ගම්මන්පිල, විමල්, දිලිත් ඇතුළු හය දෙනෙක් අධිකරණයට අපහාස කිරීමේ ප්‍රකාශ ගැන අභියාචනාධිකරණයට දැනුම් දීමට තීරණ කළා.. - කොටුව මහේස්ත්‍රාත්
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන උදය ගම්මන්පිල, විමල් වීරවංශ, සහ අසංක නවරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර, සුගීෂ්වර බණ්ඩාර, මහින්ද පතිරණ යන පිරිස විසින් අධිකරණයට අපහාස වන අයුරින් මාධ්‍ය වෙත කරන ලද ප්‍රකාශ සම්බන්ධයෙන් අභියාචනාධිකරණයට දැනුම් දීමට තීරණය කරන බව කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා දැනුම් දෙන ලදී.
මෙම හය දෙනා, හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ සම්බන්ධයෙන් සිදු කරනු ලබන පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර විමර්ශනයට බාධා වන අයුරින් විද්‍යුත් මාධ්‍ය සහ සමාජ මාධ්‍ය හරහා අධිකරණයට අපහාස වන අයුරින් කරන ලද ප්‍රකාශ සම්බන්ධයෙන් එම දැනුම් දීම සිදුකරනු ලබන බවයි මෙහිදී මහේස්ත්‍රාත්වරයා විවෘත අධිකරණයේදී ඊයේ (05) දැනුම් දුන්නේ.
මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරන ලද කරුණු ඉදිරිපත් කිරීමකට අදාලව මහේස්ත්‍රාත්වරයා මෙලෙස දැනුම් දෙන ලදී.
ඉහත නම් සඳහන් හය දෙනා, විද්‍යුත් මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ඔස්සේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කරනු ලබන විවිධ ප්‍රකාශ ප්‍රචාරණය වී ඇති බවත්, එය මෙම විමර්ශනයට බාධාවක් බවත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී තිබිණි.
මෙම ප්‍රකාශ අධිකරණයට අපහාසයක් බවත් එලෙස අධිකරණයට අපහාස වන අයුරින් ප්‍රකාශ ඉදිරිපත් කර තිබෙන්නේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ, උදය ගම්මන්පිල, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර, සුගීෂ්වර බණ්ඩාර, අසංක නවරත්න සහ මහින්ද පතිරණ යන අය විසින් බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී තිබිණි.
2024 අංක 8 දරණ පනතේ අංක 3(1) අ යටතේ තිබෙන 1,2,3 වගන්ති අනුව මෙලෙස ප්‍රකාශ නිකුත් කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් බවත්, මෙම පුද්ගලයන් හය දෙනා විසින් විද්‍යුත් මාධ්‍ය හා සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය කරුණු ප්‍රචාරණය කර ඇති බවත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී තිබේ.
එමෙන්ම, ඉකුත් 2026 ජුනි මස 07 වැනිදා සිට මෙම විමර්ශනය සම්බන්ධයෙන් ප්‍රචාරය කරන ලද අදාල ප්‍රකාශවල සංස්කරණය නොකරන ලද දර්ශන මාධ්‍ය ආයතන මඟින් ලබා ගැනීමට ද අධිකරණයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර දී ඇත.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..