
වැඩබලන පොලිස්පතිවරයා බිංගිරිය පොලිස් ස්ථානධිපතිවරයා ස්ථාන මාරුකර ඇත්තේ නීතියට පටහැනිවයි- පොලිස් කොමිසම දැනුම් දෙයි
ජාතික පොලිස් කොමිසම නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ වැඩ බලන පොලිස්පතිවරයා විසින් බිංගිරිය පොලිස් ස්ථානාධිපතිවරයා මාරු කර යවා ඇත්තේ ජාතික පොලිස් කොමිෂන් සභාව සතු බලතල මෙන්ම දැනට බලපවත්වන ස්ථාන මාරු ප්‍රතිපත්තියේ විධිවිධාන ද උල්ලංඝනය කරමින් බවයි.
ජාතික පොලිස් කොමිසම විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනය පහත පළවේ.
මාධ්‍ය නිවේදනයයි
පොලිස් ස්ථානාධිපතිවරයකු ඉවත් කිරීම සඳහා හදිසි සහ සුවිශේෂී අවශ්යතාවක් උද්ගත වූ විට ආයතන ප්‍රධානියා වශයෙන්, වැඩබලන පොලිස්පත්වරයා අදාල පොලිස් ස්ථානාධිපතිවරයා ඉවත් කර කඩිනමින් සුදුසු නිලධරකු පත්කළ යුතු වූ විට දී ඒ පිළිබඳව ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපතිවරයා දැනුවත් කර අවශ්‍ය පියවර ගැනීමටත්, අදාල තීරණ ගැනීමෙන් පසු එළැඹෙන පළමු කොමිෂන් සභා සැසිවාරයට එම කරුනු ඉදිරිපත් කර එකී ක්‍රියාමාර්ග සදහා ආවරණ අනුමැතිය ලබා ගැනීමටත් අවසර දුන් පොදු තීරණයක් මඟින් 2024.12.02 දින වැඩබලන පොලිස්පතිවරයා දැනුවත් කර තිබුනද එසේ සිදු නොකිරීම තුළින් ජාතික පොලිස් කොමිෂන් සභාව සතු බලතල ද දැනට බලපවත්වන ස්ථාන මාරු ප්‍රතිපත්තියේ විධිවිධාන ද උල්ලංඝනය කර ඇති බව නිරීක්ෂණය කරන ලදි.
එසේම වැඩ බලන පොලිස්පතිවරයා විසින් ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතියක් ලබා ගැනීමෙන් තොරව සහ ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපතිවරයා දැනුවත් කිරීමෙන් තොරව බිංගිරිය පොලිස් ස්ථානාධිපති ක්ෂණිකව ස්ථානමාරු කිරීමට කටයුතු කර ඇති අතර, එමගින් ද ජාතික පොලිස් කොමිෂන් සභාවෙහි ඉහතකී පොදු තීරණයට පටහැනිව කටයුතු කර ඇති බවත් ඒ තුළින් මෙම සිදුවීම පිළිබඳව රට තුළ මහත් ආන්දෝලනයක් ඇති වී තිබෙන බවත් ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් නිරීක්ෂණය කරන ලදී.
එමෙන්ම මැතිවරණයක් ප්‍රකාශයට පත්කර ඇති අවස්ථාවක බඳවා ගැනීම්, උසස්කිරීම්, ස්ථානමාරු කිරීම් සිදු කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ එකඟතාවය ලබාගත යුතු බවට මැතිවරණ කොමසාරිස් ජනරාල් විසින් නිකුත් කර ඇති අංක LAE/2025/06 දරණ 2025.03.03 වන දිනැති චක්‍ර ලේඛයේ සඳහන්ව තිබියදී, වැඩබලන පොලිස්පතිවරයා විසින් ඉහත ස්ථානමාරු වීම සිදු කර ඇත්තේ එකී චක්‍රලේඛයේ ප්‍රතිපාදනවලට පටහැනිව බවත්, එසේ කටයුතු නොකිරීම සම්බන්ධව කරුණු දක්වන ලෙස වැඩබලන පොලිස්පතිවරයා වෙත ජාතික පොලිස් කොමිෂන් සභාවට ද පිටපතක් සහිතව මැතිවරණ කොමසාරිස් ජනරාල් විසින් අංක EC/CL/LAE/2025/19 දරන සහ 2025.04.02 දිනැති ලිපියේ සඳහන් කරුණු ද ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් අධ්‍යයනය කරන ලදී.
ඉහත සියළු කරුණු සලකා බැලීමෙන් අනතුරුව බිංගිරිය පොලිස් ස්ථානාධිපති ස්ථාන මාරු කිරීමට කටයුතු කිරීමේ දී ඉහත තීරණයට අනුකූලව කටයුතු කර නොමැති බැවින් තවදුරටත් මෙම පොදු තීරණය අනුව කටයුතු කිරීමට වැඩබලන පොලිස්පතිවරයා හට අවකාශ සලසා දීම තුළින් ඉමහත් ගැටළුකාරී තත්ත්වයක් ඇති විය හැකි බැවින් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉහත කී පොදු තීරණය අවලංගු කිරීමට 2025.04.03 වන දින රැස් වූ ජාතික පොලිස් කොමිෂන් සභාව එකමතිකව තීරණය කරන ලදී.
එමෙන්ම බිංගිරිය පොලිස් ස්ථානාධිපතිවරයා ස්ථාන මාරු කිරීමට හේතු වූ සුවිශේෂ කරුණු ජාතික පොලිස් කොමිෂන් සභාව වෙත වැඩබලන පොලිස්පතිවරයා විසින් මෙතෙක් දැනුම් දී නොමැති බැවින්, සහ මැතිවරණ කොමිෂන් සභාවේ අනුමැතිය ලබා ගෙන නොමැති බැවින් ද, බිංගිරිය පොලිස් ස්ථානාධිපති වෙත 2025 මාර්තු 25 දින වැඩ බලන පොලිස්පතිවරයා විසින් ලබා දුන් ස්ථාන මාරුව වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කිරීමටත්, ඒ අනුව ක්‍රියාකර, නොපමාව ජාතික පොලිස් කොමිෂන් සභාව ලිඛිතව දැනුවත් කරන ලෙසටත් වැඩබලන පොලිස්පතිවරයාට නියෝග කිරීමට ජාතික පොලිස් කොමිෂන් සභාව ඒකමතිකව තීරණය කරන ලදී. එම ලිපියේ පිටපතක් මැතිවරණ කොමිෂන් සභාව වෙත යැවීමට ද ජාතික පොලිස් කොමිෂන් සභාව වැඩබලන පොලිස්පතිවරයා වෙත නියෝග කර ඇත.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න
විවෘත වරෙන්තු පිට සිටි, හිටපු රාජ්‍ය ඇමති ප්‍රසන්න අධිකරණයට භාරවෙයි
ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි
දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..
දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..
ජවිපෙ අත්හැරපු ඉන්දියන් විරෝධී සටන විජේවීරගේ පුතා අතට ගනී.. (වීඩියෝ)
අනුර - මෝදි ගිවිසුම්වලින් රටේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකියි - වෛද්‍ය අනුලා විජේසුන්දර (වීඩියෝ)
අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනියි... ජනාධිපති ලේකම් වගකීම් පැහැරහැරියා - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් චෝදනා (වීඩියෝ)
අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට මහජන පෙත්සම භාර දුන් අවස්ථාව (වීඩියෝ)
ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් අත්සන් කර ඇත්තේ රටේ ස්වාධීනත්වයට, නීතියට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ලෙසයි - නීතිඥ මධුමාලි අල්විස් (වීඩියෝ)
ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධීයි.. ඒ ගිවිසුම්වලින් රටේ ස්වෛරීත්වය පාවා දීලා - ආචාර්ය ගුණදාස අමරසේකර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක ගැසූ හොර ගිවිසුම් ගැන කරුණු කියන්න ජනපති ලේකම් කාර්යාලයට ගිය ජාතික සංවිධාන නියෝජිතයන්ට කුඩම්මාගේ සැලකිලි..
අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදෙයි..
ඉන්දියාව අසල්වාසී රාජ්‍යයක් මිස ලොකු අයියා නොවෙයි.. ඉන්දියාවේ උපකාර පිටුපස සැඟවුණු යටි අරමුණු වටහාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි (වීඩියෝ)
