News Category
From Date
To Date
Maximum Number of Result

යුගයක් ඒකාලෝක කළ ප්‍රාඥයාණනි ඔබට සුබ ජන්ම දිනයක්!

Nov 12, 2025 at 02:12 PM
|

1929 දී ගාල්ලේ යටලමත්තේ සිංහල වෙද මහතකු ගේ හා මුල්ගුරුතුමියක ගේ දෙ වන දරුවා ලෙස උපත ලද ගුණදාස අමරසේකර අද අප ගේ ජ්‍යේෂ්ඨ ම සේ ම, විශිෂ්ට ම සාහිත්‍යධරයා බව අවිවාදිත ය. යටලමත්ත ගමේ පාසලින් ද, ඉන්පසු බද්දේගම ක්‍රිස්තුදේව හා රතනසාර විදුහල්වලින් ද උගත් ඔහු කොළඹ නාලන්දා විදුහලෙන් සිප්සතර හදාරන අවධියෙහි දී ම සිය 'සෝමා' නමැති කෙටිකතාව අන්තර්ජාතික කෙටිකතා තරඟයක පුමුඛ ස්ථානය ලබාගැනීම හේතුවෙන් සාහිත්‍ය ලෝකයේ අවධානයට බඳුන් විය. 'සෝමා' ද අඩංගු වූ 'රතු රෝස මල' කෙටිකතා සංග්‍රහය -  ගුණදාස අමරසේකර ගේ පළමු සාහිත්‍ය කෘතිය එළිදුටුවේ 1953 දී ය.

අමරසේකර ගේ පළමු පද්‍ය කෘතිය වූ 'භාවගීත' (1955) සිංහල කවියෙහි ද, දෙ වන කෙටිකතා සංග්‍රහය වූ 'ජීවින සුවඳ' (1956) සිංහල කෙටිකතාවෙහි ද මඟ සලකුණු තැබූ කෘති බවට පත් විය. ඒ සමඟ ම ඔහු ගේ පළමු නවකතාව වූ 'කරුමක්කාරයෝ' (1955) සිංහල පාඨක ලෝකයට නවමු අත්දැකීමක් ගෙන ආ අතර, දොන් පේද්‍රික් සම්මානය දිනාගැනීමට ද සමත් විය. ඉන්පසු අමරසේකර අතින් නිර්මාණය කෙරුණු 'උයනක හිඳ ලියූ කවි' (1957) පද්‍ය සංග්‍රහයෙහි මෙන් ම පසුකලක අසාර්ථක නිර්මාණ ලෙස ඔහු ම ප්‍රතික්ෂේප කළ 'යළි උපන්නෙමි' (1960) හා 'දෙපා නොලද්දෝ' (1962) කෘතිවල, මේ පොළවෙහි නොපිහිටි පේරාදෙණියෙහි (අප ගේ විශ්වවිද්‍යාලවල) ආභාෂය දැකගත හැකි ය. 1951-57 කාලයේ අමරසේකර දන්ත වෛද්‍ය ශිෂ්‍යයකු ලෙස පේරාදෙණිය සරසවියෙහි ගතකළ අතර මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් ඇසුරෙහි පේරාදෙණිය ගුරුකුලයෙහි ප්‍රමුඛ සාමාජිකයෙක් බවට ද පත්වීය. ඒ පේරාදෙණියේ බලපෑමට නතු අවධියේ දී පවා, ඔහු ගේ හදවත ඊට ගොදුරු නොවූ බව පේරාදෙණිය මුල් කරගෙන ලියූ 'පුදුම රට' කාව්‍යය කියාපායි. 'උයනක හිඳ ලියු කවි' කාව්‍ය සංග්‍රහයේ එන 'පුදුම රට' නිබන්ධනය ඇරැඹෙන්නේ මෙසේ ය:

ඉස්සර කාලේ තිබුණා

හරි ම පුදුම විදියෙ රටක් 

එහි ගිය අය ගියා මිසක්

ගිය ලෙස නම් ආවේ නෑ

එහි විසුවා පුදුම සතෙක් 

ඌ එන අය එකකු නෑර

රසය උරාගෙන බීලා

රොඩ්ඩ පමණි වැමෑරුවේ

ගම්දනවුවලින් සරසවියට එන තරුණ-තරුණියන් ගේ ආත්මය හප කෙරෙන අයුරු චිත්‍රණය කෙරෙන පද්‍යාවලිය අවසන් කෙරෙන්නේ මෙ ලෙස ය:

කළු ඇඳන් බෙර දවුල් පත්‍රිකා ධජ රැගෙන

කළු කබා තොප්පි ලා හෙමි හෙමින් අඩි තියන

අවමඟුල් පෙරහැරකි සුසානය වෙත ඇදෙන

'උපන්නේ පනස් එක - මිය ගියේ පනස් පහ'

'ආත්මය නැති වීම සතුටු විය යුතු දෙයකි'

කට කොනින් ඇද වැටුණු

රොඩ්ඩ ඉවතට ඇදෙයි

මිනී පෙට්ටියෙහි ඇණ තද කරන හඬ ඇසෙයි

එ සේ නමුත් නොබෝ කලකින් ම 'අමල් බිසෝ' (1960) හා 'ගරුළු වත' (1962, රාජ්‍ය සාහිත්‍ය සම්මාන) ඔස්සේ යළි සිංහල කාව්‍යයෙහි ප්‍රගමනයට දායකවීමට ද, 'එක ම කතාව' (1969) කෙටිකතා සංග්‍රහය මඟින් යළි ජීවන සුවඳ සොයා යෑමට ද, 'ගන්ධබ්බ අපදානය' (1966) මඟින් යළි යථාර්ථවාදී නවකතාව වෙත පිවිසීමට ද, අමරසේකර සමත් විය. එහි දී දන්ත ශෛල්‍ය වෛද්‍යවරයකු ලෙස මෙ රට ජනජීවිතය හා ගණුදෙනු කරන්නට ලද අවකාශය ද, පශ්චාත් උපාධි අධ්‍යයන කටයුතු සඳහා විදේශගත වීම මඟින් පේරාදෙණියෙහි දී උසස් ය යි වර්ණිත බටහිර ජීවිතය අත්විඳි එහි සැබෑව දැකගැනීමට ලැබීම ද, මාර්ටින් වික්‍රමසිංහයන් විසින් පේරාදෙණි සාහිත්‍යය අරඹයා කළ විවේචනය ද ඔහුට ප්‍රමුඛ ලෙස බලපෑ බව පෙනේ.

1971 කැරැල්ල අමරසේකරව කම්පාවට පත් කළේ ය. මේ, 'සංස්කෘති' සඟරාවේ දස අවුරුදු සංවත්සර කලාපයට 'මෙ රට අනාගතය බාරගත යුත්තේ උගත් ගැමි තරුණයන් ය' යි ඔහු නියත විවරණ දුන් පරපුර යි. 'ආවර්ජනා' (1975, රාජ්‍ය සාහිත්‍ය සම්මාන) කාව්‍ය සංග්‍රහයෙහි දී මෙන් ම 'එක්ටැමෙන් පොළොවට' (1972, රාජ්‍ය සාහිත්‍ය සම්මාන) හා 'කතා පහක්' (1975) කෙටිකතා කෘතිවල දී ද තමන්ට ප්‍රහේළිකාවක් වූ මේ තරුණ ජීවිත, තරුණ හදවත් අවබෝධ කරගැනීමට අවංක, දෘඪතර ප්‍රයත්නයක අමරසේකර නිතර විය. එහි ප්‍රතිඵල ලෙස, සිංහල කෙටිකතාව ඒ තාක් ලබාගත් ඉහළ ම ජයග්‍රහණ අපට මේ කතා සංග්‍රහයන්හි එන 'එක්ටැමෙන් පොළොවට නොහොත් උපාධිධාරණිය', 'දිසොන්චිනාහාමි', 'කලානිධි - පච වෙදා' හා 'සමරසිංහ වෙද මහතා', 'වර්තා සටහන්' ආදි කෙටිකතාවන්හි දී දැකගත හැකි වේ. "මේ වතාවේ නම් අමරසේකර යථානුභූත වාදය හෝ ධනේෂ්වර මනෝ විද්‍යාව සාධනය කිරීමට කතා රඩනා නොකරයි. 'තොප නොදන්නා ලෝකයක් ඇත; එයට මුහුණ දෙව!' යනුවෙන් ඔහු ඒ සියල්ලට ම අභියෝග කරයි", යනු මේ නිර්මාණ අරඹයා කීර්ති බාලසූරිය හා මහාචාර්ය සුචරිත ගම්ලත් දක්වා ඇති අදහස යි (කල්පනා ලෝකවාදය, සාහිත්‍ය-කලා හා මාක්ස්වාදය, 1986).

පේරාදෙණියේ දී තමා දැරූ සාහිත්‍ය මතවාද ප්‍රශ්න කිරීමට යොමු වූ අමරසේකර, එහි දී සාහිත්‍යය හා සමාජය අරඹයා ගැඹුරු අධ්‍යයනයකට යොමු වූ අතර ඒ සමඟ ම මෙ රට සමාජ විකාශනය අවබෝධ කරගැනීමෙහි ලා දෘඪතර වූ ප්‍රයත්නයක ද නිරත වීය. එහි දී අමරසේකර මෙ රට ජනජීවිතය පෙළන්නා වූ නන්විධ සමාජ අර්බුද අවබෝධ කරගැනීමෙහි ද, ඒවාට විසඳුම් ලබාගැනීමෙහි ද, අව්‍යාජ වූ අවශ්‍යතාවයකින් ප්‍රේරිතව ක්‍රියා කළ බව පෙනේ. මේ ප්‍රයත්නයෙහි එක් මහඟු ඵලයක් නම් එකිනෙක හා බැඳුණු 'අසත්‍ය කතාවක්' (1977) හා 'ප්‍රේමයේ සත්‍ය කතාව' (1978) නවකතාද්වය යි. මේ කෘතිද්වය සිංහල නවකතාවෙහි  උසස් ම නිර්මාණ අතර ද, ප්‍රමුඛස්ථානයකට හිමිකම් කියා සිටී. මේ නවකතා ද්වය පිළිබඳ ව පසුකාලිනව විචාරයක් ලියමින් ආචාර්ය ලක්ෂ්මී ද සිල්වා සඳහන් කර ඇත්තේ, රුසියානු සාහිත්‍යය විචාරක බුක්තීන් ගේ නවකතාව පිළිබඳ විචාර චින්තාවන් ගෙන් ආලෝකය ලබන තෙක් තමනට ග්‍රහණය කරගත නොහැකි වූ, යුගයට පෙර කෙරුණු මහාර්ඝ නිර්මාණ ලෙස ය. ඒ, 2003 දී ඉහත කෘති ඉංග්‍රීසියට නැඟුණු අවස්ථාවේ දී ය. ඒ පරිවර්තනය ග්‍රේෂන් සම්මානයෙන් පිදිණි.

ඒ හා සමඟ ම 'අබුද්දස්ස යුගයක්' (1975), 'අනගාරික ධර්මපාල මාක්ස්වාදී ද?' (1980) හා 'ගනඳුරු මැදියම දකිනෙමි අරුණලු' (1988) කෘති ඔස්සේ ඔහු ජාතික චින්තනය පිළිබඳ සංවාදයට මඟ පෑදුවේය. මෙ රට මැද පන්තිය පහළවීම හා විකාශනය අළලා කෙරෙන දැවැන්ත නිර්මාණයක් 'ගමනක මුල' (1984) හා 'ගම්දොරින් එළියට' (1985) කෘති මඟින් ඇරැඹී ඔහු 'ඉණි මඟේ ඉහළට' (1992), 'වංකගිරියක' (1993), 'යළි මඟ වෙත' (1993) 'දුරු රටක දුකට කිරියක' (2001), 'ගමනක මැද', 'අතරමඟ', 'ගමනක අග' කෘති මඟින් පාඨක සමාජය හමුවේ තැබීය. මෙ රට සමාජ-දේශපාලන තීන්දු තීරණ විෂයෙහි ප්‍රධාන ම ජනසංඝය පිළිබඳ සාහිත කැටපත නිර්මාණය වූයේ ඒ මඟිනි. ඒ අතර 'එක ම කතාවක්' හා 'එක්ටැමෙන් පොළොවට' කෙටිකතා සංග්‍රහයන්හි දී ගත් මඟ, අතීතය වෙනුවට ඒ ගෙවන මොහොත ම නිරූපණය කිරීමක් දක්වා වර්ධනය කිරීමට 'ගල් පිළිමය හා බෝල් පිළිමය' (1988) හා 'මරණ මංචකයේ දුටු සිහිනය' (1998) කෙටිකතා සංග්‍රහයන්හි දී සමත් වී ය. 'විල්තෙර මරණය' හා 'කියනු මැන දිවි අරුත' (රාජ්‍ය සම්මාන) කෙටිකතා සංග්‍රහ මඟින් මෙන් ම 'රූපාන්තරණය' හා 'ධාතුසේන' නවකතා මඟින්, අමරසේකර, ඒ මොහොතේ සමාජ-දේශපාලන චරිත නොවේ නම් සංසිද්ධීන් කලාත්මක පරිපකල්පනයෙන් ප්‍රතිනිර්මාණය කර පාඨක සමාජයට අභිමුබ කිරීමෙහි ලා සමත් විය.

2015 විජාතික කුමන්ත්‍රණය ජයග්‍රාහීව වැජඹුණු මොහොතක, අමරසේකර 'සභ්‍යත්ව රාජ්‍යය' (2016) කෘතිය රචනා කරමින් ජාතිමාමක බලවේග එක්රොක් විය යුත්තේ කුමක් සඳහා ද යන වග පෙන්වා දුන්නේ ය. එහෙත් හැටනව ලක්ෂයක ජනවරමකින් සමාජය උද්දාම වෙද්දී ඔහු අප හමුවේ තැබුවේ 'සංක්‍රාන්ති සමය' කෙටි නවකතාව ය. එහි දී  ඔහු නැකත්වලින් තොර සංක්‍රාන්ති සමයක් ගැන කතා කළ ද සුවිශාල බලාපොරොත්තුවලින් හිස පුරවාගෙන සිටි අප එය නිසි ගැඹුරින් කියවීමට අසමත් වීමු. ඉන්පසු ඔහු අතින් නිර්මාණය කෙරුණේ 'මහගෙදර' කෙටි නවකතාව ය. නිසි පියවර නොගතහොත් ජාතියට අත්විය හැකි ඛේදජනක අනාගතය එහි ලා චිත්‍රණය කෙරේ.

අප ගමනක අවසානය කරා එළඹ ඇද්ද? 'සභ්‍යත්ව රාජ්‍යය නිර්මාණය' කෘතිය අප හමුවේ තබමින් අපට පැවැත්ම උදෙසා, යළි නැඟී සිටිම උදෙසා,  ඔහු විප්ලවීය පරීවර්තන යෝජනා කරයි. සුද්දා අපට දායාද කළ පක්ෂ දේශපාලනය, වෙස්මිනිස්ටර් ප්‍රාජතාන්ත්‍රවාදය අත්හැරීමට යෝජනා කරයි. යළි පක්ෂ භේදයෙන් තොර ව ගම ම එකතු කරන 'ගම් සභාව' කරා යන ලෙස ඉල්ලා සිටියි. මේ, 48 නිදහස් උලෙළ, 56 පෙරළිය, 71 කැරැල්ල, අප රට ජනරජයක් වීම, 77 විවෘත ආර්ථිකය වැළැඳගැනීම, කොටි ත්‍රස්‌තවාදය, ඉන්දු-ලංකා ගිවිසුම, ත්‍රස්‌තවාදය පරාජය කිරීම ඈ සියල්ලෙහි සාක්ෂිකරුවෙකි. ඒ බොහෝ සිද්ධීන්ට සක්‍රීය ව දායක වූවෙකි. ඒ සියල්ල පිළිබඳ සාහිත කැඩපත නිර්මාණය කරදීමට අප්‍රමාණ වෙහෙසක් දැරූවෙකි. මවුබිමේ අනාගතය වෙනුවෙන් දැනුම නිර්මාණයට අපමණ වෙහෙසක් දැරූවෙකි.

ඔහු ගේ යෝජනාව, රජය, අනෙකුත් දේශපාලන පක්ෂ හා ජනතාව බරපතල ලෙස සළකා බැලිය යුතු ය.

උපුටාගැනීමකි. 

සටහන - ගෙවිඳු කුමාරතුංග

සම්බන්ධිත පුවත් | Related News

විද්‍යාත්මක හා තාක්ෂණික දියුණුවත් සමඟ ලෝකය ක්‍රමයෙන් නිරාගමිකත්වය කරා ගමන් කරන්නේද යන්න පිළිබඳව සමාජයේ පවතින සංවාදය පදනම් කරගනිමින්, Next page යූටියුබ් නාලිකාව විසින් අලුත්ම වීඩියෝවක් නිකුත් කර තිබේ.
ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට (NLDB) අයත් අක්කර දහස් ගණනක භූමි ප්‍රමාණයකින් යුත් ගොවිපළ 32න් 26ක් වසර 30ක කාලයක් සඳහා පෞද්ගලික සමාගම් 7ක් වෙත බදු දීමට රජය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් කෘෂිකාර්මික හා පශු වෛද්‍ය ක්ෂේත්‍රය තුළ දැඩි සංවාදයක් සහ විරෝධයක් නිර්මාණය වී තිබේ.
දැනට වසර 51කට පමණ පෙර පටිගත කරන ලද දුර්ලභ වීඩියෝ දර්ශනයක් ඇසුරින්, ආචාර්ය ගුණදාස අමරසේකර ශූරීන් විසින් හෙළයේ මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහයන් පිළිබඳව කරන ලද විශේෂ ප්‍රකාශයක් ඇතුළත් වීඩියෝ පටයක් Next page සමාජ මාධ්‍ය පිටුවේ පළකර තිබේ.
බටහිර රාජ්‍ය තම ආර්ථික, වෙළඳ, දේශපාලන අරමුණු උදෙසා , ආසියාවේ, අප්‍රිකාවේ අධ්‍යාපනය ස්වදේශිකයන් චින්තනයෙන් සහ ආර්ථික ජාතික විමුක්තියෙන් පාරාජිකාවන ලෙසත් , බටහිරයන් ආර්ථිකයෙන් වැඩෙන ලෙසත් අධ්‍යාපනය හසුරුවා ඇත.
2026 අගෝස්තු 07 වන දින, සවුදි අරාබිය, තුර්කිය සහ පාකිස්ථානය මක්කමදී "මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම" (Makkah Joint Defence Agreement) අත්සන් කරන ලදී. NATO හමුදා සන්ධානයේ ආකෘතියට සමානව සකස් කරන ලද මෙම ගිවිසුම මගින් අන්‍යෝන්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණ ඇත. එහි ප්‍රධාන කොන්දේසිය වන්නේ මෙම අත්සන් තැබූ පාර්ශව තුනෙන් ඕනෑම එකකට එල්ල වන සන්නද්ධ ප්‍රහාරයක්, පාර්ශවයන් තිදෙනාටම එල්ල වූ ප්‍රහාරයක් ලෙස සලකනු ලබන බවයි.
පසුගියදා කොළඹ 7 පිහිටි බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේ පාරාදීසය එළිමහන් රඟහලේදී විශ්ව සම්භාවනාවට පාත්‍ර වූ ඊඩිපස්, ජුලියස් සීසර්, ගොඩෝ එනකං, සාකුන්තලය සහ ජපන් සම්ප්‍රදායික නාට්‍යය අඩංගු උළෙලක් පවත්වනු ලැබුවා. අසමා රූපණ සරසවියේ නිර්මාතෘ අඛිල සපුමල් නාට්‍යවේදියා විසින් සංවිධානය කළ මෙම උළෙල හරවත් අදහස් ඇති ප්‍රේක්ෂකයන්ගේ විශේෂ අවධානය දිනා ගැනීමට සමත් වූවා.
පහුගිය දවස්වල මම “අස්ස - පස්ස” කියලා ලිපියක් ලිව්වා. ජම්බුවාදියෝ විසින් “කුසලස්ස” සහ “පාපස්ස” කියන පාලි වචන දෙක විකෘති කරන හැටි දැකලයි මම ඒ ලිපිය ලිව්වේ. ඒ ලිපියට විශාල පිරිසක් ප්‍රතිචාර දක්වලා තිබුණා. කමෙන්ට් තුන්සිය ගානක් දාලා තියෙනවත් දැක්කා. ඒ හැම එකක් ම කියවන්න වෙලාවක් මට නෑ. මගේ ලිපියට ප්‍රතිචාර දකවපු අය අතර ජම්බුවාදියොත් හිටියා. ඇත්තෙන්ම, ජම්බුවාදියෝ දක්වලා තිබිච්ච අදහස් බොහොම රසවත්. මට කියවන්න ලැබිච්ච එහෙම කමෙන්ට් දෙකක් තුනක් ගැන යමක් කියන්න පුළුවන්.
සෙවුතා (Ceuta) කියන්නේ ස්පාඤ්ඤයට අයිති ස්වායත්ත නගරයක්. භූමියක් විදිහට ගත්තාම මේ නගරය අයිතිවෙන්නේ අප්‍රිකානු මහද්වීපයට. ඒත් අප්‍රිකානු මහද්වීපයේ උතුරු ම කෙළවරේ තියෙන ස්පාඤ්ඤයට අයිති නගරයක් හින්දා දේශපාලනිකව යුරෝපයට අයිති ප්‍රදේශයක් විදිහට ඒක සළකනවා. මේ ස්වායත්ත නගරය යුරෝපා සංගමයේ විශේෂ බල ප්‍රදේශයක් (A special territory of members of the European Economic Area) විදිහටත් සම්බන්ධ කරගෙන තියෙනවා.
2019 පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය ශ්‍රී ලාංකීය ඉතිහාසයේ එතෙක් මෙතෙක් සිදු වූ වඩාත්ම ඛේදනීය, සංවේදී සහ විවාදාත්මක ත්‍රස්තවාදී ප්‍රහාරයන්ගෙන් එකකි. මෙම සිදුවීමේ ඇති බරපතලම සහ ඛේදනීයම කරුණ වන්නේ, ප්‍රහාරය එල්ල වන දින, වේලාව, ස්ථාන සහ ඊට සම්බන්ධ පුද්ගලයින් පිළිබඳ නිශ්චිත පූර්ව බුද්ධි තොරතුරු ලැබී තිබියදීත්, එය වළක්වා ගැනීමට බලධාරීන් අසමත් වීමයි.

ප්‍රධාන පුවත්

ඉන්දු-ලංකා නිදහස් වෙළඳ ගිවිසුම තර කිරීමට එකඟවේ...

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින නිදහස් වෙළඳ ගිවිසුම වර්තමාන අවශ්‍යතාවන්ට ගැලපෙන පරිදි යාවත්කාලීන කිරීම සඳහා දෙරටේම නියෝජිතයන්ගෙන් සමන්විත ඒකාබද්ධ ක්‍රියාකාරී කණ්ඩායමක් පිහිටුවීමට එකඟතාව පළ වී තිබේ.

විනිසුරුවන්ගේ විශ්‍රාම වයස සහ ධුර කාලය වෙනස් කරන ව්‍යවස්ථා සංශෝධනයට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් හෙළි කරයි

ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම ගන්නා වයස සහ ධුර කාලය වෙනස් කිරීම සඳහා වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් පාර්ලිමේන්තු අනුමැතියෙන් පමණක් සිදු කළ නොහැකි බවත්, ඒ සඳහා ජනමත විචාරණයක් පවත්වා මහජන අනුමැතිය ලබා ගැනීම අවශ්‍ය වන බවත් හෙළි වී තිබේ.

NLDB ගොවිපළ 32න් 26ක්ම පුද්ගලික සමාගම්වලට!.. විද්වතුන් සහ වෘත්තීය සමිති නිහඬයි..

ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට (NLDB) අයත් අක්කර දහස් ගණනක භූමි ප්‍රමාණයකින් යුත් ගොවිපළ 32න් 26ක් වසර 30ක කාලයක් සඳහා පෞද්ගලික සමාගම් 7ක් වෙත බදු දීමට රජය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් කෘෂිකාර්මික හා පශු වෛද්‍ය ක්ෂේත්‍රය තුළ දැඩි සංවාදයක් සහ විරෝධයක් නිර්මාණය වී තිබේ.

ජාතික ජනබලවේගයට ලැබුනේ අතීත ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබුණු වටිනාකම.. බෙදුම්වාදය පරාජය කිරීම වෙනුවෙන් එදා පෙරට ආ ජවිපෙ අද නෑ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ජාතික ජන බලෙව්ගයට ලැබී ඇත්තේ අතීතයේ ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබූ වටිනාකම බවත්, මේ සිදුවෙමින් පවතින ක්‍රියාවලිය දෙස බැලීමෙදී අතීතයේ ජනතා විමුක්ති පෙරමුණ ගොඩනැගීමට උරදුන් පුද්ගලයකු ලෙස තමන් ඉතාමත් කණගාටුවට පත්වන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය දෙකට කරමින් මැදින් පාරක්.. අමරපුර නිකායේ දැඩි විරෝධය..

කන්කසන්තුරේ පිහිටි ඓතිහාසික තිස්ස රජමහා විහාර භූමිය දෙකඩ කරමින් බලහත්කාරයෙන් මාර්ගයක් ඉදිකිරීමට වලිකාමම් උතුර ප්‍රාදේශීය සභාව දරන උත්සාහයට ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ ශ්‍රී කල්‍යාණිවංශ පාර්ශ්වය සිය බලවත් විරෝධය පළ කර සිටියි.

''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මරාදමා හෝ විදේශ මැදිහත්වීමකින් අන්තර්කාලීන පාලනයක් ගොඩ නැගීමට උත්සාහ දැරූ බවත්, ඒ බවට සාක්ෂි ඇති බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

සම්බුද්ධ ශාසනයේ ප්‍රධාන අංගයක් වන පෙරහැර විකාරයක් බව අගමැතිනිය කියන්නේ කොහොමද?.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

සම්බුද්ධ ශාසනයේ සහ මෙරට සංස්කෘතියේ ප්‍රධාන අංගයක් වන පෙරහැර මංගල්‍යය විකාරයක් ලෙස අගමැතිනිය විසින් හඳුන්වන්නේ කෙසේදැයි දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රශ්න කරයි.

සවුදිය, තුර්කිය සහ පාකිස්ථානය 'නේටෝ' වැනි යුද සංවිධානයකට අවතීර්ණ වෙයි.. 'මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම' අත්සන් තබයි..

සවුදි අරාබිය, තුර්කිය සහ පාකිස්ථානය එක්ව NATO ආකෘතියට සමාන අන්‍යෝන්‍ය ආරක්ෂක ගිවිසුමක් වන "මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුමට" (Makkah Joint Defence Agreement) අත්සන් තබා ඇත. සවුදි ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු, තුර්කි ජනාධිපති රෙසෙප් තයියිප් එර්ඩොගන් සහ පාකිස්ථාන අගමැති ෂෙහ්බාස් ෂරීෆ් විසින් අත්සන් කරන ලද මෙම ගිවිසුම මගින්, සාමාජික රටකට එල්ල වන ඕනෑම සන්නද්ධ ප්‍රහාරයක් අනෙක් රටවලටද එල්ල වූ ප්‍රහාරයක් ලෙස සැලකීමට එකඟ වී ඇත.

විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීමට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණය 2022 වසරේදී තීන්දු කරලා..

ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2022 වසරේදී තීන්දු කර තිබේ.

වර්තමාන අර්බුද හමුවේ නාට්‍යකරුවන් අපේක්ෂාභංගත්වයට පත්වෙලා.. – නාට්‍යවේදී අඛිල සපුමල්

රටේ පවතින සමාජ, ආර්ථික හා දේශපාලන සංදර්භය හේතුවෙන් පොදු ජනතාව පමණක් නොව නාට්‍යකරුවන් පවා දැඩි අපේක්ෂාභංගත්වයකට පත්ව සිටින බව රාජ්‍ය සම්මානලාභී නාට්‍යවේදී අඛිල සපුමල් මහතා පවසයි.

ලොවටම සහන සැලසූ චීනයේ ගෝලීය සංවර්ධන මුලපිරුමට වසර 5යි: ගෝලීය දකුණේ අනාගතය වෙනුවෙන් චීනයෙන් නව පොරොන්දුවක්..

ලෝකය තවදුරටත් නොසන්සුන්කාරී සහ අස්ථාවර තත්ත්වයක පවතින, එමෙන්ම වැඩිවන සංවර්ධන අභියෝගවලට මුහුණ දෙන පසුබිමක, වඩා යහපත් අනාගතයක් නිර්මාණය කිරීම සඳහා චීන ගෝලීය සංවර්ධන මුලපිරුම (Global Development Initiative - GDI) එක්සත් ජාතීන්ගේ 2030 තිරසාර සංවර්ධන න්‍යාය පත්‍රය සමඟ ක්‍රමවත්ව ඒකාබද්ධ කිරීමට උත්සාහ කළ යුතු බව චීන විදේශ අමාත්‍ය වැං යී අඟහරුවාදා පැවසීය.

බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණියව අයින් කරන්න ආණ්ඩුවට අවශ්‍ය වුනා.. ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද යන්න ගැටළුවක්.. - නීතිඥ සංජීව වීරවික්‍රම

ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද? නැතිනම් අපරාධ නඩුවිධාන සංග්‍රහය යටතේ පොලිසිය මෙහෙයවනවා ද? යන්න බරපතළ ගැටළුවක් වී ඇති බව නීතිඥ සංජීව වීරවික්‍රම මහතා පවසයි.

බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර උච්ඡතම ස්ථානයකට පැමිණිලා.. ෂානක්කියන්ලා, සුමන්තිරන්ලාගෙන් බෞද්ධ උරුමය විනාශ කරන්න පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවටත් බලපෑම්.. දළදා පෙරහැරේ කරඬුව වඩම්මන ඇතුන්ටත් තහංචි වැටෙන ලකුණු!

වර්තමාන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව මෙරට බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර මාලාවේ උච්ඡතම ස්ථානයකට පැමිණ ඇති බවත්, පසුගිය කාලයේ යූටියුබ් සහ සමාජ මාධ්‍ය හරහා භික්ෂූන් වහන්සේලාට නින්දා අපහාස කිරීම මෙන්ම බුදුන් වහන්සේට පවා නින්දා අපහාස කරමින් ආගමික ඉගැන්වීම් පවා විකෘති කරමින් සිටින බවත් එහෙත් ඒ කිසිවකට එරෙහිව පියවර ගැනීම සිදුනොවන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමය විනාශ කිරීමට සැලසුම්සහගත ප්‍රහාරයක්.. පුරාවිද්‍යා වාර්තා වෙනස් කරන්න දෙමළ මන්ත්‍රීන්ගෙන් බලපෑම්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්..

වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව බෞද්ධ ශිෂ්ටාචාරයට සහ උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමයන්ට එරෙහිව සැලසුම්සහගත ප්‍රහාර මාලාවක් ක්‍රියාත්මක වන බවට ජාතික සංවිධාන එකමුතුව චෝදනා කරයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.