පස්සට රිවස්..
පහුගිය දවස්වල මම “අස්ස - පස්ස” කියලා ලිපියක් ලිව්වා. ජම්බුවාදියෝ විසින් “කුසලස්ස” සහ “පාපස්ස” කියන පාලි වචන දෙක විකෘති කරන හැටි දැකලයි මම ඒ ලිපිය ලිව්වේ. ඒ ලිපියට විශාල පිරිසක් ප්‍රතිචාර දක්වලා තිබුණා. කමෙන්ට් තුන්සිය ගානක් දාලා තියෙනවත් දැක්කා. ඒ හැම එකක් ම කියවන්න වෙලාවක් මට නෑ. මගේ ලිපියට ප්‍රතිචාර දකවපු අය අතර ජම්බුවාදියොත් හිටියා. ඇත්තෙන්ම, ජම්බුවාදියෝ දක්වලා තිබිච්ච අදහස් බොහොම රසවත්. මට කියවන්න ලැබිච්ච එහෙම කමෙන්ට් දෙකක් තුනක් ගැන යමක් කියන්න පුළුවන්.
“පාලිය” සහ “පාළිය” කියලා වචන දෙකක් තියෙනවා. “පාලිය” කියලා කියන්නේ පාලි භාෂාවට. “පාළිය” කියන්නේ පෙළ දහමට. “පාඨ” කියන වචනයෙන් තමයි “පාළිය” කියන වචනය හැදිලා තියෙන්නේ. බුදුරජාණන්වහන්සේ විසින් දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මය අපි ශ්‍රවණය කරන්නේ, කියවන්නේ පාඨ ආකාරයෙන්. ඒ ධර්මය අන්තර්ගත “සූත්‍ර පාඨ” ගැනත් අපි කියනවා. ඉතින් මේ පාඨවලින් සමන්විත සමස්තයට (ත්‍රිපිටක ධර්මයට) අපි “පාළිය” කියලා කියනවා. සිංහල ව්‍යවහාරයේ දී, අපි “පාළිය” කියන වචනය “පෙළ” කියලත් යොදනවා. හැබැයි අපි කවදාවත් “පාලිය” (පාලි භාෂාව) “පෙල” කියලා හඳුන්වන්නේ නෑ.
දැන් මේ කාරණයට අදාළ ජම්බු ප්‍රතිචාරයක් විමසමු.
“බුදුන්වහන්සේ පැයක් දෙකක් හෝ ඊට වැඩි කාලයක් හෝ විස්තර කල දේ මහ ප්‍රාඥයන් වහන්සේලා සාරාංශ ගත කලා. එවා කට පාඩම් කරන්න පහසුවට පෙලියට ලීවා. ඒ නීසා තමයි එවා පෙල දහම විදිහට හදන්වන්නේ.”
මේ ප්‍රතිචාරය දක්වපු ජම්බුවාදියා “ල” සහ “ළ” අතර වෙනස තුට්ටුවකටවත් මායිම් කරන්නේ නැති කෙනෙක් බව පැහැදිළියි. උදාහරණයක් විදිහට, “වැඩි කාලයක් හෝ විස්තර කල දේ මහ ප්‍රාඥයන් වහන්සේලා සාරාංශ ගත කලා” කියන උද්ධෘතය සළකන්න. මෙතැන මේ මහත්තයා “කාලයක්”, “කල” සහ “කලා” කියලා වචන තුනක් ලියලා තියෙනවා. “කාලයක්” කියන වචනය නිවැරැදියි. “කල” කියන්නේ “කාලය” කියන එක ම තමයි. “එ කල”, “මෙ කල” කියන යෙදුම් ගැන හිතන්න. හැබැයි මෙතැන මේ මහත්තයා කියන්නේ “විස්තර කල දේ” කියලා. “කළ” (කරපු) කියන වචනය තමයි මෙතැන වැරැදියට “කල” කියලා ලියලා තියෙන්නේ. ඉතින් අදාළ කාරණය කියන්න ඕන “විස්තර කළ දේ” කියලා. ඊ ළඟට, මේ මහත්තයා “සාරාංශ ගත කලා” කියලා කියනවා. මේක “සාරාංශගත කළා” කියලා නිවැරැදිවෙන්න ඕන.
ඊ ළඟට, මේ මහත්තයා කියනවා බුද්ධ දේශනාව “කට පාඩම් කරන්න පහසුවට පෙලියට ලීවා” කියලා. (මෙතැනත් “පෙලිය” කියලා අපභ්‍රංශ වචනයක් ලියලා තියෙනවා. මේ මහත්තයාට කියන්න ඕන “පේළිය” කියන එක වෙන්න ඕන. සිංහල භාෂාවේ “පේලිය” කියලා වචනයක් නම් නෑ). ඉතින් අපි මේ මහත්තයා කියලා තියෙන අදහස සිංහලෙන් ලියා ගනිමු. “කට පාඩම් කරන්න පහසුවට පේළියට ලිව්වා” කට පාඩම් කළත් නැතත්, මිනිස්සු ලියන්නේ පේළියට තමයි. ඒක මොන භාෂාවටත් අදාළ කාරණයක්.
මෙහෙම පේළියට ලියපු “නිසා තමයි එවා පෙල දහම විදිහට හදන්වන්නේ” කියලා මේ මහත්තයා තමන්ගේ නිගමනය ඉදිරිපත් කරනවා. නැවතත් කියන්නම්. මෙතැන “පේළියට ලියපු” කතාව මනස්ගාතයක්. අනිත් කාරණය තමයි “පෙල දහම” කියලා එකක් නෑ. තියෙන්නේ “පෙළ දහම.”. බුද්ධ පරිනිර්වාණයෙන් අවුරුදු 543 ක් ගතවුණාට පස්සේ තමයි ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කළේ. ඊට කලිනුත් “පෙළ දහම” තිබුණා. ඉතින් “පේළියට ලියපු” හින්දා ධර්මයට “පෙළ දහම” කියලා කියන කතාව බොරුවක්.
ඊ ළඟට, මේ ජම්බුවාදියා මෙහෙම කියලා තිබුණා.
“සබ්බ පපස්ස අඛරණං... සියලු පාප, අස්ස/ ආශ්‍රය/ ඇසුරු/ ඇතුලට ගැනීම තමයි අඛරණං... කරන්න එපා, නොකරන්න, කිරිම අත්හරින කයන උපදේශයයි එතන තේයෙන්නේ.”
එතැනිනුත් නවතින්නේ නැතුව, මේ ජම්බුවාදියා “කුසලස්ස” වචනය ගැන මෙහෙම කියනවා.
“කුසල අස්ස, කුසල, කුණු සලාහරිම අස්ස නැතිනම් ආශ්‍රය/ ඇසුරු කරන්න.”
මේ ජම්බුවාදියාගේ විකාරරූපී අර්ථදැක්වීම පැහැදිළියි. මුන්නැහේ කියන විදිහට, ‘අස්ස” කියලා කියන්නේ “ආශ්‍රය කරනවා”, “ඇසුරු කරනවා”, “ඇතුළට ගන්නවා” කියන එකටයි.
පාලි “අස්ස” වචනයේ තියෙන්නේ “අශ්වයා” කියන අර්ථය. තවත් තේරුම් ඇතුව මේ වචනය යෙදෙන තැන් තියෙනවා. හැබැයි ඒ කිසිම තැනක “ආශ්‍රය කරනවා”, “ඇසුරු කරනවා”, “ඇතුළට ගන්නවා” කියන අර්ථයෙන් නම් “අස්ස” වචනය යෙදිලා නෑ.
“ආශ්‍රය කරනවා”, “ඇසුරු කරනවා” කියලා කියන්න ඕන නම්, පාලි භාෂාවේ තියෙන “සෙවති” කියන වචනය පාවිච්චි කරන්න. මහා මංගල සූත්‍රයේ තියෙන “අසෙවනා ච බාලානං” කියන ධර්ම පාඨය පොඩි ළමයි පවා දන්නවා. අපි සිංහලෙන් “සේවනය කරනවා” කියන්නෙත් ආශ්‍රය කරනවා, ඇසුරු කරනවා කියන අර්ථයෙන් ම තමයි. මේක සංස්කෘත භාෂාවෙන් සිංහලයට ආපු තත්සම වචනයක්.
“අස්ස” කියන පාලි වචනයෙන් “ආශ්‍රය කරනවා”, “ඇසුරු කරනවා”, “ඇතුළට ගන්නවා” කියන අර්ථ කියැවෙනවා කියලා කියන මේ ජම්බුවාදියා තව පේළියක් දෙකක් ලියලා එක සැරේ ම ඔළුවෙන් හිටගන්නවා. ඒ මෙහෙමයි.
“බුද්ධස්ස = බුද්ධ තත්ත්වයට, නැත්නම් බිජ, බව, උදුරා දැමිමට කටයුතු කරන්න, අස්ස කරන්න, කටයුතු කරන්න”
දැන් මේ ජම්බුවාදියා කියන්නේ “බුද්ධස්ස” කියලා කියන්නේ “බීජ අස්ස කරනවා” කියන එකට බවයි. මේ කියන විදිහට “අස්ස” කියන වචනයේ අර්ථය තවදුරටත් “ආශ්‍රය කරනවා”, “ඇසුරු කරනවා”, “ඇතුළට ගන්නවා” නෙවෙයි. දැන් ඒක “අස්කිරීමක්”, “ඉවත්කිරීමක්” බවට පත්වෙලා. ඒ කියන්නේ “ඈත්කිරීමක්”, “දුරුකිරීමක්” බවට පත්වෙලා.
ඇත්තෙන්ම, මේ ජම්බුවාදියා ඇසුරු නො කළ යුතු බාලයන් පස්සේ ගිහිල්ලා (සේවනය කරලා) ඔළුව අවුල් කරගත්ත කෙනෙක් බව නම් හොඳට ම පැහැදිළියි.
තවත් ජම්බුවාදියෙක් මෙහෙම ප්‍රතිචාරයක් දක්වලා තිබුණා.
“ගෙදර ඉන්න අම්මා කියනවා මම කුසිසිය ‘අස්පස්’ කරළා එන්නම් කියලා. ඒ කියන්නේ කුස්සියේ තියෙන්න ඔන බඩුටික තියලා ඉතිරි හැඩි වුන ටික එළියට විසිකරන වැඩපිළිවෙල. ඕක තමයි අස්ස පස්ස. ඒ එක්කම ආශ්වාශ ප්‍රාශ්වාශ. හුස්ම ගන්නවා පහල දානවා.”
සිංහල භාෂාවේ “අස්පස් කරනවා” කියන්නේ “සකස් කරනවා”, “පිළිවෙළක් කරනවා”, “පිරිසිදු කරනවා” කියන අර්ථයෙන්. හැබැයි “අස්පස් කරනවා” කියන කාර්යය පාලියෙන් කියනවා නම් “විසොධෙති”, “සොධෙති”, “සම්මාජති” කියන වචන යොදාගන්න සිද්දවෙනවා. ඇත්තෙන්ම, “සම්මාජති” කියන පාලි වචනය තමයි “අතුගානවා”, “පිරිසිදු කරනවා”, “අස්පස් කරනවා” කියන වැඩේ ගැන කියන්න වඩාත් ම ගැළැපෙන්නේ. එහෙම නැතුව, සිංහල “අස්පස්” රිංගවලා පාලි භාෂාව අර්ථ දක්වන්න බෑ.
මේ ජම්බුවාදියා තමන්ගේ “අස්ස - පස්ස න්‍යාය” අස්සට ආශ්වාශ - ප්‍රශ්වාශත් සම්බන්ධ කරලා. ආශ්වාශ - ප්‍රශ්වාශ කාර්යය පාලි භාෂාවෙන් “අස්සාස - පස්සාස” කියලා කියනවා. “අස්සාසපස්සාසා” ගැන සඳහන් සූත්‍ර ධර්ම ඕන තරම් තියෙනවා. උදාහරණයක් විදිහට, සංයුක්ත නිකායේ ආනාපාන සංයුත්තය සේවනය කරන අයට මේ භාවිතය ඉතාමත් හොඳින් තේරුම්ගන්න පුළුවන්.
පාලි තියා මූලික සිංහලවත් දන්නේ නැතිවුණාම තමයි මෙහෙම අකරතැබ්බ ඇතිවෙන්නේ. ඇත්තෙන්ම, සිංහල භාෂාවේ “අස්පස්” කියන්නේ යුගල වචනයක්. “සද්ද බද්ද”, “බඩු මුට්ටු”, “ඇඳුම් පැළැඳුම්”, “කැවිලි පෙවිලි” වගේ යුගල පද ගැන පහේ පන්තියේ ඉගෙනගන්න පුංචි ළමයි පවා දන්නවා. මේ යුගල පද ගලවලා ඒ කෑලිවලට වෙන වෙනම අර්ථදැක්වීම් ලබාදෙන්න බෑ. ඒ වගේ ම, එහෙම ලබාදෙන විකාරරූපි අර්ථදැක්වීම් වෙනත් භාෂාවක අදහස් පැහැදිළි කරන්න යොදාගන්නත් බෑ.
මේ මූලික දේ දන්නේ නැතුව නිඝණ්ඨයෝ පස්සේ ගියාම මුලින් “ඇසුරු කරනවා, ළඟට ගන්නවා” කියලා දකින “අස්ස අටුවාව” එහෙට හැරිලා මෙහෙට හැරෙද්දි “ඈත් කරනවා, අස් කරනවා, දුරු කරනවා” බවට පත්වෙනවා.
මෙන්න මේකට තමයි පස්සට රිවස් කියලා කියන්නේ.
- ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්
උතුරු-නැගෙනහිර බෙදුම්වාදී ක්‍රියා වහා පාලනය කිරීමට මැදිහත්වන්න.. - ජාතික නිදහස් පෙරමුණෙන් ජනපති අනුරට ලිපියක්
වහබ්වාදී ආගමික අන්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා වූ ගෝඨාභය රාජපක්ෂ යෝජනාවලිය යනු කුමක් ද?