News Category
From Date
To Date
Maximum Number of Result

AI යුගයේ ගැටළු වලට මුහුණ දෙන ජගත් ප්‍රජාව විසඳුම් සඳහා චීනය දෙසට යොමුවෙයි: Global Times කතුවැකිය

Jul 19, 2026 at 09:50 AM
|

2026 ලෝක කෘත්‍රිම බුද්ධි (AI) සමුළුව සහ ගෝලීය AI පාලනය පිළිබඳ උසස් පෙළේ රැස්වීම ජූලි 17 සිට 20 දක්වා චීනයේ ෂැංහයි නගරයේදී පැවැත්වේ. එහි ප්‍රධාන දේශනය පවත්වමින් චීන ජනාධිපති ෂී ජින්පිං මහතා අවධාරණය කළේ, සියලු රටවල් ජනතාව කේන්ද්‍ර කරගත් ප්‍රවේශයක් අනුගමනය කරමින්, කෘත්‍රිම බුද්ධිය යහපත සඳහාත් මානව වර්ගයාගේ ප්‍රයෝජනය සඳහාත් සංවර්ධනය කළ යුතු බවයි. AI තාක්ෂණය හවුල් සමෘද්ධිය සහ පොදු ආරක්ෂාව ප්‍රවර්ධනය කරන ප්‍රබල බලවේගයක් බවට පත් කළ යුතු අතර, ගෝලීය ඇඓ පාලනය සඳහා සාධාරණ හා සමානාත්මතා පදනම් වූ පද්ධතියක් එක්ව ගොඩනැගිය යුතු බවද ඔහු සඳහන් කළේය.

මානව ශිෂ්ටාචාරයේ සංවර්ධනය තීරණාත්මක සන්ධිස්ථානයකට පැමිණ ඇති අවස්ථාවක, චීනය "යහපත සඳහාත් මානව වර්ගයාගේ ප්‍රයෝජනය සඳහාත්" යන නිවැරදි මාර්ගය තෝරාගෙන තිබේ. එය ගෝලීය සංවර්ධන ප්‍රවණතා පිළිබඳ ගැඹුරු අවබෝධයක් පමණක් නොව, ජනතාව කේන්ද්‍ර කරගත් සංවර්ධන දර්ශනයක ප්‍රකාශනයක් ද වේ. සමුළුවේදී නැගුණු උණුසුම් අත්පොළසන් හඬ, චීන ප්‍රඥාව සහ චීන විසඳුම් පිළිබඳ ලෝකය තුළ පවතින පිළිගැනීම සහ ඉහළ අපේක්ෂාවන් මනාව පිළිබිඹු කළේය.

ජනාධිපති ෂී ජින්පිං මහතා මෙහිදී ප්‍රධාන යෝජනා හතරක් ඉදිරිපත් කළේය.

එනම්, පළමුව, විවෘතභාවය සහ ජයග්‍රාහී සහයෝගීතාව මූලධර්මයක් ලෙස පිළිපදිමින් නවෝත්පාදන මත පදනම් වූ සංවර්ධනය වේගවත් කළ යුතුය. දෙවනුව, අවදානම් පිළිබඳ අවබෝධය ශක්තිමත් කර ඇඓ ආරක්ෂිත සහ පාලනය කළ හැකි තාක්ෂණයක් බවට පත් කළ යුතුය. තෙවනුව, ඇතුළත්භාවය (Inclusiveness) ප්‍රවර්ධනය කරමින් ශිෂ්ටාචාර අතර අන්‍යෝන්‍ය ඉගෙනීම සහ හුවමාරුව වර්ධනය කළ යුතුය. සිව්වනුව, එක්සත්භාවය ශක්තිමත් කර ගෝලීය පාලන පද්ධතිය වැඩිදියුණු කළ යුතුය.

2023 වසරේ චීනය විසින් ඉදිරිපත් කළ ගෝලීය ඇඓ පාලන මුලපිරීම (Global AI Governance Initiative) ට අමතරව, මෙවර ජනාධිපති ෂී ජින්පිං මහතා ගෝලීය ඇඓ පාලනය පිළිබඳ චීනයේ ස්ථාවරය සහ යෝජනා නැවත වරක් පුළුල් හා ක්‍රමානුකූල ලෙස පැහැදිලි කළේය. සංවර්ධනය, ආරක්ෂාව, ශිෂ්ටාචාරය සහ පාලනය යන ප්‍රධාන මානයන් හතර කේන්ද්‍ර කරගනිමින්, ගෝලීය AI සංවර්ධනය හා පාලනය මුහුණ දෙන ප්‍රධාන අභියෝගයන්ට ඔහු පිළිතුරු සපයා තිබේ. එමෙන්ම, ගෝලීය පාලනය ඉදිරියට ගෙනයාමටත්,AI සහ ඩිජිටල් පරතරය අවම කිරීමටත් නව අදහස් සහ විසඳුම් ද ඔහු ඉදිරිපත් කළේය. තාක්ෂණය යනු දෙපැත්ත කැපෙන කඩුවක් වැනිය. එය නිෂ්පාදන ශක්තිය අතිවිශාල ලෙස වර්ධනය කරන අතරම, අවුල්සහගත තත්ත්වයන්, සම්පත් කොල්ලකෑම් සහ යුද්ධ පවා ඇති කළ හැකිය. බටහිර කාර්මික ශිෂ්ටාචාරය ඊට පැහැදිලි උදාහරණයකි. වාෂ්ප යන්ත්‍රය, රෙදිපිළි යන්ත්‍රෝපකරණ සහ දුම්රිය වැනි තාක්ෂණික නවෝත්පාදන මගින් පෙර නොවූ විරූ භෞතික සම්පත් නිර්මාණය වූ අතර, නාගරීකරණය සහ ගෝලීය වෙළඳාමද වේගයෙන් වර්ධනය විය.

එහෙත් එම දියුණුව සමඟම බරපතළ සමාජීය අර්බුද ද මතුවිය. ධනවත් හා දුප්පත් අතර පරතරය තවත් පුළුල් වූ අතර, පරිසර දූෂණය ඉහළ ගියේය. තවද, අමුද්‍රව්‍ය සහ වෙළඳපොළ අත්පත් කර ගැනීම සඳහා මහා බලවතුන් අතර පැවති තරගය යටත් විජිතවාදී ව්‍යාප්තිය වේගවත් කළ අතර, අවසානයේ එය ලෝක යුද්ධවලට ද මඟ පෑදීය.

ආසියාව, අප්‍රිකාව සහ ලතින් ඇමරිකාව පුරා රටවල් සම්පත් කොල්ලකෑමට, සංස්කෘතික විනාශයට සහ විදේශීය පාලනයට ගොදුරු වූහ. කාර්මික විප්ලව දෙක මගින් බිහි වූ බව කියන "සමෘද්ධිය" යට සැඟවී තිබුණේ අසමාන හා අසමතුලිත සංවර්ධනයෙන් උපන් ලේ සහ කඳුළු ඉතිහාසයකි.

ඕනෑම තාක්ෂණික විප්ලවයක් සිදු වූ විට, එහි ප්‍රතිලාභ භුක්ති විඳින්නේ කවුද? එහි නීති රීති තීරණය කරන්නේ කවුද? යන ප්‍රශ්න මානව ශිෂ්ටාචාරයේ මට්ටම මැන බැලීමේ වැදගත් මිනුම් දණ්ඩක් බවට පත්වේ.

අද කෘත්‍රිම බුද්ධිය මානව වර්ගයාට ලැබී ඇති විශාලතම සංවර්ධන අවස්ථාවක් විය හැකිය. එහෙත්, ඵලදායී ගෝලීය පාලනයක් නොමැතිව ඇඓ තාක්ෂණය නව සංවර්ධන බාධකයක් මෙන්ම ලෝක අවුල්සහගතභාවයේ මූලාශ්‍රයක් බවටද පත්විය හැකිය.

මෙවැනි පසුබිමක, චීනය තම තාක්ෂණික සංවර්ධනය හවුල් සමෘද්ධිය සහ පොදු ආරක්ෂාව යන අරමුණු සමඟ බැඳ තැබීමෙන්, සංවර්ධනයේ වසාගත් හා බැහැරකිරීමේ ආකෘති ප්‍රතික්ෂේප කරන බවත්, දේශපාලනික මතවාදී බෙදීම් සහ තාක්ෂණික අවහිර කිරීම්වලට විරුද්ධ වන බවත් පැහැදිලි කරයි. චීනය AI තාක්ෂණය සලකන්නේ "පොදු මහජන සම්පතක්" (Public Good) ලෙසය. එහි සංවර්ධනයෙන් ලැබෙන ප්‍රතිලාභ මුළු ලෝකයම සමඟ බෙදාගත යුතු අතර, එය කිසිදු රටක ආධිපත්‍යය තහවුරු කිරීමේ මෙවලමක් නොවිය යුතු බව චීනය විශ්වාස කරයි. එම ප්‍රවේශය මගින් චීනය ගෝලීය AI පාලනය සඳහා නව පූර්වාදර්ශයක් ගොඩනඟමින්, ජාත්‍යන්තර ප්‍රජාවේ පොදු අපේක්ෂාවන්ට ප්‍රතිචාර දක්වනු ලබන්නේය. ඒ අනුව, මෙය මෙය චීන ප්‍රඥාව සහ චීන විසඳුම් පිළිබඳ ප්‍රකාශයක් පමණක් නොව, චීනයේ සැබෑ තාක්ෂණික ශක්තියේ ප්‍රදර්ශනයක් ද වේ.

අද වන විට චීනය කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණයේ ලෝකයේ ඉදිරියෙන්ම සිටින රටවල් අතරට පැමිණ ඇති අතර, විවෘත මූලාශ්‍ර (Open Source ) විශාල භාෂා ආකෘති (Large Language Models) සංවර්ධනයේ වේගයෙන්ම වර්ධනය වන සහ වඩාත් ක්‍රියාකාරී මධ්‍යස්ථානයක් බවට පත්ව තිබේ. DeepSeek වැනි චීන AI ආකෘති, අඩු පිරිවැය, ඉහළ කාර්යක්ෂමතාව සහ විවෘත මූලාශ්‍ර ස්වභාවය යන වාසි හේතුවෙන්, ඇතැම් රටවල් පවත්වාගෙන ගිය තාක්ෂණික සහ දැනුම් ආධිපත්‍යයට අභියෝගයක් එල්ල කර තිබේ. කෘත්‍රිම බුද්ධි ක්ෂේත්‍රයේ චීනය තෝරාගෙන ඇති මාවත නිවැරදි බව ඒ අනුව පැහැදිලිවේ. චීනය තමන්ගේම සංවර්ධනය ඉදිරියට ගෙන යන අතරම, ගෝලීය දකුණේ (Global South) බොහෝ රටවලටද නව සංවර්ධන අවස්ථා නිර්මාණය කරමින් සිටී.

ඒ අනුව, නව තාක්ෂණය යනු "ධනවත් රටවලට පමණක් වෙන් වූ ක්‍රීඩාවක්" නොවන බවත්, එසේ විය යුතුද නොවන බවත් චීනයේ අත්දැකීම් මගින් තහවුරු වන බව කතුවැකිය අවධාරණය කරයි. චීනය ගෝලීය AI සහයෝගිතාව සඳහා දේශපාලන ප්‍රකාශ පමණක් නොව, ක්‍රියාකාරී වැඩපිළිවෙළ ද ඉදිරිපත් කරමින් සිටින බවද එහි සඳහන් වේ.

ඒ අනුව, කෘත්‍රිම බුද්ධි හැකියාවන් ගොඩනැගීම පිළිබඳ ජාත්‍යන්තර සහයෝගිතාව ශක්තිමත් කිරීම සඳහා වූ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල යෝජනාව එකඟතාවයෙන් සම්මත කරවා ගැනීමට චීනය ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළේය.

එමෙන්ම, "තීරයක් සහ මාවතක් වැඩසටහන" (Belt and Road Initiative - BRI) ඔස්සේ ඩිජිටල් සහයෝගිතා වේදිකා ගොඩනඟමින්, අග්නිදිග ආසියාවේ සහ අප්‍රිකාවේ රටවලට අඩු පිරිවැයකින් ස්මාර්ට් යටිතල පහසුකම්, දේශීය භාෂා AI ආකෘති සහ ඩිජිටල් කුසලතා පුහුණු වැඩසටහන් ලබාදීමට චීනය කටයුතු කර තිබේ. මෙම සියලු ප්‍රයත්නයන් මගින්, කෘත්‍රිම බුද්ධියේ සෞඛ්‍ය සම්පන්න, ඇතුළත් සහ තිරසාර සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම සඳහා චීනය සිය ප්‍රතිඥාව ප්‍රායෝගික ක්‍රියාමාර්ගවලින් සනාථ කර ඇති බව තහවුරුවේ. තවද, ෂැංහයි නගරයේ ලෝක ඇඓ සහයෝගිතා සංවිධානය (World AI Cooperation Organization) පිහිටුවීම, ගෝලීය දකුණේ රටවල ඉල්ලීම්වලට ප්‍රතිචාර දක්වන තවත් වැදගත් පියවරක් වන්නේය. එම සංවිධානය මගින්, කෘත්‍රිම බුද්ධි සංවර්ධනය සහ ගෝලීය පාලනය ඉදිරියට ගෙන යාම සඳහා ජාත්‍යන්තර ප්‍රජාව එක්රැස් වන අතර, කෘත්‍රිම බුද්ධි ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් වන බවද එම එක් රැස් වීම මගින් තහවුරු වේ. මෙවර 2026 ලෝක කෘත්‍රිම බුද්ධි (AI) සමුළුව පිළිබඳ ජාත්‍යන්තර උනන්දුව සියලු අපේක්ෂාවන් ඉක්මවා ගිය ගොස් තිබේ.

මෙම සමුළුව සඳහා සමාගම් 1,100කට අධික සංඛ්‍යාවක් සහභාගි වූ අතර, AI නිෂ්පාදන 300කට වැඩි සංඛ්‍යාවක් ලෝකයට ප්‍රථම වරට එළිදක්වා තිබේ.

එමෙන්ම, ටියුරින් සම්මානලාභී සහ චීන විද්‍යා ඇකඩමියේ විදේශීය සාමාජික මහාචාර්ය ජෝන් එඩ්වඩ් හොප්ක්‍රොෆ්ට් (John Edward Hopcroft) සමුළුව අමතා දේශනයක් පැවැත්වූ අතර, රටවල් 100කට අධික සංඛ්‍යාවක සහ ජාත්‍යන්තර සංවිධානවල නිල නියෝජිතයන් මෙන්ම, විද්වත් හා කර්මාන්ත ක්ෂේත්‍ර නියෝජිතයන්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ. ඔවුන් චීනය වෙත ආකර්ෂණය වූයේ ආර්ථික හා තාක්ෂණික අවස්ථාවන් සඳහා පමණක් නොවේ. ලෝකය තීරණාත්මක තේරීම්වලට මුහුණ දෙන අවස්ථාවක, වගකීමෙන් යුත් ප්‍රධාන රාජ්‍යයක් ලෙස පෙරමුණ ගෙන ක්‍රියා කිරීමට චීනය දක්වන සූදානම ද එයට ප්‍රධාන හේතුවකි.

එම නිසා, "චීනය සමඟ ගමන් කිරීම යනු අනාගතය දෙසට ගමන් කිරීමයි" යන අදහස අද වන විට වඩාත් පැහැදිලි යථාර්ථයක් බවට පත්ව තිබේ.

කෘත්‍රිම බුද්ධිය යනු මානව වර්ගයාගේ සමූහ ප්‍රඥාව සංග්‍රහ කළ අගනා සම්පතකි. එබැවින් එහි සංවර්ධනය සියලු ජනතාවගේ යහපත සහ ලෝකයේ පොදු සංවර්ධනය ඉලක්ක කරගනිමින් සිදුවිය යුතු වේ.

ජනාධිපති ෂී ජින්පිං මහතා ඉදිරිපත් කළ යෝජනා සහ මුලපිරීම්, සාධාරණ සහ සමානාත්මතාව මත පදනම් වූ ගෝලීය ඇඓ පාලන පද්ධතියක් ගොඩනැගීම සඳහා පැහැදිලි මාර්ගෝපදේශයක් සපයනු ලබයි.

තාක්ෂණය අතිශය වේගයෙන් ඉදිරියට යන මෙම යුගයේ, සියලු පාර්ශ්ව එකඟතාව ශක්තිමත් කරමින් ජනතාව කේන්ද්‍ර කරගත් ප්‍රවේශයකින්, යහපත සඳහා සහ මානව වර්ගයාගේ ප්‍රයෝජනය සඳහා කෘත්‍රිම බුද්ධිය සංවර්ධනය කිරීම සඳහා චීනය සමඟ අත්වැල් බැඳ ගත යුතු බව අපි ඉල්ලා සිටිමු.

එවිට පමණක්, කෘත්‍රිම බුද්ධිය මානව සුබසාධනය ඉහළ නංවන සහ මානව ශිෂ්ටාචාරය ඉදිරියට ගෙන යන ප්‍රබල බලවේගයක් බවට සැබවින්ම පත්වනු ඇතැයි Global Times අවධාරණය කරනු ලබන්නේය. 

පරිවර්තනය ජීවන්ත ජයතිස්ස 

සම්බන්ධිත පුවත් | Related News

දැනට වසර 51කට පමණ පෙර පටිගත කරන ලද දුර්ලභ වීඩියෝ දර්ශනයක් ඇසුරින්, ආචාර්ය ගුණදාස අමරසේකර ශූරීන් විසින් හෙළයේ මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහයන් පිළිබඳව කරන ලද විශේෂ ප්‍රකාශයක් ඇතුළත් වීඩියෝ පටයක් Next page සමාජ මාධ්‍ය පිටුවේ පළකර තිබේ.
බටහිර රාජ්‍ය තම ආර්ථික, වෙළඳ, දේශපාලන අරමුණු උදෙසා , ආසියාවේ, අප්‍රිකාවේ අධ්‍යාපනය ස්වදේශිකයන් චින්තනයෙන් සහ ආර්ථික ජාතික විමුක්තියෙන් පාරාජිකාවන ලෙසත් , බටහිරයන් ආර්ථිකයෙන් වැඩෙන ලෙසත් අධ්‍යාපනය හසුරුවා ඇත.
2026 අගෝස්තු 07 වන දින, සවුදි අරාබිය, තුර්කිය සහ පාකිස්ථානය මක්කමදී "මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම" (Makkah Joint Defence Agreement) අත්සන් කරන ලදී. NATO හමුදා සන්ධානයේ ආකෘතියට සමානව සකස් කරන ලද මෙම ගිවිසුම මගින් අන්‍යෝන්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණ ඇත. එහි ප්‍රධාන කොන්දේසිය වන්නේ මෙම අත්සන් තැබූ පාර්ශව තුනෙන් ඕනෑම එකකට එල්ල වන සන්නද්ධ ප්‍රහාරයක්, පාර්ශවයන් තිදෙනාටම එල්ල වූ ප්‍රහාරයක් ලෙස සලකනු ලබන බවයි.
පසුගියදා කොළඹ 7 පිහිටි බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේ පාරාදීසය එළිමහන් රඟහලේදී විශ්ව සම්භාවනාවට පාත්‍ර වූ ඊඩිපස්, ජුලියස් සීසර්, ගොඩෝ එනකං, සාකුන්තලය සහ ජපන් සම්ප්‍රදායික නාට්‍යය අඩංගු උළෙලක් පවත්වනු ලැබුවා. අසමා රූපණ සරසවියේ නිර්මාතෘ අඛිල සපුමල් නාට්‍යවේදියා විසින් සංවිධානය කළ මෙම උළෙල හරවත් අදහස් ඇති ප්‍රේක්ෂකයන්ගේ විශේෂ අවධානය දිනා ගැනීමට සමත් වූවා.
පහුගිය දවස්වල මම “අස්ස - පස්ස” කියලා ලිපියක් ලිව්වා. ජම්බුවාදියෝ විසින් “කුසලස්ස” සහ “පාපස්ස” කියන පාලි වචන දෙක විකෘති කරන හැටි දැකලයි මම ඒ ලිපිය ලිව්වේ. ඒ ලිපියට විශාල පිරිසක් ප්‍රතිචාර දක්වලා තිබුණා. කමෙන්ට් තුන්සිය ගානක් දාලා තියෙනවත් දැක්කා. ඒ හැම එකක් ම කියවන්න වෙලාවක් මට නෑ. මගේ ලිපියට ප්‍රතිචාර දකවපු අය අතර ජම්බුවාදියොත් හිටියා. ඇත්තෙන්ම, ජම්බුවාදියෝ දක්වලා තිබිච්ච අදහස් බොහොම රසවත්. මට කියවන්න ලැබිච්ච එහෙම කමෙන්ට් දෙකක් තුනක් ගැන යමක් කියන්න පුළුවන්.
සෙවුතා (Ceuta) කියන්නේ ස්පාඤ්ඤයට අයිති ස්වායත්ත නගරයක්. භූමියක් විදිහට ගත්තාම මේ නගරය අයිතිවෙන්නේ අප්‍රිකානු මහද්වීපයට. ඒත් අප්‍රිකානු මහද්වීපයේ උතුරු ම කෙළවරේ තියෙන ස්පාඤ්ඤයට අයිති නගරයක් හින්දා දේශපාලනිකව යුරෝපයට අයිති ප්‍රදේශයක් විදිහට ඒක සළකනවා. මේ ස්වායත්ත නගරය යුරෝපා සංගමයේ විශේෂ බල ප්‍රදේශයක් (A special territory of members of the European Economic Area) විදිහටත් සම්බන්ධ කරගෙන තියෙනවා.
2019 පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය ශ්‍රී ලාංකීය ඉතිහාසයේ එතෙක් මෙතෙක් සිදු වූ වඩාත්ම ඛේදනීය, සංවේදී සහ විවාදාත්මක ත්‍රස්තවාදී ප්‍රහාරයන්ගෙන් එකකි. මෙම සිදුවීමේ ඇති බරපතලම සහ ඛේදනීයම කරුණ වන්නේ, ප්‍රහාරය එල්ල වන දින, වේලාව, ස්ථාන සහ ඊට සම්බන්ධ පුද්ගලයින් පිළිබඳ නිශ්චිත පූර්ව බුද්ධි තොරතුරු ලැබී තිබියදීත්, එය වළක්වා ගැනීමට බලධාරීන් අසමත් වීමයි.
රාජ්‍ය ආදායම 27% කින් ඉහළ ගොස් ඇති බව පවසමින් ආණ්ඩුව අත්පොළසන් දෙද්දි මහ පොළොවේ ජීවත්වන ජනතාවට දැනෙන්නේ තව තවත් බදු තොණ්ඩුව හිර වෙනවා පමණි.

ප්‍රධාන පුවත්

කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය දෙකට කරමින් මැදින් පාරක්.. අමරපුර නිකායේ දැඩි විරෝධය..

කන්කසන්තුරේ පිහිටි ඓතිහාසික තිස්ස රජමහා විහාර භූමිය දෙකඩ කරමින් බලහත්කාරයෙන් මාර්ගයක් ඉදිකිරීමට වලිකාමම් උතුර ප්‍රාදේශීය සභාව දරන උත්සාහයට ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ ශ්‍රී කල්‍යාණිවංශ පාර්ශ්වය සිය බලවත් විරෝධය පළ කර සිටියි.

''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මරාදමා හෝ විදේශ මැදිහත්වීමකින් අන්තර්කාලීන පාලනයක් ගොඩ නැගීමට උත්සාහ දැරූ බවත්, ඒ බවට සාක්ෂි ඇති බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

සම්බුද්ධ ශාසනයේ ප්‍රධාන අංගයක් වන පෙරහැර විකාරයක් බව අගමැතිනිය කියන්නේ කොහොමද?.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

සම්බුද්ධ ශාසනයේ සහ මෙරට සංස්කෘතියේ ප්‍රධාන අංගයක් වන පෙරහැර මංගල්‍යය විකාරයක් ලෙස අගමැතිනිය විසින් හඳුන්වන්නේ කෙසේදැයි දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රශ්න කරයි.

සවුදිය, තුර්කිය සහ පාකිස්ථානය 'නේටෝ' වැනි යුද සංවිධානයකට අවතීර්ණ වෙයි.. 'මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම' අත්සන් තබයි..

සවුදි අරාබිය, තුර්කිය සහ පාකිස්ථානය එක්ව NATO ආකෘතියට සමාන අන්‍යෝන්‍ය ආරක්ෂක ගිවිසුමක් වන "මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුමට" (Makkah Joint Defence Agreement) අත්සන් තබා ඇත. සවුදි ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු, තුර්කි ජනාධිපති රෙසෙප් තයියිප් එර්ඩොගන් සහ පාකිස්ථාන අගමැති ෂෙහ්බාස් ෂරීෆ් විසින් අත්සන් කරන ලද මෙම ගිවිසුම මගින්, සාමාජික රටකට එල්ල වන ඕනෑම සන්නද්ධ ප්‍රහාරයක් අනෙක් රටවලටද එල්ල වූ ප්‍රහාරයක් ලෙස සැලකීමට එකඟ වී ඇත.

විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීමට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණය 2022 වසරේදී තීන්දු කරලා..

ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2022 වසරේදී තීන්දු කර තිබේ.

වර්තමාන අර්බුද හමුවේ නාට්‍යකරුවන් අපේක්ෂාභංගත්වයට පත්වෙලා.. – නාට්‍යවේදී අඛිල සපුමල්

රටේ පවතින සමාජ, ආර්ථික හා දේශපාලන සංදර්භය හේතුවෙන් පොදු ජනතාව පමණක් නොව නාට්‍යකරුවන් පවා දැඩි අපේක්ෂාභංගත්වයකට පත්ව සිටින බව රාජ්‍ය සම්මානලාභී නාට්‍යවේදී අඛිල සපුමල් මහතා පවසයි.

ලොවටම සහන සැලසූ චීනයේ ගෝලීය සංවර්ධන මුලපිරුමට වසර 5යි: ගෝලීය දකුණේ අනාගතය වෙනුවෙන් චීනයෙන් නව පොරොන්දුවක්..

ලෝකය තවදුරටත් නොසන්සුන්කාරී සහ අස්ථාවර තත්ත්වයක පවතින, එමෙන්ම වැඩිවන සංවර්ධන අභියෝගවලට මුහුණ දෙන පසුබිමක, වඩා යහපත් අනාගතයක් නිර්මාණය කිරීම සඳහා චීන ගෝලීය සංවර්ධන මුලපිරුම (Global Development Initiative - GDI) එක්සත් ජාතීන්ගේ 2030 තිරසාර සංවර්ධන න්‍යාය පත්‍රය සමඟ ක්‍රමවත්ව ඒකාබද්ධ කිරීමට උත්සාහ කළ යුතු බව චීන විදේශ අමාත්‍ය වැං යී අඟහරුවාදා පැවසීය.

බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණියව අයින් කරන්න ආණ්ඩුවට අවශ්‍ය වුනා.. ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද යන්න ගැටළුවක්.. - නීතිඥ සංජීව වීරවික්‍රම

ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද? නැතිනම් අපරාධ නඩුවිධාන සංග්‍රහය යටතේ පොලිසිය මෙහෙයවනවා ද? යන්න බරපතළ ගැටළුවක් වී ඇති බව නීතිඥ සංජීව වීරවික්‍රම මහතා පවසයි.

බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර උච්ඡතම ස්ථානයකට පැමිණිලා.. ෂානක්කියන්ලා, සුමන්තිරන්ලාගෙන් බෞද්ධ උරුමය විනාශ කරන්න පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවටත් බලපෑම්.. දළදා පෙරහැරේ කරඬුව වඩම්මන ඇතුන්ටත් තහංචි වැටෙන ලකුණු!

වර්තමාන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව මෙරට බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර මාලාවේ උච්ඡතම ස්ථානයකට පැමිණ ඇති බවත්, පසුගිය කාලයේ යූටියුබ් සහ සමාජ මාධ්‍ය හරහා භික්ෂූන් වහන්සේලාට නින්දා අපහාස කිරීම මෙන්ම බුදුන් වහන්සේට පවා නින්දා අපහාස කරමින් ආගමික ඉගැන්වීම් පවා විකෘති කරමින් සිටින බවත් එහෙත් ඒ කිසිවකට එරෙහිව පියවර ගැනීම සිදුනොවන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමය විනාශ කිරීමට සැලසුම්සහගත ප්‍රහාරයක්.. පුරාවිද්‍යා වාර්තා වෙනස් කරන්න දෙමළ මන්ත්‍රීන්ගෙන් බලපෑම්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්..

වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව බෞද්ධ ශිෂ්ටාචාරයට සහ උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමයන්ට එරෙහිව සැලසුම්සහගත ප්‍රහාර මාලාවක් ක්‍රියාත්මක වන බවට ජාතික සංවිධාන එකමුතුව චෝදනා කරයි.

පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් දන්වයි..

දිගු කලක් පුරා කල් ගොස් ඇති පළාත් සභා මැතිවරණ "හැකි ඉක්මනින්" පවත්වන ලෙසත්, දෙමළ ජනතාවගේ අභිලාෂයන් ඉටුකිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අදාළ ප්‍රතිපාදන සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරන ලෙසත් ඉන්දියාව ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කළ බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි.

ඇමරිකානු - ඉරාන යුද්ධය අවසන් ද? - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්

අන්තර්ජාල නාලිකාවක් සමග විශේෂ සංවාදයකට එක්වෙමින් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පෙන්වා දෙන්නේ ඇමරිකාව සහ ඉරානය අතර දැනට පවතින ගැටුම්කාරී තත්ත්වය හුදෙක් කෙටිකාලීන යුද්ධයකට වඩා ගැඹුරු භූ-දේශපාලනික බලපෑම් මත පදනම් වූ සංකීර්ණ සෙවනැලි යුද්ධයක් බවයි.

'පාස්කු ප්‍රහාරය ගැන විමර්ශකයින් පත්කරලා තියෙන්නේ කතෝලික පල්ලියෙන්' - අතරමැදි පෙත්සම්කරුවෝ අධිකරණයට කියති..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සමට මැදිහත් වී කරුණු දක්වීම සඳහා ඉදිරිපත් කළ අතරමැදි පෙත්සම නිෂ්ප්‍රභ කරන ලෙස නීතිපතිවරයා අද (අගෝ: 04) අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

ගම්මන්පිල, විමල්, දිලිත් ඇතුළු හය දෙනෙක් අධිකරණයට අපහාස කිරීමේ ප්‍රකාශ ගැන අභියාචනාධිකරණයට දැනුම් ‍දීමට තීරණ කළා.. - කොටුව මහේස්ත්‍රාත්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන උදය ගම්මන්පිල, විමල් වීරවංශ, සහ අසංක නවරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර, සුගීෂ්වර බණ්ඩාර, මහින්ද පතිරණ යන පිරිස විසින් අධිකරණයට අපහාස වන අයුරින් මාධ්‍ය වෙත කරන ලද ප්‍රකාශ සම්බන්ධයෙන් අභියාචනාධිකරණයට දැනුම් දීමට තීරණය කරන බව කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා දැනුම් දෙන ලදී.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.