News Category
From Date
To Date
Maximum Number of Result

ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීමට කැපවන බවට, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 92 දෙනෙකු තහවුරු කර ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ රනිල් වික්‍රමසිංහ මහතාට සහය නොදැක්වීම දුර්වල රනිල් වික්‍රමසිංහ මහතා ශක්තිමත් කිරීම සදහා සිදුකරණ ලද ක්‍රියාවක් දැයි සැක මතුවන බව පිවිතුරු හෙළ උරුමය නායක සර්වජන බලය විධායක සභික නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

එක්සත් ජනපදය එහි ජාතික ණය ප්‍රමානය ඩොලර් ට්‍රිලියන 35 ඉක්මවීමත් සමඟ “තවත් සැක සහිත සන්ධිස්ථානයකට” ළඟා වී ඇති බව එක්සත් ජනපද මන්ත්‍රණ සභාවේ අයවැය කමිටුව ඊයේ(29) නිවේදනය කළේය.

චීනයේ ඩොලර් මිලියන 209ක අරමුදල් සහිතව ඉදිකරන ලද මත්තල රාජපක්ෂ අන්තර්ජාතික ගුවන් තොටුපළ කළමනාකරණය කිරීම සඳහා වසර 30කට කොන්ත්‍රාත් දීම වෙනුවෙන් ඉන්දියාවේ Shaurya Aeronautics Pvt Ltd සහ රුසියාවේ Airports of Regions Management Company of Russia යන සමාගම්වලට පැවරීමට ශ්‍රී ලංකාව කටයුතු කරමින් සිටී.

එළැඹෙන ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් කමිටුව තීරණය කර ඇති බව වාර්තා වේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර මත ගැටුමක් පවතින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ජී.එල්. පීරිස් මහතා පවසයි.

ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා, ත්‍රෛනිකායික මහනාහිමිවරුන් වෙත දීර්ඝ ලිපියක් යොමු කරමින්, වත්මන් වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් න්‍යාය පත්‍ර 05ක් යටතේ සිදුකරමින් සිටින, ශ්‍රී ලංකා රාජ්‍යය විදේශ ආධිපත්‍යයට යටත් කිරීමේ මහා සැලැස්ම පරාජය කිරීම සඳහා මැදිහත් වන ලෙස ගෞරව පූර්වකව ඉල්ලා සිටියි.

රාජ්‍ය ඖෂධ සංස්ථාව ඉන්දියානු සමාගමකට විකුණා දැමීම සඳහා කැබිනට් පත්‍රිකාවක් සකස් වෙමින් පවතින බව, වෛද්‍ය සහ සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සංධානය තොරතුරු අනාවරණය කරයි.

එළැඹෙන ජනාධිපතිවරණය සඳහා මෙතෙක් සිව් දෙනෙක් ඇප මුදල් තැන්පත් කර ඇති බව ජාතික මැතිවරණ කොමිසම පවසයි.


ප්‍රධාන පුවත්

සුරේෂ් සලේ වෙනුවෙන් ඇරඹි සත්‍යග්‍රහය දෙවන දිනටත්.. රණවිරුවන්, දේශපාලනඥයන් සහ සිවිල් සංවිධාන සලේ වෙනුවෙන් පෙරට..

හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ නීති විරෝධීව රඳවාගෙන වධ හිංසා පැමිණවීමට එරෙහි විරෝධතාව සහ සත්‍යග්‍රහය දෙවන දිනටත් අද දිනයේ ක්‍රියාත්මක වේ.

සුරේෂ් සලේට අමානුෂික ලෙස සැලකීම ව්‍යවස්ථා විරෝධියි.. - එජාපයෙන් නිවේදනයක්

රාජ්‍ය බුද්ධි අංශයේ හිටපු ප්‍රධානී මේජර් ජනරාල් සුරේෂ් සලේ අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමේදී ඔහුට අමානුෂික අන්දමින් සලකා ඇති බව පවසමින් එක්සත් ජාතික පක්ෂය (එජාප) විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

රටේ ආර්ථික අර්බුදයේ ඇත්තම කතාව වෛද්‍ය වසන්ත බණ්ඩාර හෙළිකරයි..

විපක්ෂය ද ලණු දී ආණ්ඩුවට යන ගමන යන්නට ඉඩදී බලා සිටින බවත්, සියල්ල අවුල් කරගන්නා තැනට පත්වන තෙක් ඔවුන්ද බලාසිටින බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

එක් නඩුවකින් සරණ ගුණවර්ධනට බරපතල වැඩ සහිත වසර 04 ක සිර දඬුවම්..

අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කර තිබූ දූෂණ චෝදනා වලට වරදකරු කළ සරණ ගුණවර්ධනට එක් නඩුවකින් බරපතල වැඩ සහිත වසර 04 ක සිර දඬුවමක් කොළඹ මහාධිකරණය විසින් නියම කළේය.

සුරේෂ් සලේ වෙනුවෙන් පවත්වන සත්‍යග්‍රහයට දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයත් එක්වෙයි..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාට අමානුෂික සහ කෘෘර අයුරින් සැලකීමට විරෝධය පළකරමින් විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක් ආරම්භ කර ඇති සත්‍යග්‍රහය තවදුරටත් කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට දී පැවැත්වේ.

සලේගේ විමර්ශනවලට අදාළව මානව හිමිකම් කොමිසමෙන් CIDයට කැඳවීමක්..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව කරුණු දැක්වීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට මෙම සතිය තුළ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිශන් සභාව වෙත පැමිණෙන ලෙස දැනුම් දී තිබේ.

පාස්කු ප්‍රහාරයේ නියම සත්‍ය කියන්නේ මාලිමාවට අවශ්‍ය සත්‍ය නෙවෙයි.. සහරාන් වරෙන්තු වී සිටියදී මඩකලපුව අධිකරණයට හංගගෙන ආපු නීතිඥයා ගැනත් හෙළිකරන්න.. - සිරිල් ගාමිණී පියතුමාට පොහොට්ටුවෙන් ප්‍රතිචාර

පාස්කු වින්දිතයන්ට පාස්කු ප්‍රහාරයේ සත්‍ය දැනගැනීමට අයිතියක් ඇති බවට සිරිල් ගාමිණී පියතුමා පැවසූ බවත්, එය පිළිගන්නා නමුත් එම සත්‍ය වන්නේ මාලිමා රජයට අවශ්‍ය සත්‍ය හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකට අවශ්‍ය සත්‍ය නොව ඇත්තම සත්‍ය බවත් නීතිඥ මනෝජ් ගමගේ මහතා පවසයි.

සුරේෂ් සලේගේ ආරක්ෂාව වෙනුවෙන් දියත් කර ඇති සත්‍යග්‍රහයට උපරිමයෙන් දායක වන්න.. - ජාතික සංවිධාන එකමුතුවෙන් ඉල්ලීමක්

හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ මහතා පෞද්ගලිකව ඉලක්ක කර ගනිමින් ව්‍යාජ චෝදනා එල්ල කිරීම පිටුපස ආරක්ෂක හමුදා බිය වද්දා බෙදුම්වාදී අරමුණු ඉටුකර ගැනීමට අධිරාජ්‍යවාදී බලවේග දියත් කරන කුමන්ත්‍රණකාරී මෙහෙයුමක් පවතින බව ජාතික සංවිධාන එකමුතුව පවසයි.

ආගමික නායකයින් පාස්කු ප්‍රහාරය හරහා දේශපාලනය කරනවා.. - සුරේෂ් සලේගේ මව සත්‍යග්‍රහයට එක්වෙමින් කියයි

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධ පරීක්ෂණ සඳහා රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන සිටින හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පිටකොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට පැවැත්වෙන සත්‍යග්‍රහයට අද (08) ඔහුගේ මව සහභාගී විය.

ගින්දරත් එක්ක සෙල්ලම් නොකරනු! පිලිපීන දේශපාලනඥයන් කිහිප දෙනෙකුට අනතුරු ඇඟවීමක්! ග්ලෝබල් ටයිම්ස් කතුවැකිය"

පසුගියදා පිලිපීනයේ චීන තානාපති කාර්යාලය නැවත වරක් අනතුරු ඇඟවීමක් නිකුත් කරමින් සඳහන් කළේ, පිලිපීන හමුදා සහ නීතිය බලාත්මක කිරීමේ ආයතන විසින් පිලිපීනයේ වෙසෙන චීන පුරවැසියන් සහ ව්‍යවසායන් ඉලක්ක කරගනිමින් සිදු කරන පරීක්ෂා කිරීම්, හිරිහැර කිරීම් සහ තෝරා බේරා නීතිය බලාත්මක කිරීම් වැඩි වැඩියෙන් සිදුවන බවයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.