ලොවටම සහන සැලසූ චීනයේ ගෝලීය සංවර්ධන මුලපිරුමට වසර 5යි: ගෝලීය දකුණේ අනාගතය වෙනුවෙන් චීනයෙන් නව පොරොන්දුවක්..
ලෝකය තවදුරටත් නොසන්සුන්කාරී සහ අස්ථාවර තත්ත්වයක පවතින, එමෙන්ම වැඩිවන සංවර්ධන අභියෝගවලට මුහුණ දෙන පසුබිමක, වඩා යහපත් අනාගතයක් නිර්මාණය කිරීම සඳහා චීන ගෝලීය සංවර්ධන මුලපිරුම (Global Development Initiative - GDI) එක්සත් ජාතීන්ගේ 2030 තිරසාර සංවර්ධන න්‍යාය පත්‍රය සමඟ ක්‍රමවත්ව ඒකාබද්ධ කිරීමට උත්සාහ කළ යුතු බව චීන විදේශ අමාත්‍ය වැං යී අඟහරුවාදා පැවසීය.
බෙයිජිං හි පැවැති ගෝලීය සංවර්ධන මුලපිරුම පිළිබඳ ඉහළ මට්ටමේ හමුව අමතමින් වැං යී පැවසුවේ, එක්සත් ජාතීන්ගේ 2030 න්‍යාය පත්‍රය දැඩි ලෙස ප්‍රමාද වී ඇති, උතුර සහ දකුණ අතර සංවර්ධන පරතරය පරතරය පුළුල් වන සහ ගෝලීය සංවර්ධනය දැඩි අභියෝගවලට මුහුණ දී ඇති මෙවන් මොහොතක මෙම මුලපිරුමේ වැදගත්කම තවත් වැඩි වී ඇති බවයි.
එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්ක වෙත යන ගමන වේගවත් කිරීම සඳහා එක්ව කටයුතු කරන ලෙස වැං යී ඉල්ලා සිටියේය.
2021 දී ජනාධිපති සි ජින්පින් විසින් යෝජනා කරන ලද ගෝලීය සංවර්ධන මුලපිරුමට (GDI) මෙවසරට වසර පහක් පිරේ.
වැං යී මහතාට අනුව, මේ වන විට රටවල් සහ ජාත්‍යන්තර සංවිධාන 130 කට වැඩි ප්‍රමාණයක් GDI සඳහා සහය පළ කර ඇති අතර එහි සහයෝගිතා රාමුවට එක්වී ඇත. එමෙන්ම රටවල්, ජාත්‍යන්තර සහ ප්‍රාදේශීය සංවිධාන 100 කට ආසන්න ප්‍රමාණයක් චීනය සමඟ GDI සහයෝගිතා ගිවිසුම්වලට අත්සන් තබා ඇත.
වසර පහක් ඇතුළත, "කුඩා හා අලංකාර" ජනජීවිත නැංවීමේ ව්‍යාපෘති 1,800 කට වැඩි ප්‍රමාණයකට සහාය වීම සඳහා චීනය ඩොලර් බිලියන 23 කට වඩා වැඩි මුදලක් සම්පාදනය කර ඇති අතර, සංවර්ධනය වෙමින් පවතින රටවල වෘත්තිකයන් 200,000 කට වැඩි පිරිසකට පුහුණුව ලබා දී ඇති බවත්, මෙම මුලපිරුමේ ප්‍රතිඵල මගින් රටවල් 120 කට වැඩි ප්‍රමාණයක ජනතාවට ප්‍රත්‍යක්ෂ ප්‍රතිලාභ හිමිවී ඇති බවත් වැං යී පැවසීය.
ගෝලීය දකුණේ (Global South) රටවලට තමන්ගේම සංවර්ධන හැකියාවන් වර්ධනය කර ගැනීම සඳහා ශක්තිමත් සහයක් ලබා දෙමින් චීනය සහයෝගිතා යාන්ත්‍රණ සහ වේදිකා 30 කට වඩා ආරම්භ කර ඇති බවද ඔහු පැවසීය.
මූල්‍ය හා තාක්ෂණය ඇතුළු වැඩි සංවර්ධන සම්පත් ලබා දෙමින් අනෙකුත් සංවර්ධනය වෙමින් පවතින රටවලට දිගටම සහාය වන බවත්, අසමතුලිත සහ අප්‍රමාණවත් සංවර්ධනයට විසඳුම් සෙවීම සඳහා ද්විපාර්ශ්වික, ත්‍රිපාර්ශ්වික සහ බහුපාර්ශ්වික සහයෝගීතාව ගැඹුරු කරන බවත් වැං යී පැවසීය.
එක්සත් ජාතීන්ගේ සංවර්ධන පදනම ශක්තිමත් කිරීමට සහ එහි ප්‍රතිසංස්කරණ හා පුනර්ජීවනය ඉදිරියට ගෙනයාමට චීනය තවදුරටත් සහාය දෙන බව පැවසූ ඔහු, බහුපාර්ශ්විකවාදය ක්‍රියාත්මක කිරීමට සහ ගෝලීය පාලනය වැඩිදියුණු කිරීමට වැඩි උත්සාහයක් ගන්නා ලෙස ඉල්ලා සිටියේය.
විවෘතභාවය සහ සහයෝගීතාව අගය කරන ලෙසත්, උතුර සහ දකුණ අතර පවතින ඩිජිටල් සහ කෘතිම බුද්ධි (AI) පරතරයන් නැති කිරීමට කටයුතු කරන ලෙසත් ඔහු ඉල්ලා සිටියේය.
එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටරේස්ගේ කාර්ය මණ්ඩල ප්‍රධානී (Chef de Cabinet) අර්ල් කෝර්ටනේ රැට්‍රේ (Earle Courtenay Rattray) පෙන්වා දුන්නේ මැනිය හැකි තිරසාර සංවර්ධන ඉලක්ක (SDG) අතුරින් නිවැරදි මාර්ගයේ පවතින්නේ සියයට 36 ක් පමණක් බවයි. "දැන් තිබෙන කාර්යය අලුතින් යමක් සෙවීම නෙමෙයි, පවතින දේවල් පුළුල් කිරීම සහ ඒ සඳහා අවශ්‍ය සම්පත් සපයා ගැනීමයි" යනුවෙන් ඔහු අවධාරණය කළේය.
මුල්‍යකරණය, හරිත හා ඩිජිටල් තාක්ෂණයන් සහ අනාගතය සඳහා වන සූදානම යනු චීනයේ නායකත්වය ඉතා වැදගත් වන ප්‍රධාන ක්ෂේත්‍ර බව ඔහු පැවසීය.
චීනයේ පකිස්ථාන තානාපති ඛලීල් හෂ්මි පැවසුවේ, GDI යනු තවත් එක් ජාත්‍යන්තර මුලපිරුමක් පමණක් නොව, එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට සහ 2030 න්‍යාය පත්‍රයේ බලාපොරොත්තු වලට අනුකූලව සංවර්ධනය නැවතත් ගෝලීය න්‍යාය පත්‍රයේ මධ්‍යස්ථානයට ගෙන ඒමට ගත් කාලෝචිත උත්සාහයක් බවයි.
"දැනුම, විශේෂඥතාව, තාක්ෂණය සහ සම්පත් හුවමාරු කර ගැනීම ප්‍රවර්ධනය කිරීම මගින් GDI විසින් දකුණු-දකුණු සහයෝගීතාවයේ (South-South cooperation) පැසසුම් කටයුතු ආදර්ශයක් සපයා ඇත," හෂ්මි පැවසීය.
චීනයේ කෙන්යානු තානාපති විලි බෙට් පැවසුවේ, ගැටුම් වෙනුවට සහයෝගීතාවය ද, බෙදීම් වෙනුවට හවුල්කාරිත්වය ද, අනවශ්‍ය තරගකාරිත්වය වෙනුවට හවුල් සමෘද්ධිය ද ප්‍රවර්ධනය කිරීම මගින් GDI සංවර්ධනය වෙමින් පවතින රටවලට නව බලාපොරොත්තුවක් ගෙන දී ඇති බවයි.
තිරසාර සංවර්ධන ඉලක්ක ක්‍රියාත්මක කිරීම වේගවත් කිරීම සඳහා චීනය, එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ සියලු සංවර්ධන හවුල්කරුවන් සමඟ සමීපව කටයුතු කිරීමට කෙන්යාව සූදානම්ව සිටින බව ඔහු පැවසීය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මේක තමයි මේ රටේ ලොකුම හමුදා පාවාදීම.. UN ප්‍රශ්න 27 ට රජය නිහඬයි.. - සරත් වීරසේකර
හිඟුරක්ගොඩ සමුපකාර ඉන්ධනහලේ ඩීසල් ටැංකියට පෙට්‍රල් බාලා..: මාලිමා මන්ත්‍රීගේ කළමනාකාරීත්වය නිසා සිදුවූ ලොකු පාඩුවක් ගැන හෙළිදරව්වක්..
හඳුනා නොගත් පියාඹන වස්තූන්වල රහස් ලිපිගොනු 40ක් අමෙරිකාව ප්‍රසිද්ධ කරයි.. - UFO අබිරහස් වීඩියෝ දර්ශන තුනකුත් එළියට..
අතීත උරුමයන් හා ජාතික විරුවන් නොසලකා හැරීමෙන් ජාතියක් ලෙස පැවතිය නොහැකියි.. - අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමි
මාතලේ ඓතිහාසික පුදබිම රැකගැනිම වෙනුවෙන් පූජ්‍ය ගලගම කුසලධම්ම හිමි නඩු මගට..
ත්‍රෛනිකායික මහා සංඝරත්නය ඇතුළු 5,000කගේ සහභාගීත්වයෙන් ජගත් බොදු සමුළුව අද ඇරඹේ..
ඉරාන හෝමූස් තරණය සාර්ථක වෙයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
යාපනයේ 'මාතර ඇඹුල' කඩයේ කොටසක් කඩා දමයි..
නොවැම්බර් 30 වැනිදා දීපව්‍යාප්ත වැඩ වර්ජනයට වෘත්තීය සමිති රැසක් එක්වෙයි.. වර්ජනයට සහාය දෙන බව බව GMOA කියයි..
ඇමරිකානු මැතිවරණ සහ මාධ්‍ය වාර්තාකරණය පාලනය කිරීමට USAID මැදිහත් වූ බවට චෝදනා.. - රහස්‍ය ලේඛන මඟින් තොරතුරු රැසක් හෙළිවේ..
ලාල් කාන්ත පල් මෝඩයෙක් සේ අධිරාජ්‍යවාදීන්ගේ දීර්ඝ කාලීන වුවමනාවක් ඉටුකරනවාද?.. ගාස්තුවකට සේවය කරනවා ද? - ජාතික සංවිධාන ප්‍රශ්න කරයි
චීන – රුසියානු – ඇමරිකා සාකච්ඡා මැද ට්‍රම්ප් පරාජය පිළිගත්තාද?.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ජී. වීරසිංහගෙන් අනාවරණයක්..
යුද සමයේ ප්‍රහාර ගැන රජය ප්‍රසිද්ධියේ සමාව ගත යුතු යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාල වාර්තාවකින් නිර්දේශ..
රුසියාවේ නීතිපතිවරයා සහ ශ්‍රී ලංකාවේ නීතිපතිවරයා අතර හමුවක්
සිවාජලිංගම්ට අවසන් ගෞරවය දක්වන්න ඇවිත් මහවිරු දිනයේ කතාවකුත් කරලා.. - සිවාජලිංගම්ගේ අවමංගල්‍යයට පැමිණි ඉන්දීය මන්ත්‍රීවරයාගේ සංචාරය ගැන ආචාර්ය සුරේන් රාගවන්ගෙන් දැඩි විවේචන
ඉන්දියාව අනුරාධපුර ව්‍යාපෘතිය පිළිබඳ සවිස්තරාත්මක යෝජනාවක් අපේක්ෂාවෙන් අරමුදල් තීරණය කිරීමට නියමිතයි..