ඇමරිකානු යෝජනාව ජාත්‍යන්තර යුධ අපරාධ විමර්ශණ යාන්ත‍්‍රණයක්ම තමයි.
මානව හිමිකම් කවුන්සිලයේ ඇමරිකානු තානාපති ලෙස පත්කොට ඇති ඩොනෙහියු නැමැති කාන්තාව පසුගිය දා මාධ්‍යයට ඉතා උද්දච්ච ප‍්‍රකාශයක් කලාය. ඇගේ ප‍්‍රකාශයේ සැබෑ සිංහල තේරුම අනුව ඇය කියන්නේ ශ‍්‍රී ලංකාව යෝජනාව ගෙන එ්මට පෙර හිස නමා පිලිගන්නේ නැති නම් යෝජනාව ගෙනාවාට පසුව දණ ගහන්න වෙන බවයි. ඇමරිකානු ජනතාවගේ පරමාධිපත්‍යය නියෝජනය කරන දේශපාලඥයෙකු එසේ කීවා නම් අපට හිත හදාගත හැක. මේ සුළු නිලධාරිනියගේ උඩගු ප‍්‍රකාශය පිලිබඳව ශ‍්‍රී ලංකාව විරෝධය පල නොකිරීම බලවත් වරදකි. එය ඉතා පැහැදිලිවම බලහත්කාරය යෙදවීමක් මිස අන් යමක් නොවේ. ඊට පෙර බේලේක්-ඔටේරෝ දෙපළද ලංකාවට පැමිණ මුට්ටියක් දමා බැලූවේ ශ‍්‍රී ලංකාව යටත් වන මානසිකත්වයක සිටිනවාද කියාය. තම සුළු නිලධාරීන් ලවා තර්ජනය කරවීමට ඔවුන් පෙළඹෙන්නේ දැන් ඔවුන්ට නිරුවත්ව නැටීම හැර අන් විකල්පයක් නැති නිසාය.
ඔවුන්ගේ යෝජනාව ඉතා ගැඹුරින් විශ්ලේෂණය කිරීමේදී පෙනී යන්නේ ඔවුන් තම මූලික ස්ථාවරය වෙනස් කොට එක් වරම මරාගෙන මැරෙන ස්ථාවරයකට ගොස් සිටින බවයි. ජාත්‍යන්තර දේශපාලන විෂ්ලේෂකයින් මුල්වටයේදී උපකල්පනය කලේ ඇමරිකාව පියවර දෙකකින් තම යටත් කිරීමේ ක‍්‍රියාන්විතය දියත්කරනු ඇති බවයි. එනම් පලමුව ශ‍්‍රී ලංකාව ලවාම ඊනියා විමර්ෂණයක් කරවන අතරම උගත් පාඩම් කොමිසමේ නාමයෙන් බලය බෙදීමේ යෝජනා ඉදිරිපත් කරවීමයි. එහිදී ශ‍්‍රී ලංකා ආන්ඩුව යටත් නොවන්නේ නම් දෙවනුව ජාත්‍යන්තර යුධ අපරාධ විමර්ශණයක් අවශ්‍ය බවට යෝජනාවක් ගෙන එ්ම ඔවුන්ගේ බලාපොරොත්තුව විය. නමුත් දැන් ආන්ඩුව දැඩි ප‍්‍රතිපත්තිමය ස්ථාවරයක සිටින බව පෙන්වා ඇති බැවින් පලමු යෝජනාව තුලටම ජාත්‍යන්තර විමර්ෂණ ක‍්‍රියාවලියකට අවශ්‍ය යෝජනාවද ඉතා සුක්‍ෂමව ඇතුල් කොට ඇත.
මේ වන විට සංශෝධනය කොට ඇති ඇමරිකානු යෝජනාවට සුවිශේෂී වගන්තියක් එක්කොට ඇත. ට්‍රෝජන් අශ්වයා ඇත්තේ එනැනය. තුන්වැනි වගන්තිය ලෙස ඉදිරිපත්කොට ඇති යෝජනාවෙන් කියවෙන්නේ ශ‍්‍රී ලංකාව විසින් උගත් පාඩම් කොමිසමේ නිර්දේශ සහ යුධ අපරාධ විමර්ශණ ක‍්‍රියාවලියට අදාලව ක‍්‍රියාත්මක කලයුතු බව කියන යාන්ත‍්‍රණය විමර්ෂණය සහ අධීක්‍ෂණය කිරීම සඳහා මානව හිමිකම් කොමිසමට බලය ලැබෙන බවයි. එහි තවත් සුවිශේෂී යාන්ත‍්‍රණයක් පිලිබඳව වගන්තියක් ඇත. ඉන් කියවෙන්නේ එසේ අධීක්‍ෂණය කිරීමේ බලය විශේෂ ක‍්‍රමවේද අධිකාරී බලයලත් පුද්ගලයින්ටද ලැබෙන බවයි. බළලා සැගව ඇත්තේ එතැනය. තවම ඌ මල්ලෙන් එලියට පැන්නේ නැත. එයට හේතුව මෙම වගන්තිය එක්තරා ආකාරයකට සාමාන්‍ය හෝ අහිංසක වගන්තියක් ලෙස පෙනෙන ලෙස ඉතා සූක්‍ෂම ඇතුල් කොට තිබීමයි.
විගේෂ ක‍්‍රමවේද අධිකාරී බලයලත් තැනත්තන් ඉටුකරන සුවිශේෂී ක‍්‍රියාපට්පාටියක් මානව හිමිකම් කවුන්සිලයේ පරිපාලන යාන්ත‍්‍රනය තුල ඇත. මේ පුද්ගලයන් ආකාර දෙකකට පත් කෙරේ. එක් ආකාරයක් වන්නේ මානව හිම්කම් කඩවීම් වලට අදාල සුවිශේෂී තේමාවන් නියෝජනය කරමින් සමාජික රටවල ඊට අදාල කටයුතු සොයා බැලීමයි. දෙවන ආකාරය වන්නේ යම් රටකට විශේෂි වන ආකාරයට කරනු ලබන පත් කිරීමයි. ශ‍්‍රී ලංකාවට එරෙහි මානව හිමිකම් හෙහෙයුම සඳහා පත්කෙරෙන්නේ එ් දෙවැනි ආකාරයේ බලයලත් තැනැත්තන්ය. එ් තැනැත්තන්ද ආකාර දෙකකට පත්කෙරේ. එහිදී අවශ්‍ය නම් විද්වත් පුද්ගලයකු තනි ස්වාධීන නියෝජිතයෙතු ලෙස කල හැක. එසේ නැතහොත් ලෝකයේ කලාප 5 නියෝජනය වන ලෙස පුද්ගලයින් පස් දෙනෙකුලෙන් සමන්විත කමිටුවක් පත්කල හැක. බොහෝවිට ශ‍්‍රී ලංකාවට එරෙහිව අත පෙවීම සඳහා එවැනි පස් දෙනෙකුගේ කමිටුවක් පත් කිරීමට ඉඩ ඇත.
දැනට ඉදිරිපත් වී ඇති ඇමරිකානු යෝජනාව සම්මත වුවහොත් එ් මගින් ඉහත සඳහන් කල විශේෂ ක‍්‍රමවේද බලයලත් පුද්ගලයන් පත්කිරීමේ බලය මානව හිමිකම් කවුන්සිලයට ලැබේ. එහිදී වෙනත් යෝජනාවක් මගින් එම පුද්ගලයන්ට ක‍්‍රියත්මක විම සඳහා බල පරාසය සහ අධිකාරී බලයේ සොභාවය නිර්දේශ කෙරෙනු ඇත. මීට පෙර සුඩානයේ මානව හිමිකම් කඩවීඹ පිලිබදව සොයාබැලීම සඳහා එවැනි විශේෂ ක‍්‍රමවේද බලයලත් තැනැත්තු පත් කොට ඇත. එම රටේ ජනාධිපති අල් බෂීර් මහතාට විරුද්ධව යුධ අපරාධ චෝදනා එල්ල කිරීමට අවශ්‍ය වාර්තා ලබාගන්නේ එම බලධාරියා මගිනි.
මෙවැනි බලධාරියකු රටකට ඇතුල්වීම සඳහා අවසර ඉල්ලූ විට වීසා ලබාදීමට රටවල් බැදී සිටිති. බොහෝ අවස්ථාවල එ් සඳහා ඔවුන්ට දීර්ඝ කාලීන වීසා ඉල්ලා සිටිය හැක. අදාල රටේ රාජ්‍යයෙන් හෝ යම් විමර්ෂණ කටයුත්තකට පත්කොට ඇති විශේෂ කොමිසමකින් කරුණු විමසීමේ බලය ඔවුන්ට ලැබේ. එසේම සුවිශේෂී තනි පැමිනිල්ලක් පිලිබදව වුවත් කරුණු විමර්ෂණය කිරීමට ඔවුන්ට බලය ඇත. එ් පමණක් නොව ලංකාවට අදාලව බන්කිමුන් විසින් පත්කල විද්වත් කමිටුවේ සඳහන් පැමිණිලි වලින් තෝරාගත් පැමිණිලි ප‍්‍රමාණයක් හෝ සියල්ල සඳහා විමර්ෂණ කිරීමටද එම බලයලත් තැනැත්තාට බලය ලැබේ. එ්වා වැලැක්වීමට හෝ ඊට බාධා පැමිණවීමට අදාල රටේ රජයට බලයක් නැත. මෙසේ පත්කෙරෙන පුද්ගලයන්ට මානව හිමිකම් කවුන්සිලයෙන් වැටුප් ගෙවන්නේ නැත. එසේම ඔවුන් ස්වාධීන පුද්ගලයින් ලෙස හැදින්වේ. එ් අනුව දෙමළ ඩයස්පෝරාවෙන් වැටුප් ලබාගන්නා එන්.ජී. ඕ. කුලීකරුවකු මේ බලයලත් තැනැත්තා ලෙස පත්වීම් ලැබීමට බොහෝ ඉඩ ඇත. එ් අනුව ඉතා පැහැදිලිවම 23 දා සම්මත වීමට නියමිත යෝජනාව ජාත්‍යන්තර යුධ අපරාධ විමර්ෂණ ක‍්‍රියාවලියක් ආරම්භ කිරීම සඳහා බලය ලැබෙන ඉතා භයානක යෝජනාවකි.
නමුත් එහි භයානක කම මේ වනතුරු සමාජගත වී නැත. එයට ප‍්‍රධාන හේතුවක් වන්නේ ශ‍්‍රී ලංකික නියෝජිත කණ්ඩායම එ් දුෂ්ඨ රාජතාන්ත‍්‍රික උගුල පිලිබඳව සංවාදයක් හෝ විරොධයක් ආරම්භ නොකිරීමයි. එයට හේතුව පැහැදිලි නැත. කෙසේ වෙතත් ආන්ඩුවේ නියෝජිතයින් පරස්පර විරොධී ද්වත්ව උපායමාර්ගයක් භාවිතාකල බවද පෙනෙන්නට ඇත. ජී.එල්. පීරීස් ඇමතිවරයා දීර්ඝකාලීන දේශපාලන ප‍්‍රතිපත්තිමය ස්ථාවරයක් මත පිහිටා ‘‘රටේ අභ්‍යන්තර ප‍්‍රශ්නයකට අදාලව බාහිර පාර්ශවයකින් ඉදිරිපත් වන යොජනා පිලිබඳව කථා කල නොහැක’’ යන තර්කය ඉදිරිපත් කලේය. එය ඉතා තර්කානුකූල වන අතර ඉදිරියේදී ඇතිවන බලපෑම් කිරීම් ක‍්‍රියාවලියට ප‍්‍රතිචාර දැක්වීම සඳහා ද එම ස්ථාවරයම භාවිතා කල හැක. නමුත් මහින්ද සමරසිංහ අමාත්‍යවරයා තාක්‍ෂණික ප‍්‍රවේශයක් ගනිමින් පුද්ගලික සම්බන්ධතා ගොඩනගමින් යෝජනාවේ සැර බාල කිරීමේ ප‍්‍රවේශයක් ගත් බව පෙනේ. දැන් අවසාන යෝජනාව දෙස බලන විට ජී.එල්. පීරිස් අමාත්‍යවරයාගේ ස්ථාවරය මත පිහිටා ඉදිරි පියවර ගතයුතු බව පෙනේ. එ් අනුව යෝජනාව සම්මත වීමට පෙරත් එය ප‍්‍රතික්ෂේප කලයුතු අතර සම්මත වුවාට පසුවත් එය ප‍්‍රතික්ෂේප කල යුතුය. එසේම මේ යෝජනාව ආන්ඩුවට එරෙහි යෝජනාවක් ලෙස නොව මහජනයාට එරෙහි යෝජනාවක් ලෙස සලකා මහජන මතය අනුව කටයුතු කිරීමේ ප‍්‍රවේශයක් ගැනීමද බුද්ධි ගෝචර වනු ඇත.
වසන්ත බණ්ඩාර
සම්බන්ධිත පුවත් | Related News
ප්රධාන පුවත්
කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය දෙකට කරමින් මැදින් පාරක්.. අමරපුර නිකායේ දැඩි විරෝධය..
''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සම්බුද්ධ ශාසනයේ ප්‍රධාන අංගයක් වන පෙරහැර විකාරයක් බව අගමැතිනිය කියන්නේ කොහොමද?.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සවුදිය, තුර්කිය සහ පාකිස්ථානය 'නේටෝ' වැනි යුද සංවිධානයකට අවතීර්ණ වෙයි.. 'මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම' අත්සන් තබයි..
විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීමට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණය 2022 වසරේදී තීන්දු කරලා..
22වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කෙරේ..
වර්තමාන අර්බුද හමුවේ නාට්‍යකරුවන් අපේක්ෂාභංගත්වයට පත්වෙලා.. – නාට්‍යවේදී අඛිල සපුමල්
ලොවටම සහන සැලසූ චීනයේ ගෝලීය සංවර්ධන මුලපිරුමට වසර 5යි: ගෝලීය දකුණේ අනාගතය වෙනුවෙන් චීනයෙන් නව පොරොන්දුවක්..
බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණියව අයින් කරන්න ආණ්ඩුවට අවශ්‍ය වුනා.. ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද යන්න ගැටළුවක්.. - නීතිඥ සංජීව වීරවික්‍රම
බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර උච්ඡතම ස්ථානයකට පැමිණිලා.. ෂානක්කියන්ලා, සුමන්තිරන්ලාගෙන් බෞද්ධ උරුමය විනාශ කරන්න පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවටත් බලපෑම්.. දළදා පෙරහැරේ කරඬුව වඩම්මන ඇතුන්ටත් තහංචි වැටෙන ලකුණු!
මැගසින් බන්ධනාගාරය තුළ නොසන්සුන්තාවක්..
උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමය විනාශ කිරීමට සැලසුම්සහගත ප්‍රහාරයක්.. පුරාවිද්‍යා වාර්තා වෙනස් කරන්න දෙමළ මන්ත්‍රීන්ගෙන් බලපෑම්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්..
පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් දන්වයි..
ඇමරිකානු - ඉරාන යුද්ධය අවසන් ද? - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
'පාස්කු ප්‍රහාරය ගැන විමර්ශකයින් පත්කරලා තියෙන්නේ කතෝලික පල්ලියෙන්' - අතරමැදි පෙත්සම්කරුවෝ අධිකරණයට කියති..
ගම්මන්පිල, විමල්, දිලිත් ඇතුළු හය දෙනෙක් අධිකරණයට අපහාස කිරීමේ ප්‍රකාශ ගැන අභියාචනාධිකරණයට දැනුම් දීමට තීරණ කළා.. - කොටුව මහේස්ත්‍රාත්