අවනඩු!
මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්තුමා, විශ්‍රාමික ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න මහතා, 2023 වසරේ බීමතින් රිය පදවා අනතුරක් කිරීම සම්බන්ධයෙන් වූ නඩුව පසුගිය දා කැඳවූ අවස්ථාව සම්බන්ධයෙන් 'හිරු' ප්‍රවෘත්ති වාර්තාව පහත සැබැඳියාවෙන් නැරඹිය හැකි ය. නීතිපති දෙපාර්තමේන්තුවේ හා පොලිසියේ නිලධාරීන්ට කටයුතු කරන්නට සිදු ව තිබෙන්නේ තමන් ගේ අමාත්‍යාංශයේ ප්‍රධානියාට එරෙහි ව ය. ඊට පටහැනි ව ඔවුන් තම ප්‍රධානියා වෙනුවෙන් කටයුතු කරමින් සිටී ද?
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන්, එවකට ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු වූ රවි සෙනෙවිරත්න මහතාට නැඟුණු චෝදනා මීට වඩා බරපතල ය. ඒ, පාස්කු ප්‍රහාරය වළකාලීමට තිබූ අවස්ථාව, ඔහු වගකීම් සහගත ව කටයුතු නොකිරීම නිසා, නැතිනම් දැනුම්වත්ව ම රාජකාරිමය වගකීම් පැහැරහැරීම නිසා, මඟහැරැණු බවට ය. චෝදනාවේ සත්‍ය-අසත්‍ය බව අපි නොදනිමු. එහෙත්, එ වැනි චූදිතයකුට, සැක කෙරෙන්නකුට, පොලිසිය හා අධිකරණය භාරදීම?
දැන් පාස්කු ප්‍රහාරය හා සම්බන්ධ මරාගෙන මැරෙන ප්‍රහාරකයන් දෙදෙනකු ගේ ම පියා, ජනතා විමුක්ති පෙරමුණ හා සම්බන්ධ ය; පුපුරවා හල අධිබලැති බෝම්බ නිෂ්පාදනයට අවශ්‍ය තඹ එකතු කෙරුණේ ද ඔහු ගේ කර්මාන්ත ශාලාවේ වුවමනාවන් ලෙස බලධාරීන් නොමඟ යැවීමෙන් බවට ද එ කල අදහස් පළවිය. පුත්තු කළ අපරාධවලට පියා වගකිව යුතු නැත. සාමාජිකයකු කළ අපරාධවලට පක්ෂයක් වගකිව යුතු ද නැත. ඒ වගේ ම මේ එකිනෙක අතර සම්බන්ධයක් තිබෙනවා ද විය හැකි ය. කෙසේ වුවත්, සැකයට භාජනය වන තැනැත්තෙක් යටතට නීතිපති දෙපාර්තමේන්තුව හා පොලිසිය පත් කිරීම කිසිසේත් නොකළ යුතු ව තිබිණි.
ඉතින්, ඒ නොකළ යුත්තම කෙරෙන්නේ, කවුරු-කවුරුත් නීතිය නමමින් සිටින බැවින් ද? ඒ කාගේ-කාගේත් අපරාධ වසන් කිරීමට ද❓
විපක්ෂය, දේශපාලන පක්ෂ, ජනමාධ්‍ය, නිතීඥ සංගමය, නීතියේ ආධිපත්‍යය වෙනුවෙන් පෙනී සිටි සංවිධාන ඔබ අවදියෙන් ද?
- ගෙවිඳු කුමාරතුංග
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..