News Category
From Date
To Date
Maximum Number of Result

රක්ෂිත බන්ධනාගාර ගත සිටි හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා දැඩි කොන්දේසි මත ඇප මත මුදාහැරීමට නියෝග කර තිබේ.

2025 ජූලි මස 14 වන දින වන විටත් වත්කම් සහ බැරකම් ප්‍රකාශ ඉදිරිපත් නොකළ රාජ්‍ය නිලධාරීන්ගෙන් අද දින සිට දඩ මුදල් අයකර ගැනීමට කටයුතු කරන ලෙස අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (CIABOC) විසින් සියලුම රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට දැනුම් දී ඇත.

අති උතුම් කාදිනල්තුමාගේ ඉල්ලීම පරිදි ආරක්ෂක අමාත්‍යංශයේ පොලිසියේ ඉහළ තනතුරුවලට පුද්ගලයන් දෙදෙනෙකු ලත්කළ බවට සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා විසින් සිදුකළ ප්‍රකාශය පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

ජ්‍යෙෂ්ඨ විදේශ සේවා වෘත්තීය සාමාජිකයෙකු වන එරික් මේයර්, දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු කාර්යාංශයේ ජ්‍යෙෂ්ඨ කාර්යාංශ නිලධාරියා වේ. ඇෆ්ගනිස්ථානය, බංග්ලාදේශය, භූතානය, ඉන්දියාව, කසකස්තානය, කිර්ගිස්තානය, මාලදිවයින, නේපාලය, පකිස්තානය, ශ්‍රී ලංකාව, ටජිකිස්තානය, ටර්ක්මෙනිස්තානය සහ උස්බෙකිස්තානය ඇතුළු දකුණු සහ මධ්‍යම ආසියාව පුරා කාර්යාංශය අධීක්ෂණය කිරීම සහ පරිපාලනයේ ප්‍රතිපත්ති ප්‍රමුඛතා සම්බන්ධීකරණය කිරීම සඳහා ඔහු වගකිව යුතු නිලධාරියාද වන්නේය.

ගුවන් යානයක් කඩා වැටීමෙන් පසු එංගලන්තයේ ලන්ඩන් නුවර සවුත්එන්ඩ් ගුවන්තොටුපොළ නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබේ.

තොරතුරු තාක්ෂණ ආයතනය (ICTA) ඇතුළු ආයතන රටේ තිබියදී ඩිජිටල් හැඳුනුම්පත සකස් කිරීම විදෙස් රටකට ලබාදීමෙන් මෙරටේ සියලු දත්ත එම රටට ලබාගැනීමේ හැකියාවක් ඇති බව එම ක්ෂේත්‍රයේ නිරත විද්වත්හු පවසති.

ඇමෙරිකාවේ “අන්‍යෝන්‍ය බදු” ක්‍රමය යටතේ පසුගිය අප්‍රේල් 2 වැනිදා මෙරටට පැනවීමට යෝජනා කළ සියයට 44 ක තීරු බද්ද අඩුකර ගැනීම සඳහා කළ සාකච්ඡාවලදී ශ්‍රී ලංකාව චීනය සමග කරන වෙළෙඳ කටයුතු යම්යම් සීමා කිරීම්වලට යටත් කිරීමට පියවර ගන්නා ලෙස ඇමෙරිකා බලධාරීන් යෝජනා කර ඇතත් මෙරට මධ්‍යස්ථ විදේශ ප්‍රතිපත්තිය හේතුවෙන් ශ්‍රී ලංකා බලධාරීන් එම යෝජනා ප්‍රතික්ෂේප කර ඇතැයි ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.‍

ජනාධිපති අනුර දිසානායක මහතා තම ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඇතුළත් ප්‍රමුඛ පොරොන්දු 22කින් එකක් ඉටුකර ඇතැයි වෙරිටේ රිසර්ච් ආයතනය පවසයි.

පසුගිය ජූනි මාසයේදී ඊශ්‍රායලය ඉරානයට ප්‍රහාර එල්ල කිරීමට ආරාම්භ කළ වහාම ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන්, පාර්ලිමේන්තු කථානායක මොහොමඩ් බගර් ගලිබාෆ් සහ අධිකරණ ප්‍රධානී ගෝලාම්-හොසේන් මොහ්සේනි-එජෙයි මෙන්ම අනෙකුත් ඉහළ ඉරාන ආරක්ෂක සහ හමුදා නිලධාරීන් යන රජයේ ශාඛා තුනේම ප්‍රධානීන් සහභාගී වූ සැසිය බටහිර ටෙහෙරානයේ පිහිටි ශක්තිමත් භූගත පහසුකමක පැවැත්විණි.


ප්‍රධාන පුවත්

ඉරානයට අත තියපු ඇමරිකාවට දැන් මොකද වෙලා තියෙන්නේ?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශයන්ගෙන් විශ්ලේෂණයක්

ප්‍රකට ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා යූටියුබ් නාලිකාවක් සමඟ පැවැති විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ඉරානය සහ ඇමරිකා එක්සත් ජනපදය අතර පවතින රාජ්‍යතාන්ත්‍රික හා හමුදාමය උණුසුම් තත්ත්වය පිළිබඳව දීර්ඝ වශයෙන් කරුණු පැහැදිලි කර ඇත.

22 සංශෝධනය ලබන 18 වැනිදා පාර්ලිමේන්තුවට..

මෙරට අධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීමේ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත එළැඹෙන 18 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පවසයි.

කන්නියා උණුවතුර ලිං පුරාවිද්‍යා භූමිය, චෛත්‍යය සංරක්ෂණය නැවතත් අත්හිටුවයි?..

ත්‍රිකුණාමලය ඓතිහාසික කන්නියා උණවතුර ළිං පුරාවිද්‍යා භූමියේ පිහිටි චෛත්‍ය සංරක්ෂණය කිරීම සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් ගනු ලබන උත්සාහයන්ට නැවතත් බාධා එල්ල වී ඇති බවත්, එම සංරක්ෂණ කටයුතු අත්හිටුවීමේ තත්ත්වයකට පත්ව ඇති බවත් ජාතික උරුම සුරැකීමේ මධ්‍යස්ථානය පවසයි.

අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට බලපාන කරුණුවලදී අවදානම් ගැනීම කිසිසේත්ම අනුමත කරන්න බැහැ.. - රජීව් අමරසූරිය

අධිකරණයේ ස්වාධීනත්වය යනු රටක පවතින උත්තරීතරම සංකල්පයක් බැවින්, ඒ සම්බන්ධයෙන් කිසිදු ආකාරයක අවදානමක් නොගත යුතු බව ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතා අවධාරණය කරයි.

කියුබානු විප්ලවයේ ශත සංවත්සරයට “ෆිදෙල්: උරුමය සහ අනාගතය” ජාත්‍යන්තර සමුළුව උත්කර්ෂවත්ව පවත්වයි.

අගෝස්තු මස 13 වනදාට යෙදෙන කියුබානු විප්ලවයේ නායක ෆිදෙල් කස්ත්‍රෝ රුස්ගේ 100 වැනි ජන්ම සංවත්සරයට සමගාමීව, ඔහුගේ චින්තනය, දේශපාලන දර්ශනය සහ උරුමය පිළිබඳ අවධානය යොමු කරන පළමු ජාත්‍යන්තර සමුළුව වන “ෆිදෙල්: උරුමය සහ අනාගතය” පසුගිය 10 වනදා කියුබාවේදී ආරම්භ විය.

LGBTQ+ සංකල්ප ඇතුළත් අධ්‍යාපන පැකේජය යළි පාසල් පද්ධතියට ඇතුළත් කරන්නට සූදානම් වන්නේ නම් ඊට එරෙහිව පාරට බහිනවා.. - ජාතික ගුරු ව්‍යාපාරය

වත්මන් රජය විසින් ක්‍රියාත්මක කිරීමට සැරසෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ දුෂ්කර පාසල්වල වැඩබලන විදුහල්පතිවරුන්ගේ දීමනා කපා හැරීමට ගෙන ඇති තීරණයට එරෙහිව ජාතික ගුරු ව්‍යාපාරය සිය දැඩි විරෝධය පළ කර සිටියි. බත්තරමුල්ල ජාතික නිදහස් පෙරමුණු කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම ව්‍යාපාරයේ ප්‍රධාන ලේකම් සඳුන් බණ්ඩාර බෝදරගම මහතා මේ බව සදහන් කළේය.

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම: ප්‍රශ්නය තියෙන්නෙ එක තැනක.. උත්තර දීල තියෙන්නේ වෙනත් තැනකට.. මේක වැරදියි.. - නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඊයේ(12) දින සිසුකළ සාකච්ඡාවෙන් පසුව අන්තර්ජාල නාලිකාවක් සමග පැවති සාකච්ඡාවකදී නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය මහතා පවසන්නේ, මෙම විශ්‍රම වයස දීර්ඝ කිරීම සම්බන්ධ ප්‍රශ්නය ඇත්තේ එක තැනක බවත් එහෙත් පිළිතුර ඇත්තේ තවත් තැනක බවත් ය.

කුච්චවේලි පිච්චමල් විහාරය අනතුරේ.. බෞද්ධ නටඹුන් විනාශයි..

කුච්චවේලි පිච්චමල් විහාරස්ථානයේ පිහිටි වසර 2300 කට වඩා පැරණි ඓතිහාසික බෞද්ධ නටඹුන් සහිත පූජනීය භූමිය විනාශ වීමේ අනතුරකට මුහුණ පා ඇති බව වාර්තා වේ.

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක්..

යෝජිත සංශෝධනය මඟින් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතල බලපෑමක් එල්ල වන බවත්, වත්මන් පද්ධතිය වැඩිදියුණු කිරීම සඳහා මෙය හදිසි අවශ්‍යතාවක් නොවන බවත් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඊයේ (12) ජනපති අනුර කුමාර දිසානායක හමුවී පෙන්වා දී තිබේ.

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය කනස්සල්ලෙන්..

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහාවන යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ, විනිසුරුවරුන්ගේ සහ නීතිඥයින්ගේ ස්වාධීනත්වය පිළිබඳ විශේෂ නියෝජිත මාග්‍රට් සැටර්ත්වයිට් කනස්සල්ල පළකර තිබේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.