ඩොලරය අතහැර රුපියල්වලින් ගණුදෙනු කරන්න ඉන්දු - ලංකා අවධානය..
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සිදු කෙරෙන ද්විපාර්ශ්වික වෙළඳ කටයුතුවලදී ඇමෙරිකානු ඩොලරය මත යැපීම අවම කර, දෙරටේ දේශීය මුදල් ඒකක වන රුපියල් භාවිතයෙන් සෘජුවම ගනුදෙනු පියවීම කෙරෙහි අවධානය යොමුව ඇති බව වාර්තා වේ.
මේ පිළිබඳව දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කෙරුණේ කොළඹදී පැවති "රුපියලෙන් රුපියලට ඉන්දු ශ්‍රී ලංකා වාණිජ්‍ය කොරඩෝව ශක්තිමත් කිරීම" යන තේමාවෙන් පැවති විශේෂ සාකච්ඡාවකදීය. මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා මෙන්ම ප්රමුඛ පෙළේ බැංකු ප්‍රධානීන් සහ ආනයන-අපනයනකරුවන් පිරිසක් ද එක්ව සිටියහ.
මෙහිදී අදහස් දැක්වූ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා පෙන්වා දුන්නේ 2025 වසර වන විට දෙරට අතර ද්විපාර්ශ්වික වෙළඳාම ඇමෙරිකානු ඩොලර් බිලියන 5.5 ඉක්මවා ගොස් ඇති බවයි.
ඉන්දියාව ශ්‍රී ලංකාවේ විශාලතම වෙළඳ හවුල්කරුවා වුවද, තවමත් වෙළඳාමෙන් බහුතරයක් තෙවන පාර්ශවීය මුදල් ඒකකයක් වන ඇමෙරිකානු ඩොලර් හරහා සිදුවීම ගැටලුසහගත බව ඔහු සඳහන් කර තිබේ.
මේ හේතුවෙන් දෙපාර්ශවයටම අනවශ්‍ය විදේශ විනිමය අවදානමකට මෙන්ම අමතර පරිවර්තන පිරිවැයකට ද මුහුණ දීමට සිදුව ඇතැයි මහ කොමසාරිස්වරයා අවධාරණය කළේය.
ගෝලීය වෙළඳපොළේ පවතින අස්ථාවරත්වය හමුවේ එකම මුදල් ඒකකයක් මත පමණක් යැපීම අවදානම් සහගත බව මෙහිදී පොදුවේ පිළිගැනීමට ලක්විය.
විශේෂයෙන්ම 2021 වසරේදී ශ්‍රී ලංකාව මුහුණ දුන් දරුණු ආර්ථික අර්බුදයේදී ඩොලර් සංචිත සිඳී යාම හේතුවෙන් ඉන්ධන, ඖෂධ සහ ආහාර වැනි අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ආනයනය කිරීමට දැඩි බාධා එල්ල වූ ආකාරය ද සාකච්ඡාවේදී නැවත සිහිපත් කෙරිණි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මේක තමයි මේ රටේ ලොකුම හමුදා පාවාදීම.. UN ප්‍රශ්න 27 ට රජය නිහඬයි.. - සරත් වීරසේකර
හිඟුරක්ගොඩ සමුපකාර ඉන්ධනහලේ ඩීසල් ටැංකියට පෙට්‍රල් බාලා..: මාලිමා මන්ත්‍රීගේ කළමනාකාරීත්වය නිසා සිදුවූ ලොකු පාඩුවක් ගැන හෙළිදරව්වක්..
හඳුනා නොගත් පියාඹන වස්තූන්වල රහස් ලිපිගොනු 40ක් අමෙරිකාව ප්‍රසිද්ධ කරයි.. - UFO අබිරහස් වීඩියෝ දර්ශන තුනකුත් එළියට..
අතීත උරුමයන් හා ජාතික විරුවන් නොසලකා හැරීමෙන් ජාතියක් ලෙස පැවතිය නොහැකියි.. - අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමි
මාතලේ ඓතිහාසික පුදබිම රැකගැනිම වෙනුවෙන් පූජ්‍ය ගලගම කුසලධම්ම හිමි නඩු මගට..
ත්‍රෛනිකායික මහා සංඝරත්නය ඇතුළු 5,000කගේ සහභාගීත්වයෙන් ජගත් බොදු සමුළුව අද ඇරඹේ..
ඉරාන හෝමූස් තරණය සාර්ථක වෙයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
යාපනයේ 'මාතර ඇඹුල' කඩයේ කොටසක් කඩා දමයි..
නොවැම්බර් 30 වැනිදා දීපව්‍යාප්ත වැඩ වර්ජනයට වෘත්තීය සමිති රැසක් එක්වෙයි.. වර්ජනයට සහාය දෙන බව බව GMOA කියයි..
ඇමරිකානු මැතිවරණ සහ මාධ්‍ය වාර්තාකරණය පාලනය කිරීමට USAID මැදිහත් වූ බවට චෝදනා.. - රහස්‍ය ලේඛන මඟින් තොරතුරු රැසක් හෙළිවේ..
ලාල් කාන්ත පල් මෝඩයෙක් සේ අධිරාජ්‍යවාදීන්ගේ දීර්ඝ කාලීන වුවමනාවක් ඉටුකරනවාද?.. ගාස්තුවකට සේවය කරනවා ද? - ජාතික සංවිධාන ප්‍රශ්න කරයි
චීන – රුසියානු – ඇමරිකා සාකච්ඡා මැද ට්‍රම්ප් පරාජය පිළිගත්තාද?.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ජී. වීරසිංහගෙන් අනාවරණයක්..
යුද සමයේ ප්‍රහාර ගැන රජය ප්‍රසිද්ධියේ සමාව ගත යුතු යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාල වාර්තාවකින් නිර්දේශ..
රුසියාවේ නීතිපතිවරයා සහ ශ්‍රී ලංකාවේ නීතිපතිවරයා අතර හමුවක්
සිවාජලිංගම්ට අවසන් ගෞරවය දක්වන්න ඇවිත් මහවිරු දිනයේ කතාවකුත් කරලා.. - සිවාජලිංගම්ගේ අවමංගල්‍යයට පැමිණි ඉන්දීය මන්ත්‍රීවරයාගේ සංචාරය ගැන ආචාර්ය සුරේන් රාගවන්ගෙන් දැඩි විවේචන
ඉන්දියාව අනුරාධපුර ව්‍යාපෘතිය පිළිබඳ සවිස්තරාත්මක යෝජනාවක් අපේක්ෂාවෙන් අරමුදල් තීරණය කිරීමට නියමිතයි..