News Category
From Date
To Date
Maximum Number of Result

අලිමංකඩ දී සෙබළුන් 2000 කගේ සිරුරු මතින් දිවි බේරාගත් උපනන්දගේ කථාව.. 1991 දී අලිමංකඩ යුධ පිටියේ දිවි බේරාගත් උපනන්ද ගේ හැදුනුම්පත වසර 29 කට පසු යාපනයෙන් හමුවෙයි..

Jul 5, 2025 at 07:44 AM
|

හමුදා ඇඳුමකට සමාන ඇඳුම් කොටස් සමග හැඳුනුම්පතක් සහ තවත් උපකරණ රැසක් යාපනයේදි හමු වු බව පසුගිය 16 වැනි දින මාධ්‍ය වාර්තා පල වි තිබුණු අතර එම හමුවු උපකරණ අතර ජාතික හැදුනුම්පතක් රියදුරු බලපත්‍රයක් ද සොයා ගෙන ඇති අතර එම ජාතික හැදුනුම්පත් අංකයට අනුව නම සඳහන්ව ඇති කෑගල්ල, හෙම්මාතගම, දුම්බුළුවාව ලිපිනයේ පදිංචි නුවර හේනයලාගේ අමිත උපනන්ද සොයා ගෙන අප එම නිවස වෙත ගියේ මෙම සිදුවිම වාර්තා වි ගෙවි ගිය පසුගිය 18 වැනි දිනයේදිය.

මෙම ජාතික හැදුනුම්පත හිමි යුධ හමුදාවේ සේවයේ නිරත මෙම යුධ හමුදා සෙබලා වසර තිහක් තිස්සේ යුද්ධය අවසන් කිරිම වෙනුවෙන් ජිවිත පරිත්‍යාගයෙන් යුතුව සටහන් කිහිපයකටම දායක වු රණකාමී සෙබළෙකි. 

අදටත් ජිවත් විමට තරම් වාසනාව ලද ජිවිතය අනුනවයෙන් බේරා ගන්නා ගැනිමට තරම් වාසනා මහිමයක් මොහුට තිබුණි. මේ වන විට යුධ හමුදාවෙන් විශ්‍රාම ලබා කොළඹ ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක සේවයේ යෙදි සිටින මෙම රණකාමි වීර සෙබළා අපේ රටේ යුධ ඉතිහාසයේ නොමැකෙන නමක් සටහන් කරන ලද යුධ බිම අත්දැකිම් රැසක් ලැබු අයෙකි. 

මාන්කුලම් දරුණු සටන් පැවැති සමයේ ඔහුගේ අදටත් නොමැකි ඇති දකුණු ඉලයට වැදුනු වෙඩි පහර නිසා යුධ හමුදා රෝහලේ දින 14 කට වඩා වැඩි කාලයක් ප්‍රතිකාර ලබා ඇත්තේය.

පසුගිය 16 වැනිදා ජාතික හැදුනුම්පත, රියදුරු බලපත්‍රය සහ යුධ හමුදා නිළ ඇදුම් යනආදිය හමුවිමෙන් පසුව කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණය නියෝග යටතේ අදාල ස්ථානය සම්බන්ධනේ තවදුරටත් පරීක්ෂා කිරීමට නියමිත බවත් ජාතික හැදුනුම්පත සහ රියදුරු බලපත්‍රය හිමි පුද්ගලයාගේ තොරතුරු සොයා පරීක්ෂණ පවත්වන ලෙසට පොලිසිය වෙත නියෝග කර තිබුණු අතර අප මේ නිවස සොයා ඔහුගේ තොරතුරු යුධ අත්දැකිම් යන ආදිය ගැන තොරතුරු සොයා යමින් සිටියදි පොලිසිය සහ රජයේ ආරක්ෂක අංශ මේ සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනිමේ අරමුණින් මෙම නිවස වෙත එමින් තිබුණි.

අප නිවසට ගිය අවස්ථාවේ තම බිහිසුණු අත්දැකිම් විස්තර කරන ලද 10 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ විශ්‍රාමික කෝප්‍රල් අමිත උපනන්ද විරෝධාර රණවිරුවා අප හට සිය අත්දැකිම් කිහිපයක් විස්තර කලේ මෙලෙසිනි.

මම හෙම්මාතගම කෑ/මාව නගරගිරි ම. විද්‍යාලයෙන් සාමාන්‍ය පෙළ දක්වා ඉගෙන ගෙන ආධුනිකයෙක් ලෙස යුධ හමුදාවට බැදුනේ 1991 ජනවාරි හතර පනාගොඩ යුධ හමුදා කඳවුරට එම කඳවුරේ පුහුණුව ලැබුවේ පාබල යුධ හමුදා සෙබලෙකු විදිහටයි.

පුහුණුවෙන් පස්සේ යාපනයට උඩින් තියෙන ඩෙල්ෆ් දූපතට ඒහා තියෙන මඩතිව් ප්‍රදේශයේ වැඩ කලා. ඊට පස්සේ වවුනියා, පුනරීන් අවුරුදු තුනක් විතර වැඩ කරා තවත් ස්ථාන කිහිපයකම වසර ගණනක අත්දැකිම් මට තියෙනවා.

කෙසේ හෝ මාගේ හැදුනුම්පත් ඇතුලූ උපකරණ නැති වුනේ මාගේ මතකයේ හැටියට බිහිසුණු සටන් තිබුණු අලිමංකඩ ඉදිරි ආරක්ෂක වළල්ලේදි විය යුතුයි. ඒ සටනේදි අපි බොහෝ දෙනෙක් අලිංමකඩට කොටු වේලා හිටියා. එල්.ටි.ටී.ඊ ත්‍රස්තවාදින් අපේ හමුදා කඳවුර වටකරලා දින කිහිපයක් අපි සමග සටන් කලා.

එල්.ටි.ටී.ඊ එක කිලාලි වලට උඩින් එයාලාගේ ලයින් එකක් දාලා තිබුණා. ඒ අය දෙපැත්තටම ගහගෙන යනවා මාගේ මතකට හැටියට දවස් හතරක් වාගේ තමයි අපි කොටු වුනේ. අපේ සේනාංකයේ 130 ක් පමණ සහ තවත් සේනාංක කිහිපයකම අය විශාල පිරිසක් කොටු වේලා තමයි හිටියේ. 

සිංහ රේජිමෙන්තුව, විජයබාහු ඒ අයත් මේ සමග කොටු වේලා හිටියා. එල්.ටි.ටී.ඊ එක නොනවත්වා කඩින් කඩ පහර දෙන්න ගත්තා. අපිට ඛෙහෙත් ආහාර සැපයිම් සියල්ල එල්.ටි.ටී.ඊ එක ඒ වෙන කොටත් වලක්වා ගෙන තමයි මේ සටන දියත් කරගෙන ගියේ.

දින තුනක් විතර ගත වුනාට පස්සේ ඒ අතරවාරයේදි තමයි අපේ තිබුණු බොහෝ දේවල් නැති වුනේ. අපිට තිබුණු ඇදුම් කට්ටලයේ බර අනුව අපිට සටන් කිරිමට අමාරුකම නිසා අපි ලග තියෙන සමහර දේවල් අපි අයින් කර ගැනිමට තීරණය කලා. අපිට කෑම නැහැ ගොඩාක් බර අරන් යන්න බැහැ. ඒවා ගලවමින් තමයි අපි මේ ගමන යන්නේ සමහර අය යට ඇදුමෙන් විතරයි.

හතර පැත්තෙන් ගහනකොට නිදහසේ ආරක්ෂිතව එන්න තැනක් බලා ගැනිමත් එම අවස්ථාවේ වැදගත් අපිට අපේ ජිවිත බේරා ගැනිමට නම් කිලාලි කලපුව පැත්තෙන් තමයි යන්න සිද්ධ වුනේ ජලයේ බැහැලා යන්න ඔනෑ නිසා එම කලපුවේ යන අතරවාරයේදිත් අපි අපේ ඇදුම් පැලදුම් අත රැදි බොහෝ දේවල් අපි අයින් කර ගෙන ආවත් අතේ තිබුණු ටි.56 සහ තුවක්කුවට අවශ්‍ය උණ්ඩා යනආදිය ඇති පමණින් සතුරා විසින් යම් අවස්ථාවක පහර දිමක් සිදු කර හොත් ඊට මුහුණ දිමටත් සුදානමින් පැමිණෙමින් සිටියා කලපුවට බැහැලා.

ඔය නැතිවේලා තිබුණෙ මාගේ පාසල් යන දවස් වල ගත්ත ජාතික හැදුනුම්පත මේ ටික යුද්ධය වේලාවේ නැති වුනාට පස්සේ මම අලූතෙන් හැදුනුම්පත් හැදුවා. මේ සටනේදි අපේ සහෝදර සෙබළුන් ගොඩාක් දෙනෙක්ගේ දිවි අහිමි වුනා අදටත් එය සිහිවෙනකොට හරි දුකයි. එකට කලා බිලා ජිවත් වුනු අපිට අපේ අය ගොඩාක් දෙනෙක් අහිමි වුනා. 

ගොඩාක් දෙනෙක් පිට් එක හැදිලා මිය ගියා සමහර අයට කෑම බිම නැතිව මිය ගියා. මාත් අපි සමග සිටි සමහර අයත් ගස් වල කොළ පොතු කෑවා සමහර අවස්ථාව තල් ගෙඩි කෑවා ඒ විදිහට තමයි ජිවිතය දවස් ගණන් තියා ගන්න ශරිර සෞඛ්‍ය හදා ගත්තේ. වතුර තිබුණා ඒ ජලය ලූණු රස මිශ්‍රයි.

අලිංමකඩ සටන වෙනුවෙන් එල්.ටි.ටී.ඊ සංවිධානයේ ලොකු බලඇණි රැසක්ම හිටියා සාමාන්‍යයෙන් දෙදහස් පන්සියක් තුන්දහසක් අතර ප්‍රමාණයක් මේ සටන වෙනුවෙන් ඇවිත් හිටියා ඒ අය දිවා රාත්‍රි පහර දිම් සිදු කලා. නමුත් මේ අයට යුධ ටැංකි මෙන්ම වෙනත් දියුණු යුධ උපකරණ කිසිවක් තිබුණෙ නැහැ.

කිලාලි කලපුව පැත්තෙන් ඉඩ තිබුණා. එල්.ටි.ටී.ඊ සංවිධානය හිටියේ නැති නිසා ඒ පැත්තෙන් ඇවිත් කලපුවට බැහැලා පොල්වත්තකට ආවා ඒ වෙන කොට අපේ සමහර අය ස්ථාන ගත වේලා හිටියා පොල් වත්තේ දවස් තුන හතරම කැලේ ඇතුලේ ඉදලා බැරිම තැන කිලාලි කලපුවෙන් පැන ගත්තා පොල්වත්තට එක ලොකු පොල්වත්තක් මාගේ මතකයේ හැටියට හතරවන දවසේ උදේ 7 ඉදන් සවස 2 විතර වෙනකම් බට ගෑවා හිටගෙන ගියොත් වෙඩි තියෙනවා ඒ නිසා අත්වල කකුල්වල ලේ එනකම් බඩ ගෑවා.

බඩගාගෙන ආපු අපි ගොඩාක් දෙනෙක් සපත්තු දාගෙන හිටියේ කටු සහ ආක්ෂාවට අපි සපත්තු ගැලෙව්වේ නැහැ. කලපුවට බැහැලා ආපු නිසා අපේ කකුල් කසන්න ගන්නවා ඇග කසන්න ගන්නවා නමුත් අපි ඒ හැම දෙයක්ම දාරා ගෙන මේ ගමන ආවා. ලූණූ වතුරට ඇග දනවා අව්ව වැටෙනකොට ඇගට හරි අපහසුවක් දැනෙනවා. ඔය පොල්වත්තේදි මාගේ පොකට් එක අයින් කලා වාගේ මතයක් තියෙනවා.

බර වැඩි ජලය නිසා පුස් ගඳ ගහනවා. කන්න දෙයකුත් නැහැ බඩ ගාගෙන යන්න ඔනෑ ඒ බර අරන් ගිහින් වැඩකුත් නැහැ. ඒ නිසා ගොඩාක් අය කිවා ඔවා ගලවලා දැන් පණ බේරා ගනින් නිකන් මැරෙනවා ඔවා කරේ තියාගෙන ඇගේ තියාගෙන යන්න එපා කියලා. ඒ අවස්ථාවේ පෙලක් අය යට ඇදුම පිටින් බඩ ගෑවා මට මතකයි. අපි මොනවා අඩු කර ගත්තොත් අපේ පතුරන් අඩු කරගන්නේ නැහැ. හදිසියකදි සටනක් ඇති වුනොත් ඊට මුහුණ දෙන්න අවශ්‍ය උපකරණ තිබිය යුතුයි ඒ නිසා අපි නිතරම හිටියේ සුදානමින්.

අපි එදා අලිංමකඩ සිටියා නම් අපි මිය යනවා අපි එන කොට අලිංමකඩ අල්ලාගෙන ඉවරයි. අලිමංකඩ අල්ලා ගැනිම එල්.ටි.ටී.ඊ සංවිධානයේ ප්‍රධානතම ඉලක්කයක් වුයේ යුධමට වශයෙන් වැදගත් ස්ථානයක් විමත්, ඒ.9 නුවර යාපනය මාර්ගය පිහිටා ඇත්තේ අලිමංකඩ යාපනය අර්ධද්පයට ප්‍රවේශ විමට ඇති එකම ගොඩබිම් මාර්ගය නිසාය. 

මේ සටනේදි ගොඩාක් තුවාල අය ගෙන්න බැහැ ඒ අය සතුරාට බිලි වුනා. හතරවන දවසේ අපි ජිවිත බේරා ගෙන සතුරා සමග සටන් කරලා බැරි තැන එනකොට බාගෙට බාගයක් හිටියේ නැහැ සුළු පිරිසක් පමණයි ජිවිතය බේරා ගෙන ආවේ. මම දක්වා අපේ හමුදා සෙබළුන්ගේ මිය ගිය සිරුරු 1000 ක් 1500 ක් අතර වැටිලා තිබුණා.

අපි පොල්වත්තට එනකොට අපේ රේජිමේන්තුවෙන් පිරිස් ඇවිත් හිටියා. අපේ යුනිට් එකේ අපි සමග හිටපු අයගෙන් දිිවි බේරා ගැනිමට හැකි වුනේ 15 ක් විතර දෙනෙකුටයි. අවසානයේදි කෙනෙකුට කෙනෙක් බේරා ගන්න බැරි තත්වයක් තමයි තිබුණෙ. තමන්ගේ ජිවිතය බේරා ගැනිමට තමන්ට සතුරා සමග සටන් කර ගැනිමට සිදු වුනු අවස්ථා තිබුණා.

මීට අමතරව පුනරීන් වලදිත් මම බිහිසුළු සටනක නිරත වුනා. මම යුධ හමුදාවේ සිටියදි බිහිසුණු යුධ සටන් රැසකටම සහභාගි වුනා. ජයසිකුරු, වඩමාරච්චි වාගේ ක්‍රියාන්විත රැසකටම සහභාගි වුනා. ඒ සටන් වලදි මට අමතක නොවන සිදු විම වන්නේ පුනරින් මෙහෙයුමයි. මම ගිය අලූත 1994 වසරේදි පමණ වාගේ කාලයේදි තමයි ඒ සටන සිදු වුනේ.

පුනරින් කඳවුරට වටකරලා පහර දීමක් සිදු කලා එකෙදි දවස් 14 ක් අපට එක දිගයම පහරදිම සිදු වුනා. එකත් එල්.ටි.ටි එක යාපන පැත්තෙන් මුලතිව් පැත්තෙන් බැහැලා කලපුවෙන් පිනා ඇවිත් සටන දිගටම තිබුණා. මම ඉහතින් විස්තර කරපු සටහනට වඩා වැඩිය අමාරුවක් වුනා ඒ සටන එකෙදි කෑම පැකට් දැම්මේ ගුවන් යානා වලින්. ඒ සටනේදි අපි ජිවිත බේරා ගත්තේ ගොඩාක් දවසක් අතරමං වේලා ඉදලා යැයිද පැවසිය.

_මාන්කුලම් වලදි වෙඩි වැදිම_

මම යුධ හමුදාවට ගියාට පස්සේ රියදුරෙකු ලෙස ට්‍රක්, ලොරි, ට්‍රැක්ටර් එලෙව්වා. එක දවසක් මාන්කුලම් සිට මුලතිව් දෙසට ට්‍රැක්ටරයෙන් කෑම රැගෙන යද්දි කිලෝමිටර් තුන හතරක ඈත ඉදලා එල්.ටි.ටී.ඊ එක එල්ල කරපු මෝටර් බොම්බයක් අපි ගියපු මාගේ ඉදිරියට වැටුනා. ඒ බොම්බයේ කෑගල්ලේ ඇවිත් මාගේ වැදුනා එකෙදි තමයි මං තුවාල ලැබුවේ යැයි ද ඔහු පැවසිය.

කෙසේ හෝ සිය පවුල් ජිවිතය ගැනද සිහිපත් කරමින් මේ විරෝධාර රණවිරුවා පැවසුයේ මාගේ පවුලේ එක් පුතෙකු සිටින බවයි. බිරිඳ වෘත්තිය වශයෙන් කිසිදු රැකියාවක නිරත නොවුන බවද ඔහු පවසයි. වසර 25 කට වැඩි කාලයක් යුධ හමුදාවේ සේවය කර 2016 වසරේදි යුධ හමුදාවෙන් විශ්‍රාම ගිය බවද උපනන්ද පැවසිය.

ඔහු අවසන් වශයෙන් අපට කිවේ යුධ හමුදා ජිවිතයේදි කිසිදු දිනක ජිවත් විමේ බලාපොරොත්තුවක් නොතිබුණු අස්ථීර ජිවිතයක් රට බේරා ගැනිම වෙනුවෙන් සිදු කරන ලද බවයි. තම හොඳම යාළු මිත්‍රයන් රැසක්ම යුද්ධයේදි සතුරාට බිලි වුනු බවද අපට පැවසිය. යුද්ධ කරද්දි දෙපැත්තන් හිතන්න බැහැ. අම්මා තාත්තා නැදැයෝ කොටින්ම කිවොත් බිරිඳ පවා අමතක කරලා තමයි මේ බිහිසුණු සටනට යන්නේ යැයිද කිය.

අප මෙම විරෝධාර සෙබලාගෙන් අවසන් වශයෙන් ඇසුවේ යුධ හමුදාව රැකියාවක් කර ගැනිමට හේතු වුයේ කුමන හේතුවක් නිසාද යන්නයි. එහිදි ඔහු මෙසේ පැවසිය.

ගමේ රැකියා වලට වඩා පිළිගැනිමක් ඒ කාලේ මෙන්ම අදටත් තියෙනවා මේ වෘත්තියට ඒ වාගේම මේ රැකියාව ගෞරාවන්විත රැකියාවක් අභිමානවත් පුරවැසියෙක් විදිහට ලංකාවේ මට හිතුනා මාගෙන් යමක් රට වෙනුවෙන් සිදු විය යුතුයි එයට උදව්වක් ලෙස තමයි මම යුධ හමුදාවට එක් වුනේ යුද්ධයක් ඇති වුනාම රටක රටේ ජීවනාලීය බදු තරුණ පරම්පරාව බර කරට අරන් ඒ ගැටලූව නිරාකරණය කර ගැනිමට කටයුතු කිරිම වගකිමක් වන බවද පැවසිය.

අමිත උපනන්දගේ බිරිඳ වන කේ.වි දිල්හානි කුමාරි මහත්මිය අප සමග අදහස් දක්වමින් මෙසේ පැවසිය.

අපි විවාහ වුනේ 1997 වසරේදි මම මධ්‍ය පළාතේ පිළිමතලාවේ, අඹන්වල කෙනෙක්. විවාහ වේලා මුලින්ම හිටියේ හකුරුගම්මන ප්‍රදේශයේ ඊට පස්සේ තමයි මේ නිවස හදාගෙන දුම්බුළුවාවට ආවේ. මහත්තයා යුධ හමුදාවේ කැප විමෙන් වැඩ කරපු කිසිම දවසක සේවය මග හැරිම සිදු කර නැති වේලාවටත් කලින් සේවයට වාර්තා කරන කෙනෙක්. මම ඔහුගේ කටයුතු වලින් සතුටට පත් වුනු කෙනෙක්. ඒ වාගේම මාගේ මහත්තයා යුධ හමුදාවේ සේවය කිරිම ගැන මට නිහතමානි ආඩම්බරයක් තියෙනවා. වසර තිහක යුද්ධය අවසන් වේද්දි මහත්තයාද එහි කොටස් කරුවෙකු විම ගැන සතුටුයි.

අලිමංකඩ සටන තියෙන කොට මට මතකයි පුතා ඉපදිලා මාස හතරකින් මහත්තයා වැඩට ගියාම ආවේ පුතාට මාස 7 ක් වුනාට පස්සේ. ඉස්සර අද වාගේ දුරකථන කිසිම දෙයක් නැහැ ලියුමක් ලිවොත් එක යන්නත් සැහෙන කාලයක් යනවා. නමුත් ගැහැණියෙක් විදිහට ඒ හැම දෙයක්ම විද දරාගෙන මහත්තයාගේ රාජකාරිය කර ගැනිමට අවස්ථාව දිලා මාගේ කටයුතු කර ගත්තා.

පුතා ඉපදිලා මාස හතරකින් පුතා වඩා ගෙන සුරතල් කරලා තම රාජකාරිය වෙනුවෙන් මහ වෙඩි වරුසා මැද්දේ සමහර අපිව සිහි වෙන්න ඇති පුතා සිහිවෙන්න ඇති නමුත් ජිවිත පරිත්‍යාගයෙන් ඒ සියලූ දේවල් කර නිර්භිත මහත්තයෙක් මට සිටිම ගැන මෙන්ම ඒ සම්බන්ධයෙක් කාලයක් ගිහින් හරි සොයා බැලිම ගැන මට හරි සතුටක් වන බවද ඇය අප සමග පැවසිය.

යුධ හමුදා සෙබළෙකුගේ හැදියාව නීතියට අවනත විම පිරිසිදු බාවයට අද හොඳම නිදසුන ඔහුගේ නිවසයි. නිවසේ වතු පිටි මෙන්ම නිවසද මනාව සකස් කර ඇති අතර මල් වත්තක් මෙන් නිවස වටපිටාව ඔහු සකස් කර ගෙන පවති. ජිවිතය පවා පරදුවට තබමින් මේ සෙබලා කර ඇති සේවය අගය කර යුත්තේ තිස් වසරක යුදමය ජයග්‍රහණයේ ඔහුද කොටස් කරුවෙකු වි වෙඩි වැදි කල සේවය මුළු මහත් රටටම ආදර්ශයක් වන නිසාවෙනි. ඔහුගේ සිතුම් පැතුමි මෙන්ම ඔහුගේ නිර්භිත සිත අද කාලයේ තරුණ පරම්පරාවට හොඳ ආදර්ශයකි.

විශ්‍රාමික මෙම හමුදා නිලධාරි මහතා සොයා ගැනිමට සහාය දැක්වු හෙම්මාතගම වසමේ ග්‍රාම නිලධාරි සෙනරත් වීරසිංහ මහතාට මාගේ ස්තුතිය.

ජායාරූප හා සටහන කෑගල්ල හෙම්මාතගම සමන් විජය බණ්ඩාර 

උපුටා ගැනිම ලංකා ඒ.බි.සි. නිව්ස්.

සම්බන්ධිත පුවත් | Related News

ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රිනියට චීනයට යන ගුවන් යානයට ගොඩවීමට නොහැකි වූ පුවතක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ සංවාදයක් නිර්මාණය වී ඇත.
ආන්තවාදයට විරුද්ධව කටයුතු කිරීම ආරම්භ කළේ 2002 වසරේදී එක්තරා ක්‍රිස්තියානි දෙමළ පූජකවරයකු විසින් බුදුපිළිමයක් පාගාගෙන සිදුකළ යාඥා කිරීමක් දැකීමෙන් පසුව බවත්, එදා එය දැක දැඩි කෝපයක් ඇති වූ බවත් ගලගොඩ අත්තේ ඥානසාර හිමි විසින් ප්‍රකාශ කරන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වේ.
ලෝක බැංකු වාර්තාවලට අනුව, 2024 වන විටත් නයිජර් (Niger) රාජ්‍යයේ ජනගහනයෙන් 80% කට ආසන්න ප්‍රමාණයකට විදුලිය පහසුකම් නොමැත. එසේ වුවද, එම වසර දක්වාම ලොව විශාලතම යුරේනියම් නිෂ්පාදකයෙකු වන නයිජර් රාජ්‍යය, යුරෝපා සංගමයේ (EU) න්‍යෂ්ටික බලශක්ති අවශ්‍යතාවයෙන් 25% ක්ම සපයමින් මුළු යුරෝපය පුරා පිහිටි නගර සහ ගම්මාන බලගැන්වීමට දායක විය.
Born Again ඇදහීම ශ්‍රී ලංකාවේ මුලින්ම ආරම්භ වෙන්නේ දශකයකට එකහමාරකට කලින්.
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 38(2) වගන්තියට අනුව ජනාධිපතිවරයෙකුට එරෙහිව දෝෂාභියෝගයක් (Impeachment) ගෙන ඒමට පැහැදිලි ප්‍රතිපාදන ඇත.
භාස්කර II (භාස්කරාචාර්ය) යනු බ්‍රහ්මගුප්තගෙන් වසර 500කට පමණ පසු, එනම් ක්‍රි.ව. 12 වන සියවසේදී (ක්‍රි.ව. 1150 දී පමණ) විසූ තවත් ශ්‍රේෂ්ඨ ඉන්දීය ගණිතඥයෙකු සහ තාරකා විද්‍යාඥයෙකි. ඔහු බ්‍රහ්මගුප්ත ඉදිරිපත් කළ මූලික ගුරුත්වාකර්ෂණ අදහස් තවදුරටත් පුළුල් කරමින්, සිය සුප්‍රසිද්ධ “සිද්ධාන්ත ශිරෝමණී” නම් ග්‍රන්ථයේ "ගෝලාධ්‍යාය" නම් පරිච්ඡේදය තුළ මේ පිළිබඳව ඉතා පැහැදිලි විද්‍යාත්මක විග්‍රහයක් සිදු කළේය. සර් අයිසැක් නිව්ටන්ට වසර 500කට පෙර, භාස්කර II විසින් ගුරුත්වාකර්ෂණය සහ ආකාශ වස්තූන්ගේ පැවැත්ම ගැන ප්‍රකාශ කළ ප්‍රධාන කරුණු මෙසේය.
2050 වන විට ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනගහණය සිංහල ජනගහණය අභිබවා යන බවත්, සිංහල ජාතිය මහ ජාතිය ලෙස මෙරට තුළ ජීවත්වන අවසාන සියවස මෙය බවත් මුස්ලිම් පූජකවරයකු විසින් පවසන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වේ.
දණපතියන්ගේ කැසිනෝ බදු ඉවත් කර සබන් කැටේ බදු වැඩිකර හාල් මාෆියාව ඇතිකළේ වත්මන් ආණ්ඩුවේම පිරිස බව දේශපාලන වේදිකා තුළ ඇතිවූ කතාබහ ආශ්‍රයෙන් සමාජ මාධ්‍යයේ පළ වූ වීඩියෝවක් පහතින් දැක්වේ.
රනිල් වික්‍රමසිංහ මහතාව බොහෝ දෙනෙකු විශාල ලෙස අපවාදයට ලක්කළ බවත් පහර ගැසූ බවත්, එතරම් අපහාස විඳගත් ජනාධිපතිවරයකු තවත් නොමැති බවත් රංගන ශිල්පී කලන ගුණසේකර පවසයි.

ප්‍රධාන පුවත්

"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..

කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1974 සහ 1976 වසරවලදී ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.