දිට්වා සුළි කුණාටුවෙන් පසු ශ්‍රී ලංකාවට ලබා දුන් රුසියානු මානුෂීය ආධාර සන්ඩේ ඔබ්සවර් පුවත් පතට අමතක වෙලාද? ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය නිවේදනයක් මගින් ඉස්මතු කරයි
දිට්වා සුළි කුණාටුවෙන් පසු ශ්‍රී ලංකාවට ලැබුණු ජාත්‍යන්තර ආධාර පිළිබඳව මාධ්‍ය වාර්තාකරණයේදී රුසියානු මානුෂීය ආධාර නොසලකා හැරීම පිළිබඳව ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩුවේ තානාපති කාර්යාලය සිය අවධානය යොමු කර ඇති බව වාර්තාවේ.
අද (30) ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයක, ඊයේ (දෙසැම්බර් 28 ) "සන්ඩේ ඔබ්සර්වර්" පුවත් පතේ පලවූ ලිපියක් මගින්, ව්‍යසනයෙන් පසු ශ්‍රී ලංකාවට ලබා දුන් ජාත්‍යන්තර සහයෝගය සමාලෝචනය කර තිබෙන නමුත් රුසියාවෙන් ලැබුණු ආධාර සම්බන්ධයෙන් කිසිවක් සඳහන් කර නැති බව ඇවධාරණය කර තිබේ.
ශ්‍රි ලංකාවේ රුසියානු තානාපති කාර්යාලයට අනුව, දෙසැම්බර් 10 වන දින රුසියානු හදිසි අවස්ථා අමාත්‍යාංශය (EMERCOM) ශ්‍රී ලංකා බලධාරීන්ගේ නිල ඉල්ලීම්වලට ප්‍රතිචාර වශයෙන් ශ්‍රී ලංකාවට මානුෂීය ආධාර ටොන් 35 ක් ලබා දී තිබේ. ආපදා සහන මෙහෙයුම් සඳහා සහාය වීම සහ සුළි කුණාටුවෙන් පීඩාවට පත් ප්‍රජාවන්ට උපකාර කිරීම මෙම ආධාරයේ අරමුණ බවද ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය අවධාරණය කරයි.
දෙරට අතර දිගුකාලීන මිත්‍රශීලී සබඳතාවල ඇති ගැඹුරු බව තුළ සහ දේශපාලන කොන්දේසි නොමැතිව හවුල්කාර රාජ්‍යයන්ට මානුෂීය ආධාර ලබා දීමේ රුසියාවේ ප්‍රතිපත්තියට අනුකූලව ආධාර ලබා දුන් බව තානාපති කාර්යාලය සිය නිවේදනය මගින් අවධාරණය කර තිබේ.
එම මාධ්‍ය නිවේදනය මගින්, ජාත්‍යන්තර සහන කටයුතු ආවරණය කරන සමහර මාධ්‍ය ආයතන රුසියානු ආධාර පිළිබඳව සඳහන් නොකිරීම සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් ඉල්ලා සිටින අතර, සියලු දායකත්වයන් පිළිබඳ පුළුල් හා වෛෂයික වාර්තා කිරීම ජාත්‍යන්තර සබඳතාවල විනිවිදභාවය, විශ්වාසය සහ අන්‍යෝන්‍ය අවබෝධය ප්‍රවර්ධනය කිරීමට උපකාරී වන බවද පෙන්වා දෙයි.


මානුෂීය ආධාර රැගත් රුසියානු ගුවන් යානයක් දිවයිනට..
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා