මෝඩි ආගමනය
ඔබ මෙම තීරු ලිපිය කියවන විට මෙහි සඳහන් හා සඳහන්ව නොමැති බොහෝ දේ සිදු වී අවසන් ව තිබිය හැකි ය. අප ගිය වර සාකච්ඡා කළේ “මෘදු බලය” (Soft Power) ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව ය. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩිගේ ශ්‍රී ලංකා සංචාරයට අදාළව ද මෙම මෘදු බලය ක්‍රියාත්මක වන අන්දම පිළිබඳව අපට ඵලදායී විවරණයක නිරත විය හැක.
අග්‍රාමාත්‍ය මෝඩි ලංකාවට පැමිණෙන්නේ දින දෙකකට ය. ඒ, 1971 අප්‍රේල් කැරැල්ල සිදු වූ අප්‍රේල් 05 වැනි දා සහ 6 වැනිදා ය. මේ දින දෙකේ දී ඔහු ඉන්දියාවට බලවත්ව වැදගත් වන ගිවිසුම් ගණනාවකට ශ්‍රී ලංකා පාලකයන්ගේ අත්සන ගස්සවා ගැනීමට නියමිත ය. ඉන්දියානු මාධ්‍ය අනාවරණය කර තිබෙන පරිදි එම ගිවිසුම් අතර, 1987 ඉන්දු - ලංකා ගිවිසුමෙන් පසුව අත්සන් තැබෙන වඩාත් වැදගත්ම (ඉන්දියාවට) ගිවිසුමකට ද අත්සන් තැබීමට සියල්ල සූදානම් ය. ඒ, දෙරට අතර අත්සන් තැබෙන ආරක්ෂක ගිවිසුම ය. ඉන්දියානු මාධ්‍යය ට අනුව එය (ආරක්ෂක ගිවිසුම) චීනයේ නැගී එන යුද බලය ට එරෙහිව අත්සන් තැබෙන ගිවිසුම කි.
ඉන්දියාව "QUAD" නැමැති ඉන්දු - ෆැසිපික් සාගර කලාපයට අදාළ “ආසියානු නේටෝ” වේ පාර්ශවකරුවෙ කි. චීනයට එරෙහි ඉන්දියාව ඇමෙරිකා එ. ජනපදය සමඟ ආරක්ෂක/ මිලිටරි ගිවිසුම් ගණනාවකට අත්සන් තබා තිබේ. එබදු තත්ත්වයක් යටතේ අප (ශ්‍රී ලංකාව) ඉන්දියාව සමග ආරක්ෂක/මිලිටරි ගිවිසුමකට යාම යනු, නොදැනුවත්වම අප ද චීනයට එරෙහිව "QUAD" හවුලේ අනියම් සාමාජිකයකු බවට පත්වීම යි. එමගින් අනාගත ලෝක බලවතුන් අතර ඇති විය හැකි යුදමය ගැටුමක දී නොදැනුවත්වම අප එහි එක් පාර්ශවයක ගේ කොටස්කරුවකු බවට පත් වේ.
ජ.වි.පෙ තරම් වාමාංශික හෝ රැඩිකල් නැති, ඉන්දියානු ව්‍යාප්තවාදය පිළිබඳව රටට කියා දුන් නැති, සිරිමාවෝ ආර්. ඩී. බණ්ඩාරනායක මැතිනිය ගේ ප්‍රභල ස්ථාවරය වූයේ ඉන්දියානු සාගර කලාපය නිරවි කලාපයක් විය යුතු බවයි. එමගින්, ශ්‍රී ලංකාව එක් හෝ වෙනත් ලෝක බලවතෙකුගේ මිලිටරි හවුල්කරුවකු බවට පත්වීම වැලකුණි. එමෙන්ම ශ්‍රී ලංකාවේ අභිලාෂයන්ට අනුව, ක්‍රියාත්මක වීමේ අවකාශය ද එමගින් නිර්මාණය කෙරුණි.
ජනාධිපති අනුර “මෝඩි ආගමනය” ගැන ප්‍රසිද්ධියේ කීවේ, අනුරාධපුරය නගරයේ යටිතල පහසුකම් සංවර්ධනය ට විශාල ආධාර මුදලක් රැගෙන අගමැති මෝඩි පැමිණෙන බව ය. තව දුරටත් ඔහු රැස්ව සිටි උදවියගෙන් විමසා සිටියේ, මීට පෙර මෙබදු බලවත් රාජ්‍ය නායකයකු ලංකාවට පැමිණ තිබේද යන්න යි. ඉන්දියානු ව්‍යාප්තවාදය පිළිබඳව රටට උගැන් වූ පක්ෂයක වර්තමාන නායකයාට අත් වී තිබෙන්නේ කෙබදු අසරණ ඉරණමක් ද යන්න මේ ප්‍රකාශ තුළින්ම විද්‍යාමාන වේ.
ඉහත කී මිලිටේරි ගිවිසුමට අමතරව තවත් ගිවිසුම් ගණනාවක් මේ සංචාරයේ දී අත්සන් කිරීමට නියමිත බව ද ඉන්දියානු මාධ්‍ය පවසයි. දැන ගැනීමට තිබෙන පරිදි, ඉන්දියාව හා ශ්‍රී ලංකාව බද්ධ කිරීමට අදාළ ගිවිසුම් මේ අතර වේ. තෙල් නලයෙන්, විදුලි කේබලයෙන්, රාමායන පාරෙන් (භෞතිකව යා කිරීම) දෙරටේ රේගු දෙක ඒකාබද්ධ කිරීමෙන් හා ඉන්දියානු මුදල් ඒකකය වූ ඉන්දියානු රුපියල, ශ්‍රි ලංකාව තුළ ශ්‍රී ලංකා රුපියල මෙන් සමාන ව්‍යවහාරික මුදල් ඒකකයක් බවට පත් කිරීමෙන් මේ ඒකාබද්ධතාව හෙවත් බද්ධ කිරීම සිදු කෙරේ. අත්සන් කිරීමට නියමිතව ඇත්තේ ඊට අදාළ ගිවිසුම් ය. මේ සියල්ල අත්සන් කිරීමෙන් පසු ශ්‍රී ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වීම වැලකිය හැකි ද? සිකීමය ට අත් වූ ඉරණම ශ්‍රී ලංකාව ට අත්වීම වැලකිය හැකිද? ජ.වි.පෙ. පාලනයක් යටතේ මේ මහා පාවාදීම සිදුවීම අප තේරුම්ගත යුත්තේ කවර අයුරින් ද?
අගමැති මෝඩි, අනුරාධපුරය සංවර්ධනයට ආධාර මුදලක් පිරිනමන්නේ, ජය ශ්‍රී මහා බෝධිය වැඳ පුදා ගැනීමට යන්නේ, වස තැවරූ කේක් එකේ “අයිසින්” පාර ලස්සන කරන්නට ය. ජ.වි.පෙ නායක, ජනාධිපති අනුර ද එම “අයිසින්” පාර ඉමහත් උවමනාවෙන් ඉහළට ඔසවන්නේ, වස තැවරූ කේක් එක පිළිබඳ සාකච්ඡාව වළලා දැමීම පිණිස ය.
ගියවර අප සාකච්ඡා කළ “මෘදු බලය”(Soft Power) පිළිබඳව ද මෙහිලා අවධානය යොමු කිරීම වැදගත් වේ. මෘදු බලය යනු හුඳෙක් බලපෑමේ හැකියාවක් පමණක් නොවේ. බලපෑම යන්න “දැඩි බලය (Hard Power) මගින් ද (1987 දී බලෙන් පරිප්පු දමා, ඉන්දීය හමුදාව ලංකාවට එවා, ඉන්දු - ලංකා ගිවිසුම ට අත්සන් ගස්සවා ගත් පරිදි) කළ හැකිය. මෘදු බලය යනු, බලපෑම් හැකියාවට අමතරව ආකර්ෂණය කර ගැනීමේ හැකියාව ද වේ. ඉන්දියානු මසාල ටෙලි නාට්‍යය අපේ රූපවාහිනී නාලිකාවල “ගොං දෙපැය”ක් පුරා විකාශය වන්නේ මේ මෘදු බලය ට අදාළ මෙහෙයුමේ කොටසක් ලෙස ය. මෝඩි අගමැතිවරයා අනුරාධපුරය ජය ශ්‍රී මහා බෝධිය වන්දනා කරණුයේ ත්, අනුරාධපුර නගරය සංවර්ධනය කිරීමට කීයක් හරි දෙන්නෙත්, මේ මෘදු බලය ක්‍රියාත්මක වන ආකාරය ගැන අපට අවබෝධ කර දෙමින් ය. මෘදු බලය ප්‍රධාන වශයෙන්ම ක්‍රියාත්මක වන්නේ සංස්කෘතිය නැමති කෙළිබිම මත ය.
ඉන්දියාව අද ක්‍රියා කරනුයේ Quadrilateral Security Dialogue (QSD) නැමැති “ආසියානු නේටෝවේ” සාමාජික රටක් ලෙස ය. මේ පිළිබඳව, මා විසින් රචනා කරන ලද “රාම රාවණ සහ විභීෂණ, නූතන කථාව” නම් කෘතියේ සඳහන් කර තිබෙනුයේ මෙසේ ය.
''Quadrilateral Security Dialogue (QSD) යනු ඉන්දියාව, ඇමෙරිකාව, ජපානය හා ඕස්ට්‍රේලියාව යන රටවල් හතර එක් වී පිහිටුවා ගන්නා ලද රාජ්‍ය තාන්ත්‍රික හා මිලිටරි සන්ධානය ''QUAD'' යනු මෙය නිතර හැඳින්වෙන ජනප්‍රිය නාමය යි. .....2007 වසරේ දී පිහිටුවා ගන්නා ලද ''QUAD'' සන්ධානයේ ප්‍රධාන අරමුණ වන්නේ, ඉන්දු - ෆැසිපික් සාගර කලාපය තුළ “චීනයේ ආර්ථික හා මිලිටරි බලයට” මුහුණ දෙමින් ඉන්දු - ඇමෙරිකානු ආධිපත්‍යය ආරක්ෂා කර ගැනීම ය. ....එය එසේ නම් එවැනි සන්ධානයකට ආරක්ෂාව ඇතුළු බොහෝ කාරණා අතින් ඉන්දියන් සාගරයේ තීරණාත්මක හා උපාය මාර්ගික මර්මස්ථානයක් වූ ශ්‍රී ලංකාවේ ඇති වැදගත්කම අමුතුවෙන් පෙන්වා දිය යුතු නොවේ. අද ලංකාව සම්බන්ධව තීන්දු ගනු ලබන්නේ මේ හවුලේ ඒකාබද්ධ මැදිහත් වීමෙනි.
එසේ නම් මෙම QUAD හවුලේ බලවත්ම සාමාජිකයාට වඩාත් වාසිදායක වන්නේ ශ්‍රී ලංකාව, තම හිත මිතුරු ඉන්දියාවේ 29 වැනි අර්ධ ප්‍රාන්ත කොලනිය වීමෙන් පසු එහි දුර්වල ආණ්ඩුකාරයා සහ ප්‍රභල හාම්පුතා සමඟ එක්ව ACSA හෝ SOFA අවශ්‍යතා ඉටු කර ගැනීම ද? නොඑසේනම්, ප්‍රතිවිරෝධතා බහුල ශ්‍රී ලංකා රාජ්‍යය සමඟ එවැනි සංවේදී තීරණ කරා ගමන් කිරීම ද? මේ පැණයට ලැබෙන පිළිතුර නම් ශ්‍රී ලංකාව, සිකීමය මෙන් ඉන්දියාවේ අර්ධ ප්‍රාන්තයක් බවට පත්කර ගැනීමේ ඉන්දියානු භූ දේශපාලනික හා හින්දු ව්‍යාප්තවාදී වෑයම, හුදු ඉන්දියානු උවමනාවේම කොටසක් නොව, ඉන්දු ෆැසිපික් කලාපයේ QUAD දේශපාලන උපායමාර්ගයේ ම අත්හල යුතු නැති උපායමාර්ගික උවමනාවක් බව නොවේ ද?”
“සර්දාර් පනික්කාර් න්‍යාය යථාර්ථයක් බවට පත් කිරීම පිණිස ප්‍රධාන පූර්ව කොන්දේසි දෙකක් සපුරා ගත යුතු ය. පළමු වැන්න, කලාපයේ රටවල් තුළ අභ්‍යන්තර අර්බුද නිර්මාණය කරමින් ආරක්ෂක ගිවිසුම් සඳහා පෙළඹවීම ය. දෙවැන්න, ව්‍යාජ වෙළඳ සහ ආර්ථික ගිවිසුම් මගින් ඒ රටවල ආර්ථිකය බිඳ වැට්ටවීමේ සහ ඉන්දියාව මත පූර්ණ වශයෙන් යැපීමේ අන්ත පරාධීන තත්වයක් නිර්මාණය කිරීම ය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දැන් ශ්‍රී ලංකාව තුළ පිටිය සකසා දෙමින් තිබෙනුයේ මෙම ඉන්දියානු අභිලාෂය මුදුන් පත් කර ගැනීම පිණිස බව කුඩා දරුවකුට වුව වටහා ගත හැකි ය.”
අහෝ! වත්මන් ජ.වි.පෙ. ඒ කුඩා දරුවාටත් වඩා දේශපාලන වශයෙන් ළදරුවෙකු වූයේ කෙසේ ද? පාවාදීමේ ගමනේ කෙළවර වු කලී දේශපාලන ළදරුවෙකු ගේ ඉරණමට ලක් වීම ද? ලාල් කාන්ත පවසන නව ලිබරල්වාදී රනිල්වත් නොකළ අන්දමේ පාවාදීමකට යාම වාම ලිබරල්වාදීන්ට සුළු හෝ ප්‍රශ්නයක් නොවන්නේ ද? ස්වෛරී ශ්‍රී ලංකා රාජ්‍යය එහි සොහොන් පොළ කරා රැගෙන යන හේවිසි නාදය ඔබට නොඇසේ ද? “පුනරුදය” යනු එය ද?
විමල් වීරවංශ
2025.04.06
(විමල් වීරවංශ මහතා විසින් ඉරිදා ලංකාදීපයට ලියූ "කඳු මුදුනේ සිට" තීරු ලිපියෙන් උපුටා ගන්නා ලදී...)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..