News Category
From Date
To Date
Maximum Number of Result

උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමය විනාශ කිරීමට සැලසුම්සහගත ප්‍රහාරයක්.. පුරාවිද්‍යා වාර්තා වෙනස් කරන්න දෙමළ මන්ත්‍රීන්ගෙන් බලපෑම්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්..

Aug 6, 2026 at 04:21 PM
|

වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව බෞද්ධ ශිෂ්ටාචාරයට සහ උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමයන්ට එරෙහිව සැලසුම්සහගත ප්‍රහාර මාලාවක් ක්‍රියාත්මක වන බවට ජාතික සංවිධාන එකමුතුව චෝදනා කරයි. 

එම එකමුතුව විසින් සංවිධානය කර තිබූ විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සඳහන් කළේ, බුදුදහමට සහ ආගමික ඉගැන්වීම්වලට නිග්‍රහ කරන යූටියුබ්කරුවන්ට එරෙහිව පොලිසියට සහ පොලිස් කොමිසමට පැමිණිලි කළද කිසිදු නීතිමය ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවයි.

එමෙන්ම පසුගිය ජූලි 07 වැනිදා පස්වරුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීන් වන ෂානක්කියන් සහ සුමන්තිරන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට පැමිණ, මඩකලපුව ඇතුළු උතුරු-නැගෙනහිර පුරාවිද්‍යා ගවේෂණ වාර්තා වෙනස් කිරීමට බලපෑම් කර ඇති බවට අභ්‍යන්තර තොරතුරු ලැබී ඇති බවද ඒ මහතා අනාවරණය කළේය. බෞද්ධ සිද්ධස්ථාන හින්දු කෝවිල් ලෙස පෙන්වීමටත්, තමන්ට හිතවත් පුද්ගලයන් සහකාර පුරාවිද්‍යා අධ්‍යක්ෂවරුන් ලෙස පත්කර ගැනීමටත් මෙහිදී උත්සාහ දරා ඇති බවටද චෝදනා එල්ල විය.

තවද, දැනට පවතින නීති රීති ලිහිල් කරමින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අහෝසි කර "උරුම කාර්යාංශයක්" පිහිටුවීමට සූදානම් වන බවත්, එමගින් දෙපාර්තමේන්තුවේ පවතින බලතල දුර්වල කර පළාත් මට්ටමේ ආයතනවලට පැවරීමේ නීතිමය පදනමක් සකස් වෙමින් පවතින බවත් මෙහිදී වැඩිදුරටත් අනාවරණය විය.

ඊට අමතරව, කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් ගෙන ඒමට සූදානම් වන සත්ව සුබසාධන පනත මගින් 1907 සිට පැවැති ආඥා පනත අහෝසි වන බවත්, එමගින් සංස්කෘතික හා ආගමික පෙරහැරවල අලි ඇතුන් භාවිත කිරීමට දැඩි බාධා එල්ල වන බවත් පෙන්වා දෙන ලදී. 

මෙවැනි පනතක් යටතේ අලියෙකුට සිදුවන සුළු තුවාලයකට පවා විහාරාධිපති හිමිවරුන්ට සිරදඬුවම් සහ දඩ නියම විය හැකි බැවින්, දැනට පවතින නීති මගින් සත්ව හිංසනය වැළැක්විය හැකි පසුබිමක මෙවැනි නව පනත් ගෙන ඒම අතිශය අනවශ්‍ය මෙන්ම බෞද්ධ සංස්කෘතික උරුමය අහෝසි කිරීමේ ක්‍රියාමාර්ගයක් බව ජාතික සංවිධාන එකමුතුව අවධාරණය කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා,

"මේ වන විට වර්තමාන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු බෞද්ධ ශිෂ්ටාචාරයට එරෙහිව දියත් වන ප්‍රහාර මාලාව එක්තරා උච්චතම අවස්ථාවකට ළඟා වෙමින් තිබෙනවා.

අපි දන්නවා පසුගිය කාලයේ යූටියුබ්කරුවන් කිහිපදෙනෙක්, තමන් මාධ්‍යවේදීන් ලෙස හඳුන්වා ගනිමින්, බුදුන් වහන්සේට පවා නින්දා අපහාස කරනවා, ආගමික ඉගැන්වීම් විකෘති කරනවා. ඒ කිසිවකට විරුද්ධව කිසිදු පියවරක් ගෙන නැහැ. අපි පොලිස්පතිතුමාටත් පැමිණිලි කළා, පොලිස් කොමිසමටත් පැමිණිලි කළා. නමුත් ඔවුන්ට විරුද්ධව කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැහැ. දණ්ඩ නීති සංග්‍රහය යටතේ නීතිමය ක්‍රියාමාර්ග ගන්න පුළුවන්, අවම වශයෙන් අවවාදයක්වත් ලබා දෙන්න තිබුණා. නමුත් ඒ සම්බන්ධයෙන් පොලිසියෙන් කිසිදු ප්‍රතිචාරයක් අපට දැනගන්න ලැබුණේ නැහැ.

පන්සලකට කඩා වැදී භික්ෂූන් වහන්සේලාට පහර දෙනවා. බුදු පිළිම වහන්සේ පවා අත්අඩංගුවට ගන්නවා. ජනාධිපතිතුමා කියනවා ජනතාව උතුරට යන්නේ ජාතිවාදී අරමුණකින්, උතුරේ වැඳුම් පිදුම් කරන්නේ ජාතිවාදී හැඟීමකින් කියලා. එතකොට නාගදීපයට යන මනුස්සයාත් ජාතිවාදී හැඟීමකින් යනවාද? නමුත් කිසි දවසක එවැනි වන්දනා ගමන්වලදී කිසිදු ගැටුමක් හෝ බාධාවක් වාර්තා වෙලා නැහැ. නැති තත්ත්වයක් මවා පෙන්වමින්, ජාතිවාදී සහ බෙදුම්වාදී බලවේග සතුටු කිරීම සඳහා ආණ්ඩුව මේ ක්‍රියාමාර්ග ගනිමින් සිටිනවා.

දැන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට පාර්ලිමේන්තු මන්ත්‍රීන් වන ෂානක්කියන් සහ සුමන්තිරන් සේවකයන් ඉවත්ව ගිය පසු සවස හතරයි තිහට පමණ, පසුගිය ජූලි 7 වැනිදා පැමිණ තිබෙනවා. අපට ලැබී ඇති අභ්‍යන්තර තොරතුරු අනුව, ඔවුන් මඩකලපුව සහ උතුරු-නැගෙනහිර පුරාවිද්‍යා ගවේෂණ වාර්තා වෙනස් කරන්න බලපෑම් කර තිබෙනවා. ඒවා ඔවුන්ට අවශ්‍ය ආකාරයට වෙනස් කර බෞද්ධ සිද්ධස්ථාන හින්දු කෝවිල් ලෙස පෙන්වීමේ ක්‍රියාන්විතයකට සහාය ලබා ගැනීම තමයි අරමුණ කියලා අපට දැනගන්න ලැබෙනවා.

එපමණක් නොව, උතුරු සහ නැගෙනහිර පළාත්වල සහකාර පුරාවිද්‍යා අධ්‍යක්ෂවරුන් ලෙස තමන්ගේ අවශ්‍යතා අනුව කටයුතු කරන පුද්ගලයන් පත් කිරීමටත් උත්සාහ කරන බව දැනගන්න ලැබෙනවා. ඒ සඳහා පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා මූලික වී කටයුතු කරන බවත් පෙනෙනවා. තවත් කාරණයක් නම්, පුරාවිද්‍යා විශේෂ උපාධියක් අවශ්‍ය නොවන ආකාරයට බඳවා ගැනීමේ සුදුසුකම් වෙනස් කර තමන්ට අවශ්‍ය පුද්ගලයන් පත් කිරීමට උත්සාහ කරන බවයි.

අපි දන්නවා, රාජපක්ෂ ආණ්ඩුව සමයේ උතුරු හා නැගෙනහිර පළාත්වල පුරාවිද්‍යා ස්ථාන හඳුනා ගැනීම සඳහා කාර්ය සාධක බලකායක් පත් කළා. එම කාර්ය සාධක බලකාය ස්ථාන 800කට අධික ප්‍රමාණයක් හඳුනාගෙන ගැසට් කිරීමට නිර්දේශ කළා. නමුත් ඉන් පසු එම ක්‍රියාවලිය නතර වුණා. අද වන විට පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අනුදැනුම සහිතව උතුරු හා නැගෙනහිර බෞද්ධ උරුමය විනාශ කිරීමේ ක්‍රියාන්විතයක් ආරම්භ වී තිබෙන බව ඉතා පැහැදිලියි.

ඊට අමතරව, දැනට පවතින නීති රීති ලිහිල් කර බෞද්ධ උරුමය විනාශ කිරීම පහසු කිරීම සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අහෝසි කර ‘උරුම කාර්යාංශයක්’ පිහිටුවීමට සූදානම් වෙනවා. එම කාර්යාංශය යටතට පුරාවිද්‍යා ස්ථාන පමණක් නොව, සාහිත්‍යය, කලාව සහ අනෙකුත් සංස්කෘතික උරුමයන් ද ඇතුළත් කර, පවතින බලතල දුර්වල කර පළාත් මට්ටමේ ආයතනවලට ඒවා පැවරීමට උත්සාහ කරන බවට තොරතුරු තිබෙනවා. මේ සඳහා නව නීතියක් ද සකස් වෙමින් පවතින බව දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අතර කතාබහට ලක්ව තිබෙනවා.

ඊට සමගාමීව කෘෂිකර්ම අමාත්‍යාංශය සත්ව සුබසාධන පනතක් ගෙන එනවා. එම පනත මගින් 1907 සිට ක්‍රියාත්මක වූ සතුන්ට අමානුෂික ලෙස සැලකීම වැළැක්වීමේ ආඥා පනත අහෝසි කිරීමට සූදානම් වෙනවා. එම පැරණි පනතේ දේශීය සංස්කෘතියට සහ ආගමික චාරිත්‍රවලට යම් ගෞරවයක් දක්වා තිබුණා. විහාර දේවාලගම් පනත මගින් විහාර හා දේවාල සතු ඉඩම් ආරක්ෂා කර තිබුණා. නමුත් අද පාර්ලිමේන්තුවේ කතා කරන්නේ එම ඉඩම් පවා අහිමි කරන ආකාරයේ සංශෝධන ගැනයි.

2017 පොලිස් වාර්තාව අනුව සතුන්ට අමානුෂික ලෙස සැලකීම සම්බන්ධයෙන් පුද්ගලයන් 770 දෙනෙකුට නඩු පවරා තිබෙනවා. එහෙම නම් දැනට පවතින නීතිය ක්‍රියාත්මක වනවා. එසේ තිබියදී අලුත් පනතක් අවශ්‍ය වන්නේ ඇයි? 2006 සිටම මෙවැනි උත්සාහයන් තිබුණා. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමයේත් එවැනි යෝජනා ඉදිරිපත් වුණත් ජාතික බලවේගවල විරෝධය හේතුවෙන් ඒවා ක්‍රියාත්මක වුණේ නැහැ.

සතුන්ට හිංසා කිරීම වැළැක්වීමේ නාමයෙන් ගෙන එන මේ පනතේ සැබෑ අරමුණ වන්නේ පෙරහැරවල අලි ඇතුන් භාවිත කිරීම සහ ආගමික චාරිත්‍රවලට බාධා කිරීම බව අපගේ අදහසයි. අපේ බෞද්ධ සංස්කෘතියේ ප්‍රධාන අංගයක් වන්නේ පෙරහැර, ධාතු කරඬුව වැඩමවීම සහ ඒ ආශ්‍රිත චාරිත්‍ර වාරිත්‍රයි. ඒවා මගින් ජනතාව සංස්කෘතිය සමඟ බැඳී සිටිනවා.

මෙම පනත යටතේ අලියෙකුගේ කකුලේ දම්වැලක් නිසා කුඩා තුවාලයක් ඇති වුවද, එහි වගකීම සම්පූර්ණයෙන්ම අලියාගේ හිමිකරුට පැවරෙනවා. එම අලියා පන්සලකට අයත් නම්, විහාරාධිපති හිමියන්ට පවා අවුරුදු දෙකක සිරදඬුවමක් සහ රුපියල් ලක්ෂ දෙකක දඩයක් නියම විය හැකියි. එවැනි තත්ත්වයක් තුළ කිසිවෙකුත් ආගමික කටයුතු සඳහා අලි ඇතුන් ලබාදීමට හෝ රැකබලා ගැනීමට උනන්දු නොවනු ඇත.

මේ සියල්ල සැලකීමේදී, දැනට පවතින නීතියෙන් ඉටුවන කාර්යයන්ම ඉටු කළ හැකි අවස්ථාවක, මෙවැනි නව පනතක් ගෙන ඒම අතිශය අනවශ්‍ය සහ ප්‍රශ්නකාරී ක්‍රියාමාර්ගයක් ලෙස පෙනී යනවා."

සම්බන්ධිත පුවත් | Related News

වත්මන් රජය අමු අමුවේ හමුදාව පාවා දෙමින් ඉතාම පහත් දේශද්‍රෝහී ක්‍රියාවක් සිදු කර ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතා පවසයි.
හිඟුරක්ගොඩ විවිධ සේවා සමුපකාර සමිතියට අයත් ඉන්ධන පිරවුම්හලකදී, ඉන්ධන බවුසරයකින් ඉන්ධන බාමින් සිටියදී ඩීසල් භූගත ටැංකියට පෙට්‍රල් ලීටර් 2,000කට ආසන්න ප්‍රමාණයක් මුසු වීමේ සිද්ධියක් හේතුවෙන් ඉන්ධන නිකුත් කිරීම ඇණහිට ඇති බව වාර්තා වේ.
හඳුනා නොගත් පියාසර වස්තූන් (UFO) සම්බන්ධයෙන් දශක හතකට අධික කාලයක් සිදුකළ විමර්ශනවලට අදාළ රහස් ලිපිගොනු 40ක් සහ මීට පෙර ප්‍රසිද්ධ නොකළ හමුදා වීඩියෝ දර්ශන තුනක් අමෙරිකාව විසින් ප්‍රසිද්ධ කර ඇත.
ශ්‍රී ලංකාවේ අතීත උරුමයන් සහ නිදහස් සටනේ විරුවන් නොසලකා හරින ආකල්පමය පරිහානියක් වර්තමානයේ දක්නට ලැබෙන බවත්, එසේ අතීත උරුමයන් නොසලකා හරින්නේ නම් රටක් හා ජාතියක් ලෙස පැවතිය නොහැකි බවත් ශ්‍රී ලංකාවේ ස්‍යාමෝපාලී මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමියෝ පවසති.
මාතලේ අලුවිහාරය ආශ්‍රිතව මුස්ලිම් පල්ලියක ඉදිකිරීම් සම්බන්ධයෙන් පළ වූ පුවතක් පිළිබඳව නීතිමය තත්ත්වය සොයා බැලීමට සහ අවශ්‍ය නීතිමය පියවර ගැනීමට සූදානම් බව පූජ්‍ය ගලගම කුසලධම්ම හිමියෝ පවසති.
ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ 60 වන සංවත්සර උත්සවය අද පෙරවරුවේ කැළණිය - නාගානන්ද අන්තර්ජාතික විශ්වවිද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.
මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති යුදමය වාතාවරණය හමුවේ හෝමූස් සමුද්‍ර සන්ධියේ පාලනය ඉරානය සහ ඕමානය එක්ව පිහිටුවා ගන්නා ඒකාබද්ධ යාන්ත්‍රණයකට නතුවීම නොවැළැක්විය හැකි බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.
යාපනය ප්‍රධාන වීදියේ (Main Street) වසර නවයක පමණ කාලයක් තිස්සේ පවත්වාගෙන ගිය 'මාතර ඇඹුල හෝටලය' නම් ආපනශාලාවේ ඉදිරිපස කොටස යාපනය මහ නගර සභාව මගින් කඩා බිඳ දැමීමත් සමඟ, එම නගරයේ නීති ක්‍රියාත්මක කිරීමේ සමානාත්මතාවය සහ සංහිඳියාව පිළිබඳව ප්‍රදේශවාසීන් අතර දැඩි කතාබහක් මතු වී තිබේ.
එළඹෙන නොවැම්බර් 30 වැනිදා දිවයින පුරා රාජ්‍ය සේවයේ ක්ෂේත්‍ර කිහිපයක් ඒකාබද්ධව දීපව්‍යාප්ත වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කර තිබේ.

ප්‍රධාන පුවත්

මේක තමයි මේ රටේ ලොකුම හමුදා පාවාදීම.. UN ප්‍රශ්න 27 ට රජය නිහඬයි.. - සරත් වීරසේකර

වත්මන් රජය අමු අමුවේ හමුදාව පාවා දෙමින් ඉතාම පහත් දේශද්‍රෝහී ක්‍රියාවක් සිදු කර ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතා පවසයි.

හිඟුරක්ගොඩ සමුපකාර ඉන්ධනහලේ ඩීසල් ටැංකියට පෙට්‍රල් බාලා..: මාලිමා මන්ත්‍රීගේ කළමනාකාරීත්වය නිසා සිදුවූ ලොකු පාඩුවක් ගැන හෙළිදරව්වක්..

හිඟුරක්ගොඩ විවිධ සේවා සමුපකාර සමිතියට අයත් ඉන්ධන පිරවුම්හලකදී, ඉන්ධන බවුසරයකින් ඉන්ධන බාමින් සිටියදී ඩීසල් භූගත ටැංකියට පෙට්‍රල් ලීටර් 2,000කට ආසන්න ප්‍රමාණයක් මුසු වීමේ සිද්ධියක් හේතුවෙන් ඉන්ධන නිකුත් කිරීම ඇණහිට ඇති බව වාර්තා වේ.

හඳුනා නොගත් පියාඹන වස්තූන්වල රහස් ලිපිගොනු 40ක් අමෙරිකාව ප්‍රසිද්ධ කරයි.. - UFO අබිරහස් වීඩියෝ දර්ශන තුනකුත් එළියට..

හඳුනා නොගත් පියාසර වස්තූන් (UFO) සම්බන්ධයෙන් දශක හතකට අධික කාලයක් සිදුකළ විමර්ශනවලට අදාළ රහස් ලිපිගොනු 40ක් සහ මීට පෙර ප්‍රසිද්ධ නොකළ හමුදා වීඩියෝ දර්ශන තුනක් අමෙරිකාව විසින් ප්‍රසිද්ධ කර ඇත.

අතීත උරුමයන් හා ජාතික විරුවන් නොසලකා හැරීමෙන් ජාතියක් ලෙස පැවතිය නොහැකියි.. - අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමි

ශ්‍රී ලංකාවේ අතීත උරුමයන් සහ නිදහස් සටනේ විරුවන් නොසලකා හරින ආකල්පමය පරිහානියක් වර්තමානයේ දක්නට ලැබෙන බවත්, එසේ අතීත උරුමයන් නොසලකා හරින්නේ නම් රටක් හා ජාතියක් ලෙස පැවතිය නොහැකි බවත් ශ්‍රී ලංකාවේ ස්‍යාමෝපාලී මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමියෝ පවසති.

මාතලේ ඓතිහාසික පුදබිම රැකගැනිම වෙනුවෙන් පූජ්‍ය ගලගම කුසලධම්ම හිමි නඩු මගට..

මාතලේ අලුවිහාරය ආශ්‍රිතව මුස්ලිම් පල්ලියක ඉදිකිරීම් සම්බන්ධයෙන් පළ වූ පුවතක් පිළිබඳව නීතිමය තත්ත්වය සොයා බැලීමට සහ අවශ්‍ය නීතිමය පියවර ගැනීමට සූදානම් බව පූජ්‍ය ගලගම කුසලධම්ම හිමියෝ පවසති.

ත්‍රෛනිකායික මහා සංඝරත්නය ඇතුළු 5,000කගේ සහභාගීත්වයෙන් ජගත් බොදු සමුළුව අද ඇරඹේ..

ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ 60 වන සංවත්සර උත්සවය අද පෙරවරුවේ කැළණිය - නාගානන්ද අන්තර්ජාතික විශ්වවිද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.

ඉරාන හෝමූස් තරණය සාර්ථක වෙයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති යුදමය වාතාවරණය හමුවේ හෝමූස් සමුද්‍ර සන්ධියේ පාලනය ඉරානය සහ ඕමානය එක්ව පිහිටුවා ගන්නා ඒකාබද්ධ යාන්ත්‍රණයකට නතුවීම නොවැළැක්විය හැකි බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

යාපනයේ 'මාතර ඇඹුල' කඩයේ කොටසක් කඩා දමයි..

යාපනය ප්‍රධාන වීදියේ (Main Street) වසර නවයක පමණ කාලයක් තිස්සේ පවත්වාගෙන ගිය 'මාතර ඇඹුල හෝටලය' නම් ආපනශාලාවේ ඉදිරිපස කොටස යාපනය මහ නගර සභාව මගින් කඩා බිඳ දැමීමත් සමඟ, එම නගරයේ නීති ක්‍රියාත්මක කිරීමේ සමානාත්මතාවය සහ සංහිඳියාව පිළිබඳව ප්‍රදේශවාසීන් අතර දැඩි කතාබහක් මතු වී තිබේ.

නොවැම්බර් 30 වැනිදා දීපව්‍යාප්ත වැඩ වර්ජනයට වෘත්තීය සමිති රැසක් එක්වෙයි.. වර්ජනයට සහාය දෙන බව බව GMOA කියයි..

එළඹෙන නොවැම්බර් 30 වැනිදා දිවයින පුරා රාජ්‍ය සේවයේ ක්ෂේත්‍ර කිහිපයක් ඒකාබද්ධව දීපව්‍යාප්ත වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කර තිබේ.

ඇමරිකානු මැතිවරණ සහ මාධ්‍ය වාර්තාකරණය පාලනය කිරීමට USAID මැදිහත් වූ බවට චෝදනා.. - රහස්‍ය ලේඛන මඟින් තොරතුරු රැසක් හෙළිවේ..

ඇමරිකානු පුරවැසියන්ගේ අදහස් වාරණය කිරීමට සහ 2024 ජනාධිපතිවරණය ඇතුළු මැතිවරණ ක්‍රියාවලීන්ට බලපෑම් කිරීමට ඇමරිකානු ජාත්‍යන්තර සංවර්ධන නියෝජිතායතනය (USAID) කටයුතු කර ඇති බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පාලනාධිකාරිය විසින් ප්‍රසිද්ධියට පත් කරන ලද නවතම ලේඛන මඟින් අනාවරණය වී තිබේ.

ලාල් කාන්ත පල් මෝඩයෙක් සේ අධිරාජ්‍යවාදීන්ගේ දීර්ඝ කාලීන වුවමනාවක් ඉටුකරනවාද?.. ගාස්තුවකට සේවය කරනවා ද? - ජාතික සංවිධාන ප්‍රශ්න කරයි

කෘෂිකර්ම අමාත්‍ය ලාල් කාන්ත මහතා විසින් වී ගොවිතැන අධෛර්යමත් කිරීම සඳහා ගොවීන්ට බලපෑම් කරමින් සිදුකරන ප්‍රකාශ පිළිබඳව ලංකා ලීඩර් විසින් ජාතික සංවිධාන වලින් මතය විමසන ලදී.

චීන – රුසියානු – ඇමරිකා සාකච්ඡා මැද ට්‍රම්ප් පරාජය පිළිගත්තාද?.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ජී. වීරසිංහගෙන් අනාවරණයක්..

1990 දශකයේ සෝවියට් සංගමය බිඳ වැටීමෙන් පසු ගොඩනැඟුණු ඇමරිකානු නායකත්වයෙන් යුත් ඒකධ්‍රැව ලෝක රටාව නිල වශයෙන් අවසන් වීමේ සන්ධිස්ථානයක් ලෙස චීනයේ ෂෙන්ෂෙන් නගරයේ පැවති 33 වැනි APEC සමුළුවට සමගාමීව සිදු වූ ඇමරිකානු, චීන සහ රුසියානු නායකයන්ගේ හමුව හැඳින්විය හැකි බව ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජී. වීරසිංහ මහතා පවසයි.

යුද සමයේ ප්‍රහාර ගැන රජය ප්‍රසිද්ධියේ සමාව ගත යුතු යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාල වාර්තාවකින් නිර්දේශ..

මෙරට යුද සමයේදී සහ ඉන් අනතුරුව මානුෂීය සහ වෛද්‍ය සේවකයින්, පහසුකම් සහ මෙහෙයුම් වෙත එල්ල වූ ප්‍රහාර සම්බන්ධයෙන් රාජ්‍ය ආරක්ෂක අංශවල මැදිහත්වීම පිළිගෙන, රජය විසින් ප්‍රසිද්ධියේ සමාව අයැදිය යුතු බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය නිකුත් කළ නවතම වාර්තාවක් හරහා නිර්දේශ කර තිබේ.

රුසියාවේ නීතිපතිවරයා සහ ශ්‍රී ලංකාවේ නීතිපතිවරයා අතර හමුවක්

රුසියානු අධීක්ෂණ ආයතනයේ ප්‍රධානියාගේ කොළඹ සංචාරයේ වැඩසටහන ආරම්භ කරමින් රුසියානු නීතිපති ඇලෙක්සැන්ඩර් ගුට්සාන් මහතා ශ්‍රී ලංකාවේ නීතිපති පාරින්ද රණසිංහ මහතා හමුවිය.

සිවාජලිංගම්ට අවසන් ගෞරවය දක්වන්න ඇවිත් මහවිරු දිනයේ කතාවකුත් කරලා.. - සිවාජලිංගම්ගේ අවමංගල්‍යයට පැමිණි ඉන්දීය මන්ත්‍රීවරයාගේ සංචාරය ගැන ආචාර්ය සුරේන් රාගවන්ගෙන් දැඩි විවේචන

මෑතකදී අභාවප්‍රාප්ත වූ සිවාජලිංගම්ගේ අවසන් කටයුතුවලට අවසන් ගෞරව දැක්වීම සඳහා මෙරටට පැමිණි බව සඳහන් ඉන්දීය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ (තිරුවාමාවලන්) හැසිරීම සහ එම සංචාරය හමුවේ රජය දක්වන ප්‍රතිචාර සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය සුරේන් රාගවන් මහතා දැඩි විවේචන එල්ල කරයි.

ඉන්දියාව අනුරාධපුර ව්‍යාපෘතිය පිළිබඳ සවිස්තරාත්මක යෝජනාවක් අපේක්ෂාවෙන් අරමුදල් තීරණය කිරීමට නියමිතයි..

අනුරාධපුර පූජා නගර සංවර්ධන ව්‍යාපෘතිය සඳහා ඉන්දීය මූල්‍ය ආධාර මෙතෙක් අවසන් වශයෙන් තීරණය කර නොමැති බව කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ප්‍රකාශකයෙක් පවසයි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.