News Category
From Date
To Date
Maximum Number of Result

පුද්ගලයින් 260 දෙනෙකුට මරු කැඳවමින් පසුගිය ජුනි මාසයේ ඉන්දියාවේ අහ්මදාබාද් සිදු වූ බිහිසුණු ගුවන් අනතුරට ප්‍රධාන හේතුව එන්ජින් සඳහා ඉන්ධන සැපයුම අක්‍රියවීම බව මූලික විමර්ශන වාර්තාවකින් හෙළි වී තිබේ.

ජ්‍යෙෂ්ඨ යුක්රේන බුද්ධි නිලධාරියෙකු 10 වනදා කියෙව්හිදී වෙඩි තබා ඝාතනය කරනු ලැබීය. නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පතට අනුව, මෙම පුද්ගලයා මීට පෙර CIA සංවිධානයට සම්බන්ධ විශේෂ මෙහෙයුම් ඒකකයක කොටසක සමාජිකයෙකු ලෙස කටයුතු කළ අයෙක් වූ අතර මෑතකදී යුක්රේන රුසියානු ගැටුමේදී "අළු කලාප" ලෙස යුද්ද ශබ්ධ කෝෂයේ හඳුන්වන මෙහෙයුම් වලට නායකත්වය ලබා දුන් අයෙකි.

දකුණු ආසියාවේ විශාලතම බදු වංචාව ලෙස සැළකෙන රුපියල් බිලියන 3.9 ‘වැට් බදු’ මුදල් වංචාව සිදුකළ විත්තිකාර ව්‍යපාරිකයකුට බරපතල වැඩ සහිත වසර 20ක සිරදඬුවම් හා දඩ නියම කරමින් කොළඹ මහාධිකරණය විසින් ලබාදුන් තීන්දුව අනුමත කරමින් අභියාචනාධිකරණය විසින් දුන් තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ තහවුරු කළේය.

මියන්මාරයේ බෞද්ධ ආරාමයකට එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් ළමුන් 4 දෙනෙකු ඇතුළුව පුද්ගලයින් 23 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ දේශීය සිසුන්ට අධ්‍යාපනය ලබා ගැනීමට අවස්ථාව අහිමි කිරීම මූලික අයිතිවාසිකම් උල්ලංඝනයක් බව තමන්ට අවබෝධ වූයේ පසුව බව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ කෞශල්‍යා ආරියරත්න පවසයි.

මාර්ග සංවර්ධන අධිකාරියේ පිරිසක් පැමිණ කිඹුලාවල පාර දෙපස ඇති කඩ ඉවත්කිරීමට උත්සාහ කිරීම නිසා එහි උණුසුම් තත්ත්වයක් ඇති වුණා.

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කකුණවෙල මහතා අද (ජූලි 11) දූෂණ කොමිෂන් සභාවට දන්වා සිටියේ, හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ongoing පරීක්ෂණයක සැකකරුවෙකු ලෙස නම් කර ඇති හෙයින්, ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණ වරෙන්තුවක් ලබාගැනීමේ අවශ්‍යතාවක් නොමැති බවයි.

පසුගිය ජූලි 9 වන බදාදා පැවති මාධ්‍ය හමුවකදී විශේෂඥයින් විසින් ප්‍රකාශයට පත් කරන ත්‍රස්තවාදී ක්‍රියාවලට සම්බන්ධ පුද්ගලයින්ගේ නම් ලැයිස්තුව කියුබාව යාවත්කාලීන කළේය.

රජය විසින් වාහන ආනයනය සඳහා වෙන් කරන ලද ඇමෙරිකානු ඩොලර් බිලියනයෙන් ඉතිරි කෝටි 20ක (මිලියන 200) මුදල බැංකු හරහා ලබා දීමේදී යම් කොන්දේසි හෝ සීමාවන් පැනවීමට තීරණය කළහොත් දේශීය වෙළෙඳපොළේ වාහන මිල වේගයෙන් ඉහළ යා හැකි බවට වාහන ආනයනකරුවන් අනතුරු අඟවයි.


ප්‍රධාන පුවත්

ඉරානයට අත තියපු ඇමරිකාවට දැන් මොකද වෙලා තියෙන්නේ?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශයන්ගෙන් විශ්ලේෂණයක්

ප්‍රකට ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා යූටියුබ් නාලිකාවක් සමඟ පැවැති විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ඉරානය සහ ඇමරිකා එක්සත් ජනපදය අතර පවතින රාජ්‍යතාන්ත්‍රික හා හමුදාමය උණුසුම් තත්ත්වය පිළිබඳව දීර්ඝ වශයෙන් කරුණු පැහැදිලි කර ඇත.

22 සංශෝධනය ලබන 18 වැනිදා පාර්ලිමේන්තුවට..

මෙරට අධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීමේ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත එළැඹෙන 18 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පවසයි.

කන්නියා උණුවතුර ලිං පුරාවිද්‍යා භූමිය, චෛත්‍යය සංරක්ෂණය නැවතත් අත්හිටුවයි?..

ත්‍රිකුණාමලය ඓතිහාසික කන්නියා උණවතුර ළිං පුරාවිද්‍යා භූමියේ පිහිටි චෛත්‍ය සංරක්ෂණය කිරීම සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් ගනු ලබන උත්සාහයන්ට නැවතත් බාධා එල්ල වී ඇති බවත්, එම සංරක්ෂණ කටයුතු අත්හිටුවීමේ තත්ත්වයකට පත්ව ඇති බවත් ජාතික උරුම සුරැකීමේ මධ්‍යස්ථානය පවසයි.

අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට බලපාන කරුණුවලදී අවදානම් ගැනීම කිසිසේත්ම අනුමත කරන්න බැහැ.. - රජීව් අමරසූරිය

අධිකරණයේ ස්වාධීනත්වය යනු රටක පවතින උත්තරීතරම සංකල්පයක් බැවින්, ඒ සම්බන්ධයෙන් කිසිදු ආකාරයක අවදානමක් නොගත යුතු බව ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතා අවධාරණය කරයි.

කියුබානු විප්ලවයේ ශත සංවත්සරයට “ෆිදෙල්: උරුමය සහ අනාගතය” ජාත්‍යන්තර සමුළුව උත්කර්ෂවත්ව පවත්වයි.

අගෝස්තු මස 13 වනදාට යෙදෙන කියුබානු විප්ලවයේ නායක ෆිදෙල් කස්ත්‍රෝ රුස්ගේ 100 වැනි ජන්ම සංවත්සරයට සමගාමීව, ඔහුගේ චින්තනය, දේශපාලන දර්ශනය සහ උරුමය පිළිබඳ අවධානය යොමු කරන පළමු ජාත්‍යන්තර සමුළුව වන “ෆිදෙල්: උරුමය සහ අනාගතය” පසුගිය 10 වනදා කියුබාවේදී ආරම්භ විය.

LGBTQ+ සංකල්ප ඇතුළත් අධ්‍යාපන පැකේජය යළි පාසල් පද්ධතියට ඇතුළත් කරන්නට සූදානම් වන්නේ නම් ඊට එරෙහිව පාරට බහිනවා.. - ජාතික ගුරු ව්‍යාපාරය

වත්මන් රජය විසින් ක්‍රියාත්මක කිරීමට සැරසෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ දුෂ්කර පාසල්වල වැඩබලන විදුහල්පතිවරුන්ගේ දීමනා කපා හැරීමට ගෙන ඇති තීරණයට එරෙහිව ජාතික ගුරු ව්‍යාපාරය සිය දැඩි විරෝධය පළ කර සිටියි. බත්තරමුල්ල ජාතික නිදහස් පෙරමුණු කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම ව්‍යාපාරයේ ප්‍රධාන ලේකම් සඳුන් බණ්ඩාර බෝදරගම මහතා මේ බව සදහන් කළේය.

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම: ප්‍රශ්නය තියෙන්නෙ එක තැනක.. උත්තර දීල තියෙන්නේ වෙනත් තැනකට.. මේක වැරදියි.. - නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඊයේ(12) දින සිසුකළ සාකච්ඡාවෙන් පසුව අන්තර්ජාල නාලිකාවක් සමග පැවති සාකච්ඡාවකදී නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය මහතා පවසන්නේ, මෙම විශ්‍රම වයස දීර්ඝ කිරීම සම්බන්ධ ප්‍රශ්නය ඇත්තේ එක තැනක බවත් එහෙත් පිළිතුර ඇත්තේ තවත් තැනක බවත් ය.

කුච්චවේලි පිච්චමල් විහාරය අනතුරේ.. බෞද්ධ නටඹුන් විනාශයි..

කුච්චවේලි පිච්චමල් විහාරස්ථානයේ පිහිටි වසර 2300 කට වඩා පැරණි ඓතිහාසික බෞද්ධ නටඹුන් සහිත පූජනීය භූමිය විනාශ වීමේ අනතුරකට මුහුණ පා ඇති බව වාර්තා වේ.

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක්..

යෝජිත සංශෝධනය මඟින් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතල බලපෑමක් එල්ල වන බවත්, වත්මන් පද්ධතිය වැඩිදියුණු කිරීම සඳහා මෙය හදිසි අවශ්‍යතාවක් නොවන බවත් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඊයේ (12) ජනපති අනුර කුමාර දිසානායක හමුවී පෙන්වා දී තිබේ.

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය කනස්සල්ලෙන්..

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහාවන යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ, විනිසුරුවරුන්ගේ සහ නීතිඥයින්ගේ ස්වාධීනත්වය පිළිබඳ විශේෂ නියෝජිත මාග්‍රට් සැටර්ත්වයිට් කනස්සල්ල පළකර තිබේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.