News Category
From Date
To Date
Maximum Number of Result

විජේවීරගේ බිරිඳයි දරුවොයි බලාගත් හමුදා නිලධාරින්ගේ කතාව..

Nov 18, 2025 at 05:18 PM
|

ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීර යුද හමුදා අත්අඩංගුවට ගැනීමෙන් පසු ඝාතනය වූ බව කවුරුත් දනිති. එනමුත් ඔහුගේ බිරිඳ හා දරුවන්ට තවදුරටත් ජීවත් වීමට අවස්ථාව ලැබීමට පසුබිම් වු කතාව අප්‍රකටය. විජේවීර ඝාතනය කර මේ නොවැම්බර් දහතුන්වැනිදාට තිස් හය වසරක් සපිරෙන මේ මොහොතේ අපට විජේවීරගේ බිරිඳ හා දරුවන් බලාගත් හමුදා නිලධාරීන් හා නිලධාරිනියන් හමුවිය. මේ ඔවුන්ගේ අත්දැකීම් ඇසුරෙන් ලියු ලිපියකි.

දිනය එක්දහස් නවසිය අසූනවයේ නොවැම්බර් දහතුන් වැනිදාය. වෙලාව පස්වරු පහට පමණ ඇත. ගාලු මුවදොර මුහුදේ ගිලෙමින් තිබූ හිරුගේ රත්පැහැ මළානික රැස් යුද හමුදා මූලස්ථානයම වෙළාගනිමින් තිබුණේය. රටම වෙළාගෙන තිබූ භීෂණ සමය නිමා කිරීමේ පැවරුම අවසන් කිරීම හේතුවෙන් එදින යුද හමුදා මූලස්ථානයට සතුට ඉහවහා ගොස් තිබූ බවට සැක නැත. දෙකොන පත්තුවෙමින් තිබූ රටක එක කොනක් යුද හමුදා මෙහෙයුමකින් නිවා දමා පැය විසිහතරක් ගෙවී ගොස් තිබු⁣ණේ නැත.

ජනතා විමුක්ති පෙරමුණෙන්ද දෙමළ ඊළාම් විමුත්ති කොටි සංවිධානයෙන්ද තර්ජන එල්ල වීම නිසා යුද හමුදා මූලස්ථානයට ⁣යොදා තිබුණේ දැඩි රැකවල්ය. ගොම්මන් යාමේ ගේට්ටුව මුර කරමින් සිටි හමුදා භටයන් දුටුවේ දරුවන් කරපින්නාගෙන තරුණ කතක් හා තලත්තෑනි කතක් පා ගමනේ ඉදිරියට එන අයුරුය. ඒ මොහොතේ කතුන් දෙදෙනෙක හමුදා මූලස්ථානයට ඒමට කිසිදු හේතුවක් තිබුණේ නැත. හැරත් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් හැමිල්ටන් වනසිංහ කාර්යාලයේ වැඩ නිමා කර බෞද්ධාලෝක මාවතේ ‘බුඩි හවුස්’ නිල නිවසට යන මොහොතය. ප්‍රහාරකයා කිසිම මොහොතක මානුෂික නැත. ප්‍රහාරය විවිධ වේශයෙන් එන්නට බැරිකමක් නැත. එබැවින් ⁣සන්නද්ධ සෙබළු වහා ක්‍රියාත්මක වූහ. ඒ එන පිරිස ගැන ඔවුන්ට පැහැදිලි චිත්‍රයක් නොතිබූ නිසාය. අවි සූදානම් කරගත් සෙබළු හමුදා මූලස්ථානයේ ගේට්ටුව අබියසට ආ කතුන්ගෙන් ආ කාරණාව විමසූහ.

"මම රෝහණ විජේවීරගේ නෝනා. මට යුද හමුදාපතිතුමා හමුවෙන්න ඕනේ" ඈ කීවාය. ඇගේ ඒ කතාව සෙබළුන්ට අදහා ගත නොහැකි විය. ජවිපෙ නායකයා එදින අලුයම වෙඩි කා මළ බවට ආරංචිය ඒ වන විටත් මුළු රටම දැනගෙන සිටියේය. දැන් මේ තමා සම්මුඛව සිටින්නේ එසේ මියගිය බව කියන ජවිපෙ නායකයාගේ බිරිඳය. සෙබළු වහාම සිය උසස් නිලධාරීයාට කාරණාව කීවේය. ඒ මොහොතේ රතුපැහැ පසුබිමේ රිදී පැහැයෙන් තරු තුනක් ගසා ඇති මෝටර් රිය එන අයුරු දුටු සෙබළු එම රියට ආචාර සමාචාර කිරීමට සැරැසුණහ. තරු තුනේ අරුත යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් හැමිල්ටන් වනසිංහ රියේ සිටින බවය. යු.හ. සඳහන් රියක තරු තුනක් සවිකරන්නේ යුද හමුදාපතිගේ වාහනයේ පමණි. ඒ යුද හමුදාවට සිටින එකම තරු තුනේ ජෙනරාල් එනම් ලුතිනන් ජෙනරාල් යුද හමුදාපති නිසාය.

යුද හමුදාපතිගේ වාහනය නතර කළ යුද හමුදා පොලිසියේ නිලධාරීයා යුද හමුදාපතිට ආචාර කර කාරණාව කීවේය. ගෙදර යාම නතර කළ ලුතිනන් ජෙනරාල් වනසිංහ ආපසු හැරුණේ විජේවීරගේ බිරිය ඇතුළු පිරිවර සිය කාර්යාලයට ⁣රැගෙන එන ලෙස නියෝග කරමිනි. ඉක්බිතිව යුද හමුදාපතිවරයා සිය කාර්ය මණ්ඩලයට මුලින්ම කීවේ විජේවීරගේ බිරිය ඇතුළු දරුවන්ට තේ පැනින් සංග්‍රහ කරන ලෙසය. ඒ අතරේ ඔහුගේ මතකය ඇවිස්සුණේය. ⁣තමා ඉදිරිපිට සිටින්නේ සැමියා, පියා, දරුවා යුද හමුදාවේ සේවය කළ වරදට පවුලේ නෑයන් කපාකොටා වෙඩිතබා මරා දැමූ ජවිපෙ නායකයාගේ බිරිඳය. දරුවන්ය. මවය. සොයුරියය. යුද හමුදා පොලිස් හේවා බළකායේ ලුතිනන් පද්මසිරි උඩුගම්පොළගේ මවද ලුතිනන් ජෙනරාල් වනසිංහට මතක් විය. වියපත් ඈ ගාල්ලේ, උළුවිටිකේ නිවසේදී කපාකොටා මරා දැමුවේ ඇගේ දරුවන් රාජ්‍ය සේවය කළ වරදටය.

සිතුවිලි සයුරේ පීනූ යුද හමුදාපතිවරයා තීරණයකට එළඹියේය. ඒ විජේවී⁣රගේ පවුලට අභය දානය දෙන්නටය. යුද හමුදාපතිවරයා තමාට අභය දානය දෙන බව චිත්‍රාංගනී විජේවීරට මුල්ම සහතිකය දුන්නේ කර්නල් ජානක පෙ⁣රේරාය. ගම්පොළ සාන්ත මේරි වතුයායේ යටිබිම්ගත දිවියක් ගත කළ රෝහණ විජේවීර අල්ලාගැනීමේ මෙහෙයුමට අණ දුන්නේ කර්නල් ජානක පෙරේරාය.

"විජේවීර අල්ලාගෙන නිවස ඇතුළට ගිය වෙලේ ඔහු ගේ දරුවෙක් මගේ සුළඟිල්ලේ එල්ලෙමින් මුළු ⁣ගෙදරම ඇවිද්දා. මට මගේ දරුවා මතක් වූ නිසා මමත් එහෙමම හිටියා. විජේවීර මගෙන් කළ එකම ඉල්ලීම තමයි බිරිඳ හා දරුවන් නිර්දෝෂී නිසා ඔවුන්ට මුකුත් කරන්න එපා කියල. මම විජේවීර විතරක් අරගෙන කොළඔ ඇවිත් බාර දුන්නා. වචනයකින්වත් හිංසාවක් නොකර විජේවීර වාහනයට නග්ගා ගෙන යනකොට මට ගෙදර ඉන්න අයගේ ආරක්ෂාව ගැන මතක්වෙලා වාහනය ආපහු හරවන් ඇවිත් මිසිස් විජේවීරට කීවා. මොහොතක්වත් මේ ගෙදර ඉන්න එපා කියලා. අතරමගදී ප්‍රශ්නයක් ඇති වුණොත් යුද හමුදාපතිතුමාට කතා කරන්න එතුමාගේ සෘජු දුරකථන අංකයක් දුන්නා. විජේවීර කොළඹ ගෙනත් බාර දුන්නාට පස්සේ මගේ වැඩේ අවසන්. මගේ අතේ ලේ ගෑවුණේ නෑ. මොකද මම එහෙම කෙනෙක් නොවන නිසා."

යුද හමුදාවෙන් ඉසිඹු ලබා කිරුළපන නිවසේදී කෝපි කෝප්පයක රස බලමින් ලියුම්කරු සමග සෙන්පති ⁣ජානක පෙරේරා එසේ කීවේ දෙදහස් දෙකේදීය. ජානක පෙරේරාගේ කීම ඇසූ චිත්‍රාංගනී උලපනේ සිට කොළඹ එන්නට පිටත් වූවාය. දොළොස්වැනිදා ඔවුන් රැය පහන් කළේ මහරගම ඥාති නිවසකය. පසුදින උදේ ඈ දරුවන් කැටුව මීගොඩ නිවසකට ගියාය. නිවැසියෝ රේඩියෝව අසමින් සිටියදී පසුදින පස්වරුවේ විශේෂ පුවතක් නිවේදනය කෙරුණි. ඒ ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීර වෙඩිවැදී මියගිය බවය. ඒ කතාව ඇසූ විජේවීරගේ නංගී චිත්‍රානි නෑනාට යෝජනා කළේ ජනපතිට ලිපියක් ලිවීමටය. එහෙත් ඊට ඉඩක් නොලැබුණි. එම ප්‍රවෘත්ති ඇසූ සැණින් ඥාතින් ඈට කීවේ නිවසින් දොට්ට බහින ලෙසය. කිසාගෝතමියක වී සිටි චිත්‍රාංගනී දරුවන් කරපින්නාගෙන ගෙදරින් එළිය⁣ට බැස්සේ හසරක් නොදැනය. වාහනයක නැගී කොළඹ එන අතරේදී ඈට කර්නල් ජානක පෙරේරා කී කතාව සිහිවිය. ඈ යුද හමුදාපති හමුවට ආවේ ඒ විශ්වාසය කරපින්නාගෙනය. යුද හමුදාපති තමා පිළිගත් ආකාරයෙන් ඈ සෑහීමකට පත්ව සිටියාය.

චිත්‍රාංගනී විජේවීර ඇතුළු දරුවන් කේක් කා තේ පානය කරන අතරතුරේ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් හැමිල්ටන් වනසිංහ දුරකථන අතට ගත්තේය. ඔහු ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් අමතා කාරණාව කීවේය. ඔහු එය ජනපතිට දැනුම් දුන්නේය.

ඒ අතරේ ජනාධිපතිගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම් හා නීතිපති යුද හමුදා මූලස්ථානයට පැමිණියහ. චිත්‍රාංගනී ඔවුන්ගෙන් කළ එකම ඉල්ලීම වූයේ තමාට හා දරුවන්ට ආරක්ෂාව දෙන ලෙසය. ජවිපෙ සන්නද්ධ අංශය හමුදා පවුල්වලට කළ දෙයට තමාගෙන් පළිගනු ඇති බව කල්පනා වීම සාධාරණය. ඇගේ ඉල්ලීමට ජනපතිවරයා ප්‍රතිචාර දැක්විය. යුද හමුදාපතිට ඈ ඇතුළු දරුවන්ගේ ආරක්ෂාව භාර කෙරුණි. චිත්‍රාංගනී ඒ වනවිටත් ගැහැනු දරුවන් සිව්දෙනකගේ මවකි. තමා තෙමස් ගැබිනියක බවද කීවාය. මේ නිසා යුද හමුදාපති තීරණය කළේ ඈ යුද හමුදා කාන්තා බළකායේ රැකවරණය යටතේ තැබීමය. රාත්‍රියේම ඔවුහු කොළඹ කිංසි පාරේ කාන්තා බළකා මූලස්ථානයට ගෙන ගියහ. ඒ මොහොතේ කාන්තා බළකා මූලස්ථානයේ ඛණ්ඩ භාර නිලධාරිනිය වූවේ කපිතාන් මන්ත්‍රි පෙරේරාය. ඈ යුද හමුදාවේ මන්ත්‍රි කොස්වත්ත ලෙස ප්‍රකට වූයේ විවාහයෙන් පසුවය.

‘‘චිත්‍රාංගනී විජේවීර දරුවොත් වඩාගෙන අපේ කෑම්ප් එකට ආවාට පස්සේ ඔවුන්ට නවාතැන් දුන්නේ නිලධාරියන් නතරවෙලා සිටි ලොකුම කාමරය. ඒක තිබු⁣ණේ උඩ තට්ටුවේ. අපි ඇයට අවශ්‍ය සියලු පහසුකම් සලසා දුන්නා. කෑමබීම වෙලාවට දුන්නා. බෙහෙත් ගන්න හමුදා රෝහලට රැගෙන ගියා. ඇගේ සහයට කාන්තා බළකායේ සෙබළියන් තුන් හතර දෙනෙක් යොදවා තිබුණා. විජේවීරගේ බිරිඳ කා සමගවත් කතාවට ගියේ නෑ. ඇ ළමයි බලාගෙන හිටියා." විශ්‍රාමික ලුතිනන් කර්නල් මන්ත්‍රි කොස්වත්ත කියන්නීය.

ඈ විජේවීරගේ බිරිඳටත් දරුවන්ටත් රැකවරණය දුන්නද රෝහණ විජේවීර අණ දුන් ජවිපෙය කළුතර, ලෙස්ලි පෙරේරා මාවතේ ඇගේ මහ ගෙදරටත් භීෂණ සමයේ වෙඩිතබා තිබුණි. එම ප්‍රහාරයට එකම හේතුව ඈ යුද හමුදාවේ රාජකාරී කිරීමය. හමුදාවෙන් අස්නොවුවොත් දඬුවම මරණය බව එකල ඔවුන්ට අනතුරු හඟවා තිබුණි. ජවිපෙය ඇගේ නිවසට වෙඩිතබන විට නිවසේ සිටි අම්මාත් තාත්තාත් සහෝදරයන් දෙදෙනාත් දිවිරැක ගත්තේ අනූනවයෙනි. ඒ වුණත් ඇය විජේවීරගේ බිරිඳටත් දරුවන්ටත් මහා කරුණාව දැක්වූවාය. දරුවන් හඬන විට ඒ ගැන සොයා බැලුවාය.

"විජේවීරගේ බිරිඳත් දරුවොත් වැඩිකලක් අපේ ළඟ සිටියේ නෑ. ඈ සිටි කාලේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇගෙන් කට උත්තරයක් ලියා ගත්තා. ඒ වැඩ ඉවර වුණාට පස්සේ ඇගේ ආරක්ෂාව ගැන හිතලා ඇයත් දරුවොත් ගණේමුල්ල කොමාන්ඩෝ රෙජිමේන්තු මූලස්ථානයට රැගෙන ගියා" විශ්‍රාමික ලුතිනන් කර්නල් මන්ත්‍රි කොස්වත්ත කීවාය.

චිත්‍රාංගනී විජේවීර ද දරුවන්ද කොමාන්ඩෝ රෙජිමේන්තු මූලස්ථානයේ පදිංචි කිරීමට යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් හැමිල්ටන් වනසිංහ තීරණය ක⁣ළේ ඒ බිමේ ආරක්ෂක රැකවල් ගැන කල්පනා කරය. හැරත් අතිවිශේෂ ප්‍රභූන් ආරක්ෂා කිරීමට සිටින අංක එකේ කණ්ඩායම ඔවුන්ය. ගණේමුල්ලට රැගෙන ගිය චිත්‍රාංගනී විජේවීර⁣ට ලැබුණේ නිලධාරීන්ට වෙන්වූ සුවපහසු නිවසකි. කඳවුරේ වෙඩි පිටියෙන් යන විට ඇති නිලධාරීට වෙන් වූ නිවාසවල මුල්ම නිවස ඈ වෙනුවෙන් වෙන්විය. නිවස වටා තහඩු ගසා ආවරණය කෙරුණේ වැඩි ආරක්ෂාවටය. කොමාන්ඩෝ සෙබළුන් දෙදෙනකුට ඒ පවුලේ ආරක්ෂක සම්බන්ධිකරණය පැවරුණි. චිත්‍රාංගනී විජේවීර හා දරුවන්ගේ පෞද්ගලික කටයුතු බලාකියා ගැනීමට යුද හමුදා කාන්තා බළකායේ සෙබළියෝ තිදෙනෙක් ද නිවස තුළ සිටියහ. වි⁣ශේෂයෙන් ඇය ගැබිනියක වීම හේතුවෙන් ඒ ගැනත් සොයා බලන්නට සිදු විය. ඇයගේ පෝෂණය ගැන සැලකිලිමත් වී වෙලාවට කෑම සපයා දුන්නේ යුද හමුදාවේ බසින් ‘ඔෆිසර්ස් මේස්’ යනුවෙන් හඳුන්වන නිලධාරී නිවස්නයෙනි.

ඒ දවස ගණේමුල්ල කොමාන්ඩෝ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි හා විධායක නිලධාරී යන තනතුරු දැරූ නිලධාරීහු දෙදෙනා චිත්‍රාංගනී හා දරුවන්ගේ අවශ්‍යතා ⁣ගැන සොයා බැලූහ. චිත්‍රාංගනී දරුවන්ට බෙහෙත් ගන්නට ගිය පෞද්ගලික වෛද්‍යවරයා සිටියේ වැල්ලවත්තේය. ඈ දරුවකු රැගෙන එම වෛද්‍යවරයා හමු වීමට ගිය මුල් දවසේ ඔහු ඈ දැක පුදුමයට පත් වූ බව කොමාන්ඩෝ සෙබළුන්ට මතකය.

"කොහේද දැන් ඉන්නේ" වෛද්‍යවරයා ඇසුවේය. එනමුත් චිත්‍රාංගනී ඉන්න තැන නොකීවාය. ඈ බෙහෙත් ගෙන එළියට යනවිට වෛද්‍යවරයා ද පාරට ආවේය. ඔහු දුටුවේ ඇය වාහනයක නැගී යන අයුරු පමණි. ඒ ඇයට ආරක්ෂාව දුන් කොමාන්ඩෝ සෙබළු සිවිල් ඇඳුමෙන් සැරසී සිටි නිසාය. චිත්‍රාංගනීට ඇඳුමක් පැලඳුමක් ගැනීමට, රෝහලට යාමට ඕනෑ කළ විට කොමාන්ඩෝ සෙබළු පිරිසක් මුලින් එම ස්ථානයට ගොස් ආවේෂණ රාජකාරී කළහ. එහි ආරක්ෂාව ගැන සෑහීමකට පත්වන්නේ නම් සිවිල් ඇඳුමෙන් සැරැසුණු කොමාන්ඩෝ සෙබළුන් හා යුද හමුදා කාන්තා බළකායේ සෙබළියන් සමග ඈ කඳවුරෙන් එළියට ගියාය.

ගැබිනියක වූ චිත්‍රාංගනී සායන සඳහා ගියේ කොටුවේ බාලදක්ෂ මාවතේ යුද හමුදා මූලස්ථානයේ එකල පිහිටි රෝහලටය. ඈ ගැන සොයා බැලුවේ යුද හමුදාවේ ප්‍රසව හා නාරිවේදි විශේෂඥ වෛද්‍යවරයෙකි. කොටින්ම කියනවා නම් රෝහණ විජේවීරගේ බාල දරුවා වූ උවිඳු උපන්නේ යුද හමුදා රෝහලේදීය. චිත්‍රාංගනීගේ පළමු දරුවා වූ දසුන් ඊසා අසූ එකේ ජනවාරි දොළොස් වැනිදා උපන්නේ ද සොයියා රෝහලේදීය. දෙවැනි දරුවා සුපුන් ඡායාය. ඈ අසූ දෙකේ අප්‍රේල් දොළොස් වැනිදා උපන්නාය. තෙවැනි දරුවා වූ මායා විභූති අසූ හතරේ ජූලි විසිහතර වැනිදා බදුල්ලේදී උපදින විට විජේවීර සිටියේ යටිබිම් දිවියකය. පවුලේ සිව්වැනියා වූ අමා සසරි අසූහතේ ජනවාරි විසිවැනිදා උපත ලබන විටත් විජේවීර සිටියේ වෙස්වලාගෙනය.

ඔහු අත්තනායක මුදියන්සේලාගේ ශාන්ත නිමලසිරි යනුවෙන් නම වෙනස් කර බිරිඳටද දරුවන්ටද අලුතෙන් හොර උප්පැන්න සහතික හැදුවේය. චිත්‍රාංගනීගේ අලුත් නම වූයේ සමරකෝන් ආරච්චිගේ ශ්‍රියානි චන්දිමාය. චිත්‍රාංගනී විජේවීර විවාහයට පෙර වන්නකවත්ත වඩුගේ ශ්‍රීමතී චිත්‍රාංගනී ප්‍රනාන්දු වුවාය. ඈ මොරටුව වේල්ස් කුමරි බාලිකා විදුහලෙන් හා මොරටුව විදුහලෙන් ඉගෙන ගත්තාය. උසස් පෙළට හැදෑරුවේ විද්‍යා විෂයන්ය.

ඇයට විජේවීර හමුවන්නේ ඇගේ සොයුරන්ගේ දේශපාලනය නිසාය. ඈ පොලිසියට කී ආකාරයට විජේවීර සමග විවාහ වීමට ඇගේ කිසිදු කැමැත්තක් තිබී නැත. ඇගේ මවද එම විවාහයට තදින් අකැමැති විය. එහෙත් සහෝදරයන්ගේ බලපෑම මත විජේවීර සමග දීගයනවා මිසක් ඇයට වෙන විකල්පයක් නොවීය. චිත්‍රාංගනී පවසා තිබූ ආකාරයට ඈ විජේවීර සමග විවාහවූ මෙහොතේ දෑවැද්දද ලැබුණේය. විජේවීර එය ගත්තේය. ඒ මුදලින් රුපියල් පනස් දහසක් හා රත්රන් බඩුද ගෘහ භාණ්ඩ ද සමගය. ඒ සියල්ල හැරදමා විජේවීර සමග හැංගීමට ඈට සිද්ධ වූයේ ජේ.ආර්. ජයවර්ධන ආණ්ඩුව ජවිපෙය තහනම් කිරීම නිසාය. අසූ තුනේ සිට අසූනවය දක්වා සැඟව සිටි ඈ යළිදු වරක් ප්‍රසිද්ධියේ පෙනී සිටියේ යුද හමුදාවට භාර වීමට පැමිණි විටය.

කොමාන්ඩෝ රෙජිමේන්තුවේ ආරක්ෂාව යටතේ සිටි ඈට වසර දෙකතුනක් යන විට තවත් ප්‍රශ්නයකට මුහුණ දීමට සිද්ධ විය. ඒ දරුවන් ඉස්කෝලේ යවන්නට ඕනෑ වූ නිසාය. ගණේමුල්ල අවට ඉස්කෝලයකට දරුවන් යැව්වොත් ඔවුන්ගේ ආරක්ෂාවට ප්‍රශ්නයක් වනු ඇති බව කල්පනා කළාය. රජය ඇගේ ප්‍රශ්නයට විසඳුමක් දුන්නේය. ඒ ඈ ඇතුළු දරුවන් තිරිකුණාමලය නාවික කඳවුරට යවමිනි. තිස්ස විදුහල පිහිටියේ නාවික කඳවුරු පරිශ්‍රයේය. කඳවුරේ ඇති ආණ්ඩුකාර බංගලාව චිත්‍රාංගනී ⁣හා දරුවන් වෙනුවෙන් වෙන් විය. යුද හමුදාවෙන් නාවික හමුදාවට ඇගේ ආරක්ෂාවත් මාරු විය. නාවික සෙබළියෝ දරුවන් බලාගත්හ. පාසල් රැගෙන ගියහ. ඔවුන්ට පාඩම් කියා දුන්හ. හවස්වරුවේ සෙල්ලම් කළහ.

නාවික සෙබළියෝ ඈ ඇමතුවේ ‘මිසිස් විජේවීර’ යනුවෙනි. ඈ සෙබළියන්ට කතා කළේ ‘මිස්’ යනුවෙනි. චිත්‍රාංගනීට කොළඹ යාමට ඕනෑ වූ විට නාවික හමුදාව ආරක්ෂාව සමග ප්‍රවාහන පහසුකම් දුන්නේය. විජේවීරගේ මව මිය ගිය මොහොතේ චිත්‍රාංගනී මළගමට ආවේද නාවික හමුදාව සමගය. ඇයට නෑ ගෙවල්වල නතර වීමට අවසර හිමි නොවූයේ ඇගේ ආරක්ෂාව හේතුවෙන්ය. කොළඹ ආ විට ඈ නතර කෙරුවේ වැලිසර නාවික හමුදා කඳවුරේය. අදත් ඇගේ නවාතැන වැලිසර නාවික කඳවුරය.

- මිහිරි ⁣ෆොන්සේකා

(උපුටා ගැනීමකි)


සම්බන්ධිත පුවත් | Related News

"සීනි" කියන්නේ අපේ ජීවිතේට කොච්චර සමීප දෙයක්ද කියලා ඔබ කවදාහරි හිතලා තියෙනවද? උදේට බොන තේ එකේ ඉඳන්, දවල්ට කන බත් එකට දාන සෝස් එක, අතුරුපස, සහ රෑට බොන කිරි එක වෙනකම් හැමදේකම සීනි තියෙනවා.
කොළඹ කොටුවේ චැතම් වීදියේ තියෙන 'New Chinese Shop' එකට කවදාහරි ගිහින් තියෙනවද? එතන ඉන්නවා වින්ග්ලී චෙං මහත්මයා. ඔහුගේ පවුල ලංකාවට ඇවිත් තියෙන්නේ දෙවැනි ලෝක යුද්ධයෙන් පස්සේ. එදා ඉඳන් ඔවුන් මේ රටේ මිනිස්සු. කොළඹ ඉස්කෝල කීපයකටම නිල ඇඳුම් මහන්නේ ඔහු. මේ වගේ කතා ලංකාව පුරාම හැංගිලා තියෙනවා.
නව ප්‍රභූ පන්තියේ වත්කම් හෙළිදරව් වීම වැළැක්වීම සඳහා රජය විසින් නව පනතක් ගෙන ඒමට සූදානම් වන බවට සමාජ මාධ්‍ය ඔස්සේ තොරතුරු අනාවරණය කරයි.
ලෝනි විලිසන් (Loni Willison) කියන්නේ "තවත් එක්කෙනෙක්" විතරක් නෙවෙයි.
මීගමුව බන්ධනාගාර ගැටුමට පළිගැනීමක් ලෙස බන්ධනාගාර පොලිස් නිලධාරීන් දිගින් දිගටම රැඳවියන්ගෙන් පළිගැනීමේ චේතනාවෙන් කටයුතු කළ බව නීතිඥ මේජර් අජිත් ප්‍රසන්න පවසයි.
අලුත් රඟහලක ලොව ඇති හොඳම නාට්‍යය එකතුව බලන්න එකතු වෙන්න. අසමා රූපණ සරසවියට එන්න..
අලුත් රඟහලක ලොව ඇති හොඳම නාට්‍යය එකතුව බලන්න එකතු වෙන්න.
සිංහල භාෂාව සම්බන්ධයෙන් ඉන්දියාවේ ලියැවී ඇති පැරණි ලේඛන පිළිබඳව අවධානය යොමු කරමින් වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වේ.
ජාත්‍යන්තර මූල්‍ය ආයතනය (IIF) මඟින් නිකුත් කරන ලද 2026 නවතම වාර්තාවට අනුව, ආයෝජක සබඳතා සහ ණය විනිවිදභාවය (Investor Relations and Debt Transparency) යන අංශවලින් ලොව වේගයෙන්ම ප්‍රගතියක් අත්කරගන්නා (Fastest-Improving) රටවල් අතර හතරවැනි ස්ථානය (4th) ශ්‍රී ලංකාවට හිමිව තිබේ...

ප්‍රධාන පුවත්

ඉන්දු-ලංකා නිදහස් වෙළඳ ගිවිසුම තර කිරීමට එකඟවේ...

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින නිදහස් වෙළඳ ගිවිසුම වර්තමාන අවශ්‍යතාවන්ට ගැලපෙන පරිදි යාවත්කාලීන කිරීම සඳහා දෙරටේම නියෝජිතයන්ගෙන් සමන්විත ඒකාබද්ධ ක්‍රියාකාරී කණ්ඩායමක් පිහිටුවීමට එකඟතාව පළ වී තිබේ.

විනිසුරුවන්ගේ විශ්‍රාම වයස සහ ධුර කාලය වෙනස් කරන ව්‍යවස්ථා සංශෝධනයට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් හෙළි කරයි

ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම ගන්නා වයස සහ ධුර කාලය වෙනස් කිරීම සඳහා වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් පාර්ලිමේන්තු අනුමැතියෙන් පමණක් සිදු කළ නොහැකි බවත්, ඒ සඳහා ජනමත විචාරණයක් පවත්වා මහජන අනුමැතිය ලබා ගැනීම අවශ්‍ය වන බවත් හෙළි වී තිබේ.

NLDB ගොවිපළ 32න් 26ක්ම පුද්ගලික සමාගම්වලට!.. විද්වතුන් සහ වෘත්තීය සමිති නිහඬයි..

ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට (NLDB) අයත් අක්කර දහස් ගණනක භූමි ප්‍රමාණයකින් යුත් ගොවිපළ 32න් 26ක් වසර 30ක කාලයක් සඳහා පෞද්ගලික සමාගම් 7ක් වෙත බදු දීමට රජය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් කෘෂිකාර්මික හා පශු වෛද්‍ය ක්ෂේත්‍රය තුළ දැඩි සංවාදයක් සහ විරෝධයක් නිර්මාණය වී තිබේ.

ජාතික ජනබලවේගයට ලැබුනේ අතීත ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබුණු වටිනාකම.. බෙදුම්වාදය පරාජය කිරීම වෙනුවෙන් එදා පෙරට ආ ජවිපෙ අද නෑ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ජාතික ජන බලෙව්ගයට ලැබී ඇත්තේ අතීතයේ ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබූ වටිනාකම බවත්, මේ සිදුවෙමින් පවතින ක්‍රියාවලිය දෙස බැලීමෙදී අතීතයේ ජනතා විමුක්ති පෙරමුණ ගොඩනැගීමට උරදුන් පුද්ගලයකු ලෙස තමන් ඉතාමත් කණගාටුවට පත්වන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය දෙකට කරමින් මැදින් පාරක්.. අමරපුර නිකායේ දැඩි විරෝධය..

කන්කසන්තුරේ පිහිටි ඓතිහාසික තිස්ස රජමහා විහාර භූමිය දෙකඩ කරමින් බලහත්කාරයෙන් මාර්ගයක් ඉදිකිරීමට වලිකාමම් උතුර ප්‍රාදේශීය සභාව දරන උත්සාහයට ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ ශ්‍රී කල්‍යාණිවංශ පාර්ශ්වය සිය බලවත් විරෝධය පළ කර සිටියි.

''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මරාදමා හෝ විදේශ මැදිහත්වීමකින් අන්තර්කාලීන පාලනයක් ගොඩ නැගීමට උත්සාහ දැරූ බවත්, ඒ බවට සාක්ෂි ඇති බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

සම්බුද්ධ ශාසනයේ ප්‍රධාන අංගයක් වන පෙරහැර විකාරයක් බව අගමැතිනිය කියන්නේ කොහොමද?.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

සම්බුද්ධ ශාසනයේ සහ මෙරට සංස්කෘතියේ ප්‍රධාන අංගයක් වන පෙරහැර මංගල්‍යය විකාරයක් ලෙස අගමැතිනිය විසින් හඳුන්වන්නේ කෙසේදැයි දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රශ්න කරයි.

සවුදිය, තුර්කිය සහ පාකිස්ථානය 'නේටෝ' වැනි යුද සංවිධානයකට අවතීර්ණ වෙයි.. 'මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම' අත්සන් තබයි..

සවුදි අරාබිය, තුර්කිය සහ පාකිස්ථානය එක්ව NATO ආකෘතියට සමාන අන්‍යෝන්‍ය ආරක්ෂක ගිවිසුමක් වන "මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුමට" (Makkah Joint Defence Agreement) අත්සන් තබා ඇත. සවුදි ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු, තුර්කි ජනාධිපති රෙසෙප් තයියිප් එර්ඩොගන් සහ පාකිස්ථාන අගමැති ෂෙහ්බාස් ෂරීෆ් විසින් අත්සන් කරන ලද මෙම ගිවිසුම මගින්, සාමාජික රටකට එල්ල වන ඕනෑම සන්නද්ධ ප්‍රහාරයක් අනෙක් රටවලටද එල්ල වූ ප්‍රහාරයක් ලෙස සැලකීමට එකඟ වී ඇත.

විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීමට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණය 2022 වසරේදී තීන්දු කරලා..

ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2022 වසරේදී තීන්දු කර තිබේ.

වර්තමාන අර්බුද හමුවේ නාට්‍යකරුවන් අපේක්ෂාභංගත්වයට පත්වෙලා.. – නාට්‍යවේදී අඛිල සපුමල්

රටේ පවතින සමාජ, ආර්ථික හා දේශපාලන සංදර්භය හේතුවෙන් පොදු ජනතාව පමණක් නොව නාට්‍යකරුවන් පවා දැඩි අපේක්ෂාභංගත්වයකට පත්ව සිටින බව රාජ්‍ය සම්මානලාභී නාට්‍යවේදී අඛිල සපුමල් මහතා පවසයි.

ලොවටම සහන සැලසූ චීනයේ ගෝලීය සංවර්ධන මුලපිරුමට වසර 5යි: ගෝලීය දකුණේ අනාගතය වෙනුවෙන් චීනයෙන් නව පොරොන්දුවක්..

ලෝකය තවදුරටත් නොසන්සුන්කාරී සහ අස්ථාවර තත්ත්වයක පවතින, එමෙන්ම වැඩිවන සංවර්ධන අභියෝගවලට මුහුණ දෙන පසුබිමක, වඩා යහපත් අනාගතයක් නිර්මාණය කිරීම සඳහා චීන ගෝලීය සංවර්ධන මුලපිරුම (Global Development Initiative - GDI) එක්සත් ජාතීන්ගේ 2030 තිරසාර සංවර්ධන න්‍යාය පත්‍රය සමඟ ක්‍රමවත්ව ඒකාබද්ධ කිරීමට උත්සාහ කළ යුතු බව චීන විදේශ අමාත්‍ය වැං යී අඟහරුවාදා පැවසීය.

බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණියව අයින් කරන්න ආණ්ඩුවට අවශ්‍ය වුනා.. ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද යන්න ගැටළුවක්.. - නීතිඥ සංජීව වීරවික්‍රම

ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද? නැතිනම් අපරාධ නඩුවිධාන සංග්‍රහය යටතේ පොලිසිය මෙහෙයවනවා ද? යන්න බරපතළ ගැටළුවක් වී ඇති බව නීතිඥ සංජීව වීරවික්‍රම මහතා පවසයි.

බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර උච්ඡතම ස්ථානයකට පැමිණිලා.. ෂානක්කියන්ලා, සුමන්තිරන්ලාගෙන් බෞද්ධ උරුමය විනාශ කරන්න පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවටත් බලපෑම්.. දළදා පෙරහැරේ කරඬුව වඩම්මන ඇතුන්ටත් තහංචි වැටෙන ලකුණු!

වර්තමාන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව මෙරට බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර මාලාවේ උච්ඡතම ස්ථානයකට පැමිණ ඇති බවත්, පසුගිය කාලයේ යූටියුබ් සහ සමාජ මාධ්‍ය හරහා භික්ෂූන් වහන්සේලාට නින්දා අපහාස කිරීම මෙන්ම බුදුන් වහන්සේට පවා නින්දා අපහාස කරමින් ආගමික ඉගැන්වීම් පවා විකෘති කරමින් සිටින බවත් එහෙත් ඒ කිසිවකට එරෙහිව පියවර ගැනීම සිදුනොවන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමය විනාශ කිරීමට සැලසුම්සහගත ප්‍රහාරයක්.. පුරාවිද්‍යා වාර්තා වෙනස් කරන්න දෙමළ මන්ත්‍රීන්ගෙන් බලපෑම්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්..

වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව බෞද්ධ ශිෂ්ටාචාරයට සහ උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමයන්ට එරෙහිව සැලසුම්සහගත ප්‍රහාර මාලාවක් ක්‍රියාත්මක වන බවට ජාතික සංවිධාන එකමුතුව චෝදනා කරයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.