නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට සඟ සමුළුවේ දැඩි විරෝධය..
යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම හරහා රටේ දරු පරපුරත්, වත්මන් ආණ්ඩුවත් යන දෙකම විනාශ වන බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ පවසති.
උන්වහන්සේ මේ බව සඳහන් කළේ කොළඹ අද පැවති සඟ සමුළුවකට එක්වෙමින්ය.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල අරමුණු පිළිබඳ පැහැදිලි කිරීම සඳහා සංවිධාන කළ සඟ සමුළුවක් කොළඹ පදනම් ආයතනයේදී අද (29) පස්වරුවේ පැවැත්වුණි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ,
"ජේ.ආර් ජයවර්ධන කියලා කියන්නේ අපේ කාලයේ අපි දැක්ක ආඥාදායකයා. කවුරු කොහොම කිව්වත් මේක ක්‍රියාත්මක කරනවා කරනවාමයි කියලා ජේ ආර්වත් කිව්වේ නැහැ. ජේ.ආර්. ගේ බෑණ වන රනිල් වික්‍රමසිංහ මහත්තයාවත් එහෙම කිව්වේ නැහැ. දැන් මෙම අවස්ථාවේදී කිසිම කෙනෙකුට කුමන ආකාරයක හෝ අදහස් ඉදිරිපත් කිරීමක් කරන්න අවස්ථාවක් නෑ. ඒවා දැන් ගුරු පුහුණු ආරම්භ කිරීම් කරලා තියෙනවා. පුහුණු වෙන ගුරුවරුන්ගේ අදහස්වත් සලකා බලන්නේ නැහැ. උඩින් ඇවිත් තියෙන යෝජනාව අනිවාර්යෙන්ම පිළිපැදිය යුතුයි කියලා කියන තැනකට ඇවිදිල්ලා තමයි තියෙන්නේ."
"ඒ හින්දා තමයි අපි මේක කියන්නේ මේ දීර්ඝ සාකච්ඡාවක් අවශ්‍යයි. විෂය ප්‍රවීණයන්ගේ අදහස් අවශ්‍යයි. අත්දැකීම් බර ප් රජාවකගේ අදහස් අවශ්‍යයි. අනිත් එක මේ රට අද වෙනකොට මුහුණ දෙමින් සිටින්න දැවැන්තම අර්බුදය මේ අධ්‍යාපනයේ විෂය නිර්දේශය වෙනස් කිරීමද? වෙනස් කරනවා නම් වෙනස් කරන්න ඕන කරන්නේ මේ විදියටද? ඒ හින්දා ප්‍රශ්න ගොන්නක්. තේරෙන සිංහලෙන් කිව්වොත් අතීසාරයට අමඩේ ගහනවා වගේ. රවුම් මූඩියක් ගහන්න හදන්නේ හතරැස් බෝතලයකට. මේක හරියට ක්‍රියාත්මක වෙන්න ගියොත් අනාගත දරුවා විනාශ වෙනවා. දෙක මේ ආණ්ඩුව විනාශ වෙනවා. අගමැතිතුමිය කරන්න හදන්නේ. ආන් ඒක."
- අද දෙරණ
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්