'පාස්කු ප්‍රහාරය ගැන විමර්ශකයින් පත්කරලා තියෙන්නේ කතෝලික පල්ලියෙන්' - අතරමැදි පෙත්සම්කරුවෝ අධිකරණයට කියති..
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සමට මැදිහත් වී කරුණු දක්වීම සඳහා ඉදිරිපත් කළ අතරමැදි පෙත්සම නිෂ්ප්‍රභ කරන ලෙස නීතිපතිවරයා අද (අගෝ: 04) අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.
එම අතරමැදි පෙත්සම් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දුගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුහර්ෂි හේරත් එම ඉල්ලීම කළා ය.
එම අතරමැදි පෙත්සම් සලකා බැලීම සඳහා කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර සුරේෂ් සලේ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ සංජීව ජයවර්ධන අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම අතරමැදි පෙත්සම් සම්බන්ධයෙන් තමන් විරෝධය පළ නොකරන බව සඳහන් කළේ ය.
සිය සේවාදායකයාගේ පෙත්සමට එරෙහිව කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අතරමැදි පෙත්සමක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් තමන් සතුටට පත්වන බවත් ඔහු පැවසුවේ ය.
ඉන් අනතුරුව වගඋත්තරකාර අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර ඇතුළු වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුහර්ෂි හේරත් කියා සිටියේ, මෙම අතරමැදි පෙත්සම් සලකා බැලීම සම්බන්ධයෙන් තමන් විරෝධය පළ කරන බව ය.
මීට පෙර විනිශ්චිත නඩු තීන්දු කිහිපයක් උපුටා දක්වමින් කරුණු දක්වූ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරිය එම නඩු තීන්දුවලට අනුව මෙම අතරමැදි පෙත්සම් සඳහා අනුමැතිය දීමට හැකියාවක් නොමැති බවට තර්ක කළා ය.
කෙසේ වෙතත්, අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා කියා සිටියේ, මෙම අතරමැදි පෙත්සම්කරුවන් ඉදිරිපත් කරන කරුණු සම්බන්ධයෙන් ද තමා අධිකරණයේ අවධානය යොමු කරන බව ය.
මේ වන විට සුරේෂ් සලේගේ පෙත්සමට පක්ෂව සහ විරුද්ධව ඉදිරිපත්ව ඇති අතරමැදි පෙත්සම් සියල්ලට ම තම අධිකරණය සවන් දෙන බවත්, එම පෙත්සම්වලට අදාළ දේශන ඉදිරිපත් කිරීම විනාඩි දහයකට සීමා කර ගන්නා ලෙසත් සභාපති විනිසුරුවරයා නීතිඥවරුන්ගෙන් ඉල්ලා සිටියේ ය.
'විමර්ශකයින් පත්කර තිබෙන්නේ කතෝලික පල්ලිය'
ඉන් අනතුරුව අතරමැදි පෙත්සමක් ඉදිරිපත් කළ දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු වෛද්‍ය ගුණදාස අමරසේකර ඇතුළු පිරිසක් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ, විමර්ශනය සඳහා නිලධාරීන් පත් කර ඇත්තේ කතෝලික පල්ලියේ ඉල්ලීමක් මත බව ය.
"විධායකය විසින් සිය බලය අවභාවිත කිරීම සැලකිල්ලට ගෙන සිය සේවාදායකයින් මෙම අතරමැදි පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා. පෙත්සම්කරු රඳවා ගැනීම සඳහා රැඳවුම් නියෝග නිකුත් කර තිබෙන්නේ සම්පූර්ණයෙන් ම නීතියට පටහැනි ලෙස යි. පෙත්සම්කරු පාස්කු ප්‍රහාරයට සම්බන්ධ බවට කිසිදු සාක්ෂියක් වගඋත්තරකරුවන් විසින් අධිකරණයට ඉදිරිපත් කර නෑ. නීතියේ ආධිපත්‍යය මෙන් ම ජනතා පරමාධිපත්‍යය සුරැකීම උදෙසා යි සිය සේවාදායකයින් මෙම අතරමැදි පෙත්සම ඉදිරිපත් කළේ. මෙහි විමර්ශකයින් පත්කර තිබෙන්නේ කතෝලික පල්ලිය විසින්. සභානායක සහ අමාත්‍ය බිමල් රත්නායක පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කරමින් සදහන් කර තිබුණා. කතෝලික ප්‍රජාවගේ ප්‍රධානියා වන කාදිනල් හිමිගේ ඉල්ලීම මත ශානි අබේසේකර මෙම විමර්ශනය සඳහා පත්කළ බව. ඊට අදාළ හැන්සාඩ් වාර්තාවත් මම අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා. මේ තත්ත්වය යටතේ සාධාරණ විමර්ශනයක් අපේක්ෂා කරන්න පුළුවන් ද? පාස්කු ප්‍රහාරයේ අගතියට පත් පාර්ශවයක් විසින් තෝරා දුන් විමර්ශකයින්ගෙන් සුරේෂ් සලේට යුක්තිය අපේක්ෂා කරන්නේ කෙසේ ද? විමර්ශන කමිටු කීපයක් මගින් නිර්දේශ කර තිබෙනවා ශානි අබේසේකර සහ රවී සෙනෙවිරත්නට එරෙහිව අපරාධ නීතිය යටතේ පියවර ගන්නා ලෙස. මේ තත්ත්වය යටතේ පෙත්සම්කරු අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම සාධාරණීකරණය කරන්නේ කෙසේ ද? අධිකරණයක් හමුවේ පෙනී සිටි විශ්‍රාමික ආරක්ෂක අංශ සාමාජිකයෙකුට නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් සඳහන් කරලා තිබෙනවා ඔය යකඩ පටි කෑලි එල්ලගෙන ඉන්න අය කියන දේවල් පිළිගන්න බැහැ කියලා. මේක තමයි ස්වාමීනී... වර්තමානයේ ආරක්ෂක අංශ සාමාජිකයින් පිළිබඳව තිබෙන ආකල්පය. මේක භයානක තත්ත්වයක්. මෙම තත්ත්වය නිසා ආරක්ෂක හමුදාවලට තරුණයින් සම්බන්ධ වීම අධෛර්යවත් කිරීමට හේතුවක් වෙනවා," යනුවෙන් සඳහන් කළ ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා මෙම පෙත්සමට මැදිහත් වී කරුණු දැක්වීමට අවසර දෙන ලෙස ඉල්ලා සිටියේ ය.
තවත් අතරමැදි පෙත්සමක් ඉදිරිපත් කළ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙවැනි අතරමැදි පෙත්සම් ඉදිරිපත් කිරීම සඳහා අතරමැදි පාර්ශවයන්ට කිසිදු නීතිමය බාධාවක් නොමැති බව සඳහන් කළේ ය. ඒ බව තහවුරු කරන නඩු තීන්දු කිහිපයක් ද ඔහු අධිකරණයට ඉදිරිපත් කළේ ය.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මේ ආකාරයට පුද්ගලයින් අපහසුතාවට පත් කිරීමේ අරමුණින් ක්‍රියාවේ යෙදවිය නොහැකි බව සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා එම පනත අවභාවිත කිරීම සඳහා විමර්ශකයින්ට අවසර හිමි නොවන බවත් පැවසුවේ ය.
පාස්කු ප්‍රහාරය: ISIS සමග සබඳතා පැවැත්වූ බවට අත්අඩංගුවට ගත් 'මොහොමඩ් මිල්හාන්'ට වන්දි ගෙවන්නැයි රජයට නියෝග
වසන්ත මුදලිගේ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් මෑතකදී ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් ලබා දුන් බවත් එම තීන්දුව තුළින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවභාවිත කිරීමට නොහැකි බවට ශ්‍රේෂ්ඨාධිකරණය අවධාරණය කර තිබෙන බවත් ඔහු සඳහන් කළේ ය.
ඇමෙරිකානු විශ්වවිද්‍යාලයක විමර්ශන වාර්තාවක් උපුටා දක්වමින් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥවරයා පසුගිය දශක හතරක කාල සීමාව තුළ මෙරට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත දේශපාලන අවශ්‍යතා මෙන් ම පුද්ගලයින් අපහසුතාවට පත් කිරීම සඳහා යොදවාගෙන ඇති බවට චෝදනා කර ඇති බවත් පෙන්වා දුන්නේ ය.
අදාළ පනත අවභාවිතාවට ලක් කරමින් රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ සුරේෂ් සලේ අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම අනීතික බවත්, ඒ සම්බන්ධයෙන් ඔහුගේ පෙත්සමට මැදිහත් වී කරුණු දැක්වීමට අවසර දෙන ලෙසත් ජනාධිපති නීතිඥවරයා අවසන් වශයෙන් අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.
ඉන් අනතුරුව වැඩිදුර අතරමැදි පෙත්සම් සලකා බැලීම අගෝස්තු 06 වන දා තෙක් කල් තැබිණි.
සුරේෂ් සලේගේ පෙත්සමට සහය පළ කරමින් පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි, දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරය ඇතුළු පාර්ශව 08ක් විසින් පෙත්සම් ඉදිරිපත් කර ඇති අතර, සුරේෂ් සලේගේ පෙත්සමට එරෙහිව අතිඋතුම් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් පෙත්සමක් ඉදිරිපත් කර තිබිණි.
BBC - සිංහල
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..