2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට අපොහොසත් වූ බවට විවිධ විමර්ශන මඟින් හඳුනාගෙන ඇති ෂානි අබේසේකර සහ රවි සෙනෙවිරත්න ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් පිරිසක්, මේ වන විට තමන්ට එරෙහිව විමර්ශන මෙහෙයවමින් සිටින බව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, මේජර් ජෙනරාල් සුරේෂ් සලේ සිය නීතිඥවරයා මාර්ගයෙන් පෙරේදා (11) අභියාචනාධිකරණයට දැනුම්දී ඇත.
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ඇමරිකානු එෆ්.බී.අයි (FBI) ආයතනය, ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය, ස්කොට්ලන්ඩ් යාඩ් සහ ඉන්ටර්පෝල් වැනි ලෝක ප්‍රකට විමර්ශන ආයතන සොයාගත් කරුණු වලට අමතරව නව කරුණු මෙරට බලධාරීන් සොයාගෙන තිබේ නම්, වහාම ඒ බව එම ආයතනවලට දැනුම් දීමට ආණ්ඩුව කටයුතු කළ යුතු බව සර්වජන බලය පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා ප්‍රකාශ කරයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් තමන්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගැනීම සඳහා නිකුත් කර තිබෙන රැඳවුම් නියෝගය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සූරේෂ් සලේ මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සමේ වැඩිදුර කරුණු සලකා බැලීම සඳහා ජූලි මස 10 වනදා දක්වා කල් තැබීමට අභියාචනාධිකරණය නියෝග කළේය.
අමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට පහරදීමත් සමග අස්ථාවර වූ ලෝක ආර්ථිකය තවමත් යථා තත්ත්වයට පත්නොවී ඇති පසුබිමක ලෝකයම මේ වන විට බලශක්ති අර්බුදයක සිරවී සිටින බවත්, අමෙරිකාව සහ චීනය අතර ඇති වී තිබෙන බල ඝට්ටනයද ලෝකයේ අර්බුද රැසක් නිර්මාණය කර ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.
දේශීය පුවත්
ඥානසාර හිමිගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයට රිට් පෙත්සමක්..
2026 නොබෙල් සාම ත්‍යාගය නවනීදම් පිල්ලේට..
කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තු මහලේකම්වරිය වෙත..
හිටපු ජනාධිපති ගෝඨාභයගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..
බාල ගල් අඟුරු නිසා පාඩුව බිලියන 15.7යි..- බලශක්ති ඇමති
හිටපු ප්‍රධාන මහේස්ත්‍රාත් තිලිණ ගමගේ තනතුරෙන් ඉවත් කිරීමට අධිකරණ සේවා කොමිසම තීරණය කරයි..
මෙට්‍රෝ බස් රියේ ගැටුණු පෞද්ගලික බස් රථයට ධාවන තහනමක්..
හම්බන්තොට වරායේ කළුගල් මාලදිවයිනට..- අගමැතිනි..
පොහොට්ටුව සහ ශ්රීලනිපය අතර විශේෂ සාකච්ඡාවක්..
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..