News Category
From Date
To Date
Maximum Number of Result

නීති-රීතිවලින් පමණක් රටක් ඉදිරියට ගෙන යා නොහැකි බවත් රටක සම්ප්‍රදාය ඉතාම වැදගත් අංගයක් බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය.

හිටපු අමාත්‍ය අනුර ප්‍රියර්දශන යාපා සහ ඔහුගේ බිරිඳ අපරාධ පරීක්ෂණ දෙපාර්‌තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකයා පැවසීය.

කර්මාන්ත නියෝජ්‍ය ඇමති චතුරංග අබේසිංහ මහතා සිය අමාත්‍යංශයේදී පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් කර්මාන්ත සඳහා පොල් මද සහ පොල් කිරි ආනයනය කළ යුතු බවට ඉල්ලීමක් ලැබී ඇති බව අනාවරණය කළේය.

ඩොනල්ඩ් ට්‍රම්ප්, එක්සත් ජනපද සෙනෙට් සභික මාර්කෝ රුබියෝව ඔහුගේ රාජ්‍ය ලේකම් ධුරයට තෝරා ගනු ලැබීය. එමඟින්, ෆ්ලොරිඩාවේ උපන් මාර්කෝ රුබියෝ නම් දේශපාලනඥයා,තේරී පත් වූ රිපබ්ලිකන් ජනාධිපතිවරයා බලයට පත්වීමෙන් පසු ඇමරිකාවේ ඉහළම රාජ්‍ය තාන්ත්‍රිකයා ලෙස සේවය කරන පළමු ලතින් ජාතිකයා බවට පත්වී තිබේ.

අභිනවයෙන් පත් වූ එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය පත්වීම භාරගත් පළමු දිනයේ සිටම කිසිදු හේතුවක් නොමැතිව කියුබාවට එරෙහිව චෝදනා එල්ල කරමින් සිටී.

පැරණි ජාතික හැඳුනුම් පතේ මුල් අංක 5 උපන් වසර හා තමන් උපන් දවස වන වනවිට එම අවුරුද්දේ ගෙවීගිය දින ගණන බවත්, ඒ නිසා එම දිනය මානව වර්ගයාගේ අසමසම දිනය වන හෙයින් එය වෙනස් කිරීමේ හැකියාවක් නොමැති බවත් 2004 දී ජාතික හැඳුනුම්පත සහ ගමන් බලපත්‍රය උපයෝගී කරගෙන සිදුකළ බිලයන 3. 9ක වැට් වංචාව පිළිබඳව වසර 28ක් තිස්සේ අධ්‍යයනයක නිරත වූ විජය උඳුපිටිය මහතා පවසයි.

ලෝකයේ සුරක්ෂිතම ඩිජිටල්කරණ වැඩ පිළිවෙල ඉන්දියාවේ “ආධාර්“ (Aadhaar) ක්‍රමවේදය බව ජනපති පැවැසුවත් එහි තිබූ මිලියන 815ක ඉන්දියානු පුරවැසියන්ගේ දත්ත හොරකම් කර ඇති බවත් එම නිසා ලංකාවට ඩිජිටල් හැඳුනුම්පත හඳුන්වා දීමට පෙර සිය දහස් වාරයක් කල්පනා කළ යුතු බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

ජනාධිපති ධුරයට පත් ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා විසින් අනවසර සංක්‍රමනිකයන් ඉලක්ක කර ගෙන යෑමට නියමිත "Operation Safeguard" මෙහෙයුම ලබන සතියේ චිකාගෝ නගරය ඉලක්ක කර ගනිමින් දැවැන්ත පිටුවහල් කිරීමේ සැලැස්මක් සහිතව ක්‍රියාත්මක කිරීමට නියමිත අතර එයට රේගු,ආගමන හා විගමන බලකායේ නියෝජිතයන් 150-200 ක් අතර පිරිසක් සම්බන්ධ වීමට නියමිතය.

මහා පරිමාන මෝල් සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂාවකදී සහල් මෝල් හිමියන් තමන් රැස් කරන තොග එක් කන්නයක සිට අනෙක් කන්නය දක්වා ක්‍රමානුකූලව අඹරා වෙළඳපොළට නිකුත් කරමින් සිටින බව අනාවරණය වූ බවත් ඔවුන් සහල් හෝ වී තොග සඟවාගෙන නැති බව හෙළිදරවූ බවත් ජනාධිපති අනුර කුමාර දිසානයක මහතා පවසයි.


ප්‍රධාන පුවත්

2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්‍රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්‍රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය

එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කළ නවතම වාර්තාවකට අනුව, 2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්‍රතාව ඉහළ ගොස් තිබේ.

ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ

බද්දේගම නගර ශාලාවේදී ඊයේ (11) පැවැති දේශපාලන සම්මන්ත්‍රණයක අදහස් දක්වමින් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා වත්මන් ආණ්ඩුවේ දෙවසරක පාලනය දැඩි ලෙස විවේචනය කරමින්, ආර්ථික කළමනාකරණය, විදේශ සබඳතා, බුද්ධ ශාසනය, රණවිරුවන් සම්බන්ධ නඩු කටයුතු සහ රටේ භෞමික අඛණ්ඩතාව සම්බන්ධයෙන් බරපතළ විවේචන රැසක් මතු කළේය.

ඇමරිකානු අභ්‍යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..

රුසියානු ඩීසල් සැපයුම් සම්බන්ධයෙන් පනවා තිබූ සම්බාධක තාවකාලිකව අත්හිටුවීමට ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය හදිසියේ ගත් තීරණයත් සමඟ ජාත්‍යන්තර දේශපාලන කරළිය දැඩි උණුසුම් වී තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු පරිච්ඡෙදය රට බවත්, දෙවන පරිච්චේඡද ආගම නොව බුද්ධාගම බවත්, මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ පවති.

මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ

මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කිරීමට නොයන ලෙසත්, ජනාධිපතිවරයා උතුරට ගොස් 'කිසිම ජාතිවාදයකට නැගිටින්න දෙන්නේ නෑ' යැයි පවසන බවත්, එසේ නම් උතුරේ නැගිටින දෙමළ ජාතිවාදය ද නතර කළ යුතු බවත් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..

මෙරට පෞද්ගලික ඉන්ධන සමාගම් සතුව දැනට මාසයකට ප්‍රමාණවත් ඉන්ධන තොග පවතින බැවින් ක්ෂණික ඉන්ධන හිඟයක් ඇතිවීමේ අවදානමක් නොමැති බවත්, එහෙත්, දිගින් දිගටම පාඩු ලබමින් ඉන්ධන අලෙවි කිරීමට සිදුවීම හේතුවෙන් ඉදිරි මාසවලදී අඛණ්ඩ ඉන්ධන සැපයුම පවත්වාගෙන යෑම සඳහා රජය පැහැදිලි උපායමාර්ගික සැලැස්මක් ඉදිරිපත් කළ යුතු බවත් ඉන්ධන ක්ෂේත්‍රයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පවසයි.

තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ දැනට ක්‍රියාත්මක වන වැඩසටහන මඟින් සාර්ථකව අත්පත් කරගත් ආර්ථික ස්ථායීතාව අඛණ්ඩව ආරක්ෂා කරගනිමින්, රටේ ඉදිරි ආර්ථික වර්ධනය තවදුරටත් වේගවත් කිරීම උදෙසා ඉදිරියේදී තවත් නව එකඟතාවකට එළඹීමට රජය සූදානම් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.

ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..

මහා සංඝරත්නයට පහරදීමේ ද්වේෂ සහගත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙමින් පවතින පසුබිමක දේශප්‍රේමී සිංහල නායකයින්ද සිරගත කිරීමේ කුමන්ත්‍රණයක්ද පවතින බව හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා අනාවරණ කරයි.

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..

ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය බන්ධනාගාරයේ දී ඉවත්කොට අධිකරණයට ගෙන ඒම සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ඇතුළු වගඋත්තරකරුවන් 10 දෙනෙකුට එරෙහිව බ්‍රිගේඩියර්(විශ්‍රාමික) අතුල හේමචන්ද්‍ර ද සිල්වා මහතා අභියාචනාධිකරණයේ නඩු අංක CA/WRIT/787/2026 යටතේ අද දින (2026.10.12) නඩුවක් ගොනුකර තිබේ.

චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..

චීන–ලාඕස දුම්රිය මාර්ගය ඔස්සේ සිදුකර ඇති සමස්ත වෙළෙඳ ගනුදෙනුවල වටිනාකම යුවාන් බිලියන 100 (ඇමෙරිකානු ඩොලර් බිලියන 14.9ක් පමණ) ඉක්මවා ගොස් තිබේ. එම මාර්ගය හරහා මේ වන විට ආනයන හා අපනයන භාණ්ඩ ටොන් මිලියන 20.77කට අධික ප්‍රමාණයක් ප්‍රවාහනය කර ඇති බව වාර්තා වේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.