අමෙරිකාව පැනවූ තීරු බද්ද අපට "ෂොක් " එකක්- අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති
අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසන්නේ ශ්‍රී ලංකාවට එරෙහිව ඇමෙරිකාව විසින් පනවා ඇති සියයට 44 ක් වන බද්ද මේ මොහොතේ දරා ගැනීමට අසීරු බවත් එය ශ්‍රී ලංකාවට විශාල "ශොක්" එකක් බවත්ය.
අමෙරිකාව පනවා ඇති තීරු බදු සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් අද (04) කළ විමසීමට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා මෙලෙස පැවසීය.
"අපි අපේ රටේ ආර්ථිකය යම් මට්ටමකට ස්ථාවර කරගනිමින් අපේ දේශීය කර්මාන්ත විශේෂයෙන් අපනයන ක්ෂේත්‍රයේ අපේ ඉලක්කයක් තියෙනවා මේ අවුරුද්දේ බිලියන තුනක් වැඩි කරන්න. ඒ අරමුණට මේ අළුතින් හඳුන්වා දුන් බද්ද ෂොක් එකක්. විශේෂයෙන්ම 44%ක් වගේ බද්ඩක් ගණන් බලලා තියෙන ක්‍රමය අසාධාරණයි. ඒගොල්ලෝ ගණන් හදලා තියෙන්නේ මේ වෙළඳ ශේෂ පරතරය දෙකට බෙදලා. ඇමරිකාව සමඟ කරන ගනු දෙනුවේදී අපට වෙළෙඳ ශේෂයක් තියෙනවා අපිට අතිරික්තයක් හැටියට. ඒක දෙකට බෙදලා භාගයක් අපට පටවන එක සුදුසු නැහැ. අපි හිතනවා ඇමරිකාවට එහෙම දෙයක් අපිට කරන්න කිසිම දේශපාලන හේතුවක් නෑ. අපිට ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට මොකද මේ තිරු බදු අපට දරාගන්න අමාරුයි මේ වෙලාවෙ. අපි ස්ථාවර වෙන්න පටන් ගත්ත මොහොත මේ. මේ තත්වය අමෙරිකාවට දිගටම අල්ලන් ඉන්න අමාරුයි. මොකද ඇමරිකාවේ ජනතාව විශාල වශයෙන් පාරිභෝජනවාදී රටාවකට හුරු වෙලා ඉන්නව. ඒගොල්ලොගේ මධ්‍යම පංතියට මේක දරාගන්න බෑ. ට‍්‍රම්ප් මහත්තයා තරම් සියළුම අමෙරිකානු ජනයා පොහොසත් නැහැනෙ.’
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..