News Category
From Date
To Date
Maximum Number of Result

වෙළෙඳ අසමතුලිතතාවයන් විසඳීමට අමෙරිකා එක්සත් ජනපදය සමඟ ආර්ථික සබඳතා දැඩි කිරීමට ශ්‍රී ලංකා රජය දැඩි කැපවීමෙන් කටයුතු කරනවා- මුදල් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි

Apr 5, 2025 at 09:29 AM
|

ශ්‍රී ලංකාවේ වාර්ෂික අපනයනයෙන්  ඩොලර් බිලියන 3 ක ප්‍රමානයකට දායකත්වය දක්වන  ඇමරිකා එක්සත් ජනපදය විසින් පනවා ඇති 44% ක වෙළඳ තීරුබදු පිළිබඳව රට තුළ මතුව තිබෙන කනස්සල්ලට ප්‍රතිචාර වශයෙන්, එක්සත් ජනපදය සමඟ ආර්ථික සබඳතා ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකා රජය සිය දැඩි කැපවීමක කරන බව ඊයේ(04) තහවුරු කළේය.

මුදල් අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කරමින් රජය මෙලෙස සිය ස්ථාවරය පැහැදිළි කළේය.

රජය වෙළඳ අසමතුලිතතාවයන් විසඳීමට එක්සත් ජනපද පරිපාලනය දරන උත්සාහයන් පිළිගත් අතර වෙනස්වන ගෝලීය භූ වෙළඳ  තත්වයන් හඳුනා ගෙන ඇති බව නිවේදනය කළේය. ශ්‍රී ලංකාවේ අපනයන මත පදනම් වූ ප්‍රකෘතිමත් වීම කෙරෙහි තීරුබදු වල විභව බලපෑම පිළිබඳව කනස්සල්ල පළ කරන අතරම, අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක සහ සාධාරණ ආකාරයකින් වෙළඳ සබඳතා කළමනාකරණය කිරීම සඳහා එක්සත් ජනපද නිලධාරීන් සමඟ ඵලදායී සංවාදයක යෙදීමට රජය සූදානමින් සිටින බවද නිවේදනය ප්‍රකාශ කළේය.

“වෙළඳාම සහ ආයෝජනයට බාධා කරන තීරුබදු සහ තීරුබදු නොවන බාධක දෙකම අඩු කිරීමට ශ්‍රී ලංකාව තවමත් කැපවී සිටිනවා.” ප්‍රකාශයේ සඳහන් විය. “නව්‍යකරණය ප්‍රවර්ධනය කරන, වාණිජ හවුල්කාරිත්වයන් දිරිමත් කරන සහ දෙරටටම අවස්ථා විවෘත කරන පරිසරයක් පෝෂණය කිරීම අපගේ අරමුණයි.” යනුවෙන් මුදල් අමාත්‍යාංශය නිකුත් කළ නිවෙදනය මගින් අවධරණය කළේය.

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසාධන ප්‍රයත්නවල පුළුල් සන්දර්භය ද අදාළ නිවේදනය මගින් රජය විසින් ඉස්මතු කරන ලදී. 2023 මාර්තු මාසයේදී IMF විස්තීර්ණ අරමුදල් පහසුකමට (EFF) එක්වූ දා සිට, රට සැලකිය යුතු ප්‍රගතියක් ලබා ඇති අතර, වැඩසටහනේ තුන්වන සමාලෝචනය සම්පූර්ණ කර ශ්‍රි ලංකාවේ ආර්ථිකය ස්ථාවර කර ඇත. 2024 සඳහා ආර්ථික වර්ධන වේගය 5% ක් ලෙසද පුරෝකථනය කර ඇත.

විශේෂයෙන් බාහිර ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී එක්සත් ජනපදයේ අඛණ්ඩ සහයෝගය සඳහා මුදල් අමාත්‍යාංශය සිය නිවේදනය මගින් ස්තූති කර තිබේ. “එක්සත් ජනපදය දිගුකාලීන මිතුරෙකු සහ විශ්වාසදායක වෙළඳ හවුල්කරුවෙකු වී ඇත. එහි සහයෝගය අපගේ ආර්ථිකය ප්‍රකෘතිමත් වීමට උපකාරී වී ඇත.” මුදල අමාත්‍යාංශයේ නිවේදනය වැඩිදුරටත් පවසයි.

ගෝලීය ඉල්ලුම මන්දගාමී වීමේ සලකුණු පෙන්නුම් කරන මේ අවස්ථාවේදී, තවදුරටත් වෙළඳ සීමාවන් පැනවීම ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් වීම නතර කළ හැකි බවට මුදල් අමාත්‍යාංශයේ නිවේදනය මගින් කනස්සල්ල පළ කළේය.

තවද, අවදානම් අවම කිරීම සහ ද්විපාර්ශ්වික වෙළඳාම වර්ධනයේ සහ සමෘද්ධියේ ධාවකයක් ලෙස පවතින බව සහතික කිරීම සඳහා එක්සත් ජනපදය සමඟ ඉක්මනින් සම්බන්ධ වීමේ වැදගත්කම රජය අවධාරණය කළේය.

සම්බන්ධිත පුවත් | Related News

බෞද්ධයන්ගේ පූජනීයත්වයට පත් බුදුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වෙන්දේසි කිරීම වහාම නවත්වා, ඒය ඉන්දියාවට බාරදිය යුතු බව පූජ්‍ය ඉදුරාගාරේ ධම්මරතන හිමියන් පවසයි.
කිසිදු පළාත් පාලන ආයතනයක බලය පිහිටුවීම සඳහා පරාජිත දේශපාලන පක්ෂ සමග එකතු නොවන අතර ස්වාධීන කණ්ඩායම්වල සහය අවශ්‍ය වුවහොත් ලබාගන්නා බව ජාතික ජන බලවේගය පවසයි.
මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතාට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට සුදුසුකම් නොමැති බවට තීන්දු කොට ඔහුගේ මන්ත්‍රී ධුරය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකෙරුණු රිට් පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය අද (07) නියෝග කළේය.
පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව මේ වනවිට නිකුත්වී ඇති ප්‍රතිඵලවලට අනුව ජාතික ජන බලවේගය බහුතර ආසන සංඛ්‍යාවක ඉදිරියෙන් සිටියද සභා පිහිටුවීමේදී කිසියම් අර්බුදකාරී තත්ත්වයකට පත්වෙනු ඇති බව දේශපාලන විශ්ලේෂකයින් පෙන්වා දෙයි.
හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහර මහේස්ත්‍රාත් අධිකරණයට භාර වී තිබෙනවා.
ලෝක බැංකුවේ සභාපති අජේ බංගා මහතා අද දිනයේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.
ඉන්දියාව විසින් එල්ල කළ ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් හත්දෙනෙකු පමණ මියගොස් ඇති බව පාකිස්ථානය ප්‍රකාශ කර ඇත.
පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල මේ වන විට නිකුත් වෙමින් පවතින අතර, දැනට නිකුත් කර ඇති ප්‍රතිඵල අනුව ජාතික ජන බලවේගය සැලකිය යුතු පසුබෑමක් පෙන්නුම් කරයි.
ඉන්දීය හමුදා විසින් පාකිස්ථානයේ සහ ජම්මු කාශ්මීර ප‍්‍රදේශයේ ස්ථාන 9ක් වෙත මිසයිල ප‍්‍රහාර එල්ල කර ඇති බව වාර්තා වේ.

ප්‍රධාන පුවත්

සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.

බෞද්ධයන්ගේ පූජනීයත්වයට පත් බුදුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වෙන්දේසි කිරීම වහාම නවත්වා, ඒය ඉන්දියාවට බාරදිය යුතු බව පූජ්‍ය ඉදුරාගාරේ ධම්මරතන හිමියන් පවසයි.

මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව මේ වනවිට නිකුත්වී ඇති ප්‍රතිඵලවලට අනුව ජාතික ජන බලවේගය බහුතර ආසන සංඛ්‍යාවක ඉදිරියෙන් සිටියද සභා පිහිටුවීමේදී කිසියම් අර්බුදකාරී තත්ත්වයකට පත්වෙනු ඇති බව දේශපාලන විශ්ලේෂකයින් පෙන්වා දෙයි.

ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි

ඉන්දියාව විසින් එල්ල කළ ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් හත්දෙනෙකු පමණ මියගොස් ඇති බව පාකිස්ථානය ප්‍රකාශ කර ඇත.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි

2025 පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද විමසීම මේ වන විට ආරම්භ වී තිබේ. ඒ අනුව අද (06) පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා දිවයින පුරා පිහිටි ඡන්ද මධ්‍යස්ථාන 13,759ක ඡන්ද විමසීම පැවැත්වෙනු ඇත.

දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..

ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලය (SLCPI), ශ්‍රී ලංකා ජාතික ඖෂධ නිෂ්පාදකයින්ගේ මණ්ඩලය (NCPMSL) සහ ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදකයින්ගේ සංගමය (SLPMA) යන සංගම්වල සභාපතිවරුන් විසින් මෙම ඒකාබද්ධ ලිපියට අත්සන් තබා ඇත.

දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් හි පිහිටි පුරාණ ස්තූපයකින්1898 දී සොයා ගන්නා ලද පූජනීය බෞද්ධ ධාතු 300කට අධික එකතුවක් ලලිත කලා, එකතු කළ හැකි භාණ්ඩ සහ ස්වර්ණාභරණ සම්බන්ධ සුප්‍රසිද්ධ බ්‍රිතාන්‍ය තැරැව්කාර ආයතනයක් වන සොතෙබිස් විසින් ලබන සතියේ (මැයි 7) වෙන්දේසි කිරීමට නියමිතව තිබේ.

ජවිපෙ අත්හැරපු ඉන්දියන් විරෝධී සටන විජේවීරගේ පුතා අතට ගනී.. (වීඩියෝ)

වෙන කවරදාකටත් වඩා මාතෘභූමිය දැඩි අනතුරකට ලක්වී ඇති බවත්, මෙරට ඉතිහාසයේ සිටම යටත් කරගැනීම සඳහා විවිධ ආක්‍රමණයන් සිදුවූ බවත් දෙවන පරපුර නායක උවිඳු විජේවීර මහතා පවසයි.

අනුර - මෝදි ගිවිසුම්වලින් රටේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකියි - වෛද්‍ය අනුලා විජේසුන්දර (වීඩියෝ)

ජනාධිපති අනුර දිසානායක සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි විසින් අත්සන් කළ ගිවිසුම් මගින් රටේ ජාතික ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකි බව ජාතික සංවිධාන නියෝජනය කරමින් වෛද්‍ය අනුලා විජේසුන්දර මහත්මිය පවසයි.

අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනියි... ජනාධිපති ලේකම් වගකීම් පැහැරහැරියා - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් චෝදනා (වීඩියෝ)

පසුගිය දා ජනාධිපති අනුර දිසානායක සහ ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදිගේ එකඟතාවයෙන් නිලධාරීන් පිරිසක් විසින් අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට පටහැනි, ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනි බව තර්කානුකූලව, තාක්ෂණික ක්‍රමවේද අනුව ඔප්පුකර සෑදූ ලියවිල්ලක් ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයට භාරදුන් බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට මහජන පෙත්සම භාර දුන් අවස්ථාව (වීඩියෝ)

පසුගිය දා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙරටට පැමිණ ආණ්ඩුව සමග අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදීම ඊයේ(02) සිදුවිය.

ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් අත්සන් කර ඇත්තේ රටේ ස්වාධීනත්වයට, නීතියට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ලෙසයි - නීතිඥ මධුමාලි අල්විස් (වීඩියෝ)

පසුගියදා ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් කිහිපයකට අත්සන් කළ බවත්, එහෙත් මේ වන තෙක් කිසිඳු මාධ්‍යයකට සහ ජාතික සංවිධානයකට මෙම ගිවිසුම් පිළිබඳව තොරතුරු හෙළිදරව් කර නොමැති බවත් නීතිඥ මධුමාලි අල්විස් මහත්මිය පවසයි.

ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධීයි.. ඒ ගිවිසුම්වලින් රටේ ස්වෛරීත්වය පාවා දීලා - ආචාර්ය ගුණදාස අමරසේකර (වීඩියෝ)

ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධී බවත්, එමගින් රට විනාශ වන බවත් ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා පවසයි.

ඉන්දියාවත් එක්ක ගැසූ හොර ගිවිසුම් ගැන කරුණු කියන්න ජනපති ලේකම් කාර්යාලයට ගිය ජාතික සංවිධාන නියෝජිතයන්ට කුඩම්මාගේ සැලකිලි..

ඉන්දියාවත් සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළකරමින් ඊයේ(01) ජාතික සංවිධාන විසින් අත්සන් කළ ජාත්‍යන්තර පෙත්සම භාරදීම සඳහා අද(02) ජාතික සංවිධාන නියෝජිතයෝ පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණ සිටියහ.

අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදෙයි..

පසුගිය දා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙරටට පැමිණ ආණ්ඩුව සමග අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදීම අද(02) සිදුවිය.

ඉන්දියාව අසල්වාසී රාජ්‍යයක් මිස ලොකු අයියා නොවෙයි.. ඉන්දියාවේ උපකාර පිටුපස සැඟවුණු යටි අරමුණු වටහාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි (වීඩියෝ)

ලෝකයේ බලසම්පන්න රාජ්‍යයන් හා කුඩා රාජ්‍යයන් අතර ඇතිවන ගිවිසුම්වලදී බලසම්පන්න රාජ්‍යයන් දෙකක් අතර ගිවිසුම්වලට වඩා වෙනස් අයුරකින් ක්‍රියාත්මක වන බවත්, එහිදී කුඩා රාජ්‍යයන්ගේ නායකයන් බුද්ධිමත්ව කටයුතු කළ යුතු බවත් මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ පවසති.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.