News Category
From Date
To Date
Maximum Number of Result

ඇමරිකානු යෝජනාව ජාත්‍යන්තර යුධ අපරාධ විමර්ශණ යාන්ත‍්‍රණයක්ම තමයි.

Aug 5, 2026 at 06:12 PM
|

මානව හිමිකම් කවුන්සිලයේ ඇමරිකානු තානාපති ලෙස පත්කොට ඇති ඩොනෙහියු නැමැති කාන්තාව පසුගිය දා මාධ්‍යයට ඉතා උද්දච්ච ප‍්‍රකාශයක් කලාය. ඇගේ ප‍්‍රකාශයේ සැබෑ සිංහල තේරුම අනුව ඇය කියන්නේ ශ‍්‍රී ලංකාව යෝජනාව ගෙන එ්මට පෙර හිස නමා පිලිගන්නේ නැති නම් යෝජනාව ගෙනාවාට පසුව දණ ගහන්න වෙන බවයි. ඇමරිකානු ජනතාවගේ පරමාධිපත්‍යය නියෝජනය කරන දේශපාලඥයෙකු එසේ කීවා නම් අපට හිත හදාගත හැක. මේ සුළු නිලධාරිනියගේ උඩගු ප‍්‍රකාශය පිලිබඳව ශ‍්‍රී ලංකාව විරෝධය පල නොකිරීම බලවත් වරදකි. එය ඉතා පැහැදිලිවම බලහත්කාරය යෙදවීමක් මිස අන් යමක් නොවේ. ඊට  පෙර බේලේක්-ඔටේරෝ දෙපළද ලංකාවට පැමිණ මුට්ටියක් දමා බැලූවේ ශ‍්‍රී ලංකාව යටත් වන මානසිකත්වයක සිටිනවාද කියාය. තම සුළු නිලධාරීන් ලවා තර්ජනය කරවීමට ඔවුන් පෙළඹෙන්නේ දැන් ඔවුන්ට නිරුවත්ව නැටීම හැර අන් විකල්පයක් නැති නිසාය.


ඔවුන්ගේ යෝජනාව ඉතා ගැඹුරින් විශ්ලේෂණය කිරීමේදී පෙනී යන්නේ ඔවුන් තම මූලික ස්ථාවරය වෙනස් කොට එක් වරම මරාගෙන මැරෙන ස්ථාවරයකට ගොස් සිටින බවයි. ජාත්‍යන්තර දේශපාලන විෂ්ලේෂකයින් මුල්වටයේදී උපකල්පනය කලේ ඇමරිකාව පියවර දෙකකින් තම යටත් කිරීමේ ක‍්‍රියාන්විතය දියත්කරනු ඇති බවයි. එනම් පලමුව ශ‍්‍රී ලංකාව ලවාම ඊනියා විමර්ෂණයක් කරවන අතරම උගත් පාඩම් කොමිසමේ නාමයෙන් බලය බෙදීමේ යෝජනා ඉදිරිපත් කරවීමයි. එහිදී ශ‍්‍රී ලංකා ආන්ඩුව යටත් නොවන්නේ නම් දෙවනුව ජාත්‍යන්තර යුධ අපරාධ විමර්ශණයක් අවශ්‍ය බවට යෝජනාවක් ගෙන එ්ම ඔවුන්ගේ බලාපොරොත්තුව විය. නමුත් දැන් ආන්ඩුව දැඩි ප‍්‍රතිපත්තිමය ස්ථාවරයක සිටින බව පෙන්වා ඇති බැවින් පලමු යෝජනාව තුලටම ජාත්‍යන්තර විමර්ෂණ ක‍්‍රියාවලියකට අවශ්‍ය යෝජනාවද ඉතා සුක්‍ෂමව ඇතුල් කොට ඇත. 


මේ වන විට සංශෝධනය කොට ඇති ඇමරිකානු යෝජනාවට සුවිශේෂී වගන්තියක් එක්කොට ඇත. ට්‍රෝජන් අශ්වයා ඇත්තේ එනැනය. තුන්වැනි වගන්තිය ලෙස ඉදිරිපත්කොට ඇති යෝජනාවෙන් කියවෙන්නේ ශ‍්‍රී ලංකාව විසින් උගත් පාඩම් කොමිසමේ නිර්දේශ සහ යුධ අපරාධ විමර්ශණ ක‍්‍රියාවලියට අදාලව ක‍්‍රියාත්මක කලයුතු බව කියන යාන්ත‍්‍රණය විමර්ෂණය සහ අධීක්‍ෂණය කිරීම සඳහා මානව හිමිකම් කොමිසමට බලය ලැබෙන බවයි. එහි තවත් සුවිශේෂී යාන්ත‍්‍රණයක් පිලිබඳව වගන්තියක් ඇත. ඉන් කියවෙන්නේ එසේ අධීක්‍ෂණය කිරීමේ බලය විශේෂ ක‍්‍රමවේද අධිකාරී බලයලත් පුද්ගලයින්ටද ලැබෙන බවයි. බළලා සැගව ඇත්තේ එතැනය. තවම ඌ මල්ලෙන් එලියට පැන්නේ නැත. එයට හේතුව මෙම වගන්තිය එක්තරා ආකාරයකට සාමාන්‍ය හෝ අහිංසක වගන්තියක් ලෙස පෙනෙන ලෙස ඉතා සූක්‍ෂම ඇතුල් කොට තිබීමයි.


විගේෂ ක‍්‍රමවේද අධිකාරී බලයලත් තැනත්තන් ඉටුකරන සුවිශේෂී ක‍්‍රියාපට්පාටියක් මානව හිමිකම් කවුන්සිලයේ පරිපාලන යාන්ත‍්‍රනය තුල ඇත. මේ පුද්ගලයන් ආකාර දෙකකට පත් කෙරේ. එක් ආකාරයක් වන්නේ මානව හිම්කම් කඩවීම් වලට අදාල සුවිශේෂී තේමාවන් නියෝජනය කරමින් සමාජික රටවල ඊට අදාල කටයුතු සොයා බැලීමයි. දෙවන ආකාරය වන්නේ යම් රටකට විශේෂි වන ආකාරයට කරනු ලබන පත් කිරීමයි. ශ‍්‍රී ලංකාවට එරෙහි මානව හිමිකම් හෙහෙයුම සඳහා පත්කෙරෙන්නේ එ් දෙවැනි ආකාරයේ බලයලත් තැනැත්තන්ය. එ් තැනැත්තන්ද ආකාර දෙකකට පත්කෙරේ. එහිදී අවශ්‍ය නම් විද්වත් පුද්ගලයකු තනි ස්වාධීන නියෝජිතයෙතු ලෙස කල හැක. එසේ නැතහොත් ලෝකයේ කලාප 5 නියෝජනය වන ලෙස පුද්ගලයින් පස් දෙනෙකුලෙන් සමන්විත කමිටුවක් පත්කල හැක. බොහෝවිට ශ‍්‍රී ලංකාවට එරෙහිව අත පෙවීම සඳහා එවැනි පස් දෙනෙකුගේ කමිටුවක් පත් කිරීමට ඉඩ ඇත.


දැනට ඉදිරිපත් වී ඇති ඇමරිකානු යෝජනාව සම්මත වුවහොත් එ් මගින් ඉහත සඳහන් කල විශේෂ ක‍්‍රමවේද බලයලත් පුද්ගලයන් පත්කිරීමේ බලය මානව හිමිකම් කවුන්සිලයට ලැබේ. එහිදී වෙනත් යෝජනාවක් මගින් එම පුද්ගලයන්ට ක‍්‍රියත්මක විම සඳහා බල පරාසය සහ අධිකාරී බලයේ සොභාවය නිර්දේශ කෙරෙනු ඇත. මීට පෙර සුඩානයේ මානව හිමිකම් කඩවීඹ පිලිබදව සොයාබැලීම සඳහා එවැනි විශේෂ ක‍්‍රමවේද බලයලත් තැනැත්තු පත් කොට ඇත. එම රටේ ජනාධිපති අල් බෂීර් මහතාට විරුද්ධව යුධ අපරාධ චෝදනා එල්ල කිරීමට අවශ්‍ය වාර්තා ලබාගන්නේ එම බලධාරියා මගිනි.


මෙවැනි බලධාරියකු රටකට ඇතුල්වීම සඳහා අවසර ඉල්ලූ විට වීසා ලබාදීමට රටවල් බැදී සිටිති. බොහෝ අවස්ථාවල එ් සඳහා ඔවුන්ට දීර්ඝ කාලීන වීසා ඉල්ලා සිටිය හැක. අදාල රටේ රාජ්‍යයෙන් හෝ යම් විමර්ෂණ කටයුත්තකට පත්කොට ඇති විශේෂ කොමිසමකින් කරුණු විමසීමේ බලය ඔවුන්ට ලැබේ. එසේම සුවිශේෂී තනි පැමිනිල්ලක් පිලිබදව වුවත් කරුණු විමර්ෂණය කිරීමට ඔවුන්ට බලය ඇත. එ් පමණක් නොව ලංකාවට අදාලව බන්කිමුන් විසින් පත්කල විද්වත් කමිටුවේ සඳහන් පැමිණිලි වලින් තෝරාගත් පැමිණිලි ප‍්‍රමාණයක් හෝ සියල්ල සඳහා විමර්ෂණ කිරීමටද එම බලයලත් තැනැත්තාට බලය ලැබේ. එ්වා වැලැක්වීමට හෝ ඊට බාධා පැමිණවීමට අදාල රටේ රජයට බලයක් නැත. මෙසේ පත්කෙරෙන පුද්ගලයන්ට මානව හිමිකම් කවුන්සිලයෙන් වැටුප් ගෙවන්නේ නැත. එසේම ඔවුන් ස්වාධීන පුද්ගලයින් ලෙස හැදින්වේ. එ් අනුව දෙමළ ඩයස්පෝරාවෙන් වැටුප් ලබාගන්නා එන්.ජී. ඕ. කුලීකරුවකු මේ බලයලත් තැනැත්තා ලෙස පත්වීම් ලැබීමට බොහෝ ඉඩ ඇත. එ් අනුව ඉතා පැහැදිලිවම 23 දා සම්මත වීමට නියමිත යෝජනාව ජාත්‍යන්තර යුධ අපරාධ විමර්ෂණ ක‍්‍රියාවලියක් ආරම්භ කිරීම සඳහා බලය ලැබෙන ඉතා භයානක යෝජනාවකි.


නමුත් එහි භයානක කම මේ වනතුරු සමාජගත වී නැත. එයට ප‍්‍රධාන හේතුවක් වන්නේ ශ‍්‍රී ලංකික නියෝජිත කණ්ඩායම එ් දුෂ්ඨ රාජතාන්ත‍්‍රික උගුල පිලිබඳව සංවාදයක් හෝ විරොධයක් ආරම්භ නොකිරීමයි. එයට හේතුව පැහැදිලි නැත. කෙසේ වෙතත් ආන්ඩුවේ නියෝජිතයින් පරස්පර විරොධී ද්වත්ව උපායමාර්ගයක් භාවිතාකල බවද පෙනෙන්නට ඇත. ජී.එල්. පීරීස් ඇමතිවරයා දීර්ඝකාලීන දේශපාලන ප‍්‍රතිපත්තිමය ස්ථාවරයක් මත පිහිටා ‘‘රටේ අභ්‍යන්තර ප‍්‍රශ්නයකට අදාලව බාහිර පාර්ශවයකින් ඉදිරිපත් වන යොජනා පිලිබඳව කථා කල නොහැක’’ යන තර්කය ඉදිරිපත් කලේය. එය ඉතා තර්කානුකූල වන අතර ඉදිරියේදී ඇතිවන බලපෑම් කිරීම් ක‍්‍රියාවලියට ප‍්‍රතිචාර දැක්වීම සඳහා ද එම ස්ථාවරයම භාවිතා කල හැක. නමුත් මහින්ද සමරසිංහ අමාත්‍යවරයා තාක්‍ෂණික ප‍්‍රවේශයක් ගනිමින් පුද්ගලික සම්බන්ධතා ගොඩනගමින් යෝජනාවේ සැර බාල කිරීමේ ප‍්‍රවේශයක් ගත් බව පෙනේ. දැන් අවසාන යෝජනාව දෙස බලන විට ජී.එල්. පීරිස් අමාත්‍යවරයාගේ ස්ථාවරය මත පිහිටා ඉදිරි පියවර ගතයුතු බව පෙනේ. එ් අනුව යෝජනාව සම්මත වීමට පෙරත් එය ප‍්‍රතික්ෂේප කලයුතු අතර සම්මත වුවාට පසුවත් එය ප‍්‍රතික්ෂේප කල යුතුය. එසේම මේ යෝජනාව ආන්ඩුවට එරෙහි යෝජනාවක් ලෙස නොව මහජනයාට එරෙහි යෝජනාවක් ලෙස සලකා මහජන මතය අනුව කටයුතු කිරීමේ ප‍්‍රවේශයක් ගැනීමද බුද්ධි ගෝචර වනු ඇත.



වසන්ත බණ්ඩාර 


සම්බන්ධිත පුවත් | Related News

ඉන්දියාවේ ස්වදේශ කටයුතු අමාතයාංශය නිකුත් කල නවතම වාර්තාවකට අනුව කොටි සංවිධානය ඉන්දියාවේ තමිල්නාඩු ප‍්‍රාන්තය ඇතුළු දකුණු ඉන්දියානු ප‍්‍රදේශ මුල්කරගෙන නැවත වටයකින් සංවිධානය වෙමින් ඇත. ඒ නිසා ඉන්දියානු රජය එම සංවිධානයට
මාර්තු මස ජිනීවාහිදි පැවැත්වෙන 22 වැනි මානව හිමිකම් සමුළුවේදී ඉන්දියාව ශ‍්‍රී ලංකාවට එරෙහිව ඡුන්දය ප‍්‍රකාශ කරන බව මේ වන විට නිවේදනය කොට ඇත. නමුත් එවැනි තීන්දුවකට පසුව ශ‍්‍රී ලංකාවේ මහජනතාව අතර ප‍්‍රබල ඉනන්දියානු විරෝධ
’’ අධිරාජ්‍යවදී කුලී හමුදාවක් සහමුලින්ම විනාශ කොට රටක් නිදහස් කර ගැනීම පිළිබඳ ශ‍්‍රී ලාංකික ජාතිය ලෝකයේ ප‍්‍රමුඛතම ජාතියක් ලෙස ඉතිහාස ගත වනු ඇත. එසේම එවැනි වු මහා ජයග‍්‍රහණයකට පිටුපස හැරවු ජාතියක් ලෙසද අප ඉතිහාසගත වනු ඇත. ’’
මාර්තු 27 වැනිදා ජිනීවා සමුළුවේදී සාකච්ඡුාවට සහ ඡුන්ද විමසීමට ලක්වන ඇමෙරිකානු යෝජනාවේ කෙටුම්පත මේ වන විට මාධ්‍යයට නිකුත් වී ඇත. ඊට ප‍්‍රතිචාර දක්වන දෙමළ ඩයස්පෝරාව කියා සිටින්නේ ඇමෙරිකාව විසින් දෙමළ ජනතාවගේ අපේක්‍ෂා නොසලකා හැර ඇති බවයි. ඊට අමතරව සමහර රජයේ පාර්ශවද එම යෝජනාව ඔවුන් බලාපොරොත්තු වූ තරම් බරපතල නැතැයි මත පළකරමින් ඇත. නමුත් ජිනීවාහිදී රජය කටයුතු කළයුතු ආකාරය පිළිබඳව පසුගිය දිනවල රජයට උපදෙස් දුන් බෙදුම්වාදී න්‍යායචාර්්‍යවරුන් ඒ පිළිබඳව අනාවැකි පළකරන්නේ නැත. ඒ වෙනුවට ඔවුන් ජිනීවාහිදී ශ‍්‍රී ලංකා රජය නියෝජනය කරමින් තම මතය ඉදිරිපත් කළ ජී.එල්. පීරිස් අමාත්‍යතුමාට ඉතා තදින් දෝෂාරෝපනය කරති.
පසුගිය දා බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවැත්වූ හේතුවක් සොයාගත නොහැකි වකුගඩු රෝගයට අදාල විද්‍යාත්මක පත‍්‍රිකාවක් ඉදිරිපත් කිරීමේ අවස්ථාව බැලූ බැල්මට හේතු කිහිපයක් නිසා සුවිශේෂී විය. පළමුවැන්න එය විද්‍යාත්මක පත‍්‍රිකාවක් ඉදිරිපත්
පසුගිය 16 වැනිදාට යෙදුනු ලෝක ආහාර දිනය සමරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය ආහාර සුරක්‍ෂිතතා සතියක් ප‍්‍රකාශයට පත්කොට ඇත. ඔවුන් එහිදී ආහාර සුරක්‍ෂිතාව :ත්‍දදා ීැජමරසඑහ* පිළිබඳව කථාකලත් ඔවුන්ගේ අවධානයට ලක්වන්නේ ආහාර වල සෞඛ්‍ය ආරක්‍ෂාව :ත්‍දදා ී්එැඑහ* පමණී. ඇත්තවශයෙන්ම ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය ආහාර පිළිබඳව කුමක් කථාකලත් ඔවුන්ගේ ක‍්‍රියාකාරීත්වය විමසා බැලීමේදී පැහැදිලිව පෙනී යන දෙයක් ඇත. ඒ ඔවුනට ආහාර ආරක්‍ෂාව, ආහාර සුරක්‍ෂිතතාව සහ පෝෂණය අතර පවතින සමාජ-ආර්ථික, දේශපාලන හෝ සංස්කෘතික සහ පාරසරික සහ-සම්බන්ධතාවයන් පිළිබඳව ගැඹුරු අවබෝධයක් නොමැති බවය.
ඇමෙරිකාවේ දැන උගත් ජනතාව අන්දුන් කුන්දුන් කරමින් 2012 මාර්තු 16 වැනිදා ඉතා වැදගත් ලේඛනයකට ඒ රටේ ජනාධිපති බරක් ඔබාමා විසින් අත්සන් තැබිනි. එම ලේඛනය හැදින්වෙන්නේ ‘‘ විධායක නියෝගය ’’ යන තාක්‍ෂණික නාමයෙනි. ඒ මගින් ඔහුගේ බලයලත් ලේකම්වරුන්ට සමස්ථ රටම යුද වාතාවරණයක තැබීම සඳහා අවශ්‍ය සියළු බලතල ලබා දී ඇත. ඒ අනුව අනාගතයේදී ඕනෑම දවසක ඇමෙරිකාවේ රාජ්‍ය සහ පුද්ගලික සමාගම් සතු දේපල සහ මහජනයා සතු දේපල මෙන්ම රටේ පොදු සම්පත් යුද්ධය
පසුගිය සමයේ මහත් ආන්දෝලනයක් ඇතිකල ආසනික් විරෝධී සටන ශ‍්‍රී ලංකාවේ මිනිස් ජීවිත වලට සහ පරිසරයට ආදරය කරන මිනිස්සුන්ට පරාජය අත්පත් කර දෙමින් අවසන් වී ඇත. එ් අනුව සමාගම් හිතවාදී සහ එ් නිසාම ආසනික් හිතවාදී වු න්ලධාරී ත‍්‍රන්තය
පහත පළකෙරෙන අතිගරු ජනාධිපතිතුමාට යොමුකෙරෙන ලිපියෙන් ඉල්ලා සිටින පරිදී රජරට වකුගඩු රෝගය පාලනය කිරීමට අදාල මූලික පියවරක් ලෙස කෘෂි රසායන භාවිතය පාලනය කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් එම අමාත්‍යාංශයේ

ප්‍රධාන පුවත්

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..

කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1974 සහ 1976 වසරවලදී ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ (OHCHR) විශේෂඥයන් සිව්දෙනෙකු විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යොමු කරන ලද පිටු 8කින් යුත් විශේෂ ලිපියක් පිළිබඳව ප්‍රවීණ මාධ්‍යවේදී ධර්ම ශ්‍රී කාරියවසම් මහතා සිය "කාරිගේ චැනල් එක" යූටියුබ් නාලිකාව ඔස්සේ විශේෂ අනාවරණයක් සිදු කර සිටී.

ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්

ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ ආරක්ෂක හා යුද සහයෝගීතාවන් ගොඩනගා ගැනීමට උත්සාහ කිරීම තුළින් රට බරපතල භූ-දේශපාලනික අර්බුදයකට මෙන්ම වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමකට තල්ලු වන බවට ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පෙන්වා දෙයි.

උතුරු-නැගෙනහිර බෙදුම්වාදී ක්‍රියා වහා පාලනය කිරීමට මැදිහත්වන්න.. - ජාතික නිදහස් පෙරමුණෙන් ජනපති අනුරට ලිපියක්

උතුර සහ නැගෙනහිර පළාත් තුළ ජාතිවාදී හා බෙදුම්වාදී ක්‍රියාකාරකම් වර්ධනය වෙමින් පවතින බවත්, ඒවා වැළැක්වීමට ආණ්ඩුව වහා පියවර ගත යුතු බවත් පවසමින් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමු කර තිබේ.

වහබ්වාදී ආගමික අන්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා වූ ගෝඨාභය රාජපක්ෂ යෝජනාවලිය යනු කුමක් ද?

ජාතික සංවිධාන විසින් මතුකරන ආගමික අන්තවාදය අවසන් කිරීම සඳහා වූ යෝජනා මොනවාදැයි ලංකා ලීඩර් පාඨකයෝ විමසති. ඒ නිසා ඒ පිළිබඳව වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගෙන් නැවත විමසීමට සිදුවිය. මේ ඔහුගේ කතාව,

''භික්ෂුවගේ සිවුර ඉවත් කිරීම සංඝ සභාවේ තීරණයක් විය යුතුයි'' - කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාර කොමසාරිස්ට ලිපියක්

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට සිවුර දැරීමට ඇති අයිතිය සම්බන්ධයෙන් කෝට්ටේ සංඝ සභාව විසින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත ලිපියක් යොමුකරමින් ඉල්ලීමක් සිදුකර තිබේ.

සරම්ප වසංගතය දරුණු වෙයි: නිව්යෝර්ක් හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශ කරයි! ඇමරිකාවේ සරම්ප රෝගීන් 3,887ක් – පෙන්සිල්වේනියා මරණ වාර්තා සම්බන්ධයෙන් සෞඛ්‍ය ලේකම් රොබට් එෆ්. කෙනඩි ජූනියර් ප්‍රශ්න කරයි

සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින සරම්ප වසංගතය හේතුවෙන් නිව්යෝර්ක් ආණ්ඩුකාර කැති හොචුල් විසින් සමස්ත නිව්යෝර්ක් ප්‍රාන්තය සඳහාම හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.