News Category
From Date
To Date
Maximum Number of Result

මීගමුව බන්ධනාගාරයේ පෙරළිය: අර්බුද කළමනාකරණය, ආරක්ෂක අභියෝග සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණයේ අත්‍යවශ්‍යතාව

Jul 9, 2026 at 09:43 AM
|

පසුගිය ජූලි 7 වන දින මීගමුව බන්ධනාගාරය තුළ සිදුවූ දරුණු කැරැල්ල සහ එය මර්දනය කිරීමට ආරක්ෂක අංශවලට ගනු ලැබූ ක්‍රියාමාර්ග, ශ්‍රී ලංකාවේ බන්ධනාගාර පද්ධතිය මුහුණ දී ඇති දැඩි ව්‍යුහාත්මක සහ ආරක්ෂක අර්බුදයේ තරම මැනවින් පෙන්නුම් කරන්නකි. රැඳවියන් පිරිසක් බන්ධනාගාර නිලධාරීන්ට මාරාන්තික ලෙස පහර දී, ගිනි අවි පැහැරගෙන, සමස්ත පරිශ්‍රයේම පාලනය තමන් සතු කර ගැනීමට දැරූ උත්සාහයත්, එය වැළැක්වීමට පොලිස් නිලධාරියෙකුට බන්ධනාගාර ප්‍රධාන දොරේ කවුළුවකින් T56 ගිනි අවියක් ඇතුළත් කර ඉලක්කයකින් තොරව වෙඩි තැබීමට සිදුවීමත් ශ්‍රී ලංකා බන්ධනාගාර ඉතිහාසයේ සනිටුහන් වූ අතිශය ඛේදජනක මෙන්ම සංකීර්ණ සිදුවීමකි. මෙම සිදුවීම හුදෙක් එක් ක්ෂණික කැරැල්ලක් ලෙස නොව, බන්ධනාගාර පද්ධතියේ පවතින ගැඹුරු අර්බුදයන්හි සමස්ත ප්‍රතිඵලයක් ලෙස විග්‍රහ කළ යුතුය.

​මෙම සිදුවීමේදී වඩාත්ම කතාබහට ලක්වන සහ තීරණාත්මක අවස්ථාව වන්නේ පොලිස් නිලධාරියා විසින් ප්‍රධාන දොරේ කවුළුවෙන් T56 තුවක්කුව ඇතුළට දමා ඉලක්කයකින් තොරව විවෘත වෙඩි තැබීමක් සිදු කිරීමයි. සාමාන්‍ය නීතිය ක්‍රියාත්මක කිරීමේ සන්දර්භයක් තුළ ඉලක්කයකින් තොරව වෙඩි තැබීම හෙවත් ඉවක් බවක් නොමැතිව වෙඩි තැබීම (Indiscriminate firing) බරපතල විවේචනයට ලක්වන කරුණක් වුවද, එම අවස්ථාවේ පැවති නිසි විධානයක් නොමැති  සහ අවදානම් සහගත වටපිටාව දෙස බලන විට වගකීම සහ වගවීම අවමතලයේ පවතින නිලධාරියෙක් එය අත්‍යවශ්‍ය මෙන්ම අවසන් විකල්පය ලෙසට සැළකූ බව පෙනෙන්නට ඇත. මෙහිදී පහත සඳහන් කරුණු කෙරෙහි අවධානය යොමුකළ යුතුවේ.

* ​ආයුධ සන්නද්ධ කැරලිකරුවන්: කැරලිකාර රැඳවියන් ඒ වන විටත් බන්ධනාගාරයේ තිබූ ගිනි අවි කිහිපයක් පැහැරගෙන තිබීම නිසා ඔවුන් සාමාන්‍ය විරෝධතාකරුවන් පිරිසකගෙන් සන්නද්ධ ත්‍රස්තවාදී කණ්ඩායමක තත්ත්වයට පත්ව සිටියහ.

* ​ජීවිත හානි සහ ක්ෂණික තර්ජනය: ජේලර්වරුන්ට පහර දී කිහිපදෙනෙකු මරා දමා, තවත් රැඳවියන් පිරිසක්ද ඝාතනය කර තිබූ එම අවස්ථාවේ, කැරලිකරුවන් බන්ධනාගාරයේ ප්‍රධාන දොරටුව බිඳගෙන සිවිල් සමාජය වෙතට කඩා වැදීමේ හෝ බන්ධනාගාරය සම්පූර්ණයෙන්ම තම ග්‍රහණයට ගැනීමේ ආසන්නතම අවදානමක් පැවතුණි.

* ​මර්දන උපක්‍රමයක් ලෙස වෙඩි තැබීම: මෙවැනි තත්ත්වයකදී නිශ්චිත ඉලක්කයක් ලබා ගැනීමට අපහසු වන්නේ දොර අගුලු දමා තිබීම සහ ඇතුළත දැඩි කැළඹිලි ස්වභාවයක් පැවතීම හේතුවෙනි. එබැවින්, බන්ධනාගාරය ඇතුළත සිටි සන්නද්ධ රැඳවියන් ප්‍රධාන දොරටුව දෙසට පැමිණීම වැළැක්වීමට සහ ඔවුන්ව පසුබැස්සවීමට (Suppressive fire) මෙම වෙඩි තැබීම තීරණාත්මක විය.

මෙම පියවර හරහා තවදුරටත් සිදුවීමට තිබූ මහා පරිමාණ මිනිස් ජීවිත හානි සහ සන්නද්ධ රැඳවියන් සමාජයට පැන යාමේ දැවැන්ත ජාතික ආරක්ෂක තර්ජනය වළක්වා ගැනීමට හැකි විය.

එබැවින්, ඉවක් බවක් නොමැතිව  වෙඩි තැබීම (Indiscriminate firing) සිදුවීමේදී එය අනුශංගික හානියක්දැයි (Collateral damage) නිශ්චය කිරීම, එනම් විචාරශීලී නොවන ප්‍රහාරයන්ට නීත්‍යානුකූල ඉලක්කයන් හසුවිය හැකි බැවින්, ඒ පිළිබඳව නිවැරදිව සොයා බලා නිශ්චිතවම තීරණය කිරීම අතිශයින්ම අත්‍යවශ්‍ය කරුණක් බව අවධාරණය කළ යුතුය.

​මීගමුව බන්ධනාගාර කැරැල්ල මඟින් මතු කරන ප්‍රධානතම ගැටලුව වන්නේ මෙවැනි මහා පරිමාණ සැලසුම්සහගත කැරැල්ලක් සංවිධානය වන තෙක් බන්ධනාගාර බුද්ධි අංශ සහ පාලනාධිකාරිය ඊට අසමත් වූයේ මන්ද යන්නයි. රැඳවියන් පිරිසක් එක්ව නිලධාරීන්ට පහර දී ආයුධ පැහැර ගැනීමට නම්, ඒ පිටුපස සැලසුම්සහගත සන්නිවේදනයක් සහ නායකත්වයක් තිබිය යුතුය.

​බන්ධනාගාර ඇතුළත පවතින දූෂණය, ජංගම දුරකථන සහ මත්ද්‍රව්‍ය භාවිතය වැනි නීතිවිරෝධී ක්‍රියාකාරකම් මීට රුකුලක් වන්නට ඇති බව නොරහසකි. රැඳවියන් සහ ඇතැම් දූෂිත නිලධාරීන් අතර පවතින සබඳතා හේතුවෙන් ආරක්ෂක විධිවිධාන ලිහිල් වීම මෙවැනි දරුණු ඛේදවාචකයන්ට පාර කපයි. තමන්ගේ සගයන් ඝාතනය වන තෙක්ම ආරක්ෂක උපක්‍රම ක්‍රියාත්මක කිරීමට නොහැකි වීම බන්ධනාගාර අභ්‍යන්තර ආරක්ෂක පද්ධතියේ පවතින බරපතල සිදුරු පෙන්නුම් කරයි. එපමණක් නොව, බන්ධනාගාර බුද්ධි අංශ නියෝජනය කරන විශේෂ ඒකකයක් ආයුධ රහිතව යෙදවීම පමණක් නොව ඔවුන්ගේ මූලික අවශ්‍යතාවයක් වන ආහාරපාන පවා ලබානොදී තිබීමද සැළකිල්ලට ගතයුතුය.

​බන්ධනාගාරයක සිටින සෑම රැඳවියෙකුගේම ජීවිත ආරක්ෂාව පිළිබඳ වගකීම පැවරෙන්නේ රජයට සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුවටයි. මෙම කැරැල්ලේදී ජේලර්වරුන් මෙන්ම රැඳවියන් කිහිපදෙනෙකුද මියගොස් ඇත. කැරැල්ලට සම්බන්ධ නැති, සාමාන්‍ය වැරදිවලට රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටි රැඳවියන් පවා මෙහිදී අභ්‍යන්තර ප්‍රහාරයන්ට ලක්ව මියයෑම දැඩි කනගාටුවට කරුණකි.

​නීතිමය සහ මානව හිමිකම් දෘෂ්ටිකෝණයකින් බලන කල, රාජ්‍ය ආරක්ෂක අංශ විසින් සිදු කළ වෙඩි තැබීම "අවම බලය භාවිත කිරීම" (Minimum force) යන සංකල්පයට අනුකූලද යන්න පිළිබඳව පරීක්ෂණ පැවැත්විය යුතුය. කෙසේ වෙතත්, කැරලිකරුවන් සන්නද්ධව සිටි බැවින් සහ ඔවුන් දැනටමත් මනුෂ්‍ය ඝාතන සිදු කර තිබූ බැවින්, මාරාන්තික බලය (Deadly force) භාවිත කිරීම නීත්‍යානුකූලව සාධාරණීකරණය කළ හැකිවිය හැකි නමුත්, ඉදිරියේදී මෙවැනි සිදුවීම් පාලනය කිරීම සඳහා මාරාන්තික නොවන ආයුධ (Non-lethal weapons) වන කඳුළු ගෑස්, රබර් උණ්ඩ හෝ ජල ප්‍රහාර වැනි උපක්‍රම බන්ධනාගාර දොරටු අසල සූදානම් කර තැබීමේ වැදගත්කම මෙමඟින් අවධාරණය කෙරේ.

​මීගමුව බන්ධනාගාර සිදුවීම ශ්‍රී ලංකාවේ සමස්ත බන්ධනාගාර පද්ධතියම වහාම ප්‍රතිසංස්කරණය කළ යුතු බවට දෙන ලද අවසන් අනතුරු ඇඟවීමකි. මේ සඳහා ගත යුතු ක්ෂණික සහ දිගුකාලීන මූලික පියවර කිහිපයකි:

- රැඳවියන් අධික වීම පාලනය: ලංකාවේ බන්ධනාගාරවල පවත්නා ධාරිතාවයට වඩා කිහිප ගුණයකින් රැඳවියන් රඳවා ඇත. සුළු වැරදි සඳහා ඇප ලබාදීම ලිහිල් කිරීම සහ නඩු කටයුතු කඩිනම් කිරීම මඟින් තදබදය අඩු කළ යුතුය.

- ආරක්ෂක තාක්ෂණය: බන්ධනාගාර පරිශ්‍රය පුරා සක්‍රීය CCTV කැමරා පද්ධති, ජංගම දුරකථන ජෑමර් (Jammers) සහ ස්වයංක්‍රීය අනතුරු ඇඟවීමේ පද්ධති ස්ථාපිත කිරීම.

- නිලධාරී පුහුණුව සහ උපකරණ: බන්ධනාගාර නිලධාරීන්ට කැරලි මර්දනය පිළිබඳ විධිමත් පුහුණුවක් සහ නවීන ආරක්ෂක උපකරණ (ආරක්ෂිත හිස්වැසුම්, පළිහ සහ මාරාන්තික නොවන ආයුධ) ලබාදීම. මානව හිමිකම් කඩකිරීමෙන් වැළකීම සඳහා පුහුණුවද ලබාදීමද අනිවාරයයෙන්ම ඇතුළත්විය යුතුය.

- වර්ගීකරණය: දරුණු ගණයේ අපරාධකරුවන්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ සාමාන්‍ය වැරදිකරුවන් එකට තැබීම වැළැක්වීම. දරුණු අපරාධකරුවන් සඳහා අධි-ආරක්ෂිත බන්ධනාගාර (High-security prisons) භාවිත කිරීම.

එසේම බන්ධනාගාර පරිපාලනය කාර්‍යක්ෂමව කිරීම සඳහා සමගාමී ආයතනවල කාර්‍යක්ෂමතාව ඉහළ නැන්වීම අනිවාර්යයෙන්ම සිදුකළ යුතුය. එනම් රසපරීක්ෂණ වාර්තා කඩිනම් කිරීම, නීතිපති දෙපාර්තමේන්තුවේ නිර්දේශ කඩිනම් කිරීම. අධිකරණ කටයුතු වේගවත් කිරීම ආදිය ඊට ඇතුළත්වේ.

​මීගමුව බන්ධනාගාරයේ සිදුවූ මෙම අවාසනාවන්ත සිදුවීම, මෙරට ජාතික ආරක්ෂාවට මෙන්ම නීතිය හා සාමය පවත්වාගෙන යාමට එල්ල වූ දැඩි අභියෝගයකි. අවශ්‍ය විධිවිධාන නොලැබුන බව හා එසේ ලැබුනේනම් ප්‍රශ්ණය නියපොත්තෙන් කැඩීමට තිබූ බවට අදාල ඇමතීවරයාහට යුනිෆෝම් ඇඳි නිලධාරීන් හඬමින් කරනු ලබන නර්මාලාපය සුළුවෙන් බැහැරකළ නොහැක. තිස් වසරක් පැවති කුරිරු ත්‍රස්ථවාදයක් තුරන්කිරීමේදී හමුදාවල විශාල ජීවිත අහිමියක් සිදු උවද මෙවන් අපේක්ෂා භංගව යෑදීම් අසන්නට දකින්නට නොළැබුනි. රජය කුමක් පැවසුවද සමස්ථ පරිපාලක අංශයේ බිඳවැටීම ඉන් මොනවට පැහැදිලි කරනු ලබයි. ජාතික ආරක්ෂාව පිළිබඳව පංති පැවැත්වීමට බංකු රැගෙන එන්න යැයි වහසිබස් දෙඩූ පමණින් ජාතික ආරක්ෂාවක් ඇතිකළ නොහැක. එසේම, පෙර කැරලි මර්ධනය සාර්ථකව ඉටුකළ අවස්ථාවන් පවා තවදුරටත් තමාගේ අඩුපාඩු වසාගැනීමට මඩ ගැසීමට යොදාගැනීමට තරම් උද්දච්ච හා පහත් මානසිකත්වයට පාලක පක්ෂය වැටෙන්නේනම් ඉන් ගම්‍ය වන්නේ ඔවුන්ගේ අසමත් බව හා අසාර්ථකත්වය නොවේද?

එවන්වූ වගකීම් රහිතවූද, නායකත්වයක් පවා නොමැති අවස්ථාවකදී, තම ජීවිත අවදානම පවා නොතකා කැරැල්ල තවදුරටත් ව්‍යාප්ත වීම වැළැක්වීමට කටයුතු කළ පොලිස්, හමුදා සහ බන්ධනාගාර නිලධාරීන්ගේ මැදිහත්වීම අගය කළ යුතුය. 

කෙසේ වෙතත්, මියගිය නිලධාරීන් සහ රැඳවියන් වෙනුවෙන් සාධාරණය ඉටු විය යුතු අතර, මෙවැනි ඛේදවාචකයන් නැවත සිදු නොවීමට නම් නිසි නායකත්වයක් ලබාදීම පමණක් නොව බන්ධනාගාර පද්ධතියේ පවතින දූෂණය, අකාර්යක්ෂමතාව සහ යටිතල පහසුකම්වල හිඟකම වහාම පිටුදැකිය යුතුය. බන්ධනාගාර යනු හුදෙක් දඬුවම් පමුණුවන ස්ථානයක් පමණක් නොව, වැරදිකරුවන් පුනරුත්ථාපනය කරන සුරක්ෂිත මධ්‍යස්ථානයක් බවට පත් කිරීම රජයේ මෙන්ම සමස්ත සමාජයේම වගකීමකි. එසේ නොමැතිව සිද්ධියක් සිදුවූ පසුව රැඳවියන් වෙනත් බන්ධනාගාරවෙත මාරුකිරීම හා ගැටුමට සම්බන්ධ සැකකරුවන් එවන් බන්ධනාගාරතුලට රැගෙනගිය වහාම කුමන හේතුවක් නිසා හෝ මරණයට පත්වීම ප්‍රශ්ණය විසඳීමට පිටුවහලක් නොවන අතර එය අපරටේ මානව හිමිකම් දර්ශකයට මරු පහරක් වනු ඇත.

- යසස් ධර්මදාස

සම්බන්ධිත පුවත් | Related News

දැනට වසර 51කට පමණ පෙර පටිගත කරන ලද දුර්ලභ වීඩියෝ දර්ශනයක් ඇසුරින්, ආචාර්ය ගුණදාස අමරසේකර ශූරීන් විසින් හෙළයේ මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහයන් පිළිබඳව කරන ලද විශේෂ ප්‍රකාශයක් ඇතුළත් වීඩියෝ පටයක් Next page සමාජ මාධ්‍ය පිටුවේ පළකර තිබේ.
බටහිර රාජ්‍ය තම ආර්ථික, වෙළඳ, දේශපාලන අරමුණු උදෙසා , ආසියාවේ, අප්‍රිකාවේ අධ්‍යාපනය ස්වදේශිකයන් චින්තනයෙන් සහ ආර්ථික ජාතික විමුක්තියෙන් පාරාජිකාවන ලෙසත් , බටහිරයන් ආර්ථිකයෙන් වැඩෙන ලෙසත් අධ්‍යාපනය හසුරුවා ඇත.
2026 අගෝස්තු 07 වන දින, සවුදි අරාබිය, තුර්කිය සහ පාකිස්ථානය මක්කමදී "මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම" (Makkah Joint Defence Agreement) අත්සන් කරන ලදී. NATO හමුදා සන්ධානයේ ආකෘතියට සමානව සකස් කරන ලද මෙම ගිවිසුම මගින් අන්‍යෝන්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණ ඇත. එහි ප්‍රධාන කොන්දේසිය වන්නේ මෙම අත්සන් තැබූ පාර්ශව තුනෙන් ඕනෑම එකකට එල්ල වන සන්නද්ධ ප්‍රහාරයක්, පාර්ශවයන් තිදෙනාටම එල්ල වූ ප්‍රහාරයක් ලෙස සලකනු ලබන බවයි.
පසුගියදා කොළඹ 7 පිහිටි බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේ පාරාදීසය එළිමහන් රඟහලේදී විශ්ව සම්භාවනාවට පාත්‍ර වූ ඊඩිපස්, ජුලියස් සීසර්, ගොඩෝ එනකං, සාකුන්තලය සහ ජපන් සම්ප්‍රදායික නාට්‍යය අඩංගු උළෙලක් පවත්වනු ලැබුවා. අසමා රූපණ සරසවියේ නිර්මාතෘ අඛිල සපුමල් නාට්‍යවේදියා විසින් සංවිධානය කළ මෙම උළෙල හරවත් අදහස් ඇති ප්‍රේක්ෂකයන්ගේ විශේෂ අවධානය දිනා ගැනීමට සමත් වූවා.
පහුගිය දවස්වල මම “අස්ස - පස්ස” කියලා ලිපියක් ලිව්වා. ජම්බුවාදියෝ විසින් “කුසලස්ස” සහ “පාපස්ස” කියන පාලි වචන දෙක විකෘති කරන හැටි දැකලයි මම ඒ ලිපිය ලිව්වේ. ඒ ලිපියට විශාල පිරිසක් ප්‍රතිචාර දක්වලා තිබුණා. කමෙන්ට් තුන්සිය ගානක් දාලා තියෙනවත් දැක්කා. ඒ හැම එකක් ම කියවන්න වෙලාවක් මට නෑ. මගේ ලිපියට ප්‍රතිචාර දකවපු අය අතර ජම්බුවාදියොත් හිටියා. ඇත්තෙන්ම, ජම්බුවාදියෝ දක්වලා තිබිච්ච අදහස් බොහොම රසවත්. මට කියවන්න ලැබිච්ච එහෙම කමෙන්ට් දෙකක් තුනක් ගැන යමක් කියන්න පුළුවන්.
සෙවුතා (Ceuta) කියන්නේ ස්පාඤ්ඤයට අයිති ස්වායත්ත නගරයක්. භූමියක් විදිහට ගත්තාම මේ නගරය අයිතිවෙන්නේ අප්‍රිකානු මහද්වීපයට. ඒත් අප්‍රිකානු මහද්වීපයේ උතුරු ම කෙළවරේ තියෙන ස්පාඤ්ඤයට අයිති නගරයක් හින්දා දේශපාලනිකව යුරෝපයට අයිති ප්‍රදේශයක් විදිහට ඒක සළකනවා. මේ ස්වායත්ත නගරය යුරෝපා සංගමයේ විශේෂ බල ප්‍රදේශයක් (A special territory of members of the European Economic Area) විදිහටත් සම්බන්ධ කරගෙන තියෙනවා.
2019 පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය ශ්‍රී ලාංකීය ඉතිහාසයේ එතෙක් මෙතෙක් සිදු වූ වඩාත්ම ඛේදනීය, සංවේදී සහ විවාදාත්මක ත්‍රස්තවාදී ප්‍රහාරයන්ගෙන් එකකි. මෙම සිදුවීමේ ඇති බරපතලම සහ ඛේදනීයම කරුණ වන්නේ, ප්‍රහාරය එල්ල වන දින, වේලාව, ස්ථාන සහ ඊට සම්බන්ධ පුද්ගලයින් පිළිබඳ නිශ්චිත පූර්ව බුද්ධි තොරතුරු ලැබී තිබියදීත්, එය වළක්වා ගැනීමට බලධාරීන් අසමත් වීමයි.
රාජ්‍ය ආදායම 27% කින් ඉහළ ගොස් ඇති බව පවසමින් ආණ්ඩුව අත්පොළසන් දෙද්දි මහ පොළොවේ ජීවත්වන ජනතාවට දැනෙන්නේ තව තවත් බදු තොණ්ඩුව හිර වෙනවා පමණි.

ප්‍රධාන පුවත්

කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය දෙකට කරමින් මැදින් පාරක්.. අමරපුර නිකායේ දැඩි විරෝධය..

කන්කසන්තුරේ පිහිටි ඓතිහාසික තිස්ස රජමහා විහාර භූමිය දෙකඩ කරමින් බලහත්කාරයෙන් මාර්ගයක් ඉදිකිරීමට වලිකාමම් උතුර ප්‍රාදේශීය සභාව දරන උත්සාහයට ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ ශ්‍රී කල්‍යාණිවංශ පාර්ශ්වය සිය බලවත් විරෝධය පළ කර සිටියි.

''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මරාදමා හෝ විදේශ මැදිහත්වීමකින් අන්තර්කාලීන පාලනයක් ගොඩ නැගීමට උත්සාහ දැරූ බවත්, ඒ බවට සාක්ෂි ඇති බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

සම්බුද්ධ ශාසනයේ ප්‍රධාන අංගයක් වන පෙරහැර විකාරයක් බව අගමැතිනිය කියන්නේ කොහොමද?.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

සම්බුද්ධ ශාසනයේ සහ මෙරට සංස්කෘතියේ ප්‍රධාන අංගයක් වන පෙරහැර මංගල්‍යය විකාරයක් ලෙස අගමැතිනිය විසින් හඳුන්වන්නේ කෙසේදැයි දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රශ්න කරයි.

සවුදිය, තුර්කිය සහ පාකිස්ථානය 'නේටෝ' වැනි යුද සංවිධානයකට අවතීර්ණ වෙයි.. 'මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම' අත්සන් තබයි..

සවුදි අරාබිය, තුර්කිය සහ පාකිස්ථානය එක්ව NATO ආකෘතියට සමාන අන්‍යෝන්‍ය ආරක්ෂක ගිවිසුමක් වන "මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුමට" (Makkah Joint Defence Agreement) අත්සන් තබා ඇත. සවුදි ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු, තුර්කි ජනාධිපති රෙසෙප් තයියිප් එර්ඩොගන් සහ පාකිස්ථාන අගමැති ෂෙහ්බාස් ෂරීෆ් විසින් අත්සන් කරන ලද මෙම ගිවිසුම මගින්, සාමාජික රටකට එල්ල වන ඕනෑම සන්නද්ධ ප්‍රහාරයක් අනෙක් රටවලටද එල්ල වූ ප්‍රහාරයක් ලෙස සැලකීමට එකඟ වී ඇත.

විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීමට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණය 2022 වසරේදී තීන්දු කරලා..

ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2022 වසරේදී තීන්දු කර තිබේ.

වර්තමාන අර්බුද හමුවේ නාට්‍යකරුවන් අපේක්ෂාභංගත්වයට පත්වෙලා.. – නාට්‍යවේදී අඛිල සපුමල්

රටේ පවතින සමාජ, ආර්ථික හා දේශපාලන සංදර්භය හේතුවෙන් පොදු ජනතාව පමණක් නොව නාට්‍යකරුවන් පවා දැඩි අපේක්ෂාභංගත්වයකට පත්ව සිටින බව රාජ්‍ය සම්මානලාභී නාට්‍යවේදී අඛිල සපුමල් මහතා පවසයි.

ලොවටම සහන සැලසූ චීනයේ ගෝලීය සංවර්ධන මුලපිරුමට වසර 5යි: ගෝලීය දකුණේ අනාගතය වෙනුවෙන් චීනයෙන් නව පොරොන්දුවක්..

ලෝකය තවදුරටත් නොසන්සුන්කාරී සහ අස්ථාවර තත්ත්වයක පවතින, එමෙන්ම වැඩිවන සංවර්ධන අභියෝගවලට මුහුණ දෙන පසුබිමක, වඩා යහපත් අනාගතයක් නිර්මාණය කිරීම සඳහා චීන ගෝලීය සංවර්ධන මුලපිරුම (Global Development Initiative - GDI) එක්සත් ජාතීන්ගේ 2030 තිරසාර සංවර්ධන න්‍යාය පත්‍රය සමඟ ක්‍රමවත්ව ඒකාබද්ධ කිරීමට උත්සාහ කළ යුතු බව චීන විදේශ අමාත්‍ය වැං යී අඟහරුවාදා පැවසීය.

බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණියව අයින් කරන්න ආණ්ඩුවට අවශ්‍ය වුනා.. ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද යන්න ගැටළුවක්.. - නීතිඥ සංජීව වීරවික්‍රම

ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද? නැතිනම් අපරාධ නඩුවිධාන සංග්‍රහය යටතේ පොලිසිය මෙහෙයවනවා ද? යන්න බරපතළ ගැටළුවක් වී ඇති බව නීතිඥ සංජීව වීරවික්‍රම මහතා පවසයි.

බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර උච්ඡතම ස්ථානයකට පැමිණිලා.. ෂානක්කියන්ලා, සුමන්තිරන්ලාගෙන් බෞද්ධ උරුමය විනාශ කරන්න පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවටත් බලපෑම්.. දළදා පෙරහැරේ කරඬුව වඩම්මන ඇතුන්ටත් තහංචි වැටෙන ලකුණු!

වර්තමාන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව මෙරට බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර මාලාවේ උච්ඡතම ස්ථානයකට පැමිණ ඇති බවත්, පසුගිය කාලයේ යූටියුබ් සහ සමාජ මාධ්‍ය හරහා භික්ෂූන් වහන්සේලාට නින්දා අපහාස කිරීම මෙන්ම බුදුන් වහන්සේට පවා නින්දා අපහාස කරමින් ආගමික ඉගැන්වීම් පවා විකෘති කරමින් සිටින බවත් එහෙත් ඒ කිසිවකට එරෙහිව පියවර ගැනීම සිදුනොවන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමය විනාශ කිරීමට සැලසුම්සහගත ප්‍රහාරයක්.. පුරාවිද්‍යා වාර්තා වෙනස් කරන්න දෙමළ මන්ත්‍රීන්ගෙන් බලපෑම්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්..

වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව බෞද්ධ ශිෂ්ටාචාරයට සහ උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමයන්ට එරෙහිව සැලසුම්සහගත ප්‍රහාර මාලාවක් ක්‍රියාත්මක වන බවට ජාතික සංවිධාන එකමුතුව චෝදනා කරයි.

පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් දන්වයි..

දිගු කලක් පුරා කල් ගොස් ඇති පළාත් සභා මැතිවරණ "හැකි ඉක්මනින්" පවත්වන ලෙසත්, දෙමළ ජනතාවගේ අභිලාෂයන් ඉටුකිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අදාළ ප්‍රතිපාදන සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරන ලෙසත් ඉන්දියාව ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කළ බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි.

ඇමරිකානු - ඉරාන යුද්ධය අවසන් ද? - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්

අන්තර්ජාල නාලිකාවක් සමග විශේෂ සංවාදයකට එක්වෙමින් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පෙන්වා දෙන්නේ ඇමරිකාව සහ ඉරානය අතර දැනට පවතින ගැටුම්කාරී තත්ත්වය හුදෙක් කෙටිකාලීන යුද්ධයකට වඩා ගැඹුරු භූ-දේශපාලනික බලපෑම් මත පදනම් වූ සංකීර්ණ සෙවනැලි යුද්ධයක් බවයි.

'පාස්කු ප්‍රහාරය ගැන විමර්ශකයින් පත්කරලා තියෙන්නේ කතෝලික පල්ලියෙන්' - අතරමැදි පෙත්සම්කරුවෝ අධිකරණයට කියති..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සමට මැදිහත් වී කරුණු දක්වීම සඳහා ඉදිරිපත් කළ අතරමැදි පෙත්සම නිෂ්ප්‍රභ කරන ලෙස නීතිපතිවරයා අද (අගෝ: 04) අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

ගම්මන්පිල, විමල්, දිලිත් ඇතුළු හය දෙනෙක් අධිකරණයට අපහාස කිරීමේ ප්‍රකාශ ගැන අභියාචනාධිකරණයට දැනුම් ‍දීමට තීරණ කළා.. - කොටුව මහේස්ත්‍රාත්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන උදය ගම්මන්පිල, විමල් වීරවංශ, සහ අසංක නවරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර, සුගීෂ්වර බණ්ඩාර, මහින්ද පතිරණ යන පිරිස විසින් අධිකරණයට අපහාස වන අයුරින් මාධ්‍ය වෙත කරන ලද ප්‍රකාශ සම්බන්ධයෙන් අභියාචනාධිකරණයට දැනුම් දීමට තීරණය කරන බව කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා දැනුම් දෙන ලදී.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.