News Category
From Date
To Date
Maximum Number of Result

ජනරජවංශය (1 වැනි කොටස) - අවුමිල්දාරයෝ

Jul 30, 2026 at 02:06 PM
|

අවුමිල්දාරයෝ (Aumildars) ගැන කතාව කියන්නම්. (ඇත්තෙන්ම, මට මේ කතාව කියන්න උනන්දුවක් ඇතිවුණේ අපේ පියසිරි අමරකෝන් මහත්මයා ලියපු “ඊළාම් ප්‍රබන්ධය කාගේ නිර්මාණයක් ද?” කියන පොත කියවන්න පටන්ගත්තාට පස්සේ).

1782 ජනවාරි 11 වැනි දා තමයි බ්‍රිතාන්‍ය හමුදාව මුලින් ම ලන්දේසීන්ගෙන් ත්‍රීකුණාමලය උදුරගත්තේ. ඒත් ඒ බලය වැඩි කාලයක් රැකගන්න බ්‍රිතාන්‍ය හමුදාවට බැරිවුණා. ඒ අවුරුද්දේ ම අගෝස්තු 30 වැනි දා, ප්‍රංශ නාවික හමුදාව විසින් ත්‍රිකුණාමලය වරාය අල්ලගත්තා. බ්‍රිතාන්‍ය හමුදාව ලංකාව අත්හැරලා ගියා. 1783 සැප්තැම්බර් 3 වැනි දා, පැරිස් ගිවිසුම අත්සන් කරද්දිත් ත්‍රිතුණාමලය වරාය තිබුණේ ප්‍රංශ නාවික හමුදාවේ පාලනය යටතේ. ඒත් “ත්‍රිකුණාමලයේ ඔප්පුව” තවදුරටත් බ්‍රිතාන්‍ය සන්තක කරගෙන හිටියා. ඒ හින්දා, පැරිස් ගිවිසුම යටතේ බ්‍රිතාන්‍යය ආණ්ඩුව ප්‍රංශය යටතේ තිබුණු ත්‍රිකුණාමලය ආපහු ලන්දේසීන්ට භාරදුන්නා. ඒ ගිවිසුම ප්‍රකාරව 1784 දී ලන්දේසි පාලකයෝ ආපහු ත්‍රිකුණාමලයේ පාලනය භාරගත්තා.

මේ හුවමාරුවෙන් අවුරුදු 11 කට පස්සේ, 1795 අගෝස්තු 26 වැනි දා, දෙවැනි වතාවටත් බ්‍රිතාන්‍ය හමුදාව ලන්දේසීන්ගෙන් ත්‍රිකුණාමලය උදුරගත්තා. 1796 පෙබරවාරි 15 වැනි දා වෙද්දි, ලන්දේසීන් යටතේ තිබුණු ලංකාවේ සියලු ම ප්‍රදේශ තමන්ගේ අණසක යටතට ගන්න ඉංග්‍රීසින්ට පුළුවන් වුණා.

මේ බල හුවමාරුව හොඳින් තහවුරු වෙන කල්, බ්‍රිතාන්‍යයෙන් ලංකාවට වෙන ම ආණ්ඩුකාරවරයෙක් පත් කළේ නෑ. ඉතින් 1795 අගෝස්තු 31 වැනි දා ඉඳලා 1798 ඔක්තෝබර් 12 වැනි දා දක්වා, බ්‍රිතාන්‍ය විසින් ලංකාවේ තමන්ගේ පාලන ප්‍රදේශ ආණ්ඩු කරන්න පත් කළේ හමුදා ආණ්ඩුකාරයෝ. අවුරුදු 3 කට ටිකක් වැඩි මේ පුංචි කාලය තුළ මෙහෙම හමුදා ආණ්ඩුකාරයෝ පස් දෙනෙක් පත් කරලා තියෙනවා. (මේ අය අතරින් 4 වැනියා උපතින් ප්‍රංශ ජාතිකයෙක්. ඒ යකා හමුදා ආණ්ඩුකාර තනතුර ලබාගෙන දවස් 10 ක් ඇතුළත කොළඹ දී අශ්ව කරත්තේ පෙරැළිලා පරලොව ගියා).

හමුදා ආණ්ඩුකාරයන්ට පූර්ණ කාලීනව සිවිල් වැඩවල නිරතවෙන්න අමාරයි. එහෙම වැඩවලට උවමනා දැනුමක් සහ පරිචයක් ඒ අයට තිබුණේ නෑ. ඉතින් මේ කාලයේ ලංකාවේ තමන්ට අයිති පාලන ප්‍රදේශවල පරිපාලන ගනුදෙනු කරන්න බ්‍රිතාන්‍ය ආණ්ඩුව විසින් තවත් හාදයෙක් (සිවිල් නිලධාරියෙක්) පත් කළා. ඒ වෙනුවෙන් හදපු තනතුරට කිව්වේ “සිවිල් පාලක සහ ආදායම් අධිකාරී” (Resident and Superintendent) කියලා. 1796 පෙබරවාරි 12 වැනි දා ඉඳලා 1798 ඔක්තෝබර් 12 වැනි දා දක්වා ම මේ තනතුර දැරුවේ එක පුද්ගලයෙක් විසින්. ඒ පුද්ගලයා තමයි රොබට් ඇන්ඩෲස් (Robert Andrews).

මේ කියන කාලයේ, ලංකාවේ බ්‍රිතාන්‍ය පාලනය තහවුරු කරගෙන තිබුණු ප්‍රදේශ පැවැතුණේත් මදුරාසි ආණ්ඩුකාරයාගේ අණසක යටතේ. ලංකාවෙන් යහමින් යමක් හම්බ කරගන්න පුළුවන් කියලා මදුරාසියේ ඉංග්‍රීසි ආණ්ඩුව (හරියට ම කියනවා නම්, පෙරදිග ඉන්දියානු වෙළෙඳ සමාගමේ මදුරාසි ආණ්ඩුව) හිතුවා. මේ ආදායම එකතු කරගන්න නම් ඒ වැඩේ කරන්න පුළුවන් පුද්ගලයෙක් පත් කරගන්න ඕන. රොබට් ඇන්ඩෲස්ට ඒ හැකියාව තියෙනවා කියලා මදුරාසි ආණ්ඩුව හිතුවා. ඇත්තෙන්ම, 1795 ඔක්තෝබර් මාසයේ දී (ඒ වෙද්දිත් ලංකාවේ ලන්දේසි පාලනය අවසන් වෙලා තිබුණේ නෑ), රොබට් ඇන්ඩෲස් හොර රහසේ ම මහනුවර රජ්ජුරුවෝ හම්බවෙන්න ගිහිල්ලා තිබුණා. මෙහෙම තානාපති වැඩක් කරපු ඔහුට මේ ආදායම් එකතු කරගන්න වැඩේ සුපිරියට ම කරන්න පුළුවන් කියලා මදුරාසි ආණ්ඩුව විශ්වාස කළා. ඉතින් මේ විශ්වාසය උඩ තමයි ඔහුට ලංකාවේ “සිවිල් පාලක සහ ආදායම් අධිකාරී” තනතුර ලැබුණේ.

ලංකාවේ බ්‍රිතාන්‍ය පාලන ප්‍රදේශවල සිවිල් පාලක සහ ආදායම් අධිකාරිවරයා හැටියට රොබට් ඇන්ඩෲස්ට ලොකු බලයක් හිමිවෙලා තිබුණා. ඉතින් පාලනයට අදාළ අභ්‍යන්තර ප්‍රතිපත්ති හදන වැඩේ ඔහු තනියම කළා. ඇත්තෙන්ම, හමුදා ආණ්ඩුකාරයා හිටියේ ඔහුට ඉහළින්. ඒත් හමුදා ආණ්ඩුකාරයාට කිය කියා වැඩ කරන පුරුද්දක් රොබට් ඇන්ඩෲට තිබුණේ නෑ. ඔහු තනියම තීරණ ගත්තා. අවශ්‍ය වෙලාවට, ඔහු තමන් ගත්ත තීරණ ගැන කෙළෙින් ම මදුරාසි ආණ්ඩුවට වාර්තා කළා. (මුල් කාලයේ දී, ඔහු කොළඹ, ගාල්ල, යාපනය, ත්‍රිකුණාමලය සහ මඩකලපුව කියන ප්‍රදේශවලට පත් කරපු සහායකයෝ තුන්දෙනාගෙන් උදව් ලබාගෙන තියෙනවා).

මදුරාසි ආණ්ඩුව හිතපු විදිහට ම, ලංකාවෙන් ලොකු ආදායමක් එකතු කරලා දෙන්න රොබට් ඇන්ඩෲස්ට පුළුවන් වුණා. මුල් අවුරුදු දෙකේ දී, මන්නාරමේ මුතු ජාවාරමෙන් විතරක් පවුම් 265,000 ක් උපද්දවලා දීලා තියෙනවා. ලොකු ආදායම් උපද්දවන සෙල්ලමක් හින්දා, මුතු ජාවාරම අස්සේ ලොකු ලොකු දූෂණ වැඩත් සිද්දවෙලා තියෙනවා. ලන්දේසි පාලකයෝ ගඩබා කරගෙන ඉඳලා අත ඇරලා ගියා කුරුඳුවලින් ලොකු ආදායමක් උපයලා දෙන්නත් රොබට් ඇන්ඩෲස් උන්නැහේට පුළුවන් වුණා.

මුල දී, මුතුවලින් සහ කුරුඳුවලින් ඉහළ ආදායම් උපයගන්න පුළුවන් වුණේ ඒවා “ස්ටොක් වෙලා” තිබුණු හින්දයි. ඒ ස්ටොක් ඉවරවුණාම කලින් වගේ ආදායම් හොයන්න රොබට් ඇන්ඩෲස්ට බැරිවුණා. ඉතින් ඔහු ආදායම් උපද්දවන්න පුළුවන් වෙනත් ක්‍රම ගැන හිතුවා. 

මදුරාසිය පැත්තේ නම් සෑහෙන ආදායම් උපද්දවාගෙන තිබුණේ බිම් බදුවලින්. ඒ හින්දා, ලංකාවේ තියෙන තමන්ගේ පාලන ප්‍රදේශවලිනුත් හොඳට බිම් බදු එකතු කරගන්න පුළුවන් කියලා රොබට් ඇන්ඩෲස් හිතුවා. ඉතින් ඔහු අභ්‍යන්තර ආදායම් (Inland Revenue) දෙපාර්තමේන්තුවක් ඇති කළා. ඔහු ආනයන සහ අපනයන බදුත් බලහත්කාරයෙන් වැඩ ගන්න මිනිස්සු වෙනුවෙන් ගහන උලියම් බද්දත් එකතු කරන්න පටන්ගත්තා. ඒත් ඒ වැඩේ සාර්ථක වුණේ නෑ. ඉතින් ඔහු ඒ බදු සෙල්ලම නවත්තලා දාලා සිංහල මිනිස්සු ජීවත්වෙච්ච ප්‍රදේශවල පොල් ගස්වලටත් කොස් ගස්වලටත් බදු ගහන්න පටන්ගත්තා. කාගේ හරි ඉඩමක පොල් ගස් 50 කට වඩා තියෙනවා නම් ඒ අය බදු ගෙවන්න ඕන කියලා ඔහු නියෝග කළා.

සිංහල බදු අය කරන්නෝ යොදාගෙන මේ මුදල් එකතු කරගන්න බෑ කියලා රොබට් ඇන්ඩෲස්ට තේරුණා. ඉතින් ඔහු විකල්පයකට යොමුවුණා. ඒ තමයි මදුරාසියෙන් අවුමිල්දාරයෝ (Aumildars) සහ තෝල්කයෝ (Dubashes, ද්වි-භාෂිකයෝ) ගෙන්නගන්න එක. (තෝල්කයෝ ගැන පස්සේ කතා කරමු. දැනට අවුමිල්දාරයෝ ගැන විතරක් කියන්නම්). ඉතින් රොබට් ඇන්ඩෲස් දේශීය බදු එකතු කරන්නෝ අයින් කරලා මදුරාසියෙන් ගෙන්නගත්ත අවුමිල්දාරයෝ සෙට් එකට ඒ වැඩේ පැවැරුවා. ගෙවල් ගානේ ගිහිල්ලා බදු එකතු කරන එක, ඒ සම්බන්ධ නීතිය ක්‍රියාත්මක කරන එක මේ අයට පැවැරුණා. ඉඩම් බදු දෙද්දි, වැඩියෙන් ම ලංසු ඉදිරිපත් කරන අයට ඒවා පවරන වැඩෙත් අවුමිල්දාරයෝ ම කළා.

අවුමිල්දාරයෝ කියන තනතුරු නාමය හැදිලා තියෙන්නේ “අමල්දාර්” (Amaldar) කියන පර්සියානු වචනයෙන් කියලයි කියන්නේ. පර්සියානු උරුමයක් ගෑවිලා තිබිච්ච මූගල් අධිරාජයයෙත් මේ තනතුර ක්‍රියාත්මක වුණා. මේ අයගේ හපන්කම්වලින් මදුරාසි කොම්පැනි ආණ්ඩුවත් වැඩගත්තා. ඉතින් එහෙම සෙට් එකක් ලංකාවට ඇරැගෙන ආවාම තමන්ගේ වැඩේ හොඳින් ම කරන්න පුළුවන් කියලයි රොබට් ඇන්ඩෲස් හිතුවේ.

මදුරාසියේ ඉඳලා ආපු අවුමිල්දාරයන්ට ලංකාවේ සංස්කෘතිය, භාෂාව සහ සමාජ පිළිවෙළ ගැන කිසිම අවබෝධයක් තිබුණේ නෑ. සිංහල මිනිස්සු කොහොමත් මාන්නක්කාරයි. ඉතින් මදුරාසියෙන් මොකෙක් හරි කල්ලතෝනියෙක් ඇවිල්ලා තමන්ට “උඹ, බන්, බොලන්” කියලා කතා කරලා බදු එකතු කරන වැඩේට අපේ මිනිස්සු විරුද්ධ වුණා. මේ වෙද්දි පොල් ගස්, කොස් ගස්වලට අමතරව දුම්කොළ, ලුණු වගේ ඒවාටත් බදු ගහන්න පටන් ඇරැගෙනයි තිබුණේ. ඉතින් මේ බදු බර හින්දා මිනිස්සුන්ට මහ විශාල පීඩාවකුත් ඇතිවෙලා තිබුණා.

අපේ මිනිස්සු භාණ්ඩවලින් බදු ගෙවන්නයි පුරුදුවෙලා හිටියේ. ඒත් රොබට් ඇන්ඩෲස් හඳුන්වලා දීපු ක්‍රමයේ හැටියට බදු ගෙවීම මුදල්වලින් ම කරන්න ඕන. මේ වෙනසටත් අපේ මිනිස්සු කැමැතිවුණේ නෑ. තමන්ගේ ම මිනිස්සු වෙනුවට පිට දේශක්කාර මිනිස්සු බලවත් වෙන එක දැකලත් අපේ මිනිස්සු හිත් නරක් කරගත්තා. සමාජයේ නායකයෝ වෙලා හිටිය මිනිස්සුන්ට තිබිච්ච පිළිගැනීම නැතිවෙන්නත් පටන්ගත්තා.

ඉතින් මෙහෙම ඇතිවෙලා පැටව් ගහපු නොහොඳ නෝක්කාඩුකම් 1797 දී පුපුරලා ගියා. සල්පිටි කෝරළේ, සියනෑ කෝරළේ සහ රයිගම් කෝරළේ මිනිස්සු බ්‍රිතාන්‍ය පාලනයට එරෙහිව ප්‍රචණ්ඩ විදිහට කැරලි ගහන්න පටන්ගත්තා. මේ ප්‍රචණ්ඩ ක්‍රියා කොච්චර බලවත් වුණා ද කියනවා නම්, වන්නි ප්‍රදේශයේ දී අවුමිල්දාරයෙක් මරලා දාන්නත් කැරැලිකාරයෝ පෙළැඹුණා.

මේ කාලේ, ලංකාවේ හමුදා ආණ්ඩුකාර තනතුර දැරුවේ (අර අශ්ව කරත්තයෙන් වැටිලා මැරිච්ච එකාට පස්සේ) පියර්-ෆ්‍රේදරික් ද මරොන්  (Pierre-Frédéric de Meuron) කියන ස්විට්සර්ලන්ත සෙන්පතියා. තමන්ගේ පාලන ප්‍රදේශවල ඇතිවෙච්ච කලබල ගැන හොයලා, විසැඳුම් ඉදිරිපත් කරන්න මරොන් සෙන්පතියාගේ ප්‍රධානත්වයෙන් කොමිසමක් පත් කළා. “මරොන් කොමිසම” (Meuron Commission) කියලයි ඒකට කියන්නේ.

අදාළ කරුණු කාරණා හොයපු මරොන් කොමිසම තමන්ගේ නිර්දේශ ඉදිරිපත් කළා. අවුමිල්දාරයෝ අයින් කරන්න, දේශීය නිලධාරීන් පත් කරන්න, ලන්දේසි කාලයේ ක්‍රියාත්මක කරපු ජනතාවට පුරුදු පාලන සහ බදු ක්‍රම නැවත ක්‍රියාත්මක කරන්න කියන නිර්දේශ ඒ අතර තිබුණා.

1798 ඔක්තෝබර් 12 වැනි දා, පියර්-ෆ්‍රේදරික් ද මරොන් හමුදා ආණ්ඩුකාරයාගේත්, රොබට් ඇන්ඩෲස් සිවිල් පාලක සහ ආදායම් අධිකාරවරයාගේත් රාජකාරි කාලය අවසන් කෙරුණා. ඇත්තෙන්ම, ඒ තනතුරු දෙකත් නැති කරලා දැම්මා. ඒ දවසේ ම, අලුතින් ඇති කරපු ලංකාවේ ආණ්ඩුකාර තනතුරට ෆ්‍රෙඩ්රික් නෝර්ත් පත් කෙරුණා. මරොන් කොමිසමේ නිර්දේශ ෆ්‍රෙඩ්රික් නෝර්ත් ආණ්ඩුකාරයා විසින් ක්‍රියාත්මක කළා. ඉතින් අවුමිල්දාරයන්ගේ රාජකාරියත් අවසන් වුණා.

- ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති

සම්බන්ධිත පුවත් | Related News

එදා අපි නුඹලාට ත්‍රස්තවාදීන් එක්ක යුද්ධ කරලා රට නිදහස් කරලා දුන්නා
චීන කොමියුනිස්ට් පක්ෂය විසින් 1953 වසරේ සිට ආරම්භ කරන ලද ‘පස් අවුරුදු සැලසුම්’ යනු චීනයේ සමාජයීය සහ ආර්ථික සංවර්ධනය ඉලක්ක කරගත් මුල් පිරීම් මාලාවකි. මෙම සැලසුම් මගින් ප්‍රධාන වශයෙන් සිදු කෙරෙන්නේ පාරිසරික ආරක්ෂාව, අධ්‍යාපනය සහ කාර්මික ක්ෂේත්‍රවල චීන රජයේ ප්‍රතිපත්ති සහ ප්‍රමුඛතා සංවිධානය සහ ස්ථාපිත කිරීමේ කේන්ද්‍රීය මාධ්‍යයක් ලෙස කටයුතු කිරීමය. නව පස් අවුරුදු සැලසුමක් සකස් කිරීම, සාමාන්‍යයෙන් පවතින සැලැස්මේ මැද භාගයේදී ආරම්භ වේ. මෙය වසර කිහිපයක් පුරා සිදුකරන ඇගයීම්, මූලික පර්යේෂණ කෙටුම්පත් කිරීම සහ සංශෝධන මෙන්ම, මහජන අදහස් ලබා ගැනීම වැනි වට මාලාවකින් සමන්විත වේ. මෙලෙස සකස් කෙරෙන පස් අවුරුදු සැලසුම්, ඒවායේ කාර්යක්ෂමතාව සහ හැකියාවන් මෙන්ම, වේගවත් ආර්ථික වර්ධනය, සංවර්ධනය සහ ආයතනික මූල්‍ය සහ කාර්මික ප්‍රතිපත්ති සඳහා දායක වී ඇති ආකාරය ප්‍රශංසනීයය.
ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළි සිරගත වූහ. උන්වහන්සේගේ සිවුර ගලවා ජම්පරයක් අන්දවා ඇතැයි යන ප්‍රවෘත්තිවලින් සමාජ මාධ්‍ය පිරී ඇත. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකට උන්වහන්සේට ජම්පරයක් ඇන්දවීම ප්‍රවෘත්තියක් බවට පත්කර මාධ්‍යයට ප්‍රකාශ කරන්නැයි උපදෙස් දුන්නේ කවුදැයි වෙනමම සොයා බැලිය යුතුය.
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායෙන් දුදස්සනව එළවලා දාපු එක ලොකු ප්‍රශ්නයක් කරගත්ත පිරිසක් ඉන්නවා. කිසියම් සංවිධානයක සාමාජිකත්වයක් දරන කෙනෙක්ට ඒ සංවිධානයේ මූලික පිළිගැනීම්වලට විරුද්ධව කටයුතු කරන්න පුළුවන් කියලා මේ අඥානයෝ හිතනවා ද? කිසියම් ආයතනයක සේවය කරන කෙනෙක්ට ඒ ආයතනයේ විනය එකඟතා නො සළකා කටයුතු කරන්න පුළුවන් කියලා මේ අඥානයෝ හිතනවා ද? තමන්ට ඕන ඕන මගුල් කියවන්න, සංවිධානයක පොදු එකඟතාවලට විරුද්ධව, විනය එකඟතා නො තකා වැඩ කරන්න ඒ සංවිධානවල සාමාජිකයන්ට බෑ.
ඊයේ දිනයේ, මගේ හදවතට ඉතා සමීප, ඒ වගේම Fair Comment හි සමීපතම මිතුරෙකුව අත්අඩංගුවට ගනු ලැබුවා. ඔහු සාපරාධී අපරාධකරුවෙක් නෙවෙයි. ඔහු නීතියෙන් පැන ගිය කෙනෙකුත් නෙවෙයි. ඔහුගේ එකම වරද වුණේ මේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණය—වෙනත් පහළ උසාවියක් හෝ අවධානය සොයන මහේස්ත්‍රාත්වරයෙක් නොව, රටේ ඉහළම අධිකරණය—මීට වසර හතකට පෙර ජනාධිපතිවරයෙක් ගත් තීරණයක් ශුන්‍ය කර දැමීමට තීන්දු කිරීම පමණයි. ඒ තීන්දුව අවලංගු කිරීමෙන් ඔවුන් කළේ ඒ මිනිසාවත් අමු අමුවේ දිය කර හැරීමයි.
බ්‍රසීලයේ 2026 මැතිවරණය ජනාධිපති ලූලා ද සිල්වා (Lula da Silva) සහ ෆ්ලේවියෝ බෝල්සොනාරෝ (Flávio Bolsonaro) අතර දැඩි තරගකාරී, අධික ලෙස ද්‍රැවීකරණය වූ සටනක් බවට පත්ව ඇත. මත විමසුම්වලට අනුව, දෙවන වටයේ තරගයකදී දෙදෙනාම කරට කර තත්ත්වයක පසුවන අතර, මැද මාවතේ විකල්පයන්ට ජනප්‍රියත්වයක් ලබා ගැනීමට හැකිවී නොමැත. අපේක්ෂකයින් දෙදෙනාටම 50% ක පමණ ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රතිශතයක් ඇති අතර, එම නිසා මෙම මැතිවරණය බලාපොරොත්තුවක් ඇති කර ගැනීමට වඩා ප්‍රතිවාදියා බලයට පැමිණීම වැළැක්වීම අරමුණු කරගත් එකක් බවට පත්ව තිබේ.
ලෝකයේ දියුණු හෙවත් ධනපති රටවල (developed countries) වෘත්තිකයන්ගෙන් අයකරන පුද්ගල ආදායම් බදු (Personal Income Tax) සහ අනෙකුත් සමාජ ආරක්ෂණ දායකත්ව (Social Security Contributions) ක්‍රමවේද ප්‍රධාන වශයෙන් ප්‍රගතිශීලී බදු ක්‍රමයක් (Progressive Tax System) මත පදනම් වේ. එනම්, ලැබෙන ආදායම වැඩි වීමට අනුරූපව බදු අනුපාතයද ඉහළ යයි.
ලෝක බැංකු වාර්තාවලට අනුව, 2024 වන විටත් නයිජර් (Niger) රාජ්‍යයේ ජනගහනයෙන් 80% කට ආසන්න ප්‍රමාණයකට විදුලිය පහසුකම් නොමැත. එසේ වුවද, එම වසර දක්වාම ලොව විශාලතම යුරේනියම් නිෂ්පාදකයෙකු වන නයිජර් රාජ්‍යය, යුරෝපා සංගමයේ (EU) න්‍යෂ්ටික බලශක්ති අවශ්‍යතාවයෙන් 25% ක්ම සපයමින් මුළු යුරෝපය පුරා පිහිටි නගර සහ ගම්මාන බලගැන්වීමට දායක විය.
2003 අවුරුද්දේ මාර්තු 30 වැනි දා, ඉරාකය ආක්‍රමණය කරපු ඇමෙරිකාව ප්‍රමුඛ අධිරාජ්‍යවාදී හවුල් හමුදාවල අවසාන බල ඇණි 2026 සැප්තැම්බර් 30 වැනි දා ඉරාකයෙන් ඉවත්වෙලා ගියා. ජනාධිපති ජෝර්ජ් බුෂ් විසින් “ඉරාක නිදහස් මෙහෙයුම” (Operation Iraqi Freedom) කියන නමින් පටන්ගත්ත මේ අධිරාජ්‍යවාදී ආක්‍රමණය අවුරුදු 23 ක වැඩි කාලයක් ඉරාකය තුළ ක්‍රියාත්මක වුණා. ජනතා ඝාතක ආයුධ හොයනවා කියලා බොරුවක් ගොතලා පටන්ගත්ත ඒ ආක්‍රමණයෙන් වෙච්ච විනාශය ලෝකය ම දන්නවා.

ප්‍රධාන පුවත්

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..

කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1974 සහ 1976 වසරවලදී ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ (OHCHR) විශේෂඥයන් සිව්දෙනෙකු විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යොමු කරන ලද පිටු 8කින් යුත් විශේෂ ලිපියක් පිළිබඳව ප්‍රවීණ මාධ්‍යවේදී ධර්ම ශ්‍රී කාරියවසම් මහතා සිය "කාරිගේ චැනල් එක" යූටියුබ් නාලිකාව ඔස්සේ විශේෂ අනාවරණයක් සිදු කර සිටී.

ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්

ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ ආරක්ෂක හා යුද සහයෝගීතාවන් ගොඩනගා ගැනීමට උත්සාහ කිරීම තුළින් රට බරපතල භූ-දේශපාලනික අර්බුදයකට මෙන්ම වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමකට තල්ලු වන බවට ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පෙන්වා දෙයි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.