේදී ඕනෑම දවසක ඇමෙරිකාවේ රාජ්‍ය සහ පුද්ගලික සමාගම් සතු දේපල සහ මහජනයා සතු දේපල මෙන්ම රටේ පොදු සම්පත් යුද්ධය
පසුගිය සමයේ මහත් ආන්දෝලනයක් ඇතිකල ආසනික් විරෝධී සටන ශ‍්‍රී ලංකාවේ මිනිස් ජීවිත වලට සහ පරිසරයට ආදරය කරන මිනිස්සුන්ට පරාජය අත්පත් කර දෙමින් අවසන් වී ඇත. එ් අනුව සමාගම් හිතවාදී සහ එ් නිසාම ආසනික් හිතවාදී වු න්ලධාරී ත‍්‍රන්තය
පහත පළකෙරෙන අතිගරු ජනාධිපතිතුමාට යොමුකෙරෙන ලිපියෙන් ඉල්ලා සිටින පරිදී රජරට වකුගඩු රෝගය පාලනය කිරීමට අදාල මූලික පියවරක් ලෙස කෘෂි රසායන භාවිතය පාලනය කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් එම අමාත්‍යාංශයේ

ප්‍රධාන පුවත්

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..

කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1974 සහ 1976 වසරවලදී ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ (OHCHR) විශේෂඥයන් සිව්දෙනෙකු විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යොමු කරන ලද පිටු 8කින් යුත් විශේෂ ලිපියක් පිළිබඳව ප්‍රවීණ මාධ්‍යවේදී ධර්ම ශ්‍රී කාරියවසම් මහතා සිය "කාරිගේ චැනල් එක" යූටියුබ් නාලිකාව ඔස්සේ විශේෂ අනාවරණයක් සිදු කර සිටී.

ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්

ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ ආරක්ෂක හා යුද සහයෝගීතාවන් ගොඩනගා ගැනීමට උත්සාහ කිරීම තුළින් රට බරපතල භූ-දේශපාලනික අර්බුදයකට මෙන්ම වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමකට තල්ලු වන බවට ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පෙන්වා දෙයි.

උතුරු-නැගෙනහිර බෙදුම්වාදී ක්‍රියා වහා පාලනය කිරීමට මැදිහත්වන්න.. - ජාතික නිදහස් පෙරමුණෙන් ජනපති අනුරට ලිපියක්

උතුර සහ නැගෙනහිර පළාත් තුළ ජාතිවාදී හා බෙදුම්වාදී ක්‍රියාකාරකම් වර්ධනය වෙමින් පවතින බවත්, ඒවා වැළැක්වීමට ආණ්ඩුව වහා පියවර ගත යුතු බවත් පවසමින් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමු කර තිබේ.

වහබ්වාදී ආගමික අන්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා වූ ගෝඨාභය රාජපක්ෂ යෝජනාවලිය යනු කුමක් ද?

ජාතික සංවිධාන විසින් මතුකරන ආගමික අන්තවාදය අවසන් කිරීම සඳහා වූ යෝජනා මොනවාදැයි ලංකා ලීඩර් පාඨකයෝ විමසති. ඒ නිසා ඒ පිළිබඳව වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගෙන් නැවත විමසීමට සිදුවිය. මේ ඔහුගේ කතාව,

''භික්ෂුවගේ සිවුර ඉවත් කිරීම සංඝ සභාවේ තීරණයක් විය යුතුයි'' - කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාර කොමසාරිස්ට ලිපියක්

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට සිවුර දැරීමට ඇති අයිතිය සම්බන්ධයෙන් කෝට්ටේ සංඝ සභාව විසින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත ලිපියක් යොමුකරමින් ඉල්ලීමක් සිදුකර තිබේ.

සරම්ප වසංගතය දරුණු වෙයි: නිව්යෝර්ක් හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශ කරයි! ඇමරිකාවේ සරම්ප රෝගීන් 3,887ක් – පෙන්සිල්වේනියා මරණ වාර්තා සම්බන්ධයෙන් සෞඛ්‍ය ලේකම් රොබට් එෆ්. කෙනඩි ජූනියර් ප්‍රශ්න කරයි

සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින සරම්ප වසංගතය හේතුවෙන් නිව්යෝර්ක් ආණ්ඩුකාර කැති හොචුල් විසින් සමස්ත නිව්යෝර්ක් ප්‍රාන්තය සඳහාම හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.