News Category
From Date
To Date
Maximum Number of Result

උතුරේ ව්‍යාජ ඉතිහාසය බොරු කරන වල්ලිපුරම් රන් සන්නස..

Jun 17, 2025 at 09:17 AM
|

ලංකාවේ හමුවුණු විශේෂ ඒ වගේම හරිම ආකර්ෂණීය පුරාකෘතියක් ගැන කියන්නයි මේ සටහන වෙන් වෙන්නේ. ඒ වල්ලිපුරම් හෙවත් වැලිපුර රන් සන්නස ගැන. මේ ගොඩාක් අය මේ ගැන අහලත් ඇති. අපේ උරුමය ගැන බොහොම ලස්සනට ලියන Samarasinghe NH මැතිතුමාත් මේ ගැන වරක් මතක් කරල තිබුනා.

මේ ලිපිය හමු වෙලා තියෙන්නේ යාපනය දිස්ත්‍රික්කයේ වඩමාරච්චි ප්‍රදේශයේ පිහිටල තියෙන වල්ලිපුරම් කියන ගමෙන්. සිංහල විදිහට කිවුවොත් ‘වැලිපුර’ කියන ගම. ඒ 1936 විතර. ගමේ පිරිසක් විසින් ඒ ස්ථානයේ කෝවිලක් හදන්න පදනම් කානු පාදද්දි තමයි මේ රන්පත ලැබිල තියෙන්නේ. මෙතැන තිබුණු පරණ ගොඩනැඟිල්ලක පාදමකට යට කරලයි මේ රන්පත තිබිල තියෙන්නේ. මෙතැන තිබිල තවත් පුරාවස්තු ගණනාවකුත් හමුවුණු බව තමා වාර්තා වෙලා තියෙන්නේ. මේ රන්පත අඟල් 4ක් විතර දිග අඟල් 1ක් පමණ පළල එකක්. බර ග්‍රෙන්ස් 70ක් විතර කියලයි මහාචාර්ය පරණවිතාන මැතිඳා ලියල තියෙන්නේ. දැන් අපේ රටේ අභිමානය කියාපාන, කොළඹ ජාතික කෞතුකාගාරයේ අභිලේඛන මැදිරියේ ප්‍රදර්ශනයට තියෙල තියෙනවා. මේ අනගිභවනීය පුරාකෘතිය ගැනත් ලියල තියෙන්නේ අද දවසේ අඳබාලයින්ගේ ගැරහීමට පාත්‍ර වන ඉසිවරයෙක් වන් මහා ප්‍රාඥ සෙනරත් පරණවිතාන මැතිඳාමයි. කටු පහර වදින්න වදින්න ඔප වැටෙන මැණිකක් වගේ පරණවිතාන නමට පහර ගහන තරමට එතුමගේ දිස්නය වැඩිවෙනවා මිසක් අඩු වෙන් නෑ. මෙතුමා මේ ගැන ලියපු ලිපිය Epigraphia Zeylanica කෘතියේ III වැනි කාණ්ඩයේ පළවෙලා තියෙනවා. සිංහලටත් පෙරළලා තියෙනවා, ඒ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින්මයි.

මෙම රන්පතේ තියෙන ලිපිය ක්‍රිස්තු වර්ෂයෙන් පළමු වැනි ශතවර්ෂයට අයිති අකුරු වලින් ලියල තියෙන්නේ. මේ කාලයට අයිති වෙනත් ලිපි එක්ක බලද්දි මේ ලිපියේ අකුරු වෙනස්. වේගවත් හා වැල් අකුරු බවක් තමයි පේන්න තියෙන්නේ. මේ වගේ දෙයක් ඇති වෙන්න හේතුව මේ අකුරු රන් තහඩුවක ලියල තියෙන එකයි. ඒ මත ලිස්සන ගතිය වැඩියි කියන කාරණය පැහැදිලියි නේ. මේ ලිපිය සටහන් කරල තියෙන්නේ ඒ කාලයටම අයිති බ්‍රාහ්මි අකුරුවලින්. බස ගත්තොත් පැරණි සිංහල.

සෙනරත් පරණවිතාන මැතිතුමා මේ රන්පත ගැන ලිපිය ලියද්දි බොහෝම රසවත් විදිහට ලියල තියෙනවා, සාහිත්‍යය නිර්මාණයක් තරමට රසවත්. අද ඉතිහාසය, පුරාවිද්‍යාව කරන අයටත් ඉගෙන ගන්න දේ බොහොමයි ලිවීම ගැන. මේ රන්පතේ ලේඛනය සටහන් කළ තැනැත්තා ලිපිය ලියල ඒක තැම්පත් කරල තියෙන්නේ ඒ ලිපියෙන්ම කියල තියෙන පරණ පන්සලේ පදනමේ. මිහිපිට ඉන්න කෙනෙකුට බලන්න වෙන්න බෑ එතන තැම්පත් කරල තියෙන්නේ. එහෙනම් කාට බලන්න ද. පරණවිතාන මැතිදා කියන විදිහට සක්‍ර දෙවියන්ට දකින්න, බලන්න. මේ ගැන මාත් එක්ක වාදෙට එන්න ඕන නෑ, වැඩි විස්තර ඕන අය ඒ ලිපිය කියවල ඉමුකෝ.

මේ දුර්ලභ ලේඛනයේ පෙළ හා අරුත පහත දක්වලා තියෙනවා. ලිපිය පේළි හතරයි. ‘සිධා‘ නැත්නම් යහපතක් වේවා කියල ආශිර්වාද කරන්න ලියුව පාඨය පළමු වැනි හා දෙ වැනි පේළි අතර ආරමභයේම තියෙනවා. මේ ආශිර්වාදය මේ විදිහටම හරි ඊට වඩා තරමක් වෙනස් ආකාරයකට මේ කාලේ ලිපිවල සුලභව යෙදෙනවා.

---------

පෙළ

"සිධ මහරජ වහයහ රජෙහි අමෙතෙ ඉසිගිරයේ නකදිව බුජමෙනි බදකර අතනෙහි පියගුක-තිසවිහර කරිතෙ"

තේරුම

(යහපතක්ම වේවා ! වහ(බ) මහරජුගේ රාජ්‍ය සමයෙහි අමාත්‍ය වූ ඉසිගිරය නකදිව පාලනය කරන කල්හි, පියගුකතිස බදකර-අතන නම් ස්ථානයෙහි විහාරයක් කරවන ලදි)

-------

ඒ අරුත නැවතත් තවත් සරළ කරල කිවුවොත් කියන්න වෙන්නේ මෙහෙමයි. ‘වසබ නම් රජුගේ රාජ්‍ය කාලයේ ඉසිගිරය නම් ඇමැතිවරයා නාගදීපය පාලනය කළා. ඒ කාලයේ ම පියගුකතිස නම් තැනැත්තා විසින් බදකර අතන නම් ස්ථානයෙහි විහාරයක් ඉදිකරන ලදී

මහාචාර්ය පරණවිතානයන්ට අනුව මෙම ලිපියේ දැකවෙන ‘වහබ’ කියන්නේ වෙන කවුරුවත් නෙවෙයි ක්‍රිස්තු වර්ෂ 65 – 109 කාලයේ මෙරට පාලනය කළ වසභ රජුයි. නමුත් මෙම ලිපියේ දැක්වෙන ‘ඉසගිර’ නම් ඇමැතිවරයා හා ‘පියගුකතිස’ කියන දානපතියා ගැන නම් මෙරට වෙනත් මූලාශ්‍රයක සඳහන් වෙලා නැහැ.

අනුරාධපුරයේ ඉදල රාජ්‍යය විචාල රජකුගේ අනසකට යටත්ව නිකුත් කළ ලේඛනයක් යාපන ප‍්‍රදේශයෙන් ලැබීමත් එහි ඇතුළත් වෙලා තියෙන දේත් එක්ක බලද්දි මේ රජුගේ පාලනයට යාපන ප්‍රදේශයත් නතුව තිබුණු බව පැහැදිලියි. ඉතිං මේ රන්පතේ ලේඛනයත් අනුව උතුරු නැඟෙනහිර කලාපයේ සාම්ප්‍රදායික දෙමළ නිජබිමක් හා පාලනයක් තිබුණ කිව්ව කාරණය අසමත් වෙනවා. ඇයි ක්‍රිස්තු වර්ෂ 2 වැනි සියවස වෙද්දිත් මේ ප්‍රදේශය අනුරාධපුරයේ හිටිය වසබ රජතුමාගේ පාලනයට අනුගතවනේ පාලනය තිබිල තියෙන්නේ. එතුමාගේ නිලධාරින්මයි ඉදල තියෙන්නේ. අපි කලින් සටහනකින් කතාකළ කඳුරුගොඩ විහාරයෙන් හමුවුණු මැටිපාත්තරයේ ලියල තිබුණු ලේඛනයත් මේ අවස්ථාවේ සිහියට ගන්නකෝ.

මේ කෙටි සටහන ලියද්දි මහාචාර්ය සෙනරත් පරණවිතාන මැතිතුමා දක්වල තියෙන අදහසක් ඒ විදිහටම උපුටලා දක්වන එක හොඳයි කියලයි හිතෙන්නේ. මේ පරිවර්තනය ඇදල ගත්තේ මාලිනි ඩයස් මැතිණියගේ පරිවර්තනයකින්.

: දෙවන ශතවර්ෂයේ දි නාගදීපය අනුරාධපුරයේ රජුගේ අමාත්‍යයෙකු විසින් පාලනය කළ බව ද, සිංහල භාෂාව එකල එහි ව්‍යවහාර භාෂාව වූ බව ද බෞද්ධ සිද්ධස්ථාන එහි ගොඩනැගෙමින් පැවති බව ද මේ රන්පත් ලිපිය සනාථ කරයි. ලංකාවේ ලියැවුණු පාලි ග්‍රන්ථයන්හි මෙන්ම වංශකතාවල ද නාගදීපය ගැන සඳහන් කරුණුවලින් හෙළිවන්නේ අද පවත්නා සේ නොව මෙම ප්‍රදේශයන්හි පුරාණයේ විසූ ජනයාගේ ජාතිය, භාෂාව හා ආගම අතින් වෙනස් නොවූ බවකි. මේ අනුව පැරණි සිංහල ජනයාගේ දේශපාලන, ආගමික හා සංස්කෘතික ඉතිහාසයට දිවයිනේ උතුරුකරය ද සෑම අතින්ම සම්බන්ධ වූ බව සනාථ වෙයි. ජනගහනයේ දෙමළ ජන අනුපාතය දිවයිනේ සෙසු ප්‍රදේශවලට වඩා ක්‍රමයෙන් මෙහි වර්ධනය වෙමින් පැවතුනත් ඉහත කී තත්ත්වය පොළොන්නරු යුගයේ අවසාන භාගය දක්වා නොකඩවා පැවතියේය.:

මෙම ලේඛනයේ ‘නකදිව’ යනුවෙන් අදහස් කර ඇත්තේ අද එනමින් හඳුන්වනු ලබන දූපත පමණක් නොව සම්පූර්ණ යාපන අර්ධද්වීපයමයි. ලංකාවේ කීර්තිමත් විද්වතෙකු වූ පෝල් ඊ. පීරිස් මැතිතුමා විසින් විවිධ මුලාශ්‍රය උපකාර කරගනිමින් නාගදීප යනු සමස්ත යාපන අර්ධද්වීපයම බව වල්ලිපුරම් සන්නස ලැබෙන්න පෙර දක්වලා තිබූනා. එතුමාගේ ඒ අදහස සම්පූර්ණයෙන්ම වගේ සනාථ කරගන්න පුළුවන් වුනේ මේ රන්පතේ ලිපිය උපකාරයෙනුයි.

මේ සටහනට එක්කරල තියෙන සන්නසේ රූපය ගත්තේ https://www.flickr.com වෙබ් අඩවියේ තියෙන එකතුවකින්. මේ රූපයේ මැද අකුරක් දම්පාටින් තියෙනවා. මට නම් ඒ ගැන කිසිම දැනුමක් නැහැ. මේ සටහන කියවන අය අතර ඒ ගැන දන්න කෙනෙක් ඉන්නවා නම් පොඩි සටහනක් දාන්නයි කියලත් ඉල්ලනවා.

- චන්දිම අඹන්වල

සම්බන්ධිත පුවත් | Related News

ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රිනියට චීනයට යන ගුවන් යානයට ගොඩවීමට නොහැකි වූ පුවතක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ සංවාදයක් නිර්මාණය වී ඇත.
ආන්තවාදයට විරුද්ධව කටයුතු කිරීම ආරම්භ කළේ 2002 වසරේදී එක්තරා ක්‍රිස්තියානි දෙමළ පූජකවරයකු විසින් බුදුපිළිමයක් පාගාගෙන සිදුකළ යාඥා කිරීමක් දැකීමෙන් පසුව බවත්, එදා එය දැක දැඩි කෝපයක් ඇති වූ බවත් ගලගොඩ අත්තේ ඥානසාර හිමි විසින් ප්‍රකාශ කරන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වේ.
ලෝක බැංකු වාර්තාවලට අනුව, 2024 වන විටත් නයිජර් (Niger) රාජ්‍යයේ ජනගහනයෙන් 80% කට ආසන්න ප්‍රමාණයකට විදුලිය පහසුකම් නොමැත. එසේ වුවද, එම වසර දක්වාම ලොව විශාලතම යුරේනියම් නිෂ්පාදකයෙකු වන නයිජර් රාජ්‍යය, යුරෝපා සංගමයේ (EU) න්‍යෂ්ටික බලශක්ති අවශ්‍යතාවයෙන් 25% ක්ම සපයමින් මුළු යුරෝපය පුරා පිහිටි නගර සහ ගම්මාන බලගැන්වීමට දායක විය.
Born Again ඇදහීම ශ්‍රී ලංකාවේ මුලින්ම ආරම්භ වෙන්නේ දශකයකට එකහමාරකට කලින්.
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 38(2) වගන්තියට අනුව ජනාධිපතිවරයෙකුට එරෙහිව දෝෂාභියෝගයක් (Impeachment) ගෙන ඒමට පැහැදිලි ප්‍රතිපාදන ඇත.
භාස්කර II (භාස්කරාචාර්ය) යනු බ්‍රහ්මගුප්තගෙන් වසර 500කට පමණ පසු, එනම් ක්‍රි.ව. 12 වන සියවසේදී (ක්‍රි.ව. 1150 දී පමණ) විසූ තවත් ශ්‍රේෂ්ඨ ඉන්දීය ගණිතඥයෙකු සහ තාරකා විද්‍යාඥයෙකි. ඔහු බ්‍රහ්මගුප්ත ඉදිරිපත් කළ මූලික ගුරුත්වාකර්ෂණ අදහස් තවදුරටත් පුළුල් කරමින්, සිය සුප්‍රසිද්ධ “සිද්ධාන්ත ශිරෝමණී” නම් ග්‍රන්ථයේ "ගෝලාධ්‍යාය" නම් පරිච්ඡේදය තුළ මේ පිළිබඳව ඉතා පැහැදිලි විද්‍යාත්මක විග්‍රහයක් සිදු කළේය. සර් අයිසැක් නිව්ටන්ට වසර 500කට පෙර, භාස්කර II විසින් ගුරුත්වාකර්ෂණය සහ ආකාශ වස්තූන්ගේ පැවැත්ම ගැන ප්‍රකාශ කළ ප්‍රධාන කරුණු මෙසේය.
2050 වන විට ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනගහණය සිංහල ජනගහණය අභිබවා යන බවත්, සිංහල ජාතිය මහ ජාතිය ලෙස මෙරට තුළ ජීවත්වන අවසාන සියවස මෙය බවත් මුස්ලිම් පූජකවරයකු විසින් පවසන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වේ.
දණපතියන්ගේ කැසිනෝ බදු ඉවත් කර සබන් කැටේ බදු වැඩිකර හාල් මාෆියාව ඇතිකළේ වත්මන් ආණ්ඩුවේම පිරිස බව දේශපාලන වේදිකා තුළ ඇතිවූ කතාබහ ආශ්‍රයෙන් සමාජ මාධ්‍යයේ පළ වූ වීඩියෝවක් පහතින් දැක්වේ.
රනිල් වික්‍රමසිංහ මහතාව බොහෝ දෙනෙකු විශාල ලෙස අපවාදයට ලක්කළ බවත් පහර ගැසූ බවත්, එතරම් අපහාස විඳගත් ජනාධිපතිවරයකු තවත් නොමැති බවත් රංගන ශිල්පී කලන ගුණසේකර පවසයි.

ප්‍රධාන පුවත්

"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..

කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1974 සහ 1976 වසරවලදී ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.