News Category
From Date
To Date
Maximum Number of Result

රටට අවශ්‍ය කෘෂීකර්ම ප්‍රතිපත්තිය කෙසේ විය යුතුද? - වෛද්‍ය වසන්ත බණ්ඩාර

Feb 15, 2025 at 08:12 AM
|

අපේ රටට ජාතික ප‍්‍රතිපත්තියක් අවශ්‍ය බවට සහ එසේ නොමැති නිසා වත්මන් අර්බුදය පැන නැගුණු බවට බොහෝ පිරිසක් හඬ න`ගන බව දක්නට ඇත. එහෙත් මන්තරයක් සේ එම වචන ද්විත්වය පුනරුච්චාරණය කළ ද එවැනි ප‍්‍රතිපත්තියක අඩංගුව හෙවත් මූලික උපායමාර්ගික රාමුව කුමක් විය යුතුද යන්න පිළිබඳව ඔවුන් විසින් කිසිදු කොන්දේසියක් පනවන්නේ නැත. ඒ නිසා ජාතික ප‍්‍රතිපත්තියක නාමයෙන් විවිධ විෂය ක්ෂේත‍්‍රවලට අදාළව ඉතා උසස් අරමුණු සහ විචිත‍්‍රවත් අපේක්ෂා සහිත සංකල්පීය රාමු ඉදිරිපත් කරමින් පවතින සමාජ ආර්ථික මොඩලය එසේම පවත්වා ගන්නා අතර ඒ තුළ යම් රූපලාවන්‍ය වෙනස්කම් සඳහා යෝජනා ඉදිරිපත් කිරීමේ හැකියාව ලැබී ඇත.

මේ වන විට පවතින මොඩලය වෙනස් කිරීමට අදාළ කතිකාව තුළ ප‍්‍රබල දායකත්වයක් ලබාදීමට අසමත් වූ හෝ ඊට අනුගතව රූපලාවන්‍ය වෙනස්කම් සඳහා හඬ නැගූ විද්වතුන් යැයි කියාගන්නා පිරිසක් විසින් ජාතික ජන බලවේගය සඳහා කොටස් වශයෙන් බෙදා ඉදිරිපත් කරන එවැනි ප‍්‍රතිපත්තියක් සකස් කර දී ඇති බව දැක ගත හැක. එවැනි ප‍්‍රතිපත්ති බොහෝ අමාත්‍යාංශවල සහ පක්ෂ කාර්යාලවලින් එකතුකර ගතහොත් රැගෙන යාමට ලොරි භාගයක් අවශ්‍ය වනු ඇත. ගණිකා වෘත්තිය නීතිගත කිරීම මගින් රැකියා අවස්ථා වර්ධනය කිරීම සහ රාජ්‍ය සහසහනාධාර ලබාදීම මගින් බිත්තර මිල අඩු කිරීම ගැන දේශපාලන කතිකාවක් ඇති වන්නේ විශය ක්ෂේත‍්‍රවලට පටු කරමින් ඉදිරිපත් කරන එම ප‍්‍රතිපත්තිය තුළ උපායමාර්ගික දැක්මක් සහ ප‍්‍රවේශයක් ඉදිරිපත් කිරීමට අසමත් වීම නිසා බව ඉතා පැහැදිලිය. බිත්තර මිල අඩු කිරීමේ කතාවට අදාළව ජාතික ජන බලවේගයේ ප‍්‍රබල හිතවාදියෙකු වන පශූවෛද්‍ය කීර්ති සහෝදරයා විසින් ලියන ලද සටහනක් දැකීම නිසා මෙවැනි ලිපියක් ලිවීමට මා තුළ උනන්දුවක් ඇති විය. ඔහු පාරිසරික ගොවිතැන් ක‍්‍රම හඳුන්වාදීම මගින් දේශීය කෘෂිකාර්මික නිෂ්පාදන පද්ධතිය පරාධීනත්වයෙන් ගලවා ගැනීම සහ ගොවියා යටත්විජිත වියගසින් ගලවා ගැනීම සඳහා මතවාද ඉදිරිපත් කරන සහ ඒ සඳහා ප‍්‍රයෝගිකව මැදිහත් වන සමාජ ක‍්‍රියාකාරිකයෙකි.


ඒ අනුව ජාතික ප‍්‍රතිපත්තියක මූලික සහ ප‍්‍රධාන පැතිකඩ වන දේශීය කෘෂිකාර්මික පද්ධතිය වෙනස් කිරීමට අදාළ මූලික උපාය මාර්ගික ප‍්‍රවේශය කෙසේ විය යුතුද යන්න පිළිබඳව සංෂිප්ත අදහසක් ඉදිරිපත් කිරීමට අදහස් කරමි, අප විසින් මේ වන විට නඩත්තු කරන ආර්ථික මොඩලයේ මූලික හැඩතල නිර්මාණය වනුයේ කෘෂිකාර්මික නිෂ්පාදන පද්ධතිය පවත්වාගෙන යාමට අදාළ උපාය මාර්ගික රාමුවට අනුව බව ඉතා පැහැදිලිය. ඊට අමතරව රටේ ජාතික ආරක්ෂාව තරමටම තීරණාත්මක දේශපාලන සාධකයක් වන ආහාර සුරක්ෂිතතාවය ද පදනම් වන්නේ ඒ මතය. එසේම සමාජ සුභසාධනයට අදාළව ගොවියාගේ ජීවන තත්ත්වය වෙනස් කිරීමද සිදුකළ හැක්කේ ඒ මත පදනම්වය. එපමණක් නොව රටේ නිෂ්පාදන පද්ධතියේ දීර්ඝකාලීන පැවැත්ම සහ ඊට අදාල පාරිසරික සාධාරණත්වය ද ඒ මත පදනම් වේ.


ඒ ආකාරයට නිශ්චිත උපාය මාර්ගික රාමුවක් ඉදිරිපත් කිරීම මගින් බලය ලබා ගන්නා පක්ෂයකට ආර්ථික මොඩලය තුළ නිශ්චිත වෙනස්කම් සිදුකිරීම සඳහා බලපෑමක් ඇතිවේ. එසේම මහජනයාට ඊට අදාළව ආණ්ඩුවට බලපෑම් කිරීම සඳහා නිශ්චිත සටන් පාඨයක් නිර්මාණය කිරීමට අවස්ථාව ලැබේ. ඒ මගින් හුදු ආණ්ඩුවේ බාහිර ස්වරූපයට හෝ පුද්ගලයින්ට එරෙහිව එල්ල කරනු ලබන විරෝධය ආණ්ඩුවේ ප‍්‍රතිපත්තිමය රාමුවට අදාළව එල්ල කිරීම හෝ දියුණු දේශපාලන සටනක් බවට පරිවර්තනය කිරීමේ හැකියාව ලැබේ. ඒ සියල්ලටම වඩා ජාතික ජන බලවේගය වැනි නව දේශපාලන ව්‍යාපාර විසින් රූපලාවන්‍ය වෙනස්කම් සිදුකරමින් පවතින මොඩලය එසේම පවත්වාගෙන යන බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට හෝ ඇමරිකානු තානාපතිනියට ලබා දෙන සහතික පිළිබඳව ප‍්‍රශ්න කිරීමට ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන්ටද අවස්ථාව නිර්මාණය වේ. විශේෂයෙන්ම ඒ මගින් කෘෂිකර්ම ක්ෂේත‍්‍රයේ යම් වෙනස්කම් සිදු කිරීමට ඔවුන් විසින් ගනු ලැබූ සාධනීය උත්සාහයන් අසාර්ථක වීමට හේතු සොයා බලමින් විකල්ප යෝජනා ඉදිරිපත් කිරීමටද මනෝභාවයක් ඇති ඇති කරගත හැක.

ඒ අනුව රටේ ආහාර සුරක්ෂිතතාවය සහතික කිරීම සහ ගොවියාගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම මුල් කරගත් කෘෂි නිෂ්පාදන පද්ධතියක් නිර්මාණය කිරීම සඳහා හෙවත් පවතින ආර්ථික මොඩලය වෙනස් කිරීම සඳහා යොදාගත යුතු දසවැදෑරුම් උපාය මාර්ගික ප‍්‍රවේශයක් සංවාදය සඳහා මෙසේ ඉදිරිපත් කළ හැක.


1. නිෂ්පාදන පද්ධතිය පරාදීනත්වයෙන් ගලවා ගැනීම:

කෘෂි යෙදවුම් විශේෂයෙන්ම කෘෂි රසායනික සහ බීජ සඳහා විදේශීය සමාගම් මත යැපීම අවම කිරීම මෙන්ම නිෂ්පාදන පද්ධතිය සහ ඒ ආශ‍්‍රිත පරිසර පද්ධති වල දීර්ඝ කාලීන පැවැත්ම සහතික කිරීම ඊට අයත් වේ. එහිදී පාංශු සංරක්ෂණයට සහ ප‍්‍රශස්ත ජල කළමනාකරණයකටද විශේෂ වැදගත්කමක් හිමිවේ.

ඉන්දියාවේ ෂුභාෂ් පලේකාර් වැනි සමාජ ක‍්‍රියාකාරිකයින් සහ වන්දනා ශිවා වැනි විද්වතුන් පමණක් නොව ඉන්දියානු රාජ්‍ය යාන්ත‍්‍රණයද ඊට අදාළව අත්දැකීම් රාශියක් ලබා දී ඇත. වෛද්‍ය කීර්ති සහෝදරයා කුඩා පරිමාණයෙන් හෝ ශ‍්‍රී ලංකාව තුළ පාරිසරික ගොවිතැන් ක‍්‍රම හඳුන්වාදීම සඳහා ගනු ලබන උත්සාහයට මඟ පෙන්වනු ලබන්නේ එම උපාය මාර්ගික ප‍්‍රවේශයට අදාළ දැනුම් පද්ධතිය බව ඉතා පැහැදිලිය. ඒ මගින් ගොවියාගේ පිරිවැය අඩුවන බැවින් ගොවියාගේ ජීවන තත්වය වෙනස්කර ගැනීමේ විශේෂ ඉඩක් ඇත. එම උපාය මාර්ගික ප‍්‍රවේශය සඳහා ඉහළින් රාජ්‍ය අනුග‍්‍රහය සහ පහළින් ගොවි ක‍්‍රියාකාරීන්ගේ දායකත්වය යන පැතිකඩ දෙකම වැදගත් වේ. ඒ අනුව එය බොත්තමක් ඔබන්නා සේ තනි තීන්දුවකින් සම්පූර්ණ වන කොන්දේසියක් නොවේ. නමුත් රජය එම ප‍්‍රවේශය මූලික උපාය මාර්ගික ප‍්‍රවේශයක් ලෙස පිළිගැනීම පූර්ව කොන්දේසියකි. ඊට අදාළව රාජ්‍යය විසින් පිරිවැය දැරීම, රාජ්‍ය යාන්ත‍්‍රණය සතු මානව සම්පත් ලබාදීම සහ ප‍්‍රමුඛතාවය ලබාදීම මෙන්ම අදාල නීති සංශෝධනය කිරීමද සිදුවන්නේ එම පිළිගැනීමට අනුවය. උදාහරණයක් ලෙස පළිබෝධනාශක පනත සංශෝධනය කිරීම මගින් අවම පළිබෝධනාශක ලැයිස්තුව හඳුන්වාදීම, පාංශු සංරක්ෂණ පනත සංශෝධනය කිරීම මගින් පාංශූ සංරක්ෂණයට අදාල රාජ්‍ය වගකීම් සහතික කිරීම සහ ප‍්‍රයෝගිකව ක‍්‍රියාත්මක කිරීම මෙන්ම වාරි ආඥා පනත සංශෝධනය කිරීම මගින් ජල කළමනාකරණයට අදාළව ගොවි සංවිධාන වලට බලය ලබාදීම ආදිය සඳහන් කළ හැක..


2. වෙළඳපළ මිල විකෘතින් වැළැක්වීම:

ලෝකයේ ආහාර නිෂ්පාදනයෙන් 75% කට දායකත්වය සපයන්නේ කුඩා නිෂ්පාදකයාය. නමුත් 25%ක දායකත්වය සපයන මහා සමාගම්වලට ආහාර වෙළඳපොළ හැසිරවීමට හැකි වන්නේ බලවත් රාජ්‍යයන් විසින් ඊට පහසුකම් සැලසීම නිසාය. ඒ සඳහා යොදා ගනු ලබන ප‍්‍රබලම උපාංගය වන්නේ සහනාධාර මගින් මිල විකෘතීන් ඇති කිරීමය. එය ආකාර දෙකකට සිදුවන අතර පළමුව විදේශීය රටවලදී සහනාධාර ලබාදීම මඟින් මිල අඩු කිරීම නිසා දේශීය නිෂ්පාදනවල තරගකාරීත්වය බිඳ වැටේ. දෙවනුව විවිධ ආධාර සහ ණය ව්‍යාපෘති සහ ලෝක වෙළඳ සංවිධානය වැනි ජාත්‍යන්තර සංවිධාන යොදා ගනිමින් නිදහස් වෙළඳාම නාමයෙන් දේශීයව බදු සහන ලබාදීමට බලකිරීමද සිදුවේ. ඒ ආකාරයට වෙළඳපළ තුළ ආනයනික ආහාරවල මිල විකෘතීන් සිදුකළ විට දේශීය නිෂ්පාදකයාගේ පැවැත්ම අනතුරට ලක්වේ. 

ඒ ආකාරයට මිල විකෘතියෙන් සිදු කිරීම සඳහා වෙනත් උපක‍්‍රම ද භාවිතාවේ. ඒ අතරින් පළමුවැන්න තත්ත්වය බාල කිරීම මගින් මිල අඩු කිරීමය. කිරිපිටිවලට ෆාම් තෙල් මිශ‍්‍ර කිරීම මගින් දේශීය කිරී ආර්ථිකයේ තරගකාරීත්වය බිඳ දැමීම හොඳම උදාහරණයකි. පොල්තෙල් වලට ෆාම් තෙල් මිශ‍්‍ර කිරීම සහ භාවිතා කළ තෙල් පිරිපහදු කිරීම ආදිය මගින් දේශීයව පොල් වගාකරුවන්ගේ සහ කර්මාන්තකරුවන්ගේ තරගකාරීත්වය බිඳ දැමේ. මේ සියල්ල නිවැරදි කිරීම සඳහා පනත් කිහිපයක් සංශෝධනය කළ යුතු වේ. ආහාර පනත, පාරිභෝගික අධිකාරී පනත, පොල් සංවර්ධන අධිකාරී පනත, විශේෂ පාරිභෝජන බදු පනත, ප‍්‍රමිති කාර්යාංශ පනත ආදිය ඊට අයත් වේ. ඒ සියල්ලටම වඩා වැදගත් වන්නේ මොළ සෝදාගත් නිලධාරීන් පරිපාලන වශයෙන් පාලනය කිරීම මගින් බහුජාතික සමාගම්වල උවමනාවන් ඉටු කිරීම සඳහා පවතින පරිපාලන ඉඩකඩ සීමා කිරීමය. කෙසේ වෙතත් ඊට අදාළව ව්‍යවස්ථාමය ප‍්‍රතිපාදන පැනවීම සහ නව ආහාර සුරක්ෂිතතා පනතක් හඳුන්වාදීම වඩා සුදුසු වේ. මිල විකෘතීන් වැළැක්වීම සඳහා දේශීය නිෂ්පාදනවල පිරිවැයට අනුව නියම කළ හැකි වෙළඳපළ මිලට වඩා ආනයනික නිෂ්පාදනවල මිල 10%කින් ඉහළ මට්ටමක පවතින ලෙස ආනයන බදු පැනවීම උපායමාර්ගයක් ලෙස පිළිගැනීම වැදගත් වේ. වෙළඳපොළ කර්යක්ෂමතාව වැඩි කිරීම මගින් මිල විකෘතීන් වැළැක්වීම සඳහා සුපර්මාකට් සංස්කෘතියෙන් බහුතර පාරිභෝගිකයා ගලවාගැනීමද වැදගත්වේ. සුපිරි වෙළඳ සැළකට 40%ක කොමිස් ගෙවන විට නිෂ්පාදකයාට ලාභය ලෙස ලැබෙන්නේ ඉන් අඩකටත් අඩු ප‍්‍රතිශතයකි. ඒ අනුව පළාත් පාලන ආයතන මගින් පොළබදු සහනයක් යටතේ දිනපතා පොළවල් ප‍්‍රචලිත කිරීම උපායමාර්ගික ප‍්‍රවේශයක් ලෙස වැදගත් වේ.


3. වෙළඳපළ ව්‍යුහය තුළ නිෂ්පාදකයාට අවාසිදායක විකෘතීන් නිවැරදි කිරීම:

ඊට අදාලව ශ‍්‍රී ලංකාවේ පවතින ගොන්තකතීරුම උදාහරණය වන්නේ බන්දුල ගුණවර්ධන ආර්ථික ශිල්පියාගේ ආර්ථික මධ්‍යස්ථාන ජාලය බවට විවාදයක් නැත. වෙළෙන්දන්ට සහ පාතාල සාමාජිකයන්ට බලය සහිත එම මධ්‍යස්ථානවල ගොවියාගේ කේවල් කිරීමේ බලය සම්පූර්ණයෙන් බිඳ දමා ඇත. ඊට අමතරව කාර්යක්ෂමතාවය සහ පරිසර විනාශය පැත්තෙන් ගත්තද ඒවා ඉතා පසුගාමී ව්‍යුහයන් බව පැහැදිලිය. නුවරඑළියේ එළවළු දඹුල්ලට රැගෙන ගොස් දඹුල්ලෙන් කුරුණෑගලට ආපසු ප‍්‍රවාහනය කිරීම මගින් එම ව්‍යුහය මොනතරම් තකතීරු ව්‍යුහයක් ද යන්න පැහැදිලි වේ. එම ක‍්‍රියාවලිය තුළ කිසිසේත්ම ගොවියාට සාධාරණ මිලක් සහතික කළ නොහැක. එම ව්‍යුහය ඉතා සරලව නිවැරදි කළ හැක්කේ ගොවි සමූපකාර ජාලයක් මගින් විකුණුම් මධ්‍යස්ථානවල එනම් තොග වෙළෙඳ මධ්‍යස්ථානවල බලය ගොවි සංවිධානවලට ලබාදීම සහ ප‍්‍රවාහනය සහ බෙදාහැරීමේ ක‍්‍රියාවලිය තුළ අතරමැදියන්ගේ බලය දුර්වල කිරීම මගිනි. ඊට අමතරව ජංගම දුරකථන මෘදුකාංගා හඳුුන්වාදීම මගින් කුඩා තොග වෙළෙන්දන් සහ ගොවියා අතර සෘජු සම්බන්ධය ගොඩනැගිය හැක. එහිදී කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් පවතින මිල ගණන් පිළිබඳ ගොවියාට තොරතුරු ලබාදීම මගින් ගොවියාගේ කේවල් කිරීමේ බලය ආරක්ෂා කළ හැක.


4. ඉලක්ක සහගත සහනාධාර ලබාදීම:

එනම් යහපත් ගොවිතැන් පුරුදු දිරිගැන්වීම සඳහා රජය සහනාධාර ගොවියාට ලබාදීමය. උදාහරණයක් ලෙස පොහොර සහනාධාරය ගොවිජන බැංකුව හරහා සෘජුව ගොවියාට ලබාදීම මගින් පාරිසරික ගොවිතැන් ක‍්‍රම ප‍්‍රචලිත කිරීම සිදුකළ හැක. එසේම බෝග වගාව සමග කිරි ගොවිතැන් ඒකාබද්ධ කිරීම දිරිමත් කිරීම සඳහාද සහනාධාර යොදාගත හැක. ශ‍්‍රී ලංකාවේ ගොවියන්ගෙන් 75%කට හිමිවන්නේ අක්කර 2.5කට අඩු භූමි ප‍්‍රමාණයකි. එවැනි ඉඩම් අයිතියක් තුළ භෝග වගාව මගින් පමණක් ගොවියාගේ ආදායම් වර්ධනය කළ නොහැක. ඉන්දියාවේ ගොවියන්ගෙන් 80%ක් භෝග වගාව සහ කිරි ගොවිතැන ඒකාබද්ධ කිරීම මගින් තම ආදායම මට්ටම වර්ධනය කරගෙන ඇත.


ඊට අමතරව ඒ මගින් ගෙවතු වගාව දිරිමත් වන අතර ස්වාභාවික ගොවිතැන ක‍්‍රම ප‍්‍රචලිත කිරීමටද පසුබිම නිර්මාණය වේ. එසේම ගොවි පවුල්වල පෝෂණ තත්ත්වයද වර්ධනය වේ. ඒ අතර කිරි නිෂ්පාදන ආනයනය සඳහා වැය වන ඩොලර් මිලියන 300ක් රට තුළ ඉතිරි කරගත හැකි වන අතර එම මුදල් ග‍්‍රාමීය ආර්ථිකයට ඇතුල්වීම තුළ ආර්ථික වර්ධනයට දායකත්වය සැපයේ. එම උපාය මාර්ගයට අදාලව කිරිගොවියාට වෙළඳ පොළ නිර්මාණය කරන වටිනාකම් එකතු කිරීමේ ක‍්‍රියාවලියට රජය මැදිහත්විය යුතු අතර පුද්ගලික අංශය දිරිමත් කිරීම සඳහා සහන පැකේජයක් ඉදිරිපත් කළ යුතුය. එසේ පුද්ගලික අංශය දිරිමත් කිරීම සඳහා ලබාදෙන සහනාධාරවල ප‍්‍රතිලාභය යම් සූත‍්‍රයකට අනුව අවසානයේදී ගොවියාට ආපසු ලැබෙන බව සහතික් කිරීමද වැදගත් වේ.


5. සාධාරණ පිරිවැයක් සහිතව ගොවියාට ප‍්‍රාග්ධනය හෙවත් ණය ලබා ගැනීමේ අවස්ථාව නිර්මාණය කිරීම:

ඒ සඳහා ගොවිජන බැංකුව නැවත සක‍්‍රීය කළ යුතු අතර අවම පිරිවැය සහිතව එම බැංකු පද්ධතිය පවත්වාගෙන යාම සඳහා ඉතිහාසයේ පැවති ආකාරයටම ගොවිජන සේවා මධ්‍යස්ථාන සහ ඒවායේ සේවකයින් ඒ සඳහා යොදාගත යුතුය. ඒ මඟින් අවම පොලියකට ණය ලබාදීමට හැකියාව ලැබෙන අතර රජය මගින් සුළු ප‍්‍රතිශතයක පොලී සහනාධාර සහිතව ප‍්‍රාග්ධනය ලබාදීම සෑහෙනු ඇත. නමුත් එම බැංකු පද්ධතිය විනාශ කිරීම සඳහා මීට පෙර උත්සාහ කළ ආකාරයට ස්වාධීන බැංකුවක් බවට පත්කර ගොවිජන බැංකුව අදාළ අරමුණින් පිට පැන්නවීම නොකළ යුතුය. පොහොර සහනාධාරය වැනි රාජ්‍ය සහනාධාර ලබා දීමටද එම බැංකු පද්ධතිය යොදා ගත හැකි අතර සෑම ගොවියකුටම ගොවි හැදුනුම්පතක් නිකුත් කළ යුතු අතර බැංකුවේ යාවජීව ගනුදෙනුකරුවකු බවට පත් කළ යුතුය.


6. උපදේශන සහ ව්‍යාපෘති සේවා නැවත ප‍්‍රකෘතිමත් කිරීම:

පසුකාලීනව විනාශයට පත් කළ කෘෂිකර්ම සහ සත්ව නිෂ්පාදන ව්‍යාපෘති සේවා හැට හැත්තෑව දශකයේ තිබූ ආකාරයට නැවත ගොඩනැගිය යුතුය. එම උපෙදේශන සහ ව්‍යාපෘති සේවාව ස්වභාවික ගොවිතැන් ක‍්‍රම ප‍්‍රචලිත කිරීම මුල්කරගෙන නැවත ස්ථානගත කළ යුතුය. එහිදී එම උපදේශන සේවා ක‍්‍රියාවලිය නිෂ්පාදන ක‍්‍රියාවලියට අමතරව පරිභෝජන සංස්කෘතිය වෙනස් කිරීම සඳහාද යොදාගත යුතුය. ඒ සඳහා ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදීන්, රාජ්‍ය නිලධාරීන් සහ පාසල් පද්ධතිය යොදා යොදාගත යුතුය නිෂ්පාදන පද්ධතියට හිතකර සහ එය දිරිමත් කෙරෙන පරිභෝජන සංස්කෘතියක් නොමැති නිෂ්පාදන පද්ධතිය ශක්තිමත් කළ නොහැකි බව මූලධර්මයක් ලෙස පිළිගත යුතුය. ඒ අනුව ඊට අදාලව ආහාර වෙළඳපොළ තුළ කුඩා පරිමාණ ව්‍යවසායකයින් දිරිමත් කිරීම සඳහා රාජ්‍යය මැදිහත්විය යුතුය. දැනට පවතින හෙළ බොජුන් හෝටලය තවදුවරටත් පුළුල් කළහොත් එය ඉතා හොඳ ආදර්ශයක් වනු ඇත. දේශිය ආහාර ප‍්‍රචලිත කිරීම සඳහා වන ප‍්‍රචාරක සහ අධ්‍යාපන ක‍්‍රියාවලිය තුළ ගොවියා දුකට පත්කර අඩුමිලට ආනයනික ආහාර ලබාගැනීමට කල්පනා කිරීම ආර්ථික ඝාතක ක‍්‍රියාවක් බවට සමාජ මනෝභාවය ගොඩනැගීමද වැදගත් වේ.

 

7. සහායක සේවා සහ විශේෂ පුහුණු සේවා:

පාංශ පරීක්ෂණ මගින් බාහිර යෙදවුම් අවම කිරීම සඳහා ගොවියාට විධිමත්ව එම සේවා සැපයිය යුතු අතර තාක්ෂණය විශේෂයෙන්ම පසු අස්වනු තාක්ෂණය භාවිතයට අදාළව ගොවි සංවිධාන යොදා

ගනිමින් පුහුණුව ලබා දිය යුතුය. එය රජයේ මූලික වගකීමක් ලෙස පිළිගත යුතුය. එම ක‍්‍රියාවලිය තුළ ගොවි සංවිධානවලට බලවත් භූමිකාවක් නිර්මාණය කළ යුතුය. ඒ සඳහා පිහිටුවා ඇති ආයතන, විශේෂයෙන්ම යන්තෝපකරණ සහ පසු අස්වනු තාක්ෂණ ආයතන ව්‍යාප්ති සේවාව සම`ග ඒකාබද්ධ කිරීම සඳහා යාන්ත‍්‍රණයක් සකස් කළ යුතුය.


8. නිෂ්පාදන පද්ධතිය සහ වෙළඳපොළ නියාමනය:

ගොවියාට සාධාරණ මිල එනම් පිරිවැයට සාපේක්ෂව මිලක් ලබාදීම නීතිය මඟින් සහතික කළ යුතුය. ඒ සඳහා ඉන්දියාවේ මෙන් නව නීතියක් හඳුන්වා දිය යුතුය. එසේම පාංශ සංරක්ෂණ පනත් සහ නිරෝධායන පනත් සංශෝධනය කරමින් කෘෂි පරිසර පද්ධති ආරක්ෂා කිරීම සඳහා පවතින ප‍්‍රතිපාදන ශක්තිමත් කළ යුතුය. පාංශු සංරක්ෂණ ක‍්‍රියාවලිය සඳහා සෙසු ආයතන පද්ධතිය යොදා ගත හැකි ආකාරයට ඉහළ ආයතනයක් පිහිටුවිය යුතුය. එම ක‍්‍රියාකාරීත්වය හුදු දඬුවම් කිරීමෙන් ඔබ්බට ගොස් ආවේශණය උපදේශනය සහ පුහුණු ආදී ක්ෂේත‍්‍රවලට පුළුල් කළ යුතුය.


ගොවියාගේ බීජ අයිතිය ශක්තිමත් වන ආකාරයට සහ බීජ ගොවීන් නමින් නව කුලකයක් බිහිකිරීම සඳහා බීජ පනත සංශෝධනය කළ යුතුය නමුත් පසුගිය කාලයේදී සිදු කිරීමට උත්සාහ කළ ආකාරයට

ගුණාත්මක භාවය ඉදිරියට දමා ගොවියාගේ බීජ අයිතිය අහිමි කිරීමේ කූඨ ක‍්‍රියාමාර්ගවලට එම සංශෝධනවලදී ඉඩ ලබා නොදිය යුතුය. දැනට ක‍්‍රියාත්මක නොවන ආහාර පාලන පනත් යොදා

ගනිමින් ආහාර තොග අවභාවිතා කිරීම වැළැක්විය යුතුය. එසේම ඉහත සඳහන් කළ අවම මිල සහතික කිරීමේ නීතිමය රාමුව යටතේ විශේෂයෙන්ම කුඩා පරිමාණ සහල් කර්මාන්තකරුවන්ට පැවතිය හැකි ආකාරයට සහ ගොවියා සහල් අලෙවිකරුවෙකු බවට පත් කළ හැකි ආකාරයට වී මිලට සාපේක්ෂව සහල් මිල පැනවිය යුතුය. එනම් සාධාරණ ලාභයක් ලබා ගැනීම සඳහා ඉඩ සැලසිය යුතුය. මහා මෝල් පිළිබඳ භීතිකාවන් නිසා එම ලාභය අවම කළ විට කුඩා මෝල් වලට පැවතිය නොහැකි බැවින් අවසානයේදී මහමෝල්වල ඒකාධිකාරිය ශක්තිමත් වේ.


ගොවියාගේ ඉඩම් අයිතිය ආරක්ෂා කිරීමද නියාමනයේ කොටසක් ලෙස සැළකිය යුතුය. ඒ අනුව ඉඩම් අයිතිය ලබාදීමේ නාමයෙන් ඉඩම් වෙළඳ පොළක් බිහිකිරීම මගින් ගොවියාගේ ඉඩම් අයිතිය අහිමි කිරීම වැළැක්විය යුතුය. ඒ සඳහා ආවේක්ෂණ ක‍්‍රියාවලියක් අවශ්‍යවන අතර දැනට පවතින නීතිමය බාධක වෙනස් කිරීමට ඉඩ නොදීමද මූලික උපායමාර්ගික ප‍්‍රවේශයක් විය යුතුය.


9. පර්යේෂණ ආයතන පද්ධතිය උපායමාර්ගිකව ස්ථානගත කිරීම:

ජාතික අවශ්‍යතාවය අනුව ජාතික පර්යේෂණ න්‍යාය පත‍්‍රයක් සකස් කළ යුතු අතර සියලූම පර්යේෂණ ආයතන එම න්‍යාය පත‍්‍රයට අදාළ කොටස ඉටු කිරීම සඳහා යොදාගත යුතුය. නව ප‍්‍රභේද ආශ‍්‍රිත බීජ නිෂ්පාදන ක‍්‍රියාවලිය දිරිමත් කිරීම සඳහා අභිජණන පර්යේෂකයින් සඳහා විශේෂිත දිරිමත් කිරීමේ පැකේජයක් හඳුන්වා දිය යුතුය. ඔවුන්ට රට තුළ විශේෂිත ගෞරවයක් සහ වටිනාකමක් ලබාදිය යුතුය.


10. නිෂ්පාදන පද්ධතිය තුළ රජයේ කොටස පවත්වාගෙන යාම:

එහිදී සත්ව අභිජනන ක‍්‍රියාවලිය සඳහා ජාතික මට්ටමින් වැඩසටහන් ආරම්භ කිරීම මගින් ගොවීන්ට සහන මිලට සතුන් ලබාදීම සඳහා රජයේ ගොවිපළ පද්ධතිය යොදාගත යුතුය. පුද්ගලීකරණය කළ ගොවිපළවල් නැවත රජයට පවරා ගැනීම සඳහා කටයුතු කළ යුතු අතර ඊට හිලව්වට විකල්ප ඉඩම් ලබාදීම පිළිබඳව සළකා බැලිය යුතුය. ඊට අමතරව පුද්ගලික බීජ නිෂ්පාදකයින්ට අවශ්‍ය මූලික බීජ නිෂ්පාදනය සඳහා පමණක් නොව තෝරාගත් බෝග ප‍්‍රමාණයක විශේෂයෙන්ම වී සඳහා සහතික කළ බීජ නිෂ්පාදනය කිරීමද රජයේ වගකීමක් ලෙස සැලකිය යුතුය. රජයේ ගොවිපළ පද්ධතිය ලාභ ලබන ආයතන බවට පත් කළ යුතු බවට විවාදයක් නැතත් එම උවමනාව මත රජය තම මූලික වගකීම්වලින් ඉවත්වීම නොකළ යුතුය එම වගකීම ඉටුකිරීම සඳහා වන පිරිවැය වෙනත් ව්‍යාපාරික අවස්ථා මගින් සහ රාජ්‍ය සහනාධාර මගින් පියවා ගත යුතුය. ඊට අමතරව ආහාර සුරක්ෂිතතාවයට අදාල මූලික කොන්දේසියක් ලෙස, විශේෂයෙන්ම වී සහ සහල් ආරක්ෂණ තොග පවත්වාගෙන යාම සහ ඒ මගින් වෙළඳපොළ තුළ මැදිහත්වීමක් සිදුකිරීම රජයේ මූලික වගකීමක් ලෙස පිළිගත යුතුය.


වෛද්‍ය වසන්ත බණ්ඩාර


සම්බන්ධිත පුවත් | Related News

දැනට වසර 51කට පමණ පෙර පටිගත කරන ලද දුර්ලභ වීඩියෝ දර්ශනයක් ඇසුරින්, ආචාර්ය ගුණදාස අමරසේකර ශූරීන් විසින් හෙළයේ මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහයන් පිළිබඳව කරන ලද විශේෂ ප්‍රකාශයක් ඇතුළත් වීඩියෝ පටයක් Next page සමාජ මාධ්‍ය පිටුවේ පළකර තිබේ.
බටහිර රාජ්‍ය තම ආර්ථික, වෙළඳ, දේශපාලන අරමුණු උදෙසා , ආසියාවේ, අප්‍රිකාවේ අධ්‍යාපනය ස්වදේශිකයන් චින්තනයෙන් සහ ආර්ථික ජාතික විමුක්තියෙන් පාරාජිකාවන ලෙසත් , බටහිරයන් ආර්ථිකයෙන් වැඩෙන ලෙසත් අධ්‍යාපනය හසුරුවා ඇත.
2026 අගෝස්තු 07 වන දින, සවුදි අරාබිය, තුර්කිය සහ පාකිස්ථානය මක්කමදී "මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම" (Makkah Joint Defence Agreement) අත්සන් කරන ලදී. NATO හමුදා සන්ධානයේ ආකෘතියට සමානව සකස් කරන ලද මෙම ගිවිසුම මගින් අන්‍යෝන්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණ ඇත. එහි ප්‍රධාන කොන්දේසිය වන්නේ මෙම අත්සන් තැබූ පාර්ශව තුනෙන් ඕනෑම එකකට එල්ල වන සන්නද්ධ ප්‍රහාරයක්, පාර්ශවයන් තිදෙනාටම එල්ල වූ ප්‍රහාරයක් ලෙස සලකනු ලබන බවයි.
පසුගියදා කොළඹ 7 පිහිටි බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේ පාරාදීසය එළිමහන් රඟහලේදී විශ්ව සම්භාවනාවට පාත්‍ර වූ ඊඩිපස්, ජුලියස් සීසර්, ගොඩෝ එනකං, සාකුන්තලය සහ ජපන් සම්ප්‍රදායික නාට්‍යය අඩංගු උළෙලක් පවත්වනු ලැබුවා. අසමා රූපණ සරසවියේ නිර්මාතෘ අඛිල සපුමල් නාට්‍යවේදියා විසින් සංවිධානය කළ මෙම උළෙල හරවත් අදහස් ඇති ප්‍රේක්ෂකයන්ගේ විශේෂ අවධානය දිනා ගැනීමට සමත් වූවා.
පහුගිය දවස්වල මම “අස්ස - පස්ස” කියලා ලිපියක් ලිව්වා. ජම්බුවාදියෝ විසින් “කුසලස්ස” සහ “පාපස්ස” කියන පාලි වචන දෙක විකෘති කරන හැටි දැකලයි මම ඒ ලිපිය ලිව්වේ. ඒ ලිපියට විශාල පිරිසක් ප්‍රතිචාර දක්වලා තිබුණා. කමෙන්ට් තුන්සිය ගානක් දාලා තියෙනවත් දැක්කා. ඒ හැම එකක් ම කියවන්න වෙලාවක් මට නෑ. මගේ ලිපියට ප්‍රතිචාර දකවපු අය අතර ජම්බුවාදියොත් හිටියා. ඇත්තෙන්ම, ජම්බුවාදියෝ දක්වලා තිබිච්ච අදහස් බොහොම රසවත්. මට කියවන්න ලැබිච්ච එහෙම කමෙන්ට් දෙකක් තුනක් ගැන යමක් කියන්න පුළුවන්.
සෙවුතා (Ceuta) කියන්නේ ස්පාඤ්ඤයට අයිති ස්වායත්ත නගරයක්. භූමියක් විදිහට ගත්තාම මේ නගරය අයිතිවෙන්නේ අප්‍රිකානු මහද්වීපයට. ඒත් අප්‍රිකානු මහද්වීපයේ උතුරු ම කෙළවරේ තියෙන ස්පාඤ්ඤයට අයිති නගරයක් හින්දා දේශපාලනිකව යුරෝපයට අයිති ප්‍රදේශයක් විදිහට ඒක සළකනවා. මේ ස්වායත්ත නගරය යුරෝපා සංගමයේ විශේෂ බල ප්‍රදේශයක් (A special territory of members of the European Economic Area) විදිහටත් සම්බන්ධ කරගෙන තියෙනවා.
2019 පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය ශ්‍රී ලාංකීය ඉතිහාසයේ එතෙක් මෙතෙක් සිදු වූ වඩාත්ම ඛේදනීය, සංවේදී සහ විවාදාත්මක ත්‍රස්තවාදී ප්‍රහාරයන්ගෙන් එකකි. මෙම සිදුවීමේ ඇති බරපතලම සහ ඛේදනීයම කරුණ වන්නේ, ප්‍රහාරය එල්ල වන දින, වේලාව, ස්ථාන සහ ඊට සම්බන්ධ පුද්ගලයින් පිළිබඳ නිශ්චිත පූර්ව බුද්ධි තොරතුරු ලැබී තිබියදීත්, එය වළක්වා ගැනීමට බලධාරීන් අසමත් වීමයි.
රාජ්‍ය ආදායම 27% කින් ඉහළ ගොස් ඇති බව පවසමින් ආණ්ඩුව අත්පොළසන් දෙද්දි මහ පොළොවේ ජීවත්වන ජනතාවට දැනෙන්නේ තව තවත් බදු තොණ්ඩුව හිර වෙනවා පමණි.

ප්‍රධාන පුවත්

කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය දෙකට කරමින් මැදින් පාරක්.. අමරපුර නිකායේ දැඩි විරෝධය..

කන්කසන්තුරේ පිහිටි ඓතිහාසික තිස්ස රජමහා විහාර භූමිය දෙකඩ කරමින් බලහත්කාරයෙන් මාර්ගයක් ඉදිකිරීමට වලිකාමම් උතුර ප්‍රාදේශීය සභාව දරන උත්සාහයට ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ ශ්‍රී කල්‍යාණිවංශ පාර්ශ්වය සිය බලවත් විරෝධය පළ කර සිටියි.

''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මරාදමා හෝ විදේශ මැදිහත්වීමකින් අන්තර්කාලීන පාලනයක් ගොඩ නැගීමට උත්සාහ දැරූ බවත්, ඒ බවට සාක්ෂි ඇති බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

සම්බුද්ධ ශාසනයේ ප්‍රධාන අංගයක් වන පෙරහැර විකාරයක් බව අගමැතිනිය කියන්නේ කොහොමද?.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

සම්බුද්ධ ශාසනයේ සහ මෙරට සංස්කෘතියේ ප්‍රධාන අංගයක් වන පෙරහැර මංගල්‍යය විකාරයක් ලෙස අගමැතිනිය විසින් හඳුන්වන්නේ කෙසේදැයි දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රශ්න කරයි.

සවුදිය, තුර්කිය සහ පාකිස්ථානය 'නේටෝ' වැනි යුද සංවිධානයකට අවතීර්ණ වෙයි.. 'මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම' අත්සන් තබයි..

සවුදි අරාබිය, තුර්කිය සහ පාකිස්ථානය එක්ව NATO ආකෘතියට සමාන අන්‍යෝන්‍ය ආරක්ෂක ගිවිසුමක් වන "මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුමට" (Makkah Joint Defence Agreement) අත්සන් තබා ඇත. සවුදි ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු, තුර්කි ජනාධිපති රෙසෙප් තයියිප් එර්ඩොගන් සහ පාකිස්ථාන අගමැති ෂෙහ්බාස් ෂරීෆ් විසින් අත්සන් කරන ලද මෙම ගිවිසුම මගින්, සාමාජික රටකට එල්ල වන ඕනෑම සන්නද්ධ ප්‍රහාරයක් අනෙක් රටවලටද එල්ල වූ ප්‍රහාරයක් ලෙස සැලකීමට එකඟ වී ඇත.

විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීමට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණය 2022 වසරේදී තීන්දු කරලා..

ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2022 වසරේදී තීන්දු කර තිබේ.

වර්තමාන අර්බුද හමුවේ නාට්‍යකරුවන් අපේක්ෂාභංගත්වයට පත්වෙලා.. – නාට්‍යවේදී අඛිල සපුමල්

රටේ පවතින සමාජ, ආර්ථික හා දේශපාලන සංදර්භය හේතුවෙන් පොදු ජනතාව පමණක් නොව නාට්‍යකරුවන් පවා දැඩි අපේක්ෂාභංගත්වයකට පත්ව සිටින බව රාජ්‍ය සම්මානලාභී නාට්‍යවේදී අඛිල සපුමල් මහතා පවසයි.

ලොවටම සහන සැලසූ චීනයේ ගෝලීය සංවර්ධන මුලපිරුමට වසර 5යි: ගෝලීය දකුණේ අනාගතය වෙනුවෙන් චීනයෙන් නව පොරොන්දුවක්..

ලෝකය තවදුරටත් නොසන්සුන්කාරී සහ අස්ථාවර තත්ත්වයක පවතින, එමෙන්ම වැඩිවන සංවර්ධන අභියෝගවලට මුහුණ දෙන පසුබිමක, වඩා යහපත් අනාගතයක් නිර්මාණය කිරීම සඳහා චීන ගෝලීය සංවර්ධන මුලපිරුම (Global Development Initiative - GDI) එක්සත් ජාතීන්ගේ 2030 තිරසාර සංවර්ධන න්‍යාය පත්‍රය සමඟ ක්‍රමවත්ව ඒකාබද්ධ කිරීමට උත්සාහ කළ යුතු බව චීන විදේශ අමාත්‍ය වැං යී අඟහරුවාදා පැවසීය.

බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණියව අයින් කරන්න ආණ්ඩුවට අවශ්‍ය වුනා.. ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද යන්න ගැටළුවක්.. - නීතිඥ සංජීව වීරවික්‍රම

ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද? නැතිනම් අපරාධ නඩුවිධාන සංග්‍රහය යටතේ පොලිසිය මෙහෙයවනවා ද? යන්න බරපතළ ගැටළුවක් වී ඇති බව නීතිඥ සංජීව වීරවික්‍රම මහතා පවසයි.

බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර උච්ඡතම ස්ථානයකට පැමිණිලා.. ෂානක්කියන්ලා, සුමන්තිරන්ලාගෙන් බෞද්ධ උරුමය විනාශ කරන්න පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවටත් බලපෑම්.. දළදා පෙරහැරේ කරඬුව වඩම්මන ඇතුන්ටත් තහංචි වැටෙන ලකුණු!

වර්තමාන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව මෙරට බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර මාලාවේ උච්ඡතම ස්ථානයකට පැමිණ ඇති බවත්, පසුගිය කාලයේ යූටියුබ් සහ සමාජ මාධ්‍ය හරහා භික්ෂූන් වහන්සේලාට නින්දා අපහාස කිරීම මෙන්ම බුදුන් වහන්සේට පවා නින්දා අපහාස කරමින් ආගමික ඉගැන්වීම් පවා විකෘති කරමින් සිටින බවත් එහෙත් ඒ කිසිවකට එරෙහිව පියවර ගැනීම සිදුනොවන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමය විනාශ කිරීමට සැලසුම්සහගත ප්‍රහාරයක්.. පුරාවිද්‍යා වාර්තා වෙනස් කරන්න දෙමළ මන්ත්‍රීන්ගෙන් බලපෑම්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්..

වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව බෞද්ධ ශිෂ්ටාචාරයට සහ උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමයන්ට එරෙහිව සැලසුම්සහගත ප්‍රහාර මාලාවක් ක්‍රියාත්මක වන බවට ජාතික සංවිධාන එකමුතුව චෝදනා කරයි.

පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් දන්වයි..

දිගු කලක් පුරා කල් ගොස් ඇති පළාත් සභා මැතිවරණ "හැකි ඉක්මනින්" පවත්වන ලෙසත්, දෙමළ ජනතාවගේ අභිලාෂයන් ඉටුකිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අදාළ ප්‍රතිපාදන සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරන ලෙසත් ඉන්දියාව ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කළ බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි.

ඇමරිකානු - ඉරාන යුද්ධය අවසන් ද? - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්

අන්තර්ජාල නාලිකාවක් සමග විශේෂ සංවාදයකට එක්වෙමින් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පෙන්වා දෙන්නේ ඇමරිකාව සහ ඉරානය අතර දැනට පවතින ගැටුම්කාරී තත්ත්වය හුදෙක් කෙටිකාලීන යුද්ධයකට වඩා ගැඹුරු භූ-දේශපාලනික බලපෑම් මත පදනම් වූ සංකීර්ණ සෙවනැලි යුද්ධයක් බවයි.

'පාස්කු ප්‍රහාරය ගැන විමර්ශකයින් පත්කරලා තියෙන්නේ කතෝලික පල්ලියෙන්' - අතරමැදි පෙත්සම්කරුවෝ අධිකරණයට කියති..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සමට මැදිහත් වී කරුණු දක්වීම සඳහා ඉදිරිපත් කළ අතරමැදි පෙත්සම නිෂ්ප්‍රභ කරන ලෙස නීතිපතිවරයා අද (අගෝ: 04) අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

ගම්මන්පිල, විමල්, දිලිත් ඇතුළු හය දෙනෙක් අධිකරණයට අපහාස කිරීමේ ප්‍රකාශ ගැන අභියාචනාධිකරණයට දැනුම් ‍දීමට තීරණ කළා.. - කොටුව මහේස්ත්‍රාත්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන උදය ගම්මන්පිල, විමල් වීරවංශ, සහ අසංක නවරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර, සුගීෂ්වර බණ්ඩාර, මහින්ද පතිරණ යන පිරිස විසින් අධිකරණයට අපහාස වන අයුරින් මාධ්‍ය වෙත කරන ලද ප්‍රකාශ සම්බන්ධයෙන් අභියාචනාධිකරණයට දැනුම් දීමට තීරණය කරන බව කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා දැනුම් දෙන ලදී.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.