වෙළෙඳ අසමතුලිතතාවයන් විසඳීමට අමෙරිකා එක්සත් ජනපදය සමඟ ආර්ථික සබඳතා දැඩි කිරීමට ශ්‍රී ලංකා රජය දැඩි කැපවීමෙන් කටයුතු කරනවා- මුදල් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි
ශ්‍රී ලංකාවේ වාර්ෂික අපනයනයෙන් ඩොලර් බිලියන 3 ක ප්‍රමානයකට දායකත්වය දක්වන ඇමරිකා එක්සත් ජනපදය විසින් පනවා ඇති 44% ක වෙළඳ තීරුබදු පිළිබඳව රට තුළ මතුව තිබෙන කනස්සල්ලට ප්‍රතිචාර වශයෙන්, එක්සත් ජනපදය සමඟ ආර්ථික සබඳතා ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකා රජය සිය දැඩි කැපවීමක කරන බව ඊයේ(04) තහවුරු කළේය.
මුදල් අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කරමින් රජය මෙලෙස සිය ස්ථාවරය පැහැදිළි කළේය.
රජය වෙළඳ අසමතුලිතතාවයන් විසඳීමට එක්සත් ජනපද පරිපාලනය දරන උත්සාහයන් පිළිගත් අතර වෙනස්වන ගෝලීය භූ වෙළඳ තත්වයන් හඳුනා ගෙන ඇති බව නිවේදනය කළේය. ශ්‍රී ලංකාවේ අපනයන මත පදනම් වූ ප්‍රකෘතිමත් වීම කෙරෙහි තීරුබදු වල විභව බලපෑම පිළිබඳව කනස්සල්ල පළ කරන අතරම, අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක සහ සාධාරණ ආකාරයකින් වෙළඳ සබඳතා කළමනාකරණය කිරීම සඳහා එක්සත් ජනපද නිලධාරීන් සමඟ ඵලදායී සංවාදයක යෙදීමට රජය සූදානමින් සිටින බවද නිවේදනය ප්‍රකාශ කළේය.
“වෙළඳාම සහ ආයෝජනයට බාධා කරන තීරුබදු සහ තීරුබදු නොවන බාධක දෙකම අඩු කිරීමට ශ්‍රී ලංකාව තවමත් කැපවී සිටිනවා.” ප්‍රකාශයේ සඳහන් විය. “නව්‍යකරණය ප්‍රවර්ධනය කරන, වාණිජ හවුල්කාරිත්වයන් දිරිමත් කරන සහ දෙරටටම අවස්ථා විවෘත කරන පරිසරයක් පෝෂණය කිරීම අපගේ අරමුණයි.” යනුවෙන් මුදල් අමාත්‍යාංශය නිකුත් කළ නිවෙදනය මගින් අවධරණය කළේය.
ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසාධන ප්‍රයත්නවල පුළුල් සන්දර්භය ද අදාළ නිවේදනය මගින් රජය විසින් ඉස්මතු කරන ලදී. 2023 මාර්තු මාසයේදී IMF විස්තීර්ණ අරමුදල් පහසුකමට (EFF) එක්වූ දා සිට, රට සැලකිය යුතු ප්‍රගතියක් ලබා ඇති අතර, වැඩසටහනේ තුන්වන සමාලෝචනය සම්පූර්ණ කර ශ්‍රි ලංකාවේ ආර්ථිකය ස්ථාවර කර ඇත. 2024 සඳහා ආර්ථික වර්ධන වේගය 5% ක් ලෙසද පුරෝකථනය කර ඇත.
විශේෂයෙන් බාහිර ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී එක්සත් ජනපදයේ අඛණ්ඩ සහයෝගය සඳහා මුදල් අමාත්‍යාංශය සිය නිවේදනය මගින් ස්තූති කර තිබේ. “එක්සත් ජනපදය දිගුකාලීන මිතුරෙකු සහ විශ්වාසදායක වෙළඳ හවුල්කරුවෙකු වී ඇත. එහි සහයෝගය අපගේ ආර්ථිකය ප්‍රකෘතිමත් වීමට උපකාරී වී ඇත.” මුදල අමාත්‍යාංශයේ නිවේදනය වැඩිදුරටත් පවසයි.
ගෝලීය ඉල්ලුම මන්දගාමී වීමේ සලකුණු පෙන්නුම් කරන මේ අවස්ථාවේදී, තවදුරටත් වෙළඳ සීමාවන් පැනවීම ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් වීම නතර කළ හැකි බවට මුදල් අමාත්‍යාංශයේ නිවේදනය මගින් කනස්සල්ල පළ කළේය.
තවද, අවදානම් අවම කිරීම සහ ද්විපාර්ශ්වික වෙළඳාම වර්ධනයේ සහ සමෘද්ධියේ ධාවකයක් ලෙස පවතින බව සහතික කිරීම සඳහා එක්සත් ජනපදය සමඟ ඉක්මනින් සම්බන්ධ වීමේ වැදගත්කම රජය අවධාරණය කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..