ලාල් කාන්තගේ ප්‍රකාශයෙන් ආණ්ඩුවේ ඉදිරි ගමන පිළිබඳ ලබාදෙන ඉඟිය..
ඊයේ කොළඹ පැවති රැස්වීමක දී අමාත්‍ය ලාල්කාන්ත මහතා ඉතා වැදගත් හා සංවේදී ප්‍රකාශයක් සිදු කර ඇත. ජනතා විමුක්ති පෙරමුණේ මෙන්ම වත්මන් රජයේ ද ප්‍රබලයකු වන ලාල් කාන්තගේ මෙම ප්‍රකාශය ආණ්ඩුවේ ඉදිරි ගමන පිළිබඳ වැදගත් ඇඟැවුමක් ලබා දෙයි.
ඔහු පවසන්නේ සරල වුවත් වැදගත් කාරණා දෙකකි.
ඉන් පළමුවැන්න නම්, දේශපාලනිකව අපට පහර දෙනවා නම් මහා සංඝරත්නයට වුව ද පෙරළා පහරදීමට තමන් කිසිදු ලෙසක පසුබට නොවන බවයි. එය එක් අතකින් මාක්ස්වාදයේ ආගමික දෘෂ්ටිවාදය නිරූපණය කරයි.
දෙවැන්න නම්, තමන් මේ වන තෙක් ලබාගෙන ඇත්තේ ආණ්ඩු බලය (government authority) පමණක් බවත් රාජ්‍ය බලය (state authority) ලබා ගැනීම සඳහා අරගලයක් සිදු කරන බවත්ය.
දුටුගැමුණු රජු මෙරට රාජ්‍යය පිහිට වූ දින සිට අද දක්වා අවස්ථා කිහිපයක දී හැර මහා සංඝරත්න පාලකයාට ඉහළින් සැමදා කටයුතු කළේය. එය අතිශයින් දේශපාලනික විය. ඒ අයිතිය උන්වහන්සේලාට ලැබෙන්නේ බුද්ධත්වයෙන් මාස 9 ක් ගත වූ කල ගෞතම බුදුරජාණන් වහන්සේ සිය ශාසනයේ පැවැත්ම සඳහා නව රාජ්‍යයක් උදෙසා අඩිතාලම මහියංගණයේ දී දැමීමත් සමඟයි.
"මාගේ මේ ව්‍යායාමය සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය සඳහාම පමණි" යන ගැමුණු කුමරුගේ සුප්‍රකට ප්‍රකාශය මගිනුත්, කිත්සිරිමෙවන් රජ දවස දළදා වහන්සේ වැඩවීමෙන් පසු එය රාජ්‍යත්වයේ සංකේතය බවට පත්වීමෙනුත් ඇඟවෙන්නේ මෙරට රාජ්‍යයේ ස්වභාවය සහ එහි වගකීමයි.
මහා සංඝ රත්නයට පාලකයාට ඉහළින් කටයුතු කිරීමට බලය ලැබෙන්නේ මේ ඔස්සේය.
ලාල් කාන්ත පවසන්නේ තමන් එය පිළිනොගන්නා බවත් දේශපාලනයේ දී මහා සංඝරත්නයට පහර දීමට තමන්ට අයිතියක් ඇති බවත් එය කරන බවත්ය. ඔහු එය නොවලහා පවසයි.
(මේ වන විටත් සමාජ මාධ්‍ය ඔස්සේ ජවිපෙ හෝ වත්මන් ආණ්ඩුව විවේචනය කරන මහා සංඝ රත්නයට නිර්දය ලෙස පහර දෙන්නේ, ලාල් කාන්ත මේ ප්‍රකාශය ප්‍රසිද්ධියේ කළේ ඊයේ වුව පක්ෂ යන්ත්‍රණය තුළ මේ වන විටත් එය අරඹා තිබීම නිසා විය හැකි ය).
තව ද එම කථාවෙන් ඇඟැවෙන අනෙක් කරුණ නම් මහා සංඝරත්නයට හිමිව ඇති එම ප්‍රමුඛස්ථානය "පක්ෂය" වෙත ලබා ගන්නා බවයි. ආණ්ඩු බලය ලබා ගත්ත ද රාජ්‍ය බලය ලබා ගැනීම සඳහා තමන් අරගලයක් කරන බව ඔහු පවසන්නේ එය විය යුතු ය.
වත්මන් ආණ්ඩුව අධ්‍යාපන සහ අනෙකුත් සියලු ප්‍රතිසංස්කරණ ඉදිරිපත් කරන්නේ මේ අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහායි; මේ පරිවර්තනය සඳහායි; ඇතැම් විට ඒ සඳහා ප්‍රබල ව්‍යවස්ථා සංශෝධනයක් හෝ නව ව්‍යවස්ථාවක් හෝ ගෙන ඒමට ඔවුන් නොපසුබට වනු ඇත.
"රාජ්‍ය කුමකට ද?" යනුවෙන් මා කඩිමුඩියේ පුස්තිකාවක් සකස් කළේද මේ කරුණ ම පැහැදිලි කිරීමටයි. ඔවුන් බලාපොරොත්තුවන මෙම පරිවර්තනය සිදු කළ නොහැකි බවත් එය කෙළවර වන්නේ විනාශයකින් පමණක් බවත් එහිදී මා පැහැදිලි කර ඇත.
සියවස් විසිතුනක් පුරා එළාරට, මහසෙන් රජුට, දාඨියට, පීඨියට, චෝල අධිරාජයාට, කාලිංඝයේ මාඝට, චන්ද්‍රභානුට,පෘතුගීසීන්ට, ලන්දේසීන්ට ඉංග්‍රීසීන්ට කළ නොහැකි වූ දෙයක් වත්මන් ආණ්ඩුවට කළ හැකි වේ ද?
ඉදිරි මාස කිහිපය තීරණාත්මක ය.
(මහාචාර්ය චන්න ජයසුමනගේ මුහුණු පොතින් උපුටා ගන්නා ලදී)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..