News Category
From Date
To Date
Maximum Number of Result

ආහාර ගිනිකන්ඳ මුදුනේ සිට....

Aug 5, 2026 at 06:00 PM
|

පසුගිය 16 වැනිදාට යෙදුනු ලෝක ආහාර දිනය සමරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය ආහාර සුරක්‍ෂිතතා සතියක් ප‍්‍රකාශයට පත්කොට ඇත. ඔවුන් එහිදී ආහාර සුරක්‍ෂිතාව :ත්‍දදා ීැජමරසඑහ* පිළිබඳව කථාකලත් ඔවුන්ගේ අවධානයට ලක්වන්නේ ආහාර වල සෞඛ්‍ය ආරක්‍ෂාව :ත්‍දදා ී්එැඑහ* පමණී. ඇත්තවශයෙන්ම ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය ආහාර පිළිබඳව කුමක් කථාකලත් ඔවුන්ගේ ක‍්‍රියාකාරීත්වය විමසා බැලීමේදී පැහැදිලිව පෙනී යන දෙයක් ඇත. ඒ ඔවුනට ආහාර ආරක්‍ෂාව, ආහාර සුරක්‍ෂිතතාව සහ පෝෂණය අතර පවතින සමාජ-ආර්ථික, දේශපාලන හෝ සංස්කෘතික සහ පාරසරික සහ-සම්බන්ධතාවයන් පිළිබඳව ගැඹුරු අවබෝධයක් නොමැති බවය.

පසුගිය කාලයේදී සෞඛය අමාත්‍යාංශය සහ කොළඹ නගර සභාව ආහාර වල සෞඛ්‍ය ආරක්‍ෂාව නැමැති සාධකය ව්‍යුක්තව ගෙන ක‍්‍රියාමාර්ග ගැනීම නිසා කොළඹ නගරයේ අඩු ආදායම්ලාභී පවුල් 65,000 ක සාමාජිකයින්ට බලවත් අසාධාරණයක් සිදුවෙමින් ඇත. එහිදී ඔවුන් ආහාර ආරක්‍ෂාවට යටත්කොට එම ජනතාවගේ ආහාර සුරක්‍ෂිිතතාව සහ පෝෂණය අනතුරට හෙලා ඇත. ඒ වීදිවල පැකට්කළ ආහාර විකිණීමට බාධා පැමිණවීම මඟිනි. මෙම ක‍්‍රියාමාර්ගවලට අවතීර්ණ වීමට පෙර එම ජනතාව අතර විශාල වශයෙන් බත් සහ ඉදිආප්ප, පිට්ටු ආදී සහල්පිටි ආහාර ප‍්‍රචලිතවීම ආරම්භ වී තිබුණි. ඒ තුළ උදේ වේලට පවා ඔවුන් අතර පාන් හෝ ෆාම් තෙල්වල ගිල්වා හදන පාන්පිටි රොටී වර්ග වෙනුවට බත් ආහාරයට ගැනීමට ප‍්‍රවනතාවයක් ඇතිවිය. එසේ වන්නේ අඩු ආදායම්ලාභී නිවෙස්වල සකස්කරන බත් පැකට් ඉතා අඩු මිලට නගරය පුරාම වීදි වෙළදුන් මඟින් මිලඳී ගැනීමට හැකිවීම නිසාය.

පිටපළාත් වලින් කොළඹට එන ජනතාවටද අඩුමිලට බත් පැකට්ටුවක් මිලදී ගැනීමට හැකිවීම නිසා එම ආහාර පුරුද්ද ඉතා කෙටිකාලෙකින් ප‍්‍රචලිත විය. ඒ මඟින් එක් පැත්තකින් එම ජනතාවට ආර්ථික ඉඩ ප‍්‍රස්ථා ප‍්‍රමාණයක් විවෘත විය. අනෙක් පැත්තෙන් ඒ හරහා රාජ්‍ය අනුග‍්‍රහය නොමැතිව පෝෂණ වැඩසටහනක්ද ප‍්‍රචලිත විය. දැන් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් කළයුතු දේට ඔවුන් විසින්ම බාධා පමුණුවමින් ඇත. එසේ වන්නේ ඉහත සඳහන්කළ ආකාරයට ආහාරවලට අදාල ආරක්‍ෂාව, සුරක්‍ෂිතතාව, පෝෂණය සහ සංස්කෘතිය යන සාධක වල අන්තර් ක‍්‍රියාකාරීත්වය පටලවා ගැනීම නිසාය.

ආහාරවල  සෞඛ්‍ය ආරක්‍ෂාව ඉතා වැදගත් බවට විවාදයක් නැත. එහෙත් ලෝකය පුරා අත්දැකීම් විමසා බැලීමේදී ඉතා පැහැදිලිව පෙනී යන දෙයක් ඇත. ඒ නීති මඟින් පාලනය කිරීමට වඩා ජනතාවගේ අධ්‍යාපන සහ සමාජ ආර්ථික මට්ටම් දියුණු වීම මෙන්ම පහසුකම් සහ පුහුණුව ලබාදීම මඟින් ඵලදායී ප‍්‍රතිඵල අත්පත්කරගත් බවය. ලෝකය පුරා ආහාර මඟින් ආසාදනය වන රෝග ප‍්‍රචලිතවීම ක‍්‍රමාණුකූලව පහල බසින්නේ එම ජයග‍්‍රහණ වලට සාපේක්‍ෂවය. එහෙත් අදවන විට ආහාර ආරක්‍ෂාවට අදාල සෞඛ්‍ය ප‍්‍රශ්න අභිභවා පෝෂණයට සහ ආහාර සුරක්‍ෂිතතාවට අදාල ප‍්‍රශ්න ඉතා බරපතල ලෙස මතුවෙමින් ඇත. අද ලෝකයේ සිදුවන මරණ වලින් 60% කට වගකිව යුතු වන්නේ ප‍්‍රධානවශයෙන් ආහාර සංස්කෘතිය සමඟ බැඳුණු රෝගී තත්වයන් බව පිළිගැනේ. මීට අවුරුදු 30 කට පෙර අධික තරබාරුවෙන් පීඩාවට පත් ජනගහනය 10% පමණවූවත් අද එය 50% දක්වා ඉහළ යමින් ඇත. එහිදී නරකම තත්වයක් වන්නේ        10% ක් පමණ පවුල්වල අධිපෝෂණ තත්වය සහ අව පෝෂණ තත්වය එකවිට පැවතීමය.

මේ වෙනස්කම් සමඟ සමපාතවන සුවිශේෂී ලෝක ප‍්‍රවනතාවයක් පසුගිය අඩසියවස තුළ සිදුවිය. ඒ බහුජාතික සමාගම් වල ග‍්‍රහණයට නතුවූ ඉතා පුළුල් ලෝක ආහාර වෙළඳපලක් නිර්මාණය වීම සහ සාමාන්‍ය පොදු ජනතාව ක‍්‍රමයෙන් සොභාවික ආහාර පුරුදුවලින් ඈත් වීමය. මේ තත්වය තුළ අද ලෝක ජනගහණයෙන් මිලියන 1000 ක් පමණ රාත‍්‍රී නින්දට යන්නේ ආහාර වේලක් නොමැතිව බඩගින්නේය. කණගාටුවට කරුණ වන්නේ ආර්තික වශයෙන් එවැනි තත්වයකට පත්වී ඇති ජනතාව වාසය කරන්නේ ආහාර නිෂ්පාදනයට අවශ්‍ය බොහෝ සාධක වලින් සපිරි ප‍්‍රදේශ වල වීමය.

යම් රටක ජනතාවට තමාට අවශ්‍ය ආහාර තම රට තුළදීම නිපදවාගැනීමට ඇති හැකියාව ආහාර සුරක්‍ෂිතතාව ලෙස හැදින්වේ. ආහාර සුරක්‍ෂිතතාවේ ප‍්‍රධාන පැතිකඩවල් තුනක් ඇත. පළමුවැන්න ආහාර භූගෝලීය වශයෙන් ලබාගතහැකි වීමය. දෙවැන්න එම ආහාර මිලදී ගැනීමට හෝ නිපදවා ගැනීමට මූල්‍යමය හැකියාවක් තිබීමය. තුන්වැන්න ආහාර ස්වයිරීත්වය හෙවත් බාහිර සාධකමත යැපීමකින් තොරව තම රටතුල ආහාර නිපදවා ගැනීමට ඇති හැකියාව ලෙස හදුනාගත හැක. කෙසේවෙතත් ආහාර සුරක්‍ෂිතතාවයට මෙන්ම පෝෂණයටද අදාල ප‍්‍රධාන පොදු සාධකයක් ඇත. ඒ ආහාරයේ විවිධත්වයයි. එනම් හැකිතාක් විවිධ ප‍්‍රභවයන්ගෙන් ලැබෙන ආහාරවර්ග පරිභෝජනය කිරීමය. උදාහරණයක් ලෙස බත් සහ ව්‍යන්ජනයන් දෙකක් පමණක් වෙනුවට බත් සමඟ අල, දෙල්, කොස්, පළාවර්ග සහ විවිධ එළවළු වර්ග ආදී වශයෙන් විවිධ ආහාර වර්ග ආහාර වේලට එකතුකර ගැනීම ඉතා වැදගත් වේ. එනම් ආහාර වර්ග රාශියක් ආහාර වේලට එකතුකර ගැනීම ඉතා වැදගත් වේ. එය පෝෂණමය වශයෙන් පමණක් නොව ආර්ථික සහ පාරිසරික වශයෙන්ද දීර්ඝකාලීනව පවත්වාගත හැකි ආහාර සංස්කෘතියක් බැවින් ඒ මඟින් ආහාර සුරක්‍ෂිතතාවයද දීර්ඝකාලීනව සුරැකේ.

නමුත් නූතන පෝෂණවේදීන් පෝෂණයට අදාල ජෛව රසායන පැහැදිලිකිරීම් වලට මුල්තැන දීම නිසා ඊනියා දෙන ලද පෝෂණ තත්වයක් ලඟාගර ගැනීම සඳහා එක් ආහාරයක් හෝ දෙකක් පරිභෝජනය කිරීමද සෑහේ. එසේ සෑහෙන්නේ නැති නම් ඒ ජෛව රසායන නිර්ණායක වලටම අනුව අමතර පෝෂක ද්‍රව්‍යය එම ආහාරයට එකතු කළ හැක. මෙම පෝෂණවේදීන්ට අනුව පාන්පිටි ආහාර වැඩිවශයෙන් පරිභෝජනය කරන පිරිස්වලට යකඩ ඌනතාවය ඇත්නම් කළයුත්තේ පාන්පිටි වලට යකඩ එකතුකිරීමය. මේ පිළිගැනීම මත අද සෞඛ්‍ය අමාත්‍යාංශය ප‍්‍රායෝගිකව එවැනි වැඩසටහන් ක‍්‍රියාත්මක කරමින් ඇත. මෙම පෝෂණවේදීන්ට අනුව ඔවුන් කියන කාබෝහයිඩ්‍රේට්, පෝටීන්, ලිපිඩ සහ මූලද්‍රව්‍ය අවශ්‍ය ප‍්‍රමාණවලින් තිබෙනවා නම් ආහාරය කුමක් වූවත් ගැටළුවක් නැත.

ඇත්තවශයෙන්ම බහුජාතික සමාගම් ආහාරවර්ග කිහිපයක් මත පදනම් වූ තම ආහාර වෙළඳපල විශ්වාශ කළ නොහැකි තරමට පුළුල් කරන්නේ පෝෂණයට අදාල මෙම පටු ජෛව රසායන භාවිතය තුළය. අද අප අතර නොමැති ජෛව රසායන විද්‍යා මහාචාර්ය වික‍්‍රමනායක මහතා මීට වසර 30-40 කට පෙර ඊට එරෙහිව ප‍්‍රභල මතවාදයක් ගෙනගිය අයෙකි. ඔහු ආහාර සහ පෝෂණය නැමැති තම කෘතියේ පමණක් නොව දේශන වලදීද පෝෂණයට පෙර ආහාර වලට මුල්තැන දුන්නේ අද පවතින තත්වය දිවැසින් දුටු නිසා විය හැක. පෝෂණවේදීන්ගේ පටලැවිල්ල තවත් හොඳින් පෙන්වන අවස්ථාවක් වන්නේ සමහර පෝෂණවේදීන් කිරිවල විශේෂ පෝෂණ ගුණයක් නැත යන තර්කය ව්‍යුක්තව ඉදිරිපත් කරමින් ආහාර සුරක්‍ෂිතතාව අවතක්සේරු කිරීමය. ඇත්තවශයෙන්ම අප ඉන්දියානුවන් මෙන් කිරි බොන ජාතියක් නොවුනත් ෙඓතිහාසිකව කිරි කන ජාතියකි. ආහාරයට කිරි එකතුතර ගැනීම පෝෂණමය වශයෙන් ඉතා වැදගත් නොවුවත් ආහාර සුරක්‍ෂිතතාව පැත්තෙන් ඉතා වැදගත් වේ. ආහාර සුරක්‍ෂිතතාව තහවුරුකිරීම සඳහා මිනිසා තණකොළ වූවත් ආහාරයට ගැනීම අනුමත කළ හැක. එහෙත් මිනිසාට තණකොළ දිරවන්නේ නැත. ඒ නිසා තණකොළ දිරවන මැෂිමක් වන හරකාට තණකොළ කවා උගෙන් කිරි ලබාගෙන ආහාරයට ගැනීම යනු ආහාර සුරක්‍ෂිතතාව රැකීම පිළිබඳ හොඳම උදාහරණයකි. ඇත්ත ප‍්‍රශ්ණය වන්නේ රටට අවශ්‍ය කිරි හෝ කිරිපිටි ප‍්‍රමාණය රට තුළ නිපදවා නොගෙන ආනයන මත යැපීමය. කෙසේවෙතත් ව්‍යාජ පෝෂණ හේතු ඉදිරිපත් කරමින් ආනයනික කිරිපිටි ප‍්‍රචලිත කිරීමටද සමහර පෝෂණවේදීන් ඉදිරිපත්වීම ඉතාම දුප්පත් සහ පහත් වෘත්තීය හැසිරීමකි.

අප ජාතියක්  ලෙස ෙඓතිහාසිකව ආහාර විශේෂ 800 ක් පමණ පරිභෝජනයට ගත් සුවිශේෂී මිනිස් කොට්ඨාශයකි. එහෙත් අද අප බහුජාතික සමාගම්වල වෙළඳපල උගුල් වලට හසුවී එම ප‍්‍රමාණය දළවශයෙන් 50 පමණ දක්වා අඩුකරගෙන ඇත. ගොවියා වී විකුණාගත නොහැකිව ලතවෙන රටක මිනිසුන් පාන්පිටි මො.ටො. ලක්‍ෂ 10 ක් ආනයනය කොට ගිලදමන්නේ එම ගමනේ තර්කානුකූල ගමනාන්තයක් ලෙසය. කෙසේවෙතත් ආහාර වර්ග රාශියක් මධ්‍යස්ථ ප‍්‍රමාණයෙන් නිපදවීම වෙනුවට වර්ග කිහිපයක් වැඩි වශයෙන් නිපදවීමට ගන්නා උත්සාහය තුළ සිදුවන පරිසර විනාශය වෙනමම කථාකළ යුතු මාතෘකාවකි.

ඉහත සඳහන් කළ ආකාරයට පසුගිය කාලයේදී ක‍්‍රමයෙන් බත්කෑමට පුරුදු වෙමින් සිටි කොළඹ නගරයේ අඩුපහසුකම් ලාභී ජනතාව සෞඛ්‍ය බලධාරීන් විසින් නැවත පාන්පිටි ගිලින සංස්කෘතියට තල්ලූකිරීම සිදුවන්නේ ආහාර ආරක්‍ෂාවේ නාමයෙනි. එහිදිී ඔවුහු ආහාර පිසින ස්ථානය සහ ආකාරය මෙන්ම පැකට් කිරීමේ සහ විකිණීමේ ක‍්‍රියාවලිය දියුණු කරගැනීමට උදව්කරනවා වෙනුවට විකුණනන බත් පැකට්ටුවේ තිබිය යුතු යම් නිර්ණායක ප‍්‍රමාණයක් පෙන්වා ඒවා තහනම් කරති. බහුජාතික සමාගම් තම වෙළඳපල පුළුල් කරන්නේ මෙම ඊනියා කෘතිම නිර්ණායක වලට පින්සිදු වන්නටය. ශ‍්‍රී ලංකාවේදී ඊට හොඳම උදාහරණය සපයන්නේ යෝගට් වෙළඳපලයි. දැන් බහුජාතික සමාගම් වල යෝගට් කප් එක මෙන් සීල් කෙරෙන ආවරණයක් නොමැති නම් කුඩා පරිමාන යෝගට් නිෂ්පාදන වෙළඳපලේ විකිණිය නොහැක. ඒ මඟින් සෞඛ්‍ය බලධාරීන් දැනුවත්ව හෝ නොදැනුවත්ව කුඩාපරිමාන යෝගට් සහ මුදවපු කිරි නිෂ්පාදකයාගේ ගෙල සිරකිරීමේ කඹය බහුජාතික සමාගම් අතට පත්කොට ඇත. මේ බලධාරීන් ඉපදීමට වසර දහස්ගණනකට පෙර ප‍්‍රචලිත වූ කිරි ආහාර සංස්තෘකිය බහුජාතික සමාගම් අත්අඩංගුවට පත්වන්නේ ඔවුන්ගේ මෙම අමන සහ කෘතිම ආහාර ප‍්‍රමිතීන්වලට පින්සිදු වන්නටය.

මේ පටලැවිළි සියල්ලේ අවසාන ප‍්‍රතිඵලය ලෙස එක් පැත්තකින් මහජනයා පෝෂණය ආශ‍්‍රිත රෝග පීඩා    රැසකට ගොඳුරුවෙමින් ඇත. අනෙක් පැත්තෙන් ආහාර ආනයනය සඳහා වැයවන විදේශ විනිමය ප‍්‍රමාණය දිනෙන් දිනම ඉහළ යමින් ඇත. තවත් පැත්තකින් වී මිල ප‍්‍රශ්නය නිසා ගොවියා වී වගාව අත්හරිමින් ඇත. එහි සැබෑ ප‍්‍රතිඵලය අත්විදීමට සිදුවන්නේ තව වසර 10-15 කිනි. ආණ්ඩුවේ බලධාරීන් වී මෙ.ටො. ලක්‍ෂ 02 ක් කළමනාකරණය කිරීම සඳහා නොකරන දෙයක් නැත. තොග විනාශ වීමට ඉඩහැරීම, අඩු මිලට සහල් පිටරට පැටවීමේ සිට සත්ව ආහාර වලට විකිණීම දක්වා වන ආහාර සුරක්‍ෂිතතාවයට අදාල ජාතික අපරාධ රාශියකට ඔවුන් දායක වූවත් තවමත් එම ප‍්‍රශ්නය විසදෙන්නේ නැත. නමුත් පාන්පිටි මෙ.ටො. ලක්‍ෂ 10 න් අඩුතරමින් ලක්‍ෂ එක හමාරක් අඩුකරගත හැකි නම් ප‍්‍රශ්නයට විසදුමක් තිබෙන බව පහේ පන්තියේ ගණිතය ඉගෙන ගන්නා සිසුවෙකුගෙන් වූවත් අසා දැනගත හැක. එහෙත් උපාධියෙන් පසුව පහේ ශිෂ්‍යත්ව ප‍්‍රශ්න පත‍්‍රයට ලියා පරිපාලනයට අවතීර්ණවන නිළධාරීන්ට ඒවා තේරෙන්නේ නැත.

අවසාන වශයෙන් කිවයුත්තේ අවම වශයෙන් මේ ආහාර සතියේදීවත් පාසල්වල පාන්පිටි ආහාර සහ පැණිබීම විකිණීම තහනුම් කෙරෙන වක‍්‍ර ලේඛණය රෝහල් වලට සහ අනෙකුත් රාජ්‍ය ආයතන වලටද අදාල කරගනිමින්ම ක‍්‍රියාත්මක කරනවා නම් එය මහා පුණ්‍යකර්මයක්ය. එහෙත් වැඩිම මිල ගෙවන ආපනශාලා හිමියාට පාසල් ආපනශාලා විකුණන විදුහල්පතිවරුන්, පාසල් සංවර්ධන සමිති සහ ආදි ශිෂ්‍ය සංගම් සිටිනතාක් කල් එයද ක‍්‍රියාත්මක කළ නොහැකි බව කිව යුතුය. කෙසේවෙතත් අවසාන වශයෙන් කිවයුතු දෙයක්ද ඇත. ඒ අප රටේ සෞඛ්‍ය බලධාරීන් අප රටේ මහා සෞඛ්‍ය ගැටළුවේ විශාල පැතිකඩක් නියෝජනය කරන ‘‘ආහාර ප‍්‍රශ්නය’’ දෙස බලන්නේ නිදහස් සහ විවෘත මනසකින් නොවන බවය.


වෙද්‍ය කේ.එම්. වසන්ත බණ්ඩාර


සම්බන්ධිත පුවත් | Related News

ඉන්දියාවේ ස්වදේශ කටයුතු අමාතයාංශය නිකුත් කල නවතම වාර්තාවකට අනුව කොටි සංවිධානය ඉන්දියාවේ තමිල්නාඩු ප‍්‍රාන්තය ඇතුළු දකුණු ඉන්දියානු ප‍්‍රදේශ මුල්කරගෙන නැවත වටයකින් සංවිධානය වෙමින් ඇත. ඒ නිසා ඉන්දියානු රජය එම සංවිධානයට
මාර්තු මස ජිනීවාහිදි පැවැත්වෙන 22 වැනි මානව හිමිකම් සමුළුවේදී ඉන්දියාව ශ‍්‍රී ලංකාවට එරෙහිව ඡුන්දය ප‍්‍රකාශ කරන බව මේ වන විට නිවේදනය කොට ඇත. නමුත් එවැනි තීන්දුවකට පසුව ශ‍්‍රී ලංකාවේ මහජනතාව අතර ප‍්‍රබල ඉනන්දියානු විරෝධ
’’ අධිරාජ්‍යවදී කුලී හමුදාවක් සහමුලින්ම විනාශ කොට රටක් නිදහස් කර ගැනීම පිළිබඳ ශ‍්‍රී ලාංකික ජාතිය ලෝකයේ ප‍්‍රමුඛතම ජාතියක් ලෙස ඉතිහාස ගත වනු ඇත. එසේම එවැනි වු මහා ජයග‍්‍රහණයකට පිටුපස හැරවු ජාතියක් ලෙසද අප ඉතිහාසගත වනු ඇත. ’’
මානව හිමිකම් කවුන්සිලයේ ඇමරිකානු තානාපති ලෙස පත්කොට ඇති ඩොනෙහියු නැමැති කාන්තාව පසුගිය දා මාධ්‍යයට ඉතා උද්දච්ච ප‍්‍රකාශයක් කලාය. ඇගේ ප‍්‍රකාශයේ සැබෑ සිංහල තේරුම අනුව ඇය කියන්නේ ශ‍්‍රී ලංකාව යෝජනාව ගෙන එ්මට පෙර හිස
මාර්තු 27 වැනිදා ජිනීවා සමුළුවේදී සාකච්ඡුාවට සහ ඡුන්ද විමසීමට ලක්වන ඇමෙරිකානු යෝජනාවේ කෙටුම්පත මේ වන විට මාධ්‍යයට නිකුත් වී ඇත. ඊට ප‍්‍රතිචාර දක්වන දෙමළ ඩයස්පෝරාව කියා සිටින්නේ ඇමෙරිකාව විසින් දෙමළ ජනතාවගේ අපේක්‍ෂා නොසලකා හැර ඇති බවයි. ඊට අමතරව සමහර රජයේ පාර්ශවද එම යෝජනාව ඔවුන් බලාපොරොත්තු වූ තරම් බරපතල නැතැයි මත පළකරමින් ඇත. නමුත් ජිනීවාහිදී රජය කටයුතු කළයුතු ආකාරය පිළිබඳව පසුගිය දිනවල රජයට උපදෙස් දුන් බෙදුම්වාදී න්‍යායචාර්්‍යවරුන් ඒ පිළිබඳව අනාවැකි පළකරන්නේ නැත. ඒ වෙනුවට ඔවුන් ජිනීවාහිදී ශ‍්‍රී ලංකා රජය නියෝජනය කරමින් තම මතය ඉදිරිපත් කළ ජී.එල්. පීරිස් අමාත්‍යතුමාට ඉතා තදින් දෝෂාරෝපනය කරති.
පසුගිය දා බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවැත්වූ හේතුවක් සොයාගත නොහැකි වකුගඩු රෝගයට අදාල විද්‍යාත්මක පත‍්‍රිකාවක් ඉදිරිපත් කිරීමේ අවස්ථාව බැලූ බැල්මට හේතු කිහිපයක් නිසා සුවිශේෂී විය. පළමුවැන්න එය විද්‍යාත්මක පත‍්‍රිකාවක් ඉදිරිපත්
ඇමෙරිකාවේ දැන උගත් ජනතාව අන්දුන් කුන්දුන් කරමින් 2012 මාර්තු 16 වැනිදා ඉතා වැදගත් ලේඛනයකට ඒ රටේ ජනාධිපති බරක් ඔබාමා විසින් අත්සන් තැබිනි. එම ලේඛනය හැදින්වෙන්නේ ‘‘ විධායක නියෝගය ’’ යන තාක්‍ෂණික නාමයෙනි. ඒ මගින් ඔහුගේ බලයලත් ලේකම්වරුන්ට සමස්ථ රටම යුද වාතාවරණයක තැබීම සඳහා අවශ්‍ය සියළු බලතල ලබා දී ඇත. ඒ අනුව අනාගතයේදී ඕනෑම දවසක ඇමෙරිකාවේ රාජ්‍ය සහ පුද්ගලික සමාගම් සතු දේපල සහ මහජනයා සතු දේපල මෙන්ම රටේ පොදු සම්පත් යුද්ධය
පසුගිය සමයේ මහත් ආන්දෝලනයක් ඇතිකල ආසනික් විරෝධී සටන ශ‍්‍රී ලංකාවේ මිනිස් ජීවිත වලට සහ පරිසරයට ආදරය කරන මිනිස්සුන්ට පරාජය අත්පත් කර දෙමින් අවසන් වී ඇත. එ් අනුව සමාගම් හිතවාදී සහ එ් නිසාම ආසනික් හිතවාදී වු න්ලධාරී ත‍්‍රන්තය
පහත පළකෙරෙන අතිගරු ජනාධිපතිතුමාට යොමුකෙරෙන ලිපියෙන් ඉල්ලා සිටින පරිදී රජරට වකුගඩු රෝගය පාලනය කිරීමට අදාල මූලික පියවරක් ලෙස කෘෂි රසායන භාවිතය පාලනය කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් එම අමාත්‍යාංශයේ

ප්‍රධාන පුවත්

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..

කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1974 සහ 1976 වසරවලදී ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ (OHCHR) විශේෂඥයන් සිව්දෙනෙකු විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යොමු කරන ලද පිටු 8කින් යුත් විශේෂ ලිපියක් පිළිබඳව ප්‍රවීණ මාධ්‍යවේදී ධර්ම ශ්‍රී කාරියවසම් මහතා සිය "කාරිගේ චැනල් එක" යූටියුබ් නාලිකාව ඔස්සේ විශේෂ අනාවරණයක් සිදු කර සිටී.

ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්

ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ ආරක්ෂක හා යුද සහයෝගීතාවන් ගොඩනගා ගැනීමට උත්සාහ කිරීම තුළින් රට බරපතල භූ-දේශපාලනික අර්බුදයකට මෙන්ම වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමකට තල්ලු වන බවට ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පෙන්වා දෙයි.

උතුරු-නැගෙනහිර බෙදුම්වාදී ක්‍රියා වහා පාලනය කිරීමට මැදිහත්වන්න.. - ජාතික නිදහස් පෙරමුණෙන් ජනපති අනුරට ලිපියක්

උතුර සහ නැගෙනහිර පළාත් තුළ ජාතිවාදී හා බෙදුම්වාදී ක්‍රියාකාරකම් වර්ධනය වෙමින් පවතින බවත්, ඒවා වැළැක්වීමට ආණ්ඩුව වහා පියවර ගත යුතු බවත් පවසමින් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමු කර තිබේ.

වහබ්වාදී ආගමික අන්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා වූ ගෝඨාභය රාජපක්ෂ යෝජනාවලිය යනු කුමක් ද?

ජාතික සංවිධාන විසින් මතුකරන ආගමික අන්තවාදය අවසන් කිරීම සඳහා වූ යෝජනා මොනවාදැයි ලංකා ලීඩර් පාඨකයෝ විමසති. ඒ නිසා ඒ පිළිබඳව වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගෙන් නැවත විමසීමට සිදුවිය. මේ ඔහුගේ කතාව,

''භික්ෂුවගේ සිවුර ඉවත් කිරීම සංඝ සභාවේ තීරණයක් විය යුතුයි'' - කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාර කොමසාරිස්ට ලිපියක්

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට සිවුර දැරීමට ඇති අයිතිය සම්බන්ධයෙන් කෝට්ටේ සංඝ සභාව විසින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත ලිපියක් යොමුකරමින් ඉල්ලීමක් සිදුකර තිබේ.

සරම්ප වසංගතය දරුණු වෙයි: නිව්යෝර්ක් හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශ කරයි! ඇමරිකාවේ සරම්ප රෝගීන් 3,887ක් – පෙන්සිල්වේනියා මරණ වාර්තා සම්බන්ධයෙන් සෞඛ්‍ය ලේකම් රොබට් එෆ්. කෙනඩි ජූනියර් ප්‍රශ්න කරයි

සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින සරම්ප වසංගතය හේතුවෙන් නිව්යෝර්ක් ආණ්ඩුකාර කැති හොචුල් විසින් සමස්ත නිව්යෝර්ක් ප්‍රාන්තය සඳහාම හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.