News Category
From Date
To Date
Maximum Number of Result

ආසියාව යටත් කිරීමේ ඇමෙරිකානු මෙහෙයුම පරාජය කල නොහැකිද ?

Aug 5, 2026 at 10:48 AM
|

ඇමෙරිකාවේ දැන උගත් ජනතාව අන්දුන් කුන්දුන් කරමින් 2012 මාර්තු 16 වැනිදා ඉතා වැදගත් ලේඛනයකට ඒ රටේ ජනාධිපති බරක් ඔබාමා විසින් අත්සන් තැබිනි. එම ලේඛනය හැදින්වෙන්නේ ‘‘ විධායක නියෝගය ’’ යන තාක්‍ෂණික නාමයෙනි. ඒ මගින් ඔහුගේ බලයලත් ලේකම්වරුන්ට සමස්ථ රටම යුද වාතාවරණයක තැබීම සඳහා අවශ්‍ය සියළු බලතල ලබා දී ඇත. ඒ අනුව අනාගතයේදී  ඕනෑම දවසක ඇමෙරිකාවේ රාජ්‍ය සහ පුද්ගලික සමාගම් සතු දේපල සහ මහජනයා සතු දේපල මෙන්ම රටේ පොදු සම්පත් යුද්ධයක් සඳහා  යොදාගන්නවාට අමතරව පොදු ජනයාද බලහත්කාරයෙන් හමුදාවට බඳවා ගත හැක. මේ විධායක නියෝගය නාමිකව යුද්ධමය වාතාවරණයක් සඳහා යොදාගන්නක් වුවත් ඇමෙරිකාව තුල සාමකාමී වාතාවරණයක් තිබුනත් බලපැවැත්විය හැක. ඒ අනුව එසේ ඇමෙරිකාව සූදානම් වන්නේ ලෝකයේ වෙනත් භූමි වල හෝ සාගර මැද කෙරෙන යුද්ධයක් සඳහා බව ඉතා පැහැදිලිය.


ඇමෙරිකානු ජනාධිපතිවරයා එවැනි බරපතල විධායක නියෝග නිකුත් කරන්නේ 1950 තරම් ඈත කාලයේදී සම්මත කල ආරක්‍ෂක කටයුතු පණතක් උපයෝගී කොටගෙනය. බොහෝ ඇමෙරිකානු විද්වතුන් පවසන්නේ එම නියෝග මගින් ඇමෙරිකානු ව්‍යවස්ථාව පමණක් නොව එරට ජනතාවගේ මානව හිමිකම්ද බරපතල ලෙස උල්ලංගනය වන බවය. බ‍්‍රැඩිමන් ටර්බෙවිල් නැමැති ඇමෙරිකානු විශ්ලේෂකයාට අනුව බරක් ඔබාමා මේ අත්සන් කොට ඇත්තේ ලෝකයේ බහුතරයක් ජනතාවගේ හංස ගීතය බවයි. ඔහුගේ උපකල්පන වලට අනුව ඇමෙරිකාව මේ සැරසෙන්නේ ඉරානයට සහ සිරියාවට පහරදීම හරහා තන්වන ලෝක යුද්ධයකට සමස්ථ ලෝකයම තල්ලූ කිරීමටය. එහි අවසාන අරමුණ මේ වන විට ලෝක ආධිපත්‍යය ධ‍්‍රැවිකරණයේදී බලවත් ලෙස නැගී සිටින චීනය සහ රුසියාව මට්ටුකර නැවත වතාවක් ඒක ධ‍්‍රැවීය ලෝකයක් නිර්මාණය කිරීමය. නමුත් ඒ ඒක ධ‍්‍රැවීය ලෝකයේ මිනිසුන්ට ඊලග යුද්ධය කරන්නට සිදුවන්නේ ගල් යුගයේ ආයුධ වලින් බව බලකාමී, ආධිපරිභෝජනවාදී, මජර ඇමෙරිකානු ධනපති පන්තිය තේරුම් ගෙන ඇත්ද ?


මේ උපකල්පනය තවත් තහවුරු වන්නේ ඉහත නියෝගයට දල වශයෙන් මසකට පසුව පෙන්ටගනය විසින් ත්‍-35 නවීන යුද යානා 2443 ක් ලොක් හීඩි මාටින් සමාගමෙන් ඇනවුම් කිරීමයි. මෙම ප‍්‍රහාරක යානා අයත් වන්නේ සමූල ඝාතන යුද උපකරණ ගණයටය. එහි අන්වර්ථ නාමය ‘‘ මිණීමරණ මැෂිම ’’ යන්නයි. මහාචාර්ය මිචෙල් චොසුඩොවිස්කිට අනූව ඒ ආකාරයට ඉතිහාසයේ විශාලතම ප‍්‍රහාරක ගුවන්යානා තොගය මිලදී ගැනීම සිදුවන්නේ චීනය, රුසියාව, උතුරු කොරියාව සහ ඉරාණය ඉලක්ක කරගත් ලෝක යුද්ධයක් සඳහාය. මේ මහා ප‍්‍රහාරක හැකියාව ඇමෙරිකානු ගුවන් සහ නාවික හමුදා වලට ලබාදීම සඳහා වැයකෙරෙන මුදල ඩොලර් ටි‍්‍රලියන 1.5 කි. ඒ ආකාරයට ඇමෙරිකාව තම යුද ශක්තිය වර්ධනය කිරීමේ දැවැන්ත මෙහෙයුමට සමගාමීව එක්සත් රාජධානිය, ඉතාලිය, කැනඩාව, නෙදෙර්ලන්තය, නෝර්වේ, තුර්කිය සහ ඊශායලය යන රටවල්ද ත්‍-35 අති භයානක යානා මිලදී ගැනීමට ඉල්ලූම් කර ඇත. ඒ අනුව කැනඩාව එවැනි යානා 65 ක් මිලදී ගනු ඇත.


මේ ආකාරයට ලෝක යුද්ධයට අවශ්‍ය පෙරණිමිති ඇමෙරිකාව විසින් සකස්කරමින් සිටින්නේ වසර 10 ක පමණ කාලයක සිටය. එහි ආරම්භය ඉරාක ආක‍්‍රමණයයි. ඔවුන් ඉරාකය තනිකොට ගල් යුගයට ගෙන ගිය බව එම මෙහෙයුමට නායකත්වය දුන් හමුදා නායකයින් මෙන්ම රාජ්‍ය ලේකම්වරියද පිලිගත්තේය. එතැනින් පසුව ඔවුන් ඇෆ්ගනිස්ථානයද ගල් යුගයට ගෙනයාමෙන් නවතින්නේ නැත. එතැනින් පසුව ඊනියා අරාබි වසන්තය හරහා ලිබියාවේදී මහා මිනිස් ඝාතනයකින් පසුව ඔවුන් ඒ රට ගල් යුගයට ආසන්න තැනකට ගෙන ගියේය. ඒ ක‍්‍රියාවලිය තුලම ඊජිප්තුවේදී තමන්ට උවමනා රූකඩ පාලනයක් ස්ථාපිත කරගත් අතර මේ වන විට සිරියාවද ලිබියාවක් කිරීම සඳහා අවශ්‍ය සියළු උපාය මාර්ගික ක‍්‍රියාකාරකම් දියත් කොට ඇත. ඉරානයට එරෙහිව ආර්ථික සම්බාධක පනවා ඉරාකයට කලදේම කිරීමට අර අදින්නේ සෘජු ආක‍්‍රමණයට පෙර සතුරාගේ ශක්තිය හීන කිරීමේ න්‍යායද යොදාගනිමිනි.


ඇමෙරිකාව ප‍්‍රමුඛ නේටෝවේ මේ ලෝක යුද්ධ සූදානම කිසිදු ආපදාවකින්, උපද්‍රවයකින් හෝ බාධාවකින් තොරව ඉදිරියට ගමන් කරන බව මතුපිටින් පෙනෙන්නට ඇත. එසේම ඉන්දියාව වැනි ප‍්‍රභල රටවල් පවා ඇමෙරිකාවේ කීකරු කුක්කන්ගේ භූමිකාව රඟපාන බවද පෙනෙන්නට ඇත. එහිදී පකිස්ථානයට වරින් වර යුදමය කෙවිටෙන් තැලීම මඟින් ඉන්දියානු කුක්කා ඇමෙරිකාව විසින් චූන් කරන ආකාරයද පෙනෙන්නට ඇත.


එහෙත් මෙම ක‍්‍රියාවලියට එරෙහිව ප‍්‍රති ක‍්‍රියාවලියක්ද ආරම්භ වී ඇත. එය ඉතා පැහැදිලිව මතු පිටින් නොපෙනුනත් ඇමෙරිකානු යුද උන්මාදය පරාජය කිරීමේ උපාය මාර්ගික විභවය සහිත ක‍්‍රියාවලියක් බවට පෙරලෙමින් ඇත. පළමුවෙන්ම යුරෝපයේ සහ ඇමෙරිකාවේ සංවේදී මහජනතාව තම රටවල යුදවාදී දේශපාලනයට සහ යුදමය ආර්තිකයට එරෙහිව දැඩි ප‍්‍රතිචාර දක්වමින් ඇත. මේ ප‍්‍රතිචාර යම් පමණකට දැනුවත් යුද විරෝධී ප‍්‍රතිචාර වන අතර අනෙක් පැත්තෙන් යුද අය වැය නිසා ආර්ථික වශයෙන් පීඩාවට පත්වන ජනතාවගේ විරෝධය ලෙසද හදුනාගත හැක. අද වන විට ඇමෙරිකාව ප‍්‍රමුඛ යුරෝපීය රටවල් මුහුණ දී සිටින ආර්ථික අර්බුදය හමුවේ යුදවාදය විසින් තව දුරටත් ඒ රටවල ආර්ථික අර්බුද තීව‍්‍ර කරන බවට සැකයක් නැත. ඒ අනුව මහජන විරෝධයද උත්සන්න වනවා මිස සමනය වීමේ ප‍්‍රවනතාවක් පෙන්වීමට ඉඩක් නැත.


ඒ සියළු කාරණා වලට වඩා ඉතා සුවිශේෂි ලෙස පසුගිය දශකය තුල චීනය සහ රුසියාව ඇමෙරිකානු බලයට ප‍්‍රති බලයක් ලෙස වර්ධනය වී ඇත. ඒ වර්ධනය ආර්ථික සහ යුදමය ශක්තිය අතින් වන වර්ධනයකට අමතරව ඇමෙරිකානු බලහත්කාරයට විරුද්ධ මතවාදී වර්ධනයක් බවටද පත් වී ඇත. සීතල යුද්ධය නිමාවීමත් සමග යම් හීලෑ වීමක ලකුණු පෙන්වූ මෙම රටවල් අදවන විට ඇමෙරිකාව ප‍්‍රමුඛ නේටෝවේ යුද බලයට සෘජුව අභියෝග කරන ස්ථාවරයකට පැමිණ ඇත.


ජාත්‍යන්තර ඉකොනොමිස්ට් සගරාවේ උපකල්පන අනුව චීනය ආර්ථිකයේ විශාලත්වය අතින් ඇමෙරිකාව පසු කිරීමට ගතවන්නේ තව වසර 6 ක් පමණී. (2018 දී* ඒ ආර්ථික වර්ධන වේගයට සාපේක්‍ෂවය. නමුත් ණයගැති භාවය, විදේශ ආයෝජන සහ වෙනත් බොහෝ ආර්ථික සහ මානව දර්ශක වලට අනුව චීනය දැනටමත් ඇමෙරිකාව පසුකර ගොස් ඇති බව බොහෝ විද්වතුන්ගේ මතයයි. මහාචාර්ය මාර්ටින් ජැක්ගේ මතය අනුව චීනය එසේ ශක්තිමත් රාජ්‍යයක් ලෙස නැගී සිටින්නේ රටවල් කොල්ලකෑමෙන්  (ආක‍්‍රමණය කිරීමෙන්* උපයාගත් ධනයෙන් නොවන බවයි. ඔහුට අනුව ඒ නැගීමේ රහස ධනපති ක‍්‍රමය නැගී සිටීමට බොහෝ කලෙකට පෙර සිට චීනය ශිෂ්ඨාචාරයෙන්ම ජාතික රාජ්‍යයක් ලෙස නැගී සිටීමයි.


මේ වන විටත් චීනය ලෝකයේ ප‍්‍රමුඛතම කාර්මික නිෂ්පාදන නිපදවන සහ වෙලදාම් කරන රාජ්‍යය බවට පත් වී ඇත. චීනය එම නිර්ණායකයට අනුව ඇමෙරිකාව පරාජය කලේ 2011 දීය. 2010 වන වට ජපානය, දකුණු අප‍්‍රිකාව, චිලිය, බ‍්‍රසීලය, ඉන්දියාව, පකිස්ථානය, ඇමෙරිකාව, ඊජීප්තුව යන රටවල ප‍්‍රධාන වෙළඳ ගනුදෙනුකරු බවට පත්වන්නේ චීනයයි. අද වන විට චීනය තනි රටක් ලෙස ලෝකයේ දියුණු වන රාජ්‍ය වලට ලබාදෙන ණය ප‍්‍රමාණය ලෝක බැංකුව විසින් ලබාදෙන නය ප‍්‍රමාණය ඉක්මවා ගොස් ඇත.


එපමණක් නොව හොංකොන් ඇන්ඩි ශැංහයි බැංකුවේ ඇස්තමේන්තු වලට අනුව 2013 වන විට දියුණුවන ලෝකයේ වෙළඳ ගනුදෙනු සඳහා කරනු ලබන ගෙවීම් වලින් 50‍්‍ර සිදුකෙරෙන්නේ චීනයේ යුවාන් මුදල් ඒකකයෙනි. (ජාත්‍යාන්තරව රෙන්මින්බි*. මේ වන විට චීනය සහ ජපානය යුවාන් සහ යෙන් වලින් සෘජුව වෙළඳ ගනුදෙනු කිරීමට එකඟ වී ඇත. ඊට අමතරව ඉරානය සහ චීනය ඩොලර් වෙනුවට යුවාන් වලින් ගෙවීම් කර ඉරානයෙන් තෙල් මිලදී ගැනීමටද එකඟ වී ඇත. ඒ සියළු ප‍්‍රවනතා වලින් පෙන්නුම් කරන්නේ ඩොලරයට අභියෝග කරමින් යුවාන් මුදල් ඒකකය ශක්තිමත්ව නැගී සිටින බවයි.


ඊට අමතරව චීනය සහ රුසියාව බල ශක්ති සහ ඛනිජ තෙල්  ක්‍ෂෙත‍්‍රයේ ආධිපත්‍යයයක් ක‍්‍රමයෙන් ගොඩ නගිමින් පවතින අතර එම රටවල් දෙක අතර ප‍්‍රභල ආර්ථික සහ දේහපාලන සහයෝගිතාවයක්ද ගොඩ නැගෙමින් ඇත. ඉතා දැඩි මතධාරී වැලසීමීර් පුටින් රුසියාවේ ජනාධිපති ලෙස තහවුරු වීම සමග චීනය සමග සහයෝගීතාව තව තවත් වර්ධනය වෙමින් ඇත. එය ඉතා පැහැදිලි උපායමාර්ගික අවශ්‍යතාවයකි. මේ වන විට චීනය සහ රුසියාව එක්ව සිරියාවට එරෙහි ඇමෙරිකානු ආක‍්‍රමණ යෝජනාව ඉතා ප‍්‍රභල ලෙස ප‍්‍රතික්ෂේප කොට ඇත. ඒ නිසා ඇමෙරිකාව එක්සත් ජාතීන්ගේ සංවිධානය තුල ලිබියාවට එරෙහිව දියත් කල ආකාරයේ කූඨ මෙහෙයුමක් සිරියාවට එරෙහිව දියත් කිරීමට ඉඩ ලැබී නැත. පසුගිය දිනවල රුසියා ටුඬේ ප‍්‍රවෘත්ති සේවයට සම්මුක සාකච්ඡුාවක් ලබාදුන් හිටපු ඇමෙරිකානු සෙනෙට් සභික ක‍්‍රිස් ඩොඞ් පවසා සිටියේ ඇමෙරිකාව විසින් සිරියාවට පහරදීම අත්හැරීමට සිදුව ඇත්තේ රුසියාව සහ චීනය තදින් සිටීම නිසා බවය.


ක‍්‍රිස් ඩොඞ් කියන්නේ දැන් ඇමෙරිකාව යම් පමණකට හති වැටී ඇති බවයි. ඔහුට අනුව සෙනේට් සභිකයින් විසින් සිරියාවේ විපක්‍ෂයට සෘජුව ආයුද දීමට බල කරද්දීත් ජනාධිපති ඔබාමා පසුබසින්නේ මේ යථාර්ථයට සාපේක්‍ෂවය. ඔහු කියන්නේ දැන් වසර 10 ක් තිස්සේ පවත්වාගෙන පැමිණි යුද්ධය තව දුරටත් පවත්වාගෙන යාම අසීරු බවයි. ඔහුට අනුව ඇෆ්ගනිස්ථානයෙන් කලින් හමුදාඉවත් කර ගන්නේත් ඒ අමාරුව නිසාය. තවදුරටත් ඔහු කියා සිටින්නේ ලිබියාවේදී කලා මෙන් සිරියාවේ විපක්‍ෂයට ආයුධ සපයමින් සිරියානු හමුදාවලට පහර දෙමින් සෘජු මැදිහත් වීමකට ඇමෙරිකාව කැමැති වූවත් ප‍්‍රායෝගිකව එසේ කිරීම අමාරු බවයි. ඒ අනුව ත්‍-35 යානා දහස් ගනනින් ඇනවුම් කලත් ඒවාට මුදල් ගෙවීම සඳහා ණය ගැනීම හෝ මහජනයාට බදු ගැසීම සිදු කලත් ප‍්‍රායෝගිකව ඒවා යොදාගැනීම සඳහා වාසිදායක ජාත්‍යාන්තර දේශපාලන තත්වයක් ගොඩනැගෙන්නේ නැති බව පැහැදිලිව පෙනේ. අනෙක් කාරණය ආර්ථික අර්බුද හමුවේ ඒ ඇනවුම් වලට මුදල් ගෙවීමද සරල යථාර්ථයක් නොවන බව පැහැදිලිය.


රුසියාව සහ චීනය ලිබියානු නායකයා අත් හැරියත් සිරියානු සහ ඉරාන නායකයින් අත් නොහැරීමට හේතු රාශියක් ඇත. ලිබියානු නායකයා චීනය විසින් ලිබියාවේ ඩොලර් මිලියන 800 ක වටිනා සාපේක්‍ෂව සුළු ව්‍යාපාරයක් අත්පත් කර ගැනීම පවා වැලැක්විය. නමුත් ඉරාණය සහ සිරියාව චීනය සහ රුසියාව සමග ප‍්‍රභල ආර්ථික සම්බන්ධකම් ගොඩනගා ගෙන ඇත. ඊට අමතරව රුසියානු නාවික කඳවුරක්ද සිරියාවේ පිහිටුවා ඇත. එසේම එම රටවල පාලකයින් ඇමෙරිකානු සහ බටහිර අධිරාජ්‍යවාදයට එරෙහිව සෘජුව දෙපයින් නැගී සිටින බැවින් ඔවුන් අත්හැරීමේ දේශපාලන උපාය මාර්ගික ගැටළුවක්ද ඇත. ඒ සියල්ලටම වඩා මිතුරු බව ඇගෙන්ම පෙන්වන මිතුරන්ගේ දුකේදී සැබෑ මිතුරන්ට පිටු පෑ නොහැකි බව ජාත්‍යන්තර දේශපාලන සබදතා පිළිබඳ ඉතිහාසය විසින් නැවත නැවත ඔප්පු කොට ඇත. ලිබියාවට වැරදුනේ එසේ සැබෑ මිතුරන්ට ඇගෙන්ම නොසැලකීම නිසාය. ඒ අත්දැකීම ශ‍්‍රී ලංකාවටද ඉතා ප‍්‍රයෝජනවත් වනු ඇත. ඒ බොහෝ විට අප ඉන්දියාව සහ ඇමෙරිකාව අසතුටු වේ යයි යන බිය නිසා චීනයට සහ රුසියාවට නරකට සලකන අවස්ථා එමට තිබෙන බැවිනි. චීනය සහ රුසියාව අප රටේ ඛනිජ තෙල් කැනීමට මෙන්ම පිරිපහදුවටද උනන්දුව පෙන්වා ඇතත් අප අඩියක් පෙරට තබා ඔවුන් කැදවාගැනීමට අත වනන්නේ නැත. පාරවල් හැදීමට කොන්ත‍්‍රාත් දීමෙන් පමණක් දීර්ඝ කාලීනව රැදී සිට අප රැකීමේ උනන්දුව ඔවුනට ඇති වන්නේ නැත.


කෙසේ වෙතත් මේ වන විට සිරියාවට එරෙහි ඇමෙරිකානු මෙහෙයුම් මුල්කොට ගෙන රුසියාව තම තද ස්තාවරය ලෝකයටම පෙන්වීමට පටන්ගෙන ඇත. රුසියාව බොහෝ කලකට පෙර සිරියාවට විකිණු හෙලිකොප්ටර් යානා ප‍්‍රතිසංස්කරණය කිරීමට කටයුතු කලේය. ඊට අදාලව හිලරි ක්ලන්ටන් විරෝධය පලකිරීමේදී රුසියාවද තද වචන පාවිච්චි කලේය. ඒ අතර රුසියාව තම නාවික හමුදා යාත‍්‍රා සිරියාවේ ටාර්වස් වරායට යැවීමටද කටයුතු කොට ඇත. පුටින් ජනාධිපතිවරයා මැක්සිකොවේ ඨ-20 සමුළුවේදී බරක් ඔබාමා මුණගැසුනු අවස්ථාවේ ප‍්‍රකාශකර සිටියේ තමා සිවිල් වැසියන්ට පහර දෙන ආයුධ සිරියාවට ලබා නොදෙන නමුත් බාහිර ආක‍්‍රමණය වලින් ආරක්‍ෂා වීම සඳහා අවශ්‍ය යුදමය සහය ලබාදෙන බවයි.


මේ අනුව සිරියාවට එරෙහි ඇමෙරිකානු මෙහෙයුම මුල්කොට ගෙන චීනය සහ රුසියාව දැන් ඉවසුවා හොදටම ඇති යන සංඥාව ලෝකයට ලබාදී ඇත. ඒ සංඥාව සමස්ථ ලෝකයේම වසන ඇමෙරිකාව ප‍්‍රමුඛ නේටෝ රටවල් ලෝකය පුරා සිදුකරන යුදමය මැදිහත්වීම් වලට විරුද්ධ ජනතාවට දුන් ප‍්‍රභල පණිවිඩයකි. ඒ අනුව සාමයට ලැදි ලෝක ප‍්‍රජාව ඊට ධනාත්මකව ප‍්‍රතිචාර දැක්වුවහොත් එය අනාගත ලෝක යුද්ධයක් වැලැක්වීම සඳහා ප‍්‍රභල පියවරක් ලෙස සැලකිය හැක.


ශ‍්‍රී ලංකාව මේ ජාතයන්තර ප‍්‍රවනතාවට අනුව කෙසේ හැසිරෙනවාද යන්න සමස්ථ ලෝකයටම විශාල ආදර්ශයක් සපයනු ඇත. එසේ වන්නේ අද වන විට ශ‍්‍රී ලංකාව ඇමෙරිකාව ප‍්‍රමුඛ නේටෝ බලහත්කාරයේ ප‍්‍රධාන ගොදුරක් බවට පත් වී සිටින නිසාය.  නමුත් අප රටේ සමහර විද්වතුන් ශ‍්‍රී ලංකාවට එරෙහි ජාත්‍යන්තර කුමන්ත‍්‍රණය සහ ලෝක පරිමාන යුද සුදානම යනු එකම ක‍්‍රියාවලියක් ලෙස දකින්නේ නැත. එවුන් කල්පනා කරන්නේ ඇමෙරිකාව ලෝක යුද්ධයකට පැටළුනහොත් අපට එරෙහිව තද කරන අඩුව බුරුල් වනු ඇති බවටය. නමුත් සත්‍යය ඊට වඩා හාත්පසින්ම වෙනස් වනු ඇත.


ඇත්තවශයෙන්ම ඇමෙරිකාව ප‍්‍රමුඛ බටහිර බලවේග වලට ශ‍්‍රී ලංකාව බෙදා වෙන් කිරීමට, දුර්වල කිරීමට සහ යටත් කිරීමට අවශ්‍ය වන්නේ ලෝක යුද ආධිපත්‍ය ගොඩ නැගීම සඳහා ශ‍්‍රී ලංකාව භූදේශපාලනිකව සහ යුද්ධමය වශයෙන් ඉතා වැදගත් වන නිසාය. ඒ නිසා ඇමෙරිකානු යුද උන්මාදය වර්ධනය වන ප‍්‍රමාණයට සාපේක්‍ෂව ඔවුන් අපට එරෙහිව අටවා ඇති උගුලද තද කරනු ඇත. ඒ යුද උන්මාදයට පහර වදින සහ අභියෝග කෙරෙන ප‍්‍රමාණයට සාපේක්‍ෂව අපට එරෙහිව අටවා ඇති උගුල බුරුල් කෙරෙනු ඇත. ඒ නිසා මේ රළු යථාර්ථයට පිටුපාමින් ශ‍්‍රී ලංකාවේ අපට දේශපාලන තීන්දු ගැනීමට ඉඩක් නැති බව දැන්වත් මේ අවසාන පැයේදීවත් ජාතියක් ලෙස අප තේරුම් ගත යුතුව ඇත.


ඒ තේරුම් ගැනීම පෙන්වන ප‍්‍රධාන සලකුණ වන්නේ ඉන්දියානු හිවලාගේ බස් වලට තවදුරටත් රුවටීම නැවැත්වීමය. ඉතා සරලව කියනවා නම් අද ඉතා පැහැදිලිව ඇමෙරිකානු උපාංගයක් ලෙස ක‍්‍රියාකරන ඉන්නියාවේ සහාය මත ගොඩ ඒමට අල්පමාත‍්‍ර හෝ සිහිනයක් ඇත්නම් අප ඉන් කඩිනමින් අවධිවිය යුතුය. ඉන්දියාව විසින් තව තවත් අප බටහිර උතුලට තල්ලූකරනවා විනා ඉන් ගලවා ගැනීමට උදවි නොකරන බව මේ වන විට ඉතා පැහැදිලිව ඔප්පු කොට ඇත. ඒ නිසා ඉතා අමුවට සහ විවෘත ලෙස කියනවා නම් අද යුගයේ අපගේ අති ජාත මිතුරන් ලෙස චීනය සහ රුසියාව පිලිගැනීමට අපට තත්වයන් විසින් බලකෙරෙමින් ඇත. මිතුරන් දිනා ගැනීමට නම් මිතුරන්ගේ ඇඟට දැනෙන ලෙස මිතුරන් සේ හැසිරීය යුතුය. අද අප චීනය සහ රුසියාව සමග එසේ හැසිරෙනවාද යන්න පමා නොවී විමසා බැලිම ප‍්‍රමුඛතම දේශපාලන න්‍යායාත්මක විවාදයක් බවට පත්කර ගත යුතුව ඇත. පසුගිය දින ඒසියන් ටි‍්‍රබියුන් වෙඞ් අඩවිය වාර්තා කර තිබූ ආකාරයට ශ‍්‍රී ලංකාව ගමන් කරමින් සිටින්නේ ඊට ප‍්‍රතිවිරුද්ධ දේශපාලන දිශාවකටය. එනම් ඉන්දියානු සහ ඇමෙරිකානු කපටි ආරක්‍ෂකයින්ගේ වචන විශ්වාශ කරන දිශාවකටය. අප බොහෝ පමා වුවහොත් ඒ වරද නිවැරිදි කිරීමට ඉතිහාසය අපට කිසිදු ඉඩක් ලබානොදෙන බව සහතිකය.



වෙද්‍ය කේ.එම්. වසන්ත බණ්ඩාර








සම්බන්ධිත පුවත් | Related News

ඉන්දියාවේ ස්වදේශ කටයුතු අමාතයාංශය නිකුත් කල නවතම වාර්තාවකට අනුව කොටි සංවිධානය ඉන්දියාවේ තමිල්නාඩු ප‍්‍රාන්තය ඇතුළු දකුණු ඉන්දියානු ප‍්‍රදේශ මුල්කරගෙන නැවත වටයකින් සංවිධානය වෙමින් ඇත. ඒ නිසා ඉන්දියානු රජය එම සංවිධානයට
මාර්තු මස ජිනීවාහිදි පැවැත්වෙන 22 වැනි මානව හිමිකම් සමුළුවේදී ඉන්දියාව ශ‍්‍රී ලංකාවට එරෙහිව ඡුන්දය ප‍්‍රකාශ කරන බව මේ වන විට නිවේදනය කොට ඇත. නමුත් එවැනි තීන්දුවකට පසුව ශ‍්‍රී ලංකාවේ මහජනතාව අතර ප‍්‍රබල ඉනන්දියානු විරෝධ
’’ අධිරාජ්‍යවදී කුලී හමුදාවක් සහමුලින්ම විනාශ කොට රටක් නිදහස් කර ගැනීම පිළිබඳ ශ‍්‍රී ලාංකික ජාතිය ලෝකයේ ප‍්‍රමුඛතම ජාතියක් ලෙස ඉතිහාස ගත වනු ඇත. එසේම එවැනි වු මහා ජයග‍්‍රහණයකට පිටුපස හැරවු ජාතියක් ලෙසද අප ඉතිහාසගත වනු ඇත. ’’
මානව හිමිකම් කවුන්සිලයේ ඇමරිකානු තානාපති ලෙස පත්කොට ඇති ඩොනෙහියු නැමැති කාන්තාව පසුගිය දා මාධ්‍යයට ඉතා උද්දච්ච ප‍්‍රකාශයක් කලාය. ඇගේ ප‍්‍රකාශයේ සැබෑ සිංහල තේරුම අනුව ඇය කියන්නේ ශ‍්‍රී ලංකාව යෝජනාව ගෙන එ්මට පෙර හිස
මාර්තු 27 වැනිදා ජිනීවා සමුළුවේදී සාකච්ඡුාවට සහ ඡුන්ද විමසීමට ලක්වන ඇමෙරිකානු යෝජනාවේ කෙටුම්පත මේ වන විට මාධ්‍යයට නිකුත් වී ඇත. ඊට ප‍්‍රතිචාර දක්වන දෙමළ ඩයස්පෝරාව කියා සිටින්නේ ඇමෙරිකාව විසින් දෙමළ ජනතාවගේ අපේක්‍ෂා නොසලකා හැර ඇති බවයි. ඊට අමතරව සමහර රජයේ පාර්ශවද එම යෝජනාව ඔවුන් බලාපොරොත්තු වූ තරම් බරපතල නැතැයි මත පළකරමින් ඇත. නමුත් ජිනීවාහිදී රජය කටයුතු කළයුතු ආකාරය පිළිබඳව පසුගිය දිනවල රජයට උපදෙස් දුන් බෙදුම්වාදී න්‍යායචාර්්‍යවරුන් ඒ පිළිබඳව අනාවැකි පළකරන්නේ නැත. ඒ වෙනුවට ඔවුන් ජිනීවාහිදී ශ‍්‍රී ලංකා රජය නියෝජනය කරමින් තම මතය ඉදිරිපත් කළ ජී.එල්. පීරිස් අමාත්‍යතුමාට ඉතා තදින් දෝෂාරෝපනය කරති.
පසුගිය දා බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවැත්වූ හේතුවක් සොයාගත නොහැකි වකුගඩු රෝගයට අදාල විද්‍යාත්මක පත‍්‍රිකාවක් ඉදිරිපත් කිරීමේ අවස්ථාව බැලූ බැල්මට හේතු කිහිපයක් නිසා සුවිශේෂී විය. පළමුවැන්න එය විද්‍යාත්මක පත‍්‍රිකාවක් ඉදිරිපත්
පසුගිය 16 වැනිදාට යෙදුනු ලෝක ආහාර දිනය සමරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය ආහාර සුරක්‍ෂිතතා සතියක් ප‍්‍රකාශයට පත්කොට ඇත. ඔවුන් එහිදී ආහාර සුරක්‍ෂිතාව :ත්‍දදා ීැජමරසඑහ* පිළිබඳව කථාකලත් ඔවුන්ගේ අවධානයට ලක්වන්නේ ආහාර වල සෞඛ්‍ය ආරක්‍ෂාව :ත්‍දදා ී්එැඑහ* පමණී. ඇත්තවශයෙන්ම ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය ආහාර පිළිබඳව කුමක් කථාකලත් ඔවුන්ගේ ක‍්‍රියාකාරීත්වය විමසා බැලීමේදී පැහැදිලිව පෙනී යන දෙයක් ඇත. ඒ ඔවුනට ආහාර ආරක්‍ෂාව, ආහාර සුරක්‍ෂිතතාව සහ පෝෂණය අතර පවතින සමාජ-ආර්ථික, දේශපාලන හෝ සංස්කෘතික සහ පාරසරික සහ-සම්බන්ධතාවයන් පිළිබඳව ගැඹුරු අවබෝධයක් නොමැති බවය.
පසුගිය සමයේ මහත් ආන්දෝලනයක් ඇතිකල ආසනික් විරෝධී සටන ශ‍්‍රී ලංකාවේ මිනිස් ජීවිත වලට සහ පරිසරයට ආදරය කරන මිනිස්සුන්ට පරාජය අත්පත් කර දෙමින් අවසන් වී ඇත. එ් අනුව සමාගම් හිතවාදී සහ එ් නිසාම ආසනික් හිතවාදී වු න්ලධාරී ත‍්‍රන්තය
පහත පළකෙරෙන අතිගරු ජනාධිපතිතුමාට යොමුකෙරෙන ලිපියෙන් ඉල්ලා සිටින පරිදී රජරට වකුගඩු රෝගය පාලනය කිරීමට අදාල මූලික පියවරක් ලෙස කෘෂි රසායන භාවිතය පාලනය කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් එම අමාත්‍යාංශයේ

ප්‍රධාන පුවත්

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..

කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1974 සහ 1976 වසරවලදී ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ (OHCHR) විශේෂඥයන් සිව්දෙනෙකු විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යොමු කරන ලද පිටු 8කින් යුත් විශේෂ ලිපියක් පිළිබඳව ප්‍රවීණ මාධ්‍යවේදී ධර්ම ශ්‍රී කාරියවසම් මහතා සිය "කාරිගේ චැනල් එක" යූටියුබ් නාලිකාව ඔස්සේ විශේෂ අනාවරණයක් සිදු කර සිටී.

ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්

ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ ආරක්ෂක හා යුද සහයෝගීතාවන් ගොඩනගා ගැනීමට උත්සාහ කිරීම තුළින් රට බරපතල භූ-දේශපාලනික අර්බුදයකට මෙන්ම වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමකට තල්ලු වන බවට ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පෙන්වා දෙයි.

උතුරු-නැගෙනහිර බෙදුම්වාදී ක්‍රියා වහා පාලනය කිරීමට මැදිහත්වන්න.. - ජාතික නිදහස් පෙරමුණෙන් ජනපති අනුරට ලිපියක්

උතුර සහ නැගෙනහිර පළාත් තුළ ජාතිවාදී හා බෙදුම්වාදී ක්‍රියාකාරකම් වර්ධනය වෙමින් පවතින බවත්, ඒවා වැළැක්වීමට ආණ්ඩුව වහා පියවර ගත යුතු බවත් පවසමින් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමු කර තිබේ.

වහබ්වාදී ආගමික අන්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා වූ ගෝඨාභය රාජපක්ෂ යෝජනාවලිය යනු කුමක් ද?

ජාතික සංවිධාන විසින් මතුකරන ආගමික අන්තවාදය අවසන් කිරීම සඳහා වූ යෝජනා මොනවාදැයි ලංකා ලීඩර් පාඨකයෝ විමසති. ඒ නිසා ඒ පිළිබඳව වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගෙන් නැවත විමසීමට සිදුවිය. මේ ඔහුගේ කතාව,

''භික්ෂුවගේ සිවුර ඉවත් කිරීම සංඝ සභාවේ තීරණයක් විය යුතුයි'' - කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාර කොමසාරිස්ට ලිපියක්

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට සිවුර දැරීමට ඇති අයිතිය සම්බන්ධයෙන් කෝට්ටේ සංඝ සභාව විසින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත ලිපියක් යොමුකරමින් ඉල්ලීමක් සිදුකර තිබේ.

සරම්ප වසංගතය දරුණු වෙයි: නිව්යෝර්ක් හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශ කරයි! ඇමරිකාවේ සරම්ප රෝගීන් 3,887ක් – පෙන්සිල්වේනියා මරණ වාර්තා සම්බන්ධයෙන් සෞඛ්‍ය ලේකම් රොබට් එෆ්. කෙනඩි ජූනියර් ප්‍රශ්න කරයි

සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින සරම්ප වසංගතය හේතුවෙන් නිව්යෝර්ක් ආණ්ඩුකාර කැති හොචුල් විසින් සමස්ත නිව්යෝර්ක් ප්‍රාන්තය සඳහාම හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.