හිටපු අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් මහනුවර මහාධිකරණය හමුවේ ගොනුකර තිබූ අධිචෝදනා පත්‍ර බලරහිත කරමින් අභියාචනාධිකරණය විසින් දී ඇති තීන්දුවක් බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන විශේෂ අභියාචනා පෙත්සමක් සලකා බැලීම සඳහා සැප්තැම්බර් මස 03 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.
ඉන්දියාවේ - මුම්බායිහි ආරක්ෂක නැව් තටාකයක් වන මැසගන් ඩොක් ෂිප්බිල්ඩර්ස් ලිමිටඩ්, ආයතනයට කොළඹ නැව් තටාකාංගන පෞද්ගලික සමාගමෙහි කොටස් සියයට 51ක් විකිණීමේ සහ නැගෙනහිර පර්යන්තය කළමනාකරණය කිරීම සඳහා සීමාසහිත නැගෙනහිර බහාලුම් පර්යන්ත(පුද්ගලික) සමාගම නමි සමාගමකට ලබාදීමේ ආණ්ඩුවේ උත්සාහයට එරෙහිව ජාතික සංවිධාන නියෝජිතයන් සහ වරාය වෘත්තීය සමිති නියෝජිතයන් ඊයේ දිනයේදී පුජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් හමුවී විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.
දැනට රට පුරා පවතින ඖෂධ සහ උපකරණ හිඟය හේතුවෙන් රෝගී සත්කාර සේවාවන්ට බලපෑම් ඇති වෙමින් පවතින බවත්, රෝහල් වලට ගුණාත්මක ඖෂධ අඛණ්ඩව සැපයීම රජයේත්, සෞඛ්‍ය අමාත්‍යංශයේත් අත්හල නොහැකි වගකීමක් වුවත් පැවති රජයන් සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ ක්‍රම වේද වල පවතින ආකර්‍යක්ෂමතාවයත් අඩුපාඩුත් නිසා දිගින් දිගටම එය හරියාකාරව සිදු නොවුණු අතර මේ වන විට පවතින රජයේ යටතේද මෙම ගැටලුව නැවතත් පැණ නැගි ඇති බවත් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසයි.
ප්‍රධාන පුවත්
ඉරානයට අත තියපු ඇමරිකාවට දැන් මොකද වෙලා තියෙන්නේ?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශයන්ගෙන් විශ්ලේෂණයක්
22 සංශෝධනය ලබන 18 වැනිදා පාර්ලිමේන්තුවට..
කන්නියා උණුවතුර ලිං පුරාවිද්‍යා භූමිය, චෛත්‍යය සංරක්ෂණය නැවතත් අත්හිටුවයි?..
අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට බලපාන කරුණුවලදී අවදානම් ගැනීම කිසිසේත්ම අනුමත කරන්න බැහැ.. - රජීව් අමරසූරිය
කියුබානු විප්ලවයේ ශත සංවත්සරයට “ෆිදෙල්: උරුමය සහ අනාගතය” ජාත්‍යන්තර සමුළුව උත්කර්ෂවත්ව පවත්වයි.
LGBTQ+ සංකල්ප ඇතුළත් අධ්‍යාපන පැකේජය යළි පාසල් පද්ධතියට ඇතුළත් කරන්නට සූදානම් වන්නේ නම් ඊට එරෙහිව පාරට බහිනවා.. - ජාතික ගුරු ව්‍යාපාරය
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම: ප්‍රශ්නය තියෙන්නෙ එක තැනක.. උත්තර දීල තියෙන්නේ වෙනත් තැනකට.. මේක වැරදියි.. - නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය
කුච්චවේලි පිච්චමල් විහාරය අනතුරේ.. බෞද්ධ නටඹුන් විනාශයි..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක්..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය කනස්සල්ලෙන්..