වැඩබලන පොලිස්පතිවරයා බිංගිරිය පොලිස් ස්ථානධිපතිවරයා ස්ථාන මාරුකර ඇත්තේ නීතියට පටහැනිවයි- පොලිස් කොමිසම දැනුම් දෙයි
ජාතික පොලිස් කොමිසම නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ වැඩ බලන පොලිස්පතිවරයා විසින් බිංගිරිය පොලිස් ස්ථානාධිපතිවරයා මාරු කර යවා ඇත්තේ ජාතික පොලිස් කොමිෂන් සභාව සතු බලතල මෙන්ම දැනට බලපවත්වන ස්ථාන මාරු ප්‍රතිපත්තියේ විධිවිධාන ද උල්ලංඝනය කරමින් බවයි.
ජාතික පොලිස් කොමිසම විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනය පහත පළවේ.
මාධ්‍ය නිවේදනයයි
පොලිස් ස්ථානාධිපතිවරයකු ඉවත් කිරීම සඳහා හදිසි සහ සුවිශේෂී අවශ්යතාවක් උද්ගත වූ විට ආයතන ප්‍රධානියා වශයෙන්, වැඩබලන පොලිස්පත්වරයා අදාල පොලිස් ස්ථානාධිපතිවරයා ඉවත් කර කඩිනමින් සුදුසු නිලධරකු පත්කළ යුතු වූ විට දී ඒ පිළිබඳව ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපතිවරයා දැනුවත් කර අවශ්‍ය පියවර ගැනීමටත්, අදාල තීරණ ගැනීමෙන් පසු එළැඹෙන පළමු කොමිෂන් සභා සැසිවාරයට එම කරුනු ඉදිරිපත් කර එකී ක්‍රියාමාර්ග සදහා ආවරණ අනුමැතිය ලබා ගැනීමටත් අවසර දුන් පොදු තීරණයක් මඟින් 2024.12.02 දින වැඩබලන පොලිස්පතිවරයා දැනුවත් කර තිබුනද එසේ සිදු නොකිරීම තුළින් ජාතික පොලිස් කොමිෂන් සභාව සතු බලතල ද දැනට බලපවත්වන ස්ථාන මාරු ප්‍රතිපත්තියේ විධිවිධාන ද උල්ලංඝනය කර ඇති බව නිරීක්ෂණය කරන ලදි.
එසේම වැඩ බලන පොලිස්පතිවරයා විසින් ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතියක් ලබා ගැනීමෙන් තොරව සහ ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපතිවරයා දැනුවත් කිරීමෙන් තොරව බිංගිරිය පොලිස් ස්ථානාධිපති ක්ෂණිකව ස්ථානමාරු කිරීමට කටයුතු කර ඇති අතර, එමගින් ද ජාතික පොලිස් කොමිෂන් සභාවෙහි ඉහතකී පොදු තීරණයට පටහැනිව කටයුතු කර ඇති බවත් ඒ තුළින් මෙම සිදුවීම පිළිබඳව රට තුළ මහත් ආන්දෝලනයක් ඇති වී තිබෙන බවත් ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් නිරීක්ෂණය කරන ලදී.
එමෙන්ම මැතිවරණයක් ප්‍රකාශයට පත්කර ඇති අවස්ථාවක බඳවා ගැනීම්, උසස්කිරීම්, ස්ථානමාරු කිරීම් සිදු කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ එකඟතාවය ලබාගත යුතු බවට මැතිවරණ කොමසාරිස් ජනරාල් විසින් නිකුත් කර ඇති අංක LAE/2025/06 දරණ 2025.03.03 වන දිනැති චක්‍ර ලේඛයේ සඳහන්ව තිබියදී, වැඩබලන පොලිස්පතිවරයා විසින් ඉහත ස්ථානමාරු වීම සිදු කර ඇත්තේ එකී චක්‍රලේඛයේ ප්‍රතිපාදනවලට පටහැනිව බවත්, එසේ කටයුතු නොකිරීම සම්බන්ධව කරුණු දක්වන ලෙස වැඩබලන පොලිස්පතිවරයා වෙත ජාතික පොලිස් කොමිෂන් සභාවට ද පිටපතක් සහිතව මැතිවරණ කොමසාරිස් ජනරාල් විසින් අංක EC/CL/LAE/2025/19 දරන සහ 2025.04.02 දිනැති ලිපියේ සඳහන් කරුණු ද ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් අධ්‍යයනය කරන ලදී.
ඉහත සියළු කරුණු සලකා බැලීමෙන් අනතුරුව බිංගිරිය පොලිස් ස්ථානාධිපති ස්ථාන මාරු කිරීමට කටයුතු කිරීමේ දී ඉහත තීරණයට අනුකූලව කටයුතු කර නොමැති බැවින් තවදුරටත් මෙම පොදු තීරණය අනුව කටයුතු කිරීමට වැඩබලන පොලිස්පතිවරයා හට අවකාශ සලසා දීම තුළින් ඉමහත් ගැටළුකාරී තත්ත්වයක් ඇති විය හැකි බැවින් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉහත කී පොදු තීරණය අවලංගු කිරීමට 2025.04.03 වන දින රැස් වූ ජාතික පොලිස් කොමිෂන් සභාව එකමතිකව තීරණය කරන ලදී.
එමෙන්ම බිංගිරිය පොලිස් ස්ථානාධිපතිවරයා ස්ථාන මාරු කිරීමට හේතු වූ සුවිශේෂ කරුණු ජාතික පොලිස් කොමිෂන් සභාව වෙත වැඩබලන පොලිස්පතිවරයා විසින් මෙතෙක් දැනුම් දී නොමැති බැවින්, සහ මැතිවරණ කොමිෂන් සභාවේ අනුමැතිය ලබා ගෙන නොමැති බැවින් ද, බිංගිරිය පොලිස් ස්ථානාධිපති වෙත 2025 මාර්තු 25 දින වැඩ බලන පොලිස්පතිවරයා විසින් ලබා දුන් ස්ථාන මාරුව වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කිරීමටත්, ඒ අනුව ක්‍රියාකර, නොපමාව ජාතික පොලිස් කොමිෂන් සභාව ලිඛිතව දැනුවත් කරන ලෙසටත් වැඩබලන පොලිස්පතිවරයාට නියෝග කිරීමට ජාතික පොලිස් කොමිෂන් සභාව ඒකමතිකව තීරණය කරන ලදී. එම ලිපියේ පිටපතක් මැතිවරණ කොමිෂන් සභාව වෙත යැවීමට ද ජාතික පොලිස් කොමිෂන් සභාව වැඩබලන පොලිස්පතිවරයා වෙත නියෝග කර ඇත.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..