මොරොක්කෝ අතකොළුව..
සෙවුතා (Ceuta) කියන්නේ ස්පාඤ්ඤයට අයිති ස්වායත්ත නගරයක්. භූමියක් විදිහට ගත්තාම මේ නගරය අයිතිවෙන්නේ අප්‍රිකානු මහද්වීපයට. ඒත් අප්‍රිකානු මහද්වීපයේ උතුරු ම කෙළවරේ තියෙන ස්පාඤ්ඤයට අයිති නගරයක් හින්දා දේශපාලනිකව යුරෝපයට අයිති ප්‍රදේශයක් විදිහට ඒක සළකනවා. මේ ස්වායත්ත නගරය යුරෝපා සංගමයේ විශේෂ බල ප්‍රදේශයක් (A special territory of members of the European Economic Area) විදිහටත් සම්බන්ධ කරගෙන තියෙනවා.
අප්‍රිකානු මහද්වීපයේ ඉහළ ම කෙළවරේ තියෙන සෙවුතා නගරය උතුරු පැත්තෙන් අත්ලන්තික් සාගරයටත් නැගෙනහිර සහ දකුණු පැත්තෙන් මධ්‍යධරණි මුහුදටත් මැදිවෙලා බටහිර පැත්තෙන් මොරොක්කෝවටත් මායිම්වෙනවා. (සිතියම බලන්න). සෙවුතා නගරය සහ මොරොක්කෝව වෙන් කරන ගොඩබිම් දේශ සීමා මායිම කිලෝ මීටර් 8 ක් (හැතැප්ම 5 ක්) දිගයි.
ක්‍රිස්තු වර්ෂ 708 දී, සෙවුතා ප්‍රදේශය ඉස්ලාමීය කලිපාතයකට යටත්වුණා. ඊට අවුරුදු 700 කට විතර පස්සේ (1415 දී), පෘතුගාලය විසින් මේ ප්‍රදේශය අල්ලගත්තා. 1580 විතර වෙද්දි, සෙවුතාව ස්පාඤ්ඤයට අයිති ප්‍රදේශයක් බවට පත්වුණා. එ දා ඉඳලා මේ දක්වා ම (අවුරුදු 450 ක විතර කාලයක්), සෙවුතා නගරය පවතින්නේ ස්පාඤ්ඤයට අයිති ප්‍රදේශයක් විදිහට.
මේ වෙද්දි, සෙවුතාව ලෝක ප්‍රවෘත්තියක් බවට පත්වෙලා. පහුගිය ජුලි 30 සහ 31 දවස් දෙකේ දී, මොරොක්කෝවේ මිනිස්සු 70,000 කට කිට්ටු ප්‍රමාණයක් ගොඩබිමෙන් සහ මුහුදෙන් දේශ සීමාව පැනලා සෙවුතාවට ඇතුළුවුණා. මේ මහා ජංජාලය මැද්දේ මුහුදේ ගිලිච්ච මොරොක්කෝවේ මිනිස්සු 72 ක් මියගියා. සෙවුතාවට කඩා පැනපු මොරොක්කෝ මිනිස්සු 60,000 කට වැඩි ප්‍රමාණයක් ජුලි 31 වැනි දා හවස් වෙද්දි ආපහු ගිහිල්ලා තියෙනවා. පහුගිය දවස්වල, තව පිරිසක් ආපහු ගියා. ඒත්, මොරොක්කෝවෙන් ආපු 2500 ක විතර පිරිසක් තාමත් සෙවුතාවේ රැඳිලා ඉන්නවා.
හදිස්සියේ ම, මෙහෙම ජංජාලයක් ඇතිවුණේ ඇයි? ඇත්තෙන්ම, මෙච්චර මහ ජනගහනයක් එක සැරේ ම කුලප්පු කළේ කොහොම ද? මේ කුලප්පුකිරීමට සම්බන්ධ කවුද?
මේ ජංජාලය පිටිපස්සේ ලොකු බල සෙල්ලමක් තියෙනවා. මේ වැඩේ ඇමෙරිකාවේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආණ්ඩුවත් ඊශ්‍රායලයේ බිබී ප්‍රමුඛ ෂයිලොක් ආණ්ඩුවත් ඊට අමතරව මොරොක්කෝවේ රාජාණ්ඩුවත් එකතුවෙලා කරපු සෙල්ලමක්. ඇත්තෙන්ම, මොරොක්කෝවේ රජා (6 වැනි මොහොමඩ්) ඇමෙරිකාවේ රූකඩයක්. තමන්ට ඕන ඕන වෙලාවට මෙහෙම රූකඩයක් නටවන්න ඇමෙරිකාවට ලේසියෙන් ම පුළුවන්.
මොරොක්කෝ කඩා පැනිල්ලට මුල්වෙච්ච ගෑස් (ස්වභාවික වායු) ගනුදෙනුවක් තියෙනවා. මේ ජංජාලයට හරියට ම දවස් 10 කට කලින්, ජුලි 20 වැනි දා, ඇල්ජීරියාවේ ඇල්ජියර්ස් අගනුවරට ගිය ස්පාඤ්ඤ අගමැති පේද්‍රෝ සැන්චෙස් (Pedro Sanchez) ලොකු ගිවිසුමකට අත්සන් කළා. ඇල්ජීරියාවේ ඉඳලා ස්පාඤ්ඤයට ගෑස් ප්‍රවාහනය කරන්නේ මෙඩ්ගෑස් (Medgaz) නළය මාර්ගයෙන්. මේ ගිවිසුම හින්දා, ඇල්ජීරියාවෙන් මිල දී ගන්න ගෑස් ප්‍රමාණය සීයට 10 කින් ඉහළ දාගන්න ස්පාඤ්ඤයට පුළුවන් වෙනවා.
1996 අග ඉඳලා, ස්පාඤ්ඤයට ප්‍රධාන වශයෙන් ම ගෑස් ප්‍රවාහනය කළේ මැග්රෙබ් - යුරෝපා (Maghreb – Europe) නළය මාර්ගයෙන්. කිලෝ මීටර් 1620 ක් දිග ඒ නළ මාර්ගයේ කිලෝ මීටර් 522 ක් ම වැටිලා තියෙන්නේ මොරොක්කෝව හරහා. තමන්ගේ රට හරහා යන මේ නළ මාර්ගයෙන් බිම් කුලිය සහ ප්‍රවාහන ගාස්තුවලට අමතරව නොමිලේ ගෑස් තොගයක් ලබාගන්නත් මොරොක්කෝවට පුළුවන් වුණා. විශේෂයෙන් ම, මේ ගනුදෙනුවෙන් හොඳට හම්බ කරගන්න මොරොක්කෝවේ 6 වැනි මොහොමඩ් රජාටත් පුළුවන් වුණා.
මේ ගෑස් ගනුදෙනුවට අදාළ ඇල්ජීරියානු - මොරොක්කෝ ගිවිසුම අත්සන් කරලා තිබුණේ අවුරුදු 25 ක කාලයකට. ඒ කියන්නේ 1996 නොවැම්බර් 1 වැනි දා ඉඳලා 2021 ඔක්තෝබර් 31 වැනි දා දක්වා කාලයට. ඒත් 2021 වෙද්දි, ඇල්ජීරියාව සහ මොරොක්කෝව අතර ලොකු ආරවුල් ගණනාවක් ඇතිවෙලයි තිබුණේ. 2021 අගෝස්තු මාසයේ දී, ඇල්ජීරියාව මොරොක්කෝව එක්ක පවත්වපු තානාපති සම්බන්ධකමත් නවත්තලා දැම්මා. ඉතින් 2021 ඔක්තෝබර් 31 වැනි දා අවසන් වෙච්ච ගෑස් ගිවිසුම අලුත් කෙරුණේ නෑ. මොරොක්කෝව හරහා ස්පාඤ්ඤයට ඇල්ජීරියානු ගෑස් යන එක මුළුමනින් ම නැවතුණා.
2010 දී ගෑස් ප්‍රවාහනය ආරම්භ කරපු මෙඩ්ගෑස් (Medgaz) නළ මාර්ගය හදලා තියෙන්නේ මධ්‍යධරණි මුහුද යට. ඒ හින්දා, මොරොක්කෝව හරහා යන්නේ නැතුව ඇල්ජීරියාවට ස්පාඤ්ඤයත් එක්ක ගෑස් බිස්නස් එක කරන්න පුළුවන්. ඉතින් මැග්රෙබ් - යුරෝපා (Maghreb – Europe) නළ මාර්ගය අත්හැරලා දාපු ඇල්ජීරියාව මෙඩ්ගෑස් නළ මාර්ගය හරහා කරන ගනුදෙනුව ඉහළ දැම්මා.
බටහිර සහරා ප්‍රදේශයේ හදාගෙන තියෙන “සහාවි (Sahrawi) ජනරජය” සම්බන්ධයෙන් තමයි මොරොක්කෝව සහ ඇල්ජීරියාව අතර ගැටුමක් තියෙන්නේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් තාමත් සහාවි ආණ්ඩුව පිළි ඇරැගෙන නෑ. ඒත් ඇල්ජීරියාවේ ඇල්ජියර්ස් අගනුවර ඉඳගෙන සහාවි කට්ටිය තමන් හදාගත්ත රටේ පාලන වැඩ මෙහෙයවනවා. ඉතින් මේක ලොකු අවුලක්.
බ්‍රාහිම් ගාලි (Brahim Ghali) තමයි දැන් සහාවි ජනරජයේ ජනාධිපතිවරයා විදිහට කටයුතු කරන්නේ. ඔහු 2016 ජුලි මාසයේ දී, මේ තනතුරට පත්වුණා. 2021 දී, බ්‍රාහීම් ගාලිට කොරෝනා හැදුණා. ඊට අමතරව, ඔහු පිළිකාවකිනුත් පීඩා විඳිනවා. ඉතින්, කොරෝනාව මැද්දේ ස්පාඤ්ඤය විසින් ඉතාමත් රහසිගතව ස්පාඤ්ඤයේ ලෝග්‍රොඤ්ඤෝ (Logroño) නගරයේ තියෙන ශාන්ත පෙද්‍රො (San Pedro) රෝහලේ නවත්තගෙන බ්‍රාහිම් ගාලිට ප්‍රතිකාර කළා. මේ රහස ගැන දැනගත්තාම, මොරොක්කෝව මිනිස්සු 10000 ක් විතර සෙවුතාවට කඩා පැන්නා. ඉතින් දැන් ඇතිවෙලා තියෙන අවුල වගේ ම මොරොක්කෝ - ස්පාඤ්ඤ දේශ සීමා අවුලක් ඒ වෙලාවෙත් ඇතිවුණා.
2021 දේශ සීමා පැන්නිල්ලත් 2026 දේශ සීමා පැන්නිල්ලත් එක සමානයි. මෙහෙම පැනපු අයගෙන් බහුතරයක් ඉතාමත් අඩු වයස්වල අය. මේ පැන්නිල්ල සිද්දවෙන වෙලාවට මොරොක්කෝව පැත්තේ දේශ සීමා ආරක්‍ෂාව බුරුල් කරනවා. බොහොම ලේසියෙන් යුරෝපයට පැනගන්න පුළුවන් කියලා ප්‍රචාරයක් තරුණ පිරිස අතර යවනවා. මෙන්න මේ පෙළැඹවීම හින්දා තමයි මොරොක්කෝවේ තරුණ පිරිස් තමන්ගේ ජීවිත පරදුවට තියලා දේශ සීමාවෙන් පනින්නේ. උඩින් කියපු විදිහට, මෙහෙම පැන්නිල්ලක දී වැඩි පිරිසක් මැරෙන්නේ මුහුදේ ගිලිලා.
මේ දේශ සීමා පැන්නිල්ල මුළුමනින් ම මොරොක්කෝ ආණ්ඩුව මුල්වෙලා කරන එකක් බව පැහැදිළියි. මේ වතාවේ වැඩේ සිද්දවුණේ ඇල්ජීරියාව සහ ස්පාඤ්ඤය අතර ගෑස් ගිවිසුම අත්සන් කරලා දවස් 10 ක් ඇතුළත. ඉතින් මේක ඉබේ වෙච්ච වැඩක් නෙවෙයි. තමන්ට අවාසියක් සිද්දවෙන හැම වෙලාවේ ම මොරොක්කෝ ආණ්ඩුව මේ ආයුධය පාවිච්ච කරන බව දැන් රහසක් නෙවෙයි.
හැබැයි, සම්පූර්ණ කතාව මෙච්චර සරල එකක් නම් නෙවෙයි. ස්පාඤ්ඤයට පාඩමක් උගන්නන්න දඟලන තවත් හවුලක් තියෙනවා. ඒ තමයි ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සහ බිබීගේ මිනීමරු හවුල. මේ දෙපාර්ශ්වය එකතුවෙලා කරන මිනීමැරිල්ලට ස්පාඤ්ඤය සෘජුව ම විරුද්ධ වුණා. පලස්තීන ප්‍රශ්නයේ දී, ස්පාඤ්ඤය ෂයිලොක් මිනීමැරිල්ලට විරුද්ධ වුණා. ස්පාඤ්ඤය විසින් ගාසා මිනීමැරිල්ල ප්‍රසිද්ධි ම හෙලා දැකලා තියෙනවා. ට්‍රම්ප් - බිබී මිනීමරු හවුල එකතුවෙලා ඉරානයට බෝම්බ ගහන වැඩේට තමන්ගේ රටේ තියෙන මොරෝන් (Morón) ගුවන් හමුදා කඳවුර පාවිච්චි කරන්න දෙන්නේ නෑ කියලා ස්පාඤ්ඤය කිව්වා. ඒක ස්පාඤ්ඤ සහ ඇමෙරිකානු ගුවන් හමුදා හවුලේ පාවිච්චි කරන කඳවුරක්. ඊට අමතරව, ඊශ්‍රායලය එක්ක කරන වෙළෙඳ ගනුදෙනු සීමා කරන්න කියලා ස්පාඤ්ඤය යුරෝපා සංගමයට බල කරනවා.
ඉතින් ස්පාඤ්ඤයේ මේ අවනත නැතිකම ඉවසන්න ට්‍රම්ප් සහ බිබීගේ මිනීමරු හවුල සූදානම් නෑ.
පසුගිය ජුලි 1 වැනි දා, උතුරු ඩැකෝටාවේ තියඩෝර් රූස්වෙල්ට් පුස්තකාලය විවෘත කරපු උත්සවයේ දී කතා කරපු ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා “ස්පාඤ්ඤය හොඳින් හැසිරෙන්නේ නෑ. උන් හොඳ පාඩමක් ඉගෙනගනීවි” (“Spain not behaving nicely, they will learn”) කියලා කිව්වා. ඊට සතියකට පස්සේ, ජුලි 8 වැනි දා, තුර්කියේ අන්කාරා නගරයේ දී පවත්වපු නේටෝ සමුළුවේ දී ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා ඉතාමත් තදින් ස්පාඤ්ඤය විවේචනය කළා. “ස්පාඤ්ඤය වෙනුවෙන් කරන දේවල්වලින් සත පහක වැඩක් නෑ. අපි තවදුරටත් ස්පාඤ්ඤයත් එක්ක වෙළෙඳ ගනුදෙනු කරන්න ඕන නෑ” ("Spain is a wasted cause. We don't want to do any trade business with Spain anymore") කියලා ඔහු බෙරිහන් දුන්නා.
ට්‍රම්ප් එතැනින් නැවැතුණේ නෑ. ජුලි 31 වැනි දා, කෑම්ප් ඩේවිඩ් කඳවුරේ දී, විශේෂ කැබිනට් රැස්වීමක් පවත්වපු ඔහු “ඔබ දන්නවා. මම ඊයේ දැක්කා ස්පාඤ්ඤයේ සිද්දවෙච්ච දේ. මම ඒ ව්‍යසනය නැරැඹුවා. ඒක හරියට ලක්‍ෂ ගානක් මිනිස්සු රටක් ආක්‍රමණය කරනවා වගේ වැඩක්” ("You know I saw Spain yesterday, and I watched the catastrophe that took place. It looks like an invasion of a country by hundreds of thousands of people,") කියලා කිව්වා. ඒ කියන්නේ, ට්‍රම්ප් උන්නැහේ ස්පාඤ්ඤයට එල්ලවෙච්ච මොරොක්කෝ ආක්‍රමණය දිහා හොඳින් බලාගෙන ඉඳලා තියෙනවා.
ඉතින් සෙවුතාවට එල්ල කරපු ආක්‍රමණය මොරොක්කෝවේ තනි හපන්කමක් කියලා හිතන්න බෑ. ඒ සිදුවීම පැහැදිළිව ම ස්පාඤ්ඤයට “පාඩමක් උගන්නන්න” කරපු වැඩක්. මොරොක්කෝව කියන්නේ ඒ වැඩේ වෙනුවෙන් යොදාගත්ත අතකොළුවක් විතරයි.
- ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්