News Category
From Date
To Date
Maximum Number of Result

ඊශ්‍රායල් - ඉරාන ගැටුම නිසා මතුවන ලෝක අර්බූද.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශ සිදුකරන විග්‍රහය..

Jun 17, 2025 at 12:35 PM
|

2023 ඔක්තෝබර් 07 වැනිදා හමාස් සංවිධානය ඊශ්‍රායලයට එල්ල කරන ලද ප්‍රහාරයෙන් පසුව ඊශ්‍රායලය විසින් හමාස් සංවිධානයට සහ පලස්තීනයට එරෙහිව යුද ප්‍රකාශ කරන ලද අතර මෙම ගැටුම අතරතුර පලස්තීනය වෙනුවෙන් නිරන්තරයෙන් පෙනීසිටියේ ඉරානයයි. පසුගිය දා ඊශ්‍රායලය විසින් ඉරානයට ද ප්‍රහාර එල්ල කිරීමත් සමග ලෝකය පුරා දැඩි ව්‍යාකූලත්වයක් නිර්මාණය වී තිබේ.

එම තත්ත්වය සහ මෙම ගැටුමේ අනාගතය පිළිබඳව භූ දේශපාලන විචාරක, ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පළ කළ අදහස් මෙසේය.

ප්‍රශ්නය – මේ වනවිට ඊශ්‍රායලය සහ ඉරානය යුද්ධයක පැටලිලා සිටිනවා. ඔබගේ තක්සේරුව අනුව මෙම යුද්ධයේ අවසානය කුමක්වේවිද?

පිළිතුර – ඇමරිකාව, රුසියාව ඇතුළු කිසිම පාර්ශ්වයක් මෙම යුද්ධයට කැමති නැහැ. සෑම පාර්ශ්වයක්ම කියන්නේ යුද්ධය නතර කරල සාම සාකච්ඡා කරන්න කියන එක තමයි. ඊශ්‍රායල් ජාතිකයන්ගේ සහ ඉරාන ජාතිකයන්ගෙන් බහුතරයක් මෙම යුද්ධයට කැමති නැහැ. බහුතරයක් දේශපාලන විචාරකයන් දකින්නේ බෙංජමින් නෙතන්යාහු අගමැතිවරයාගේ පෞද්ගලික පැවැත්ම සඳහා මෙම යුද්ධය කරන බව තමයි. රුසියාව ඇතුළු බි්‍රක්ස් සංවිධානයට අයත් රටවලුත් මෙම යුද්ධය දකින්නේ යුක්රේනයේ සෙලෙස්කි ඔහුගේ පැවැත්ම සඳහා කරන යුද්ධය ලෙස තමයි.

දැනට ලැබිල තිබෙන තොරතුරු අනුව ඊශ්‍රායලයේ මිසයිල ආරක්ෂණ පද්ධතියට විශාල වශයෙන් හානි සිදුවී තිබෙනවා. එම නිසා ඊශ්‍රායලයේ තිබූ ප්‍රධාන තෙල් පිරිපහදුවකුත් විනාශ වෙලා තිබෙනවා. ඒ වගේම හයිතා නමැති වරාය වටාත් විශාල හානියක් සිදුවී තිබෙනවා. ඒ වගේම ඉරානය ඊශ්‍රායලයේ ජනතාවට දැනුම් දී තිබෙන විදුලි මධ්‍යස්ථාන සහ න්‍යෂ්ටික පර්යේෂණ කරන ආයතන අසලින් ඉවත් වන ලෙස. ඊශ්‍රායලය කියන්නේ කුඩා රටක්. නමුත් ඉරානය කියන්නේ කඳු, වනාන්තරවලින් සමන්විත විශාල රටක්. එම හේතු සාධකයන් නිසා ඊශ්‍රායලයේ පැවැත්ම පිළිබඳ ලොකු ප්‍රශ්නයක් මතුවෙනවා. එම හේතු සාධකයන් ඊශ්‍රායලයට බල කරනවා මෙම යුද්ධය නතර කරන ලෙසට. මෙම යුද්ධය පටන් ගත්තේ ඊශ්‍රායලය විසින්. එම නිසා මෙම යුද්ධය නතර කිරීමට සිද්ධ වෙන්නෙත් ඊශ්‍රායලයට.

ප්‍රශ්නය – හමාස් සංවිධානය 2023 ඔක්තෝබර් 07 දින ඊශ්‍රායලයට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරල එරට ජනතාව ප්‍රාණ ඇපකරුවන් ලෙස පවා පැහැරගෙන ගියා. එම ප්‍රහාරයෙන් පසුව නේද බෙංජමින් නෙතන්යාහු අගමැතිවරයා පලස්තීනයට එරෙහිව යුද ප්‍රකාශ කළේ?

පිළිතුර – ඊශ්‍රායලය නමැති රට, පිහිටුවපු දවසේ සිට අසල්වැසි රටවල් සමග යුද්ධ කරනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානය 1948 දී ප්‍රකාශයට පත් කරන ලද ප්‍රඥප්තියට අනුව එම භූමියේ ඊශ්‍රායලය මෙන්ම පලස්තීනය නමිනුත් රාජ්‍යයක් පැවතිය යුතුයි. යසර් අර්පත් ජීවතුන් අතර සිටිනතුරා පලස්තීන විමුක්ති සංවිධානයේ නායකයා ලෙස ඒ සඳහා සටන් කළා. පලස්තීන විමුක්ති සංවිධානය, නොබැඳි ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකයෙක්. ඒ වගේම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පූර්ණ සාමාජිකයෙක් නොවුණත් සාමාජිකයෙක්.

මේ වනවිට ඊශ්‍රායලයට, පලස්තීනය සමග යුද්ධ කිහිපයක්ම කරලා තිබෙනවා. එම යුද්ධවලින් ඊශ්‍රායලය, පලස්තීනයට අයත් භූමිය අත්පත් කරගෙන තිබෙනවා. එපමණක් නොවෙයි ඊශ්‍රායලය ඊජිප්තුව සමග වගේම ලෙබනනය සමගත් යුද්ධ කළා. ඊශ්‍රායලය කියන්නේ අසල්වැසි රටවල් සමග යුද්ධ කරන රටක්.

ඊශ්‍රායලයේ හිටපු අගමැතිවරයෙකු වන එහුද් ඔල්මර්ත් ප්‍රකාශ කරලා තිබෙනවා, හමාස් සංවිධානය යනු බෙංජමින් නෙතන්යාහු විසින් තමන්ගේ පෞද්ගලික බලය තහවුරු කර ගැනීම සඳහා බලගැන්වූ පලස්තීනුවන් කොටසක් කියලා. ඒ අනුව නම් එතන ක්‍රියාත්මක වන්නේ එංගලන්තයේ බෙදා පාලනය කිරීමේ න්‍යායයි. යසර් අර්පත්ට බලය තිබුණේ වම් ඉවුර ප්‍රදේශයේ. නමුත් ගාසා තීරයේ පැවැති මැතිවරණයේදී බලය පිහිටුවූයේ හමාස් සංවිධානය. හමාස් කියන්නේ ගාසා තීරයේ බලය තිබුණ ඊශ්‍රායලය විසින් පිළිගත් පාර්ශ්වයක්.

බෙංජමින් නෙතන්යාහුට තවදුරටත් බලය පවත්වාගෙන යෑම සඳහා යුද්ධයක් අවශ්‍යයි. අවසන් වරට පැවති මැතිවරණයේදී නෙතන්යාහු බලයට ආවේ රැඩිකල්වාදී කණ්ඩායම් සමග එකතු වෙලා. සුළු බහුතරයකින් තමයි නෙතංයාහු බලය පිහිටුවූයේ. ඔහුට තවදුරටත් බලය පවත්වාගෙන යෑම සඳහා ව්‍යවස්ථාව වෙනස් කළ යුතු වනවා. එම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව විපක්ෂය සහ ජනතාව විරෝධතා දියත් කරනවා. මහ පාරේ හර්තාල්, විරෝධතා සිද්ධ කරනවා. එම පසුබිමේ තමයි ඔක්තෝබර් ප්‍රහාරය කරළියට එන්නේ. එය සිද්ධ වූයේ කෙසේද කියල කියන්න අපි දන්නේ නැහැ. නමුත් එම සිදුවීම් අතර සහසම්බන්ධයක් තිබෙන බවට සැක සංකා මතුවෙලා තිබෙනවා.

ප්‍රශ්නය – ඊශ්‍රායලයේ හිටපු අගමැති එහුද් ඔල්මර්ත්ගේ ප්‍රකාශය ගැන පලස්තීන පාර්ශ්වයේ අදහස් කුමක්ද?

පිළිතුර – එහුද් ඔල්මර්ත්ගේ අදහස අනුමත කරන පලස්තීනුවන් පමණක් නොවෙයි ඊශ්‍රායල් ජාතිකයනුත් සිටිනවා. එහුද් ඔල්මර්ත් කියන්නේත් යුදෙව් ජාතිකයෙක්. යුද්ධය ආරම්භ කිරීමට පෙර ඊශ්‍රායලය තුළ නෙතන්යාහුට පක්ෂව 40%ක පමණ පිරිසක් හෝ සිටියේ නැහැ. පැහැදිලිවම ඊශ්‍රායලය තුළ බලය පිළිබඳ ප්‍රශ්නයක් තිබෙනවා.

ප්‍රශ්නය – අද වනවිට ඉරානය නමැති රට පිහිටා තිබෙන භූමියේ අතීතයේදී පිහිටා තිබුණේ පර්සියාව නමැති රට. පර්සියාව ආක්‍රමණය කරලා එරටින් පර්සි ජාතිකයන් පලවා හැරලා තමයි ඉරානය පිහිටුවා තිබුණේ.

ඊශ්‍රායල් – ඉරාන යුද්ධය ආරම්භවීමෙන් අනතුරුව ජාතිය ඇමතූ අගමැති බෙංජමින් නෙතන්යාහු පර්සියාව පිළිබඳවත් ඉරාන ජනතාවට නිදහස ලබාදෙන බවත් ප්‍රකාශ කළා. එම ප්‍රකාශයන් ඔබ දකින්නේ කෙසේද?

පිළිතුර – රුසියාවට විරුද්ධව යුක්රේනය අවුස්සල ඇමරිකාවේ ජෝ බයිඩන් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේත්, පුටින්ගේ පාලනයෙන් රුසියන් ජනතාව මුදාගන්නා බව තමයි. නමුත් රුසියාවේ ජනතාවගෙන් 80%කට වඩා පුටිං ජනාධිපතිවරයාට කැමැතියි. ඒ වගේම බටහිර රටවල ජනයා අතරත් වැඩියෙන්ම ජනප්‍රිය නායකයා පුටිං. පුටිංගේ පාලන කාලය තුළදී සිදුවී තිබෙන වෙනස වෙනත් කිසිදු රටක සිදුවූ වෙනසකට සමාන කරන්න බෑ. ඉරානය කියන්නෙත් පසුගිය දශක කිහිපය තුළ බටහිර රටවල් සම්බාධක පනවා තිබියදීත් විශාල වශයෙන් දියුණු වූ රටක්. ඉරානය පසු ගිය කාලයේ ඉදිකළ වරායවල් ඉතා දියුණු මට්ටමක තිබෙනවා. ඉරානය තමන්ගේම ආරක්ෂණ පද්ධතියක් දියුණු කරගෙන තිබෙනවා. ඒ වගේම ලෝකයෙන් තුන්වෙනියට සබ්මැරීන් බළඇණිය තිබෙන්නේ ඉරානයට. ඉරානයට පනවා තිබෙන සම්බාධක මැද එරට ඔවුන්ගේ නැව්වලින් තෙල් ගනුදෙනු කරනවා. චීනයට සිටින ප්‍රධාන වෙළෙඳ ගනුදෙනු කරන රටක් තමයි ඉරානය. එම නිසා ඊශ්‍රායලයේ අගමැති බෙංජමින් නෙතංයාහුට කියන්න බැහැ ඉරානයේ ජනතාව නිදහස් කරගන්න බව.

ඉරානය තමයි ඊශ්‍රායලය පිළිගත් කලාපයේ පළමු රට. ඒ වනවිට එරට පාලකයා ලෙස කටයුතු කළේ ෂා රජු. ෂා රජු යුදෙව්වන් සමග ගනුදෙනු කළා. ඉරානයේ සිදුවූ විප්ලවයෙන් අනතුරුව තමයි එම තත්ත්වය වෙනස් වූයේ. එරට තුළ සිද්ධ වූයේ ජනතා විප්ලවයක්. එම විප්ලවය තුළ ආගමික නායකයෙක් සහ ආගමික පසුබිමක් තිබෙනවා. නමුත් ඉරානය තුළ ආගමික නිදහස තිබෙනවා. එරට තුළ යුදෙව්වන් සිටිනවා. ආර්මේනියන් ජාතිකයන් සිටිනවා. ඒ වගේම ක්‍රිස්තියානි බැතිමතුන් සිටිනවා. මැදපෙරදිග වෙන රටවල්වලට වඩා ආගමික නිදහස ඉරානයේ තිබෙනවා.

බටහිර රටවල් කියන්නේ ඔවුන්ගේ ආකෘතියේ ප්‍රජාතන්ත්‍රවාදයක් තිබිය යුතු බව තමයි. බටහිර රටවල් අපටත් කියන්නේ ඒක තමයි. නමුත් අපට වසර 2500ක ඉතිහාසයක් තිබෙනවා. ඒ අනුව බැලුවහම අපේ ප්‍රජාතන්ත්‍රවාදය, ඔවුන්ගේම ප්‍රජාතන්ත්‍රවාදය විය යුතු නැහැ. ඉරානයටත් එබඳු ඉතිහාසයක් තිබෙනවා. එම නිසා බටහිරට බැහැ ඉරානයේ ජනතාව මොකද්ද කරන්න ඕනි කියල කියන්න.

ප්‍රශ්නය – මෙම යුද්ධය ආරම්භ කිරීමෙන් පසුව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළා පලස්තීන ජනතාවට වෙනත් අරාබි රටවලින් ඉඩම් ලබාදිය යුතු බව. ඒ අනුව පැහැදිලි වනවා පලස්තීන ජනතාව එම භූමියෙන් ඉවත් කිරීමේ සැලසුමක් තිබෙන බව. එම ප්‍රකාශය පිළිබඳව ඔබේ අදහස කුමක්ද?

පිළිතුර – ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ ප්‍රවේශයට වඩා රුසියාව ඇතුළු සෝවියට් දේශයට අයත්ව තිබූ රටවල්, චීනය වැනි රටවල ප්‍රවේශය වෙනස් වෙනවා. දකුණු අප්‍රිකාව ජාත්‍යන්තර අධිකරණයේ ඊශ්‍රායලයට එරෙහිව නඩු තියෙනවා. ජනසංහාරයක් කරන බවට තමයි චෝදනා කරලා තිබෙන්නේ.

එහෙත් ට්‍රම්ප් ජනාධිපතිවරයා ඊශ්‍රායලයට සහයෝගය දක්වනවා. එතකොට ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා එම ජනසංහාරයට සහයෝගය දක්වනවා. එම සංහාරයට සහයෝගය දක්වන අතරේ මහා ඊශ්‍රායලය නමැති ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කර තිබෙනවා. ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මූලයන් සොයා බැලුවොත් ඔහුත් යුදෙව් ජාතිකයෙක් වෙනවා. ඔහුගේ පළමු ධුර කාලයේදී ඊශ්‍රායලයේ අගනගරය ලෙස ජෙරුසලම නම් කරනවා. එය ප්‍රධාන ආගම් තුනකට අයත් නගරයක් ලෙස පිළිගෙන තිබෙනවා. නමුත් එම ලෝක මතයට පිටින් යමින් ඇමරිකන් තානාපති කාර්යාලයත් එම නගරයට ගෙන එනවා. ඒ අනුව පෙනී යනවා ඩොනල්ට් ට්‍රම්ප් කරන සෑම ප්‍රකාශයක්ම අපි නීතියක් ලෙස දැකිය යුතු නැති බව. මම කියන්නේ එම මතය වැරදියි. පලස්තීනය කියන්නේ, පලස්තීනුවන්ගේ නිජභූමිය. එම භූමියේ අයිතිය ඔවුන්ට තිබෙනවා. එම භූමියෙන් ඔවුන් ඉවත් කිරීමට බැහැ.

ප්‍රශ්නය – මෙම යුද්ධය අපේ රටට මොන ආකාරයට බලපාවිද?

පිළිතුර – ඉරානය සහ කටාර් විසින් පාලනය කරන ප්‍රධාන ගෑස් නිෂ්පාදන මධ්‍යස්ථානයක් තිබෙනවා. එය ලෝකයේ ගෑස් සංචිතවලින් 10%ක් වනවා. එම මධ්‍යස්ථානවලට ප්‍රහාරයක් එල්ල වුවහොත් ගෑස් මිල ඉහළ යන්න පුළුවන්. මෙම යුද්ධය නිසා තෙල් බැරල් එකක මිල ඩොලර් 250 දක්වා ඉහළ යෑමේ අනතුරක් තිබෙනවා. එම තත්ත්වය අපේ ආර්ථිකයට බලපානවා. අපේ රටට ඩොලර් බිලියන 7ක පමණ ආදායමක් එන්නේ විදේශීය ශ්‍රමිකයන්ගෙන්. ඔවුන්ගෙන් විශාල පිරිසක් වැඩ කරන්නේ මැදපෙරදිග කලාපයේ. මෙම යුද්ධය දිගින් දිගටම පැවතුණහොත් එම සේවකයන් යළිත් මෙරටට එන්න ඉඩ තිබෙනවා. එසේ වුවහොත් අපට විශාල විදේශ විනිමය ප්‍රමාණයක් අහිමි වෙනවා.

ලංකාවට බොහෝ සංචාරකයන් පැමිණෙන්නේ මැදපෙරදිග තිබෙන ගුවන්තොටුපළවල්වලින් සහ සංචාරක සමාගම්වලින් තමයි. මෙම දින කිහිපය තුළ පමණක් සංචාරකයන් දෙතුන් දහසක් මෙරටට පැමිණීම නතර වී තිබෙනවා. ඒ අනුව පෙනී යනවා මෙම යුද්ධය අපේ සංචාරක ව්‍යාපාරයටත් ගැටලුවක් වන බව. එම බලපෑමත් මෙම යුද්ධය නිසා අපේ ආර්ථිකයට ඇතිවීමට ඉඩ තිබෙනවා.

සාකච්ඡාව – එරික් ගාමිණී ජිනප්‍රිය

ජගත් කණහැරආරච්චි

(දිවයින)


සම්බන්ධිත පුවත් | Related News

එදා අපි නුඹලාට ත්‍රස්තවාදීන් එක්ක යුද්ධ කරලා රට නිදහස් කරලා දුන්නා
චීන කොමියුනිස්ට් පක්ෂය විසින් 1953 වසරේ සිට ආරම්භ කරන ලද ‘පස් අවුරුදු සැලසුම්’ යනු චීනයේ සමාජයීය සහ ආර්ථික සංවර්ධනය ඉලක්ක කරගත් මුල් පිරීම් මාලාවකි. මෙම සැලසුම් මගින් ප්‍රධාන වශයෙන් සිදු කෙරෙන්නේ පාරිසරික ආරක්ෂාව, අධ්‍යාපනය සහ කාර්මික ක්ෂේත්‍රවල චීන රජයේ ප්‍රතිපත්ති සහ ප්‍රමුඛතා සංවිධානය සහ ස්ථාපිත කිරීමේ කේන්ද්‍රීය මාධ්‍යයක් ලෙස කටයුතු කිරීමය. නව පස් අවුරුදු සැලසුමක් සකස් කිරීම, සාමාන්‍යයෙන් පවතින සැලැස්මේ මැද භාගයේදී ආරම්භ වේ. මෙය වසර කිහිපයක් පුරා සිදුකරන ඇගයීම්, මූලික පර්යේෂණ කෙටුම්පත් කිරීම සහ සංශෝධන මෙන්ම, මහජන අදහස් ලබා ගැනීම වැනි වට මාලාවකින් සමන්විත වේ. මෙලෙස සකස් කෙරෙන පස් අවුරුදු සැලසුම්, ඒවායේ කාර්යක්ෂමතාව සහ හැකියාවන් මෙන්ම, වේගවත් ආර්ථික වර්ධනය, සංවර්ධනය සහ ආයතනික මූල්‍ය සහ කාර්මික ප්‍රතිපත්ති සඳහා දායක වී ඇති ආකාරය ප්‍රශංසනීයය.
ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළි සිරගත වූහ. උන්වහන්සේගේ සිවුර ගලවා ජම්පරයක් අන්දවා ඇතැයි යන ප්‍රවෘත්තිවලින් සමාජ මාධ්‍ය පිරී ඇත. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකට උන්වහන්සේට ජම්පරයක් ඇන්දවීම ප්‍රවෘත්තියක් බවට පත්කර මාධ්‍යයට ප්‍රකාශ කරන්නැයි උපදෙස් දුන්නේ කවුදැයි වෙනමම සොයා බැලිය යුතුය.
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායෙන් දුදස්සනව එළවලා දාපු එක ලොකු ප්‍රශ්නයක් කරගත්ත පිරිසක් ඉන්නවා. කිසියම් සංවිධානයක සාමාජිකත්වයක් දරන කෙනෙක්ට ඒ සංවිධානයේ මූලික පිළිගැනීම්වලට විරුද්ධව කටයුතු කරන්න පුළුවන් කියලා මේ අඥානයෝ හිතනවා ද? කිසියම් ආයතනයක සේවය කරන කෙනෙක්ට ඒ ආයතනයේ විනය එකඟතා නො සළකා කටයුතු කරන්න පුළුවන් කියලා මේ අඥානයෝ හිතනවා ද? තමන්ට ඕන ඕන මගුල් කියවන්න, සංවිධානයක පොදු එකඟතාවලට විරුද්ධව, විනය එකඟතා නො තකා වැඩ කරන්න ඒ සංවිධානවල සාමාජිකයන්ට බෑ.
ඊයේ දිනයේ, මගේ හදවතට ඉතා සමීප, ඒ වගේම Fair Comment හි සමීපතම මිතුරෙකුව අත්අඩංගුවට ගනු ලැබුවා. ඔහු සාපරාධී අපරාධකරුවෙක් නෙවෙයි. ඔහු නීතියෙන් පැන ගිය කෙනෙකුත් නෙවෙයි. ඔහුගේ එකම වරද වුණේ මේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණය—වෙනත් පහළ උසාවියක් හෝ අවධානය සොයන මහේස්ත්‍රාත්වරයෙක් නොව, රටේ ඉහළම අධිකරණය—මීට වසර හතකට පෙර ජනාධිපතිවරයෙක් ගත් තීරණයක් ශුන්‍ය කර දැමීමට තීන්දු කිරීම පමණයි. ඒ තීන්දුව අවලංගු කිරීමෙන් ඔවුන් කළේ ඒ මිනිසාවත් අමු අමුවේ දිය කර හැරීමයි.
බ්‍රසීලයේ 2026 මැතිවරණය ජනාධිපති ලූලා ද සිල්වා (Lula da Silva) සහ ෆ්ලේවියෝ බෝල්සොනාරෝ (Flávio Bolsonaro) අතර දැඩි තරගකාරී, අධික ලෙස ද්‍රැවීකරණය වූ සටනක් බවට පත්ව ඇත. මත විමසුම්වලට අනුව, දෙවන වටයේ තරගයකදී දෙදෙනාම කරට කර තත්ත්වයක පසුවන අතර, මැද මාවතේ විකල්පයන්ට ජනප්‍රියත්වයක් ලබා ගැනීමට හැකිවී නොමැත. අපේක්ෂකයින් දෙදෙනාටම 50% ක පමණ ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රතිශතයක් ඇති අතර, එම නිසා මෙම මැතිවරණය බලාපොරොත්තුවක් ඇති කර ගැනීමට වඩා ප්‍රතිවාදියා බලයට පැමිණීම වැළැක්වීම අරමුණු කරගත් එකක් බවට පත්ව තිබේ.
ලෝකයේ දියුණු හෙවත් ධනපති රටවල (developed countries) වෘත්තිකයන්ගෙන් අයකරන පුද්ගල ආදායම් බදු (Personal Income Tax) සහ අනෙකුත් සමාජ ආරක්ෂණ දායකත්ව (Social Security Contributions) ක්‍රමවේද ප්‍රධාන වශයෙන් ප්‍රගතිශීලී බදු ක්‍රමයක් (Progressive Tax System) මත පදනම් වේ. එනම්, ලැබෙන ආදායම වැඩි වීමට අනුරූපව බදු අනුපාතයද ඉහළ යයි.
ලෝක බැංකු වාර්තාවලට අනුව, 2024 වන විටත් නයිජර් (Niger) රාජ්‍යයේ ජනගහනයෙන් 80% කට ආසන්න ප්‍රමාණයකට විදුලිය පහසුකම් නොමැත. එසේ වුවද, එම වසර දක්වාම ලොව විශාලතම යුරේනියම් නිෂ්පාදකයෙකු වන නයිජර් රාජ්‍යය, යුරෝපා සංගමයේ (EU) න්‍යෂ්ටික බලශක්ති අවශ්‍යතාවයෙන් 25% ක්ම සපයමින් මුළු යුරෝපය පුරා පිහිටි නගර සහ ගම්මාන බලගැන්වීමට දායක විය.
2003 අවුරුද්දේ මාර්තු 30 වැනි දා, ඉරාකය ආක්‍රමණය කරපු ඇමෙරිකාව ප්‍රමුඛ අධිරාජ්‍යවාදී හවුල් හමුදාවල අවසාන බල ඇණි 2026 සැප්තැම්බර් 30 වැනි දා ඉරාකයෙන් ඉවත්වෙලා ගියා. ජනාධිපති ජෝර්ජ් බුෂ් විසින් “ඉරාක නිදහස් මෙහෙයුම” (Operation Iraqi Freedom) කියන නමින් පටන්ගත්ත මේ අධිරාජ්‍යවාදී ආක්‍රමණය අවුරුදු 23 ක වැඩි කාලයක් ඉරාකය තුළ ක්‍රියාත්මක වුණා. ජනතා ඝාතක ආයුධ හොයනවා කියලා බොරුවක් ගොතලා පටන්ගත්ත ඒ ආක්‍රමණයෙන් වෙච්ච විනාශය ලෝකය ම දන්නවා.

ප්‍රධාන පුවත්

"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..

කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1974 සහ 1976 වසරවලදී ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.