ජීවයේ කේත රටාව සොයාගත් දැවැන්තයා සමුගනී..
👉 මේ ඡායාරූපයේ සිටිනුයේ ඊයේ දිනයේ එනම් නොවැම්බර් හත් වෙනිදා ජීවිතයෙන් සමුගත්, ගතවූ සියවසේ ලෝකයට දැවැන්ත බලපෑමක් කළ සුවිශේෂී පුද්ගලයෙකි.
👉 නමින් ජේම්ස් ඩී. වොට්සන් නම් වන ඔහු 1953 වසරේදී ෆ්‍රැන්සිස් ක්‍රීක් හා එක්ව ඩී.එන්.ඒ අණුවේ ද්විත්ව හෙලික්සීය ව්‍යූහය පිළිබඳ අදහස ලෝකයට ඉදිරිපත් කළේය.
👉 මෙය වොට්සන් ක්‍රීක් ආකෘතිය ලෙස හැඳින්වෙන අතර, මේ සොයාගැනීම වෙනුවෙන් 1962 වසරේදී මේ දෙපලට වෛද්‍ය විද්‍යාව සඳහා වූ නොබෙල් ත්‍යාගය පවා හිමි විය. මේ දැවැන්ත සොයාගැනීම කළ කාලය වන විට වොට්සන් අවුරුදු විසි පහක ළාබාල තරුණයෙක් වීමද විශේෂ කරුණකි.
👉 ජීවින්ගේ ලක්ෂණ තීරණය වනුයේ ජීවී සෛලවල න්‍යෂ්ටියේ අඩංගු ඩීඑන්ඒ හෙවත් ඩිඔක්සි රයිබෝ නියුක්ලික් ඇසිඩ් නම් රසායනික සංයෝගය තුළ ඇති ඇඩිනීන්, ගුවැනීන්, තයමීන්, සයිටෝසීන් යන භස්මවල අනුපිළිවෙළ මතය යන අදහස වඩා විධිමත්ව තහවුරු වූයේ මේ සොයාගැනීම සමගිනි.
👉 ඒ අනුව මෙය ජීවීන්ගේ ලක්ෂණ සටහන් කර ඇති ජිවයේ කේතය හා එහි රටාවන් පිළිබඳ කළ ගැඹුරුතම අනාවරණය වූ අතර, මෙය ඊට සියවසකට පමණ පෙර සිට ඒ පිළිබඳ සිදු කළ සොයාගැනීම්වල කූටප්‍රාප්තිය ලෙස සැලකිය හැක්කකි.
👉 මෙය ගත වූ සියවස තුළ ලෝකයේ දැවැන්ත පෙරළි රාශියකට පදනම් වූ සොයාගැනීමක් වූ අතර, ජීව විද්‍යාව, වෛද්‍ය විද්‍යාව, කෘෂිකර්මාන්තය, සත්ත්ව පාලනය, ආහාර නිෂ්පාදනය, ආදී ක්ෂේත්‍රවලට පමණක් නොව නීතිය, දේශපාලනය ආදී විෂයන්ටද ඒ සොයාගැනීම ප්‍රබල බලපෑමක් කළේය.
👉 වැඩි දියුණු කළ ශාක හා සත්ත්ව ප්‍රභේද බිහිකිරීම, ජාන සංයෝජනය මගින් නව එන්සයිම, ප්‍රෝටීන, වැක්සීන් ආදිය නිපදවීම, ඇතැම් රෝග හඳුනාගැනීම හා ඊට ප්‍රතිකාර කිරීම, සෛල කොටස් මගින් අපරාධකරුවන් හෝ පවුල් උරුමය ආදිය හඳුනාගැනීම, ආදියට පදනම සපයන ලද්දේ වොට්සන් ක්‍රීක්ගේ අනාවරණය විසිනි.
👉 වොට්සන් 1928 වසරේදී අමෙරිකාවේ උපන් අතර, ඔහු මිය යන විට වයස අවුරුදු 97කි. ඔහු සමඟ ඩීඑන්ඒ අනුව පිළිබඳ සොයාගැනීමට දායක වූ බි්‍රතාන්‍ය ජාතික ෆ්‍රැන්සිස් ක්‍රීක් මීට වසර විසි එකකට පෙර එනම් 2004 වසරේදී ජීවිතයෙන් සමුගත් අතර, එවකට ඔහු 88 හැවිරිදි වියේ පසුවිය.
👉 මෙහි දැක්වෙනුයේ වොට්සන් හා ක්‍රීක් දෙපළ 1953 වසරේදී ඔවුන් නිර්මාණය කළ ඩීඑන්ඒ අනුවේ මොඩලය සමඟ ගත් ඡායාරූපයකි. අද මෙම ඩීඑන්ඒ ආකෘතිය ලන්ඩනයේ කෞතුකාගාරයක තැන්පත් කර තිබේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..