සුරේෂ් සලේට අමානුෂික ලෙස සැලකීම ව්‍යවස්ථා විරෝධියි.. - එජාපයෙන් නිවේදනයක්
රාජ්‍ය බුද්ධි අංශයේ හිටපු ප්‍රධානී මේජර් ජනරාල් සුරේෂ් සලේ අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමේදී ඔහුට අමානුෂික අන්දමින් සලකා ඇති බව පවසමින් එක්සත් ජාතික පක්ෂය (එජාප) විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.
දැනට අසනීප තත්ත්වයෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර සිටින ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය කිසිසේත්ම යහපත් නොවන බව ඔහුගේ බිරිඳ සහ පුත්‍රයා ප්‍රසිද්ධියේ අනාවරණය කර ඇති බවයි එම පක්ෂය පෙන්වා දෙන්නේ.
හිටපු ජනාධිපතිවරුන් වන ගෝඨාභය රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහගේ පාලන සමයන්හිදී රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියා ලෙස රටට සේවය කළ සලේට එරෙහිව එවකට මෙවැනි චෝදනා එල්ල නොවූ බවත්, වත්මන් ගැටලුව වන්නේ ඔහුට එල්ල වී ඇති චෝදනා නොව, අත්අඩංගුවට ගත් පුද්ගලයෙකුට සලකන අමානුෂික ආකාරය බවත් නිවේදනයේ සඳහන්.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ ජාත්‍යන්තර සම්මුතීන් උල්ලංඝනය කිරීමක්
රෝහල්ගත කිරීමෙන් පසු ලැබෙන තොරතුරුවලට අනුව සුරේෂ් සලේට අතිශය අමානුෂික ලෙස සලකා වද හිංසා පමුණුවා ඇති බව පෙනී යන බවයි එජාපය පවසන්නේ.
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11 වැනි වගන්තියට මුළුමනින්ම පටහැනි වීමක් බවයි එම පක්ෂය පෙන්වා දෙන්නේ.
එමෙන්ම 1966 සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය (ICCPR) බරපතළ ලෙස උල්ලංඝනය කිරීමක් බවත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ (PTA) 9(අ)(1) වගන්තිය සහ 1994 අංක 22 දරන වධහිංසා වැළැක්වීමේ සම්මුති පනත මඟින් සිරකරුවෙකුට ලබාදී ඇති ආරක්ෂාව අහිමි කිරීමක් බවත් එම ලිපියේ සඳහන්.
මෙම සිදුවීම දැනටමත් ජාත්‍යන්තරයේ අවධානයට ලක්ව ඇති බැවින්, සුරේෂ් සලේට සලකා ඇති ආකාරය පිළිබඳව වහාම පරීක්ෂා කර බැලීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත කණ්ඩායමක් යැවිය යුතු බවත් එක්සත් ජාතික පක්ෂය රජයෙන් ඉල්ලා සිටී.
මාලිමා රජය බුද්ධ ශාසනය පාලනය කිරීමේ දැවැන්ත උත්සාහයක යෙදී සිටින මොහොතක මේ ප්‍රවණතාවය බෞද්ධ භික්ෂූන් වහන්සේලාට එරෙහිවද ක්‍රියාත්මක වීමට පුළුවන් බවත් මෙම සියලු තත්ත්ව එක්සත් ජාතික පක්ෂයේ දැඩි අවධානයට ලක්ව ඇති බවත් එම ලිපියෙහි සඳහන්.
එක්සත් ජාතික පක්ෂය දැනුම් දෙන්නේ මේජර් ජනරාල් සුරේෂ් සලේට එරෙහිව ගන්නා හැම ක්‍රියා මාර්ගයක්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර සම්මුතියට අනුකූල විය යුතු බවයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා