වී සහ සහල් කියන්නේ ද්‍රව්‍ය නොවේ, පද්ධති, සියලුම ජනාධිපතිවරු මේ කාරණයේදී ෆේල්- අරුණ කාන්ත බණ්ඩාර ජාතික සහල් කර්මාන්ත සම්මේලනයේ අනුශාසක,
ජාතික සහල් කර්මාන්ත සම්මේලනයේ අනුශාසක,අරුණ කාන්ත බණ්ඩාර මහතා දෙසැම්බර් 8 වන ඉරිදා දිවයින පුවත් පතට සම්මුඛ සාකච්ඡාව.
ඔබ මේ ගැටලුව ගැන දශක ගණනක් කතා කරන කෙනෙක්, ඔබ සහල් වෙනම දකින්නේ නෑ, ඒ ඇයි ?,
අරුණ කාන්ත බණ්ඩාර: වෙනම දකින්න බෑ! එය පද්ධතියක කොටසක්.
මොකක්ද පද්ධතිය ?
අරුණ කාන්ත බණ්ඩාර:වී නිෂ්පාදනය, සහල් කර්මාන්තය,වෙළෙඳපොල , නියාමන යාන්ත්‍රණය කියන කොටස් හතර. හාල් කියන්නෙ එකක් මේවාට වෙනම පවතින්න බෑ. එකක් කැඩුනොත් අනිත් තුනම වැටෙනවා. පද්ධතිය බිද වැටෙනවා. දැන් වෙලා තියෙන්නේ ඒකයි.
දැන් මොකක්ද බිඳ වැටී තියෙන්නේ ?
අරුණ කාන්ත බණ්ඩාර:හතරම එකවර වැටිලා.වී නිෂ්පාදනය අවුරුදු 35ක් එකම අගයේ, පස සහ බීජ අන්තිම දුර්වලයි. බුසල් 88 යි අක්කරයකට. පසුගිය දෙවසරේ 65 යි. ගොවියන්ගේ අදායම මාසයකට රු 4500 යි. ඒත් බුසල් 100 ක් අවොත්.කෘෂිකර්ම දෙපාර්තමේන්තුව රටේ අසාර්ථකම ආයතනය. මහා ජනතාවටත් බරක්.මේ කන්නයේ බොල් ප්‍රතිශතයත් ඉහලයි.ගුණාත්මක භාවය මුළුමනින්ම බිද වැටිලා.මධ්‍ය පරිමාණ සහල් කර්මාන්ත බිද වැටිලා දැන් අවුරුදු 12 ක්. ඔවුන් 1500 ක් විතර සති 3ක් වැඩ කරොත් මාසයකට ටොන් 240,000 (දෙලක්ෂ හතලිස් දාහක්) එනවා. සති තුනක් වැඩ කරේ නැත්නම් පාඩුයි.මහා පරිමාණ කර්මාන්තවලින් 60,000 ක් (හැටදාහක් ) එනවා , ඔක්කොම ලක්ෂ 3 පනිනවා. නමුත් පරිභෝජනය මාසයකට 210,000යි (දෙලක්ෂ ඩහ දාහයි ). ඉතින් කවුරු හරි වැහෙනවා ,ආණ්ඩුවට ප්‍රශ්නේ එනවා, සමාජ අර්බුදයත් එක්ක.වෙළඳ පොලේ මාසෙකට ටොන් ලක්ෂ තුනක් හාල් කන්න තරම් ඉල්ලුම නෑ.වී ගොවිතැන් කරන රටවල පාන් පිටි කන්නේ එක් පුද්ගලයෙකු කිලෝ 20 ට (විස්සට ට) අඩුවෙන් , අපි 50 ට වැඩියි , හාල් බත් විදියට හෝ අතුරු ආහාර විදියට එක් පුද්ගලයෙකු කිලෝ 150-200 අතර පරිභෝජනය කරනවා. ලංකාවේ අපි කිලෝ 110යි. එක්කෙනෙක් කිලෝ 50ක් පිටි වලට දීලා ඩොලර් පිටකරනවා ,ගොවියන්ගේ අදායම මාසයකට 10000 ක් විතර එතනිනුත් අඩුවෙලා. මධ්‍ය පරිමාණ සහල් කර්මාන්තවලින් සහ ගොවියන්ගෙන් පාඩුව පිටවෙලා .නියාමන යාන්ත්‍රණය මුළුමනින්ම අවුල්. පසු අස්වනු ආයතනය මිල හදන්නේ දවස් 300ක් වැඩ කරන පදනමින්, මාධ්‍ය පරිමාණයේ කර්මාන්ත වැඩ කරන්නේ දවස් 150 කට අඩුවෙන්. හදන මිල සුත්‍රයෙන් පොඩි මෝල් කෙලින්ම පාඩුයි. ඔවුන් දන්නේ නෑ. කීරි සම්බා මිල නියාමනය කරන්නේ නෑ.පාලන මිලට වඩා රු 100ක් උඩින් ප්‍රධාන කර්මාන්තකරුවන්ට විකුනන්නෙ දශක ගණනක් ඉඳලා. ඔවුන් උපක්‍රමශීලී ලෙස එම හිලෙන් රිංගලා එක කන්නයක කීරි සම්බා වී මිල උස්සනවා, එවිට ඊලග කන්නේ ගොවියෝ වැඩියෙන් වවනවා. මිල වැටෙනවා.ගබඩා කුණු කොල්ලයට පුරවා ගන්නවා. ඊ ලඟ කන්න දෙකේ කීරි සම්බා වී නෑ . නමුත් අධික මිලට හාල් විකුණනවා. නාඩු සහල් අඩු වී සමබරතාවය බිදෙනවා. දැන් උනේ ඒක .
මොකක්ද කරන්න ඕනේ,?
අරුණ කාන්ත බණ්ඩාර:පළමුවෙන්ම පවතින කුඹුරු සියල්ල වගා කර මෙට්‍රික් ටොන් ලක්ෂ 52 ඉලක්කයට 2025 අවුරුද්දේ ලඟ විය යුතුයි.දෙවනුව 80% යන්ත්‍ර ධාරිතාව ඇති මාධ්‍ය පරිමාණ සහල් කර්මාන්ත සදහා ණය ගෙවීමට වසර 2ක කාලයක් ලබාදී නැවත කාරක ප්‍රාග්ධනය ලබාදිය යුතුයි. නැති උනොත් යළි ඒකාධිකාරිය ගොඩනැගෙනවා. වී නිෂ්පාදන වැඩි විට මිලදී ගැනීමට අවශ්‍ය යාන්ත්‍රණය ප්‍රමාණවත් නොවී නිෂ්පාදන ක්‍රියාවලි පද්ධතිය බිද වැටෙනවා.තෙවනුව පාන්පිටි පරිභෝජනය කිලෝ ග්‍රෑම් 30කින් අඩුකර යුතුයි. එවිට සහල් පරිභෝජනය කිලෝ ග්‍රෑම් 40කින් ඉහල යනවා.අතුරු ආහාර නිෂ්පාදන පද්ධතිය යළි ක්‍රියාත්මක වෙනවා. වී ගොවියෙකුගේ අදායම මසකට අමතරව 10000 කින් පමණ ඉහල යනවා . ක්‍රියාත්මක නොවන සහල් කර්මාන්ත දහස් ගණනක් ක්‍රියාත්මක වෙනවා. ණය ගෙවනවා , අදායම් බදු භාණ්ඩාගාරයට ගෙවනවා , ග්‍රාමීය ආර්ථිකයේ මුදල් සංසරණය වේගවත් වෙනවා ,විශිෂ්ඨ තත්වයක්.සිව්වනුව වී කිලෝව රු 130ක් විය යුතුයි. එවිට ගොවියන්ට අක්කරයකින් මාසයකට රුපියල් 40000 ක් වත් එයි . එහෙම නැතුව බෑ .පසු අස්වනු තාක්ෂණික ආයතනය දින 175 ක වැඩ කරන කාලයකට අවුරුදු 2ක් සදහා සහල් පාලන මිලක් නිර්දේශ කල යුතුයි.එවිට සියලු සහල් කර්මාන්ත ක්‍රියාත්මක වෙනවා. ඒකාධිකාරියක් නෑ . වසර 2 කින් නැවත දින 300 ට නියම කර මිල අඩුකළ හැකියි.කැකුළු ,නාඩු, සම්බා ,කීරි සම්බා හතරම වසර පුරා පාලන මිල නියාමනය කල යුතුයි. එවිට කීරි සම්බා වැඩිවී නාඩු සහල් අඩු වෙන්නේ නෑ. නිෂ්පාදනයේ සමබරතාවය ආරක්ෂා වී මේ වගේ අර්බුද එන්නේ නෑ .
ජනතාවට වියදම් වැඩි නැද්ද ?
අරුණ කාන්ත බණ්ඩාර: රු 20 කින් මිල වැඩි උනොත් පස් දෙනෙක්ගේ පවුලකට රුපියල් 900 ක් මාසෙකට වැඩි වෙනවා . කොහෙත්ම ලොකු ප්‍රශ්නයක් නෙවෙයි. දැන් ඊටත් වඩා ගෙවනවානේ.
එවිට වතු කම්කරුවන්,?
අරුණ කාන්ත බණ්ඩාර:ඔවුන් 2013 වන විට බත් වලට පුරුදු වී සිටියා. 2007 පනවන ලද රු 12ක තිරිඟු බදු වලින් ඇතිවුණු වෙනස්කම් මත. තිරිගු බදු වසර 2ක් තුල ක්‍රම ක්‍රමයෙන් වැඩිකළ හැකියි. රු 60 ක බදුවලින් මහා භාණ්ඩාගාරයට වසරකට රුපියල් බිලියන 50 ක් පමණ අදායමක් එනවා. අවුරුදු දෙකකින් පසු බිලියන රු 80ක තත්වයට ගන්න පුළුවන්.
වතුකම්කරුවන්ගේ පඩිය රු 10000 කින් වැඩි කිරීමට අවශ්‍ය එයින් බිලියන 21 යි.ඉතුරු ටික භාණ්ඩාගාරයට .දැනුත් 5 දෙනෙකුගේ පවුලකට පාන් කෑවොත් රාත්තල් 3 ක් ඕන වේලකට.ඒක පාඩුයි . ගොවීන්ගේ ආර්ථිකය වෙනුවෙන් ආහාර පුරුදු වෙනස් විය යුතුයි.2013 දේශීය ආහාර රැල්ලත් එක්ක තිරිඟු ආනයනය භාගයකින් අඩුවුණා. ඩොලර් මිලියන 150ක් විතර ඉතුරු උනානේ, මතකද? හොඳම දේ පඩි වැඩි කිරීම වෙනුවට රජයේ සංචිත වලින් මාසෙකට හාල් මිටියක් වතු කම්කරු පවුලකට ලබා දීම .එවිට මුළු පද්ධතියම යාවත්කාලීන වෙනවා. කුඩා සහල් කර්මාන්ත ක්‍රියාත්මකවෙනවා.සුපිරි තත්වයක්.
සංචාරකයින්ට පාන් පිටි ඕනෙ නේද ?
අරුණ කාන්ත බණ්ඩාර:සංචාරකයින් වැඩියෙන්ම එන්නෙ තායිලන්තය, වියට්නාමය, වගේ රටවල් වලට. පාන් පිටි අඩුවෙන්ම කන රටවල්. කම්පුචියාවෙ අවුරුදකට කිලෝග්‍රෑම් 10 ටත් අඩුයි. ලාඕසයේ 5 ටත් අඩුයි. ඔවුන් වෙලන්ද ගිවිසුමකින් චීනයට කාබනික සහල් ටොන් මිලියනයක් යවනවා කිව්වොත් ඔබ පුදුම වෙයි.
වගා කරන්න මෙච්චර භූමියක් ඕනෙද ?
අරුණ කාන්ත බණ්ඩාර: කොහෙත්ම නෑ .වසර 3කින් ගොඩදාන්න පුළුවන්, අස්වැන්න වැඩි කරොත් භූමියෙන් කාලක් වාණිජ වගා සදහා යොදවන්න පුළුවන්.මෙච්චර වී ගොවීන් අවශ්‍යත් නෑ.
කොහොමද කරන්නේ, ?
අරුණ කාන්ත බණ්ඩාර:කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිල පර්යේෂණයක් තියෙනවා වසර 11ක් කරපු. වැඩිම සහ ගුණාත්මකම අස්වැන්න එන්නේ රසායනික පොහොර සමග 35% ක් කාබනික පොහොර යෙදෙව්වොත් . එවිට බොල් ප්‍රතිශතය ඉතා අඩුයි.ලංකාවේ තියෙන්නේ ලෝකේ තියෙන දුර්වලම පස.කෙමිකල් දානවා විතරයි.විනාශ කරලා. කඩිනමින් එය ආරම්භ කල යුතුයි. වසර 3කින් ගොඩගන්න පුළුවන්. 1990 කුකුළු මස් කර්මාන්තවල බලපෑමට නවත්වන ලද ගොවීන් කුඹුරුවල තාරාවෝ ඇතිකරන කුණ්ඩසාලේ ව්‍යාපෘතිය යළි ආරම්භ කළ හැකියි. අනෙක් රටවල ඒ ක්‍රමයෙන් අස්වැන්න 20%ක් වැඩිකරනවා .කෘමීන් තාරාවන් විසින් ආහාරයට ගන්නා නිසා රසායන වියදම අඩුයි. අදායම මස් නිපදවන කර්මාන්ත වලට විතරක් නෙවෙයි. සෘජුවම ගොවීන්ට. ලංකාවේ ඒ සදහා සියලු පාරිසරික සුදුසුකම් තියෙනවා. චීනයේ නම් කකුලුවො ගෝනි වලින් ගෙනත් හලනවා මම දැක තිබෙනවා. මම වී වගා කරන රටවල් කීපයකම ඇවිදලා තියෙනවා . ඒවායේ අමතර පද්ධති ගොඩයි. සියල්ලන්ටම ව්‍යාපාරික අවස්ථා. ඔවුන් සතුටින්.
එතරම් කාබනික ද්‍රව්‍ය තිබෙනවද ?
අරුණ කාන්ත බණ්ඩාර: පිදුරු ගිණි තැබීම නීතියෙන්ම නැවැත්විය යුතුයි. රට පුරා ඇති අංක එකේ කාබනික ද්‍රව්‍ය මානා පිදීමට පෙර ගවයින්ට දෙන විදියටම කපා කැබලි කරන කර්මාන්තය බිහි කල හැකියි.රටේ හෙක්ටෙයාර ලක්ෂ 4ක් මානා . වැඩේ කරොත් පාරවල් ශුද්ධ කරන්න ආණ්ඩුවට වියදම් යන්නේ නෑ. කතානායක තුමාගේ කාබනික ෆැක්ටෙරියට මානා කපන යන්ත්‍රය නිපදවුවෙත් මම. ගොවීන්ට ගොවි බිමේ නිපදවාගත නොහැකිනම් ගවයින් 50 ක් සිටින ගොවිපොලක දිනකට අක්කර 90 කට ජීව දියර පොහොර නිපදවන කර්මාන්තයක් ආරම්භ කල හැකියි. රටට අවශ්‍ය ඒ වාගේ 1500ක් විතර . බවුසර් මගින් බෙදාහරින්න පුළුවන් ගොවියන්ට. අලුත් කර්මාන්ත පද්ධතියක්. සේරම පද්ධති කියල කියන්නේ ඒ නිසයි.කොහොමත් රට ජාත්‍යන්තර බලශක්ති ආයතනයේ නිර්දේශවලට දැන්ම යොමු විය යුතුයි. පරිසර හිතකාමී නිෂ්පාදන මොඩලය සියලුම කර්මාන්තවලට ඉදිරියේදී අනිවාර්යයි. පස විප්ලවීය ලෙස සංවර්ධනය කල යුතුයි .නැත්නම් ජාතියම අමාරුවේ වැටෙනවා.
මේ ආණ්ඩුව කුමක් කරයිද ?
අරුණ කාන්ත බණ්ඩාර: මම මේ කාරණය ජනාධිපතිවරු 3 න් දෙනෙකුට කතා කර තිබෙනවා . පද්ධතිය එකවර අධ්‍යනය නොකර සමුපාකාර ක්‍රමය කරපු වැඩ පිළිවෙල අසමත්. පද්ධතියට එකවර ආමන්ත්‍රණය නොකරන ඕනෑම ආණ්ඩුවක් අමාරුවේ වැටෙනවා . මෙතෙක් සිටි සියලුම ජනාධිපතිවරු මේ කාරණයේදී ෆේල්.
සාකච්ඡා කලේ - මහසෙන් රත්නායක
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය දෙකට කරමින් මැදින් පාරක්.. අමරපුර නිකායේ දැඩි විරෝධය..
''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සම්බුද්ධ ශාසනයේ ප්‍රධාන අංගයක් වන පෙරහැර විකාරයක් බව අගමැතිනිය කියන්නේ කොහොමද?.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සවුදිය, තුර්කිය සහ පාකිස්ථානය 'නේටෝ' වැනි යුද සංවිධානයකට අවතීර්ණ වෙයි.. 'මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම' අත්සන් තබයි..
විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීමට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණය 2022 වසරේදී තීන්දු කරලා..
22වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කෙරේ..
වර්තමාන අර්බුද හමුවේ නාට්‍යකරුවන් අපේක්ෂාභංගත්වයට පත්වෙලා.. – නාට්‍යවේදී අඛිල සපුමල්
ලොවටම සහන සැලසූ චීනයේ ගෝලීය සංවර්ධන මුලපිරුමට වසර 5යි: ගෝලීය දකුණේ අනාගතය වෙනුවෙන් චීනයෙන් නව පොරොන්දුවක්..
බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණියව අයින් කරන්න ආණ්ඩුවට අවශ්‍ය වුනා.. ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද යන්න ගැටළුවක්.. - නීතිඥ සංජීව වීරවික්‍රම
බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර උච්ඡතම ස්ථානයකට පැමිණිලා.. ෂානක්කියන්ලා, සුමන්තිරන්ලාගෙන් බෞද්ධ උරුමය විනාශ කරන්න පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවටත් බලපෑම්.. දළදා පෙරහැරේ කරඬුව වඩම්මන ඇතුන්ටත් තහංචි වැටෙන ලකුණු!
මැගසින් බන්ධනාගාරය තුළ නොසන්සුන්තාවක්..
උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමය විනාශ කිරීමට සැලසුම්සහගත ප්‍රහාරයක්.. පුරාවිද්‍යා වාර්තා වෙනස් කරන්න දෙමළ මන්ත්‍රීන්ගෙන් බලපෑම්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්..
පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් දන්වයි..
ඇමරිකානු - ඉරාන යුද්ධය අවසන් ද? - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
'පාස්කු ප්‍රහාරය ගැන විමර්ශකයින් පත්කරලා තියෙන්නේ කතෝලික පල්ලියෙන්' - අතරමැදි පෙත්සම්කරුවෝ අධිකරණයට කියති..
ගම්මන්පිල, විමල්, දිලිත් ඇතුළු හය දෙනෙක් අධිකරණයට අපහාස කිරීමේ ප්‍රකාශ ගැන අභියාචනාධිකරණයට දැනුම් දීමට තීරණ කළා.. - කොටුව මහේස්ත්‍රාත්