News Category
From Date
To Date
Maximum Number of Result

මෙරට විවිධ ලිංගික දිශානතීන් ප්‍රවර්ධනය කිරීමේ වැඩපිළිවෙලක් දියත්වන බවත්, එය ඉතාම අවාසනාවන්ත කාරණයක් වන බවත් හිටපු අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

කැබිනට් අමාත්‍යවරුන් හා නියෝජ්‍ය අමාත්‍යවරුන් ලෙස තනතුරු භාර ගැනීමෙන් පසුව ද යම් කාල පරිච්ඡේදයක් සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හිමි ඉන්ධන දීමනාව ලබාගෙන ඇති බව අනාවරණය විය.

ශ්‍රී ලංකාවේ අනාගතය තීරණය කරන වැදගත් නඩුවක් අද (17) දිනයේදී විභාගයට ගැනීමට නියමිතව තිබේ.

රටේ ගෑස්, ඉන්ධන නැති වූ විට අරගලයක් කළ ජනතාව තමන්ට ජිවත්වීමේ අයිතිය ලබාදුන් රණවිරුවන් ජාත්‍යන්තර යුද අධිකරණයට යොමුකරන විට නිශ්ශබ්දව සිටීම අපේ ජාතියට කරනු ලබන අවමානයක් බව හිටපු ඇමැති සරත් වීරසේකර මහතා පැවසීය. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ ඊයේ (16 දා) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික බිඳවැටීම තවදුරටත් උග්‍ර වීමට දීර්ඝකාලීන බදු ප්‍රතිපත්තිමය අසාර්ථකත්වය ප්‍රධාන හේතුවක් වී ඇති බවත්, එමඟින් පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම්, විශේෂයෙන් අධ්‍යාපනය ලැබීමේ අයිතිය උල්ලංඝනය වී ඇති බවත් හියුමන් රයිට්ස් වොච් (Human Rights Watch – HRW) සංවිධානය සිය නවතම වාර්තාව මගින් අවධාරණය කර සිටී.

හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගේතැන්න මහතා පුනරීන් හිදී එල්.ටී.ටී.ඊ ත්‍රස්ත ප්‍රහාරයකින් තුවාල ලබා යන්තම් ජීවිතය බේරාගත් නිලධාරියෙක් බවත්, ඔහු නාවික හමුදා බුද්ධි අංශයේ ප්‍රධානියාව සිටි බවත් වරුණ රාජපක්ෂ මහතා පවසයි.

සමූපකාර ඡන්දය සඳහා සහභාගී වන්නේ සමස්ත බල ප්‍රදේශයක ජනතාවගෙන් ඉතාම සුළු පිරිසක් බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ පවසයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම්.ඒකකය මගින් තත්වයෙන් අසමත් ඖෂධ ශල්‍ය ද්‍රව්‍ය සහ රසායනික ද්‍රව්‍ය අපහරණය කිරීම වෙනුවෙන් 2023,2024 වර්ෂ වලදී පිළිවෙලින් රැපියල් 109 756 890 ක් සහ රැපියල් 13 487 006 ඇතුළුව රුපියල් 123 243 896 ක් මුදලක් පුද්ගලික සමාගමක් වෙත ගෙවා ඇති බව ජාතික විඳින කාර්යාලයෙන් නිකුත් කළ නවතම විගණන වාර්තාව අනුව හෙලිව ඇතැයි වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සඳහනේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පවසයි.

පසුගිය 14 වනදා දේශප්‍රේමි ජාතික ව්‍යාපාරය සහ ත්‍රෛනිකායික භික්‍ෂු පෙරමුණෙහි නායකත්වයෙන් බංග්ලාදේශයේ චිතගොංහි බෞද්ධ සහ හින්දු ජනතාවට එල්ල වන ම්ලේච්ඡ මුස්ලිම් අන්තවාදී ප්‍රහාරවලට එරෙහිව ශ්‍රී ලංකාවේ වැඩ වාසය කරන බංග්ලාදේශ, මියන්මාර, තායිලන්ත සහ කාම්බෝජ ඇතුළු රටවල්වල භික්ෂූන් වහන්සේලාගේ මූලිකත්වයෙන් කොළඹ 7 සම්බුද්ධත්ව මහා විහාරයේ සිට බංගලාදේශ මහකොමසාරිස් කාර්යාලය දක්වා සාමකාමී විරෝධතා පා ගමනක් ගමන් ගත්හ.


ප්‍රධාන පුවත්

මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ

මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කිරීමට නොයන ලෙසත්, ජනාධිපතිවරයා උතුරට ගොස් 'කිසිම ජාතිවාදයකට නැගිටින්න දෙන්නේ නෑ' යැයි පවසන බවත්, එසේ නම් උතුරේ නැගිටින දෙමළ ජාතිවාදය ද නතර කළ යුතු බවත් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..

මෙරට පෞද්ගලික ඉන්ධන සමාගම් සතුව දැනට මාසයකට ප්‍රමාණවත් ඉන්ධන තොග පවතින බැවින් ක්ෂණික ඉන්ධන හිඟයක් ඇතිවීමේ අවදානමක් නොමැති බවත්, එහෙත්, දිගින් දිගටම පාඩු ලබමින් ඉන්ධන අලෙවි කිරීමට සිදුවීම හේතුවෙන් ඉදිරි මාසවලදී අඛණ්ඩ ඉන්ධන සැපයුම පවත්වාගෙන යෑම සඳහා රජය පැහැදිලි උපායමාර්ගික සැලැස්මක් ඉදිරිපත් කළ යුතු බවත් ඉන්ධන ක්ෂේත්‍රයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පවසයි.

තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ දැනට ක්‍රියාත්මක වන වැඩසටහන මඟින් සාර්ථකව අත්පත් කරගත් ආර්ථික ස්ථායීතාව අඛණ්ඩව ආරක්ෂා කරගනිමින්, රටේ ඉදිරි ආර්ථික වර්ධනය තවදුරටත් වේගවත් කිරීම උදෙසා ඉදිරියේදී තවත් නව එකඟතාවකට එළඹීමට රජය සූදානම් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.

ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..

මහා සංඝරත්නයට පහරදීමේ ද්වේෂ සහගත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙමින් පවතින පසුබිමක දේශප්‍රේමී සිංහල නායකයින්ද සිරගත කිරීමේ කුමන්ත්‍රණයක්ද පවතින බව හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා අනාවරණ කරයි.

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..

ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය බන්ධනාගාරයේ දී ඉවත්කොට අධිකරණයට ගෙන ඒම සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ඇතුළු වගඋත්තරකරුවන් 10 දෙනෙකුට එරෙහිව බ්‍රිගේඩියර්(විශ්‍රාමික) අතුල හේමචන්ද්‍ර ද සිල්වා මහතා අභියාචනාධිකරණයේ නඩු අංක CA/WRIT/787/2026 යටතේ අද දින (2026.10.12) නඩුවක් ගොනුකර තිබේ.

චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..

චීන–ලාඕස දුම්රිය මාර්ගය ඔස්සේ සිදුකර ඇති සමස්ත වෙළෙඳ ගනුදෙනුවල වටිනාකම යුවාන් බිලියන 100 (ඇමෙරිකානු ඩොලර් බිලියන 14.9ක් පමණ) ඉක්මවා ගොස් තිබේ. එම මාර්ගය හරහා මේ වන විට ආනයන හා අපනයන භාණ්ඩ ටොන් මිලියන 20.77කට අධික ප්‍රමාණයක් ප්‍රවාහනය කර ඇති බව වාර්තා වේ.

ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹීමේ ආදර්ශය අනුගමනය කරමින් රුසියාව සමඟ ආර්ථික සබඳතා යළි ස්ථාපිත කරන ලෙස ජර්මනියේ විපක්ෂ දේශපාලන පක්ෂ දෙකක් ඉල්ලා ඇතැයි වාර්තාවේ.

රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්

රුසියාව සහ යුක්‍රේනය අතර වහාම ක්‍රියාත්මක වන පරිදි බලශක්ති ඉලක්ක වෙත එල්ල කරන ප්‍රහාර අත්හිටුවීමේ එකඟතාවක් ඇති කරගෙන තිබෙන බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)

ඊයේ(11) දිනයේ උතුරු නේපාලයට බලපෑ හදිසි මහා ගංවතුර හේතුවෙන් නිවාස හා පාලම් රැසක් ගසාගෙන ගොස් ඇති අතර, පුද්ගලයන් පස්දෙනකුට අධික පිරිසක් අතුරුදන්ව සිටින බව වාර්තා වේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.