ඒ අවමන රත්න ශ්‍රී ට පමණක් නොවේ..
ප්‍රවීණ කිවිවර රත්න ශ්‍රී විජේසිංහයන්ට අවමන් කළා යැයි කියන ඔක්තෝබර් 31දා මම සිටියේ හොරණ මිල්ලනිය ප්‍රාදේශීය සභාවේ සාහිත්‍ය උළෙලට දේශකයෙකු ලෙස සහභාගී වෙමිනි.එහි පැමිණ සිටි පාර්ලිමේන්තු මන්ත්‍රීනී ඔෂානි උමංගා ද මගේ වැඩසටහන අවසානයේ හොරණ සාහිත්‍ය උළෙට ද යන බව පවසා නික්ම ගියා ය.
එදා ඊට රත්න ශ්‍රී පැමිණෙන බවක් මම දැනසිටියේ නැත.
අද මම රත්න ශ්‍රී විජේසිංහයන්ට කතා කළෙමි.අදාල සිදුවීම ඔහු දන්නේ ද උත්සවයෙන් පසුව බව මා සමග පැවසී ය.
රත්න ශ්‍රී විජේසිංහ මහතාට දැරියක් විසින් ගෙනයන්නට සූදානම් කර තිබූ වතුර වීදුරුවකට අදාල සාහිත්‍ය උත්සවයේ පූරක භූමිකාව සිදුකළ ගත් පුද්ගලයෙකු විසින් කෙළ ගසා තිබේ.ඉන් කම්පනයට පත් දැරිය එය රත්න ශ්‍රී වෙත එය රැගෙන ගොස් නැත.
සිදූවීම එයයි.
අදාල පූරකයා කවර අරමුණකින් මේ අශිෂ්ට ක්‍රියාව සිදු කළේ දැයි සංවිධායකයින් සෙවිය යුතු ය.එය සාහිත්‍ය කරුවන් ලෙස අපි පිළිකුළෙන් බැහැර කරමු.එවැන්නක් සාහිත්‍ය කරුවෙකුට මතුනොව කිසිදු මනුෂ්‍යයෙකුට නොසිදුවිය යුත්තකි.
මෙම සිදුවීම පිළිබඳ කරන සාකච්ඡාවේ දී මතුකළ යුතු තවත් කරුණු රැසක් තිබේ.
මා නිතර එවැනි සාහිත්‍ය දේශන වලට සහභාගී වන්නෙකු නිසා එම අද්දැකීම් මෙහි ලිවිය යුතු යැයි සිතමි.
දැන් බොහෝ ප්‍රාදේශීය සභා වල දේශපාලන බලය ඇත්තේ මාලිමාවේ දේශපාලන අධිකාරිය සතුව ය.තවදුරටත් ඒවායේ කරන සාහිත්‍ය කලා උළෙල පැරණි යල් පිනූ එක නොවිය යුතුය.
ඒවා නව දැක්මකින් නිර්මාණශීලීත්වයකින් පොහොසත් විය යුතු යැයි මම යෝජනා කරමි
සාහිත්‍ය උළෙල නිළධාරීන්ගේ කයිවාරු මඩුවක් නොවිය යුතු ය.සාහිත්‍ය දේශකයා පැමිණ සිටියදී නිළධාරීන් සහ ජනතා නියෝජිතයින් තමන් ද සාහිත්‍ය ගැන දන්නා බව පෙන්වන සන්දර්ශන නොවිය යුතු ය.
පාසල් දරුවන් රැගෙන විත් පැය ගණන් උන්ට සාහිත්‍ය එපා කරවනු මම දැක තිබේ.ඇතැම් විට අප සාහිත්‍ය දේශනය පටන් ගන්නා වෙලාව වනවිට ඒ දරුවන් වෙහෙසට පත්ව අවසන් ය.
උන්ට සාහිත්‍ය දේශකයා වදයක් වේ.
දරුවන්ගේ මනස නොතේරෙන නිළධාරීන්ගේ කෙරුවාව එහෙමය.
පොල්තෙල් පහන දල්වන්නට පළමුව ඇරයුම් කරන්නේ ආරාධිත සාහිත්‍යකරුවාට නොවේ.දේශපාලකයන්ගේත් නිළධාරීන්ගේත් දීර්ඝ නාමාවලිය කෙළවර ආරාධිත දේශකයාගේ ද නම කියති.
අගට දරුවන් දෙදෙනෙකුටද ඇරයුම් කරති.
සැබෑ ලෙසම පළමුව ඇරයුම් කළ යුත්තේ ඒ දරුවන්ට ය.අප පළමුව පිළිගත යුත්තේත් අවස්ථාව දිය යුත්තේත් දරුවන්ටය.
මන්ද ඒවායේ අයිතිය දරුවන්ට මිස නිළධාරීන්ට නොවේ.
අපට දරුවන් විශේෂ බව අප උන්ට පෙන්විය යුතු ය.
මම මේ අදහස බොහෝ සාහිත්‍ය උත්සව වලදී සංවිධායකයන්ට පවසා තිබේ.
බෙර ගසා පිළිගත යුත්තේ නිළධාරීන් හෝ දේශපාලකයන් නොව ඒ සාහිත්‍ය උළෙල අයිති දරුවන් ය.අප අලුත් විය යුත්තේ එහෙම ය.
ඇතැම් සාහිත්‍ය උළෙලවල පූරකයා දේශකයා වන අයුරු අප දැක තිබේ.තමන් දේශකයාට වඩා සාහිත්‍ය දන්නා බව පෙන්වීමේ හීනමානයක් ඔහුට ඇත.
ඒ හේතුවෙන් කාලය විශාල ලෙස අපතේ යයි.
එදා රත්න ශ්‍රී සහභාගී වූ වැඩසටහනේ ද පූරකයා අති විශාල කාලයක් කා දැමූ බව ඔහු මා සමග පැවසී ය.
මේ පැරණි සාහිත්‍ය උළෙල මාදිලියෙන් අප අලුත් විය යුතුය.
දේශපාලන වෙනස විසින් ඉල්ලා සිටින නිර්මාණශීලිත්වය සංස්කෘතික වැඩ බිමට පැමිණිය යුතුය.
එසේ නොමැතිව වාර්ෂිකව ලැබෙන මුදලකින් කළ යුතු නිසා කරන යල්පිනූ සාහිත්‍ය උළෙල වලින් පලක නැත.ප්‍රාදේශීය සභාවල සිටින මාලිමාවේ සහෝදරවරු මේ නව වෙනසට මුළ පිරිය යුතු බව මෙහි ලියා තබමි.
- රවී සිරිවර්ධන
(උපුටා ගැනීමකි)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..