News Category
From Date
To Date
Maximum Number of Result

උතුරේ සිංහල ජනාවාස දරුණු අර්බුදයක.. පවුල් 300කට වඩා බෞද්ධහරණයට ලක්වෙලා.. - ආචාර්ය චන්න ජයසුමන හෙළිකරන කතාව

Jun 16, 2026 at 10:30 AM
|

උතුරු පළාතේ සිංහල ජනාවාසවල අවසන් සීමාව සනිටුහන් කරන පදවි ගොවි ජනපදයේ බෝගස්වැව ඇතුළු ගම්මාන රැසක බෞද්ධ ජනතාව ඉලක්ක කරගනිමින් ඉතා සූක්ෂම බෞද්ධහරණ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බව ආචාර්ය චන්න ජයසුමන මහතා පවසයි. 

පසුගිය මාස කිහිපය තුළ පමණක් එහි පවුල් 300කට වැඩි පිරිසක් ආගමික පරිවර්තනයට ලක්ව ඇති බව ද ඔහු අනාවරණය කරයි.

මේ සම්බන්ධයෙන් ඒ මහතා සිය මුහුණු පොතේ තබා ඇති සටහන මෙසේය,

වැඩේ හෙමිහිට යටින් යනවා..

මට පදවි ගොවි ජනපදය හා ඇත්තේ අවියෝජනීය බැඳීමකි. කෘෂිකාර්මික වකුගඩු රෝගය පිළිබඳ මාගේ පර්යේෂණ සියල්ලක්ම පාහේ සිදු කෙරැණේ ඒ ආශ්‍රිතව ය. වසර ගණනාවක් මම ඒ ප්‍රදේශයේ කරක් ගැසුවෙමි. ගොවිතැන හා රජරට ජන ජීවිතය පිළිබඳ මගේ අත්දැකීම් බොහොමයක් පදවි ගොවි ජනපද ව්‍යාපාරය සහ ප්‍රත්‍යන්ත ප්‍රදේශ හා බැඳී ඇත. 

පදවි ගොවි ජනපදයේ ඇතැම් ප්‍රදේශ කොටි ත්‍රස්තවාදී  ප්‍රහාරවලටද ලක් විය.  පදවි-පරාක්‍රමපුර සිට  වවුනියාව හොරෙව්පොතාන මාර්ගයේ වෙලික්කුලම මංසන්ධිය දක්වා වෙහෙරතැන්න, බෝගස්වැව, සැළලිහිණිගම, නාමල්ගම, මාමඩුව, ඇටඹගස්කඩ ඔස්සේ කිලෝමීටර් 48 ක් පමණ දිවෙන මාර්ගය මෙරට සිංහල ජනාවාසවල අවසන් ඉම සටහන් කරයි. මේ මාර්ගය දෙපස උතුරේ පුරාවිද්‍යාත්මක ස්ථාන ගණනාවක් පිහිටා ඇත. 

කොටි පැරදවීමෙන් පසු කැලෑ බෝගස්වැව ගම්මානයේ පදිංචිව සිටි ජනයා නැවත පදිංචි කෙරිණි. බෝගස්වැව 1 සහ 2, සැළලිහිණිගම, නාමල්ගම, නන්දිමිත්‍රගම (නන්දිමිත්‍ර යෝධයාගේ උපන්ගමයි. ජායාරූපයේ දක්වා ඇත්තේ එම ගම්මානයේ ඉදිකර ඇති යෝධයාගේ පිළිරැවයි) ගම්මාන ද ජනතාවට විවෘත විය. 

එම ගම්මාන කිහිපයේ මේ වන විට පවුල් 3000 කට ආසන්න පිරිසක් පදිංචිව සිටිති. ආරම්භයේ ඒ සියලු දෙනා පාහේ බෞද්ධයෝ වූහ. 

එම ජනතාවගේ එකම ජීවනෝපාය ගොවිතැනයි.  නමුත් ඔවුන්ට වැසි ජලය හැර ගොවිතැනට ජලය ලබා ගැනීමේ ස්ථිර  මූලාශ්‍රයක් නොමැත (මා  රාජ්‍ය අමාත්‍යවරයෙක් ව සිටි කාලයේ මේ සඳහා පිළියමක් යෙදීමට කිහිප වරක් උත්සාහ දැරුවද රටේ පැවති තත්ත්වය නිසා එය සාර්ථක කර ගැනීමට නොහැකි විය). 

අද ගොවිතැනට උදා වී ඇති අභාග්‍යසම්පන්න තත්ත්වය නිසා මෙම පවුල් 3000 දැඩි අසරණ බවට පත්ව ඇත. මීට පෙර නියඟය සහ විවිධ හේතු නිසා මෙම ජනතාව දුෂ්කරතාවට පත් සෑම අවස්ථාවකදීම මහවැලි සංවර්ධන අධිකාරිය සහ රජයේ විවිධ ආයතන මැදිහත්ව ඔවුන්ට  උපකාර කළද අද එවැන්නක් දක්නට නොමැත.  

මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන ඇති මිෂනාරි කණ්ඩායම් කිහිපයක් මෙම ගම්මානවලට පැමිණ  ජනතාවට ඉතා අඩු පොලියට ණය ලබා දී ඔවුන් යාඥා මධ්‍යස්ථාන කරා ගෙන්වාගෙන  සූක්ෂම ලෙස බෞද්ධහරණ වැඩපිළිවෙළක් දියත් කර ඇත. මා පසුගිය දින කිහිපයේ එම ප්‍රදේශවල සංචාරය කළ අතර එහි වැඩවසන ස්වාමීන් වහන්සේලා පැවසුවේ සැලකියයුතු ජනතාවකට  සහනයක් ලබාගැනීමේ, ජීවත් වීමට ඇති එකම විකල්පය යාඥාට සහභාගී විම හෙයින් මේ ප්‍රවනතාව නතර කර ගැනීමේ ක්‍රමයක් තමන් වහන්සේලාට ද නොමැති බවයි.  පසුගිය මාස කිහිපයේ පමණක් පවුල් 300කට වැඩි පිරිසක් බෞද්ධහරණයට ලක්ව ඇත.

තත්ත්වය කෙතරම් දරුණුද කිවහොත් සපුමල්කඩ විහාරස්ථානයේ වැඩ සිටි අප කල්‍යාණ මිත්‍ර ගල්ගමුවේ සන්තබෝධි හිමියෝ ද බෝගස්වැව ගම්මානයට වැඩම කර  සිය ශක්ති ප්‍රමාණයෙන් මේ  ව්‍යාපෘතිය නතර කර ගැනීමට දායක වෙමින් සිටිති. උන්වහන්සේ මා සමඟ පැවැසූවේ එවන් පවුල් කිහිපයකට කරුණු පහදා දී  තම හැකි පමණින් උදව් උපකාර කර රඳවා ගත්තද  සමස්ත ප්‍රවණතාව නතර කිරීම  අපහසු බවයි.  

මිෂනාරිහු සෑම පවුල් සියයකට පමණ තම නියෝජිතයෙක් පත්කර ඔවුන්ට මාසිකව වැටුපක් ගෙවති. අලුතෙන් බෞද්ධ පවුලක් යාඥා මධ්‍යස්ථානයක් කරා රැගෙන ආ විට ඔවුන්ට මුදලක් හිමි වෙයි. මේ නිසා හැකිතාක් බෞද්ධ පවුල් බෞද්ධහරණය කිරීම සඳහා ඔවුහු යුහුසුළුව තරඟයට මෙන් වැඩ කරති.  

මීට පෙර ද  කිහිප විටක් මෙවැනි කණ්ඩායම් මේ ප්‍රදේශයේ බෞද්ධහරණ වැඩපිළිවෙළට පැමිණියද රාජ්‍යයේ අනුග්‍රහය මත  ජනතාවට සහන දීමේ වැඩපිළිවෙල දියත් වූ එයින් එය නතර කර ගැනීමට ප්‍රදේශයේ ස්වාමීන් වහන්සේලාට හැකි වූ බවත් මෙවර එවන් තත්ත්වයක් නොමැති බව තවත් ස්වාමීන් වහන්සේනමක් මා සමඟ පැවසූහ. 

කාපට් යොදා මනාව සකසා තිබූ බෝගස්වැව-මාමඩුව මාර්ගයේ අද වාහන සේදිය හැකි තරමේ මහ වලවල්ය. උතුරේ සිංහල ජනතාව ගැන සොයා බැලීමට, රැකවරණය දීමට උතුරැ පළාත් සභාවට කිසිදු උවමනාවක් නැත. මධ්‍යම රජයට ද වගේ වගක් නැත.

මේ කියවන ඔබගෙන් මා ඉල්ලා සිටින්නේ තම හැකි පමණින් එම ප්‍රදේශවලට ගොස් තත්වය සියැසින් බලා ජනතාවට උදව් උපකාර කිරීමට දායක වන ලෙසයි;  උතුරැ පළාතේ ජීවත්වන සීමිත බෞද්ධ ජනතාව බෞද්ධහරණ වැඩපිළිවෙළින් ගලවා ගැනීමට දායක වන ලෙසයි.

- චන්න ජයසුමන

සම්බන්ධිත පුවත් | Related News

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.
ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.
භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.
යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ප්‍රධාන පුවත්

"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..

කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1974 සහ 1976 වසරවලදී ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.