News Category
From Date
To Date
Maximum Number of Result

AI යුගයේ ගැටළු වලට මුහුණ දෙන ජගත් ප්‍රජාව විසඳුම් සඳහා චීනය දෙසට යොමුවෙයි: Global Times කතුවැකිය

Jul 19, 2026 at 09:50 AM
|

2026 ලෝක කෘත්‍රිම බුද්ධි (AI) සමුළුව සහ ගෝලීය AI පාලනය පිළිබඳ උසස් පෙළේ රැස්වීම ජූලි 17 සිට 20 දක්වා චීනයේ ෂැංහයි නගරයේදී පැවැත්වේ. එහි ප්‍රධාන දේශනය පවත්වමින් චීන ජනාධිපති ෂී ජින්පිං මහතා අවධාරණය කළේ, සියලු රටවල් ජනතාව කේන්ද්‍ර කරගත් ප්‍රවේශයක් අනුගමනය කරමින්, කෘත්‍රිම බුද්ධිය යහපත සඳහාත් මානව වර්ගයාගේ ප්‍රයෝජනය සඳහාත් සංවර්ධනය කළ යුතු බවයි. AI තාක්ෂණය හවුල් සමෘද්ධිය සහ පොදු ආරක්ෂාව ප්‍රවර්ධනය කරන ප්‍රබල බලවේගයක් බවට පත් කළ යුතු අතර, ගෝලීය ඇඓ පාලනය සඳහා සාධාරණ හා සමානාත්මතා පදනම් වූ පද්ධතියක් එක්ව ගොඩනැගිය යුතු බවද ඔහු සඳහන් කළේය.

මානව ශිෂ්ටාචාරයේ සංවර්ධනය තීරණාත්මක සන්ධිස්ථානයකට පැමිණ ඇති අවස්ථාවක, චීනය "යහපත සඳහාත් මානව වර්ගයාගේ ප්‍රයෝජනය සඳහාත්" යන නිවැරදි මාර්ගය තෝරාගෙන තිබේ. එය ගෝලීය සංවර්ධන ප්‍රවණතා පිළිබඳ ගැඹුරු අවබෝධයක් පමණක් නොව, ජනතාව කේන්ද්‍ර කරගත් සංවර්ධන දර්ශනයක ප්‍රකාශනයක් ද වේ. සමුළුවේදී නැගුණු උණුසුම් අත්පොළසන් හඬ, චීන ප්‍රඥාව සහ චීන විසඳුම් පිළිබඳ ලෝකය තුළ පවතින පිළිගැනීම සහ ඉහළ අපේක්ෂාවන් මනාව පිළිබිඹු කළේය.

ජනාධිපති ෂී ජින්පිං මහතා මෙහිදී ප්‍රධාන යෝජනා හතරක් ඉදිරිපත් කළේය.

එනම්, පළමුව, විවෘතභාවය සහ ජයග්‍රාහී සහයෝගීතාව මූලධර්මයක් ලෙස පිළිපදිමින් නවෝත්පාදන මත පදනම් වූ සංවර්ධනය වේගවත් කළ යුතුය. දෙවනුව, අවදානම් පිළිබඳ අවබෝධය ශක්තිමත් කර ඇඓ ආරක්ෂිත සහ පාලනය කළ හැකි තාක්ෂණයක් බවට පත් කළ යුතුය. තෙවනුව, ඇතුළත්භාවය (Inclusiveness) ප්‍රවර්ධනය කරමින් ශිෂ්ටාචාර අතර අන්‍යෝන්‍ය ඉගෙනීම සහ හුවමාරුව වර්ධනය කළ යුතුය. සිව්වනුව, එක්සත්භාවය ශක්තිමත් කර ගෝලීය පාලන පද්ධතිය වැඩිදියුණු කළ යුතුය.

2023 වසරේ චීනය විසින් ඉදිරිපත් කළ ගෝලීය ඇඓ පාලන මුලපිරීම (Global AI Governance Initiative) ට අමතරව, මෙවර ජනාධිපති ෂී ජින්පිං මහතා ගෝලීය ඇඓ පාලනය පිළිබඳ චීනයේ ස්ථාවරය සහ යෝජනා නැවත වරක් පුළුල් හා ක්‍රමානුකූල ලෙස පැහැදිලි කළේය. සංවර්ධනය, ආරක්ෂාව, ශිෂ්ටාචාරය සහ පාලනය යන ප්‍රධාන මානයන් හතර කේන්ද්‍ර කරගනිමින්, ගෝලීය AI සංවර්ධනය හා පාලනය මුහුණ දෙන ප්‍රධාන අභියෝගයන්ට ඔහු පිළිතුරු සපයා තිබේ. එමෙන්ම, ගෝලීය පාලනය ඉදිරියට ගෙනයාමටත්,AI සහ ඩිජිටල් පරතරය අවම කිරීමටත් නව අදහස් සහ විසඳුම් ද ඔහු ඉදිරිපත් කළේය. තාක්ෂණය යනු දෙපැත්ත කැපෙන කඩුවක් වැනිය. එය නිෂ්පාදන ශක්තිය අතිවිශාල ලෙස වර්ධනය කරන අතරම, අවුල්සහගත තත්ත්වයන්, සම්පත් කොල්ලකෑම් සහ යුද්ධ පවා ඇති කළ හැකිය. බටහිර කාර්මික ශිෂ්ටාචාරය ඊට පැහැදිලි උදාහරණයකි. වාෂ්ප යන්ත්‍රය, රෙදිපිළි යන්ත්‍රෝපකරණ සහ දුම්රිය වැනි තාක්ෂණික නවෝත්පාදන මගින් පෙර නොවූ විරූ භෞතික සම්පත් නිර්මාණය වූ අතර, නාගරීකරණය සහ ගෝලීය වෙළඳාමද වේගයෙන් වර්ධනය විය.

එහෙත් එම දියුණුව සමඟම බරපතළ සමාජීය අර්බුද ද මතුවිය. ධනවත් හා දුප්පත් අතර පරතරය තවත් පුළුල් වූ අතර, පරිසර දූෂණය ඉහළ ගියේය. තවද, අමුද්‍රව්‍ය සහ වෙළඳපොළ අත්පත් කර ගැනීම සඳහා මහා බලවතුන් අතර පැවති තරගය යටත් විජිතවාදී ව්‍යාප්තිය වේගවත් කළ අතර, අවසානයේ එය ලෝක යුද්ධවලට ද මඟ පෑදීය.

ආසියාව, අප්‍රිකාව සහ ලතින් ඇමරිකාව පුරා රටවල් සම්පත් කොල්ලකෑමට, සංස්කෘතික විනාශයට සහ විදේශීය පාලනයට ගොදුරු වූහ. කාර්මික විප්ලව දෙක මගින් බිහි වූ බව කියන "සමෘද්ධිය" යට සැඟවී තිබුණේ අසමාන හා අසමතුලිත සංවර්ධනයෙන් උපන් ලේ සහ කඳුළු ඉතිහාසයකි.

ඕනෑම තාක්ෂණික විප්ලවයක් සිදු වූ විට, එහි ප්‍රතිලාභ භුක්ති විඳින්නේ කවුද? එහි නීති රීති තීරණය කරන්නේ කවුද? යන ප්‍රශ්න මානව ශිෂ්ටාචාරයේ මට්ටම මැන බැලීමේ වැදගත් මිනුම් දණ්ඩක් බවට පත්වේ.

අද කෘත්‍රිම බුද්ධිය මානව වර්ගයාට ලැබී ඇති විශාලතම සංවර්ධන අවස්ථාවක් විය හැකිය. එහෙත්, ඵලදායී ගෝලීය පාලනයක් නොමැතිව ඇඓ තාක්ෂණය නව සංවර්ධන බාධකයක් මෙන්ම ලෝක අවුල්සහගතභාවයේ මූලාශ්‍රයක් බවටද පත්විය හැකිය.

මෙවැනි පසුබිමක, චීනය තම තාක්ෂණික සංවර්ධනය හවුල් සමෘද්ධිය සහ පොදු ආරක්ෂාව යන අරමුණු සමඟ බැඳ තැබීමෙන්, සංවර්ධනයේ වසාගත් හා බැහැරකිරීමේ ආකෘති ප්‍රතික්ෂේප කරන බවත්, දේශපාලනික මතවාදී බෙදීම් සහ තාක්ෂණික අවහිර කිරීම්වලට විරුද්ධ වන බවත් පැහැදිලි කරයි. චීනය AI තාක්ෂණය සලකන්නේ "පොදු මහජන සම්පතක්" (Public Good) ලෙසය. එහි සංවර්ධනයෙන් ලැබෙන ප්‍රතිලාභ මුළු ලෝකයම සමඟ බෙදාගත යුතු අතර, එය කිසිදු රටක ආධිපත්‍යය තහවුරු කිරීමේ මෙවලමක් නොවිය යුතු බව චීනය විශ්වාස කරයි. එම ප්‍රවේශය මගින් චීනය ගෝලීය AI පාලනය සඳහා නව පූර්වාදර්ශයක් ගොඩනඟමින්, ජාත්‍යන්තර ප්‍රජාවේ පොදු අපේක්ෂාවන්ට ප්‍රතිචාර දක්වනු ලබන්නේය. ඒ අනුව, මෙය මෙය චීන ප්‍රඥාව සහ චීන විසඳුම් පිළිබඳ ප්‍රකාශයක් පමණක් නොව, චීනයේ සැබෑ තාක්ෂණික ශක්තියේ ප්‍රදර්ශනයක් ද වේ.

අද වන විට චීනය කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණයේ ලෝකයේ ඉදිරියෙන්ම සිටින රටවල් අතරට පැමිණ ඇති අතර, විවෘත මූලාශ්‍ර (Open Source ) විශාල භාෂා ආකෘති (Large Language Models) සංවර්ධනයේ වේගයෙන්ම වර්ධනය වන සහ වඩාත් ක්‍රියාකාරී මධ්‍යස්ථානයක් බවට පත්ව තිබේ. DeepSeek වැනි චීන AI ආකෘති, අඩු පිරිවැය, ඉහළ කාර්යක්ෂමතාව සහ විවෘත මූලාශ්‍ර ස්වභාවය යන වාසි හේතුවෙන්, ඇතැම් රටවල් පවත්වාගෙන ගිය තාක්ෂණික සහ දැනුම් ආධිපත්‍යයට අභියෝගයක් එල්ල කර තිබේ. කෘත්‍රිම බුද්ධි ක්ෂේත්‍රයේ චීනය තෝරාගෙන ඇති මාවත නිවැරදි බව ඒ අනුව පැහැදිලිවේ. චීනය තමන්ගේම සංවර්ධනය ඉදිරියට ගෙන යන අතරම, ගෝලීය දකුණේ (Global South) බොහෝ රටවලටද නව සංවර්ධන අවස්ථා නිර්මාණය කරමින් සිටී.

ඒ අනුව, නව තාක්ෂණය යනු "ධනවත් රටවලට පමණක් වෙන් වූ ක්‍රීඩාවක්" නොවන බවත්, එසේ විය යුතුද නොවන බවත් චීනයේ අත්දැකීම් මගින් තහවුරු වන බව කතුවැකිය අවධාරණය කරයි. චීනය ගෝලීය AI සහයෝගිතාව සඳහා දේශපාලන ප්‍රකාශ පමණක් නොව, ක්‍රියාකාරී වැඩපිළිවෙළ ද ඉදිරිපත් කරමින් සිටින බවද එහි සඳහන් වේ.

ඒ අනුව, කෘත්‍රිම බුද්ධි හැකියාවන් ගොඩනැගීම පිළිබඳ ජාත්‍යන්තර සහයෝගිතාව ශක්තිමත් කිරීම සඳහා වූ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල යෝජනාව එකඟතාවයෙන් සම්මත කරවා ගැනීමට චීනය ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළේය.

එමෙන්ම, "තීරයක් සහ මාවතක් වැඩසටහන" (Belt and Road Initiative - BRI) ඔස්සේ ඩිජිටල් සහයෝගිතා වේදිකා ගොඩනඟමින්, අග්නිදිග ආසියාවේ සහ අප්‍රිකාවේ රටවලට අඩු පිරිවැයකින් ස්මාර්ට් යටිතල පහසුකම්, දේශීය භාෂා AI ආකෘති සහ ඩිජිටල් කුසලතා පුහුණු වැඩසටහන් ලබාදීමට චීනය කටයුතු කර තිබේ. මෙම සියලු ප්‍රයත්නයන් මගින්, කෘත්‍රිම බුද්ධියේ සෞඛ්‍ය සම්පන්න, ඇතුළත් සහ තිරසාර සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම සඳහා චීනය සිය ප්‍රතිඥාව ප්‍රායෝගික ක්‍රියාමාර්ගවලින් සනාථ කර ඇති බව තහවුරුවේ. තවද, ෂැංහයි නගරයේ ලෝක ඇඓ සහයෝගිතා සංවිධානය (World AI Cooperation Organization) පිහිටුවීම, ගෝලීය දකුණේ රටවල ඉල්ලීම්වලට ප්‍රතිචාර දක්වන තවත් වැදගත් පියවරක් වන්නේය. එම සංවිධානය මගින්, කෘත්‍රිම බුද්ධි සංවර්ධනය සහ ගෝලීය පාලනය ඉදිරියට ගෙන යාම සඳහා ජාත්‍යන්තර ප්‍රජාව එක්රැස් වන අතර, කෘත්‍රිම බුද්ධි ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් වන බවද එම එක් රැස් වීම මගින් තහවුරු වේ. මෙවර 2026 ලෝක කෘත්‍රිම බුද්ධි (AI) සමුළුව පිළිබඳ ජාත්‍යන්තර උනන්දුව සියලු අපේක්ෂාවන් ඉක්මවා ගිය ගොස් තිබේ.

මෙම සමුළුව සඳහා සමාගම් 1,100කට අධික සංඛ්‍යාවක් සහභාගි වූ අතර, AI නිෂ්පාදන 300කට වැඩි සංඛ්‍යාවක් ලෝකයට ප්‍රථම වරට එළිදක්වා තිබේ.

එමෙන්ම, ටියුරින් සම්මානලාභී සහ චීන විද්‍යා ඇකඩමියේ විදේශීය සාමාජික මහාචාර්ය ජෝන් එඩ්වඩ් හොප්ක්‍රොෆ්ට් (John Edward Hopcroft) සමුළුව අමතා දේශනයක් පැවැත්වූ අතර, රටවල් 100කට අධික සංඛ්‍යාවක සහ ජාත්‍යන්තර සංවිධානවල නිල නියෝජිතයන් මෙන්ම, විද්වත් හා කර්මාන්ත ක්ෂේත්‍ර නියෝජිතයන්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ. ඔවුන් චීනය වෙත ආකර්ෂණය වූයේ ආර්ථික හා තාක්ෂණික අවස්ථාවන් සඳහා පමණක් නොවේ. ලෝකය තීරණාත්මක තේරීම්වලට මුහුණ දෙන අවස්ථාවක, වගකීමෙන් යුත් ප්‍රධාන රාජ්‍යයක් ලෙස පෙරමුණ ගෙන ක්‍රියා කිරීමට චීනය දක්වන සූදානම ද එයට ප්‍රධාන හේතුවකි.

එම නිසා, "චීනය සමඟ ගමන් කිරීම යනු අනාගතය දෙසට ගමන් කිරීමයි" යන අදහස අද වන විට වඩාත් පැහැදිලි යථාර්ථයක් බවට පත්ව තිබේ.

කෘත්‍රිම බුද්ධිය යනු මානව වර්ගයාගේ සමූහ ප්‍රඥාව සංග්‍රහ කළ අගනා සම්පතකි. එබැවින් එහි සංවර්ධනය සියලු ජනතාවගේ යහපත සහ ලෝකයේ පොදු සංවර්ධනය ඉලක්ක කරගනිමින් සිදුවිය යුතු වේ.

ජනාධිපති ෂී ජින්පිං මහතා ඉදිරිපත් කළ යෝජනා සහ මුලපිරීම්, සාධාරණ සහ සමානාත්මතාව මත පදනම් වූ ගෝලීය ඇඓ පාලන පද්ධතියක් ගොඩනැගීම සඳහා පැහැදිලි මාර්ගෝපදේශයක් සපයනු ලබයි.

තාක්ෂණය අතිශය වේගයෙන් ඉදිරියට යන මෙම යුගයේ, සියලු පාර්ශ්ව එකඟතාව ශක්තිමත් කරමින් ජනතාව කේන්ද්‍ර කරගත් ප්‍රවේශයකින්, යහපත සඳහා සහ මානව වර්ගයාගේ ප්‍රයෝජනය සඳහා කෘත්‍රිම බුද්ධිය සංවර්ධනය කිරීම සඳහා චීනය සමඟ අත්වැල් බැඳ ගත යුතු බව අපි ඉල්ලා සිටිමු.

එවිට පමණක්, කෘත්‍රිම බුද්ධිය මානව සුබසාධනය ඉහළ නංවන සහ මානව ශිෂ්ටාචාරය ඉදිරියට ගෙන යන ප්‍රබල බලවේගයක් බවට සැබවින්ම පත්වනු ඇතැයි Global Times අවධාරණය කරනු ලබන්නේය. 

පරිවර්තනය ජීවන්ත ජයතිස්ස 

සම්බන්ධිත පුවත් | Related News

චීන කොමියුනිස්ට් පක්ෂය විසින් 1953 වසරේ සිට ආරම්භ කරන ලද ‘පස් අවුරුදු සැලසුම්’ යනු චීනයේ සමාජයීය සහ ආර්ථික සංවර්ධනය ඉලක්ක කරගත් මුල් පිරීම් මාලාවකි. මෙම සැලසුම් මගින් ප්‍රධාන වශයෙන් සිදු කෙරෙන්නේ පාරිසරික ආරක්ෂාව, අධ්‍යාපනය සහ කාර්මික ක්ෂේත්‍රවල චීන රජයේ ප්‍රතිපත්ති සහ ප්‍රමුඛතා සංවිධානය සහ ස්ථාපිත කිරීමේ කේන්ද්‍රීය මාධ්‍යයක් ලෙස කටයුතු කිරීමය. නව පස් අවුරුදු සැලසුමක් සකස් කිරීම, සාමාන්‍යයෙන් පවතින සැලැස්මේ මැද භාගයේදී ආරම්භ වේ. මෙය වසර කිහිපයක් පුරා සිදුකරන ඇගයීම්, මූලික පර්යේෂණ කෙටුම්පත් කිරීම සහ සංශෝධන මෙන්ම, මහජන අදහස් ලබා ගැනීම වැනි වට මාලාවකින් සමන්විත වේ. මෙලෙස සකස් කෙරෙන පස් අවුරුදු සැලසුම්, ඒවායේ කාර්යක්ෂමතාව සහ හැකියාවන් මෙන්ම, වේගවත් ආර්ථික වර්ධනය, සංවර්ධනය සහ ආයතනික මූල්‍ය සහ කාර්මික ප්‍රතිපත්ති සඳහා දායක වී ඇති ආකාරය ප්‍රශංසනීයය.
ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළි සිරගත වූහ. උන්වහන්සේගේ සිවුර ගලවා ජම්පරයක් අන්දවා ඇතැයි යන ප්‍රවෘත්තිවලින් සමාජ මාධ්‍ය පිරී ඇත. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකට උන්වහන්සේට ජම්පරයක් ඇන්දවීම ප්‍රවෘත්තියක් බවට පත්කර මාධ්‍යයට ප්‍රකාශ කරන්නැයි උපදෙස් දුන්නේ කවුදැයි වෙනමම සොයා බැලිය යුතුය.
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායෙන් දුදස්සනව එළවලා දාපු එක ලොකු ප්‍රශ්නයක් කරගත්ත පිරිසක් ඉන්නවා. කිසියම් සංවිධානයක සාමාජිකත්වයක් දරන කෙනෙක්ට ඒ සංවිධානයේ මූලික පිළිගැනීම්වලට විරුද්ධව කටයුතු කරන්න පුළුවන් කියලා මේ අඥානයෝ හිතනවා ද? කිසියම් ආයතනයක සේවය කරන කෙනෙක්ට ඒ ආයතනයේ විනය එකඟතා නො සළකා කටයුතු කරන්න පුළුවන් කියලා මේ අඥානයෝ හිතනවා ද? තමන්ට ඕන ඕන මගුල් කියවන්න, සංවිධානයක පොදු එකඟතාවලට විරුද්ධව, විනය එකඟතා නො තකා වැඩ කරන්න ඒ සංවිධානවල සාමාජිකයන්ට බෑ.
ඊයේ දිනයේ, මගේ හදවතට ඉතා සමීප, ඒ වගේම Fair Comment හි සමීපතම මිතුරෙකුව අත්අඩංගුවට ගනු ලැබුවා. ඔහු සාපරාධී අපරාධකරුවෙක් නෙවෙයි. ඔහු නීතියෙන් පැන ගිය කෙනෙකුත් නෙවෙයි. ඔහුගේ එකම වරද වුණේ මේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණය—වෙනත් පහළ උසාවියක් හෝ අවධානය සොයන මහේස්ත්‍රාත්වරයෙක් නොව, රටේ ඉහළම අධිකරණය—මීට වසර හතකට පෙර ජනාධිපතිවරයෙක් ගත් තීරණයක් ශුන්‍ය කර දැමීමට තීන්දු කිරීම පමණයි. ඒ තීන්දුව අවලංගු කිරීමෙන් ඔවුන් කළේ ඒ මිනිසාවත් අමු අමුවේ දිය කර හැරීමයි.
බ්‍රසීලයේ 2026 මැතිවරණය ජනාධිපති ලූලා ද සිල්වා (Lula da Silva) සහ ෆ්ලේවියෝ බෝල්සොනාරෝ (Flávio Bolsonaro) අතර දැඩි තරගකාරී, අධික ලෙස ද්‍රැවීකරණය වූ සටනක් බවට පත්ව ඇත. මත විමසුම්වලට අනුව, දෙවන වටයේ තරගයකදී දෙදෙනාම කරට කර තත්ත්වයක පසුවන අතර, මැද මාවතේ විකල්පයන්ට ජනප්‍රියත්වයක් ලබා ගැනීමට හැකිවී නොමැත. අපේක්ෂකයින් දෙදෙනාටම 50% ක පමණ ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රතිශතයක් ඇති අතර, එම නිසා මෙම මැතිවරණය බලාපොරොත්තුවක් ඇති කර ගැනීමට වඩා ප්‍රතිවාදියා බලයට පැමිණීම වැළැක්වීම අරමුණු කරගත් එකක් බවට පත්ව තිබේ.
ලෝකයේ දියුණු හෙවත් ධනපති රටවල (developed countries) වෘත්තිකයන්ගෙන් අයකරන පුද්ගල ආදායම් බදු (Personal Income Tax) සහ අනෙකුත් සමාජ ආරක්ෂණ දායකත්ව (Social Security Contributions) ක්‍රමවේද ප්‍රධාන වශයෙන් ප්‍රගතිශීලී බදු ක්‍රමයක් (Progressive Tax System) මත පදනම් වේ. එනම්, ලැබෙන ආදායම වැඩි වීමට අනුරූපව බදු අනුපාතයද ඉහළ යයි.
ලෝක බැංකු වාර්තාවලට අනුව, 2024 වන විටත් නයිජර් (Niger) රාජ්‍යයේ ජනගහනයෙන් 80% කට ආසන්න ප්‍රමාණයකට විදුලිය පහසුකම් නොමැත. එසේ වුවද, එම වසර දක්වාම ලොව විශාලතම යුරේනියම් නිෂ්පාදකයෙකු වන නයිජර් රාජ්‍යය, යුරෝපා සංගමයේ (EU) න්‍යෂ්ටික බලශක්ති අවශ්‍යතාවයෙන් 25% ක්ම සපයමින් මුළු යුරෝපය පුරා පිහිටි නගර සහ ගම්මාන බලගැන්වීමට දායක විය.
2003 අවුරුද්දේ මාර්තු 30 වැනි දා, ඉරාකය ආක්‍රමණය කරපු ඇමෙරිකාව ප්‍රමුඛ අධිරාජ්‍යවාදී හවුල් හමුදාවල අවසාන බල ඇණි 2026 සැප්තැම්බර් 30 වැනි දා ඉරාකයෙන් ඉවත්වෙලා ගියා. ජනාධිපති ජෝර්ජ් බුෂ් විසින් “ඉරාක නිදහස් මෙහෙයුම” (Operation Iraqi Freedom) කියන නමින් පටන්ගත්ත මේ අධිරාජ්‍යවාදී ආක්‍රමණය අවුරුදු 23 ක වැඩි කාලයක් ඉරාකය තුළ ක්‍රියාත්මක වුණා. ජනතා ඝාතක ආයුධ හොයනවා කියලා බොරුවක් ගොතලා පටන්ගත්ත ඒ ආක්‍රමණයෙන් වෙච්ච විනාශය ලෝකය ම දන්නවා.
සරණාගතයින් ලෙස ශ්‍රී ලංකාවට පැමිණෙන රෝහින්ග්‍යා අන්තවාදී මුලධර්මවාදීන් සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් මහනුවර නගරය කේන්ද්‍ර කරගනිමින් ආරම්භ කර තිබේ.

ප්‍රධාන පුවත්

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..

කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1974 සහ 1976 වසරවලදී ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ (OHCHR) විශේෂඥයන් සිව්දෙනෙකු විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යොමු කරන ලද පිටු 8කින් යුත් විශේෂ ලිපියක් පිළිබඳව ප්‍රවීණ මාධ්‍යවේදී ධර්ම ශ්‍රී කාරියවසම් මහතා සිය "කාරිගේ චැනල් එක" යූටියුබ් නාලිකාව ඔස්සේ විශේෂ අනාවරණයක් සිදු කර සිටී.

ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්

ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ ආරක්ෂක හා යුද සහයෝගීතාවන් ගොඩනගා ගැනීමට උත්සාහ කිරීම තුළින් රට බරපතල භූ-දේශපාලනික අර්බුදයකට මෙන්ම වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමකට තල්ලු වන බවට ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පෙන්වා දෙයි.

උතුරු-නැගෙනහිර බෙදුම්වාදී ක්‍රියා වහා පාලනය කිරීමට මැදිහත්වන්න.. - ජාතික නිදහස් පෙරමුණෙන් ජනපති අනුරට ලිපියක්

උතුර සහ නැගෙනහිර පළාත් තුළ ජාතිවාදී හා බෙදුම්වාදී ක්‍රියාකාරකම් වර්ධනය වෙමින් පවතින බවත්, ඒවා වැළැක්වීමට ආණ්ඩුව වහා පියවර ගත යුතු බවත් පවසමින් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමු කර තිබේ.

වහබ්වාදී ආගමික අන්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා වූ ගෝඨාභය රාජපක්ෂ යෝජනාවලිය යනු කුමක් ද?

ජාතික සංවිධාන විසින් මතුකරන ආගමික අන්තවාදය අවසන් කිරීම සඳහා වූ යෝජනා මොනවාදැයි ලංකා ලීඩර් පාඨකයෝ විමසති. ඒ නිසා ඒ පිළිබඳව වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගෙන් නැවත විමසීමට සිදුවිය. මේ ඔහුගේ කතාව,

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.