News Category
From Date
To Date
Maximum Number of Result

දුම්රිය ස්ථානාධිපතිවරුන් අද (30) පස්වරු 4:30 සිට දුම්රිය ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමේ රාජකාරීවලින් ඉවත් වෙන බව දැනුම්දී තිබේ.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් දකුණු කොරියාව සමඟ ඇති E-8 වීසා ගිවිසුමට හිටපු අමාත්‍යවරයා විසින් රජයේ නිසි අවසරයකින් තොරව නීතිවිරෝධී ලෙස අත්සන් කර ඇති බව අනාවරණය වේ.

රක්‍ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අද කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ලක්‍ෂ 50 බැගින් වූ ශරීර ඇප පහක් මත මුදා හැර තිබේ.

2024 වර්ෂයේ ඔක්තෝබර් මස මැද භාගයේදී, චිකාගෝ විශ්ව විද්‍යාලයේ, 77 හැවිරිදි මහාචාර්ය John Mearsheimer (ජෝන් මර්ෂයිමර්) චීනයේ චාරිකාවක නිරත විය. ඔහු චීන විශ්ව විද්‍යාල කිහිපයක දේශන පැවැත්වූ අතර සින්හුවා විශ්ව විද්‍යාලයේ ජාත්‍යන්තර අධ්‍යයන ආයතනයේ අධ්‍යක්ෂ ‍Yan Xuetong සමඟ ගෝලීය අනුපිළිවෙල සහ එක්සත් ජනපද-චීන ​​සබඳතා පිළිබඳ විවාදයක නිරත විය. ඡායාරූප ගැනිමට සහ සුහද සාකච්ඡාවට වෙන් කර තිබූ කාලය අතරතුර, චීන පාඨකයින් විසින් ඔහුව උණුසුම් ලෙස පිළිගනු ලැබීය.

"සියල්ල හරියට කරලා රට බාරදුන්නා... දැන් තියෙන්නෙ කරගෙන යන්න පමණයි... හරිනි ව්‍යවස්ථාව දන්නේ නැතිනම් කියල දෙන්න පුලුවන්" යැයි හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිදුකළ ප්‍රකාශය පිළිබඳව අගමැති හරිනි අමරසූරිය විසින් පිළිතුරු නොබැඳීම පිළිබඳව ලංකා ලීඩර් පාඨකයන් විසින් අදහස් යොමුකරති. එම අදහස්වල සම්පිණ්ඩනය මෙසේ දැක්විය හැකිය.

අග්‍රාමාත්‍ය හරිනි අමරසුරිය මහත්මියට ව්‍යවස්ථාව සම්බන්ධයෙන් අවබෝධයක් නැති බවත්, රට පාලනය කරන්නේ කැබිනට් මණ්ඩලය විසින් මිස නිලධාරීන් විසින් නොවන බව අගමැතිවරිය නොදන්නා බවත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

පාර්ලිමේන්තු මැතිවරණය නොවැම්බර් මස 14 වැනිදා පැවැත්වීමට දින නියම කර ආකාරය ඇතුලු එම මැතිවරණයට අදාළව මෙතෙක් කර ඇති සියලු කටයුතු වලට අදාළව පූර්ණ වාර්තාවක් මැතිවරණ කොමිසම විසින් නීතිපතිවරයාට භාරදී ඇත.

නව රජය විසින් මුදල් අච්චු ගැසීම පිළිබඳව එල්ලවන චෝදනා සහ ඊට අමාත්‍ය විජිත හේරත් ලබාදෙන පිළිතුරු පිළිබඳ ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

විදේශීය ත්‍රස්තවාදී සංවිධානවල අනුදැනුම මත, සංචාරකයන් ගැවසෙන ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් රට තුළ ප්‍රහාරයක් සැලසුම් කළ බවට සැකපිට තවත් සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම්දුන්නේය.


ප්‍රධාන පුවත්

LGBTQ+ සංකල්ප ඇතුළත් අධ්‍යාපන පැකේජය යළි පාසල් පද්ධතියට ඇතුළත් කරන්නට සූදානම් වන්නේ නම් ඊට එරෙහිව පාරට බහිනවා.. - ජාතික ගුරු ව්‍යාපාරය

වත්මන් රජය විසින් ක්‍රියාත්මක කිරීමට සැරසෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ දුෂ්කර පාසල්වල වැඩබලන විදුහල්පතිවරුන්ගේ දීමනා කපා හැරීමට ගෙන ඇති තීරණයට එරෙහිව ජාතික ගුරු ව්‍යාපාරය සිය දැඩි විරෝධය පළ කර සිටියි. බත්තරමුල්ල ජාතික නිදහස් පෙරමුණු කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම ව්‍යාපාරයේ ප්‍රධාන ලේකම් සඳුන් බණ්ඩාර බෝදරගම මහතා මේ බව සදහන් කළේය.

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම: ප්‍රශ්නය තියෙන්නෙ එක තැනක.. උත්තර දීල තියෙන්නේ වෙනත් තැනකට.. මේක වැරදියි.. - නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඊයේ(12) දින සිසුකළ සාකච්ඡාවෙන් පසුව අන්තර්ජාල නාලිකාවක් සමග පැවති සාකච්ඡාවකදී නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය මහතා පවසන්නේ, මෙම විශ්‍රම වයස දීර්ඝ කිරීම සම්බන්ධ ප්‍රශ්නය ඇත්තේ එක තැනක බවත් එහෙත් පිළිතුර ඇත්තේ තවත් තැනක බවත් ය.

කුච්චවේලි පිච්චමල් විහාරය අනතුරේ.. බෞද්ධ නටඹුන් විනාශයි..

කුච්චවේලි පිච්චමල් විහාරස්ථානයේ පිහිටි වසර 2300 කට වඩා පැරණි ඓතිහාසික බෞද්ධ නටඹුන් සහිත පූජනීය භූමිය විනාශ වීමේ අනතුරකට මුහුණ පා ඇති බව වාර්තා වේ.

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක්..

යෝජිත සංශෝධනය මඟින් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතල බලපෑමක් එල්ල වන බවත්, වත්මන් පද්ධතිය වැඩිදියුණු කිරීම සඳහා මෙය හදිසි අවශ්‍යතාවක් නොවන බවත් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඊයේ (12) ජනපති අනුර කුමාර දිසානායක හමුවී පෙන්වා දී තිබේ.

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය කනස්සල්ලෙන්..

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහාවන යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ, විනිසුරුවරුන්ගේ සහ නීතිඥයින්ගේ ස්වාධීනත්වය පිළිබඳ විශේෂ නියෝජිත මාග්‍රට් සැටර්ත්වයිට් කනස්සල්ල පළකර තිබේ.

ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..

තෛනිකායික මහනාහිමිවරුන් රටේ පාලකයන්ට විවිධ අවස්ථාවන්හි යම් යම් කරුණු කාරණා සම්බන්ධයෙන් අර්ථයෙන්, ධර්මයෙන් අනුශාසනා කොට වාචිකව මෙන්ම ලිඛිතව දැනුම්දීම, අතීතයේ සිට සිදුකළ දෙයක් බව මල්වතු මහනාහිමියන් පවසා තිබේ.

අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..

අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු අධිකරණ පද්ධතියේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව ඉහළ නැංවීම සඳහා කැබිනට් මණ්ඩලය ගෙන ඇති තීරණය සහ ඊට අදාළ ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ත්‍රෛනිකායික මහා නායක හිමිපාණන් වහන්සේලා විසින් විරෝධය පළකරමින් ජනාධිපතිවරයා වෙත යවන ලද ලිපිය මේ වන විට සමාජ මාධ්‍යයේ සංසරණය වෙයි.

කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්

අරගල සමයේ සිට මේ දක්වා මෙරට හමුදා බුද්ධි අංශවලට මෙන්ම ත්‍රිවිධ හමුදාවට සහ පොලිසියට අවලාද, අපහාස, ගැරහුම් සිදුකරමින් ඇති පසුබිමක, මේ වන විට යුද්ධය විජයග්‍රාහී ලෙස අවසන් කළ රණවිරුවන් නොයෙකුත් අභියෝගයන්ට ලක්ව ඇති බව නීතිඥ මධුමාලි අල්විස් මහත්මිය පවසයි.

ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times

ඉරානය ආසන්නයේ යුද මෙහෙයුම්වල නිරතව සිටින ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකාවක සිටින නාවිකයන්, දිගුකාලීන මෙහෙයුම් හේතුවෙන් ඇති වූ අධික වෙහෙස සහ බිඳ වැටුණු මානසික තත්ත්වය හේතුවෙන් නෞකාවෙන් මුහුදට පැනීමට උත්සාහ කර ඇති බව, කාර්ය මණ්ඩල සාමාජිකයන්ගේ පවුල් උපුටා දක්වමින් අමෙරිකානු මාධ්‍ය කිහිපයක් වාර්තා කර තිබේ.

ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..

පසුගිය කාලය තුළ ආයෝජන මණ්ඩලය (BOI) හරහා පැමිණි සමාගම් සඳහා රුපියල් බිලියන 276ක බදු සහනයක් ලබා දී ඇති බව Daily FT පුවත්පත වාර්තා කර තිබේ. එමෙන්ම, මෙම වසරේ පළමු කාර්තුවේ මාස තුන තුළ පමණක් අදාළ සමාගම්වලින් අය නොකර අතහැර ඇති වැට් බදු ප්‍රමාණය රුපියල් බිලියන 9.58ක් වන අතර, අය නොකර අත්හැර දමා ඇති ආදායම් බදු ප්‍රමාණය රුපියල් බිලියන 20ක් පමණ වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.