සිංහල රාජවංශයෙහි කඳුළු බිංදුව - කුසුමාසන දේවිය
අවුරුදු 13දී විවාහ වී වයස අවුරුදු 35දී දිවියෙන් සමුගත් කුසුමාසන දේවියගේ කතාව මේ දිනවල බොහෝ දෙනා අතර කතා බහට ලක් වන්නේ ජයන්ත චන්ද්‍රසිරි මහතාගේ "දේවී කුසුමාසන" චිත්‍රපටිය නිසාවෙනුයි..
සිංහල රාජාවලියේ දුක්ඛිතම ජීවිතයක් ගත කළ රැජින ලෙසයි කුසුමාසන දේවිය හැදින්වෙන්නේ.. ලංකා දීපයේ අවිනිශ්චිත වකවානුවක රාජකීය උරුමයක් සහිතව ඇය ජීවත් වීම සේම රාජකීය උරුමය නිසාවෙන් ඇගේ උරුමයෙන් රජ වන්නට තැත් දැරූ මිනිසුන්ගෙන් ලද පීඩා නිසාවෙන් දැඩි මානසික පීඩනයකට ලක් වූ බවත් ඉතිහාසයේ සඳහන් . ඒ වගේම ඇය මිය යන්නේත් මේ වූ මානසික පීඩනය දරාගත නොහැකිවයි..
මේ නිසයි සිංහල රාජවංශයෙහි කඳුළු බිංදුව ලෙස ඇය හැදින්වෙන්නේ..
උඩරට රජ කළ කරලියද්දේ බණ්ඩාරගේ (1551-1581) සහ ගලගම මහ අදහසින් දේවිය දාව 1578-80 අතර කාලයේ සෙංකඩගල නුවර උපත ලබන ඇය පවුලේ තෙවෙනි දරුවා ලෙසයි උපත ලබන්නේ. ඇයට වැඩිමහල් සහෝදරියක් සහ සහෝදරයෙකු සිට තිබෙනවා . මේ කාලේ රාජසිංහ රජු ඇගේ පියා සමග සටන් කර උඩරට රාජදානිය රාජසිංහ සතු කරගත් පසුව, කරලියද්දේ බණ්ඩාර ඔහුගෙන් බේරීමට ත්‍රිකුණාමලයේ පෘතුගීසින් සිටින බල ප්‍රදේශයට ගොස් ඔවුන්ගේ ආරක්ෂාව ඇතිව ජීවත් වෙනවා.
මේ පලායාමේදී ඔහු ඔහුගේ බිරිඳ සහ පුතා වගේම කුඩා වයසේ සිටි කුසුමාසන සේම ඥාති පුත්‍රයෙකු වූ යමසිංහත් කැටුවයි යන්නේ. ඒ වන විට කුසුමාසන කුමරියගේ සහෝදරිය වූ දෝන මාගරිටා කුමරිය දොන් ජුවන් ධර්මපාල රජුගේ මෙහෙසිය බවට පත් වී සිටි නිසා ඇය මේ ගමනට සෙට් වෙන්නේ නෑ..
කොහොම නමුත් ටික දොහකින් කරල්ලියද්දේ රජු වසූරිය වැළඳීමෙන් අවාසනාවන්ත ලෙස මිය යන අතර. ඊට පසු රජ බිසව සහ පුත් කුමරා ද වසූරිය වසංගතයෙන්ම මිය යනවා.
එයින් පසුව කුසුමාසන සහ ඇගේ ඥාති සොයුරු යමසිංහ කුමරා මන්නාරමට යවා ඇතිදැඩි කිරීමට පෘතුගීසින් පියවර ගන්නවා.ටික දිනකින් යමසිංහව පෘතුගීසීන් විසින් ගෝවට රැගෙන යාම නිසා, කුඩා කුසුමාසනගේ රැකවරණය මන්නාරමේ පදිංචිව සිටි කැතරින්ද ආබ්රූ නම් වූ පෘතුගීසි කාන්තාවක් වෙත පැවරෙනවා. මේ භාරකාරීත්වයත් එක්කයි ළමා සාරි ඇන්ද කුඩා කුසුමාසන බොස්තැරැක්ක සායට හුරුවෙන්නේ . ඇයට මිෂනාරි ආගම සේම පෘතුගීසි බස, සංස්කෘතිය සහ ගෝවේ සිරිත් විරිත් උගන්වන අතර ඇගේ නම "දෝන කතිරිනා" නමින් නම් වෙන්නේ මේ කාලයේදීයි.. මෙය ඔවුන්ගේ උපායක් වූ අතර ලේ උරුමයක් ඇති සෙංකඩගල සිහසුනේ උරුමය පෘතුගීසීන් සතුකර ගැනීම ඔවුන්ගේ මූලික අභිප්‍රාය වනවා..
ඒ වගේම කුසුමාසන දේවිය ළමාවියේදීම පෘතුගීසි සෙනෙවියකුට විවාහ කරදීමට ඔවුහු සියුම් සැලැස්මක් දියත් කරන අතර, වයස අවුරුදු 10ක් ලබන විට පෘතුගීසි සේනාධිනායකයෙක් මෙරටට ගෙන්වා ඔහුට ඇගේ ආරක්ෂාව භාර දෙන්නේත් ඔහුව ඇයට විවාහ කරදීමේ අදිටනිනුයි.
නමුත් ඇය ඒ වනවිටත් සුදු හම ඇති පෘතුගීසි ජාතිකයින්ව අප්‍රිය කළ බැවින්, ඒ සියල්ලක්ම ඔවුන්ට තරමක් අසීරු වී තිබෙනවා.. ඒ සමයේ ලංකාව පෘතුගීසින්ගේ රාජදානියක් වීමේ අවදානමෙන් ආරක්ෂා වෙන්නේ ඇගේ මේ පෘතුගීසීන්ට තිබූ අකමැත්ත නිසාවෙන්මයි. කෙසේ වෙතත් මේ වන විට පෘතුගීසීන් විසින් මේ කුඩා දැරියක් වූ කුසුමාසන දේවිය උඩරට රැජින වශයෙන් පත්කර අවසන්..
මේ කාලයේදී කොනප්පු බණ්ඩාර, 1 වන විමලධර්මසූරිය නමින් උඩරට රජවීමත් සමග පෘතුගීසී හමුදාවත් පසුබැසීමට ලක්වෙනවා. මේත් සමගමයි විමලධර්මසූරිය රජු, රාජ්‍ය ලේ උරුමය ඇති වයස අවුරුදු 13ක් වූ කෙළිලොල් ගැටිස්සියක් වන කුසුමාසන දේවිය හා විවාහ වී තම රාජ්‍ය උරුමය තහවුරු කර ගන්නේ..
රජුගේ ග්‍රහනයට නතු වන මේ දැරිය කුඩා වයසේදීම රජු දාව පුත් කුමරුවන් සිවු දෙනෙකු සහ දූ කුමරියන් දෙදෙනෙකු බිහි කරන්නේ. ඇගේ පුතුන් හොඳ රනශූරයින් වූවා සේම දියණියන් ඉතා සුරූපී බවයි පොත පතේ සඳහන් වන්නේ..
ටික කාලයකට පසුව ඇගේ වියපත් සැමියා විමලධර්මසූරිය රජු මිය යන අතර ඒ වනවිටත් කුසුමාසනට වයස අවුරුදු 30ක් වත් ලබලා නැති බව පොත පතේ සඳහන්. මේ කාලයේ ඇගේ තරුණ රූමත් බවට වශී වී සිටි අධිකාරම්ලා ඇය පසු පස පැමිණ විවාහ යෝජනා ගෙන ආවත් අවසානයේ විමලධර්මසූරිය රජුගේ ඥාති සොයුරු සෙනරත් රාජත්වය ලැබ වැන්දඹු වූ කුසුමාසන දේවිය විවාහ කර ගන්නේ රාජකීය උරුමය තහවුරු කර ගැනීමේ අභිලාසයෙන් වන අතර, කුසුමාසනව ඔහු විවාහ කරගන්නේ බලහත්කාරයෙන් වගයි සඳහන් වෙන්නේ..
මේ සෙනරත් රජු ඉතා නපුරු රජෙකු වූ අතර ඇගේ පෙර කසාදයේ දියණියන් දෙදෙනාව ඇය ඉදිරියේදීම අපයෝජනය කල බවත් , මෙයට විරුද්ධ වූ කුසුමාසනගේ වැඩිමහල් පුතාව ඔහු විසින් සූක්ෂම ලෙස දියේ ගිල්වා මරා දැමූ බවත්, පොත පතේ සඳහන්..
මේ වනවිටත් කුසුමාසනට සෙනරත්ගෙන් දරුවන් තිදෙනෙකු සිට ඇති අතර තමන් දැඩිව අදරය කළ පුතුගේ වියෝවත් සමග තම දරුවන් සියළු දෙනාම රැගෙන රජමලිගයෙන් පිටවන කුසුමාසන දේවිය විමලධර්මසූරිය රජු විසින් ඉදිකර තිබූ කෑගල්ල දිස්ත්‍රික්කයේ වැලිමන්නාතොට පිහිටි මාලිගයට පදිංචියට ගොස් තිබෙනවා.
ඇය 35 හැවිරිදි වියේදී මිය යන්නේ මේ නිවස තුලදීයි. කෙසේ නමුත් ඇය මිය යනවිටත් තෙමස් ගැඹිනියක් බව තමා සඳහන් වන්නේ..
ඇගේ අවසන් කැමැත්ත ලෙස තම මියගිය පුතුගේ අළු බඳුන, තම රෝස පබළු ජපමාලය හා බයිබලය තමා අසල තබන ලෙසට ඇය ඉල්ලා තිබෙනවා..
කුසුමාසන මිය ගිය පසුව ඇගේ සුරූපී දියණියන් දෙදෙනාගේ අනාගතයනම් සුභ වූවේ නෑ.. පෘතුගීසි පොත් වල සඳහන් පරිදි ඇය මියගිය වහාම සෙනරත් රජු මේ ලාබාල දියණියන් දෙදෙනාම විවාහ කරගන්නා අතර ඔහුන්ගේ ජීවිතද මවගේ ජීවිතය මෙන් කාලකන්නි කර තිබෙනවා..
ඉතින් ඕක තමා ඉතිහාසයේ එන දේවී කුසුමාසනගේ කතාව.. කොහොම නමුත් ජයන්ත චන්ද්‍රසිරි මහතා මේ කතාව ඔහුගේ දෘෂ්ටිකෝණයට අනුව සිනමාරූපීව වෙනස් කරලා ඇති.. ඒක ගැන නම් මම කියන්න දන්නේ නෑ..
ඒත් අවුරුදු 13ක ගැටිස්සියක් වූ කුසුමාසනට සහ ඇයට වඩා වියපත් කොනප්පු බංඩාරට උදාරී සහ හේමාල් සිටීම ගැනනම් දැනෙන්නේ කුකුසක්. ඒය්හ් ඒක කරම්න දෙයක් නෑ.. ජයන්ත මහතා එයට සිනමාරූපී විසදුම තමා දීලා ඇත්තේ.. ඒ වගේම මම තව තැනක දැක්කා මේ චිත්‍රපටියේ සෙනරත් රජු හා කුසුමාසනගේ විවාහයේ කාල වකවානුව නැති බව.. මම නම් දකින්නේ කාන්තාව නාමිකව ප්‍රමුඛ කරගත් චිත්‍රපටිය තුල ඇගේ චරිතයේ ප්‍රභල අවස්ථා තිබෙන්නේ ඒ කොටස් තුල බවයි.. ඒත් ඒකත් ඩිරෙක්ටර්ගේ කැමැත්ත..
අනික් කාරණය කොනප්පු බංඩාර සහ කුසුමාසන අතර ආලිංගන ප්‍රේමාවේශයක් තමා ට්‍රේලර් එකේ දැක්කේ. මමනම් හිතන්නේ නෑ අවුරුදු 12/13ක කෙලිපොඩ්ඩක් කොනප්පු බංඩාර විවාහ කරගන්නේ ලව් පාර්ට් දාන්න කියලා..ඉතිහාසයට අනුව ඒ විවාහය සිදුවන්නේ රාජ්‍ය බලය තහවුරු කරගන්න කියලනේ කියන්නේ. පස්සේ කොහොම හරින් දෙන්නා ආදරෙන් ඉන්න ඇති.🥹
ෆිල්ම් එකේ කතාවයි මේකයි සමහර විට වෙනස් ඇති. ඒක දැනගන්න ෆිල්ම් එක බලන්නම වෙනවා ඉතින්..☺️
✍️උපුටා ගැනීම
Mmp Ranaweera
ගෞරවය මුල් හිමිකරුට ❤
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය දෙකට කරමින් මැදින් පාරක්.. අමරපුර නිකායේ දැඩි විරෝධය..
''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සම්බුද්ධ ශාසනයේ ප්‍රධාන අංගයක් වන පෙරහැර විකාරයක් බව අගමැතිනිය කියන්නේ කොහොමද?.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සවුදිය, තුර්කිය සහ පාකිස්ථානය 'නේටෝ' වැනි යුද සංවිධානයකට අවතීර්ණ වෙයි.. 'මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම' අත්සන් තබයි..
විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීමට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණය 2022 වසරේදී තීන්දු කරලා..
22වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කෙරේ..
වර්තමාන අර්බුද හමුවේ නාට්‍යකරුවන් අපේක්ෂාභංගත්වයට පත්වෙලා.. – නාට්‍යවේදී අඛිල සපුමල්
ලොවටම සහන සැලසූ චීනයේ ගෝලීය සංවර්ධන මුලපිරුමට වසර 5යි: ගෝලීය දකුණේ අනාගතය වෙනුවෙන් චීනයෙන් නව පොරොන්දුවක්..
බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණියව අයින් කරන්න ආණ්ඩුවට අවශ්‍ය වුනා.. ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද යන්න ගැටළුවක්.. - නීතිඥ සංජීව වීරවික්‍රම
බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර උච්ඡතම ස්ථානයකට පැමිණිලා.. ෂානක්කියන්ලා, සුමන්තිරන්ලාගෙන් බෞද්ධ උරුමය විනාශ කරන්න පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවටත් බලපෑම්.. දළදා පෙරහැරේ කරඬුව වඩම්මන ඇතුන්ටත් තහංචි වැටෙන ලකුණු!
මැගසින් බන්ධනාගාරය තුළ නොසන්සුන්තාවක්..
උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමය විනාශ කිරීමට සැලසුම්සහගත ප්‍රහාරයක්.. පුරාවිද්‍යා වාර්තා වෙනස් කරන්න දෙමළ මන්ත්‍රීන්ගෙන් බලපෑම්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්..
පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් දන්වයි..
ඇමරිකානු - ඉරාන යුද්ධය අවසන් ද? - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
'පාස්කු ප්‍රහාරය ගැන විමර්ශකයින් පත්කරලා තියෙන්නේ කතෝලික පල්ලියෙන්' - අතරමැදි පෙත්සම්කරුවෝ අධිකරණයට කියති..
ගම්මන්පිල, විමල්, දිලිත් ඇතුළු හය දෙනෙක් අධිකරණයට අපහාස කිරීමේ ප්‍රකාශ ගැන අභියාචනාධිකරණයට දැනුම් දීමට තීරණ කළා.. - කොටුව මහේස්ත්‍රාත්