News Category
From Date
To Date
Maximum Number of Result

ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අද මාධ්‍ය හමුවක් පවත්වමින්, පොලිස් පරීක්ෂණයකට අදාළව තමන් දුන් ප්‍රකාශයක් විකෘති කර හෝ නොකර ප්‍රසිද්ධියට පත් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසියට සහ එහි ක්‍රියාකාරීත්වයට දැඩි විවේචනයක් එල්ල කළේය.

රනිල් වික්‍රමසිංහ මහතාගේ 2002 යළි පුබුදමු ශ්‍රී ලංකා වැඩසටහන යටතේ සමාගම් කිහිපයකට කැඩීමේ ප්‍රමුඛතා ලැයිස්තුවේ ඉහළින්ම ලංකා විදුලි බල මණ්ඩලය තිබූ බවත්, එහෙත් විදුලි බල මණ්ඩල පනත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සරත් එන්. සිල්වා මහතා ලබාදුන් ප්‍රබල තීන්දුවත් සමග පනත අකුලා ගැනීමට සිදුවූ බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

2025 නොබෙල් සාම ත්‍යාගය වෙනිසියුලාවේ විපක්ෂයේ ප්‍රමුඛතම මුහුණුවලින් එකක් වන මාරියා කොරිනා මචාඩෝට හිමි වී තිබේ. නොබෙල් සාම කමිටුවේ භාෂාව සුපුරුදු පරිදි "අයිතිවාසිකම්," "සාමකාමී සංක්‍රාන්තිය" වන නමුත් එහි පිටුපස ඇති කතාව එසේ නොවේ.

ලංකාවේ දෙවන විශාලතම සීනි කර්මාන්ත ශාලාව වන සෙවනගල සීනි කර්මාන්ත ශාලාව ඉන්දියානු සමාගමකට පැවරීම සඳහා කර්මාන්ත පුනරුදයක් ගැන පාරම්බෑ මාලිමා ආණ්ඩුව තම තීරණය ඊයේ දිනයේ ප්‍රකාශයට පත්කළ බවත්, චතුරංග අබේසිංහ නියෝජ්‍ය ඇමතිවරයා පාර්ලිමේන්තුවේ දී මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදුකළ බවත්, ජාතික ගොවි ව්‍යාපාරයේ ජාතික සංවිධායක කරුණාතිලක හේරත් මහතා පවසයි.

ලබන මස සිට චීනයෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා අමතර 100%ක තීරු බද්දක් පැනවීමට ඇමරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කළේය.

පසුගිය සැප්තැම්බර් 8 වැනිදා ජිනීවා මානව හිමිකම් කාර්යාලය හරහා ලංකාව සම්බන්ධයෙන් අලුත් යෝජනාවක් ඉදිරිපත් වූ බවත්, මෙම යෝජනාව ඡන්ද විමසීමකින් තොරව සම්මත වූ බවත්, මෙරට විදේශ අමාත්‍යවරයා ජාත්‍යන්තරය සමග ගැටීමකට නොයෑම සඳහා එම යෝජනාවට ඡන්දයක් ඉල්ලා නොසිටි බව පවසන බවත්, එය අසත්‍ය හා ධීන ප්‍රකාශයක් බවත් හිටපු නැගෙනහිර පළාත් ආණ්ඩුකාර, සර්වජන බලය පක්ෂයේ උප සභාපතිනී අනුරාධා යහම්පත් මහත්මිය පවසයි.

විදුලි ගාස්තු සංශෝධනයට අදාළව කොමිසමේ අවසන් තීරණය මේ මස 14 වන අඟහරුවාදා ප්‍රකාශය කිරීමට නියමිත බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.

විදුලි බිල 10%කින් අඩු කිරීමට හැකියාව පවතිද්දී 6.8%කින් මිල ඉහළ දැමීමට කටයුතු කළහොත්, ඊට එරෙහිව, මානව හිමිකම් කොමිසමට පැමිණිලි කර අධිකරණ ක්‍රියාමාර්ග වෙතද පිවිසෙන බවට විදුලි වෘත්තීය සමිති රජයට අනතුරු අඟවයි.

අමාත්‍ය මණ්ඩල සංශෝධනය පිළිබද පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා සිය පක්‍ෂ මූලස්ථානයේදී මෙම අදහස් පල කලේය


ප්‍රධාන පුවත්

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු පරිච්ඡෙදය රට බවත්, දෙවන පරිච්චේඡද ආගම නොව බුද්ධාගම බවත්, මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ පවති.

මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ

මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කිරීමට නොයන ලෙසත්, ජනාධිපතිවරයා උතුරට ගොස් 'කිසිම ජාතිවාදයකට නැගිටින්න දෙන්නේ නෑ' යැයි පවසන බවත්, එසේ නම් උතුරේ නැගිටින දෙමළ ජාතිවාදය ද නතර කළ යුතු බවත් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..

මෙරට පෞද්ගලික ඉන්ධන සමාගම් සතුව දැනට මාසයකට ප්‍රමාණවත් ඉන්ධන තොග පවතින බැවින් ක්ෂණික ඉන්ධන හිඟයක් ඇතිවීමේ අවදානමක් නොමැති බවත්, එහෙත්, දිගින් දිගටම පාඩු ලබමින් ඉන්ධන අලෙවි කිරීමට සිදුවීම හේතුවෙන් ඉදිරි මාසවලදී අඛණ්ඩ ඉන්ධන සැපයුම පවත්වාගෙන යෑම සඳහා රජය පැහැදිලි උපායමාර්ගික සැලැස්මක් ඉදිරිපත් කළ යුතු බවත් ඉන්ධන ක්ෂේත්‍රයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පවසයි.

තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ දැනට ක්‍රියාත්මක වන වැඩසටහන මඟින් සාර්ථකව අත්පත් කරගත් ආර්ථික ස්ථායීතාව අඛණ්ඩව ආරක්ෂා කරගනිමින්, රටේ ඉදිරි ආර්ථික වර්ධනය තවදුරටත් වේගවත් කිරීම උදෙසා ඉදිරියේදී තවත් නව එකඟතාවකට එළඹීමට රජය සූදානම් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.

ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..

මහා සංඝරත්නයට පහරදීමේ ද්වේෂ සහගත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙමින් පවතින පසුබිමක දේශප්‍රේමී සිංහල නායකයින්ද සිරගත කිරීමේ කුමන්ත්‍රණයක්ද පවතින බව හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා අනාවරණ කරයි.

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..

ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය බන්ධනාගාරයේ දී ඉවත්කොට අධිකරණයට ගෙන ඒම සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ඇතුළු වගඋත්තරකරුවන් 10 දෙනෙකුට එරෙහිව බ්‍රිගේඩියර්(විශ්‍රාමික) අතුල හේමචන්ද්‍ර ද සිල්වා මහතා අභියාචනාධිකරණයේ නඩු අංක CA/WRIT/787/2026 යටතේ අද දින (2026.10.12) නඩුවක් ගොනුකර තිබේ.

චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..

චීන–ලාඕස දුම්රිය මාර්ගය ඔස්සේ සිදුකර ඇති සමස්ත වෙළෙඳ ගනුදෙනුවල වටිනාකම යුවාන් බිලියන 100 (ඇමෙරිකානු ඩොලර් බිලියන 14.9ක් පමණ) ඉක්මවා ගොස් තිබේ. එම මාර්ගය හරහා මේ වන විට ආනයන හා අපනයන භාණ්ඩ ටොන් මිලියන 20.77කට අධික ප්‍රමාණයක් ප්‍රවාහනය කර ඇති බව වාර්තා වේ.

ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹීමේ ආදර්ශය අනුගමනය කරමින් රුසියාව සමඟ ආර්ථික සබඳතා යළි ස්ථාපිත කරන ලෙස ජර්මනියේ විපක්ෂ දේශපාලන පක්ෂ දෙකක් ඉල්ලා ඇතැයි වාර්තාවේ.

රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්

රුසියාව සහ යුක්‍රේනය අතර වහාම ක්‍රියාත්මක වන පරිදි බලශක්ති ඉලක්ක වෙත එල්ල කරන ප්‍රහාර අත්හිටුවීමේ එකඟතාවක් ඇති කරගෙන තිබෙන බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)

ඊයේ(11) දිනයේ උතුරු නේපාලයට බලපෑ හදිසි මහා ගංවතුර හේතුවෙන් නිවාස හා පාලම් රැසක් ගසාගෙන ගොස් ඇති අතර, පුද්ගලයන් පස්දෙනකුට අධික පිරිසක් අතුරුදන්ව සිටින බව වාර්තා වේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.