News Category
From Date
To Date
Maximum Number of Result

විදේශ රටවල් සමඟ අත්සන් තබන ගිවිසුම් සියල්ල හෙළිදරව් කල නොහැකි බව නිවාස සහ ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය සුසිල් රණසිංහ මහතා සඳහන් කරයි.

88 - 89 මලේච්ඡ යුගයේ දී පැහැර ගැනීමකට ලක්ව වදකාගාරයක සිරගත කර අනේක විධ වද වේදනා විඳි විප්ලව වාදියෙකුගේ හෘද සාක්ෂිය දිගහැරෙන වීඩියෝවක් පහළින් දැක්වේ.

හරිශ්චන්ද්‍ර විජයතුංග මහතා මුල් වරට භෞතිකව හමු වූයේ ගුණදාස අමරසේකර මහතාගේ සභ්‍යත්ව රාජ්‍යය කරා පොත එළි දැක්වූ මොහොතේ දී ය. ඔහුගේ අභාවය දැනගන්නට ලැබුණේ අද ගුණදාස අමරසේකර ප්‍රත්‍යවලෝකනයට සම්බන්ධ වූ අවස්ථාවේ ය.

1929 දී ගාල්ලේ යටලමත්තේ සිංහල වෙද මහතකු ගේ හා මුල්ගුරුතුමියක ගේ දෙ වන දරුවා ලෙස උපත ලද ගුණදාස අමරසේකර අද අප ගේ ජ්‍යේෂ්ඨ ම සේ ම, විශිෂ්ට ම සාහිත්‍යධරයා බව අවිවාදිත ය. යටලමත්ත ගමේ පාසලින් ද, ඉන්පසු බද්දේගම ක්‍රිස්තුදේව හා රතනසාර විදුහල්වලින් ද උගත් ඔහු කොළඹ නාලන්දා විදුහලෙන් සිප්සතර හදාරන අවධියෙහි දී ම සිය 'සෝමා' නමැති කෙටිකතාව අන්තර්ජාතික කෙටිකතා තරඟයක පුමුඛ ස්ථානය ලබාගැනීම හේතුවෙන් සාහිත්‍ය ලෝකයේ අවධානයට බඳුන් විය. 'සෝමා' ද අඩංගු වූ 'රතු රෝස මල' කෙටිකතා සංග්‍රහය - ගුණදාස අමරසේකර ගේ පළමු සාහිත්‍ය කෘතිය එළිදුටුවේ 1953 දී ය.

මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර විරචිත ස්වාත්ම වෘත්තාන්තය වන 'පිං ඇති සරසවි වරමක් දෙන්නේ' කෘතියෙහි පහත එන පාඨය හමුවෙයි.

කවිය, කෙටිකතාව, නවකතාව හා සාහිත්‍ය විචාරය ආදී නන්විධ ක්‍ෂේත්‍රයන්හි ප්‍රවීණයකු වන ආචාර්ය ගුණදාස අමරසේකර මහතා දැනට අප අතර සිටින ජ්‍යෙෂ්ඨතම ලේඛකයා සේම වික්‍රමසිංහ මහතාගේ සමකාලීනයකු ද වෙයි. එකල වික්‍රමසිංහ මහතාගේ දැඩි දෝෂදර්ශනයට ලක්‌ වූ පේරාදෙණිය සාහිත්‍යයේ නියමුවකු වූ අමරසේකර පසුව සිය කෘතීත් පේරාදෙණිය සාහිත්‍යයත්, ප්‍රතික්‌ෂේප කරමින් වික්‍රමසිංහ මඟ ගත්තේය. එකල පේරාදෙණි සාහිත්‍යකරුවන්ගේද නොමද ප්‍රශංසාවට ලක්‌ වූ 'විරාගය' නවකතාව මෙතෙක්‌ සිංහලෙන් පළ වූ විශිෂ්ටම නවකතාව බව විචාරක මතයයි. 1956දී පළ වූ මෙම නවකතාවට පසුගියදා 60 වසරක්‌ සම්පූර්ණ විය. මේ ඒ නිමිත්තෙන් අමරසේකර මහතා සමඟ 'වටමඬල' කළ සංවාදයේ සංක්‌ෂිප්ත සටහනයි.

ආනන්දන් විජයබාලන් හෙවත් ආනන්ද විජේපාල කියලා තිබුනා ඊයේ පිටරට ඉන්න ප්‍රබළ මත් ද්‍රව්‍ය ජාවාරම් කරුවන් 07 ද කොහෙද ලංකා රජයට යටත්,වෙන්න සුදානම් කියලා.

වාහන පර්මිට් ලබානොදීම සහ ජනතා බදු මුදලින් ඩබල් කැබ් ලබා දීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ වැඩපිළිවෙල ගැන මේ වන විට සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ.

ප්‍රවීණ කිවිවර රත්න ශ්‍රී විජේසිංහයන්ට අවමන් කළා යැයි කියන ඔක්තෝබර් 31දා මම සිටියේ හොරණ මිල්ලනිය ප්‍රාදේශීය සභාවේ සාහිත්‍ය උළෙලට දේශකයෙකු ලෙස සහභාගී වෙමිනි.එහි පැමිණ සිටි පාර්ලිමේන්තු මන්ත්‍රීනී ඔෂානි උමංගා ද මගේ වැඩසටහන අවසානයේ හොරණ සාහිත්‍ය උළෙට ද යන බව පවසා නික්ම ගියා ය.


ප්‍රධාන පුවත්

"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.