News Category
From Date
To Date
Maximum Number of Result

රටට අවශ්‍ය කෘෂීකර්ම ප්‍රතිපත්තිය කෙසේ විය යුතුද? - වෛද්‍ය වසන්ත බණ්ඩාර

Feb 15, 2025 at 08:12 AM
|

අපේ රටට ජාතික ප‍්‍රතිපත්තියක් අවශ්‍ය බවට සහ එසේ නොමැති නිසා වත්මන් අර්බුදය පැන නැගුණු බවට බොහෝ පිරිසක් හඬ න`ගන බව දක්නට ඇත. එහෙත් මන්තරයක් සේ එම වචන ද්විත්වය පුනරුච්චාරණය කළ ද එවැනි ප‍්‍රතිපත්තියක අඩංගුව හෙවත් මූලික උපායමාර්ගික රාමුව කුමක් විය යුතුද යන්න පිළිබඳව ඔවුන් විසින් කිසිදු කොන්දේසියක් පනවන්නේ නැත. ඒ නිසා ජාතික ප‍්‍රතිපත්තියක නාමයෙන් විවිධ විෂය ක්ෂේත‍්‍රවලට අදාළව ඉතා උසස් අරමුණු සහ විචිත‍්‍රවත් අපේක්ෂා සහිත සංකල්පීය රාමු ඉදිරිපත් කරමින් පවතින සමාජ ආර්ථික මොඩලය එසේම පවත්වා ගන්නා අතර ඒ තුළ යම් රූපලාවන්‍ය වෙනස්කම් සඳහා යෝජනා ඉදිරිපත් කිරීමේ හැකියාව ලැබී ඇත.

මේ වන විට පවතින මොඩලය වෙනස් කිරීමට අදාළ කතිකාව තුළ ප‍්‍රබල දායකත්වයක් ලබාදීමට අසමත් වූ හෝ ඊට අනුගතව රූපලාවන්‍ය වෙනස්කම් සඳහා හඬ නැගූ විද්වතුන් යැයි කියාගන්නා පිරිසක් විසින් ජාතික ජන බලවේගය සඳහා කොටස් වශයෙන් බෙදා ඉදිරිපත් කරන එවැනි ප‍්‍රතිපත්තියක් සකස් කර දී ඇති බව දැක ගත හැක. එවැනි ප‍්‍රතිපත්ති බොහෝ අමාත්‍යාංශවල සහ පක්ෂ කාර්යාලවලින් එකතුකර ගතහොත් රැගෙන යාමට ලොරි භාගයක් අවශ්‍ය වනු ඇත. ගණිකා වෘත්තිය නීතිගත කිරීම මගින් රැකියා අවස්ථා වර්ධනය කිරීම සහ රාජ්‍ය සහසහනාධාර ලබාදීම මගින් බිත්තර මිල අඩු කිරීම ගැන දේශපාලන කතිකාවක් ඇති වන්නේ විශය ක්ෂේත‍්‍රවලට පටු කරමින් ඉදිරිපත් කරන එම ප‍්‍රතිපත්තිය තුළ උපායමාර්ගික දැක්මක් සහ ප‍්‍රවේශයක් ඉදිරිපත් කිරීමට අසමත් වීම නිසා බව ඉතා පැහැදිලිය. බිත්තර මිල අඩු කිරීමේ කතාවට අදාළව ජාතික ජන බලවේගයේ ප‍්‍රබල හිතවාදියෙකු වන පශූවෛද්‍ය කීර්ති සහෝදරයා විසින් ලියන ලද සටහනක් දැකීම නිසා මෙවැනි ලිපියක් ලිවීමට මා තුළ උනන්දුවක් ඇති විය. ඔහු පාරිසරික ගොවිතැන් ක‍්‍රම හඳුන්වාදීම මගින් දේශීය කෘෂිකාර්මික නිෂ්පාදන පද්ධතිය පරාධීනත්වයෙන් ගලවා ගැනීම සහ ගොවියා යටත්විජිත වියගසින් ගලවා ගැනීම සඳහා මතවාද ඉදිරිපත් කරන සහ ඒ සඳහා ප‍්‍රයෝගිකව මැදිහත් වන සමාජ ක‍්‍රියාකාරිකයෙකි.


ඒ අනුව ජාතික ප‍්‍රතිපත්තියක මූලික සහ ප‍්‍රධාන පැතිකඩ වන දේශීය කෘෂිකාර්මික පද්ධතිය වෙනස් කිරීමට අදාළ මූලික උපාය මාර්ගික ප‍්‍රවේශය කෙසේ විය යුතුද යන්න පිළිබඳව සංෂිප්ත අදහසක් ඉදිරිපත් කිරීමට අදහස් කරමි, අප විසින් මේ වන විට නඩත්තු කරන ආර්ථික මොඩලයේ මූලික හැඩතල නිර්මාණය වනුයේ කෘෂිකාර්මික නිෂ්පාදන පද්ධතිය පවත්වාගෙන යාමට අදාළ උපාය මාර්ගික රාමුවට අනුව බව ඉතා පැහැදිලිය. ඊට අමතරව රටේ ජාතික ආරක්ෂාව තරමටම තීරණාත්මක දේශපාලන සාධකයක් වන ආහාර සුරක්ෂිතතාවය ද පදනම් වන්නේ ඒ මතය. එසේම සමාජ සුභසාධනයට අදාළව ගොවියාගේ ජීවන තත්ත්වය වෙනස් කිරීමද සිදුකළ හැක්කේ ඒ මත පදනම්වය. එපමණක් නොව රටේ නිෂ්පාදන පද්ධතියේ දීර්ඝකාලීන පැවැත්ම සහ ඊට අදාල පාරිසරික සාධාරණත්වය ද ඒ මත පදනම් වේ.


ඒ ආකාරයට නිශ්චිත උපාය මාර්ගික රාමුවක් ඉදිරිපත් කිරීම මගින් බලය ලබා ගන්නා පක්ෂයකට ආර්ථික මොඩලය තුළ නිශ්චිත වෙනස්කම් සිදුකිරීම සඳහා බලපෑමක් ඇතිවේ. එසේම මහජනයාට ඊට අදාළව ආණ්ඩුවට බලපෑම් කිරීම සඳහා නිශ්චිත සටන් පාඨයක් නිර්මාණය කිරීමට අවස්ථාව ලැබේ. ඒ මගින් හුදු ආණ්ඩුවේ බාහිර ස්වරූපයට හෝ පුද්ගලයින්ට එරෙහිව එල්ල කරනු ලබන විරෝධය ආණ්ඩුවේ ප‍්‍රතිපත්තිමය රාමුවට අදාළව එල්ල කිරීම හෝ දියුණු දේශපාලන සටනක් බවට පරිවර්තනය කිරීමේ හැකියාව ලැබේ. ඒ සියල්ලටම වඩා ජාතික ජන බලවේගය වැනි නව දේශපාලන ව්‍යාපාර විසින් රූපලාවන්‍ය වෙනස්කම් සිදුකරමින් පවතින මොඩලය එසේම පවත්වාගෙන යන බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට හෝ ඇමරිකානු තානාපතිනියට ලබා දෙන සහතික පිළිබඳව ප‍්‍රශ්න කිරීමට ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන්ටද අවස්ථාව නිර්මාණය වේ. විශේෂයෙන්ම ඒ මගින් කෘෂිකර්ම ක්ෂේත‍්‍රයේ යම් වෙනස්කම් සිදු කිරීමට ඔවුන් විසින් ගනු ලැබූ සාධනීය උත්සාහයන් අසාර්ථක වීමට හේතු සොයා බලමින් විකල්ප යෝජනා ඉදිරිපත් කිරීමටද මනෝභාවයක් ඇති ඇති කරගත හැක.

ඒ අනුව රටේ ආහාර සුරක්ෂිතතාවය සහතික කිරීම සහ ගොවියාගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම මුල් කරගත් කෘෂි නිෂ්පාදන පද්ධතියක් නිර්මාණය කිරීම සඳහා හෙවත් පවතින ආර්ථික මොඩලය වෙනස් කිරීම සඳහා යොදාගත යුතු දසවැදෑරුම් උපාය මාර්ගික ප‍්‍රවේශයක් සංවාදය සඳහා මෙසේ ඉදිරිපත් කළ හැක.


1. නිෂ්පාදන පද්ධතිය පරාදීනත්වයෙන් ගලවා ගැනීම:

කෘෂි යෙදවුම් විශේෂයෙන්ම කෘෂි රසායනික සහ බීජ සඳහා විදේශීය සමාගම් මත යැපීම අවම කිරීම මෙන්ම නිෂ්පාදන පද්ධතිය සහ ඒ ආශ‍්‍රිත පරිසර පද්ධති වල දීර්ඝ කාලීන පැවැත්ම සහතික කිරීම ඊට අයත් වේ. එහිදී පාංශු සංරක්ෂණයට සහ ප‍්‍රශස්ත ජල කළමනාකරණයකටද විශේෂ වැදගත්කමක් හිමිවේ.

ඉන්දියාවේ ෂුභාෂ් පලේකාර් වැනි සමාජ ක‍්‍රියාකාරිකයින් සහ වන්දනා ශිවා වැනි විද්වතුන් පමණක් නොව ඉන්දියානු රාජ්‍ය යාන්ත‍්‍රණයද ඊට අදාළව අත්දැකීම් රාශියක් ලබා දී ඇත. වෛද්‍ය කීර්ති සහෝදරයා කුඩා පරිමාණයෙන් හෝ ශ‍්‍රී ලංකාව තුළ පාරිසරික ගොවිතැන් ක‍්‍රම හඳුන්වාදීම සඳහා ගනු ලබන උත්සාහයට මඟ පෙන්වනු ලබන්නේ එම උපාය මාර්ගික ප‍්‍රවේශයට අදාළ දැනුම් පද්ධතිය බව ඉතා පැහැදිලිය. ඒ මගින් ගොවියාගේ පිරිවැය අඩුවන බැවින් ගොවියාගේ ජීවන තත්වය වෙනස්කර ගැනීමේ විශේෂ ඉඩක් ඇත. එම උපාය මාර්ගික ප‍්‍රවේශය සඳහා ඉහළින් රාජ්‍ය අනුග‍්‍රහය සහ පහළින් ගොවි ක‍්‍රියාකාරීන්ගේ දායකත්වය යන පැතිකඩ දෙකම වැදගත් වේ. ඒ අනුව එය බොත්තමක් ඔබන්නා සේ තනි තීන්දුවකින් සම්පූර්ණ වන කොන්දේසියක් නොවේ. නමුත් රජය එම ප‍්‍රවේශය මූලික උපාය මාර්ගික ප‍්‍රවේශයක් ලෙස පිළිගැනීම පූර්ව කොන්දේසියකි. ඊට අදාළව රාජ්‍යය විසින් පිරිවැය දැරීම, රාජ්‍ය යාන්ත‍්‍රණය සතු මානව සම්පත් ලබාදීම සහ ප‍්‍රමුඛතාවය ලබාදීම මෙන්ම අදාල නීති සංශෝධනය කිරීමද සිදුවන්නේ එම පිළිගැනීමට අනුවය. උදාහරණයක් ලෙස පළිබෝධනාශක පනත සංශෝධනය කිරීම මගින් අවම පළිබෝධනාශක ලැයිස්තුව හඳුන්වාදීම, පාංශු සංරක්ෂණ පනත සංශෝධනය කිරීම මගින් පාංශූ සංරක්ෂණයට අදාල රාජ්‍ය වගකීම් සහතික කිරීම සහ ප‍්‍රයෝගිකව ක‍්‍රියාත්මක කිරීම මෙන්ම වාරි ආඥා පනත සංශෝධනය කිරීම මගින් ජල කළමනාකරණයට අදාළව ගොවි සංවිධාන වලට බලය ලබාදීම ආදිය සඳහන් කළ හැක..


2. වෙළඳපළ මිල විකෘතින් වැළැක්වීම:

ලෝකයේ ආහාර නිෂ්පාදනයෙන් 75% කට දායකත්වය සපයන්නේ කුඩා නිෂ්පාදකයාය. නමුත් 25%ක දායකත්වය සපයන මහා සමාගම්වලට ආහාර වෙළඳපොළ හැසිරවීමට හැකි වන්නේ බලවත් රාජ්‍යයන් විසින් ඊට පහසුකම් සැලසීම නිසාය. ඒ සඳහා යොදා ගනු ලබන ප‍්‍රබලම උපාංගය වන්නේ සහනාධාර මගින් මිල විකෘතීන් ඇති කිරීමය. එය ආකාර දෙකකට සිදුවන අතර පළමුව විදේශීය රටවලදී සහනාධාර ලබාදීම මඟින් මිල අඩු කිරීම නිසා දේශීය නිෂ්පාදනවල තරගකාරීත්වය බිඳ වැටේ. දෙවනුව විවිධ ආධාර සහ ණය ව්‍යාපෘති සහ ලෝක වෙළඳ සංවිධානය වැනි ජාත්‍යන්තර සංවිධාන යොදා ගනිමින් නිදහස් වෙළඳාම නාමයෙන් දේශීයව බදු සහන ලබාදීමට බලකිරීමද සිදුවේ. ඒ ආකාරයට වෙළඳපළ තුළ ආනයනික ආහාරවල මිල විකෘතීන් සිදුකළ විට දේශීය නිෂ්පාදකයාගේ පැවැත්ම අනතුරට ලක්වේ. 

ඒ ආකාරයට මිල විකෘතියෙන් සිදු කිරීම සඳහා වෙනත් උපක‍්‍රම ද භාවිතාවේ. ඒ අතරින් පළමුවැන්න තත්ත්වය බාල කිරීම මගින් මිල අඩු කිරීමය. කිරිපිටිවලට ෆාම් තෙල් මිශ‍්‍ර කිරීම මගින් දේශීය කිරී ආර්ථිකයේ තරගකාරීත්වය බිඳ දැමීම හොඳම උදාහරණයකි. පොල්තෙල් වලට ෆාම් තෙල් මිශ‍්‍ර කිරීම සහ භාවිතා කළ තෙල් පිරිපහදු කිරීම ආදිය මගින් දේශීයව පොල් වගාකරුවන්ගේ සහ කර්මාන්තකරුවන්ගේ තරගකාරීත්වය බිඳ දැමේ. මේ සියල්ල නිවැරදි කිරීම සඳහා පනත් කිහිපයක් සංශෝධනය කළ යුතු වේ. ආහාර පනත, පාරිභෝගික අධිකාරී පනත, පොල් සංවර්ධන අධිකාරී පනත, විශේෂ පාරිභෝජන බදු පනත, ප‍්‍රමිති කාර්යාංශ පනත ආදිය ඊට අයත් වේ. ඒ සියල්ලටම වඩා වැදගත් වන්නේ මොළ සෝදාගත් නිලධාරීන් පරිපාලන වශයෙන් පාලනය කිරීම මගින් බහුජාතික සමාගම්වල උවමනාවන් ඉටු කිරීම සඳහා පවතින පරිපාලන ඉඩකඩ සීමා කිරීමය. කෙසේ වෙතත් ඊට අදාළව ව්‍යවස්ථාමය ප‍්‍රතිපාදන පැනවීම සහ නව ආහාර සුරක්ෂිතතා පනතක් හඳුන්වාදීම වඩා සුදුසු වේ. මිල විකෘතීන් වැළැක්වීම සඳහා දේශීය නිෂ්පාදනවල පිරිවැයට අනුව නියම කළ හැකි වෙළඳපළ මිලට වඩා ආනයනික නිෂ්පාදනවල මිල 10%කින් ඉහළ මට්ටමක පවතින ලෙස ආනයන බදු පැනවීම උපායමාර්ගයක් ලෙස පිළිගැනීම වැදගත් වේ. වෙළඳපොළ කර්යක්ෂමතාව වැඩි කිරීම මගින් මිල විකෘතීන් වැළැක්වීම සඳහා සුපර්මාකට් සංස්කෘතියෙන් බහුතර පාරිභෝගිකයා ගලවාගැනීමද වැදගත්වේ. සුපිරි වෙළඳ සැළකට 40%ක කොමිස් ගෙවන විට නිෂ්පාදකයාට ලාභය ලෙස ලැබෙන්නේ ඉන් අඩකටත් අඩු ප‍්‍රතිශතයකි. ඒ අනුව පළාත් පාලන ආයතන මගින් පොළබදු සහනයක් යටතේ දිනපතා පොළවල් ප‍්‍රචලිත කිරීම උපායමාර්ගික ප‍්‍රවේශයක් ලෙස වැදගත් වේ.


3. වෙළඳපළ ව්‍යුහය තුළ නිෂ්පාදකයාට අවාසිදායක විකෘතීන් නිවැරදි කිරීම:

ඊට අදාලව ශ‍්‍රී ලංකාවේ පවතින ගොන්තකතීරුම උදාහරණය වන්නේ බන්දුල ගුණවර්ධන ආර්ථික ශිල්පියාගේ ආර්ථික මධ්‍යස්ථාන ජාලය බවට විවාදයක් නැත. වෙළෙන්දන්ට සහ පාතාල සාමාජිකයන්ට බලය සහිත එම මධ්‍යස්ථානවල ගොවියාගේ කේවල් කිරීමේ බලය සම්පූර්ණයෙන් බිඳ දමා ඇත. ඊට අමතරව කාර්යක්ෂමතාවය සහ පරිසර විනාශය පැත්තෙන් ගත්තද ඒවා ඉතා පසුගාමී ව්‍යුහයන් බව පැහැදිලිය. නුවරඑළියේ එළවළු දඹුල්ලට රැගෙන ගොස් දඹුල්ලෙන් කුරුණෑගලට ආපසු ප‍්‍රවාහනය කිරීම මගින් එම ව්‍යුහය මොනතරම් තකතීරු ව්‍යුහයක් ද යන්න පැහැදිලි වේ. එම ක‍්‍රියාවලිය තුළ කිසිසේත්ම ගොවියාට සාධාරණ මිලක් සහතික කළ නොහැක. එම ව්‍යුහය ඉතා සරලව නිවැරදි කළ හැක්කේ ගොවි සමූපකාර ජාලයක් මගින් විකුණුම් මධ්‍යස්ථානවල එනම් තොග වෙළෙඳ මධ්‍යස්ථානවල බලය ගොවි සංවිධානවලට ලබාදීම සහ ප‍්‍රවාහනය සහ බෙදාහැරීමේ ක‍්‍රියාවලිය තුළ අතරමැදියන්ගේ බලය දුර්වල කිරීම මගිනි. ඊට අමතරව ජංගම දුරකථන මෘදුකාංගා හඳුුන්වාදීම මගින් කුඩා තොග වෙළෙන්දන් සහ ගොවියා අතර සෘජු සම්බන්ධය ගොඩනැගිය හැක. එහිදී කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් පවතින මිල ගණන් පිළිබඳ ගොවියාට තොරතුරු ලබාදීම මගින් ගොවියාගේ කේවල් කිරීමේ බලය ආරක්ෂා කළ හැක.


4. ඉලක්ක සහගත සහනාධාර ලබාදීම:

එනම් යහපත් ගොවිතැන් පුරුදු දිරිගැන්වීම සඳහා රජය සහනාධාර ගොවියාට ලබාදීමය. උදාහරණයක් ලෙස පොහොර සහනාධාරය ගොවිජන බැංකුව හරහා සෘජුව ගොවියාට ලබාදීම මගින් පාරිසරික ගොවිතැන් ක‍්‍රම ප‍්‍රචලිත කිරීම සිදුකළ හැක. එසේම බෝග වගාව සමග කිරි ගොවිතැන් ඒකාබද්ධ කිරීම දිරිමත් කිරීම සඳහාද සහනාධාර යොදාගත හැක. ශ‍්‍රී ලංකාවේ ගොවියන්ගෙන් 75%කට හිමිවන්නේ අක්කර 2.5කට අඩු භූමි ප‍්‍රමාණයකි. එවැනි ඉඩම් අයිතියක් තුළ භෝග වගාව මගින් පමණක් ගොවියාගේ ආදායම් වර්ධනය කළ නොහැක. ඉන්දියාවේ ගොවියන්ගෙන් 80%ක් භෝග වගාව සහ කිරි ගොවිතැන ඒකාබද්ධ කිරීම මගින් තම ආදායම මට්ටම වර්ධනය කරගෙන ඇත.


ඊට අමතරව ඒ මගින් ගෙවතු වගාව දිරිමත් වන අතර ස්වාභාවික ගොවිතැන ක‍්‍රම ප‍්‍රචලිත කිරීමටද පසුබිම නිර්මාණය වේ. එසේම ගොවි පවුල්වල පෝෂණ තත්ත්වයද වර්ධනය වේ. ඒ අතර කිරි නිෂ්පාදන ආනයනය සඳහා වැය වන ඩොලර් මිලියන 300ක් රට තුළ ඉතිරි කරගත හැකි වන අතර එම මුදල් ග‍්‍රාමීය ආර්ථිකයට ඇතුල්වීම තුළ ආර්ථික වර්ධනයට දායකත්වය සැපයේ. එම උපාය මාර්ගයට අදාලව කිරිගොවියාට වෙළඳ පොළ නිර්මාණය කරන වටිනාකම් එකතු කිරීමේ ක‍්‍රියාවලියට රජය මැදිහත්විය යුතු අතර පුද්ගලික අංශය දිරිමත් කිරීම සඳහා සහන පැකේජයක් ඉදිරිපත් කළ යුතුය. එසේ පුද්ගලික අංශය දිරිමත් කිරීම සඳහා ලබාදෙන සහනාධාරවල ප‍්‍රතිලාභය යම් සූත‍්‍රයකට අනුව අවසානයේදී ගොවියාට ආපසු ලැබෙන බව සහතික් කිරීමද වැදගත් වේ.


5. සාධාරණ පිරිවැයක් සහිතව ගොවියාට ප‍්‍රාග්ධනය හෙවත් ණය ලබා ගැනීමේ අවස්ථාව නිර්මාණය කිරීම:

ඒ සඳහා ගොවිජන බැංකුව නැවත සක‍්‍රීය කළ යුතු අතර අවම පිරිවැය සහිතව එම බැංකු පද්ධතිය පවත්වාගෙන යාම සඳහා ඉතිහාසයේ පැවති ආකාරයටම ගොවිජන සේවා මධ්‍යස්ථාන සහ ඒවායේ සේවකයින් ඒ සඳහා යොදාගත යුතුය. ඒ මඟින් අවම පොලියකට ණය ලබාදීමට හැකියාව ලැබෙන අතර රජය මගින් සුළු ප‍්‍රතිශතයක පොලී සහනාධාර සහිතව ප‍්‍රාග්ධනය ලබාදීම සෑහෙනු ඇත. නමුත් එම බැංකු පද්ධතිය විනාශ කිරීම සඳහා මීට පෙර උත්සාහ කළ ආකාරයට ස්වාධීන බැංකුවක් බවට පත්කර ගොවිජන බැංකුව අදාළ අරමුණින් පිට පැන්නවීම නොකළ යුතුය. පොහොර සහනාධාරය වැනි රාජ්‍ය සහනාධාර ලබා දීමටද එම බැංකු පද්ධතිය යොදා ගත හැකි අතර සෑම ගොවියකුටම ගොවි හැදුනුම්පතක් නිකුත් කළ යුතු අතර බැංකුවේ යාවජීව ගනුදෙනුකරුවකු බවට පත් කළ යුතුය.


6. උපදේශන සහ ව්‍යාපෘති සේවා නැවත ප‍්‍රකෘතිමත් කිරීම:

පසුකාලීනව විනාශයට පත් කළ කෘෂිකර්ම සහ සත්ව නිෂ්පාදන ව්‍යාපෘති සේවා හැට හැත්තෑව දශකයේ තිබූ ආකාරයට නැවත ගොඩනැගිය යුතුය. එම උපෙදේශන සහ ව්‍යාපෘති සේවාව ස්වභාවික ගොවිතැන් ක‍්‍රම ප‍්‍රචලිත කිරීම මුල්කරගෙන නැවත ස්ථානගත කළ යුතුය. එහිදී එම උපදේශන සේවා ක‍්‍රියාවලිය නිෂ්පාදන ක‍්‍රියාවලියට අමතරව පරිභෝජන සංස්කෘතිය වෙනස් කිරීම සඳහාද යොදාගත යුතුය. ඒ සඳහා ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදීන්, රාජ්‍ය නිලධාරීන් සහ පාසල් පද්ධතිය යොදා යොදාගත යුතුය නිෂ්පාදන පද්ධතියට හිතකර සහ එය දිරිමත් කෙරෙන පරිභෝජන සංස්කෘතියක් නොමැති නිෂ්පාදන පද්ධතිය ශක්තිමත් කළ නොහැකි බව මූලධර්මයක් ලෙස පිළිගත යුතුය. ඒ අනුව ඊට අදාලව ආහාර වෙළඳපොළ තුළ කුඩා පරිමාණ ව්‍යවසායකයින් දිරිමත් කිරීම සඳහා රාජ්‍යය මැදිහත්විය යුතුය. දැනට පවතින හෙළ බොජුන් හෝටලය තවදුවරටත් පුළුල් කළහොත් එය ඉතා හොඳ ආදර්ශයක් වනු ඇත. දේශිය ආහාර ප‍්‍රචලිත කිරීම සඳහා වන ප‍්‍රචාරක සහ අධ්‍යාපන ක‍්‍රියාවලිය තුළ ගොවියා දුකට පත්කර අඩුමිලට ආනයනික ආහාර ලබාගැනීමට කල්පනා කිරීම ආර්ථික ඝාතක ක‍්‍රියාවක් බවට සමාජ මනෝභාවය ගොඩනැගීමද වැදගත් වේ.

 

7. සහායක සේවා සහ විශේෂ පුහුණු සේවා:

පාංශ පරීක්ෂණ මගින් බාහිර යෙදවුම් අවම කිරීම සඳහා ගොවියාට විධිමත්ව එම සේවා සැපයිය යුතු අතර තාක්ෂණය විශේෂයෙන්ම පසු අස්වනු තාක්ෂණය භාවිතයට අදාළව ගොවි සංවිධාන යොදා

ගනිමින් පුහුණුව ලබා දිය යුතුය. එය රජයේ මූලික වගකීමක් ලෙස පිළිගත යුතුය. එම ක‍්‍රියාවලිය තුළ ගොවි සංවිධානවලට බලවත් භූමිකාවක් නිර්මාණය කළ යුතුය. ඒ සඳහා පිහිටුවා ඇති ආයතන, විශේෂයෙන්ම යන්තෝපකරණ සහ පසු අස්වනු තාක්ෂණ ආයතන ව්‍යාප්ති සේවාව සම`ග ඒකාබද්ධ කිරීම සඳහා යාන්ත‍්‍රණයක් සකස් කළ යුතුය.


8. නිෂ්පාදන පද්ධතිය සහ වෙළඳපොළ නියාමනය:

ගොවියාට සාධාරණ මිල එනම් පිරිවැයට සාපේක්ෂව මිලක් ලබාදීම නීතිය මඟින් සහතික කළ යුතුය. ඒ සඳහා ඉන්දියාවේ මෙන් නව නීතියක් හඳුන්වා දිය යුතුය. එසේම පාංශ සංරක්ෂණ පනත් සහ නිරෝධායන පනත් සංශෝධනය කරමින් කෘෂි පරිසර පද්ධති ආරක්ෂා කිරීම සඳහා පවතින ප‍්‍රතිපාදන ශක්තිමත් කළ යුතුය. පාංශු සංරක්ෂණ ක‍්‍රියාවලිය සඳහා සෙසු ආයතන පද්ධතිය යොදා ගත හැකි ආකාරයට ඉහළ ආයතනයක් පිහිටුවිය යුතුය. එම ක‍්‍රියාකාරීත්වය හුදු දඬුවම් කිරීමෙන් ඔබ්බට ගොස් ආවේශණය උපදේශනය සහ පුහුණු ආදී ක්ෂේත‍්‍රවලට පුළුල් කළ යුතුය.


ගොවියාගේ බීජ අයිතිය ශක්තිමත් වන ආකාරයට සහ බීජ ගොවීන් නමින් නව කුලකයක් බිහිකිරීම සඳහා බීජ පනත සංශෝධනය කළ යුතුය නමුත් පසුගිය කාලයේදී සිදු කිරීමට උත්සාහ කළ ආකාරයට

ගුණාත්මක භාවය ඉදිරියට දමා ගොවියාගේ බීජ අයිතිය අහිමි කිරීමේ කූඨ ක‍්‍රියාමාර්ගවලට එම සංශෝධනවලදී ඉඩ ලබා නොදිය යුතුය. දැනට ක‍්‍රියාත්මක නොවන ආහාර පාලන පනත් යොදා

ගනිමින් ආහාර තොග අවභාවිතා කිරීම වැළැක්විය යුතුය. එසේම ඉහත සඳහන් කළ අවම මිල සහතික කිරීමේ නීතිමය රාමුව යටතේ විශේෂයෙන්ම කුඩා පරිමාණ සහල් කර්මාන්තකරුවන්ට පැවතිය හැකි ආකාරයට සහ ගොවියා සහල් අලෙවිකරුවෙකු බවට පත් කළ හැකි ආකාරයට වී මිලට සාපේක්ෂව සහල් මිල පැනවිය යුතුය. එනම් සාධාරණ ලාභයක් ලබා ගැනීම සඳහා ඉඩ සැලසිය යුතුය. මහා මෝල් පිළිබඳ භීතිකාවන් නිසා එම ලාභය අවම කළ විට කුඩා මෝල් වලට පැවතිය නොහැකි බැවින් අවසානයේදී මහමෝල්වල ඒකාධිකාරිය ශක්තිමත් වේ.


ගොවියාගේ ඉඩම් අයිතිය ආරක්ෂා කිරීමද නියාමනයේ කොටසක් ලෙස සැළකිය යුතුය. ඒ අනුව ඉඩම් අයිතිය ලබාදීමේ නාමයෙන් ඉඩම් වෙළඳ පොළක් බිහිකිරීම මගින් ගොවියාගේ ඉඩම් අයිතිය අහිමි කිරීම වැළැක්විය යුතුය. ඒ සඳහා ආවේක්ෂණ ක‍්‍රියාවලියක් අවශ්‍යවන අතර දැනට පවතින නීතිමය බාධක වෙනස් කිරීමට ඉඩ නොදීමද මූලික උපායමාර්ගික ප‍්‍රවේශයක් විය යුතුය.


9. පර්යේෂණ ආයතන පද්ධතිය උපායමාර්ගිකව ස්ථානගත කිරීම:

ජාතික අවශ්‍යතාවය අනුව ජාතික පර්යේෂණ න්‍යාය පත‍්‍රයක් සකස් කළ යුතු අතර සියලූම පර්යේෂණ ආයතන එම න්‍යාය පත‍්‍රයට අදාළ කොටස ඉටු කිරීම සඳහා යොදාගත යුතුය. නව ප‍්‍රභේද ආශ‍්‍රිත බීජ නිෂ්පාදන ක‍්‍රියාවලිය දිරිමත් කිරීම සඳහා අභිජණන පර්යේෂකයින් සඳහා විශේෂිත දිරිමත් කිරීමේ පැකේජයක් හඳුන්වා දිය යුතුය. ඔවුන්ට රට තුළ විශේෂිත ගෞරවයක් සහ වටිනාකමක් ලබාදිය යුතුය.


10. නිෂ්පාදන පද්ධතිය තුළ රජයේ කොටස පවත්වාගෙන යාම:

එහිදී සත්ව අභිජනන ක‍්‍රියාවලිය සඳහා ජාතික මට්ටමින් වැඩසටහන් ආරම්භ කිරීම මගින් ගොවීන්ට සහන මිලට සතුන් ලබාදීම සඳහා රජයේ ගොවිපළ පද්ධතිය යොදාගත යුතුය. පුද්ගලීකරණය කළ ගොවිපළවල් නැවත රජයට පවරා ගැනීම සඳහා කටයුතු කළ යුතු අතර ඊට හිලව්වට විකල්ප ඉඩම් ලබාදීම පිළිබඳව සළකා බැලිය යුතුය. ඊට අමතරව පුද්ගලික බීජ නිෂ්පාදකයින්ට අවශ්‍ය මූලික බීජ නිෂ්පාදනය සඳහා පමණක් නොව තෝරාගත් බෝග ප‍්‍රමාණයක විශේෂයෙන්ම වී සඳහා සහතික කළ බීජ නිෂ්පාදනය කිරීමද රජයේ වගකීමක් ලෙස සැලකිය යුතුය. රජයේ ගොවිපළ පද්ධතිය ලාභ ලබන ආයතන බවට පත් කළ යුතු බවට විවාදයක් නැතත් එම උවමනාව මත රජය තම මූලික වගකීම්වලින් ඉවත්වීම නොකළ යුතුය එම වගකීම ඉටුකිරීම සඳහා වන පිරිවැය වෙනත් ව්‍යාපාරික අවස්ථා මගින් සහ රාජ්‍ය සහනාධාර මගින් පියවා ගත යුතුය. ඊට අමතරව ආහාර සුරක්ෂිතතාවයට අදාල මූලික කොන්දේසියක් ලෙස, විශේෂයෙන්ම වී සහ සහල් ආරක්ෂණ තොග පවත්වාගෙන යාම සහ ඒ මගින් වෙළඳපොළ තුළ මැදිහත්වීමක් සිදුකිරීම රජයේ මූලික වගකීමක් ලෙස පිළිගත යුතුය.


වෛද්‍ය වසන්ත බණ්ඩාර


සම්බන්ධිත පුවත් | Related News

එදා අපි නුඹලාට ත්‍රස්තවාදීන් එක්ක යුද්ධ කරලා රට නිදහස් කරලා දුන්නා
චීන කොමියුනිස්ට් පක්ෂය විසින් 1953 වසරේ සිට ආරම්භ කරන ලද ‘පස් අවුරුදු සැලසුම්’ යනු චීනයේ සමාජයීය සහ ආර්ථික සංවර්ධනය ඉලක්ක කරගත් මුල් පිරීම් මාලාවකි. මෙම සැලසුම් මගින් ප්‍රධාන වශයෙන් සිදු කෙරෙන්නේ පාරිසරික ආරක්ෂාව, අධ්‍යාපනය සහ කාර්මික ක්ෂේත්‍රවල චීන රජයේ ප්‍රතිපත්ති සහ ප්‍රමුඛතා සංවිධානය සහ ස්ථාපිත කිරීමේ කේන්ද්‍රීය මාධ්‍යයක් ලෙස කටයුතු කිරීමය. නව පස් අවුරුදු සැලසුමක් සකස් කිරීම, සාමාන්‍යයෙන් පවතින සැලැස්මේ මැද භාගයේදී ආරම්භ වේ. මෙය වසර කිහිපයක් පුරා සිදුකරන ඇගයීම්, මූලික පර්යේෂණ කෙටුම්පත් කිරීම සහ සංශෝධන මෙන්ම, මහජන අදහස් ලබා ගැනීම වැනි වට මාලාවකින් සමන්විත වේ. මෙලෙස සකස් කෙරෙන පස් අවුරුදු සැලසුම්, ඒවායේ කාර්යක්ෂමතාව සහ හැකියාවන් මෙන්ම, වේගවත් ආර්ථික වර්ධනය, සංවර්ධනය සහ ආයතනික මූල්‍ය සහ කාර්මික ප්‍රතිපත්ති සඳහා දායක වී ඇති ආකාරය ප්‍රශංසනීයය.
ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළි සිරගත වූහ. උන්වහන්සේගේ සිවුර ගලවා ජම්පරයක් අන්දවා ඇතැයි යන ප්‍රවෘත්තිවලින් සමාජ මාධ්‍ය පිරී ඇත. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකට උන්වහන්සේට ජම්පරයක් ඇන්දවීම ප්‍රවෘත්තියක් බවට පත්කර මාධ්‍යයට ප්‍රකාශ කරන්නැයි උපදෙස් දුන්නේ කවුදැයි වෙනමම සොයා බැලිය යුතුය.
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායෙන් දුදස්සනව එළවලා දාපු එක ලොකු ප්‍රශ්නයක් කරගත්ත පිරිසක් ඉන්නවා. කිසියම් සංවිධානයක සාමාජිකත්වයක් දරන කෙනෙක්ට ඒ සංවිධානයේ මූලික පිළිගැනීම්වලට විරුද්ධව කටයුතු කරන්න පුළුවන් කියලා මේ අඥානයෝ හිතනවා ද? කිසියම් ආයතනයක සේවය කරන කෙනෙක්ට ඒ ආයතනයේ විනය එකඟතා නො සළකා කටයුතු කරන්න පුළුවන් කියලා මේ අඥානයෝ හිතනවා ද? තමන්ට ඕන ඕන මගුල් කියවන්න, සංවිධානයක පොදු එකඟතාවලට විරුද්ධව, විනය එකඟතා නො තකා වැඩ කරන්න ඒ සංවිධානවල සාමාජිකයන්ට බෑ.
ඊයේ දිනයේ, මගේ හදවතට ඉතා සමීප, ඒ වගේම Fair Comment හි සමීපතම මිතුරෙකුව අත්අඩංගුවට ගනු ලැබුවා. ඔහු සාපරාධී අපරාධකරුවෙක් නෙවෙයි. ඔහු නීතියෙන් පැන ගිය කෙනෙකුත් නෙවෙයි. ඔහුගේ එකම වරද වුණේ මේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණය—වෙනත් පහළ උසාවියක් හෝ අවධානය සොයන මහේස්ත්‍රාත්වරයෙක් නොව, රටේ ඉහළම අධිකරණය—මීට වසර හතකට පෙර ජනාධිපතිවරයෙක් ගත් තීරණයක් ශුන්‍ය කර දැමීමට තීන්දු කිරීම පමණයි. ඒ තීන්දුව අවලංගු කිරීමෙන් ඔවුන් කළේ ඒ මිනිසාවත් අමු අමුවේ දිය කර හැරීමයි.
බ්‍රසීලයේ 2026 මැතිවරණය ජනාධිපති ලූලා ද සිල්වා (Lula da Silva) සහ ෆ්ලේවියෝ බෝල්සොනාරෝ (Flávio Bolsonaro) අතර දැඩි තරගකාරී, අධික ලෙස ද්‍රැවීකරණය වූ සටනක් බවට පත්ව ඇත. මත විමසුම්වලට අනුව, දෙවන වටයේ තරගයකදී දෙදෙනාම කරට කර තත්ත්වයක පසුවන අතර, මැද මාවතේ විකල්පයන්ට ජනප්‍රියත්වයක් ලබා ගැනීමට හැකිවී නොමැත. අපේක්ෂකයින් දෙදෙනාටම 50% ක පමණ ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රතිශතයක් ඇති අතර, එම නිසා මෙම මැතිවරණය බලාපොරොත්තුවක් ඇති කර ගැනීමට වඩා ප්‍රතිවාදියා බලයට පැමිණීම වැළැක්වීම අරමුණු කරගත් එකක් බවට පත්ව තිබේ.
ලෝකයේ දියුණු හෙවත් ධනපති රටවල (developed countries) වෘත්තිකයන්ගෙන් අයකරන පුද්ගල ආදායම් බදු (Personal Income Tax) සහ අනෙකුත් සමාජ ආරක්ෂණ දායකත්ව (Social Security Contributions) ක්‍රමවේද ප්‍රධාන වශයෙන් ප්‍රගතිශීලී බදු ක්‍රමයක් (Progressive Tax System) මත පදනම් වේ. එනම්, ලැබෙන ආදායම වැඩි වීමට අනුරූපව බදු අනුපාතයද ඉහළ යයි.
ලෝක බැංකු වාර්තාවලට අනුව, 2024 වන විටත් නයිජර් (Niger) රාජ්‍යයේ ජනගහනයෙන් 80% කට ආසන්න ප්‍රමාණයකට විදුලිය පහසුකම් නොමැත. එසේ වුවද, එම වසර දක්වාම ලොව විශාලතම යුරේනියම් නිෂ්පාදකයෙකු වන නයිජර් රාජ්‍යය, යුරෝපා සංගමයේ (EU) න්‍යෂ්ටික බලශක්ති අවශ්‍යතාවයෙන් 25% ක්ම සපයමින් මුළු යුරෝපය පුරා පිහිටි නගර සහ ගම්මාන බලගැන්වීමට දායක විය.
2003 අවුරුද්දේ මාර්තු 30 වැනි දා, ඉරාකය ආක්‍රමණය කරපු ඇමෙරිකාව ප්‍රමුඛ අධිරාජ්‍යවාදී හවුල් හමුදාවල අවසාන බල ඇණි 2026 සැප්තැම්බර් 30 වැනි දා ඉරාකයෙන් ඉවත්වෙලා ගියා. ජනාධිපති ජෝර්ජ් බුෂ් විසින් “ඉරාක නිදහස් මෙහෙයුම” (Operation Iraqi Freedom) කියන නමින් පටන්ගත්ත මේ අධිරාජ්‍යවාදී ආක්‍රමණය අවුරුදු 23 ක වැඩි කාලයක් ඉරාකය තුළ ක්‍රියාත්මක වුණා. ජනතා ඝාතක ආයුධ හොයනවා කියලා බොරුවක් ගොතලා පටන්ගත්ත ඒ ආක්‍රමණයෙන් වෙච්ච විනාශය ලෝකය ම දන්නවා.

ප්‍රධාන පුවත්

"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..

කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1974 සහ 1976 වසරවලදී ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.