News Category
From Date
To Date
Maximum Number of Result

සිංහයෝ, සිවලෝ සහ බූරුවෝ..

Jun 21, 2025 at 10:56 AM
|

පංච තන්ත‍්‍රය යනු විෂ්ණු ශර්මාන් නැමැති මහා බ‍්‍රාහ්මණාචාර්යවරයකු විසින් ප‍්‍රකාශිත යැයි සළකනු ලබන විශ්ව ග‍්‍රන්ථයකි. එහි ඇත්තේ උපදේශ කතා වස්තූන්ය. මේ, එහි දැක්වෙන "සිංහයා, සිවලා හා බූරුවා" යන හිසින් යුත් එක් උපදේශ කතා වස්තුවකි.

”එක්තරා මහා වනයෙක්හි උග‍්‍රකේශර නම් සිංහයෙක් වාසය කළේය. එම සිංහයාට ඇප උපකාර කරන රජස් නම් සිවලෙක් ද සිටියේ ය.

එක් දවසෙක සිංහ තෙමේ මහා ගජේන්ද්‍රයකු හා සටහෙනි යෙදී ලබන ලද බරපතළ තුවාල ඇතිව ගිරිලෙන තුළ වැතිර සිටියේ ය. මේ නිසා පුරුදු ආහාරයෙන් වැළකුණු සිවලා ද සාගින්නෙන් පෙලි පෙළී විසුවේය. 

”ස්වාමීනි, සාගිනි වැදීම නිසා පා හුවමාරු කරගන්නට පවා බැරිව සිටින්නෙමි. ඉදින්, ඔබහට කෙසේ සේවය කරන්නේම්දැ?” යි සිවලා ප‍්‍රශ්න කළේය.” 

”කෙසේ නමුත් වනයට ගොස් ගොදුරක් මෙහි දක්කව. මරා දමන්නේම්වේ දැයි” සිංහයා කීවේය.”

මේ බස් ඇසූ සිවල් තෙමේ වනය හැම තැනම බලා සිවුපාවකු නොදැක ගම්මානයට වැදී වැව් ඉවුරක තණ කමින් සිටි බූරුවකු දුටුවේ ය. ඉඩෝරය නිසා වියළි ගොස් තිබුණු තණකොළ ලොඹු ගසන අන්දම දුටු සිවලා ඔහුට කතා කළේය. 

”මයිලණුවනි, මාගේ ගෞරවය ඔබ හට පූජා වේවා! ඉදින් ඔබ මෙසේ කෙට්ටු වී සිටින්නේ කුමක් හෙයින්ද? අන් තැනක ළා තණ තිබෙද්දී මේ වියළි තණ කන්නේ කවර හෙයින්දැ” යි සිවලා විමසූවේ ය. 

”කුමක් කරන්නට ද බෑණනුවනි! රජකයා මා හට අනයව්‍යසනයෙහි යෙදෙන්නේ ය. වධ බන්ධන කරන්නේ ය . නොසෑහෙන සේ බර පටවන්නේ ය. එහෙත් බඩ පුරා කන්නට නොදෙන්නේ ය. කන්නට ඇත්තේ මේ වියළි තණ පමණකි” යි ශුලකර්ණ නම් බූරුවා කීවේ ය. 

”අනේ මයිලණුවනි! මේ වියළි තණ කුමක් නිසා කන්නෙහි ද? ජලාශය නිසා පෝෂිතව පඳුරු ගැසී ගැසී පවත්නා ළා තණ ගැවසුණු එක්තරා වැව් ඉවුරක් මම දනිමි. එනු මැනවි එම ළා තණ කා සන්තර්පණය වීම සඳහා මා සමඟ එනු මැනවි” යි සිවලා ආරාධනය කළේ ය. 

”එහෙත් වන සිවුපාවුන් විසින් මරා දමනු ඇතැයි" බූරුවා කීවේය. 

”මාගේ බාහු තලය තාගේ ආරක්ෂාව සඳහා බලකොටුවක් වෙයි. නොබව. නොබා එව. තාගේ විනෝදය සඳහා ඇත්තේ ළා තණ පමණක් නොවේ. රජකයකුගේ වධ හිංසා නොලබමින් හුදෙකලාව කල් යවන තරුණ බූරු දෙන්නු දෙදෙනෙක් ද එහි වෙසෙන්නා හ. ඔවුන්ට සැමියෙකු වුවමනා ය. විශේෂයෙන්ම මා පැමිණියේ ඒ නිසාය” යි සිවලා පළ කළේය. 

”එසේ නම් යමු” යි කියමින් මෙහි දී බූරුවා ගමනට සැරසුණෝය. හේ එසේම ය. 

”අහෝ ස්ති‍්‍රය ලෝකයෙහි අමෘතය ද තී වන්නීය. හළා හල විෂ ද තී වන්නීය. තී හා පැවැත්වෙන සමාගමය පරමාශ්වාදය ද වෙයි.”

දෙවන මොහොතෙහි සිවලාත් බූරුවාත් මහ වනය බලා ගමන් කරන්නට වූහ. අනුක‍්‍රමයෙන් ගමන් කොට ඔවුහු සිංහයා කරා ළඟා වූහ. එහෙත් සිංහයා මෝඩයෙකි. සාගින්නෙන් පෙළෙමින් සිටි හෙතෙම බූරුවා දකිනවාත් සමගම ඔහු නසා කෑම පිණිස පිම්ම ගසා පැන්නේ ය. එහෙත් පැනීමේ වේගය අධික වීම නිසා සිංහයා විසි වුණේය. බූරුවා බේරුණේ ය. 

”අහෝ මේ විපත කවරේද?”යි බියපත් වූ බූරුතෙමේ සිංහයාගේ ලේ වැකුණු සිරුරත් රත් පැහැ ගැසුණු යුගැසත් නෙරා ආ දතුත් දැකීමෙන් බියපත්ව ආපසු දුවන්නට වන්නේ ය. ඔහු නැවතුනේ පෙර පුරුදු වැව් ඉවුර කරා ලඟා වීමෙන් පසුව ය. 

”මෙහි අදහස කවරේද? ඔබ විසින් දක්වන ලද්දේ ඉතා විකට ප‍්‍රදර්ශනයකැ”යි මේ සිද්ධිය දුටු සිවලා සිංහයාට කීවේ ය. 

”පිම්ම වැරදුණා නොවේ නම් ශක‍්‍රයෙක්වත් මගේ නිය පහරින් බේරී යනවා ඇතැයි තා සිතන්නෙහි ද?” යි සිංහයා විමසුවේ ය. 

”වන්නාටය. අනෙක් පිම්ම හරි හැටි ගසන්නට සැරසී සිටිය යුතුය. බූරුවා මම යළිත් එක්ක එන්නෙමි වේදැ”යි පවසා සිවලා යළිත් බූරුවා හමුවට ගියේය.”

”බෑණනුවනි! කෘර වූ සාහසික සිවුපාවකු වෙත එක්ක ගොස් මා මරවන්නට අදහස් කළේ මන් ද? අහෝ! මම යන්තම් පණ බේරා ගතිමි. එහෙත් හෙණ හඩක් මෙන් නාද පතුරුවා විදුලියක් මෙන් මා කරා කඩා පැන්න ඒ ප‍්‍රචණ්ඩයා කවරෙක් දැ?”යි බූරුවා සිවලා දැකීමෙන් පසුව විමසුවේ ය. 

”අහෝ මයිලනුවනි! ඈ බූරු දෙනකි. ඕ තොමෝ වචනයෙන් විවරණය කරන්නට බැරි තරම් කාමාතුරව සිටින්නී ය. පිම්ම පැන්නේ ඔබ වැළද ගැනීම පිණිස ය. එහෙත් ඔබ ලැජ්ජා වූයෙහි ය. දිව්වේ ය. එකළ  ඕ තොමෝ ඔබගේ ගමන වැළැක්වීම පිණිස අතක් දිගු කළා ය. එමපණකි. ශුලකර්ණයා මා සරණයට නොගනිතොත් සිය දිවි නසා ගන්නෙමි යැයි ද ඔහු නැතිව මොහොතක් හෝ ජීවත් විය නොහැකැයිද දැන්  ඕ තොමෝ කියන්නී ය. අහෝ මේපවත් සලකා කරුණාකර එනු මැනවි. එසේ නොඑතොත් ඔබ බූරු දෙනක් වන්නෙහියැ”යි සිවලා කීවේය. 

මෙ බස් අසා මුළා වූ සිත් ඇති බූරු තෙමේ සිවලාත් සමඟ ආපසු වැඳුණෝ ය. එහෙත් මේ යුවළ ගිරිලෙන කරා කිට්ටු වූවා පමණකි. පිම්ම ගසා පැන්න හැටියේම සිංහයා බූරුවාගේ බොටුව විකා මරා දැම්මේ ය. මරා දමා මළකුණ රැක ගැනීමේ මෙහෙවර සිවලාට පවරා අනුභවයට පෙර ජලස්නානය කටයුතුයැයි ගඟ ට ගියේ ය. ලැබුණු මේ අවසරයෙහි ප‍්‍රයෝජනයට ගැනීමට ඉටාගත් සිවල් තෙමේ වහ වහා බූරුවාගේ දෙකනත් මොළයත් කා දැම්මේ ය. ජලස්නානය කොට භෝජනය සඳහා පැමිණි සිංහ තෙමේ මොළය හා දෙකන නැති බූරු කුණ දුටුවේ ය. දැක කෝප වූයේ ය. 

”තක්කඩිය! මේ අශෝබන ක‍්‍රියාවේ තේරුම කවරේද? බූරුවාගේ මොළයත් දෙකනත් තා කා දැමුවේහි ය.  මා කෑ යුත්තේ තා ඉතුරු කර දමන කුණුප ද?”’ යි සිංහයා කෝපයෙන් විමසුවේ ය. 

”කෝප නොවනු මැනවි දේවයන් වහන්ස! මොහුගේ හැටි එසේ ය. මොහු දෙකනත් මොළයත් නොමැතිව උපන්නේ ය. දෙකනකුත් මොළයකුත් ඇති සතෙක්නම් ඔබ වහන්සේ හමුවට දෙවතාවක් එන්නේ දැයි කල්පනා කරන සේක්දැ”යි සිවලා ප‍්‍රශ්න කළේය. 

බූරුවා එකම වර්ගයේ මෝඩකම් දෙවතාවක් සිදුකර තිබේ. එහි උපරිම වාසිය ගෙන ඇත්තේ සිංහයා නොව නරියා ය. බඩගිනිකාර සිංහයාට නරියාගේ ප‍්‍රයෝග වටහාගත හැකි නොවේ. 

වර්තමාන සංදර්භයට අනුව මෙම කතාව ගැලපුවහොත් අපට උගෙනීමට ඇති දේශපාලන පාඩම කුමක් ද? වැදගත් ප‍්‍රශ්නය වන්නේ එයයි.!

එකම වර්ගයේ ප්‍රෝඩාවකට දෙවතාවක් රැවටුනේ මෙරට ජනතාවගේ බහුතර කොටසක් ය. එම බහුතර ජනතාව විනාශය කරා රැගෙන යාමට නම් ”සුභ සිහින” මැවිය යුතු ය. ”පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්’ හැදෙන අන්දම පෙන්වා දිය යුතුය. තෘෂ්ණාව නැමැති සතා එළියට ගත යුතුය. එමෙන්ම, මෙහි සඳහන් ”බූරුවාට” විදින්නට සිදුව ඇති පීඩනය ”කුමක් කරන්නද බෑණනුවනි! රජකයා මා හට අනයව්‍යසනයෙහි යෙදෙන්නේ ය. වධ බන්ධන කරන්නේ ය. නොසෑහෙන සේ බර පටවන්නේ ය. එහෙත් බඩ පුරා කන්නට නොදෙන්නේ ය. කන්නට ඇත්තේ මේ වියළි තණ පමණකි” නරියා විසින් යොදා ගන්නේ හරිම අපූරුවට ය. පුනරුදයෝ සහ මේ නරියා අතර ඇත්තේ කිනම් වෙනසක් ද? 

අවසානයේ අධිරාජ්‍යවාදය නැමැති බඩගිනිකාර සිංහයාට අවශ්‍ය පරිදි සියල්ල සිදු වෙමින් තිබේ. බඩපුරා කන්නට සිහින මැවූ බූරුවාට සිදුවූයේ නරියාගේ සහ සිංහයාගේ බඩ පුරවාලීමට ය. 

ඕණෑම රටක,  ඕනෑම සමාජයක ප‍්‍රශ්න හා ගැටළු තිබේ. ඒවාට සපයා ගනු ලබන ඊනියා විසඳුම් විනාශය කැටුව එන විසඳුම් නොවිය යුතුය. ඒ වෙනුවට සිටිය තැනින් අගලක්වත් ඉදිරියට යා හැකි විසඳුම් විය යුතුය. ඉතිහාස චක‍්‍රය අපට උවමනා වේගයෙන් සැම විටම කැරකෙන්නේ නැත. ජාතියට අධ්‍යාපනයෙන් විෂය දැනුමට වඩා ප‍්‍රඥාව ලබාදිය යුතුව තිබෙන්නේ මේ නිසාය. 

එසේ නොවුණහොත් නව පන්නයේ නරි, නව පන්නයේ බඩගිනිකාර සිංහයන්ට සෙසු ජනතාව ද ගොදුරු කර දීම තවත් එක් සාමාන්‍ය සංසිද්ධියක් පමණක් වනු ඇත. මෙය අප වැනි තුන්වැනි ලෝකයේ රටවල පොදු ගුණාකාර ඇත්ත ය. 

- විමල් වීරවංශ

(ඉරිදා ලංකාදීප 2025.06.22)

සම්බන්ධිත පුවත් | Related News

ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රිනියට චීනයට යන ගුවන් යානයට ගොඩවීමට නොහැකි වූ පුවතක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ සංවාදයක් නිර්මාණය වී ඇත.
ආන්තවාදයට විරුද්ධව කටයුතු කිරීම ආරම්භ කළේ 2002 වසරේදී එක්තරා ක්‍රිස්තියානි දෙමළ පූජකවරයකු විසින් බුදුපිළිමයක් පාගාගෙන සිදුකළ යාඥා කිරීමක් දැකීමෙන් පසුව බවත්, එදා එය දැක දැඩි කෝපයක් ඇති වූ බවත් ගලගොඩ අත්තේ ඥානසාර හිමි විසින් ප්‍රකාශ කරන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වේ.
ලෝක බැංකු වාර්තාවලට අනුව, 2024 වන විටත් නයිජර් (Niger) රාජ්‍යයේ ජනගහනයෙන් 80% කට ආසන්න ප්‍රමාණයකට විදුලිය පහසුකම් නොමැත. එසේ වුවද, එම වසර දක්වාම ලොව විශාලතම යුරේනියම් නිෂ්පාදකයෙකු වන නයිජර් රාජ්‍යය, යුරෝපා සංගමයේ (EU) න්‍යෂ්ටික බලශක්ති අවශ්‍යතාවයෙන් 25% ක්ම සපයමින් මුළු යුරෝපය පුරා පිහිටි නගර සහ ගම්මාන බලගැන්වීමට දායක විය.
Born Again ඇදහීම ශ්‍රී ලංකාවේ මුලින්ම ආරම්භ වෙන්නේ දශකයකට එකහමාරකට කලින්.
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 38(2) වගන්තියට අනුව ජනාධිපතිවරයෙකුට එරෙහිව දෝෂාභියෝගයක් (Impeachment) ගෙන ඒමට පැහැදිලි ප්‍රතිපාදන ඇත.
භාස්කර II (භාස්කරාචාර්ය) යනු බ්‍රහ්මගුප්තගෙන් වසර 500කට පමණ පසු, එනම් ක්‍රි.ව. 12 වන සියවසේදී (ක්‍රි.ව. 1150 දී පමණ) විසූ තවත් ශ්‍රේෂ්ඨ ඉන්දීය ගණිතඥයෙකු සහ තාරකා විද්‍යාඥයෙකි. ඔහු බ්‍රහ්මගුප්ත ඉදිරිපත් කළ මූලික ගුරුත්වාකර්ෂණ අදහස් තවදුරටත් පුළුල් කරමින්, සිය සුප්‍රසිද්ධ “සිද්ධාන්ත ශිරෝමණී” නම් ග්‍රන්ථයේ "ගෝලාධ්‍යාය" නම් පරිච්ඡේදය තුළ මේ පිළිබඳව ඉතා පැහැදිලි විද්‍යාත්මක විග්‍රහයක් සිදු කළේය. සර් අයිසැක් නිව්ටන්ට වසර 500කට පෙර, භාස්කර II විසින් ගුරුත්වාකර්ෂණය සහ ආකාශ වස්තූන්ගේ පැවැත්ම ගැන ප්‍රකාශ කළ ප්‍රධාන කරුණු මෙසේය.
2050 වන විට ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනගහණය සිංහල ජනගහණය අභිබවා යන බවත්, සිංහල ජාතිය මහ ජාතිය ලෙස මෙරට තුළ ජීවත්වන අවසාන සියවස මෙය බවත් මුස්ලිම් පූජකවරයකු විසින් පවසන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වේ.
දණපතියන්ගේ කැසිනෝ බදු ඉවත් කර සබන් කැටේ බදු වැඩිකර හාල් මාෆියාව ඇතිකළේ වත්මන් ආණ්ඩුවේම පිරිස බව දේශපාලන වේදිකා තුළ ඇතිවූ කතාබහ ආශ්‍රයෙන් සමාජ මාධ්‍යයේ පළ වූ වීඩියෝවක් පහතින් දැක්වේ.
රනිල් වික්‍රමසිංහ මහතාව බොහෝ දෙනෙකු විශාල ලෙස අපවාදයට ලක්කළ බවත් පහර ගැසූ බවත්, එතරම් අපහාස විඳගත් ජනාධිපතිවරයකු තවත් නොමැති බවත් රංගන ශිල්පී කලන ගුණසේකර පවසයි.

ප්‍රධාන පුවත්

"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..

කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1974 සහ 1976 වසරවලදී ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.