ජාතිවාදී භික්ෂූන්ගෙන් බුදු දහම බේරාගත් පසු?..
👉 22 කණ්ඩායමේ ධර්ම ගවේශනය යනු ප‍්‍රවීණ ලේඛිකා කැතලින් ජයවර්ධන විසින් රචිත කෙටි කථාවකි.
👉 මේ අපූරු කෙටි කථාවට විෂය වන්නේ අනාගත ලංකාවක් තුළ සිදුවිය හැකි යැයි උපකල්පිත සිදුවීම් පෙලකි. ඊට අදාල කාල වකවානුව නිශ්චිත නොවේ. එය ක්‍රි.ව. 2100 හෝ 2200 වීමටද පුළුවන.
👉 එය ජාතිවාදී යැයි කියන භික්ෂූන්ගෙන් බෞද්ධ දර්ශනය මුළුමනින්ම මුදවා ගත් කාලයකි. මේ කාලය වන විට බුදු දහම ඉතිරි වී ඇත්තේ පුද්ගලයාගේ විමුක්තියට සීමා වූ බුද්ධිවාදී දර්ශනයක් වශයෙනි.
👉 බටහිර නූතනත්වය සියලූ සතුරන් පරදවා ජය කෙහෙලි නංවා ඇති මේ සමාජය තුළ වැජඹෙන සර්ව බලධාරී දෙවියා පාරිභෝජනවාදයයි. මේ සමාජයේ මිනිස්සු ඉන්ද්‍රිය සංවේදිතා අවසඟ වන තරමට ඉඳුරන් පිනවන්නෝ වන අතර, සිරුරු කිස, රමණය ආදී කටයුතු පවා ඔවුහු විවෘතව සිදු කරති.
👉 මේ සමාජයේ ජීවත් වන තරුණ කණ්ඩායමක් අපූරු ගවේශණයක නිරතව සිටිති. ඒ ගවේශණය වන්නේ වසර දෙදාස් ගණනක් මුළුල්ලේ ආගමක්, සංස්කෘතියක් ලෙස ව්‍යාප්තව පැවති බුදු දහම හුදු දර්ශනයක් දක්වා ඌනනය වීමට බලපෑ හේතු කාරණා සොයා බැලීමය.
👉 අවසානයේදී ඔවුන් ඒ පිළිබඳ දීර්ඝ වාර්තාවක් සකස් කරන අතර කැතලින්ගේ කෙටි කථාව අවසාන වන්නේ ඒ වාර්තාවේ කුඩා කොටසක් උපුටා දක්වමිනි. ඒ කල්පිත වාර්තාවේ මෙසේ සදහන්ව ඇත.
💥 බුද්ධාගම සංස්ථාපිත තත්ත්වයෙන් පැවතීම ඇතැම් පුද්ගලයනට පුද්ගල කණ්ඩායම් වලට නොරිසි වූ බව පෙනී යයි. මීට අදාළ හේතු සාධක හා ඊට පසුබිම් වූ දේශීය විදේශීය බලවේග පිළිබඳ සවිස්තරාත්මක සටහනක් පරිපූර්ණ වාර්තාවේ 3,4 ඇමිනුම් හි වෙයි.
💥 මේ අනුව බුදුදහම ආගමක් නොව දර්ශනයක් පමණකිය යන්න පිළිබඳ මතවාදයක් ගොඩනැගීමේ පොදු අභිප‍්‍රායක් මේ සියලූ කොටස් තුළ වූ බව පැහැදිලිය. එසේ වුවද බුදුදහමේ ආගමික තත්ත්වය නිර්වින්දනය කිරීම සඳහා ඔවුන් විසින් සූක්ෂම වැඩ පිළිවෙලක් දියත් කරනු ලැබ ඇත්තේ ඊට එරෙහිව අවි අමෝරා ගනිමින් හෝ එහි සතුරු බලවේග ලෙස පෙනී සිටිමින් හෝ නොවීමද මෙහිලා දැක්විය හැකි විශේෂත්වයකි.
💥 සිය සටන් භූමිකාව රඟ දැක්වීමේ දී ඔවුන් විසින් සැම විටම පලිහක් කර ගනු ලැබ ඇත්තේ බුදු දහමේ හරය හා එහි සාරයමය. මේ අනුව බුද්ධාගමට එරෙහි වූ මුල්ම හී පහර එල්ල වී ඇත්තේ මෛත‍්‍රිය හා සමානාත්මතාව එකට පුරුද්දා තැනූ ඊතලයක් ඔස්සේය. ජාතික හෝ ආගමික වශයෙන් අර්බූදකාරී තත්ත්වයන් පැන නැගුනු අවස්ථාවන් හිදී වීදි බට භික්ෂූන් නිරායුධ කරනු ලැබ ඇත්තේද එමගිනි.
💥 කිසියම් දේශයක්, ජාතියක්, ආගමක් වෙනුවෙන් පෙනී සිටීමේ කොදෙව් මානසිකත්වයෙන් භික්ෂුව අත්මිදිය යුතු බැව් සනාථ කර ගැනීම සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ඔවුන් විසින් සපයා ගනු ලැබ ඇත්තේද බුදු දහමිනි. භික්ෂුව එවැනි පටු සීමා මායිම් අතික‍්‍රමනය කළ යුතු බවට හේතු සාධක වශයෙන් ඉතා ආකර්ශණීය ලෙස මෙත්තා, කරුණා, මුදිතා හා උපේක්ඛාද ගෙන හැර දක්වා තිබේ.
👉 කැතලින්ගේ කථාවෙන් ගත් ඉහත කුඩා ඡේදය තුළ අතැඹුලක් සේ දක්වා ඇත්තේ පිටු සිය ගණනක කෘතියක් ලියමින් පැහැදිලි කළ යුතු තරමේ ගැඹුරු කතාවකි. එහි අර්ථයන් වර්තමානයට අතීතයට අනාගතයට ගලපා තේරුම් ගැනීම පාඨක ඔබට භාරය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..