පිට රටින් ලාබෙට මැණික් ගල්..
දකුණු පළාත් මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.
මෙම අවස්ථාවට මෙරට මැණික් ව්‍යාපාරයේ නිරත විශාල පිරිසක් එක්ව සිටි අතර, එහිදී අමාත්‍යවරයා විසින් ක්ෂේත්‍රයේ ප්‍රගමනය උදෙසා රජය ගැනීමට අපේක්ෂිත තීරණ කිහිපයක් අනාවරණය කලේය.
අමාත්‍යවරයා සඳහන් කළේ නව රජයේ පළමු පියවරක් ලෙස ආනයනය කරන මැණික් සඳහා එක් පාර්සලයකට එක් බද්දක් පමණක් අය කිරීමට තීරණය කර ඇති බවයි.
මෙම ක්‍රමය යටතේ අදාළ මැණික් පාර්සලයේ අඩංගු මැණික් ප්‍රමාණය හෝ එහි වටිනාකම බදු අය කිරීම සඳහා පදනම් කර නොගන්නා බවත්, මැණික් මෙරටට ගෙන්වා ගැනීමේ ක්‍රියාවලිය උපරිමයෙන් පහසු කිරීම රජයේ අරමුණ බවත් ඔහු අවධාරණය පැවසීය.
ලෝකයේ ඕනෑම රටක මැණික් ප්‍රදර්ශනයකදී Ceylon Blue Sapphire සහ Ceylon Gem යන නාමයන්ට ඉහළම වටිනාකමක් ලැබෙන්නේ මෙරට ශිල්පීන් සතු මැණික් සඳහා අගය එකතු කිරීමේ සුවිශේෂී හැකියාව නිසා බව අමාත්‍යවරයා ප්‍රකාශ කලේය.
රළු මැණික් ගලකට නිසි වටිනාකම, හැඟීම සහ ගෞරවය ලබා දිය හැකි ශිල්පීය ඥානය ඇත්තේ මෙරට ජනතාවට බව ඔහු පෙන්වා දුන්නේය.
මෙතෙක් කල් මැණික් කර්මාන්තයේ ආදායම ලෙස රජය සලකා ඇත්තේ මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට ලැබෙන ගාස්තු වැනි දෑ වුවද, සැබෑ ආදායම ලැබිය යුත්තේ අගය එකතු කිරීමේ ක්‍රියාවලිය හරහා බව ඔහු වැඩිදුරටත් සඳහන් කලේය.
දැනට මැණික් ආනයනයේදී සහ අපනයනයේදී පවතින අධික බදු බර මැණික් කර්මාන්තයට බාධාවක් වී ඇති බැවින්, මෙම සහන හරහා මැණික් මෙරටට ගෙන්වා මෙරට ශිල්පීන් ලවා අගය එකතු කර ප්‍රතිඅපනයනය කිරීම මගින් රටේ ආදායම වැඩි කිරීමට රජය අපේක්ෂා කරන බවත් මෙම ක්‍රියාවලිය සරලව තේරුම් ගැනීමට කටු මැටි ගොඩක් මෙරටට ගෙන්වා, එයින් ඉතා වටිනා රූප අඹා ලෝකයට විකිණීම වැනි කටයුත්තක් බවත් පැවසූ ඔහු රජය උත්සාහ කරන්නේ මැටි ගොඩට බදු ගැසීමට නොව, ඒ හරහා නිර්මාණය වන වටිනා නිර්මාණයෙන් රටට ප්‍රතිලාභ ලබා ගැනීමට බවත් කියා සිටියේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..
ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ
ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..
"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..
අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි