පුනරුදයට සාහිත්‍ය හා රත්න ශ්‍රී ට කෙළ ගැසීම..
රත්න ශ්‍රී විජේසිංහ මහතා මේ ආණ්ඩුව බලයට පත් කරන්න වේදිකා නැගපු කෙනෙක්. මාලිමාව බලයට ගෙන්න වැඩ කළ වෙනත් කලාකරුවන් වගේ ඔහු සංස්කෘතික ඝාතකයෙක් නෙමෙයි. බෞද්ධ විරෝධියෙකුත් නෙමෙයි. චිරත්නන සාහිත්‍යයෙන් පෝෂණය වූ කෙනෙක්. බටහිර දර්ශනයේ නම් කීපයක් කට පාඩමෙන් කියවන සමහර දේශකයන්ට වඩා අහන් ඉන්න පුළුවන් අර්ථවත් කතාවක් කරන හොඳ දේශකයෙක්. මාලිමාවේම පිරිසක් සංවිධානය කරපු හොරණ නගර සභා සාහිත්‍ය උත්සවයට ගෙන්වලා වතුර වීදුරුවට කෙළ ගහලා. ආරංචි හැටියට සාහිත්‍ය දේශනය නියමිත වේලාවෙන් පැය එක හමාරකටත් වඩා ප්‍රමාද වී ලබාදීම ගැන රත්න ශ්‍රී සිය දේශනය අතරතුර සංවිධායක මණ්ඩලයට අප්‍රසාදය පළ කිරීමයි. එතුමා පවසන්නේ නිවේදකයා සාහිත්‍ය උලෙළකට නොගැලපෙන දේශපාලන වැල්වටාරම් කියවමින් පැයකට වැඩිය කාලය කා දැමූ බවයි. රත්න ශ්‍රී වැනි දේශකයකුට මයික් එකක් ලැබීම එතරම් අරුමයක් නොවුණත් බලයෙන් මත්වෙලා ඉන්න මාලිමා නියෝජිතයන්ට මයික් එකක් ලැබුණු පසු සියලු කැටයම් කපා මයික් එක අතෑරිම සිරිතය. කෝමත් ඔවුන් කටින් පමණක් පැළ සිටුවිමට දක්ෂ මයික් ටාසන්ලා බව රටම දනී. රත්න ශ්‍රී වැනි දේශකයකුගේ කාලයේ වටිනාකම ඔවුන්ට වැදගත් නැත. එවැනි අය අවශ්‍ය වන්නේ තමන්ගේ දේශපාලන ව්‍යාපෘතිවල සැරසිල්ලක් ලෙස තබා ගැනීමට පමණි.
රත්න ශ්‍රී විජේසිංහයන්ට දැන් අවුරුදු 72 කි. මේ වසර හැත්තෑ දෙකටම ඔහුට මෙවැනි ගර්හා කිරීමක් කිසිවෙකුත් කර ඇතැයි සිතිය නොහැකිය. මිනිස්කමට නිගාදෙන මෙවැනි පහත් පෙලේ අත්දැකීමක් කිසිදා නොවිඳි බවද නිසැකය. එනිසා තමන් ද වේදිකා නැග බලයට පත්කර ඇත්තේ මොන තරම් මෘග්ධ පිරිසක් ද යන්න සිතා බැලීම රත්න ශ්‍රී ටම බාරය. විජයගේ මුණට වෙඩි තැබූ, ප්‍රේමකීර්ති ද අල්විස් ඝාතනය කළ අතීතයක් හිමි අයට වර්තමානයේ රත්න ශ්‍රී ගේ මුණට කෙළ ගැසීම ද ලොකු දෙයක් විය නොහැකිය.
©|රත්තනදෙණියේ මේධානන්ද හිමි|
◾පසු සටනන
⭕මේ බලු වැඩෙත් හෝදන අයගේ දැන ගැනීමට හොරණ සාහිත්‍ය උලෙළේ සංවිධායකයෝ
▪️කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිහාල් අබේසිංහ, කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනී ඔෂානි උමංගා හපුආරච්චි, හොරණ ප්‍රාදේශීය සභා සභාපති නිර්මල ද සිල්වා ප්‍රමුඛ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් සහ හොරණ නගර සභා සභාපති සමග නාගරික මන්ත්‍රීවරු තමා මේක සංවිධානය කර තියෙන්නේ. මේ හැමෝගෙම සහභාගිත්වය එදින දක්නට ලැබීමද විශේෂත්වයක්.
(අන්තර්ජාලයෙන් උපුටාගන්නා ලදී)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..