News Category
From Date
To Date
Maximum Number of Result

පාස්කු ප්‍රහාරය, රාජ්‍ය වගවීම සහ නීතියේ ආධිපත්‍යය: අනාගතයට තීරණාත්මක පූර්වාදර්ශයක්

Aug 3, 2026 at 02:37 PM
|

2019 පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය ශ්‍රී ලාංකීය ඉතිහාසයේ එතෙක් මෙතෙක් සිදු වූ වඩාත්ම ඛේදනීය, සංවේදී සහ විවාදාත්මක ත්‍රස්තවාදී ප්‍රහාරයන්ගෙන් එකකි. මෙම සිදුවීමේ ඇති බරපතලම සහ ඛේදනීයම කරුණ වන්නේ, ප්‍රහාරය එල්ල වන දින, වේලාව, ස්ථාන සහ ඊට සම්බන්ධ පුද්ගලයින් පිළිබඳ නිශ්චිත පූර්ව බුද්ධි තොරතුරු ලැබී තිබියදීත්, එය වළක්වා ගැනීමට බලධාරීන් අසමත් වීමයි. බුද්ධි තොරතුරු හාස්‍යජනක ලෙස නොසලකා හැරීමට සහ අන්තවාදය හමුවේ ආරක්ෂක යාන්ත්‍රණය අකර්මණ්‍ය වීමට දේශපාලනික සහ වාර්ගික අභිමතාර්ථයන් සෘජුවම බලපෑ අතර, එය ශ්‍රී ලංකාවේ පමණක් නොව ලෝක ඉතිහාසයේම පූර්ව තොරතුරු තිබියදී වළක්වා නොගත් ප්‍රහාරයක් ලෙස සටහන් විය.

​මෙම පසුබිම තුළ, 2026 ජූලි 31 වන දින මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල විසින් එවකට සිටි ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයාට සහ හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර මහතාට එරෙහිව ලබා දුන් නඩු තීන්දුව, රාජ්‍ය වගවීම සහ රාජකාරිය පැහැර හැරීම සම්බන්ධයෙන් තීරණාත්මක සංධිස්ථානයක් සලකුණු කරයි. මීට පෙර චූදිතයන් නිදොස් කොට නිදහස් කර තිබූ පසුබිමක, මෙම නව තීන්දුව මගින් රාජ්‍ය නිලධාරීන්ගේ සහ දේශපාලන බලධාරීන්ගේ වගවීම පිළිබඳ නෛතික හා තර්කානුකූල පූර්වාදර්ශයක් (Precedent) නිර්මාණය කර ඇත.

​තමන් වෙත පැවරී ඇති තනතුරේ බලතල භුක්ති විඳින අතරතුර, අතිමහත් ජනතාවගේ ජීවිත ආරක්ෂා කිරීමේ වගකීම පැහැර හැරීම සාපරාධී වරදක් බවත්, ඊට නීතිය හමුවේ උපරිම දඬුවම් විඳිය යුතු බවත් මෙයින් තහවුරු වේ. යම් නිලධාරියෙකු දේශපාලන අධිකාරියේ නියෝග මත තමන්ගේ වගකීම පැහැර හැරියේ නම්, ඉන් සිදුවන නෛතික විපාකවලින් ගැලවීමට වෙනත් පාර්ශ්වයන්ට චෝදනා කළ නොහැක. බොරු චෝදනා කිරීම මෙන්ම නිවැරදි සාක්ෂි වසන් කිරීමද මරණීය දණ්ඩනය දක්වා දඬුවම් ලැබිය හැකි බරපතල වරදක් බව සියලු දෙනා වටහා ගත යුතුය.

​කෙසේ වෙතත්, මෙම නෛතික පූර්වාදර්ශය සාර්ථක වන්නේ පහත සඳහන් සියලු පාර්ශ්වයන් කෙරෙහිද තරාතිරම නොබලා නීතිය එක ලෙස ක්‍රියාත්මක වුවහොත් පමණි:

​1. විමර්ශන කොමිෂන් සභා වාර්තාවලින් චෝදනා ලබා ඇති නිලධාරීන්

​ජයකොඩි, අල්විස් සහ ඉමාම් කොමිසම ඇතුළු පරීක්ෂණ කමිටු මගින් රාජකාරිය සහ වගකීම පැහැර හැර ඇති බවට හඳුනාගෙන ඇති සියලුම රාජ්‍ය නිලධාරීන්, බුද්ධි අංශ ප්‍රධානීන් සහ පරිපාලනමය බලධාරීන්ට එරෙහිව ප්‍රහාරයේ නෛතික පූර්වාදර්ශයට අනුගතව වහාම නීතිය ක්‍රියාත්මක විය යුතුය.

​2. අණදුන් සහ බලපෑම් කළ දේශපාලන බලවතුන්

​නිලධාරීන් බොහෝ විට කටයුතු කරන්නේ දේශපාලන බලපෑම් මතය. ජාතික ආරක්ෂාව පරදුවට තබමින්, ආරක්ෂක යාන්ත්‍රණය අකර්මණ්‍ය කිරීමට, බුද්ධි තොරතුරු යටපත් කිරීමට හෝ පරීක්ෂණ අඩපණ කිරීමට අණදුන්, උපදෙස් දුන් හෝ පූජිත ජයසුන්දර ඇතුළු නිලධාරීන්ට බලපෑම් කළ දේශපාලන නායකයින් හෙළිකර ඔවුන්ව නීතිය හමුවට පැමිණවිය යුතුය. නිලධාරීන්ට පමණක් දඬුවම් දී දේශපාලන නායකත්වය නිදහස් වීම යුක්තියට පටහැනිය.

​3. දැනුවත්ව සිට පූජාවන් පැවැත්වූ සහ බැතිමතුන් නොදැනුවත් කළ ආගමික නායකයින්

​තොරතුරු ලැබී තිබියදීත් තමන්ගේ ආරක්ෂාව පමණක් සලසා ගනිමින්, බැතිමතුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට හෝ ඔවුන්ව දැනුවත් කිරීමට කටයුතු නොකළ, සපයා ඇති ආරක්ෂාවන් පිළිබඳ විමර්ශනයක් නොකර පූජාවන් පැවැත්වීමට ඉඩහැරි ආගමික නායකයින්ගේ අතපසුවීම් පිළිබඳවද අපක්ෂපාතී පරීක්ෂණයක් පැවැත්විය යුතුය.

​4. ත්‍රස්තවාදයට සහාය දුන් ආගම්වාදී දේශපාලකයින්

​දේශපාලන වාසි, ඡන්ද පදනම රැකගැනීම හෝ ජාතිවාදී/ආගම්වාදී න්‍යායපත්‍ර පවත්වාගෙන යාම උදෙසා අන්තවාදීන් සුරැකීමට කටයුතු කළ දේශපාලකයින් ත්‍රස්තවාදයේ වක්‍ර හවුල්කරුවන් ලෙස සලකා දඬුවම් පැමිණවිය යුතුය.

​5. අන්තවාදීන් අත්අඩංගුවට ගැනීම වැළැක්වූ දේශපාලන අධිකාරිය

​සහාරාන් ඇතුළු අන්තවාදීන් පිළිබඳ පැහැදිලි තොරතුරු තිබියදී, ඔවුන් අත්අඩංගුවට ගැනීමට යාමේදී ඊට හරස් වූ, පරීක්ෂණ අඩපණ කළ සහ සැකකරුවන් නිදහස් කිරීමට බලපෑම් කළ දේශපාලනඥයින් "ත්‍රස්තවාදයට අනුබල දීමේ" (Abetting Terrorism) සාපරාධී වගකීමෙන් නිදහස් විය නොහැක.

6. මූල්‍ය අනුග්‍රාහකයින් සහ ව්‍යාපාරිකයින්

​ත්‍රස්තවාදයේ කොඳුනාරටිය වන මූල්‍ය අනුග්‍රහය (Terrorism Financing) සැපයූ, පුපුරණ ද්‍රව්‍ය ලබාගැනීමට පහසුකම් සැලසූ මහා පරිමාණ ව්‍යාපාරිකයින්ගේ ආයතන, වත්කම් සහ ක්‍රියාකාරකම් පිළිබඳව පූර්ණ විමර්ශනයක් සිදුකර, මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීමේ නීති යටතේ උපරිම දඬුවම් පැමිණවිය යුතුය.

​7. අන්තවාදීන් සුරැකීමට පාර්ලිමේන්තුව භාවිත කළ දේශපාලකයින්

​ත්‍රස්තවාදීන්ට හෝ ඊට අරමුදල් සැපයූ ව්‍යාපාරිකයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වන විට, පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වී හෝ සභාව තුළ චරිත සහතික ලබාදෙමින් පරීක්ෂණ අඩාල කිරීමට කටයුතු කළ දේශපාලකයින් කෙරෙහිද විශේෂ අවධානය යොමු විය යුතුය. මහජන නියෝජිතයින් ලෙස අන්තවාදීන් සුරැකීම ජනතා විශ්වාසය බරපතල ලෙස කඩකිරීමකි.

​8. අනාගත ආරක්ෂක යාන්ත්‍රණයන් සහ පුද්ගලයින් විනාශ කරන්නන්

​අනාගතයේදී මෙවන් ප්‍රහාරයක් සිදුවීම වැළැක්වීමට හැකියාව ඇති ආයතන, අධිකරණ ක්ෂේත්‍රයේ නිලධාරීන් හෝ බුද්ධි අංශ සාමාජිකයින් පාවාදෙමින් ඒවා විනාශ කිරීමට කටයුතු කරන පුද්ගලයින් හඳුනාගෙන, ඔවුන් දේශද්‍රෝහීන් ලෙස සලකා නීතිය ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය වේ.

​නිගමනය

​2026 ජූලි 31 වන දින ලබා දුන් මහාධිකරණ තීන්දුව මගින් ශ්‍රී ලංකාවේ නීතියේ ආධිපත්‍යයේ නව පරිච්ඡේදයක් ආරම්භ කර ඇත. තනතුරේ බලය හෝ තරාතිරම කුමක් වුවත්, රාජකාරිය පැහැර හැරීම නිසා අහිංසක මිනිස් ජීවිත නැසී ගියේ නම් ඊට වගකිව යුතු බව මෙයින් ඔප්පු වී ඇත.

​නමුත් පූර්ණ යුක්තිය ඉටු වන්නේ, මෙම පූර්වාදර්ශය මත පිහිටා ප්‍රහාරයට දායක වූ, අනුබල දුන්, තොරතුරු සඟවන ලද, අන්තවාදීන් සුරැකි සහ ඊට මූල්‍යමය හා දේශපාලනික පහසුකම් සැපයූ සියලුම පාර්ශ්වයන්ට එරෙහිව තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක වූ විට පමණි. පාස්කු ප්‍රහාරයෙන් අසරණ වූ අහිංසක ජනතාවට ඉටුකළ හැකි එකම සාධාරණය සහ අනාගතයේ මෙවැනි ඛේදවාචකයක් වැළැක්විය හැකි එකම මඟද එයම වේ.

- යසස් ධර්මදාස

සම්බන්ධිත පුවත් | Related News

වත්මන් රජය අමු අමුවේ හමුදාව පාවා දෙමින් ඉතාම පහත් දේශද්‍රෝහී ක්‍රියාවක් සිදු කර ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතා පවසයි.
හිඟුරක්ගොඩ විවිධ සේවා සමුපකාර සමිතියට අයත් ඉන්ධන පිරවුම්හලකදී, ඉන්ධන බවුසරයකින් ඉන්ධන බාමින් සිටියදී ඩීසල් භූගත ටැංකියට පෙට්‍රල් ලීටර් 2,000කට ආසන්න ප්‍රමාණයක් මුසු වීමේ සිද්ධියක් හේතුවෙන් ඉන්ධන නිකුත් කිරීම ඇණහිට ඇති බව වාර්තා වේ.
හඳුනා නොගත් පියාසර වස්තූන් (UFO) සම්බන්ධයෙන් දශක හතකට අධික කාලයක් සිදුකළ විමර්ශනවලට අදාළ රහස් ලිපිගොනු 40ක් සහ මීට පෙර ප්‍රසිද්ධ නොකළ හමුදා වීඩියෝ දර්ශන තුනක් අමෙරිකාව විසින් ප්‍රසිද්ධ කර ඇත.
ශ්‍රී ලංකාවේ අතීත උරුමයන් සහ නිදහස් සටනේ විරුවන් නොසලකා හරින ආකල්පමය පරිහානියක් වර්තමානයේ දක්නට ලැබෙන බවත්, එසේ අතීත උරුමයන් නොසලකා හරින්නේ නම් රටක් හා ජාතියක් ලෙස පැවතිය නොහැකි බවත් ශ්‍රී ලංකාවේ ස්‍යාමෝපාලී මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමියෝ පවසති.
මාතලේ අලුවිහාරය ආශ්‍රිතව මුස්ලිම් පල්ලියක ඉදිකිරීම් සම්බන්ධයෙන් පළ වූ පුවතක් පිළිබඳව නීතිමය තත්ත්වය සොයා බැලීමට සහ අවශ්‍ය නීතිමය පියවර ගැනීමට සූදානම් බව පූජ්‍ය ගලගම කුසලධම්ම හිමියෝ පවසති.
ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ 60 වන සංවත්සර උත්සවය අද පෙරවරුවේ කැළණිය - නාගානන්ද අන්තර්ජාතික විශ්වවිද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.
මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති යුදමය වාතාවරණය හමුවේ හෝමූස් සමුද්‍ර සන්ධියේ පාලනය ඉරානය සහ ඕමානය එක්ව පිහිටුවා ගන්නා ඒකාබද්ධ යාන්ත්‍රණයකට නතුවීම නොවැළැක්විය හැකි බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.
යාපනය ප්‍රධාන වීදියේ (Main Street) වසර නවයක පමණ කාලයක් තිස්සේ පවත්වාගෙන ගිය 'මාතර ඇඹුල හෝටලය' නම් ආපනශාලාවේ ඉදිරිපස කොටස යාපනය මහ නගර සභාව මගින් කඩා බිඳ දැමීමත් සමඟ, එම නගරයේ නීති ක්‍රියාත්මක කිරීමේ සමානාත්මතාවය සහ සංහිඳියාව පිළිබඳව ප්‍රදේශවාසීන් අතර දැඩි කතාබහක් මතු වී තිබේ.
එළඹෙන නොවැම්බර් 30 වැනිදා දිවයින පුරා රාජ්‍ය සේවයේ ක්ෂේත්‍ර කිහිපයක් ඒකාබද්ධව දීපව්‍යාප්ත වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කර තිබේ.

ප්‍රධාන පුවත්

මේක තමයි මේ රටේ ලොකුම හමුදා පාවාදීම.. UN ප්‍රශ්න 27 ට රජය නිහඬයි.. - සරත් වීරසේකර

වත්මන් රජය අමු අමුවේ හමුදාව පාවා දෙමින් ඉතාම පහත් දේශද්‍රෝහී ක්‍රියාවක් සිදු කර ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතා පවසයි.

හිඟුරක්ගොඩ සමුපකාර ඉන්ධනහලේ ඩීසල් ටැංකියට පෙට්‍රල් බාලා..: මාලිමා මන්ත්‍රීගේ කළමනාකාරීත්වය නිසා සිදුවූ ලොකු පාඩුවක් ගැන හෙළිදරව්වක්..

හිඟුරක්ගොඩ විවිධ සේවා සමුපකාර සමිතියට අයත් ඉන්ධන පිරවුම්හලකදී, ඉන්ධන බවුසරයකින් ඉන්ධන බාමින් සිටියදී ඩීසල් භූගත ටැංකියට පෙට්‍රල් ලීටර් 2,000කට ආසන්න ප්‍රමාණයක් මුසු වීමේ සිද්ධියක් හේතුවෙන් ඉන්ධන නිකුත් කිරීම ඇණහිට ඇති බව වාර්තා වේ.

හඳුනා නොගත් පියාඹන වස්තූන්වල රහස් ලිපිගොනු 40ක් අමෙරිකාව ප්‍රසිද්ධ කරයි.. - UFO අබිරහස් වීඩියෝ දර්ශන තුනකුත් එළියට..

හඳුනා නොගත් පියාසර වස්තූන් (UFO) සම්බන්ධයෙන් දශක හතකට අධික කාලයක් සිදුකළ විමර්ශනවලට අදාළ රහස් ලිපිගොනු 40ක් සහ මීට පෙර ප්‍රසිද්ධ නොකළ හමුදා වීඩියෝ දර්ශන තුනක් අමෙරිකාව විසින් ප්‍රසිද්ධ කර ඇත.

අතීත උරුමයන් හා ජාතික විරුවන් නොසලකා හැරීමෙන් ජාතියක් ලෙස පැවතිය නොහැකියි.. - අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමි

ශ්‍රී ලංකාවේ අතීත උරුමයන් සහ නිදහස් සටනේ විරුවන් නොසලකා හරින ආකල්පමය පරිහානියක් වර්තමානයේ දක්නට ලැබෙන බවත්, එසේ අතීත උරුමයන් නොසලකා හරින්නේ නම් රටක් හා ජාතියක් ලෙස පැවතිය නොහැකි බවත් ශ්‍රී ලංකාවේ ස්‍යාමෝපාලී මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමියෝ පවසති.

මාතලේ ඓතිහාසික පුදබිම රැකගැනිම වෙනුවෙන් පූජ්‍ය ගලගම කුසලධම්ම හිමි නඩු මගට..

මාතලේ අලුවිහාරය ආශ්‍රිතව මුස්ලිම් පල්ලියක ඉදිකිරීම් සම්බන්ධයෙන් පළ වූ පුවතක් පිළිබඳව නීතිමය තත්ත්වය සොයා බැලීමට සහ අවශ්‍ය නීතිමය පියවර ගැනීමට සූදානම් බව පූජ්‍ය ගලගම කුසලධම්ම හිමියෝ පවසති.

ත්‍රෛනිකායික මහා සංඝරත්නය ඇතුළු 5,000කගේ සහභාගීත්වයෙන් ජගත් බොදු සමුළුව අද ඇරඹේ..

ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ 60 වන සංවත්සර උත්සවය අද පෙරවරුවේ කැළණිය - නාගානන්ද අන්තර්ජාතික විශ්වවිද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.

ඉරාන හෝමූස් තරණය සාර්ථක වෙයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති යුදමය වාතාවරණය හමුවේ හෝමූස් සමුද්‍ර සන්ධියේ පාලනය ඉරානය සහ ඕමානය එක්ව පිහිටුවා ගන්නා ඒකාබද්ධ යාන්ත්‍රණයකට නතුවීම නොවැළැක්විය හැකි බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

යාපනයේ 'මාතර ඇඹුල' කඩයේ කොටසක් කඩා දමයි..

යාපනය ප්‍රධාන වීදියේ (Main Street) වසර නවයක පමණ කාලයක් තිස්සේ පවත්වාගෙන ගිය 'මාතර ඇඹුල හෝටලය' නම් ආපනශාලාවේ ඉදිරිපස කොටස යාපනය මහ නගර සභාව මගින් කඩා බිඳ දැමීමත් සමඟ, එම නගරයේ නීති ක්‍රියාත්මක කිරීමේ සමානාත්මතාවය සහ සංහිඳියාව පිළිබඳව ප්‍රදේශවාසීන් අතර දැඩි කතාබහක් මතු වී තිබේ.

නොවැම්බර් 30 වැනිදා දීපව්‍යාප්ත වැඩ වර්ජනයට වෘත්තීය සමිති රැසක් එක්වෙයි.. වර්ජනයට සහාය දෙන බව බව GMOA කියයි..

එළඹෙන නොවැම්බර් 30 වැනිදා දිවයින පුරා රාජ්‍ය සේවයේ ක්ෂේත්‍ර කිහිපයක් ඒකාබද්ධව දීපව්‍යාප්ත වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කර තිබේ.

ඇමරිකානු මැතිවරණ සහ මාධ්‍ය වාර්තාකරණය පාලනය කිරීමට USAID මැදිහත් වූ බවට චෝදනා.. - රහස්‍ය ලේඛන මඟින් තොරතුරු රැසක් හෙළිවේ..

ඇමරිකානු පුරවැසියන්ගේ අදහස් වාරණය කිරීමට සහ 2024 ජනාධිපතිවරණය ඇතුළු මැතිවරණ ක්‍රියාවලීන්ට බලපෑම් කිරීමට ඇමරිකානු ජාත්‍යන්තර සංවර්ධන නියෝජිතායතනය (USAID) කටයුතු කර ඇති බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පාලනාධිකාරිය විසින් ප්‍රසිද්ධියට පත් කරන ලද නවතම ලේඛන මඟින් අනාවරණය වී තිබේ.

ලාල් කාන්ත පල් මෝඩයෙක් සේ අධිරාජ්‍යවාදීන්ගේ දීර්ඝ කාලීන වුවමනාවක් ඉටුකරනවාද?.. ගාස්තුවකට සේවය කරනවා ද? - ජාතික සංවිධාන ප්‍රශ්න කරයි

කෘෂිකර්ම අමාත්‍ය ලාල් කාන්ත මහතා විසින් වී ගොවිතැන අධෛර්යමත් කිරීම සඳහා ගොවීන්ට බලපෑම් කරමින් සිදුකරන ප්‍රකාශ පිළිබඳව ලංකා ලීඩර් විසින් ජාතික සංවිධාන වලින් මතය විමසන ලදී.

චීන – රුසියානු – ඇමරිකා සාකච්ඡා මැද ට්‍රම්ප් පරාජය පිළිගත්තාද?.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ජී. වීරසිංහගෙන් අනාවරණයක්..

1990 දශකයේ සෝවියට් සංගමය බිඳ වැටීමෙන් පසු ගොඩනැඟුණු ඇමරිකානු නායකත්වයෙන් යුත් ඒකධ්‍රැව ලෝක රටාව නිල වශයෙන් අවසන් වීමේ සන්ධිස්ථානයක් ලෙස චීනයේ ෂෙන්ෂෙන් නගරයේ පැවති 33 වැනි APEC සමුළුවට සමගාමීව සිදු වූ ඇමරිකානු, චීන සහ රුසියානු නායකයන්ගේ හමුව හැඳින්විය හැකි බව ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජී. වීරසිංහ මහතා පවසයි.

යුද සමයේ ප්‍රහාර ගැන රජය ප්‍රසිද්ධියේ සමාව ගත යුතු යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාල වාර්තාවකින් නිර්දේශ..

මෙරට යුද සමයේදී සහ ඉන් අනතුරුව මානුෂීය සහ වෛද්‍ය සේවකයින්, පහසුකම් සහ මෙහෙයුම් වෙත එල්ල වූ ප්‍රහාර සම්බන්ධයෙන් රාජ්‍ය ආරක්ෂක අංශවල මැදිහත්වීම පිළිගෙන, රජය විසින් ප්‍රසිද්ධියේ සමාව අයැදිය යුතු බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය නිකුත් කළ නවතම වාර්තාවක් හරහා නිර්දේශ කර තිබේ.

රුසියාවේ නීතිපතිවරයා සහ ශ්‍රී ලංකාවේ නීතිපතිවරයා අතර හමුවක්

රුසියානු අධීක්ෂණ ආයතනයේ ප්‍රධානියාගේ කොළඹ සංචාරයේ වැඩසටහන ආරම්භ කරමින් රුසියානු නීතිපති ඇලෙක්සැන්ඩර් ගුට්සාන් මහතා ශ්‍රී ලංකාවේ නීතිපති පාරින්ද රණසිංහ මහතා හමුවිය.

සිවාජලිංගම්ට අවසන් ගෞරවය දක්වන්න ඇවිත් මහවිරු දිනයේ කතාවකුත් කරලා.. - සිවාජලිංගම්ගේ අවමංගල්‍යයට පැමිණි ඉන්දීය මන්ත්‍රීවරයාගේ සංචාරය ගැන ආචාර්ය සුරේන් රාගවන්ගෙන් දැඩි විවේචන

මෑතකදී අභාවප්‍රාප්ත වූ සිවාජලිංගම්ගේ අවසන් කටයුතුවලට අවසන් ගෞරව දැක්වීම සඳහා මෙරටට පැමිණි බව සඳහන් ඉන්දීය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ (තිරුවාමාවලන්) හැසිරීම සහ එම සංචාරය හමුවේ රජය දක්වන ප්‍රතිචාර සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය සුරේන් රාගවන් මහතා දැඩි විවේචන එල්ල කරයි.

ඉන්දියාව අනුරාධපුර ව්‍යාපෘතිය පිළිබඳ සවිස්තරාත්මක යෝජනාවක් අපේක්ෂාවෙන් අරමුදල් තීරණය කිරීමට නියමිතයි..

අනුරාධපුර පූජා නගර සංවර්ධන ව්‍යාපෘතිය සඳහා ඉන්දීය මූල්‍ය ආධාර මෙතෙක් අවසන් වශයෙන් තීරණය කර නොමැති බව කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ප්‍රකාශකයෙක් පවසයි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.